පක්ෂපාතිත්වය - පත්ත්‍රකලාවේදී වාස්තවික බව

විකිපීඩියා වෙතින්

පක්ෂපාති පත්‍රකලාවේදීහු හේතු ගණනාවක් නිසා වාස්තවික බව ප්‍රතික්ෂේප කරති.

බොහෝ අය විශ්වාස කරන්නේ වාස්තවික වාර්තාකරණය යැයි දෙයක් නොපවතින බවත්,බොහෝ අවස්ථාවලදී හිතාමතා හෝ අත්‍යන්තයෙන් දේශපාලනික, පුද්ගලික හෝ යම් ආකාරයක පක්ෂපාතිත්වයක් පවතින බවත්‍ය. මෙය වාස්තවික සත්‍ය ප්‍රතිකෂේප කිරීමක් නොවන අතර, ඇගයිම් විරහිත වාර්තා කිරීමේ නොහැකියාව දක්වන මතයකි. මෙය රැඩිකල් අදහසක් යැයි හැගුණද , බොහෝ මාධ්‍යවේදීන් පිළිගත් අදහස් වන්නේ පක්ෂපාතිත්වයෙන් තොරව වාර්තා කරනය අපහසු වූවත් එය අවම කල හැකි බවය. තුළනය, මද්‍යස්තබාවය වැනි පත්රහ පත්‍රකලාවේදී සම්මතයක්ද වඩාත් ප්‍රරායෝගික වාස්තවික බවක් නිර්වචනය කිරීම සදහා යොදාගත හැක.

විකල්ප විචාරකයන් පවසන්නේ අපක්ෂපාතිය කියාගන්නා පුවත් පත් බොහෝ විට පක්ෂපාති බැවින් ඒවා අනතුරුදායක බවය. එ‍සේම අපක්ෂපාතියැයි කියාගන්නා මාධ්‍ය මූශ්රයය වාස්තවික බවෙන් සැරසි දේශපාලන පක්ෂපාති අදහස් පල කරයි. ඔවුන් පවසන්නේ ප්‍රධාන ප්‍රවාහයේ ජනමාධ්‍ය බහුතර අදහස් නියෝජනය කරන අතර සුළුතර අකමැත්ත සහ කතිකාව මග හරින බවය.

මේ සදහා විසදුමක් ලෙස ඉදිරිපත් වී ඇති අදහස් වන්නේ පක්ෂපාති තත්වය පැහැදිලිය. ප්‍රකාශ කොට ජනමාධ්‍ය භාවිතා කරන්නන් තුල විනවිධ භාවය සහ දැනුම වර්ධනය කල යුතු බවය. එවිට මාධ්‍ය භාවිත කරන්නන්ට පක්ෂපාතිත්වය සලකා තොරතුරු ඇගයි ය හැක.

වාස්තවික වාර්තා කරණය සිදු කල හැකිය විශ්වාස කරණ ඇතැම්මුන් පවසන්නේ වාස්තවික බවට සැමවිටම තැනක් බොහෝවිට පැවතිය හැකි බවය. එය ප්‍රකාශනය සහ අරමුණ අනුව වෙනස් වේ. උදාහරනයක් ලෙස, දුෂණය සහ වන්චා ඉදිරිපත් කරන විට මද්‍යස්ත වුවහොත් එය අනාවරනයට බාදාවකි. එවන් පක්ෂපාතිත්වයක් අසාධාරන නොවේ.

පක්ෂපාති පත්‍රකලාවේදීන් පවසන්නේ සාධාරනත්වය සහ නිවරදි බව සුරකමින් වාත්වික බව ප්‍රතික්ෂේප කර හැකි බවය. ඔවුන්ට අනුව බොහෝ මාධ්‍ය වේදීන් සතුව මේ කරුණු දෙකම නොපවති.