Jump to content

පරිශීලක:මුදලේ අගය

විකිපීඩියා වෙතින්

මුදලේ අගය

මුදල් ඒකකයකින් මිලට ගතහැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය මුදලේ හෙවත් මුදලේ ක්‍රය ශක්තිය ලෙස හැඳින්වේ. මෙය කොටස් දෙකකට බෙදිය හැකි ය.

1.මුදලේ අභ්‍යන්තර අගය/ දේශීය අගය,

මුදල් ඒකකයක් භාවිතා කර රටතුළ මිලදී ගැනීමට හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය "මුදලේ අභ්‍යන්තර අගය/ දේශීය අගය" ලෙස හදුන්වන අතර එය මුදලේ මූර්ත වටිනාකම ලෙසද හඳුන්වයි. "දේශීය මිල මට්ටමට" අනුකූලව අභ්‍යන්තර අගය තීරණය වේ.

මුදලේ අභ්‍යන්තර අගය = (මුදලේ නාමික අගය/ මිල මට්ටම) * 100

2. මුදලේ බාහිර අගය/ විදේශ අගය,

මුදල් ඒකකයක් භාවිතා කර වෙනත් විදේශ රටකදී මිලට ගැනීමට හැකි භාණ්ඩ හා සේවා ප්‍රමාණය "විදේශීය අගය" වේ. මෙය එම රටවල් දෙක අතර පවතින විනිමය අනුපාතිකය මත තීරණය වේ.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:මුදලේ_අගය&oldid=495802" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි