නිපා වෛරස් ආසාදනය
| නිපා වෛරස් ආසාදනය | |
|---|---|
| වෙනත් නම් | NiV ආසාදනය[1] |
| හෙනිපා වයිරසයක ව්‍යුහය | |
| විශේෂතාව | Infectious diseases |
| රෝග ලක්ෂණ | රෝග ලක්ෂණ නොපෙන්වන නමුත් ශරීරය තුළ වෛරසය පැවතිය හැකි බව, උණ, කැස්ස, හිසරදය, ව්‍යාකූලත්වය[2] |
| Usual onset | නිරාවරණයෙන් දින 5 සිට 14 දක්වා[2] |
| හේතු | නිපා වෛරසය (සෘජු සම්බන්ධතා මගින් පැතිරෙයි)[3] |
| රෝග විනිශ්චය ක්‍රම | රෝග ලක්ෂණ මත පදනම්ව, රසායනාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ඇත[4] |
| වැළක්වීම | වවුලන් සහ රෝගී ඌරන්ට නිරාවරණය වීමෙන් වැළකීම, ඉඳි ගසේ යුෂ අමුවෙන් පානය නොකිරීම [5] |
| ප්‍රතිකාර | පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව අවශ්‍ය ප්‍රතිකාර ලබාදීම [6] |
| සංඛ්‍යාතය | ~මිනිස් රෝගීන් 701ක් (1998 සිට 2018 මැයි දක්වා)[7][8] |
| මරණ | මරණ අවදානම ~40% සිට 75% දක්වා[9][10] |
නිපා වෛරස් ආසාදනය යනු නිපා වෛරසය නිසා ඇතිවන වෛරස් ආසාදනයකි.[6] මෙම ආසාදනයේ රෝග ලක්ෂණ අතරට කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වීමේ සිට උණ, කැස්ස, හිසරදය, හුස්ම ගැනීමේ අපහසුතා සහ ව්‍යාකූලත්වය දක්වා වෙනස් වේ.[2][6] මෙය දිනක් හෝ දෙකක් ඇතුලත කෝමා තත්ත්වයට පවා පත්විය හැකිය.[2] සංකූලතා අතර මොළයේ ප්‍රදාහ තත්ත්වයක් සහ සුවය ලැබීමෙන් පසු වලිප්පුව වැනි සංකූලතා ඇතුළත් විය හැකිය.[6]
නිපා වෛරසය (NiV) යනු හෙනිපා වයිරස ගණයට අයත් RNA වෛරස් වර්ගයකි.[6] මෙම වෛරසය සාමාන්‍යයෙන් පලතුරු වවුලන් අතරින් විශේෂිත වර්ග කිහිපයක් අතර සංසරණය වේ.[6] එය මිනිසුන් මිනිසුන් අතර මෙන්ම අනෙකුත් සතුන්ගෙන් මිනිසුන්ට යන ආකාර දෙකටම පැතිර යා හැකිය.[6] මෙම රෝගය පැතිරීම සඳහා සාමාන්‍යයෙන් වෛරසය ආසාදිත ප්‍රභවයක් සමඟ සෘජු සම්බන්ධතාවයක් ඇති වීම අවශ්‍ය වේ.[3] රෝග විනිශ්චය කරනු ලබන්නේ රෝග ලක්ෂණ මත පදනම් වන අතර රසායනාගාර පරීක්ෂණ එය මගින් තහවුරු කර ගනී.[4]
මෙම රෝගය කළමනාකරණය කිරීමට ආසාදිතයින් පෙන්නුම් කරන රෝග ලක්ෂණ අනුව ඔවුනට අවශ්‍ය ප්‍රතිජීවක ඖෂධ ලබාදීම වැනි ආධාරක සත්කාර ඇතුළත් වේ.[6] 2023 වන විට මේ රෝගය සඳහා එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් සොයා ගෙන නොමැත.[6] නිපා වෛරසයෙන් ආරක්ෂා වීමට ගත හැකි ක්‍රියා මාර්ග අතරට වවුලන් හා රෝගී ඌරන්ට නිරාවරණය වීමෙන් වැළකී සිටීම සහ අමු රට ඉඳි යුෂ පානය නොකිරීම ඇතුළත් වේ.[5] 2018 වසරේ මැයි මාසය වන විට මිනිසුන් 700 කට පමණ මෙම වෛරසය ආසාදනය වී ඇති බවට ගණන් බලා ඇති අතර ආසාදිතයින්ගෙන් 40% සිට 75% දක්වා ප්‍රමාණයක් මරණයට පත් වී ඇත.[7][9][8][10] 2018 වසරේ මැයි මාසයේදී, ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මෙම රෝගය පැතිරීම හේතුවෙන් මරණ 17 ක් සිදු වී ඇත.[11][12][13]
මෙම රෝගය ප්‍රථම වරට හඳුනාගනු ලැබුවේ 1998 වසරේ මැලේසියාවේ රෝග පැතිර යාමකදී වන අතර 1999 දී වෛරසය හුදකලා කර හඳුනා ගන්නා ලදී.[6][14] මැලේසියාවේ සුන්ගයි නිපා නම් ගම්මානයේ නම ආදේශයෙන් මෙම රෝගය නම් කර ඇත.[14] ඌරන්ට ද මෙය ආසාදනය විය හැකි අතර, රෝග පැතිරීම නැවැත්වීම සඳහා 1999 දී මැලේසියානු බලධාරීන් විසින් ඌරන් මිලියන ගණනක් මරා දමන ලදී.[6][14]
ආශ්‍රිත
[සංස්කරණය]- ^ "නිපා වෛරස් ආසාදනය (සංකල්ප හැඳුනුම්පත: C1535917) - MedGen - NCBI". www.ncbi.nlm.nih.gov (ඉංග්‍රීසි බසින්). 3 ජූලි 2024 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 ජූලි 2024.
{{cite web}}: Invalid|url-status=සජීවී(help) සැකිල්ල:වෙබ් ලේඛනාගාරය - ^ a b c d "Signs and Symptoms Nipah Virus (NiV)". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 15 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
- ^ a b "Transmission Nipah Virus (NiV)". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 20 March 2014. 15 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
- ^ a b "Diagnosis Nipah Virus (NiV)". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 20 March 2014. 15 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
- ^ a b "Prevention Nipah Virus (NiV)". CDC (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). 20 March 2014. 15 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 24 May 2018.
- ^ a b c d e f g h i j k "WHO Nipah Virus (NiV) Infection". www.who.int. 18 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 May 2018.
- ^ a b Broder CC, Xu K, Nikolov DB, Zhu Z, Dimitrov DS, Middleton D, et al. (October 2013). "A treatment for and vaccine against the deadly Hendra and Nipah viruses". Antiviral Research. 100 (1): 8–13. doi:10.1016/j.antiviral.2013.06.012. PMC 4418552. PMID 23838047.
- ^ a b "Morbidity and mortality due to Nipah or Nipah-like virus encephalitis in WHO South-East Asia Region, 2001-2018" (PDF). SEAR. 13 June 2018 දින මුල් පිටපත (PDF) වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2 June 2018.
112 cases since Oct 2013
- ^ a b "Nipah virus outbreaks in the WHO South-East Asia Region". South-East Asia Regional Office. WHO. 23 May 2018 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 23 May 2018.
- ^ a b "Nipah virus". www.who.int (ඉංග්‍රීසි බසින්). 23 August 2021 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 14 October 2023.
- ^ CNN, Manveena Suri (22 May 2018). "10 confirmed dead from Nipah virus outbreak in India". CNN. 25 January 2021 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 25 May 2018.
{{cite news}}:|last=has generic name (help) - ^ "Nipah virus outbreak: Death toll rises to 14 in Kerala, two more cases identified". Hindustan Times. 27 May 2018. 9 June 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 May 2018.
- ^ "After the outbreak". Frontline (ඉංග්‍රීසි බසින්). සම්ප්‍රවේශය 2018-07-10.
- ^ a b c "Nipah Virus (NiV) CDC". www.cdc.gov (ඇමෙරිකානු ඉංග්‍රීසි බසින්). CDC. 16 December 2017 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 21 May 2018.