නින්ටෙන්ඩෝ
2016 සිට භාවිතා කරන ලද සමාගම් ලාංඡනය | |
ජපානයේ ක්යෝතෝ හි මූලස්ථානය | |
| ප්රාරම්භක | ෆුසජිරෝ යමඋචි |
|---|---|
නින්ටෙන්ඩෝ සංස්ථාව සීමාසහිත (ඉංග්‍රීසි: Nintendo Co., Ltd.) යනු ජපන් බහුජාතික වීඩියෝ ක්‍රීඩා සමාගමකි. එය වීඩියෝ ක්‍රීඩා සහ වීඩියෝ ක්‍රීඩා කොන්සෝල සංවර්ධනය, ප්‍රකාශනය සහ නිකුත් කිරීම සිදු කරයි. සමාගමේ මූලස්ථානය ජපානයේ ක්යෝතෝ හි පිහිටා ඇත.
නින්ටෙන්ඩෝ සංස්ථාව ආරම්භ කරන ලද්දේ ශිල්පියෙකු වන ෆුසජිරෝ යමඋචි විසිනි, ඔවුන් මුලින් හනෆුදා නමින් අතින් සාදන ලද ක්‍රීඩා කාඩ්පත් නිෂ්පාදනය කළහ. විවිධ ව්‍යාපාර ක්ෂේත්‍රවලට පිවිස පොදු සමාගමක් බවට පත්වීමෙන් පසු, නින්ටෙන්ඩෝ 1960-ගණන්වල සෙල්ලම් බඩු නිෂ්පාදනය කිරීමට පටන් ගත් අතර පසුව වීඩියෝ ක්‍රීඩා නිෂ්පාදනය කිරීමට පටන් ගත්තේය. නින්ටෙන්ඩෝ සිය පළමු ආකේඩ් ක්‍රීඩා සංවර්ධනය කළේ 1970-ගණන්වල ය. ඔවුන් 1977 දී එහි පළමු කොන්සෝලය වන කලර් ටීවී-ගේම් බෙදා හැරියා. 1981 දී ඩොංකි කොං හි ආකේඩ් නිකුතුව සහ 1985 දී සුපර් මාරියෝ බ්‍රදර්ස් සමඟ ජපානයෙන් පිටත දියත් කරන ලද නින්ටෙන්ඩෝ එන්ටර්ටේන්මන්ට් සිස්ටම් සමඟින් 1980 ගණන්වලදී සමාගම ජාත්‍යන්තරව ප්‍රමුඛස්ථානයට පත්විය.
එතැන් සිට, නින්ටෙන්ඩෝ විසින් ගේම් බොයි (1989), සුපර් නින්ටෙන්ඩෝ එන්ටර්ටේන්මන්ට් සිස්ටම් (1991), නින්ටෙන්ඩෝ ඩී.එස්. (2004), නින්ටෙන්ඩෝ වී (2006) සහ නින්ටෙන්ඩෝ ස්විච් (2017) ඇතුළු වීඩියෝ ක්‍රීඩා කර්මාන්තයේ වඩාත්ම සාර්ථක කොන්සෝල කිහිපයක් නිෂ්පාදනය කර ඇත. එය මාරියෝ, ඩොංකි කොං, ද ලෙජන්ඩ් ඔෆ් සෙල්ඩා, ඇනිමල් ක්‍රොසිං, සහ පෝකෙමොන් ඇතුළු ප්‍රධාන ක්‍රීඩා මාලා රාශියක් නිර්මාණය කර හෝ ප්‍රකාශයට පත් කර ඇත. සමාගමේ සුරතලා වන මාරියෝ, වඩාත් ප්‍රසිද්ධ ප්‍රබන්ධ චරිත අතර වේ. නින්ටෙන්ඩෝ හි අනෙකුත් චරිත, උදාහරණයක් ලෙස ලුවීජි, ඩොංකි කොං, සෑමස්, ලිංක්, කිර්බි, සහ පීකචූ, ජාත්‍යන්තර පිළිගැනීමක් ලබා ඇත. සමාගමේ ක්‍රීඩා මාලාව පාදක කරගත් චිත්‍රපට කිහිපයක් සහ තේමා උද්‍යාන ප්‍රදේශයක් නිර්මාණය කර ඇත.
2025 මැයි වන විට, නින්ටෙන්ඩෝ ක්‍රීඩා කොන්සෝල ඒකක කෝටි 86 කට වඩා සහ තනි ක්‍රීඩා කෝටි 590 කට වඩා අලෙවි වී ඇතඑය ජපන් වෙළඳපොලේ ධනවත්ම සහ වටිනාම සමාගම් වලින් එකකි.