නිව්ටන්ගේ තෙවන නියමය

විකිපීඩියා වෙතින්

Lex III: Actioni contrariam semper et æqualem esse reactionem: sive corporum duorumactiones in se mutuo semper esse æquales et in partes contrarias dirigi. (සියලු බල ඇති වන්නේ යුගල වශයෙන් වන අතර මෙම බල දෙක විශාලත්වයෙන් සමාන හා දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ)

පොදුවේ චලිතය පිළිබඳ මෙම නියමය ‘සෑම බලයකටම සමාන ප්‍රතිවිරුද්ධ බලයක් පවතී’ නිව්ටන්ගේ තෙවන නියමය ලෙස ප්‍රකාශ කරයි. හිම මත ලිස්සන අයෙක් මත පවතින අන්යෝන්ය බල විශාලත්වයෙන් සමාන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ.

වඩාත් සෘජු පරිවර්තනය[සංස්කරණය]

III වන නියමය : සෑම ක්‍රියාවකටම සමාන ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් පවතී හෝ වස්තු දෙක එකිනෙක මත ඇති කරනා අන්යෝන්‍ය ක්‍රියා සෑම විටම සමාන අතර ප්‍රත්යනික කොටස් ලෙසට පවතී. යමක් තවෙකක් අදිනු ලබන හෝ තල්ලු කරන ප්‍රමාණයෙන්ම එය අනෙක මගින් ඇදීම හෝ තල්ලු කිරීම සිදුවේ. ඔබ ගලක් ඇඟිල්ලකින් තද කරන විට ගල මගින් ඔබේ ඇගිල්ලද තද වීමකට ලක්වේ. අශ්වයෙක් කඔයකින් ගැට ගැසූ ගලක් අදින විට , අශ්වයා ද (මා කියනා ආකාරයට) ඊට සමානව ගල වෙත ඇදෙනු ඇත. ඇදෙනා කඹය සැහැල්ලු හෝ නොනැමී සිටීමට සමාන වෑයමක් දරයි. ඒ අනුව අශ්වයා ගල දෙසට ගල අශ්වයා දෙසට ඇදෙනා පරිදිම ඇදෙනු ඇත. එහෙයින් එකක් අනෙක වෙත ඉදිරියට යන ප්‍රමාණයටම අනෙක ඉදිරියට යාම කෙරෙහි බාධා පමුණුවයි. වස්තුවක් තවෙකක් මත ගැටුණහොත් හා අනෙකේ චලනය එහි බලයෙන් වෙනස් කරයි නම්, ප්‍රත්යනික කොටස දෙසට සමානව තම චලනය ද වෙනස් වීමකට බදුන් වනු ඇත. (අන්යෝන්ය තෙරපුම සමාන බැවින්) මෙම ක්‍රියා මගින් සිදුවන වෙනස්වීම් සමාන වේ. එය සිදු වනුයේ ප්‍රවේශවලින් නොව වස්තූන්වල චලනයන්ගෙනි. එය වන්නේ වෙනත් කිසිම අවහිරතා මගින් වස්තූන්ට බාධා නොකරන්නේ නම්ය, චලිතයන් සමානව වෙනස් වන විට විරුද්ධ දිශාවනට සිදුවන ප්‍රවේග වෙනස් වීම් වස්තූන්වලට ප්‍රතිලෝමව සමානුපාතික වේ. ඊළග පරිව්ඡේදයේදී සනාථ කර පෙන්වන්නට නියමිත පරිදි මෙම නියමය ආකර්ශනයන්හිදී ද යෙදේ.

ඉහත සඳහන් චලනය , ගම්යතාවය සඳහා නිව්ටන් භාවිතා කළ වචනයයි. චලනය හා ප්‍රවේගය අතර වෙනස පිළිබඳ ඔහුගේ සැළකිලිමත් බව මින් හඟවයි.

තෙවන නියමය සියළු බල අන්තර් ක්‍රියා බව අදහස් කරයි. ඒක දිශා බල ලෙස කිසිවක් නැත. A විසින් B මත බලයක් යොදන්නේ නම් ඒ සමගම B ද A මත ඊට සමාන බලයක් යොදයි. පෙන්වා ඇති සටහනේ ආකාරයට හිම මත ලිස්සන පුද්ගලයා මත ක්‍රියා කරන අන්යෝන්‍ය බලයන් විශලත්වයෙන් සමාන අතර දිශාවෙන් ප්‍රතිවිරුද්ධ වේ. බල සමාන වූ පමණින් ත්වරණ සමාන නොවේ. නිව්ටන්ගේ දෙවන නියමයට අනුව ස්කන්ධයෙන් අඩු ලිස්සන්නාට වැඩි ත්වරණයක් ලැබෙනු ඇත. වෙනස් වස්තු මත ක්රියා කරන ක්රියා හා ප්‍රතික්‍රියා යුගල එකිනෙක අවලංගු නොවන බව වටහා ගැනීම වැදගත් වේ. නිවුටන්ගේ තෙවන නියමයේ වන බල දෙකම එකම වර්ගයේ වේ. නිදසුනක් ලෙස ත්වරණය වන කාරයක ටයරය මත පාර ඇති කරනුය් ඝර්ෂණ බලයකි. එපරිදිම ටයරය විසින් පාර මත පසුපසට ඝර්ෂණ බලයක් නිව්ටන්ගේ තෙවන නියමය ප්‍රකාශ කරන පරිදි ඇති කරයි.

ගම්යතා සංස්ථිති නියමය ව්යුත්පන්න කිරීම නිව්ටන් ඔහුගේ තෙවන නියමය භාවිතා කළේය. කෙසේ වෙතත් වඩා ගැඹුරු දෘෂ්ටි කෝණයකින් බැලූ විට ගම්යතා සංස්ථිතිය වඩාත් මූලික සංකල්පයක් (ගැලීලියානු අවිචලතාවේ නොඑද(ර්)ගේ ප්රමේයෙන් ව්යුත්පන්න කළ ) වන අතර නිව්ටන්ගේ තෙවන නියමය අසාර්ථක යැයි පෙනෙන්නට තියෙන අවස්ථාවල දී පවා ස්ථිරව පවතී. නිදසුනක් ලෙස බල ක්ෂේත්ර වගේම ගම්යතාව සහිත අංශු සම්බන්ධව හා ක්වොන්ටම් යාන්ත්ර විද්යාව ද දැක්විය හැක.

"https://si.wikipedia.org/w/index.php?title=නිව්ටන්ගේ_තෙවන_නියමය&oldid=389532" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි