පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන වල පිහිටීම

විකිපීඩියා වෙතින්

පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන වල පිහිටීම අවබෝධ කර ගැනීමට එකල සිටි විද්‍යාඥයන් වන ” j.j.තොම්සන් ,අර්නස්ට් රදර්ෆර්ඩ් ,නීල්ස් බෝර්” යන විද්‍යාඥයන් විසින් විවිධ මත ඉදිරිපත් කළ අතර  ඒවා පහත පරිදි වේ.

1.    තොම්සන් ගේ ප්ලම් පුඩිම් ආකෘතිය

2.    රදර්ෆර්ඩ් ගේ ග්‍රහ ආකෘතිය

3.    නීල්ස් බෝර් ගේආකෘතිය

v ප්ලම් පුඩිම් ආකෘතිය.

“පුඩිමක් තුල තැන තැන මිදි ගෙඩි විසිරී ඇත්තා සේ (+) ආරෝපිත ඝන ගෝලයක් (එනම් න්‍යෂ්ටිය) තුළ (-) ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පවතී.” මෙය තොම්සන් විසින් ඉදිරිපත් කළ පරමාණුක ආකෘතියයි.

මෙහිදී තොම්සන් විසින් අවදාරණය කර ඇති කරුණු කීපයකි.එනම්,

·       පරමාණුව ඝන මාංසල ගෝලයක් බව.

·       එය (+) ආරෝපිත බව.

·       (-) ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගිලී පවතින බව.

නමුත්, රදර්ෆර්ඩ් කළ රන්පත් පරීක්ෂාව මගින් පරමාණුවේ බොහෝ ප්‍රදේශ හිස් අවකාශ බව හදුනා ගත් අතර (+) ප්‍රෝටෝන හා (-) ඉලෙක්ට්‍රෝන එකට පැවතිය නොහැකි නිසා තොම්සන්ගේ මෙම අදහස බැහැර විය.

v ග්‍රහ ආකෘතිය.

“සූර්‍යයා වටා ග්‍රහවස්තු ගමන් කරන්නා සේ (+) ආරෝපිත න්‍යෂ්ටිය වටා(-) ආරෝපිත ඉලෙක්ට්‍රෝන ගමන් කරයි.” මෙය රදර්ෆර්ඩ් විසින් ඉදිරිපත් කළ පරමාණුක ආකෘතියයි.මෙය න්‍යශ්ටිය පදනම් කරගත් පළමු ආකෘතිය වන නිසා මෙය “පළමු න්‍යශ්ටික ආකෘතිය” ලෙස හදුන්වයි.

න්‍යෂ්ටිය (+) ආරෝපිත නිසා එය වටා ගමන් කරන (-) ආරෝපිත ඉලෙක්ට්‍රෝනය, න්‍යෂ්ටිය වෙතට ශක්තිය අඩු වන මාර්ගයක් ඔස්සේ න්‍යශ්ටිය මතට පතිත විය යුතුය.නමුත් එසේ නොවීමට හේතුව රදර්ෆර්ඩ් හට තම ආකෘතිය ඔස්සේ පහදා දීමට නොහැකි විය. එමනිසා ඔහුගේ එම ආකෘතියද ඉවත දැමීමට සිදු විය.

v බෝර් ආකෘතිය.

පරමාණුව පිලිබඳ ආකෘතියක් නීල්ස් බෝර් විසින් ද ඉදිරිපත් කල අතර එය H පරමාණුව පදනම් කරගෙන නිර්මාණය වී ඇත. එහි පහත කරුණු ඇතුලත් වේ.

·       H පරමාණුවේ ඉලෙක්ට්‍රෝනය න්‍යෂ්ටිය වටා යම් නිශ්චිත දුරකින් එනම් කවච වල (කක්ශ වල) පවතින බව.

·       මෙම කක්ශ වල පවතින ඉලෙක්ට්‍රෝන වල නිශ්චිත ශක්තියක් පවතින බව(ශක්ති ස්තාවර අවස්තාව).

·       ඉලෙක්ට්‍රෝන සිදු කරන වලයාකාර චලිතය සඳහා ඉලෙක්ට්‍රෝන ශක්තිය වැය නොකරන අතර ඉලෙක්ට්‍රෝන න්‍යශ්ටිය මතට පතිත වීමක්ද සිදු නොවේ.

·       එක් ශක්ති මට්ටමක සිට වඩා ඈත වූ ශක්ති මට්ටමකට ඉලෙක්ට්‍රෝන සංක්‍රමනය වීමේදී ඉලෙක්ට්‍රෝන විසින් ශක්තිය අවශෝශනය කර ගනියි.

·       එලෙසම පෙර ශක්තිමට්ටමට පැමිනීමේදී ඉලෙක්ට්‍රෝන විසින් අවශෝශනය කරගත් ශක්තිය විමෝචනය කරයි.

මෙලෙස ශක්ති අවශෝශනය හා විමෝචනය “ෆෝටෝන” ලෙස සිදු කරයි.