පරිශීලක:ධම්ම ධර

විකිපීඩියා වෙතින්

සිරි සමන්තභද්‍ර අරහත් මහා ස්වාමීන්වහන්සේ[සංස්කරණය]

❝කොලු ඇතෙක් පහල වෙන එක අති දුර්ලභ කාරණයක්. රටක භාග්‍යවත් වස්තුව තමයි ඒ රටේ පහල වන කොලු ඇතා. හැමදාම කළුපාට අලි ඇත්තු දැකපු මිනිස්සු කොලු දළ තියෙන කොලු වර්ණ ජද්දන්ත හස්ති රාජයෙක් දැක්කම බියට, ත්‍රාසයට පත් වෙනවා. අමුතු සතෙක් කියා, මිනිසුන් ඒ කොලු ඇතාට පහර දෙන්න පටන් ගන්නවා. මිනිසුන්ගේ දුෂ්ට පව්කාර හිත් වලට ඒ උතුම් හස්ති රාජයාව තේරුම් ගන්න බැරි වෙනවා.. මිනිසුන් ගැනත් ඔවුන්ගේ සිත් ගැනත් හොඳින් දන්නා ඇතා, ඒ හැම පහරක්ම නිහඬව විඳ දරා ගන්නවා සේම , පහර දෙන මිනිසුන් කෙරේ අනුකම්පාව හා මෛත්‍රීය පතුරවනවා. ඉන් පසුව කොලු හස්ති රාජයාගේ උතුම් ගුණ තේරුම් ගත් අනෙක් අලි ඇතුන් ඒ කොලු ඇතා පෙරටු කොටගෙන ගමන ආරම්භ කරනවා. ඉන් අනතුරුව ඒ කොලු හස්ති රාජයාගේ වටිනාකම, අගය, තේජස, අභිමානවත් බව මිනිසුන්ට තේරුම් යන්න පටන් ගන්නවා. කාලයක් යන විට ඒ ඇතාගේ හැඩරුව, ප්‍රඥා වන්තභාවය සමාජය තේරුම් ගන්න විට ඒ කොලු ඇතා, සැබෑවටම මිනිසුන්ගේ යහපත හා සුභ සිද්ධිය වෙනුවෙන් දෙව්ලොවින් මනුලොවට පිදු භාග්‍යවත් වස්තුව බව ලොවට ගම්‍ය වෙනවා...❞[සංස්කරණය]

--------------කතුවැකිය ----------------[සංස්කරණය]

උන්වහන්සේ මහා බලසම්පන්න දෛවයක් දෑතෙහි දරා මනුලොව උප්පතිය ලැබුවේ දේශපාලනික, ආගමික විප්ලවයන් සිදුකළ ජාතියේ මහා විරුවන් රැසකගේ උපන් භුමිය වූ දකුණු පුරවරයේ ගාලු පළාත තම තිඹිරිගෙය කොටගෙනය. මව් තුමිය ඛේමාවති විය. පිය තුමාණෝ හෙන්රි විය. මහා පුරුෂ යෝගයෙන් සරස්වතී, මහා ධන ලක්‍ෂ්මි යෝගයෙන් හා අනේකවිද බලසම්පන්න සුභ ග්‍රහ යෝගයන්ගෙන් සුසැඳි පංචාංගය උන්වහන්සේගේ උප්පත්ති කර්ම ජවය හා පුණ්‍ය භාග්‍ය බව ජෝතීර්වේදීන් සනාථ කළෝය. සුන්දර නවම් මාසයේ බුධ හිමි අස්ලිස නැකතේ පුර පසළොස්වක පෙර පෝය දින, මෙම බිලිඳු කුමරාණෝ උභය කුල පරිශුද්ධව මනුලොව ජනිත විය.

සනත් දීප කුමාර නමින් පෙනී සිටි උතුමන් වහන්සේ කුඩාකල සිටම දක්ෂතා වලින් පිරිපුන් යහපත් ළමා ජීවිතයත්, ආකර්ෂණීය දෙනෙත්, මුහුණ හා වශී කෘත කරවන සිනහව සියල්ලන්ගේම සහයෝගය හා උදව් උපකාර ලැබීමට තරම් භාග්‍යවන්ත හා පින්වන්ත විය.

සාමාන්‍ය ළමයකු මෙන් ජීවිතය ගත කළෝය. කුඩා කල සිටම මව්පියන්ට වඩා ආච්චි අම්මා වරුන් උන්වහන්සේට මාර්ගෝපදේශකයන් වූහ. පියපස ආච්චි අම්මා කුඩා කාලයත්, මව්පස ආච්චි අම්මා තරුණ කාලයත් උන්වහන්සේ ආදරයෙන් හා සෙනෙහසින් ජීවන නදියෙහි යාත්‍රා කරගෙන ගියෝය. අසීමිත ආගමික භක්තියත්, ආශ්චර්ය ජනක වූ උපතින්ම ගෙන ආ ධර්ම ඥානයත්, සතිපට්ඨාන සුත්‍රය සහ චතුභාණවර පාලිය කටපාඩමින් සජ්ජායනා කිරීමේ ජන්ම පුරුද්දත් යන අසීමිත හැකියාවන් නිසා පිටිදූව සිරිධම්මාරාමය කුඩාකළ සිටම උන්වහන්සේගේ ළඟම හිතවතා බවට පත්විය.

කුඩා කළ සිටම ලිවීමත්, කියවීමත්, කතන්දර කීමත්, අපරාජිත තර්කයත් නෛසර්ගයෙන්ම උරුම කරගත් මේ භාග්‍යවන්ත කුමරාණෝ සමවයසේ සිසුන් අතර නායකත්වය ගත්තා සේම, ඔවුන්ට මාර්ගෝපදේශකයෙක් ද වූහ.

සයවසක් ගිය තැන අප කතානායකයාණෝ පිටිදූව කනිටු විදුහලෙන් මූලික අධ්‍යාපනය අරඹා, හීනටිගල සාරිපුත්‍ර විදුහලෙන් දියත් කොට ගාල්ලේ රිච්මන්ඩ් විද්‍යාලයෙන් සියලු විභාගයන් අති දක්‍ෂ ලෙස සමත්ව කැළණි සරසවියට සරසවි වරම් ලබා අවසන් කළෝය.

අධ්‍යාපනය නොව ගවේෂණය ජීවිතය කරගත් මහෝත්තමයාණෝ සාම්ප්‍රදායික ළමා චරිතයක් නොවූහ. ගැඹුරු ධර්ම ඥානයත්, සිවුර කෙරෙහි ඇති අසීමිත ආදරයත් මහණකම කම කෙරෙහි සිත් අලවන පෙර නිමිති වූවත්, කුඩාකල පැවිදි වීමට අකමැති වූවෝය. කුඩාකල සසුන්ගත වී බුදු සසුනේ වියදමින් ඉගෙන ගෙන සිවුරු හැර යාමට වඩා තම ස්වෝත්සාහයෙන් හා ස්වවියදමින් ඉගෙන ගෙන බුදු සසුනට ඇතුළු වී සේවය කල යුතු යයි නිරතුරුව කලපනා කළෝය.

හේ පාසල් පංති කාමරයට කොටු නොවී, තුරු ලතා, ගල් ගුහා, පක්‍ෂීන්, දියකඩිති, වෙල් යායවල්, කෘතීමව වවන ලද රබර් වගාවන් හා වන ලැහැබවල් දවසේ වැඩි කාලයක් ජීවත් වීම සඳහා තෝරා ගත්තෝය.


කැළණි සරසවියේ ශුද්‍ර ජීව විද්‍යා අංශයෙන් උසස් අධ්‍යාපනය හදාරා ජීවිතයේ ගැඹුරත්, ලෝකයේ පවතින නිස්සාරත්වයත්, ජීවිතයත්, මරණයත්, ලෙඩවීමත්... මේ සියල්ල ගැන කල්පනා කළ පසුව අධ්‍යාපනය අවසානයේ රැකියාවක් කොට මුදල් උපයනවාට වඩා මේ ගැටළු වලින් සදාකාලිකව ගැලවීමට ක්‍රමයක් ඇද්දැයි කියා ගවේෂණය කිරීමට සිතා කුමරු තෙමේ විශ්ව විද්‍යාල ජීවිතයෙන් සමුගැනීමට මසකට පෙර සියල්ල අතහැර සයවිසි වියේදී ගාල්ල විජයානන්ද පිරිවෙන් මහා විහාරයේ බේරතුඩුවේ ඥාණවිසුද්ධි මහා ස්වාමීන්වහන්සේගේ මූලිකත්වයෙන් තම අධ්‍යාත්මීය අරමුණ ඉටු කරගැනීම වස් සාසන දායාදය ලැබුවෝය.

උන්වහන්සේගේ ආචාර්යවරයාණෝ පෙර වැඩසිටි මහා යතිවරු සිහි ගන්වා “පිටිදූවේ සිරිධම්ම” යන නාමය යෙදුහ. පැවිදි වී මොහොතකින් මල් වැස්සක් මැද ධර්මසනාරූඪ වී දෙපැය සමාරක් ධර්ම දේශනා කළෝය.

විජයානන්ද පුස්තකාලය නවාතැන කරගත් උන්වහන්සේ සියලු ධර්ම පුස්ථක කියවා අවසන් කොට ධාරණය කර ගත්තෝය. ත්‍රිපිටක ධර්මයෙන් හා අටුවා ටීකා පිලිබඳ හසල බුද්ධියෙන් පරිපූර්ණ විය. එමෙන්ම අනිකුත් ආගම් තුලනාත්මකව සංසන්දනය කළෝය. උන්වහන්සේ හා ධර්මය දේශනා කළ හැකි, කරුණු පෙන්විය හැකි කිසිවෙකුත් තත් සමාජය තුළ එදා නොසිටියෝය.

පැවිදී වී සිව් වසක් ගියතැන ලංකාවේ විසූ කීර්තිමත් සුප්‍රකට ධර්මධර යහපත් දේශපාලඥයකු වූ ශ්‍රීමත් දොන් බාරොන් ජයතිලක මැතිඳුන් ජීවත් වූ වලව්වට වැඩම කොට දායකයින්ගේ සහයෝගය ඇතිව එය මිලදී ගෙන, කෙටි කාලයක් තුළ සිරි සදහම් ආශ්‍රමය බවට පත් කළෝය.


විචිත්‍ර ධර්ම දේශකයෙක්, ධර්ම කථිකයෙක් වූ උන්වහන්සේට රාජ රාජ මහා අමාත්‍යවරුන් හා ධනවතුන් කෝටි ගණනින් ආධාර කළහ. කිසිඳු මසුරුකමක් නොමැතිව, සැඟවීමක් නොමැතිව සියල්ල වියපැහැදම් කොට, කිසිවකට දෙවැනි නොවන, ගෞතම බුදුන් වහන්සේ වැඩ විසූ මිගාර මාතු ප්‍රාසාදය සිහි ගන්වන ප්‍රාසාද තුනකින් යුතු සිරි සදහම් ආශ්‍රමය නම් වූ සුවිසල් ආලකමන්දා රාජධානිය හා සම වූ රමණීය ආරාමයක් ඉදිකොට බුදු සසුනට පූජා කළෝය.

කීර්තියට පත් උන්වහන්සේ වටා රාජ රාජ මහා අමාත්‍ය වරුන් ධනවතුන් එක්රොක් වූහ. සියලු සම්පත් උන්වහන්සේට පූජා කොට, අති සුඛෝපභෝගී ජීවිතයකට අවශ්‍ය සියල්ල දායකයන් උනවහන්සේට සපයා දුන්නෝය. ඒ අතර ඒ ජීවිතය තුළ කිසිඳු හරයක් නොමැති බවත්, එයද ජීවත් වන තවත් එක් ක්‍රමයක් බව උන්වහන්සේට වැටහිණ. ගිහි දිවිය තුළත් පැවිදි දිවිය තුළත් සාක්ෂාත් කිරීමට කිසිවක් නොමැති බව උන්වහන්සේ ප්‍රත්‍යක්‍ෂ කළෝය. එතනින් එහාට කළයුත්තේ කුමක්දැයි කල්පනා කළෝය. සම්ප්‍රදායන්ට ගැති නොවී සිතන්නට පටන් ගත්තෝය. එසේ නිසහසේ සිතන්නට පටන් ගත් විට විවිධ මනුෂ්‍යන් මෙන්ම අමනුෂ්‍ය මාර බලවේග පවා උන්වහන්සේගේ නව චින්තනයට විරුද්ධව සංග්‍රාමයට පිළිපන්නෝය.

වරෙක ස්ත්‍රීන් ලවා උන්වහන්සේව පෙලඹවීට සැලැස්වූහ. එසේ නොහැකි වූ කළ නන්නාඳුනන ස්ත්‍රියකට දරුවකු දී ඒ දරුවා උන්වහන්සේගේ යයි සෑම තැනකම කෑ ගසමින් පත්‍රිකා බෙදීමට කටයුතු කළහ. අපහාස කළහ, නඩු පැවරුහ. එහෙත් අවසානයේ ඒ සියලු චෝදනා වලින් උන්වහන්සේ නිවැරදි කරුවා බවට පත් වූවෝය. පසුව කළ වරදට ඇය උන්වහන්සේට මල් පූජා කොට සමාව අයැද සිටියාය. එහෙත් අවසානයේ ඇය උම්මත්තක භාවයට පත්විය. එයින් නොනැවතී බොහෝ ගිහියන් හා පැවිද්දන් උන්වහන්සේට අපහාස කළහ. පැවිද්දන් උන්වහන්සේ හා වෛරයෙන් කෝපාවිෂ්ඨ වූහ. එසේම අසල්වැසියෝද, උන්වහන්සේට ඔප්පු කිරීමට නොහැකි බොරු චෝදනා එල්ල කොට නඩු පැවරූහ. අවසානයේ මේ සියල්ලෙන් උන්වහන්සේ ජයග්‍රහණයට පත් වූවෝය.


දේශ දේශාන්තරයේ සංචාරයෙන් ලබාගත් අපරිමිත අද්දැකීම් සමුදායත්, විශ්ව විද්‍යාල හා පාසල් ජීවිතය තුළදී ලබාගත් උපරිම අධ්‍යාපන කොලු සුකමත්, රටේ සුප්‍රසිද්ධ දේශපාලඥයින්, ධනවතුන්, උගතුන් හා දුප්පතුන් ඇසුරුකොට ලබා ගත් අපරිමිත අද්දැකීම් සමුදායත් මේ සියලු අපහාස කිරීම් ඔස්සේ උන්වහන්සේ ලෝකයේ යතාර්ථය හෙවත් සදාතනික නිර්වාණ ධාතුව සෙවීමටත් එයින් ඇතිකරවන්නා වූ උතුම් ධර්මාවබෝධය දෙසටත් යාත්‍රා කරවූහ.

මේ කිසිඳු චෝදනාවකට හා අපහාසයකට පිළිතුරු නොදී සිනහ මුසු මුහුණින් වැඩ සිටි උන්වහන්සේට දහම් ඇස පහළ විය. දහම් ඇසින් ලෝකය දෙස බැලූ මහෝත්තමයාණන් වහන්සේ සමාජය තුළ ඇති සමාජ අසාධාරණයත්, ශ්‍රමණ සම්ප්‍රදාය තුළ ඇති වැරදි පුහු ජීවිකාවත්, ගිහි සමාජයේ වසන්නන් පව් කොට අපා ගතවන සභාවයත් යන මේ සියල්ල උන්වහන්සේ නිරීක්ෂණය කළෝය.ඒ නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඔවුන් සියල්ලන් කෙරේ අනුකම්පාව උපදවා, යා යුතු මග මෙයය, කළයුතු දෙය මෙයය, නොකළයුත්ත මෙයය ඉතාම තදින් හා සෘජුව ප්‍රකාශ කරන්න හා දේශනා කරන්න පටන් ගත්හ.

මෙලෙස දේශනා කරන විට මීට කලින් එවැනි නිර්වාණ මාර්ගය පිළිබඳ දෙසුමක් අසා නොසිටි සියල්ලෝම කම්පනයට හා වෙවිලීමට පටන් ගත්හ. තම තමන් එකතුකරගත් සම්පත් නැති වේ යන බියෙන් කෑ ගසන්න පටන් ගත්හ. එහෙත් උත්තුංග ආරෝහ පරිණාහ සෘජු ප්‍රතාපවත් දේහය ඉදිරියේත්, කිසිවෙකුට පරාජය කළ නොහැකි අසීමිත වාග් චාතුර්යය ඉදිරියේත්, පරාජය කිරීමට කෙනෙක් නොසිටියහ.එබැවින් මෙම දේශනාවන් උහුලා ගත නොහැකි ධර්මය පිළිබඳව අබමල් රේණුවක්වත් නොදත් සමහරක් ගිහියන් හා පැවිද්දන් උන්වහන්සේට විරුද්ධව සටන් පෙරමුණට පැමිණෙන්නට පටන් ගත්තේය.


තවත් පිරිසක් උන්වහන්සේ හා වාද විවාද කිරීමට කොලු ස්සෝ සෙවූහ. එහෙත් එයට කොලු සුකම් ඇති කිසිවෙක් සොයා ගැනීමට නොහැකි විය. උන්වහන්සේ කරන දේශනාව වැරදි බව සමහරු ප්‍රසිද්ධ මාධ්‍ය හරහා කිසිවක් නොදැන බොරු විවේචන කළෝය. උන්වහන්සේ ඉන් සිව් නමක් තෝරාගෙන ඔවුන් කරන දේශනා වැරදි බවත්, එය බුද්ධ වචනය පූර්ණ විකෘති කිරීමක් බවත් කරුණු සහිතව පෙන්වා දී, ඒ සිව් නමට සැබෑව පෙන්වීම පිණිස අභියෝග කළෝය. ඒ අභියෝගයන්ට මුහුණ දීමට නුපුරුදු ඔවුන් සියල්ලෝම කුපිත වූහ. තැති ගත්හ, ත්‍රාසයට හා භීතියට පත්වී වාග් ප්‍රහාර හමුවී නැගී සිටීමට අසමත් වූ ඔවුන් පොලු මුගුරු හා ගල් මුල් වලින් පිළිවදන් සැපයීමට සුදානම් වූවෝය.

මෙසේ උන්වහන්සේ කරන දේශනාව නවත්වාලීමට නොහැකි වූ කල්හි, ඒ අඥාන භික්ෂූන් කණ්ඩායම් ලෙස සකස් වී මාධ්‍ය ආයතන වලට ගොස් එහි ප්‍රධානීන් හමුවී උන්වහන්සේට ධර්ම දේශනා සඳහා ඉඩ නොදෙන ලෙසත්, එසේ වැඩම කරවන්නේ නම් අප ධර්ම දේශනා සඳහා මාධ්‍ය වෙත නොවඩින බව කියා, බැගෑපත්ව ආයාචනා කොට, උන්වහන්සේ ඉවත් කිරීමට කුමන්ත්‍රණය කළෝය. එපමණක්ද නොව උන්වහන්සේව භික්ෂූ භාවයෙන් නෙරපීමට මහා නායක හිමිවරුන්ද හමුවී කරුණු සාකච්ඡා කළෝය.


අවසානයේ කිසිවක් කරකියා ගත නොහැකි වූ ඔවුන් උන්වහන්සේව විනාශ කර සසුනෙන් එලවා දමන්නට සැලසුම් කළහ. දෙදහස් දොළහ වසරේ ඉල්මහේ දවසක, කඩු පොලු රැගත් මැරයන් හා ශ්‍රමණ වේශධාරීන් සමඟ පැමිණ පහර දී උන්වහන්සේගේ සිවුරු හරවා එළවීමට කුමන්ත්‍රණය කළෝය. හරියටම එදින ඊට මොහොතකට පෙර දිව්‍යමය ආශ්චර්යකින් මෙන් උන්වහන්සේ ආරාමයෙන් බැහැරට වැඩම කොට සිටියෝය. එසේ පැමිණි පිරිස ආරාමයේ වැඩසිටි නේවාසික භික්ෂූන්ටත්, ගිහි දායක පිරිසටත් පහර දී භික්ෂූන් ඇතුළු මැර පිරිස වාවා ගත නොහැකි වෛරය හා කෝපය කිසිත් නොතේරෙන බඩු භාණ්ඩ ආදිය මතින් පිරිමසා ගත්තෝය. නමුත් මාධ්‍ය වේදීන් හා පොලීසියේ ආගමනයත් සමඟම ඔවුන්ගේ අපේක්ෂා හා බලාපොරොත්තු භංග විය. අවසානයේ පූර්වකෘත පුණය බලය හිමි මහෝත්තමයාණෝ එදින නැවත ආරාමයට වැඩම කළෝය.ඉන්පසුව ඔවුන් සියල්ලෝම තමන්ගේ දේශපාලන, ආර්ථික බලය හා සමාජ බලය සමඟින් පැවති රාජ්‍ය බලයද එකතු කොටගෙන උන්වහන්සේ ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළෝය. එය ව්‍යර්ථ වූ කල්හි,මාධ්‍යවේදීන්ගේ පූර්ණ සහයෝගය ඇතිව, උන්වහන්සේට බොරු චෝදනා එල්ල කරන්නට පටන් ගත්තෝය. මේ වන විට මේ කොතෙක් දෑ කලත් සියල්ලට කම්පා නොවී සිටීමේ යම් රහසක් විස්ශ්වයේ ඇද්ද, ඒ වන විටත් උන්වහන්සේ එම රහස ප්‍රත්‍යක්ෂ ඥානයෙන් ප්‍රත්‍යක්‍ෂ කොට සිටියහ.

මෙසේ උන්වහන්සේ බුදු දහම විනාස කරන්නෙක්, කතෝලික දහම, ඉස්ලාම් ධර්මය, හින්දු දහම පතුරවනෙක්, මහා යානිකයෙක් හා උමතු රෝගියෙක්, සසුන වනසන කඳපණුවෙක්, ත්‍රස්තවාදියෙක් යයි චෝදනා කරමින් එකිනෙකා තමන් නොදන්නා දේ ගැන සියල්ල දන්නා උන් ලෙසින් විවිධ වල්භුත කතා මුද්‍රිත හා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ කියවන්නට පටන් ගත්හ. මේ පිළිබඳ හාන්කවිසියක්වත් නොදත් බොහෝ පිරිසක් ඒ කරන අභූත චෝදනා සත්‍ය යයි කියා පිළිගෙන උන්වහන්සේ වැරදි කරුවා බව ඒකමතිකව විනිශ්චය කළහ.

මේ අතර ගාල්ල විජයානන්ද පරිවේණාධිපති, පූජ්‍ය බේරතුඩුවේ ඥානවිසුද්ධි මහා ස්වාමීන්වහන්සේ ඉදිරියට පැන සඟ මැද නොබියව සිට, සිරි ධම්මට කවුරු නැතත් මා සිටිනා බවත්, උන්වහන්සේගේ දේශනාවේ අඩුවක් නොමැති බවත්, එසේ අඩුවක් ඇත්නම් උන්වහන්සේ ඉදිරියට පැන වාද කොට පරාජය කොට සත්‍ය කුමක්දැයි පවසන ලෙසත් අභීතව ප්‍රකාශ කළෝය.

ගාල්ල, පොද්දල ප්‍රදේශයේ දම් දෙසුමකට වැඩම කරන විට, ඒ ප්‍රදේශයේ සිටි අශීලාචාර භික්ෂූන් එකතු වී, ඔවුන් හා මැර පිරිස් සංවිධානය වී, සිවුරු ගලවා උන්වහන්සේව පහර දී එලවා දැමීමට සැලසුම් කළහ. එහෙත් පූර්වකෘත පුණ්‍ය බලය හිමි උන්වහන්සේගේ පුණ්‍ය භාග්‍ය පැරදවීමට ඔවුන්ගේ කඩු පොලු සමත් නොවීය. ඔවුනට උන්වහන්සේ අභිමුවට පැමිණීමට පවා නොහැකි විය. උපේක්ෂා සහගතව උන්වහන්සේ නැවත හැරී වැඩම කළෝය. ධර්මය කුමක්ද, අධර්මය කුමක්ද යන්න හරි හැටි නොදත් මෝඩ මිනිසුන් දුසිල්වත් භික්ෂූන්ගේ අතකොලු වී අපා දොර විවර කර ගත්තෝය. මේ අසත්‍ය ඉදිරියේ මාධ්‍යවේදීන් හා පොලීසිය මුනිවත රැක්කෝය. ඔවුන් දකිනා සත්‍ය ලිවීමට හා කීමට ඔවුන්ගේ පෑන් වල තීන්ත අවසන් වී තිබිණි.

වෛරය ඊර්ෂියාව මුල්කරගත් සියලු පලිගැනීම් ව්‍යර්ථ වූ නමුදු, ඔවුන්ගේ අර්ථ ශුන්‍ය චෝදනා වලින් අඩුවක් නොවීය. සියලු භික්ෂූන් හැන්දෙන් ගෑරුප්පුවෙන් ආහාර ගනිද්දී, උන්වහන්සේ ආහාර ගැනීම මෝඩයන් සේ විවේචනය කළෝය.සියලු භික්ෂූන් එතෙර වඩින විටදී හා සීතලට ටී-ෂර්ට් අදිමින් සිටියදී උන්වහන්සේ අදින බවට මෝඩයන් සේ විවේචනය කළෝය. මේ සියල්ලට කෙටිකාලීන වටිනාකමක් ලැබුණත් කාලයත් සමඟ සියල්ල පුස් වී සුන් වී ගොස් උන්වහන්සේගේ ප්‍රතිරූපය හා කීර්තිය පෙරටත් වඩා බබලන්නට පටන් ගත්තෝය.

මෙලෙස චෝදනා කරන විට මාධ්‍යවේදීන් මේ ගැන කිසිවක් දැන නොසිටියහ. ඔවුන් සිතා සිටියේ දේශපාලන බලයෙන්, ධන බලයෙන් හා සමාජ බලයෙන් පිරුණු භික්ෂූන් කියන කතා සත්‍ය යයි කියාය. ඒ අනුව ඔවුන්ගේ පාර්ශවය නියෝජනය කළහ. ඉන් අනතුරුව මේ දෙගොල්ලන්ම, තනි උන්වහන්සේට ප්‍රහාර එල්ල කළෝය. උන්වහන්සේ ඒ සියල්ල ඉදිරියේ හිමාල පව්ව මෙන් නිහඬ වූවෝය. යමෙකුට දහම් ඇස පහළ වූවේද, එය පහළ වූ උතුමා කිසිවකින් යටපත් කළ නොහැක. උන්වහන්සේ ඒ ගැන සුපැහැදිලිව දැන සිටියෝය. සියල්ලෝම එක් වී පහර දුන්නෝය. සංග්‍රාම භුමිය පිවිසි හස්ති රාජයෙක් ඊ තල පහරවල් ඉවසා විඳ දරාගෙන සංග්‍රාම භුමියේ ඉදිරියට ගමන් ගන්නා සේ නිහඬව... නූගත් මාධ්‍ය වේදීන්ගේ අඥාන ප්‍රකාශයන් හමුවේ නොබියව නොසැලී, ස්ව මතය දරමින් ඉදිරියටම, ඉදිරියටම ගමන් ගත්තෝය.

විමසිලිමත් මිනිසුන් මේ කියන කරුණු කාරණා පිලිබඳ මැදහත් සිතින් ගවේෂණය කරන්න පටන් ගත්හ. සැබෑවටම උන්වහන්සේ චූදිතයෙක්ද? නැතිනම් උන්වහන්සේ අපිව ගලවා ගැනීමට පැමිණි එකම ගැලවුම්කරුවාණන් වහන්සේද? මේ ආදී වශයෙන් ඔවුන් සිතන්නට පටන් ගත්හ. ඥානවන්තයින් උන්වහන්සේගේ දේශනාවත්, දේශනා කරන පටිසෝතගාමී ආර්ය මාර්ගයත්, ප්‍රතිපදාවත් හා භික්ෂු චර්යාවත් ඉතාමත් සුපැහැදිලි හා නිවැරදි බව දැන සියල්ල අතහැර සසුන් ගත වූහ. තවත් සමහරක් උන්වහන්සේට ලක්‍ෂ කෝටි ගණනින් පූජා කළෝය. නව යුගයක් නව වැඩපිළිවෙලක් ආරම්භ විය. අධර්මිෂ්ඨ සමාජය අවසන් වී ධර්මිෂ්ඨ යුගයක ආරම්භය සනිටුහන් විය.

මෙසේ කාලය ගතවීමත් සමඟම උන්වහන්සේ පහළකරගත් දහම් ඇස තව තවත් මෝරා ගත්තෝය. ඉන් අනතුරුව සියලු කෙලෙස් ප්‍රහීණ කළ බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළෝය. නැවතත් එකට එක්වී සිටි මාධ්‍යවේදීන් හා භික්ෂූන් සලිත වී මඩ ප්‍රචාර හා අසත්‍ය අභූත චෝදනා එල්ල කරන්න පටන් ගත්හ. කරුණු කාරණා සහිතව ඔවුන්ගේ සදොස් තැන් නිදොස් කොට පෙන්වා, නැවතත් පෙර පරිදිම උන්වහන්සේ සිව් නමකට අභියෝග කළෝය.ඉන් එක් නමක් සමඟ ප්‍රසිද්ධ වාදයකට කැමති බව ප්‍රකාශ කළෝය. නමුත් පිටු කීපයක් ලියා ඒ භික්ෂුව “ උන්වහන්සේ වැනි කෙනෙක් සමඟ වාද කිරීමට නොහැකි යයි” පවසා පලා ගියේය. එක්තරා මාධ්‍යවේදියෙක් මේ ගැන අසන විට ප්‍රකාශ කළේ “යමෙක් ඉතාම උස පොල්ගසකට නැගීමට පෙර තමන්ට එම කාර්යය කල හැකිද, නොහැකිද යන්න තීරණය කිරීම විනා ගසේ භාගයක් නැග එය කල නොහැකි යයි කියා ගසින් බැසීම යුක්ති සහගත නොවේය” යන්නයි. පවසා වාදයට පැමිණි ඒ ශ්‍රාස්ත්‍රපති හෑගොඩ විපස්සි නම් භික්ෂුවගේ මෝඩ අඥාන භාවය සමාජයට පෙන්වා දුන්නෝය.

මාධ්‍යවේදීන් උන්වහන්සේට චෝදනා කළහ, අපහාස කළහ, බොරු ප්‍රචාර කළහ, උන්වහන්සේ නොපැවසූ දේ පැවසුවා යයි කීවෝය. කිවයුතු දේ පාඨකයින්ගෙන් සැඟවූහ. නමුත් ඒ මාධ්‍යවේදීන් අදවනතුරු අසරණ වූ තැනක් තිබුණි. උන්වහන්සේ පරදවා දැමීමට තරම් කෙනෙකු සොයා දීමට ඔවුන්ගේ පෑන් තුඩ ශක්තිමත් නොවීය. තවමත් අභියෝගය විවෘතයි. ඒ මාධ්‍යවේදීන්ට එකක් ඉතුරු වී ඇත. ඒ ඔවුන්ගේ පැන භාවිතා කොට, උන්වහන්සේ දේශනා කරන පටිසෝතගාමී ආර්ය මාර්ගය පිළිබඳ අඩුපාඩුවක් පෙන්වා උන්වහන්සේ හා සද්ධර්මය පිළිබඳ වාද කර පරාජය කිරීමට කෙනෙක් සොයා දීමය.

පුහු භික්ෂු ජීවිතයේ වැරදි විවේචනය කිරීමෙන් නොනැවතුණු උන්වහන්සේ බුදු සසුනේ උන්නතිය උදෙසා පරමාදර්ශී භික්ෂු සමජයක් නිර්මාණය කිරීමට වෙහෙසුනෝය. භික්ෂු සමාජය තුළ රටේ උගතුන්, ධනවතුන් සසුන්ගත කර වූවෝය. ඔවුන් ඒ පරමාදර්ශී භික්ෂු පරපුරේ පෙරගමන් කරුවෝ වූහ. දිරා ගිය භික්ෂු ජීවිතය නැවත ප්‍රති සංස්කරණය කළෝය.[සංස්කරණය]

නිර්වාණ මාර්ගය වැඩීමට ඇති කාලය නාස්ති කරමින්, රැකී රක්ෂා කරමින් වටිනා භික්‍ෂු ජීවිතය මුදලට උකස් කරන, දේශපාලන මති මතාන්තර කරපින්නාගෙන , දේශපාලඥයින්ට ප්‍රශස්ති කියමින්,වරප්‍රසාද භුක්ති විදින පැලැන්තියේ දේශපාලනය කරන, භික්ෂු සම්ප්‍රදාය විවේචනය කොට, පිඬු සිඟා වැඩම කිරීම, පොහොය විනය කර්ම සිදු කිරීම, ඇවැත් දෙසමින් එකිනෙකාගේ වැරදි දැක විවේචනය කොට පැහැදිලි කරමින් නිවන් දැකීම සඳහා වෑයම් කිරීම, අරුණට පළමුව අවදි වීම, වත පිරිත කීම, ගම් නියම් ගම් සැරිසරමින් ශ්‍රී සද්ධර්මයේ පණිවිඩය හුදී ජන පහන් සංවේගය පතා දොරින් දොර බෙදාගෙන ගමන් කිරීම ආදී භික්‍ෂුවගෙන් සිදුවිය යුතු වත්පිළිවෙත් සියල්ල උන්වහන්සේ අනුදැන වදාළ මාර්ගයේ කොටසක් විය. එමෙන්ම භික්ෂුවක් විසින් පිරිය යුතු නිවැරදි නිවන් මග භික්ෂූන්ට මෙන්ම ගිහියන්ටද ගුරුමුෂ්ඨි නොතබා ඉගැන්වූවෝය. අනතුරුව දෙපිරිසම මෙම උතුම් ශාසනික වැඩපිළිවෙලෙහි කොටස් කරුවෝ කරවූහ.

සද්ධර්මය දේශනා කරමින් නිවන් මග පමණක් වැඩීමට සීමා නොවූ උන්වහන්සේ දිළිඳු මිනිසුන්ට පිහිට වීම, රෝගීන්ට උපස්ථාන කිරීම, කුඩා ළමුන්ට සැලකීම, නිර්වාණය කරා යන මාර්ගයෙහි කොටසක් බව පෙන්වා දී උන්වහන්සේද එහි නිරත වූවෝය.

සියල්ලට මුහුණ දී අවසන් වූ කල උන්වහන්සේ මෙසේ වදාළ සේක...[සංස්කරණය]

“මේ සියල්ල මාගේ අවබෝධයත්, පරිපුර්ණත්වයේත්,පරම සත්‍ය අවබෝධ කොට ඒ අවබෝධය නිවැරදි බව පරික්ෂා කිරීම සඳහා සොබාදහම විසින් දුන් දායාදයක් බවත්, ඒ නිසා අපහාස කළ, නින්දා කළ අයට වෛර නොකළ යුතු බවත්, ඔවුන්ට මුලින්ම ස්තුති කළයුතු බවත් උන්වහන්සේ ප්‍රකාශ කළෝය. එසේම ඒ සියලු දෙනාට කොන්දේසි විරහිතව සමාව දෙන බවත් උන්වහන්සේ අනුදැන වදාළෝය. “ඒ සියල්ල නොකලා නම් මා කෙසේ මාගේ අවබෝධය පරික්ෂා කරන්නද? සැබෑවටම මා නිවන් දුටුවෙක්ද, බොරු මායාවකට, මුලාවකට හසුවුවෙක්දැයි කියා දැනගැනීමට ඔවුන් සියල්ලෝම ඒකපාර්ශ්වික වී මට උදව් කළෝය. යන්න උන්වහන්සේ වදාළ සේක. මේ සියල්ල ඉදිරියේ උන්වහන්සේගේ චිත්ත විමුක්තිය වෙනස් නොවන බව, මුළු ලෝකයක් ඒකපාර්ශ්වික වී තනි මිනිසෙකුට පහර දුන්නත් වෙනස් නොවන චිත්ත විමුක්තියක් යමෙක් සාක්‍ෂාත් කළේද, “අකුප්පා මේ චේතෝ විමුක්ති, අයමන්ති මා ජාති නත්ථී දානි පුනබ්භවෝති” යන ගෞතම බුදුන්ගේ දෙසුම පරිදි, උන්වහන්සේගේ චිත්ත විමුක්තිය කිසිවෙකුට සෙලවීමට නොහැකි වූ නිසා උන්වහන්සේගේ අවසාන උපත බවට දේශනා කිරීමට කොලු සු කම් ඇති බව ඔවුන් සියල්ලෝම එකතුව උන්වහන්සේට ප්‍රත්‍යක්‍ෂ කළෝය.

"https://si.wikipedia.org/w/index.php?title=පරිශීලක:ධම්ම_ධර&oldid=446055" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි