පරිශීලක:නූතන දර්ශනවාදය

විකිපීඩියා වෙතින්

==නූතන දර්ශනවාදය==[ප්‍රභව කේත සංස්කරණය කරන්න] දර්ශනය යනු කුමක්ද?[ප්‍රභව කේත සංස්කරණය කරන්න] මිනිසා සහ සමාජයත්, ලෝකය හා විශ්වයත් පිළිබඳ සිතිවිලි ගොනුකිරී‍මෙන් දර්ශනවිෂය (Philosophy) ගොඩනැගී ඇත. මුලදී දාර්ශනික ගැටලුවක් ලෙස සැලකූ අදහසක්, ක්‍රමයෙන් ඒ පිළිබද අවබෝධය දියුණු වත්ම ස්වාධීන විෂයයක් ලෙස හදාරනු ලැබේ. එබැවින් විද්‍යාත්මක හා ආගමික කරුණුද, කලින් කල දර්ශන විෂය යටතේ හදාරා ඇත. තවද කිසියම් එක් විෂය ක්ෂේත්‍රයකට පැහැදිලිව වර්‍ග කළ නොහැකි හා ක්ෂේත්‍ර රාශියකට සබැදි ගැටලුද දර්ශනය මගින් විමසීමට ලක් කෙරේ.

==දර්ශනය හා නූතන දර්යශනවාදය යන්නට නිවැරදි අර්ථකථනය==[ප්‍රභව කේත සංස්කරණය කරන්න] දර්ශනය යන්නට අර්ථය දැක්විය යුත්තේද දාර්ශනිකවය."දර්ශනය වනාහී මිනිසා සහ මිනිසා වටා කාලීනව ගොඩනැගී ඇති මානව ප්‍රජාව විධිමත් නියමනයන්ට අනුකූළව සාධාරණ සෛද්ධාන්තිකයන් පෙළගැස්වීමේදී පුළුල් වාදයකට උත්සාහකිරීම දර්ශනය යන්නට අර්ථදැක්වේ." මෙම සෛද්ධාන්තික මාලාව කාලානුරූපීව මානව ප්‍රජාවේදී ප්‍රචලිත වන්නාවූ ආගමික පසුබිමක් ඔස්සේ යථාර්ථය සමග සංසන්දනාත්මකව ගලනය වන්නාවූ විෂයයි. මෙම විෂය සමාජීය,තාර්කික,විද්‍යාත්මක හා තාක්ෂණික ක්‍රියාවලි හමුවේ විවිධ භූගෝලීය හා සාමාජීය පරිසරයක් තුළදී සාධාරණ විචලනයට ලක්වෙමින් සංකල්පමය වාදයන් ලොවට ජනනය කරන්නාවූ මානවයාගේ නියති සෛද්ධාන්තික විෂය "නූතන දර්ශනවාදය" ලෙසින් ලොවට ප්‍රවිෂ්ට වේ.

==මානව ප්‍රජාව සහ දර්ශනය==[ප්‍රභව කේත සංස්කරණය කරන්න] මානවයාගේ මූලාරම්භය කවරක් වූවද දර්ශනය විකාශය වීම සිදුවූයේ එවකට පවතින උසස් යැයි සම්මත මානව චින්තනයන් හමුවේය. මනුසතාගේ චිත්‍රික වන්නාවූ සාකච්ඡාවට බඳුන් කළ විටදී මෙය නිවැරදියැයි වාචිකව කිහිප පාර්ශ්වයන් පිරිසක අභිමුඛව ප්‍රත්‍යක්ෂවීම හෙවත් පොදු පිළිගැනීමකට ලක්වූ විට එය දර්ශනයක් විය. එළෙස යමෙකුන් විසින් එවැනි වියත් කොට සැළකූ මතයන් කිහිපයක් පුන පුනා සම්මත වූ කල්හී එම මනුසතා අනිකුත් මනුසත් ප්‍රජාව අතරෙහි පණ්ඩිතයෙක් විය. මෙය කාලයත් සමග අභිවර්ධනය වෙමින් එම පඬිවරයාට නම්බුවක් ආරෝපණයවීම නිසා එම පඬිවරයා පසුපසින් පිරිවරක් රැස්විය. එම පිරිවරද සමග විවිධ පුවත් පැතිරගොස් පඩිවරයාගේ කීර්තිය රාජ්‍ය මට්ටමෙන් ගෞරවයක් ලැබූ කල්හී එය ලෝකයේ සම්මත දර්ශනයක් කොට සළකන්නට විය. පසුව පඩිවරයා බලවතෙකුයැයි තවත් මිනිසුන් පිරිසක් ඔහුව දේවත්වයෙන් සැළකූ කලිහී එම පඩිවරයා දාර්ශනිකයෙක් ලෙසට ප්‍රජාවේ නායකත්වය දැරීය. මෙම දාර්ශනිකයා හරහා විවිධාකාර ක්‍රමවේදයන් මානව සංහතිය තුළට පැතිරී සම්මත විය. උදාහරණ-

දෑතින්ම අනුභව කළ ආසියාතික මිනිසා එක් අතකින් අනුභව කරන්නට සාමාජීය ලෙසින් සම්මත වීම සිටිතැනක අසූචිකළ මිනිසා නිශ්චිත හුදකලා තැනක් තෝරාගෙන අසූචි ක්‍රියාවට හුරුවීම මෙළෙස සමාජයත්, මානව ප්‍රජාවත් ඔවුනොවුන්ගේ හැසිරීම් විවිධාකාරයෙන් සීමාවන්ට අනුකූලව නිශ්චිත ක්‍රමවේදයන් හමුවේ ක්‍රියාත්මක කොට තම තමන්ගෙ මතු ජ වන රටාව මේතෙක් හැඩගස්වාගෙන ඇත.