පද්ධතිමය මෙහෙයුම්

විකිපීඩියා වෙතින්

ලෝපත් නිස්සාරණය කිරීමේ ක්‍රියා මාර්ග විවිධ සංඝටක කණ්ඩායම් ක්‍රියාකාරකම්වලට බෙදිය හැක.

‍රසායනික ඉන්ජිනේරු කර්මානත්වලදී හා ඒ ආශ්‍රීත ක්ෂේත්‍රවලදී සිදුවන ක්‍රියාදාමයන්වලදී unit operation බහුලව දැකිය හැක. උදාහරණයක් ලෙස කිරි කර්මාන්තයේ දී භාවිතයට ගනු ලබන සමජාතීයකරණය , පැස්චරීකරණය, ගීතනය සහ අසුරණය යන එක එකක් සමස්ත ක්‍රියාදාමයට අවශ්‍ය වන එකිනෙක හා බැදී පවතින unit operation. එක් ක්‍රියාදාමයක් සමස්ත ඵලය ලබා ගැනීමේ අරමුරණකින් ක්‍රියාත්මකවන ක unit operation කිහිපයක එකතුවක් විය හැක.

අතීතයේ දී එකිනෙකට වෙනත් රසායනික කර්මාන්තයන් එකිනෙකට වෙනස් මූලධර්මවලින් යුත් එකිනෙකට වෙනස් කර්මාන්ත ක්‍රියා දාමයක් සේ සලකන ලදී. 1923 දී විලියම් . එච්. වෝල්කර්, වර්නන් කේ. ලෙවිස් , විලියම් එච්. මැක් ඇඩම්ස් විසින් රසායනික කර්මාන්තයේ මූලධර්ම නැමැති ග්‍රන්ථය රචනා කළේය. මෙමගින් ඔවුන් එකම භෞතික මූලධර්ම පිළිපදින රසායනික කර්මාන්තවල විවිධත්වය පැහැදිලිකර දෙන ලදී. ඔවුන් සමානතාවයක් ඇති ක්‍රියාදාමයන් කණ්ඩායම් ක්‍රියාදාමයන් යටතට ගොණු කරන ලදී.

එක් එක් unit operation එකම භෞතික නියමයන් පිළිපදින අතර ඕනෑම රසායනික කර්මාන්තයකදී යොදාගත හැකිය. මෙම unit operation මගින් රසායනික ඉන්ජිනේරු විද්‍යාවේ මූලික සිද්ධාන්ත ගොඩනංවනු ලබයි.

රසායනික ඉන්ජිනේරු විද්‍යාවේ unit operation පහත ලෙස කොටස් පහකට බෙදා දැක්විය හැක.

1)	ද්‍රව ගතික ක්‍රියාවලි	             :	ද්‍රව ප්‍රවාහනය,පිරිපහදුව සහ ද්‍රවීකරණය 
                                             ඇතුළත්ය
2)	තාප ප්‍රචාරණ ක්‍රියාවලි		:	වාෂ්ප වීම, සංඝනීභවනය වීම ඇතුළත්ය
3)	ඝන ද්‍රව්‍ය ප්‍රචාරණ ක්‍රියාවලි	:	වායු අවශෝෂණය , ආසවනය , නිස්සාරණය , 

අධිශෝෂණය , වියළීම ඇතුළත්ය

4)	තාප ගතික ක්‍රියාවලි		:	වායු ද්‍රවීකරණය , ගීතනය ඇතුළත්ය
5)	යාන්ත්‍රික ක්‍රියාවලි		:	ඝන ද්‍රව්‍යය ප්‍රවාහණය , කැබලි කිරීම, කුඩුකිරීම,

වෙන් කිරීම , පෙනේරවලින් හැලීම ආදිය අයත්ය

රසායන විද්‍යා ඉන්ජිනේරු ඒකක ක්‍රියාදාමයන් පහත ඒකකවලට ද වෙන් කළ හැක.


  • • සංයෝජනය (එකතු කිරීම)
  • • වෙන් කිරීම (ආසවනය)
  • • ප්‍රතික්‍රියා කරවීම (රසායනික ප්‍රතික්‍රියා)

රසායන විද්‍යා ඉන්ජිනේරු ඒකක ක්‍රියාදාමයන් සහ රසායන විද්‍යා ඉන්ජිනේරු ඒකක ක්‍රියාවලි සියලු රසායනික විද්‍යා ඉන්ජිනේරු ක්ෂේත්‍රවල මූලික සිද්ධාන්තයන් ගොඩනගනු ලබන අතර ඒවා සියලුම රසායනික කම්හල කර්මාන්ත ශාලා සහ ඒවා භාවිතා කරන සියලුම ආම්පන්න නිර්මාණය කිරීමට මූලාරම්භය වේ.


References[සංස්කරණය]

http://en.wikipedia.org/wiki/Unit_operations

"https://si.wikipedia.org/w/index.php?title=පද්ධතිමය_මෙහෙයුම්&oldid=464260" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි