Jump to content

නුවරකන්ද රජ මහා විහාරය

විකිපීඩියා වෙතින්
නුවරකන්ද රජ මහා විහාරය
මූලික තොරතුරු
පිහිටීමනෑටිය, වාරියපොල, ශ්‍රී ලංකාව
අනුබැඳියාවබුද්ධාගම
දිස්ත්‍රික්කයකුරුණෑගල
පළාතවයඹ පළාත
උරුම නාමකරණයපුරාවිද්‍යා ආරක්‍ෂිත ස්මාරකය[1] (6 ජූලි 2007)
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය

ශ්‍රී ලංකාවේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාරියපොල පිහිටි, නුවරකන්ද රජ මහා විහාරය පුරාවිද්‍යාත්මක වටිනාකමෙන් යුතු බෞද්ධ සිද්ධස්ථානයක් වේ.

ළගාවීම

[සංස්කරණය]

වාරියපොල - ගනේවත්ත පාරේ නෑටිය හන්දිනේ වමට හැරී නෑටිය දෙසට සැ 4ක් ගොස් නුවරකන්ද හන්දියෙන් වමට හැරී සැ 2ක් ගමන් කර නුවර කන්ද විහාරයට ලගාවිය හැක.

ඉතිහාසය

[සංස්කරණය]

දේවානම්පිය තිස්ස රජුගේ මළනුවන් සේ සැළකෙන සූරතිස්ස රජු විසින් මෙම විහාරය කරවූ බව සැළකේ. පසුකාලීනව සතුරු ආක්‍රමණ හේතුවෙන් අනුරාධපුරයේ සිට පලා ආ වලගම්බා රජු මෙම ස්ථනයේ බොහෝ කලක් සැඟවී වාසය කර ඇති බවටද තොරතුරු සදහන් වේ.[2]

විහාර නටඹුන්

[සංස්කරණය]

ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන ඉතා දුර්ලභ ගණයේ ප්‍රථිමා සේ සැලකෙන දහයියා වලින් නිර්මිත බුද්ධ ප්‍රථිමාවක් මෙම විහාරස්ථානයේ දැකගත හැකිවේ.[3] එසේම මෙම විහාරය ආශ්‍රිත කටාරම් කොටන ලද ලෙන් 26ක් ඇතුළු ලෙන් 32ක සාධක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් හදුනාගෙන තිබේ.[4]

මූලාශ්‍ර

[සංස්කරණය]
  1. ^ "ප්‍රොටෙක්ටඩ් මොනියුමන්ට් ලිස්ට් 2012-12-12" (PDF). පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  2. ^ "දුර්ලභ ගණයේ දහයියා පිළිමයක් ඇති නුවරකන්ද රජ මහා විහාරය". බුදුසරණ. 24 නොවැම්බර් 2009. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  3. ^ "නුවරකන්ද රජමහා විහාරය". අමේසිංලංකා. 12 දෙසැම්බර් 2012. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.
  4. ^ "නුවරකන්ද පුරාවිද්‍යා භූමියෙන් ලෙන් 32ක සාධක හමුවෙයි". රිවිර. 11 සැප්තැම්බර් 2015. සම්ප්‍රවේශය 19 අප්‍රේල් 2016.