පටල පටය සම්බන්ධයෙන් වන මූලික කරුණු

විකිපීඩියා වෙතින්

ඡායාරූපකරණයේදී යොදාගනු ලබන පටල පට මූලික ආකාර දෙකකින් පවතී.

· විකාශනයෙන් අනතුරුව එය ඍණ පටයක් බවට පත්වන අතර අනතුරුව පටල පටය මුද්‍රණය කරනු ලැබේ. මෙම පටල පටය කාචයක් තුලින් ප‍්‍රක්ෂේපනය කිරීම මඟන් හෝ මුද්‍රණ කඩදාසියක් සමඟ ගැටීමට සැලැස්වීම මඟින් මුද්‍රණය කිරීම සිදුකරනු ලැබේ. ඡායාරූප මුද්‍රණය කිරීම කලූසුදු හා වර්ණ යන ආකාර දෙකෙන්ම සිදු කරනු ලැබේ. · වර්ණ ප‍්‍රත්‍යාවර්ත පටල පට විකාශනයෙන් අනතුරුව පාරද්‍රෘෂ්‍ය ලෙසින් හැඳින්වෙන අතර ප්‍රොජෙක්ටරයක් මඟන් නැරඹිය හැක. එය බොහෝ අවස්ථාවල ස්ලයිඩයක් ලෙසින්ද හැඳින්වෙයි. මේ ආකාරයේ පටල පටයන් බොහෝවිට භාවිතා වන්නේ වෙළඳපොලේ මහා පරිමාණයෙන් විකිණීම සඳහා ඡායාරූප මුද්‍රණය කිරීමේදීය. ප‍්‍රත්‍යාවර්ත පටලයකින් ඡායාරූප මුද්‍රණයන්ද ලබාගතහැකි නමුත් ඒවා මිළ අධික මෙන්ම පටල පටයක් මුද්‍රණය කිරීම තරම් සරළ කි‍්‍රයාවලියක්ද නොවේ. එතරම් ප‍්‍රචලිත නොවූවද කලූ සුදු ප‍්‍රත්‍යාවර්ත පටලයන්ද ඇත. වෘත්තීය ඡායාරූප ශිල්පීන් අතර ප‍්‍රත්‍යාවර්ත පටල පට ජනපි‍්‍රයවීමට හේතුවවී ඇත්තේ වර්ණ ප‍්‍රතිනිෂ්පාදනය අතින් ඒවා මුද්‍රණ පටල පටයන්ට වඩා ඉදිරියෙන්වීමයි.

භාවිතයට ගතහැකි රූපයක් නිර්මාණය කිරීම සඳහා පටල පටය නිවැරදි ලෙස අනාවනය කළ යුතු වෙයි. අනාවරනයේ ප‍්‍රමාණය තීරණය වන්නේ ප‍්‍රමාණවත් ගුණාත්මකභාවයක් ලබාදෙමින් අදාල පටල පටයට දරාගතහැකි ආලෝක ප‍්‍රමාණය මතය. වර්ණ මුද්‍රණ පටල පටයන්ට අනෙක් පටල පටයන්ට වඩා වැඩි අනාවරනයකට ඔරොත්තුදීමේ හැකියාව ඇත. මෙයට හේතුව මුද්‍රණ පටල පටය නැරඹිය හැකි ලෙස මුද්‍රණය කළයුතු වීම සහ මුද්‍රණ කි‍්‍රයාවලියේදී බහු අනාවරනයන්ට ලක්කිරීමට සිදුවිය හැකිවීමයි. විකාශනයෙන් අනතුරුව පටල පටය මත ඉතිරිවන වර්ණක සහ රිදී ලූණු ප‍්‍රකාශ ඝනත්වය නොඑසේනම් හුදෙක් ඝනත්වය ලෙසින් හඳුන්වනු ලැබේ. ඍණ පටයක ඇති අඳුරු රූපයක ඝනත්වය වඩා පාරද්‍රෘෂ්‍ය රූපයක ඝනත්වයට වඩා වැඩිය.

බොහොමයක් පටල පටයන් රිදී අංශුවල කි‍්‍රයාකාරීත්ව හේතුවෙන් විපර්යාසයන්ට ලක්වෙයි. පටල පටයක් අනාවරනය කිරීමට පෙර එය අවම ආලෝකයක පැවතිය යුතුය. අනතුරුව සියලූම අංශූන් අනාවරනය වෙමින් උපරිම ද්‍රෘෂ්‍ය ඝනත්වයක් නිරූපනය වෙනතෙක් අනාවරන කිහිපයක්ම සිදු කරනු ලබයි.