නිහඬ පුද්ගලික පරිගණක

විකිපීඩියා වෙතින්

නිහඬ පුද්ගලික පරිගණකයක් යනු කුඩා ශබ්දයක් නිකුත් කරන පෞද්ගලික පරිගණකයකි. බොහෝ විට බහුලව මේවා වීඩියෝ සංස්කරණය, හඩ මිශ්‍රණය, ගෘහ සේවාවන් හා ගෘහස්ථ රංග ශාලා (Home Theater)පරිගණක සේ භාවිතා වේ. නියත නිහඬ පුද්ගලික පරිගණකයක් සඳහා නිහඩ සිසිල්කරණ හා ගබඩා කිරීමේ උපකරණ හා බලශක්ති කාර්යක්ෂමතා උපාංග භාවිතා කෙරේ.

ඝෝෂාව මෙන් ‘නිහඬ පුද්ගලික පරිගණක’ යන පදය විෂයාත්මක වුව ද මෙතෙක් ඊට ස්ථාවර අර්ථ දැක්වීමක් දී නොමැත. කෙසේ නමුත් පිළිගත් සාමාන්‍ය අර්ථ දැක්වීමට අනුව එවැනි පරිගණක මගින් නිකුත් කරන හඬ, පරිගණකයෙන් 1m ඈතක දී එය 30dB නොයික්මවිය යුතු බවයි. ශබ්ද පීඩන මට්ටම සාමාන්‍යය එකතුවට , පරිගණකයේ ශබ්දය ප්‍රකාශනය වී දැයි නිර්ණය කිරීමට සංඛ්‍යාතය , වර්ණාවලිය හා ශබ්දයේ ගතිකය වැදගත් වේ.අඩු සංඛ්‍යාතයකින් යුත් ශබ්ද සටහන් වීම හෝ ඇසීම ඉතාම දුලභ වේ. කොපමණ ප්‍රමාණයක ශබ්දයක් සටහන් වේදෝ හෝ ආචරණය වේ දැයි සදහා පරිසරයේ තිබෙන වෙනත් ශබ්ද ප්‍රමාණයක් හා ස්වරූපය බලපායි. එම නිසා පරිගණකය නිහඬ බව සදහා විශේෂ වූ පරිසරය හා භාවිතා කරන්නන් සම්බන්ධ වේ.

"https://si.wikipedia.org/w/index.php?title=නිහඬ_පුද්ගලික_පරිගණක&oldid=465202" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි