පරිශීලක:H.K SADITH KETHMIRA

විකිපීඩියා වෙතින්

H.K SADITH KETHMIRA

SCHOOL-M/R UDIST COLLEGE-MATARA


MIGATTUWATTA GUnananda HIMI.

මෑත යුගයේදී බුද්ධ ශාසනයේ චිර පැවැත්ම උදෙසා මහගු ශාසනික සේවයක් ඉටුකල බෞද්ධ භික්ෂුන් අතරින් ඉදිරියෙන්ම කියවෙන් නාමයක් වේ නම් ඵ් මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන්ගේ නාමයයි. එවකට බෞද්ධයන් විසින් කිතුණුවන් සමග යෙදුණු වාද වලදි උන් වහන්සේ නායකත්වය ගෙන කටයුතු කිරිමත් සමග උන් වහන්සේ නිතැතින්ම මහත් ප්‍රසිද්ධියට පත්වුයේය.

මුල්කාලීන ජිවිතය බලපිටිය මොහොට්ටිවත්ත නම් ගම්මානයේදී අසනේරිස් මැන්දිස් මහතාටත් සීනිගම කලුදුර මිල්ඩෝ ද සිල්වා මැතොණියටත් 1823 පෙබරවාරි 09 වෙනි දින පුත්‍ රුවනක් ලැබින. හේ නමින් මිගෙල් මැන්දිස් නම් විය. දොලොස් හැවිරිදි වියෙදී සසුන් ගත වු මේ කුමරා පසූව මොහොට්ටිවත්තෙ ගුණානන්ද හිමි නම් විය. සිය ගුරු හිමියන්ගේත් පියාණන්ගේත් අභාවයෙන් මහත්සේ කම්පාවට පත් ගුණානන්ද හිමියො සිය පැවිදි දිවියෙන් තාවකාලිකව සමුගත් බව පෙනෙන්නට තිබේ. 1874 දී උපසම්පැපදාව ලැබූ උන්වහන්සේ පැවිදි දිවිය තුලදි තමනට හැකි උපරිමයෙන් සිංහල,පාලි,සංස්කෘත ආදි භාෂාවනුත් බුදු දහමත් උගත් උන්වහන්සේ පසුකාලිනව ලද ඉංග්‍රීසි භාෂා අධය්‍යාපනයත් සමග කිතු දහමද මැනවින් උගත්තේය. බුදු දහමෙත් කිතු දහමේත් සංසන්දනාත්මක අධය්‍යනයෙන් එලඹ් නිගමන ඔස්සේ පසුකාලීනව බුදු දහමෙහි චිරස්ථිතිය වෙනුවෙන් කැප වු බවක් පෙනෙන්නට තිබේ.

එකල කරදරයක් නැතිව මහ මග ගමන් ගන්නා අයෙක් වි නම් හෙතෙම බයිබලයක් අතින් දරා සිටින්නෙකු විය යුතුය. ඊට හේතුව වුයෙ කිතුදහමටත් බටහිර ඌජාරුවටත් එකල හිමිව තිබු සැලකිල්ලය. එසේ නොවන්නට යම් ‍යම් දුෂ්කරතාවයන්ට ලක්වන්නට සිදුවිම සුලභ සිද්ධියක් විය. එමෙන්ම සිංහල ජාතියටත් බුදු දහමටත් මෙකල රජයෙන් එතරම් සැලකිල්ලක් නොදැක්වින. 1849 වර්ෂයෙ දී පැනවු එක් නියෝගයකට අනුව කොළඹ නගරයේ වු සියලු බෝ ගස් කපා ඉවත් කිරිම කළ යූතු විය. එහෙත් මෙකි නියෝගය නිසියාකාරයෙන් ක්‍රියාත්මක කරන්නට මොහොට්ටිවත්තේ ගුනාණන්ද හිමියන් ප්‍රමුඛ කොළඹ බෝධිරාජ සමිති‍යෙන් ඉඩ නොලැබිණි. තිබු බෝ ගස් කැපිමට ඉඩ නොදිමත් කැපු ගස් වෙනුවට තවත් බෝ ගස් සිටුවිමත් උන්වහන්සෙගේ ප්‍රධානත්වයෙන් පිහිටවු සමිතියෙන් සිදු කෙරිණ.

උන් වහන්සේ ක්‍රිස්තියානි වාද විසාතනිය, සත්‍ය විය, රිවිරැස, බුද්ධ ඇදහිල්ල ඇති පොත් පත් ද රචනා කළහ.

ප්‍රධාන ලිපිය: පංච මහා වාද




අනගාරික ධර්මපාල

දොන් ඩේවිඩ් හේවාවිතාරණ ලෙස ඉපිද පසුව ධර්මපාල නමින් අනගාරික දිවියක් ගතකර සිරි දේවමිත්ත ධර්මපාල නමින් පැවිදිවූ (උපත: 1864 සැප්තැම්බර් 17 - විපත: 1933 අප්‍රේල් 29) බෞද්ධ ධර්ම ප්‍රචාරකයෙක් හා ශ්‍රී ලංකා නිදහස් සටනේ පුරෝගාමියෙකි. ඔහුට අවුරුදු 30 පමණ වනවිට ඔහු බුදු දහම ලොව පුරා ගෙනයාමේ ප්‍රධාන චරිතයක් බවට පත්ව සිටියේය. එසේම ඔහු ලංකාව තුල ඉස්පිරිතාලද ඉන්දියාව තුල පාසල් හා විහාර ද ඉදිකිරිමට අවධානය යොමු කර සිටියේය. ජීවිතයේ අවසාන භාගයේ දී, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නාමයෙන් බෞද්ධ භික්‍ෂූ ශාසනයට ඇතුළු විය . පියා, එච්. දොන් කරෝලිස් හේවාවිතාරණ  ය . ඔහු මාතර, හිත්තැටිය ගමේ සිට කොළඹට සංක්‍රමණය වූ මුදලි කෙනෙකි. මව , අන්දිරිස් පෙරේරා ධර්මගුණවර්ධන ගේ දියණිය වූ, මල්ලිකා හේවාවිතාරණ (විවාහයට පෙර මල්ලිකා ධර්මගුණවර්ධන ) ය .ඔහු ගේ සහෝදරයෝ වූ, එඩ්මන් හේවාවිතාරණ , සයිමන් හේවාවිතාරණ හා සී. ඒ. හේවාවිතාරණ ද ශ්‍රී ලංකාවේ කැපී පෙණුනු චරිතයෝ වූහ .

1872 - 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 - 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 - 78 දක්වා කෝට්ටේ ක්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 - 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබී ය .[2] මෙම පාසල් වලින් ලද අධ්‍යාපනය ක්‍රිස්තියානි මිෂනාරි එකක් විය .

පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවෙක් ලෙස රජයේ සේවයට බැඳුණේ ය .


හික්කඩුවේ සුමංගල හිමි

දොන් නිකුලස් අබෙවිර ගුණවර්ධන නම් පුත් රුවන උපත ලද්දෙ 1827 ජනවාරි 20 වන දින හික්කඩුවෙ හෙට්ටිගොඩ නම් ගම් පියසෙදිය.ඒ දොන් ජොහානිස් අබේවිර ගුණවර්ධන මැතිතුමාගෙ හා දණ්ඩන්ගොඩ ගමගෙ ක්‍රිස්තිනා හාමිනෙ මැතිනියගෙත් පස් වැනි දරුවා ලෙසටයි.

දහතුන් වියෙදි නිකුලස් දරුවා හික්කඩුවෙ සුමංගල නමින් පැවිද්ද ලැබිය. තමන් වැඩ විසූ ආරාමයෙ සිංහල පාලි සංස්කෘත ආදි භාෂා හදාල සුමංගල හිමියෝ විච්ත්‍ර ධර්ම හිමි කථිකයෙකු ලෙස ප්‍රසිද්ධියට පත්වන්නට විය. ක්‍රි:ව 1848දී මල්වතු විහාරස්ථ උපොසථගාරයෙදී පරමධම්ම චේතිය පිරිවෙනෙහි ප්‍රධානාචාර්ය පදවියට පත්විය.

මෙම අවධියෙදී බටහිර සංස්කෘතියටත් කිතුදහමටත් සමාජයෙහි උසස් පිලිගැනිමක් හිමිව තිබු අතර සිංහල සංස්කෘතියටත් බුදු දහමටත් හිමිව තිබුණේ දෙවන මට්ටමෙ පිලිගැනුමකි. මෙ අනුව බෞද්ධගම හා සිංහල සංස්කෘතිය පිලිබදව අදහස් දක්වන්නට ඉදිරිපත් වුවෝ විරල වූහ. එහෙත් සුමංගල හිමියො ධර්ම දේශනා පවත්වමින් ඊට එරෙහි බලයක් ගොඩ නගන්නට කැපවුහ. දිවයින පුරා ශාඛා 46 ක් දක්වා වය්‍යාප්ත වු විදුදය පිරිවෙන ආරම්බ කිරිම උන්නාන්සෙගෙ ප්‍රධනාත්වයෙන් සිදු වු දෙයකි. උන්වහන්සේගේ ශේෂ්ඨ මග පෙන්විම යටතේ ක්‍රියාත්මක වු පිරිවෙන්හි අධයන කටයුතු වල යෙදිම සදහා දෙස් විදෙස් ශිෂය්‍යන් වැල නොකැඩි ගලා ආයෙ ඉන් ලද මහගු අධය්‍යාපනය නිසාමය. 1886 දී කොලඹ ආනන්ද විදය්‍යාලය බිහිකිරිමෙ පුරොගාමි මෙහෙවරට උන්වහන්සෙගෙන් ලද දායකත්වය සුලුපටු නොවෙ.

මෙ අතර අනගාරික ධර්මපාලතුමාගේ බෞද්ධාගමික කටයුතු හා මහා බොධි සමාගමෙහි ප්‍රකාශනයක්වු "සිංහල බෞද්ධයා" පත්‍රයෙහි කටයුතු කෙරෙහිත් සුමංගල හිමියන්ගෙ අනුශාසකත්වය නොඅඩුව ලැබිණ. උන්වහන්සේගෙ ලේඛන කුසලතාවය විදහා දැක්වෙන ග්‍රන්ථ කිහිපයක් විය. බ්‍රහ්ම ධර්මය, මාහර්ග ලක්ෂණ, සිදත් සගරා සන්නය ආදී ග්‍රන්ථ ඒ අතර වෙයි.

මෙ සියලු කටයුතු කෙරෙහි මුල්වූ උන්වහන්සේගේ පරමාර්ථය වුයෙ ශ්‍රි ලංකාවේ අනාගත දියුණුව උදෙසා බෞද්ධ අධය්‍යාපන සැලැස්මක් ක්‍රියාත්මක කරලිමය. ත්‍රිපිටක වාගිශිවර්චාර්යත්වයෙන් පිදුම් ලද හික්කඩූවෙ ශ්‍රි සුමංගල හිමියන් වහන්සේ විසින් විශාල සේවයක් සිදු කර අවුරුදු 84 ක් ආයු වලදා 1911 අප්‍රේල් 29 වන දින අපවත් වුහ.

ප්‍රවර්ගය: 1827 උපත්

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:H.K_SADITH_KETHMIRA&oldid=478971" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි