Jump to content

පරිශීලක:නාසානන්ද වෙද පරපුර

විකිපීඩියා වෙතින්

වර්ෂ 1896 ජුලි 04 වැනිදා ගාල්ල දිස්ත්‍රික්කයේ හීනටිගල ග්‍රාමයේ උපත ලබා සිය 66 වැනි වියෙහිදි එනම් 1962 ජුලි 31 දින් හෙළ වෙද ලොවෙන් සමුගත් වෙද්‍ය ඩී.ඩී ජයසේකර වෙදමුත්තනුවන්  හා වර්ෂ 1933 ජුලි 29 දින ගාල්ලේ හීනටිගල ග්‍රාමයේම උපත ලබා සිය 72 වියෙහිදි එනම් 2006 සැප්තැම්බර් මස 05 දින හෙළ වෙද ලොවින් සමුගත්  ජේ.ජී රණතුංග නාසානන්ද  වෙදදුරානෝ අප නාසානන්ද වෙදකමේ ආරම්භක සාමාජිකයන් වේ.  

පරපුරෙන් පරපුරට මුඛ පරම්පරාවෙන් හා පුස්කොල පත් ඉරු මත ගොඩනැගුනු අප වෙද විදැනුම වර්ෂ 1914 දි ඩී.ඩී ජයසේකර වෙද මුත්තනුවන් අතින් ග්‍රන්ඨාරූඩ වීම ආරම්භ විය. පන්සල් ආශිතව ජෝතිෂ්‍ය ප්‍රගුණ කරමින්ද පරපුරෙන් තමා සතුවු ප්‍රත්‍යක්ෂ රහස් වට්ටෝරු වෙද හිමිවරුන්ගේ අනුශාසනා පරිදි අත් හදාබලන්නටද විය.ඒ අතර තුර විවිධ ව්‍යාපාරික කටයුතු වල යෙදෙමින් සිටි මුත්තනුවන් ගාල්ලේ හිනටිගල ශ්‍රි සිද්ධාර්ථ බෙහෙත් ශාලාව ආරම්භක  කරන ලදි. වර්ෂ 1933 දි තම පරපුරට උපන් ජේ.ජී රණතුංග යන්ගේ කේන්ද්‍රය සකස් කල ඩී.ඩී ජයසේකර වෙද මුත්තනුවන් එකෙනෙහිම තම පරපුරේ ශාස්ත්‍රයේ අනාගත හිමි කරු උරුම කරු ඔහුම බවට තිරනය කෙරිනි. ඉතා කුඩා වයසේ සිටම තම වෙදකම උගැන්විමට වෙදගෙදරට එක් කර ගන්නා ලදි.කාලයත් සමග ඉතා හොදින් වෙදකම තරුණ රණතුංග  ඉගෙන ගනිමින් තම සහජ කුසලතාවයන්ද දක්වන ලදි. මේ වන විට පීනසට දිව ඔසුවක් ලෙස නිෂ්පාදනය කල තෙල ජයසේකර වෙද්‍ය වරයාගේ පීනස් තෙල නමින් හදුන්වන ලදි. පසුව ඩී.ඩී ජයසේකර වෙද මුත්තනුවන් 1945  වර්ෂයේදි පමණ මීගමුවේ දී   ස්වදේශීය ස්ටෝස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරන ලදි. එම ව්‍යාපාරයට සමගාමිව වෙදකමේ ද කල වෙද මුත්තනුවන් තම පීනස් තෙල මීගමුවේදි ජයසේකර වෙද මහතාගේ පීනස් තෙලය ලෙස නිෂ්පාදනය කෙරිනි. පසුව හිසෙහි ගාන තෙල නමින්ද මෙම පීනස් තෙල නිෂ්පාදනය කෙරිනි.වර්ෂ 1950 දි තරුණ ජේ.ජී රණතුංගයව  මීගමුවට ගෙන්වා ගන්නා ලදි. ඩී.ඩී ජයසේකර වෙද මුත්තනුවන් තරුණ ජේ.ජී රණතුංග සමග එක් වෙමින් මීගමුවේ ඕලන්ද ඇල අසල නව ස්තානයක මීගමුවේ වෙදගෙදර නමින්  ඖෂධාගාරයක් ආරම්භ කෙරිනි. වෙනත් නමකින් ග්‍රන්ඨාරූඩ වු පසුව විවිධ නම් වලින් සකස් වු පීනසට දිව ඔසුවක් වු මේ මා හැගි තෙල නාසයට ආනන්දයක්ම ගෙන දුන් බැවින්ම තරුණ ජේ.ජී රණතුංග විසින් මෙම තෙල නාසානන්ද තෙලය නමින් නම් කිරිමට ඩී.ඩී ජයසේකර වෙදමුත්තනුවන් හා එකග වෙන ලදි. ඒ අනුව මීගමුවේ වෙදගෙදර ඩී.ඩී ජයසේකර යන්ගේ නාසානන්ද තෙලය යන නාමය යටතේ මෙම දිව ඔසුව නිෂ්පාදනය කෙරිනි.ජයසේකර යුවලට දරුවන් නොමැති වු බැවින් 1954 දි දරුකමට ජී.එස් ජයසේකර යන අය හදාබලන්නට ගන්නා ලදි. වර්ෂ 1961 දි ඩී.ඩී ජයසේකර වෙද මුත්තනුවන් තමන් සතුවු වෙදකම සියලු රහස්‍ය වට්ටෝරු හිමිකම්ද ව්‍යාපාරය/වෙදකම සම්පුර්ණයෙන් නාසානන්ද නාමයේ නිර්මාතෘ තරුණ ජේ.ජී රණතුංග වෙත පවරා   නිදහසේ ඉදිරිකාලය ගෙවා දැමිමට තිරණය කරන ලදි.වර්ෂ 1962  ජුලි 31 වෙනි දින හදිසියේ වු අසනිප තත්වයක් මත මෙලොවින් සමුගන්නා ලදි. පසුව වර්ෂ 1962 දි ඩී.ඩී ජයසේකර වෙද මහතාගේ බිරිඳ නමින් ජයසේකර ආයුර්වේද ඖෂධාගාරය නමින් ව්‍යාපාරයක් ලියාපදිංචිය කරදෙමින් තරුණ ජේ.ජී රණතුංග යන් විසින් ඖෂධාගාරයද පැමිනෙන රෝගින් හට ප්‍රතිකාර කිරිමද ඉදිරියට කරගෙන යන ලදි. ඩී.ඩී ජයසේකර වෙදමුත්තනුවන්  ගේ බිරිද උපතින්ම ආතරයිටිස් රෝගියෙකු වු බැවින් ඇයව හා කුඩා දරු ම්වෙකු වු බැවින් ජී.එස් ජයසේකර යන්වද  පෝෂණය කිරිමේ වගකිමද තරුණ ජේ.ජී රණතුංග බාර ගන්නා ලදි. පසුව 1974 වර්ෂ යේදි ජේ .ජී රණතුංග මගලේගොඩ බී.සෝමාවතී යන අය සමග විවාහා වු අතර දියණියන් දෙදෙනෙකුගේ හා පුත්‍ර රත්නයක් පසුව ලැබිනි. 1988 වර්ෂයේදි ජයසේකර ආයුර්වේදය ඖෂධාගාරය පවරා ගනිමින් ජයසේකර මෙඩිකල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවෙට් ලිමිටඩ් නමින්සමාගමක් ලියාපදිංචි කරන ලදි.වර්ෂ 1989 දි ජයසේකර වෙද මහතාගේ බිරිද හදිසියේ රෝගාතුරව මිය යන ලදි. පසුව ජී.එස් ජයසේකර හා ජේ.ජී රණතුංග විසින් ජයසේකර මෙඩිකල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවෙට් ලිමිටඩ් සමාගම ඉදිරියට ගෙන යන ලදි.1997 වර්ෂයේදි ජේ.ජී රණතුංගයන් තමන් විසින් රහස්‍ය නිෂ්පාදන දායකත්වය ලබාදුන් නාසානන්ද තෙලය ඇතුලු නන්ද රහස්‍ය වට්ටෝරු සියල්ලේ නිෂ්පාදන හිමිකාරත්වය තම එකම පුතනුවන් වන අසෝක ගුණසේකර වෙත පවරන ලදි. ඒ අනුව ජයසේකර මෙඩිකල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වෙත තම නිෂ්පාදන කටයුතු ඉදිරියට ගෙන යාම සදහා  අසෝක ගුණසේකර අයගේ දායකත්වය අනිවාර්ය විය. ඒ අනුම එම ආයතනයෙන් කරන ලද ඉල්ලීම අනුව ජී.එස් ජයසේකර සහෝදරයා සමග ඉදිරියට තම රහස්‍ය වට්ටෝරු නිෂ්පාදන දායකත්වය ලබාදිමට අසෝක ගුණසේකර තම කැමැත්ත ප්‍රකාශ කර නිෂ්පාදන දායකත්වය ලබාදෙන ලදි. ජි.එස් ජයසේකර හා අසෝක ගුණසේකර ජේ .ජී රණතුංග යටතේ එකට හැදුනු වැඩුනු පසුබිමක පාරම්පරික රහස්‍ය වට්ටෝරු සියල්ලේම හිමිකම අසෝක ගුණසේකර වෙත පමණක් පැවරීම පිලිබදව ඉතා කෝපයට පත් ජී.එස් ජයසේකර ජේ.ජී රණතුංග සමග අමනාප විමට කරුණු යෙදින. දික්කසාද වී තනිකඩ ජිවිතයක් ගතකල ජී.එස් ජයසේකර නාසානන්දය ඇතුලු නන්ද රහස්‍ය වට්ටෝරු තමන් අතට පත් කර ගැනිම සදහා කූට උපායන් ගනනාවක් සූක්ෂම ක්‍රියාත්මක කෙරිනි.මේ අතර තුර ජී.එස් ජයසේකර හා අසෝක ගුණසේකර විසින් නාසානන්ද තෙල පීනස් රෝගය සුවපත් වීමට කෙසේ බලපාන්නේද යන්න පිළිබඳව පරික්ෂණයක් පැවැත් විමට එංගලන්තයේ විශ්වවිද්‍යාලයක් වෙතට නාසානන්ද තෙලේ සාම්පල් යොමුකළ අතර ඔවුන් කියා සිටියේ ඉදිරි පරික්ෂණ කටයුතු සදහා වට්ටෝරු අඩංගු ඖෂධ පිළිබඳව ඔවුනට තොරතුරු අවශ්‍ය කරන බවයි.මේ පිළිබඳව ජී.එස් ජයසේකර ජේ.ජී රණතුංග දැනුවත් කල අතර වට්ටෝරව ලබා දිම ප්‍රතික්ෂේප විය. 1997 වර්ෂයේදි අසෝක ගුණසේකර නාසානන්ද තෙලය නිෂ්පාදනය තමා විසින් ආරම්භ කිරිමත් සමගම වර්ෂ 1997 දී නාසානන්ද තෙලය නාමය ජාතිත බුද්ධ්මය දේපල කාර්‍ය්ලයේ  ලියාපදිංචි කිරිමට කටයුතු කරන ලදි. 2001 වර්ෂය වන විට ජේ.ජී රණතුංග වෙද මහතා ඉතා අසනීපයෙන් පසුවෙන ලදි. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් ජී.එස් ජයසේකර තමා උස්මහත් කල ජේ.ජී රණතුංග යනට විරුද්ධව ඉතා සුක්ෂම ලෙස සැලසුමක් ක්‍රියාත්මක කරමින් උසාවියෙන් නියෝගයක් ගෙන ජේ.ජි රණතුංග නිවස පරික්ෂණයන්ට බාජනය විමට කරුණු සලසවා රහස්‍ය වට්ටෝරු අත්පත් කර ගැනිමට කරන ලද ඒ උත්සහයද අසාර්ථක විය.නිතිමය පසුබිම මත කල කුමන්ත්‍රනය අවසානයේ ජේ.ජී රණතුංග යන් ගේ දැඩ් අසනීප තත්වය මත නිසි කරුනු දැක්විමක් නොවු බැවින් හා ඔහුගේ පුතු අසෝක ගුණසේකර යන් නිතිය හමුවට තම හිමිකම් ඉදිරිපත් කිරිමට කල උත්සහය නවතා දැමිමය. ජි.එස් ජයසේකර තමන් උස්මහත් කල පුතෙකු වන බැවින් හා තමාට ශිල්පය ලබාදුන් ඩී.ඩී ජයසේකර යන්ගේ පුතු ඔහු වන බැවින් නාසානන්ද නාමය සම්බන්ධ යෙන් උසාවියේදි ජී.එස් ජයසේකර අපහසු තාවයට ලක් නොකිරීමට ජේ.ජී රණතුංග මහතා කල මනුෂ්‍යත්වය පරිත්‍යාගය ඉතා අගනේය.පසු කාලිනව ජේ.ජි රණතුංගයන් අර්දිත රෝගීතත්වය දැඩි වු බැවින් හා අන්සබාගි රෝගයට පත් වු බැවින් අසෝක ගුණසේකර විසින් ජී.එස් ජයසේකර වෙත මෙම නඩු කටයුතු සමතයකට පත් නොහුවහොත්  නාසානන්ද නිෂ්පාදනය කටයුතු වලින් තමා ඉවත්ව වෙනම කටයුතු කරන බව දක්වන ලදි.ඒ අනුව නඩුව සමතයට පත් වන ලදි. මේ අතරතුර ජයසේකර මෙඩ්කල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවෙට් ලිමිටඩ් නාමයට සමගාමිව වෙද ගෙදර හර්බල්ස් යන වෙලද නාමයද ප්‍රවර්ධනය කරන ලදි.වර්ෂ 2008 දි ජයසේකර මෙඩ්කල් ඉන්ඩස්ට්‍රිස් ප්‍රයිවෙට් ලිමිටඩ් ආයතනය වසා දැමිමට කටයුතු කරන ලදි.වර්ෂ 2009 අග බාගය වන විට මීගමුවේ වෙද ගෙදර මාකේවිට නාසානන්ද වෙදගෙදර වෙත ගෙන යන ලදි. වර්ෂ 2010 මැයි මස ජී.එස් ජයසේකර හදිසියේ මිය යන ලදි.

නාසානන්ද වෙද නාමයේ නිර්මාතෘ ජේ.ජී රණතුංග වෙද මහතාගේ එකම පුතනුවන් වන අසෝක ගුණසේකර මහතා  එම නන්ද රහස්‍ය වට්ටෝරු සියල්ලේ එකම හිමිකරු වේ.  සමුහ ව්‍යාපාර ජාලය පහත දැක්වේ.

1. වෙදගෙදර හර්බල්ස්

(ප්‍රයිවෙට්)ලිමිටඩ්

(ප්‍රයිවෙට්)ලිමි

2. නාසානන්ද හර්බල්ස්

(ප්‍රයිවෙට්)ලිමිටඩ්.

(ප්‍රයිවෙට්)ලිමිටඩ්

3.නාසානන්ද ඉන්ටර්නැෂනල්

ඉන්‍ටර්නැෂනල්  

(ප්‍රයිවෙට්)ලිමිටඩ්

4. නාසානන්ද ඇස්ට්‍රොලොජි

සර්විසස් (ප්‍රයිවෙට්)ලිමිටඩ්

සර්විසස්   

(ප්‍රයිවෙට්)ලිමිටඩ්

5.  නාසානන්ද කස්ටම් හවුස්

එජන්ට් (ප්‍රයිවෙට්)ලිමිටඩ්.

6. චිත්තානන්ද ඉන්‍ටර්නැෂනල්