පර්මකල්චර් (permaculture)

විකිපීඩියා වෙතින්



පර්මකල්චර් මණ්ඩලය විසින් පර්මකල්චර් සැලසුමේ සිරිත් හා න්‍යායන් සාරාංශගත කිරීම.[සංස්කරණය]

පර්මකල්චර් යන වදන 1970 දශකය අතරතුර දී ඕස්ට්‍රේලියානු ජාතික බිල් මොලිසන් හා ඩේවිඩ් හෝම්ග්‍රේන් විසින් හඳුන්වාදුන් අතර එය ස්ථිර කෘෂිකර්මයේ (Permanent Agriculture) එකතුවක් මෙන්ම ස්ථිර සංස්කෘතියක් ද වේ. ප්‍රකාශන ශ්‍රේණියක් හරහා මොලිසන්, හෝම්ග්‍රේන් හා ඔවුන්ගේ සහායකයන් විසින් මනුෂ්‍ය ජනාවාස සැලසුම් කිරීම සඳහා ප්‍රවේශයක් ලේඛණගත කළ අතර වඩාත් විශේෂිතව ස්වාභාවික පරිසර විද්‍යාවල හමුවන ව්‍යුහ හා අන්තර් සබඳතාවලට අපයෝජන එල්ල කරන බහුවාර්ෂික කෘෂිකාර්මික පද්ධතිවල දියුණුවීම් පිළිබඳව අවධානය යොමු කරන ලදී.

පර්මකල්චර් සැලසුම් න්‍යායන් “එකම ආචාර ධර්ම තීරණය වන්නේ අපගේ පැවැත්ම සඳහා වගකීම් ගැනීම වන අතර ඒ අපගේ දරුවන් වේ.” (මොලිසන් 1990) යන ස්ථානයේ සිට ව්‍යාප්ත වේ. එහි අපේක්ෂාව වූයේ සැලසුම් න්‍යායන් හර පද්ධතියක් තුළ පුද්ගලයින් දිගින් දිගට පුහුණු කිරීමෙන් එම පුද්ගලයන්ට තමන්ගේම පරිසර තුළ සැලසුම්කරුවන් බවට පත් වීමට හැකි අතර ඔවුන්ට ක්‍රමයෙන් වැඩි දියුණු වන ස්වප්‍රමාණවත් මනුෂ්‍ය ජනාවාස ගොඩනැංවීමට හැකිවනු ඇත යන්නයි.

කෘෂිකාර්මික පරිසර විද්‍යාත්මක සැලසුම් සිද්ධාන්තයක් ලෙස හට ගැනණු පර්මකල්චර්, සති 2ක කාලයකින් යුත් පර්මකල්චර් සැලසුම් කිරීමේ පාඨමාලාවක් හරහා පුහුණුව ලැබූ පුද්ගලයන් හරහා විශාල ලෙස අන්තර්ජාතිකව වර්ධනය වේ. මෙම පර්මකල්චර් සමාජය මොලිසන්ගේ හා ඔහුගේ සඟයන්ගේ මූලික ඉගැන්වීම ව්‍යාප්ත කිරීම අඛණ්ඩව සිදු කළ අතර එමඟින් පුහුණු කිරීමේ, ප්‍රකාශන පර්මකල්චර් උද්‍යාන හා අන්තර්ජාල සාකච්ඡා ජාල හරහා අතිරේක සංස්කෘතික අදහස් පරාසයක් සංගෘහිත කරන ලදී. මේ ආකාරයෙන් පර්මකල්චර් සැලසුම් පද්ධතියක් මෙන්ම යන්තමින් අර්ථ දක්වන ලද දර්ශනයක් හෝ ජීවන රටා අචාර ධර්මයක් බවට පත්ව ඇත.

References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Permaculture

"https://si.wikipedia.org/w/index.php?title=පර්මකල්චර්_(permaculture)&oldid=472431" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි