Jump to content

නිදන් ගත පෙනහළු අවහිරවීමේ රෝගය

විකිපීඩියා වෙතින්
නිදන් ගත පෙනහළු අවහිරවීමේ රෝගය
වෙනත් නම්නිදන්ගත පුඵ්ඵුසීය බාධාකාරී රෝගය, නිදන්ගත බාධාකාරී පෙනහළු රෝග (COLD), නිදන්ගත බාධාකාරී ශ්වසන රෝග (COAD), නිදන්ගත බ්රොන්කයිටිස්, එම්පිසීමාව, පෙනහළු එම්පිසීමාව
දුම්පානය නිසා ඇති වන පෙනහළුවක රෝග ලක්ෂණ වන සෙන්ට්‍රිලෝබුලර් එම්පිසීමාව පෙන්නුම් කරන මෙම ආසන්න දර්ශනයේ කැපූ පෙනහළු මතුපිට බර කළු කාබන් තැන්පතු වලින් පිරුණු බහු කුහර පෙන්වයි.
විශේෂතාවLua දෝෂය in Module:I18n at line 371: bad argument #1 to 'pairs' (table expected, got nil).
රෝග ලක්‍ෂණහුස්ම ගැනීමේ අපහසුතාව, කැස්ස සමඟ සෙම සහ වෙනත් ද්‍රව්‍ය නිපදවීම.[1]
Usual onsetඅවුරුදු 40 ට වැඩි[2]
කාලපරාසයදීර්ඝ කාලීන [2]
හේතුදුම්කොළ දුම්පානය, වායු දූෂණය, ජාන[3]
රෝග විනිශ්චය ක්‍රමපෙනහළු ක්‍රියාකාරීත්ව පරීක්ෂණයs[4]
Differential diagnosisඇදුම[2]
වැළක්වීමගෘහස්ථ සහ එළිමහන් වාතයේ ගුණාත්මකභාවය, දුම්කොළ පාලන පියවර වැඩිදියුණු කිරීම[2]
ප්‍රතිකාරදුම්පානය නැවැත්වීම, ශ්වසන ප්‍රතිසාධනය, පෙනහළු බද්ධ කිරීම[3]
ඖෂධVaccinations, inhaled bronchodilators, inhaled steroids, long-term oxygen therapy[3][5]
සංඛ්‍යාතයමිලියන 174.5 (2015)[6]
මරණමිලියන 3.2 (2019)[7]

නිදන් ගත පෙනහළු අවහිරවීමේ රෝගය (COPD) (ක්‍රෝනික අවරෝධක පෙනහළු රෝගය) යනු හුස්ම ගැනීමට අපහසු වන තරමේ දරුණු පෙනහළු රෝගයකි.[1][8] ප්‍රධාන රෝග ලක්ෂණ අතරට හුස්ම ගැනීමේ අපහසුතාව සහ කැස්ස සමඟ සෙම නිපදවීම ඇතුළත් වේ.[1] COPD යනු ප්‍රගතිශීලී රෝගයකි, එනම් එය සාමාන්‍යයෙන් කාලයත් සමඟ නරක අතට හැරේ.[9] අවසානයේදී, ඇවිදීම හෝ ඇඳුම් ඇඳීම වැනි එදිනෙදා සරල කාර්යයන් කිරීමට පවා ඉතා අපහසු වේ.[2] නිදන්ගත බ්රොන්කයිටිස් සහ එම්පිසීමාව යනු විවිධ වර්ගයේ COPD සඳහා භාවිතා කරන පැරණි යෙදුම් වේ.[10][11][12] "නිදන්ගත බ්රොන්කයිටිස්" යන පදය තවමත් වසරකට අවම වශයෙන් මාස තුනක්වත් වසර දෙකක් පුරා පවතින කැස්සක් අර්ථ දැක්වීමට භාවිතා කරයි.[1] එවැනි කැස්සක් ඇති අයට COPD වර්ධනය වීමේ වැඩි අවදානමක් ඇත.[13] "එම්පිසීමාව" යන පදය පටක තුළ වාතය හෝ වෙනත් වායුවක් අසාමාන්‍ය ලෙස පැවතීම සඳහා ද භාවිතා වේ.[14]

වඩාත් පොදු හේතුව දුම්කොළ දුම්පානයයි, වායු දූෂණය සහ ජාන ජානගත කරුණු ද අඩු ගණනක් රෝගීන්ගේ තත්ත්වයන් සඳහා හේතු වේ.[3] සංවර්ධනය වෙමින් පවතින රටවල, දුර්වල වාතාශ්‍රය, ගින්නෙන් ඇති වන දුම් බොහෝ විට වායු දූෂණයට හේතු වේ.[2] මෙම ද්‍රව්‍යවලට දිගු කාලීනව නිරාවරණය වීමෙන් පෙනහළු වල ඇතිවන ප්‍රදාහය හේතුවෙන් කුඩා ශ්වසන මාර්ග පටු වී පෙනහළු පටක බිඳ වැටේ.[5] පෙනහළු ක්‍රියාකාරීත්ව පරීක්ෂණ මගින් හුස්ම ගැනීමේ අපහසුතාවය මනිනු ලබන අතර එමගින් රෝගය හඳුනා ගනී.[4] ඇදුම රෝගයට භාවිතා කරන හුස්ම නාලිකා ප්‍රසාරණ ඖෂධ වලින් ඉතා ඉක්මන් ප්‍රතිකාරයක් මෙම රෝගයේදී දක්නට නොලැබේ.[2][15]

අවදානම් සාධකවලට නිරාවරණය වීම අඩු කිරීමෙන් මෙම රෝගයට හේතු වන බොහෝ අවස්ථාවන් වළක්වා ගත හැකිය.[16] මෙයට දුම්පානය නොකිරීම සහ ගෘහස්ථ සහ එළිමහන් වාතයේ ගුණාත්මකභාවය වැඩිදියුණු කිරීම ඇතුළත් වේ.[2] ප්‍රතිකාර මගින් නරක අතට හැරීම මන්දගාමී කළ හැකි වුවද, සම්පූර්ණයෙන් නිවාරණය කිරීමට ක්‍රමයක් නැත.[2] ප්‍රතිකාර අතරට දුම්පානය නැවැත්වීම, එන්නත් කිරීම සහ හුස්ම ගැනීමේ හැකියාව වැඩි කිරීමේ විශේෂ පුහුණුව (ප්‍රතිසාධනය) ඇතුළත් වේ.[3][17] ආරම්භක බ්රොන්කොඩිලේටරය සාමාන්‍යයෙන් (හුස්ම නාලිකා පුළුල් කරන inhalaer ඖෂධ LAMA වන අතර, අවශ්‍ය නම් LABA සහ ස්ටීරෝයඩ් ඖෂණ එකතු කිරීම කරනු ලැබේ.[17] සමහර අයට දිගු කාලීන ඔක්සිජන් ප්‍රතිකාරය හෝ පෙනහළු බද්ධ කිරීමෙන් ප්‍රයෝජන ලැබිය හැකිය.[5] උග්‍ර ලෙස නරක අතට හැරෙන කාල පරිච්ඡේද ඇති අයට, ඖෂධ, ප්‍රතිජීවක, ස්ටෙරොයිඩ් භාවිතය වැඩි කිරීම සහ රෝහල්ගත කිරීම අවශ්‍ය විය හැකිය.[3][18]

2015 වර්ෂය වන විට, ලොව මුළු ජනගහනයෙන් 12%ක් වන මිලියන 174.5කට වැඩි ජනතාවක් මෙම රෝගයෙන් පෙළෙන බව වාර්තා වී තිබුණි.[6][19] එක්සත් ජනපදයේ ජනගහනයෙන් 6%ක් මෙම රෝගයෙන් පෙළෙයි.[17] රෝගය සාමාන්‍යයෙන් වයස අවුරුදු 40ක් ඉක්මවූ වැඩිහිටි ජනතාවට වඩාත්ම වැළඳෙන අතර, පිරිමි සහ ගැහැණු යන දෙපිරිසටම සමානුපාතිකව රෝගය වැළඳේ.[2] 2015 වර්ෂයේදී, මෙම රෝගය මගින් මිලියන 3.2ක මරණ සිදු විය. මෙයින් 90%කට වඩා වැඩි ප්‍රමාණයක් සිදු වූයේ සංවර්ධනය වෙමින් පවතින රටවලයි. 1990 වර්ෂයේ මරණ සංඛ්‍යාව මිලියන 2.4ක් වූ අතර, එයට සාපේක්ෂව ඉහළ යාමක් පෙන්නුම් කරයි.[20][21] සංවර්ධනය වෙමින් පවතින රටවල දුම්පානය කිරීමේ අනුපාතය ඉහළ යාම සහ බොහෝ රටවල වයස්ගත ජනගහනය වැඩිවීම හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත.[22] 2010 වර්ෂයේදී, මෙම රෝගය නිසා ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2.1ක (ඇස්තමේන්තුගත) ආර්ථික පිරිවැයක් ලොවට එක් විය.[23]

ආශ්රිත

[සංස්කරණය]
  1. ^ a b c d Vogelmeier CF, Criner GJ, Martinez FJ, Anzueto A, Barnes PJ, Bourbeau J, et al. (April 2017). "Global Strategy for the Diagnosis, Management and Prevention of Chronic Obstructive Lung Disease 2017 Report: GOLD Executive Summary". Respirology. 22 (3): 575–601. doi:10.1111/resp.13012. PMID 28150362.
  2. ^ a b c d e f g h i j "Chronic obstructive pulmonary disease (COPD) Fact sheet N°315". WHO. January 2015. 4 March 2016 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 4 March 2016.
  3. ^ a b c d e f Decramer M, Janssens W, Miravitlles M (April 2012). "Chronic obstructive pulmonary disease". Lancet. 379 (9823): 1341–51. CiteSeerX 10.1.1.1000.1967. doi:10.1016/S0140-6736(11)60968-9. PMC 7172377. PMID 22314182.
  4. ^ a b Nathell L, Nathell M, Malmberg P, Larsson K (December 2007). "COPD diagnosis related to different guidelines and spirometry techniques". Respiratory Research. 8 (1): 89. doi:10.1186/1465-9921-8-89. PMC 2217523. PMID 18053200.
  5. ^ a b c Rabe KF, Hurd S, Anzueto A, Barnes PJ, Buist SA, Calverley P, Fukuchi Y, Jenkins C, Rodriguez-Roisin R, van Weel C, Zielinski J (September 2007). "Global strategy for the diagnosis, management, and prevention of chronic obstructive pulmonary disease: GOLD executive summary". American Journal of Respiratory and Critical Care Medicine. 176 (6): 532–55. doi:10.1164/rccm.200703-456SO. PMID 17507545. {{cite journal}}: |hdl-access= requires |hdl= (help)
  6. ^ a b GBD 2015 Disease and Injury Incidence and Prevalence Collaborators (October 2016). "Global, regional, and national incidence, prevalence, and years lived with disability for 310 diseases and injuries, 1990–2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1545–1602. doi:10.1016/S0140-6736(16)31678-6. PMC 5055577. PMID 27733282. {{cite journal}}: |last= has generic name (help)CS1 maint: numeric names: authors list (link)
  7. ^ "Chronic obstructive pulmonary disease (COPD)". www.who.int (ඉංග්‍රීසි බසින්). 18 April 2018 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 28 April 2022.
  8. ^ Roversi, Sara; Corbetta, Lorenzo; Clini, Enrico (5 May 2017). "GOLD 2017 recommendations for COPD patients: toward a more personalized approach". COPD Research and Practice. 3. doi:10.1186/s40749-017-0024-y.
  9. ^ Vestbo, Jørgen (2013). "Definition and Overview". Global Strategy for the Diagnosis, Management, and Prevention of Chronic Obstructive Pulmonary Disease. Vol. 187. Global Initiative for Chronic Obstructive Lung Disease. pp. 1–7. doi:10.1164/rccm.201204-0596PP. PMID 22878278. 2013-03-02 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-07-12. {{cite book}}: |work= ignored (help)
  10. ^ "Chronic obstructive pulmonary disease (COPD)". WHO. 21 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 6 June 2019. The more familiar terms of "chronic bronchitis" and "emphysema" have often been used as labels for this condition.
  11. ^ Craig, John A. (2012). Ferri's netter patient advisor (2nd ed.). Saunders. p. 913. ISBN 9781455728268. 2020-12-25 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-07-12. Traditionally, two types of COPD were known as chronic bronchitis and emphysema. Most cases of COPD are a mixture of both diseases.
  12. ^ "Chronic obstructive pulmonary disease (COPD)". WHO. 18 April 2019 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 5 June 2019. Chronic Obstructive Pulmonary Disease (COPD) is not one single disease but an umbrella term used to describe chronic lung diseases that cause limitations in lung airflow. The more familiar terms 'chronic bronchitis' and 'emphysema' are no longer used, but are now included within the COPD diagnosis.
  13. ^ Global Initiative for Chronic Obstructive Lung Disease (PDF). 2019. p. 13. 30 April 2020 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත (PDF). සම්ප්‍රවේශය 1 May 2019.
  14. ^ Taylor, Jayne (2019). Bailliere's Dictionary E-Book: for Nurses and Health Care Workers. Elsevier Health Sciences. p. 128. ISBN 9780702075643. 2020-07-29 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-07-12.
  15. ^ "Asthma vs. COPD: What's the Difference?". WebMD. 2019-01-30. 2019-12-26 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2019-12-26.
  16. ^ Pirozzi C, Scholand MB (July 2012). "Smoking cessation and environmental hygiene". The Medical Clinics of North America. 96 (4): 849–67. doi:10.1016/j.mcna.2012.04.014. PMID 22793948.
  17. ^ a b c Cagle SD, Jr; Landrum, LS; Kennedy, AM (June 2023). "Chronic Obstructive Pulmonary Disease: Diagnosis and Management". American family physician. 107 (6): 604–612. PMID 37327161.
  18. ^ Dobler, Claudia C.; Morrow, Allison S.; Beuschel, Bradley; Farah, Magdoleen H.; Majzoub, Abdul M.; Wilson, Michael E.; Hasan, Bashar; Seisa, Mohamed O.; Daraz, Lubna; Prokop, Larry J.; Murad, M. Hassan (25 February 2020). "Pharmacologic Therapies in Patients With Exacerbation of Chronic Obstructive Pulmonary Disease". Annals of Internal Medicine. 172 (6): 413–422. doi:10.7326/M19-3007. PMID 32092762.
  19. ^ Agusti, A; Böhm, M; Celli, B; Criner, GJ; Garcia-Alvarez, A; Martinez, F; Sin, DD; Vogelmeier, CF (26 May 2023). "GOLD COPD DOCUMENT 2023: a brief update for practicing cardiologists". Clinical research in cardiology : official journal of the German Cardiac Society: 1–10. doi:10.1007/s00392-023-02217-0. PMID 37233751.
  20. ^ GBD 2015 Mortality and Causes of Death Collaborators (October 2016). "Global, regional, and national life expectancy, all-cause mortality, and cause-specific mortality for 249 causes of death, 1980–2015: a systematic analysis for the Global Burden of Disease Study 2015". Lancet. 388 (10053): 1459–1544. doi:10.1016/S0140-6736(16)31012-1. PMC 5388903. PMID 27733281. {{cite journal}}: |last= has generic name (help)CS1 maint: numeric names: authors list (link)
  21. ^ GBD 2013 Mortality and Causes of Death Collaborators (January 2015). "Global, regional, and national age-sex specific all-cause and cause-specific mortality for 240 causes of death, 1990–2013: a systematic analysis for the Global Burden of Disease Study 2013". Lancet. 385 (9963): 117–71. doi:10.1016/S0140-6736(14)61682-2. PMC 4340604. PMID 25530442. {{cite journal}}: |last= has generic name (help)CS1 maint: numeric names: authors list (link)
  22. ^ Mathers CD, Loncar D (November 2006). "Projections of global mortality and burden of disease from 2002 to 2030". PLOS Medicine. 3 (11): e442. doi:10.1371/journal.pmed.0030442. PMC 1664601. PMID 17132052.
  23. ^ Lomborg, Bjørn (2013). Global problems, local solutions : costs and benefits. Cambridge University Press. p. 143. ISBN 978-1-107-03959-9. 2016-05-17 දින පැවති මුල් පිටපත වෙතින් සංරක්ෂිත පිටපත. සම්ප්‍රවේශය 2020-07-12.