පරිශීලක:I.M Wickramasinghe
ගීත විචාරය
[සංස්කරණය]( “ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ ” ගීතයට විශේෂිතව )
[සංස්කරණය]ජීවිතය නැමැති පොතේ පිටු පුරවන කතුවරයන් වන්නේ අපය. ඒ ජීවිත කතාව පරිපූර්ණ, අර්ථවත් දෙයක් වීමට එයට උපමාලංකාර, රූපකාලංකාර යොදනු ලබන්නේ අපගේ දෙමවිපියන් විසින්ය. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම හදවතට දැනෙන ළෙන්ගතුකමෙන් පිරිපුන් අපේ ජීවිතවල ඉටු දෙවියන් අපගේ දෙමව්පියන්ය. මව හැරුණු කොට නියම අර්ථයක් ගළපන්නට බැරිතරම් වචන සමුදායකින් හෙබි අකුරු තුන නම් තාත්තාය. පිය සෙනෙහසට සෑහෙන තරම් කවි ගී වැල් තැනුවේ නැතුවාට ඒ සෙනෙහස මනින්නට මිනුම් දණ්ඩක් මෙලොව නැති තරම්ය. මන්ද, දෝරේ ගලා යන සෙනෙහසින් ආදරයෙන්, කරුණාවෙන් , දයාවෙන් තම දරුවන්ගේ ජීවිතවල එකම ආරක්ෂකයා වෙමින් දරුවන් වෙනුවෙන්ම අපරිමිත කැප කිරීමක් කරන ඔහු දරුවෙකුගේ ව්‍යසනයකදී වුවද ඒ වේදනාව කඳුළකින් නිමා නොකර , කාටත් වඩා ඔහුගේ පපු තුළ දරා සිටියේ මඳකුදු වුවද ඔහුගේ සෙනෙහසේ අඩු වීමක් නිසා නොවේ. හුදෙක්ම ඔහුගේ හිත අන් කාටත් වඩා ශක්තිමත් හෙයිනි. එහෙයින් පියෙකු තුළ වූ සෙනෙහස දරුවෙකුගේ හදවතට දැනෙන තරම් නොවුණත් ඔහුගේ ඇස් ඉස් මස් ලේ ඇටමිදුළු තුළට කිඳා බැස ඇති ආදරය හඳුනන්නට නම් තාත්තා යන චරිතය තුළ ජීවත් විය යුතුය.
[සංස්කරණය]ඔහු සමාජයේ ඕනෑම වූ භූමිකාවක් නිරූපණය කරන්නෙකු විය හැක. නමුදු ඔහු තම දරුවන් ඉදිරියේ ඒ සියලු දෙයින් බැහැර වී තාත්තා යන චරිතයට පණ පොවන තේජාන්විත පෞරුෂයකින් යුත් පවුලේ සෙවණැල්ලයි . එකම රැකවරණයයි. ගසක අරටුව එම ගසේ ශක්තිමත් බවට උරදෙන්නේ යම් සේද තාත්තා ද යනු පවුල යන දැවැන්ත වෘක්ෂයේ අරටුවයි.
[සංස්කරණය]හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ..
කසාය පරාදයි වරදෙදි සැර ඔබේ..
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි..
හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ..
ආදර මගෙ තාත්තේ...
දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
ගායනය : ජූඩ් රෝගන්ස්
පද රචනය : ඩිලාන් ගමගේ
සංගීතය : අශාන් ප්‍රනාන්දු
මෙම ගීතය මෑත කාලයේදී තරුණ පරම්පරාව ඉතාමත් ලෙන්ගතුව වැලළඳගත් ගීතයක් විය. ආදරය, සෙනෙහස, විරහව, බයිලා යන කුටුම්භ ඔස්සේ ගලා ගිය වර්තමාන ගීත ලෝකයේ හැරවුම් ලක්ෂයක් බවට පත් වූ ගීතයක් බවට මෙය පත්විය. ආදරය, විරහව ගැන ගීත පබදින යුගයක, මව් සෙනෙහස, පිය සෙනෙහස ගැන ගීත නිර්මාණය වන්නේ නැති තරම්ය. ඒ අතර පිය සෙනෙහස කෙරෙහි ලියවෙන ගීත ඉතාමත් අල්පය.
මෙම ගීතය ගායනා කරන්නේ ජූඩ් රොගන්ස් නම් ගායකයා විසිනි. මොහු වර්තමාන යෞවනේ හදවත් තුළ ඉහළින්ම වැජඹෙන ගායකයෙකි. මොහුගේ කටහඬ වටා බොහෝ පිරිසක් අද වන විට එක් වී ඇති අතර, ඔහු ගායනයෙන් දායක වූ ගීත 40 කට ආසන්න ප්‍රමාණයක් ගීත ලැයිස්තුව තුළ දැකගත හැකිය. ඒ අතර “ හිමාලයට වඩා උසයි ” ගීතය ඔහුගේ ජීවිතයේ එක් සන්ධිස්ථානයක් බවටපත් විය. පිට පිටම ජනප්‍රිය ගීත ලයිස්තුවේ තිබුණු මෙම ගීතය එසේ ජනප්‍රිය වීමට බලපෑව තවත් හේතු කාරණයක් වන්නේ අශාන් ප්‍රනාන්දු නම් සංගීතඥයා ගීතයට දැක්වූ සංගීතයයි. එකම කාසියක දෙපැත්තක් ලෙස කටහඬට ගැලපෙන සංගීතයක් මුසු වූ මෙම ගීතයේ අශාන් ප්‍රනාන්දුගේ මයුර සංගීතය නොවන්නට ගීතයේ කඩතොලු තැන් තිබෙන්නට තිබුණා යැයි සිතීම ද සත්‍යයක් සේ හැඟේ. කෙසේ වෙතත් ඕනෑම ගීයක ජීවය රදා පවතින්නේ පද රචකයා සතුව ය. ඩිලාන් ගමගේ නමැති ගී පද රචකයා තුළින් නිර්මාණය වූ මෙම ගීතය, ළමා, තරුණ , මහලු කාගේත් ජනප්‍රියතම ගීතයක් බවට කලක් පත්විය. වර්තමාන සමාජය තුළ කාලීනව වැදගත් වන ගී පද රචනා කරන මොහු ඇත්තෙන්ම වර්තමානය තුළ ගී පද රුසියෙකි. 80කට වැඩි ගීත රචනයන් ඔස්සේ සමාජයේ විවිධ පුද්ගලයන්ගේ සිත් සංවේදනාවට පාත්‍ර කරන මොහු, විවිධ ආරයන් ඔස්සේ රචනා කර ඇති ගීත කොතෙකුත් අහන්නට ලැබෙන බව සමාජ තුළින් දැකගත හැකිය. මොහු වර්තමාන ශ්‍රී ලාංකේය ගේ පද රචකයන්ගේ අභිනව සංගමයේ භාණ්ඩාගාරික ලෙස ද වර්තමානය වන විට පත්ව ඇත. ඔහුගේ දෙවන පිය සෙනෙහස උදෙසා රචනා වූ ගීතය මෙම “ හිමාලෙට වඩා උසයි ” ගීතයයි.
මෙහි සංගීතය පිළිබඳ අවධානය යොමු කිරීමේ දී ඉන්දීය දෙමළ සිනමාවට අදාළ ්ට්ි් බසක්ඩම යන දෙමළ ගීතයේ තාලයට අනුව සංගීතය සංයෝජනය කර පද රචනය වූ ගීතයක් ලෙස හැඳින්විය හැකියි. එමෙන්ම මෙහි සංගීතය දුක්මුසු වූ සංගීතයකි. ආරම්භයේ දී මෙම ගීතයේ සංගීතය බටනළා හඬකින් සංගීත්වත් වන අතර, සංගීත අන්තරා කොටස් බටනළා හඬකින් ශ්‍රවණය වීම මගින් ග්‍රාහකයා සංවේදනාව ට පාත්‍ර කිරීමට සංගීත්ඥයා සමත් වී ඇත. බටනලාවේ ස්වර මාධූර්යයෙන් පිය සෙනෙහස වඩාත් උද්දීපනය වන පරිදි මෙහි සංගීතය මුසු කොට ඇති අතර, මෙමගින් ගීතයේ හැඟීම් තවත් දැනවීමට මොහු උත්සාහ දරා ඇත. මෙහි ස්වර පරාසය දෙස අවධානය යොමු කිරීමේදී මෙය උච්ච ස්වර පරාසයකින් ගායනා කරනු ලබයි. උච්ච ස්වර පරාසය ඔස්සේද සිදුවන්නේ අසන්නා තුළ ඒ පිළිබඳව හැඟීම් උද්දීපනය වීමකි. එමගින් මෙහිදී සංගීතඥයා සංගීතය මනාව සපයනවා මෙන්ම ගායකයා උච්ච ස්වර පරාසයකින් මෙය ගායනය කිරීම තුළින් පිය සෙනෙහස අසන්නෙකු තුළ තවත් වැඩිවන මට්ටමින් මෙය ගායනා කරන බව දැක්විය හැකිය.
පහළ ස්වර පරාසයකින් ගායනා කළොත් මෙහි හැඟීම් වලට අසාධාරණයක් වන බැවින්, ඒ සඳහා ගායකයා විසින් උච්ච ස්වර පරාසයක් භාවිතා කළ බව නිශ්චිතව කිව හැකියි. මෙහි පද රචනය දෙස අවධානය යොමු කිරීමේ දී හිමාලෙට වඩා උසයි ගීතයේ ආදර මගේ තාත්තේ කියමින් පද හතරක් ගායනා කරන අන්දම දැක්විය යුතුමය. මෙහිදී පළමුවෙන්ම ගායනා කරන ආදර මගේ තාත්තෙ පද පෙලට වඩා ඉන් පසුව ගායනා කරන ආදර මගේ තාත්තේ යන පද පෙළ පහල ස්වර පරාසයක සිට ඉහළ ස්වර පරාසයක් දක්වා ගායනා කරන අයුරු දැකගත හැකිය. මෙහිදී එම පුතුගේ සෙනෙහස වැඩිවෙන තරමට උච්ච ස්වර මගින් ආදර මගේ තාත්තේ ,ආදර මගේ තාත්තේ ,ආදර මගේ තාත්තේ යනුවෙන් හතර වතාවක් පුනරුප්තිය භාවිතා කර පද රචනය කර ඇත.මෙම පද පේලි හතර පහළ ස්වර පරාසයක සිට ඉහළ ස්වර පරාසය දක්වා ගායනා කර මෙම ගීතය අසන්නන්ගේ සිත් තුළ පිය සෙනෙහස උද්දීපනය කර ඇත.
කෙසේ වෙතත් ගීතය තුළ ඇති සෑම හැඟීමක්ම වර්තමාන තරුණ පරම්පරාවේ නියෝජනයකි. තරුණවියේ දරදඬු මුරණ්ඩු පුතෙකු ට, ඔහුගේ ජීවිතයේ ඉහළ ස්ථානයකට ගොස් ජීවිතය දෙස ආපසු හැරීමේ දී ඔහුගේ පියා නොසැලී ඔහු ළඟම සිටි ආකාරය ඔහුට හැඟී යන පරිදි මෙම ගීතය නිර්මාණයය කොට ඇත. එක් ආකාරයකට ඔහුගේ ජීවිතයේ එක් සන්ධියකයක දී ඔහුගේ පියාගේ සෙනෙහස නොතේරුනු පුතෙකු ලෙස හැඟීම් දනවන්නට ගී පද රචකයා මේ රචනා කොට ඇත. මෙම හිමාලෙට වඩා උසයි ගීතය නව පරම්පරාව නියෝජනය කරන ගීතයක් වන බැවින් මෙහි සංගීතය, පද රචනය මෙන්ම ගායනය ද වර්තමාන තරුණ පරම්පරාව නියෝජනය කරයි. පුතෙකු තම පියා ගැන දැක්වෙන සෙනෙහස මෙහි ගැබ්ව ඇති අතර, එසේම පියෙකු තම පුතුට දක්වන සෙනෙහසද මෙහි ගැබ්ව ඇත. ජීවිතය තුළ ඇති උතුම්ම සබඳතාවය නැතහොත් පියපුතු බැඳීම මෙම ගීතය මඟින් ප්‍රකාශ කිරීම්ට ගී පද රචකයා උත්සහාහ දරන අයුරු පෙනේ.
කෙසේ වෙතත් මෙම ගී පද රචනය තුළ පළමු පද පෙළ වන්නේ,“ හිමාලෙට වඩා උසයි සෙනෙහස පපු කඳේ ” යනුවෙනි. මෙම ගීතය රචනා කිරීමට ගී පද රචකයා හිමාලය කඳුවැටිය පියාගේ සෙනෙහසට වඩා උස බව සදහන් කරන ලද්දේ ඇයි ද යන ගැටලුව පැන නැඟුනි. ගීතය පිළිබඳව විචාරයක යෙදීමට මත්තෙන් හිමාලය පිළිබඳව කරුණු අධ්‍යයනය කිරීමට සුදුසු යැයි පසක් විය.
හිමාලය කඳු වැටිය යනු ඉන්දියානු උප මහාද්වීපයත් ටිබෙට් සානුවත් වෙන් කරමින් ආසියාවේ පිහිටි කඳු පංතියකි. සංස්කෘත බසින් හිමාලය යන්නෙහි තේරුම ”හිම විමානය” යන්නයි. ලොව ප්‍රධානතම ගංගා රාශියක් ඇරඹෙන්නේ හිමාලයෙනි.ලෝක ජනගහණයෙන් අඩක් පමණ, හිමාලයේ කඳු මුදුන්වලින් හිම හා අයිස් දිය වී ලැබෙන ජලය මත බිලියන දෙකක පමණ ජනතාවගේ පැවැත්ම රඳා පවතියි. එපමණක් නොවෙි, කලාපයේ දේශගුණය හැඩගැස්වීමට ද හිමාලය ප්‍රබලව දායක වෙයි. මෙහි ඇති සුළං පිරි ටිබෙටි සානුව වියළියි, දූවිලි ගහණයි, අසීරුය. එහෙත් මිහිමත ඇති උසම මහ කඳුයායේ, හිමාලයේ ආකර්ෂණයෙහි නම් කවදත් අඩුවක් නොවේ. එකම කඳු යායක පැත්තකින් හිම තරණයක් ද තවත් පැත්තකින් දූවිලි වාලුකාවක්ද හිමි, හිමාල කඳුවැටිය සැබැවින්ම විවිධාංගීකරණයය වූ කඳු පද්ධතියකි. ලෝකයේ වැඩිම ජනගහනයක් උදෙසා ජල ප්‍රභවයක් වන හිමාලය කඳුවැටිය පිය සෙනෙහසට වඩා උස බව ගී පද රචකයා සඳහන් කර ඇත. මේ මිහිපිට මෙවන් සම්පත් ඇති මෙවන් ප්‍රභවයන් සහිත තවත් ස්ථානයක් නොමැත. හිමාලය් තරමටම එහෙත් ඊටත් වඩා පුතෙකුට තම පියාගේ සෙනෙහස මෙතෙක් යැයි පැවසීමට සිංහල වචන තුළින් වචනාර්ථය දීම්ට නොහැකිව ඇත. විවිධ දේශගුණික විපර්යාසයන්ට පත්වන මෙම පර්වතය ලෝක සත්ත්වයාගේ ජීවය සඳහා උපකාර කරන්නේ යම් සේ ද ඊටත් වඩා පියකුගේ සෙනෙහස තම දරුවන් කෙරෙහි උස බව මෙය ශ්‍රවනය කිරීමේදී සිතට නැගුණු කරුණකි. පුතෙකුට පියකුගේ සෙනෙහස එතරම් ය. හිමාලය කඳුවැටිය දුක් ගැහැට දරා ගන්නා තරමටම විවිධ විපර්යාසයන්ට මුහුණ දෙන තරමට ම පියෙකු ද තම පුතු වෙනුවෙන් ජීවිතයේ විවිධ අවස්ථාවලදී නොසැලෙන හිමාල පර්වතයටත් වඩා තම දරුවන් කෙරෙහි සෙනෙහස දක්වන බව, මෙම පළමු ගීත පද මඟින් පසක් කළ හැකිය.
මෙහි දෙවෙනි පද පෙළ වන්නේ ”කසාය පරාදයි වරදෙදි සැර ඔබේ” යනුවෙනි. මේ පිළිබඳව අවධානය යොමු කිරීමේ දී මෙහි අර්ථයන් දෙකකට සිත යොමු වේ. එනම් කසාය යනු සිංහල ජන සංස්කෘතියේ ඕනෑම අසනීපයකදී ලබාදෙන්නාව වූ බෙහෙතකි. දෙවැන්න ලෙස කසපහර හැඳින්විය හැකිය. අපගේ ජන සංස්කෘතිය තුල කසාය හැඳින්වෙන්නේ සියලුම උණ වේදනාවන්ට ලබා දෙන එකම බෙහෙත වශයෙනි. කසාය පානය කිරීම එතරම් මිහිරි දෙයක් නොවේ. කෙසේ වෙතත් පානය කිරීම අමිහිරි වුවද, එය පානය කිරීමෙන් පසු ලැබෙන ප්‍රතිඵලය අග්‍රය. පියෙකු තම දරුවකුට විටෙක කසායක් වැනිය. කසාය යන වචනාර්ථයෙන් කෙනෙකුගේ හිතට අමිහිරිතාවක් ඇති වුවද ඒ ශරීරගතවීමෙන් ලැබෙන්නාවූ සුවය අප්‍රමාණය.
මෙම ගී පද රචකයා කසාය යනුවෙන් තම පියාගේ සැර වදන් සහ දරුවකු වැරැද්දක් කළ විට බනින ආකාරය කසායට සමාන කර ඇති අතර,ලෙඩකු කසාය පානය කිරීමෙන් සුව වෙන්නේ යම්සේද, පියෙකු තම දරුවන්ට ගැහුම්, බැනුම් තුළින් හදා වඩා ගන්නා දරුවා සමාජයේ යහපත් දරුවකු බවට පත්වේ. දෙවැන්න ලෙස කසපහර දැක්කවිය හැකිය. මෙම “කසය” සකස් කර ගනුයේ, හණ හෙවත් නියඳ පඳුරුවලින් කපා ගත් හණපත්, ලෑල්ලක බැඳ හණ මතුපිටින් මතුවන නූල් වේලා සකස්කර ගැනීමෙනි. අඩි 7ක් පමණ දිගින් වන ලෙස අග සිහින් ලෙසින් අඹරා බැඳගන්නියි. එසේම කසය අල්ලා ගන්නා කොටස අතට පහසු වන ලෙස ලණුවකින් හෝ වෙනත් ද්‍රව්‍යයකින් බැඳ සකස් කර ගනි. කස පහරින් බැට කන ඕනෑම කෙනෙකු එම වරද නැවත කිරීමට දෙපා දෙපාරක් සිතන්නේ නැත. එසේම පියෙකු වරදක් දුටු තැන තම දරුවන්ට කස පහරින් වුවද දඬුවම් කර හරි මාර්ගයට ගන්නා අයුරු මෙම පද පෙළෙන් ගම්‍යමාන වේ.
ඇහැ ගහගෙන සිටී සමාජෙ ගැන කියයි.. - හොද මිනිහෙක් වෙයන් නිතරම මට කියූ.. ආදර මගෙ තාත්තේ... වර්තමානයේ තරුණ පරම්පරාව වරදට බැඳෙන්න තිබෙන ඉඩකඩ ඉතාමත් වැඩිය. විශේෂයෙන් පිරිමි දරුවකු පවතින සමාජයට අනුව ආරක්ෂා කිරීම් නම් සමාජයේ මතය වෙනස් කරමින්, ගැහැනු දරුවකු රැකබලා ගන්නා ආකාරයටම පිරිමි දරුවකු ද රැක බලා ගත යුතුය. අතීතය තුල ව්‍යවහාර වූ සාම්ප්‍රදායික කියමනක් පවතී. එනම් ”රැකිය යුතු දේ ඇහේ තියාගෙන රැකිය යුතු බවයි”. මෙම පද පේළිය තුළින් පියා ගැන විස්තර කරන්නේ ද මෙසේ ම ය. තම පුතු යන එන තැන් සොයා බලා නිතරම ඔහුත් සමඟ සිට සමාජයේ යහපත අයහපත ගැන කියාදෙන සුදුසුම පුද්ගලයා වන්නේ තාත්තාය. යහපත් ගතිගුණ ගුණාංගයන් සාරධර්ම සෑම දේම නිතරම තම පුතුට පවසන පියකු මෙම ගීතය අසන වාරයක් පාසා සෑම පුද්ගලයකුගේ ම හදවතේ ගෙත්තම් වන රූපය වශයෙන් පවතී. ගීත රචකයා පැවසීමට උත්සාහ දරන්නේ පියා දරුවෙකුගේ සෙවනැල්ල සේ , තම දරුවන්ගෙ පිටුපසින් සිට දරුවන් යහමගට ගැනීමට වෙහෙස දරන්නා වූ ආකාරයයි.
දරදඬු හිත මගේ - අයාලෙ ගිය දිනේ..
කඳුලැල් මොනතරම් - පිරුනද ඔය නෙතේ..
ඒ ඔවදන් මා සුමඟට - ගෙන මිස නෑ හැර ගියේ..
අද මා සිටිනා තැන දැක - සතුටින් අවවාද දේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
තාරුණ්‍යයේ හිත් යනු දිය යට ඔබන රබර් බෝලයක් වැනිය. උඩුකුරු තෙරපුමක් තිබෙනතාක් එය වතුර යටටම වී තිබේ. එහෙත් උඩුකුරු තෙරපුම්න් මිදෙන්නේ යම් සේ ද එය ජලය මතුපිටටවී ඉපිලේ. තරුණ සිතත් එසේමය. පිය සෙනෙහස උඩුකුරු තෙරපුම් වී තිබුණද, එය ගිලිහී යන්නේ යම්සේද තරුණ සිතත් අයාලේ යන, වරදට බැඳෙන අවස්ථාවන් වැඩිය. තරුණ සිත් කොහොමත් එසේය. ඇස් දෙක වගෙ පරිස්සම් කරන තම දරුවා නොමඟ යන සැටි දකින සෑම පියකුගේම දෙනතට කඳුළක් ඒම ස්වභාවිකය. වතුර පිරවූ බැලුමකට කට්ටකින් අනිනවා සේ පියාගේ දෙනෙත් තම පුතු දරදඬු අයාලේ යන සැටි දැක නෙතට කඳුළුලෑලි පිරෙනු ඇත. එහෙත් තම පුතුට ජලය මතුපිට පා වෙන්න ඉඩ නොදී ජලයේ ගැඹුරෙහි ඔබ්බවා , නැතහොත් අයාලේ යන්න ඉඩ නොදී නිසි මාවත පෙන්වා ඔවදන් දෙන්නට පියෙකු දෙවරක් සිතන්නේ නැත. තම ජීවිතය වුව ද පරදුවට තබා තම පුතු නිසි මාර්ගයට ගන්නට පියවරුන් උත්සහ දරයි. එසේ නිසි මඟට යොමු කර තම පුතු සමාජයේ උසස් තැනකට යනවා දැකීම සෑම කෙනෙකුගේම පැතුමකි. පුංචි කාලයේ සිටම තම පුතුට තරවටු කර යහපත් පුද්ගලයකු ව සිටින අයුරු දැකීම සෑම පියකුගේ ම එකම බලාපොරොත්තුවයි. ලබන ලොකුම සතුටයි. එමෙන්ම පුතෙකුටද තම පියකුට ලබා දිය හැකි ලොකුම සතුට වන්නේ යහගුනදම්පිරී තම පියා පතන ඉලක්කය කරා යාමයි. එහෙත් විටෙක පියකුගේ සෙනෙහස ඊටත් වඩා වැඩිය . එනම් ඔවුන් පතන ඉලක්කයටත් වඩා තම දරුවා ළඟා වීම ඔවුන්ගේ එකම අධිෂ්ඨානය යි. මෙම ගී පද රචකයා මෙම ගීතයේ මුලදීම පියා හිමාල කඳු වැටියටත් වඩා සෙනෙහස ඇති බව පවසන්නේ එබැවිනි. නිතරම හොඳ මිනිසෙකු වෙයන් යන වදන, සෑම පුතකුගේ හිතක් තුළම තම පියාණන් ගේ ආශිර්වාදයකි.
සෑම පුද්ගලයෙකු තුළම ජීවිතයේ අපහසු කම් රාශියක් පැන නැගී. ජීවත්වනවා කියන්නෙම ජීවිතේ දුක් සුසුම් වලට මුහුණදීම ය. එහෙත් පියෙකු නොසැලෙන හිමාලය කඳුවැටිය වැනිය. දරුවන්ගේ ජීවිතයට එළඹෙන සෑම අවස්ථාවකදීම පියෙකු තම දරුවන් අසලින් රැඳී සිටි. එවන් පියවරුන් හට සෙනෙහස දක්වන්නේ කෙසේද යන්න දරුවන්ට සිතාගත නොහැකි තරම් ය. මෙම පද පේලියේ දැක්වෙන අයුරින් එනම්, ”මතු සසරෙත් පතන්නෙ ඔබමයි තාත්තේ ” යන වදන් මෙම පුතාගේ සිතේ තම පියතුමාට ඇති සෙනෙහස මවා පෙන්වයි. දරුවෙකුට පියෙක් යනු වටිනා සම්පත්කි. එමෙන්ම කිසිදා එක් ආත්මයකින් ගෙවාගන්න බැරි ණයක් පියෙකු විසින් දරුවකුට ලබා දෙයි. මේ ආත්මයේදී තාත්තා තම පුතු කළ දේවල් වලට ණය ගෙවන්න එම පුතුට මේ ආත්මය මදි යැයි විටෙක මට සිතේ. මතු ආත්මයෙදිත් ඒ ණය ගෙවීමට මදි බැවින් මෙම රචකයා විසින් මුළු සංසාරයම මගේම තාත්තා වේවායි ප්‍රාර්ථනාවක් සිදුකරනු ලබයි.
කරදර ආ මගේ - නොබියව ලඟ හිදී..
දියුණුව දැක මගේ - ආශිර්වාද දේ..
නොදකින දෙවියන් වැන්දද - ඔබමයි දෙවියන් වුනේ..
උපදින හැම භවයකදිම - වෙන්නද මම පුතු ඔබේ..
හොද මිනිහෙක් වෙයන් - නිතරම මට කියූ..
මතු සසරෙත් පතන්නෙ - ඔබමයි තාත්තේ..
මේ ජීවන ගමන තනියම යන ගමනෙකි. එහෙත් මිනිස් උපතකදී ජීවිතයේ විවිධ කටයුතු වලට මුහුණ දීමට සිදුවේ.දුක, සතුට අතර ගෙවන ජීවිතේ තුළ , නොමියෙන නොසැලෙන පහන් ටැඹක් සේ ළඟ සිටින්නේ ආදරණීය පියවරුන් ය. එය කිසිදා නොබිඳෙන සත්‍යයකි. තම ලෙයින් උපන් දරුවන්ට කරදරයක් වෙන්නෙ යම්සේද පියවරුන් ඔවුන්ගේ දිවිය ම පරදුවට තබා දරුවන් ආරක්ෂා කර ගැනීමට දෙවරක් සිතා පෙළඹෙන්නේ නැත. වර්තමානය තුළ නොදකින දෙවියන් විශ්වාස කර ජීවිතයේ බොහෝ දේවල් අයදින අවස්ථා කොතෙකුත් දැකග ගත හැකිය. නමුත් පියකුගෙන් ඉල්ලන මොනයම් හෝ දෙයක් වුවද ඔහුගේ ජීවිතයට පාඩුවක් සිදු වුවද, දරුවකුට ඒ ලබාදීම පියෙකු ගේ මාහැඟි ගුණයකි. නොපෙනෙන දෙවියන් විශ්වාස කරන වර්තමාන ලෝකය තුළ , දරුවෙකුගේ ජීවිතයේ සැබෑම ජීවමාන දෙවි රූපය වන්නේ එම දරුවන්ගේ පියාණන්ය. මෙම කවියා එය මැනවින් පද ගළපා පසක් කර ඇත. දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදය කෙසේදැයි නොදන්නා අද සමාජය තුළ, පියාගෙන් ලැබෙන සැබෑ ආශිර්වාදය මගින් දරුවකුගේ ජීවිතය යහපත් වන අයුරු මෙම කවියා මැනවින් රචනා කොට ඇත. දෙවියකුට සමාන කරන එම උතුම් පියාණන්ගෙන් දරුවෙකුට ඉල්ලිය හැකි එකම ඉල්ලීම නැතහොත් , දරුවෙකුගේ එකම බලාපොරොත්තුව වන්නේ මතු ආත්මයකදී ඔබේම පුතු වන්නට අවස්ථාවක් දෙනවා ද යන්න ය.
වර්තමාන සමාජයේ දරදඬු තරුණ හිත් මෙල්ල කළ හැකි එකම සහ ලොකුම ආයුධය වන්නේ පිය සෙනෙහස කිීවොත් මා නිවැරදි ය. පුංචි කාලයේ සිට යෞවනේ දක්වා එතැන් සිට ජීවිතයේ අභියෝග හමුවේ පියා ළඟින් සිටි අයුරු කෙටියෙන් පැවසුවොත් පුතෙකුට සිය ජීවිතයේ එකම දෙවි රූපයේ බඳු වූ පියා උපදින සෑම ආත්මයකම මගේම පියා ඔබ වන්නැයි ඔබේම පුතු මම වන්නෙයි සෑම පියකුගේ ම සෑම පුතෙකු ගේ ම ප්‍රාර්ථනය නොවන්නේද? පිය සෙනෙහසට කවි ගී මෙවන් යුගයක මෙසේ ලියවීම ගැන, මෙහි ඇති හරයන් ගැන, නිර්මාණශීලී ප්‍රවේශයන් පිළිබඳ සෑම පුතෙකුට මෙම ගීතය තවත් ජීවිතයේ එක් පරිච්ඡේදයක් වීමට බෙහෙවින්ම උපකාර වනවා නොඅනුමානය.
කෙසේ වෙතත් මෙම ගීතයේ අරුත් රස විදීමටනමි මෙහි ගැබ්ව ඇති රසය විචාර බුද්ධියෙන් යුතුව විමසා බැලිය යුතුය. එහිදී මෙම ගීතය පළමුවෙන්ම සංසන්දනාත්මක විචාර ප්‍රවේශයකින් විමසා බැලීම යහපත්ය. එබැවින් මෙම ගීතය නව පරපුර නියෝජනය කරන බැවින්, පැරණි පරපුර විසින් පද රචනය කළ, සංගීතවත් කළ සහ ගායනය කරනු ලබන පහත සඳහන් ගීතය ද මේ හා සන්සන්දනය කර සංසන්දනාත්මක විචාර ප්‍රවේශයක් ඔස්සේ ගීතයේ අර්ථය ගෙනහැර පා ඇත.
රන්මැලි සෑය විය දිවි අඹරට නැගුන - සුදොවුන් පියා විය සක්විති මඟ තනන
සමනොළ පව්ව ජය දුක සැප සම ගලන - පිය මහරජුනි අප ගෙපැලේ රජ කරන...
අසනි වැසි රුදුරු වග වළසුන් අතරේ - සිව්මහ දෙවිඳු වී නිති රැකවල් සැදුවේ
හිරුටත් කලින් අවදිව කෙත්වත් තැනුවේ - බෝසත් පාරමී ගුණයෙනි අප වැඩුවේ...
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා - පැලඉණි වැටෙත් ගණපති රූපය ඇඳලා
තුසිතෙක ඉසුරු පැලවට සිව් කොණ තබලා - ලොව්තුරු සුව විඳී අප රජවනු දැකලා...
ගී පද - පූජ්‍ය කිරඹ සුමංගල හිමි
තනුව - මනෝරි උග්ගලගේ
ගායනය - සුනිල් එදිරිසිංහ
එකම මාතෘකාවක් ඔස්සේ සමාජයේ පොදු වූ කාරණයක් වන පිය සෙනෙහස පුතෙකුගේ සිත තුළ ඉස්මතු වන ආකාරය පැරණි පරපුර සහ නව පරපුරට අදාළව හැඟීම් අකුරු කර ඇති ආකාරය දැකගත ගැනීමට පුළුවන. ගී පද රචකයන් විසින් එකම මාතෘකාවක් ඔස්සේ විවිධ උපමා රූපක භාවිතා කරමින් ගීත දෙකටම පණ පොවා ඇති ආකාරය දැකගත හැකිය. මෙම ගීත දෙක සංසන්දනය කර බැලීමේදී මෙය පරම්පරා දෙකක් තුළ නිර්මාණය වූ ගීත දෙකකි. සංගීතය, පදරචනය, තනු නිර්මාණයය සහ ගායනය එකකට එකක් වෙනස් ය. රන්වැලි සෑ ගීතය උච්ච ස්වර පරාසයකින් ගායනය නොවේ. එහි සංගීතය ශාස්ත්‍රීය සංගීතයට බර වී ඇත. මෙහිදී සිතාරය, තබ්ලාව වැනි භාණ්ඩ සංගීතය සපයා ඇත. වර්තමානයේ තාත්තා යන චරිතයට එහා ගිය ගොවිතැන් කර තමන්ගේ දරුවන් දුක් මහන්සි වී රැකගත් තාත්තගේ ප්‍රතිරූපයක් මෙහිදී අසන්නාට චිත්‍ර රූප වන අයුරින් ගීතය නිර්මාණය වී ඇත. මෙම රන්වැලිසෑ ගීතය තුළ සිංහල බෞද්ධ සංස්කෘතිය මැනවින් මවාපාන ලෙස මෙම ගීතය නිර්මාණය වී ඇත.
හිමාලෙට වඩා උසයි ගීතය තරුණ දරුවෙකුගේ සිතේ පියකු තුළ ඇති සෙනෙහස් ගීතයේ ගැබ්ව ඇත, එහෙත් රන්වැලි සෑ ගීතයේ උපමාලංකාර සහ බෞද්ධ සංස්කෘතිය තුළ සුදොවුන් රජු තම පුතු වූ සිද්ධාර්ථ කුමරු සක්විති රජු වනු දැකීම් ආශා කරන්නේ යම් සේ ද වර්තමානයේ පියවරු ද තම දරුවන් ඉහළම ස්ථානයක සිටිනවා දැකීමට කැමති බව ගී පද රචකයා මෙහිදී ඒත්තු ගැන්වීමට උත්සාහ කර ඇත. මෙලොව ඇති ගිහියෙකු ගෙන් ඉහළම පදවිය සක්විති රජකමයි. හිමාලෙට වඩා උසයි ගීතය තුළ එහි ගැබ් ව සිටින පියා තම පුතු ඉහළටම යනවට කැමැති බව එහිදී ද සඳහන් කර ඇත. නමුත් එහි පද සරල පද මාලාවක් ඔස්සේ ඕනෑම අසන්නෙකුට එක එල්ලේම සිතට වැටහෙන පරිදි පද නිර්මාණයය කර ඇත.
රන්වැලිසෑ ගීතය තුළ පියකුගේ සෙනෙහස බෝසත් පාරමිතාවකට සම කර ඇත. හිමාලෙට වඩා උසයි ගීතයේදී තාත්තා දරුවෙකුට වරදී කස පහරින් තල්නවා යනුවෙන් සඳහන් කර තිබුණද මෙම ගීතය තුළ බෝසත් ගුණ පෙන්වා ආදරයෙන් තම දරුවාට වරද පෙන්වා දෙන පියකුගේ ප්‍රතිරූපයක් ගීතය තුළ ගැබ්ව ඇත. ගීතයක් යනු පරිකල්පන ශක්තිය ඔස්සේ විවිධ ආරයන් ඔස්සේ විග්‍රහ කරගත හැකි නිර්මාණයකි. හිමාලෙට වඩා උසයි ගීතයට සාපේක්ෂව රන්වැලිසෑ ගීතය තුළ විවිධ පරිකල්පනයන් ඔස්සේ ගීතය නිර්මාණශීලී ලෙස විචාරකයක යෙදීමට බොහෝ ඉඩ ප්‍රස්ථාවක් ඇත. එමෙන්ම මෙම ගීතය තුළ දී මානව සබඳතා පුළුල් ව හැඟීම් දනවන පරිදි නිර්මාණයය වී ඇත. පියෙක් තම දරුවන් වග වලසුන්ගෙන් බේරාගෙන ජීවිතයේ මුළු ජීවිත කාලයේම ආදරයෙන් බලා කියා ගන්නා අයුරු මෙම ගීතයේ ගැබ්ව ඇත. හිමාලෙට වඩා උසයි ගීතයේද පියකුගේ සෙනෙහස ගැබ්ව ඇති වුණත් එහි සරල පද නිර්මාණයයක් ඔස්සේ එම ගීතය නිර්මාණයය වී ඇත. නමුත් රන්වැලිසෑ ගීතය විවිධ පැතිකඩයන් ඔස්සේ පියෙකුගේ සෙනෙහස වර්ණනා කර ඇති අයුරු දැක ගැනීමට පුළුවන.
මෙම ගීත දෙක පිළිබඳව සෞන්දර්යාත්මක විශ්ලේෂණයක් සිදු කිරීමේදී හිමාලෙට වඩා උසයි ගීතය ඉන්දීය දෙමළ සිනමාවට අනුව තනු නිර්මාණයක පද නිර්මාණයය වූ ගීතයකි. එම ගීතය ඉන්දීය දෙමළ සිනමාවට අදාළ ්ට්ි් බසක්ඩම යන ගීතය ප්බව්ච්ස චිත්‍රපටියට එන්. ආර් රඝුනාදන් විසින් සංගීතවත් කළ ගීතයකි, එය ගායනා කරන්නේ එස්. පී බාලසුබ්රමනියම් මහතා විසිනි. මෙම චිත්‍රපටයට අදාළ මෙම ගීතය පද රචනා කර ඇත්තේ යුග භාරතී විසිනුයි. ඉහත සඳහන් කළ පරිදි මෙම ගීත දෙකටම අදාළව සංගීතය විවිධ ආරයන් ඔස්සේ යොදා ගෙන ඇත. හිමාලෙට වඩා උසයි ගීතයේ බටනළාව ප්‍රධාන වූ සංගීත රාවයක් යොදාගෙන, අසන්නා තුළ මනාසේ හැඟීම් දනවන පරිදි මෙහි සංගීතය මුසු කොට ඇත. නමුත් රන්මැලි සෑ ගීතය ශාස්ත්‍රීය සංගීතයය වන බැවින් වර්තමාන පරම්පරාවට ඇතමුන් ඇසීමට ප්‍රිය නොකරන සංගීතයකි. නමුත් ශාස්ත්‍රීය සංගීතයය තුළින් අතීතයේ පියකු ප්‍රතිරූපයගීතය තුළ මනාව චිත්‍ර රූපයට නැගේ. හිමාලෙට වඩා උසයි ගීතයේ පියාගේ සෙනෙහස තුළින් වර්තමාන පියකු ගේ භූමිකාව නිරූපණය වේ. මෙම ගීත දෙක එකකට එකක් වෙනස් වූවද මෙහි හැඟීම එකම කරුණක් උදෙසා වේ.
මෙම ගීත දෙක භාෂාමය ප්‍රවේශය පිළිබඳ සලකා බැලීමේදී හිමාලෙට වඩා උසයි ගීතය සරල පදමාලාවකින් නිර්මාණය වූ අසන්නාට ක්ෂණයකින් ග්‍රහණය කරගත් හැකි ගීතයකි. නමුත් රන්වැලිසෑ ගීතය බෞද්ධ සංස්කෘතියේ උපමාලංකාර යොදාගෙන නිර්මාණය වූ ගීතයක් බැවින් එම සංස්කෘතියෙන් පිට පුද්ගලයකුට මෙම ගීතය වටහා ගැනීම්ට නැවත නැවත ඇසීමට සිදු වේ. මෙම ගීතය සංස්කෘතිය සභ්‍යත්වය ආගම ඇදහිලි මේ සෑමදේම මිශ්‍ර වුණු ගීතයකි. බෞද්ධ සංස්කෘතිය ජීවය කොටගෙන උපමාලංකාර භාවිතා කර ඇත. වෘත්තීය මට්ටමේ විචාරකයකුට පිටු ගණන් විචාරයට ගත හැකි ගීතයක් කිව්වොත් මා නිවැරදිය. බෞද්ධයන්ගේ මුදුන් මල්කඩ වන් මහා සෑ රජුන් පිය සෙනෙහසට සමකර වර්ණනා කර ඇති අයුරු දැකගත හැකිය. හිමාලෙට වඩා උසයි ගීතයේදී තම පියාගේ සෙනෙහස හිමාලයෙන් වඩා උස බව උපමා කර පැවසුවද රන්මෙවැලිසෑ ගීතය සමනල පව්වට පිය සෙනෙහස වර්ණනා කර ඇත. ඒ අසන්නාගේ පිය සෙනෙහස ගැන ශ්‍රද්ධාවක් භක්තියක් උපදවන අයුරින්ය. මෙම රන්වැලිසෑ ගීතය තුල පිය සෙනෙහසමුළු ජීවිත කාලයටම භක්තියක් කොට සිතා වැඳුම් පිදුම් කළ හැකි ආකාරය රචනා කර ඇත.නමුත් හිමාලයේ ගීතය අමුවෙ වචන අසන්නා තුළ පරිකල්පනය වන පරිදි භාවිතා කර ඇති අයුරු දැක ගැනීමට පුළුවන.
කෙසේ වෙතත් මෙම ගීත දෙකම නිර්මාණය වී ඇත්තේ පිය සෙනෙහස උදෙසාය. අතීත සහ වර්තමාන පියකු යන භූමිකා දෙක මෙම ගීතයෙන් අසන්නාට මනාව පැහැදිලි කරගත හැකිය. දශක දෙකක් තුළ නිර්මාණය වූ ගීතයන් දෙකක් බැවින් ඒ ඒ දශකවල ජීවත්වෙන සමාජයට අනුව මෙම ගී දෙකම නිර්මාණය වී ඇති ආකාරය දැක ගැනීමට පුළුවන. කෙසේ වෙතත් වර්තමානය තුළ පිය සෙනෙහසට කවි කවි ගී නොලිවෙන යුගයක වර්තමාන සමාජය තුළ පිය සෙනෙහස උදෙසා ලියවුනු ඉතාමත් අලංකාර නිර්මාණයක් කිව්වොත් හිමාලෙට වඩා උසයි ගීතය මා නිවැරදියි.
කෙසේවෙතත් හිමාලෙට වඩා උසයි ගීතය පිළිබඳව විචාරාත්මක බුද්ධියෙන් විමසා බැලීමේදී මෙහි මානව හැඟීම් වර්තමානය සමාජයට අනුව මැනවින් ගැබ්ව නිර්මාණය වී ඇත. අසන්නාට මෙම ගීතය එක් වරක් ඇසීමෙන් පිය සෙනෙහස ගැන මනාව තේරුම් ගැනීමට හැකි වේ. කෙසේ වෙතත් වර්තමාන සමාජය ඩිජිටල්කරණය ඔස්සේ හුරු වී ඇති බැවින් උපමාලංකාර භාවිතය තුළින් එය අසන්නාට එකවරම ග්‍රහණය කර ගැනීමට අපහසු වේ. එම නිසා පවතින සමාජ තත්ත්වය ඔස්සේ එකවරම ග්‍රහණය කරගත් හැකි පරිදි මෙම ගීතය අසන්නාගේ හදවත තුළ පිය සෙනෙහස මැනවින් දනවන ආකාරයෙන් මෙම ගීතය නිර්මාණයය කර ඇත .පිය සෙනෙහස කෙරෙහි ලියැවුණු මෙම ගීතය ජූඩ් රෝගන්ස්ගේ ගායනයනුත්, අශාන් ප්‍රනාන්දුගේ සංගීතයෙනුත්, ඩිලාන් ගමගේ පද රචනයෙනුත් සුසංයෝගය වූ ගීතය විචාරයකට එහා ගිය ආත්මීය බැඳීමක් ඇති අතර, සෑම පිය පුතු හදවතකම සෙනෙහස හිමාලෙට වඩා උස වේවායි , හිමාලය තරමටම දුක් ගැහැට ඉවසීමට හැකිවෙිවා යැයි අවසන් පැතුමයි.