පරිශීලක:15 අපි

විකිපීඩියා වෙතින්

අපි ගැන[සංස්කරණය]

ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ 2015 ආදී ශිෂ්‍ය කණ්ඩායම සදහා වූ 2015 සිසු එකමුතුව වෙනුවෙන් 15 අපි බිහිවිය.පාසලේ උත්සව වලට අවශ්‍ය වූ විට සංවිධායක ශක්තිය ලබාදීම,පාසලේ ශිෂ්‍යයින්ගේ ගැටළු වලදී මැදිහත් වී කටයුතු කිරීම සහ 2015 සිසු කණ්ඩායම වෙනුවෙන් සංවිධායක සහය ලබාදීම සදහා අප දායක වෙමු.සමාජයට යහපත් මෙන්ම පාසලේ සිසුන් වෙනුවෙන්ද අප කල දෑ බොහෝ ඇතත් ඒවා කියා පෑමට අවශ්‍යතාවයක් අපට නැත.ඉදිරියටත් අප එවන් ගැටළු සහ අවස්ථා වලදී ඉදිරිපත් වන්නෙමු.

X PARADE 2015[සංස්කරණය]

බණ්ඩාරනායක විද්‍යාලය සහ ලුම්බිණි විද්‍යාලය අතර 2015 වසරේදී පැවැත්වූ නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් බණ්ඩාරනායක ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම සදහා සංවිධානය කරනු ලැබූ රථ පෙළපාලිය 2015 සහ 2014 (15අපි සහ 14අපි)සිසුන්ගේ එකතුවෙන් සංවිධානය විය.ඒ සදහා සංවිධාන ශක්තිය සැපයීම අප විසින් සිදුවිණි.පෙළපාලිය පැවැත්වීමට කතාබහ කරගනු ලැබුවේ අප්‍රේල් 06 සඳුදා වුවද ඒ සදහා අවසර ගැනීම සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් නිසාවෙන් තීරණය අතරමග අතහැර දැමිණි.පසුව රථ පෙළපාලිය සදහා අවසර ගැනීම් සම්බන්ධ වගකීම් දැරුවේ 2014 සහෝදරයන්ය.සඳුදා පැවැත්වෙන රථ පෙළපාලියට අවසර ලැබුනේ අප්‍රේල් 03 වෙනි සිකුරාදා දිනය.ඉන්පසු දින දෙකකින් සංවිධානය කිරීම සදහා වුවද සුදානම් වීමට ශක්තියක් සහ එකමුතුවක් අපට තිබිණි.06 වෙනිදා වැඩසටහන වෙනුවෙන් පොලිසියෙන් අවසර ලැබෙන්නේ ඉරිදා දවල් 12 ට වීම විශේෂත්වයකි.ඒ සදහා 2014 සහෝදරයෝ සැහෙන වෙහෙසක් ගත්හ.දින දෙකක් තුල සංවිධානය කිරීමේදී පවා අපට මුහුණ දීමට සිදුවූ බාධක ගණන අනන්තය.කෙසේ හෝ බාධක රැසක් මැද දින දෙකකින් සංවිධානය කරන ලද රථ පෙළපාලිය සැමගේ සිත් ගත් අංගයක් විය,අපි විසින් එය සංවිධානය කල පසු සියනෑවේ තවත් පාසල් එය අත්හදා බැලීමට තීරණය කළේය.ඔවුන් හටද එසේ කිරීමට හැකි වුයේ බාධක රැසක් මැද වුවද සියනෑවට පැරඩ් සංස්කෘතිය දායාද කල නිසා යැයි අපි සිතන්නෙමු .

X PARADE 2016[සංස්කරණය]

2016 නීල හරිත සංග්‍රාමය වෙනුවෙන් සංවිධානය කෙරුණු "X Parade 2016"රථ පෙළපාලිය 15අපි විසින් සංවිධානය කෙරිණි.බාධක රැසක් මැද්දේ වුවද මෙවර උත්සවශ්‍රීයෙන් සංවිධානය කිරීමට අපි සමත් වූවෙමු.සාර්ථකත්වය කොතෙක් ද යන්න අපට ලැබුණු ප්‍රශංසා වලින් මෙන්ම ඉන් ඇති වූ ඉරිසියාකාරයින්ගෙන් ද වටහා ගත හැකි විය.සමහරු වෙබ් අඩවි ඔස්සේ එය විවේචනය කල අතර ඉන් ඔවුනට නොදැනීම අප එවර සංවිධානය කල රථ පෙළපාලිය කොළඹට වඩා හොඳින් කල බව කියවිණි.නමුත් අප එසේ කියන්නේ නැත.එය පෙළපාලිය නැරඹු අයගේ රාජකාරියයි.පෙළපාලිය අවසානයේ dj සංගීත ප්‍රසංගයක් පවත්වනු ලැබිය.එවරද බාධා නොආවම නොවේ.කෙසේ හෝ 2016 X Parade රථ පෙළපාලිය ඉතාමත් සාර්ථක ලෙස නිමා කිරීමට අප හට හැකිවිය.ඉන්පසු ගම්පහ අන් සියලු පාසල් ඒ අනුව යමින් තම පාසල් සිසුහු ක්‍රිකට් කණ්ඩායම දිරිමත් කිරීම පතා රථ පෙළපාලි සංවිධානය කළහ.කොළඹ හතේ පාසල් වලට සිමා වී තිබු පැරඩ් සංස්කෘතිය සියනෑවට උරුම කරදීමට හැකි වීම අපි ලැබූ ජයග්‍රහණයකි.

අප හා සම්බන්ධ වන්න[සංස්කරණය]

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:15_අපි&oldid=372943" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි