පං ලියැං

විකිපීඩියා වෙතින්
මෙය චීන නමකි; පෙළපත් නම, පං වෙයි.
පං ලියැං
彭丽媛
චීන මහජන සමූහාණ්ඩුවේ ජනාධිපතිගේ කලත්‍රයා
තනතුර දරමින්
14 මාර්තු 2013
පූර්වප්‍රාප්තිකයාලියූ යොංචිං
පුද්ගලික තොරතුරු
උපතනොවැම්බර් 20, 1962 (1962-11-20) (වයස 61)
යුංචං ප්‍රාන්තය, ෂැංඩොං, චීනය
කලත්‍රයාෂී ජිංපිං
දරුවන්ෂී මිංසා
වාසස්ථානබීජිං
උගත් ශාස්ත්‍රාලයචයිනා කන්සර්වටොරි ඔෆ් මියුසික්
රැකියාවසංගීතඥ

පං ලියැං (උපත නොවැම්බර් 20, 1962) යනු, කීර්තිමත් චීන සමකාලීන ජන ගී ගායිකාවක් සහ අභිවාහ්‍ය කලාකරියකි. වර්තමාන චීන නායක ෂී ජිංපිංගේ බිරිය වන අතර, ඇමරිකානු සහ චීන මාධ්‍ය මගින් ඇය හැඳින්වෙන්නේ "චීන ප්‍රථම කාන්තාව" ලෙසිනි. [1] 2014 වන විට, ෆොර්බ්ස් සඟරාව විසින්, ලොව මහත් බලවත් කාන්තාවන් අතර 57වැන්නා බවට ඇය නම් කර තිබුණි.[2]

පං මහත්මිය, මහජන විමුක්ති හමුදා කලා විද්‍යාපීඨයේ පීඨාධිපති වන්නීය. චීන නව වසර කාලසීමාව තුලදී විකාශය කෙරෙන සහ පුළුල් ලෙසින් ප්‍රේක්ෂකයන් විසින් නරඹනු ලබන ප්‍රධාන භූමිප්‍රදේශ චීන රූපවාහිනී වැඩසටහනක් වන, වාර්ෂික සීසීටීවී නිව් ඉයර්ස් ගාලා තුල, ඇය නිතර පෙනීසිටීම නිසා, සුප්‍රානෝ ගායිකාවක ලෙස ජනප්‍රියතාවයක් ඇය විසින් හිමි කර ගන්නා ලදි.[3] දේශව්‍යාප්තව පැවැති ගී ගැයීමේ තරග වලදී ඇය බොහෝමයක් සම්මාන දිනා ඇත.[3] ඉමහත් ජනප්‍රසාදය දිනූ ඇයගේ ඒකල ගායනා අතර පීපල් ෆ්‍රොම් අවර් විලේජ් (父老乡亲), ෂුමුලංග්මා (珠穆朗玛) සහ ඉන් ද ෆීල්ඩ් ඔෆ් හෝප් (在希望的田野上) වෙයි. පං මහත්මිය, චීනයේ මහජන විමුක්ති හමුදාවේ සිවිල් සාමාජිකයෙක් වන අතර, මේජර් ජනරාල් තනතුරට සමතුල්‍ය සිවිල් පදවියක් දරයි.[3]

ආශ්‍රිත[සංස්කරණය]

  1. කුංටාං නිවුස් 3/30/2013, http://news.guhantai.com/2013/0330/222106.shtml, ප්‍රතිෂ්ඨාපනය 2014-09-17 
  2. "ද වර්ල්ඩ්ස් 100 මෝස්ට් පවර්ෆුල් විමෙන්". ෆෝර්බ්ස්. ෆොර්බ්ස්. සම්ප්‍රවේශය 26 ජූනි 2014.
  3. 3.0 3.1 3.2 පේජ්, ජෙරමි (පෙබරවාරි 13, 2012). "මීට් චයිනාස් ෆෝක් ස්ටාර් ෆර්ස්ට් ලේඩි-ඉන්-වේටිං". ද වෝල් ස්ට්‍රීට් ජර්නල්. සම්ප්‍රවේශය නොවැම්බර් 7, 2012. උපුටාදැක්වීම් දෝෂය: Invalid <ref> tag; name "First Lady" defined multiple times with different content
"https://si.wikipedia.org/w/index.php?title=පං_ලියැං&oldid=592471" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි