නායකත්ව අධ්‍යයනය

විකිපීඩියා වෙතින්

නායකත්ව අධ්‍යයනය යනු ආයතනික සන්දර්භය තුළ සහ මිනිස් ජීවිතයේ නායකත්වය කෙරෙහි අවධානය යොමු කරන බහුවිධ අධ්‍යයන ක්ෂේත්‍රයකි. නායකත්ව අධ්‍යයනයන්වල දී  සමාජ විද්‍යාවන්හි (උදා. සමාජ විද්‍යාව, මානව විද්‍යාව, මනෝ විද්‍යාව), මානව ශාස්ත්‍රවල (උදා. ඉතිහාසය සහ දර්ශනය) මෙන් ම වෘත්තීය සහ ව්‍යවහාරික අධ්‍යයන ක්ෂේත්‍රවල (උදා. කළමනාකරණය සහ අධ්‍යාපනය) මූලාරම්භයක් ඇති අතර නායකත්ව අධ්‍යයන ක්ෂේත්‍රය ආයතනික අධ්‍යයන ක්ෂේත්‍රයට සමීප ව බැඳී ඇත.

අධ්‍යයන අංශයක් ලෙස, නායකත්වය පිළිබඳ අධ්‍යයනය විවිධාකාර විනය පසුබිමිවල සිටින විද්වතුන්ට උනන්දුවක් දක්වයි. අද වන විට නායකත්ව අධ්‍යයනයට අදාළ අධ්‍යයන වැඩසටහන් රාශියක් (අධ්‍යයන විද්‍යාල සහ දෙපාර්තමේන්තු කිහිපයක් )  පුරා විහිදී ඇත. නායකත්ව උපාධි වැඩසටහන් ක්‍රියාත්මක වන්නේ :නායකත්වයේ අංශ, නායකත්ව අධ්‍යයන සහ සංවිධානාත්මක නායකත්වය මත පදනම් වූ දේවල් ය.

උසස් අධ්‍යාපනය තුළ නායකත්වය[සංස්කරණය]

නායකත්වය සෑම මට්ටමක ම උසස් අධ්‍යාපනයේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්වන ක්ෂේත්‍රයක් බවට පත් ව ඇත. ආචාර්ය උපාධිය, උපාධිධාරීන්, වැඩි වන විද්‍යාල සහ විශ්ව විද්‍යාල තනි පාඨමාලා පමණක් නොව සමස්ත උපාධි පාඨමාලා ද, නායකත්ව අධ්‍යයනය සඳහා විශේෂයෙන් කැප වී ඇත. ඉංජිනේරු විද්‍යාව, අධ්‍යාපනය සහ වෛද්‍ය විද්‍යාව වැනි වඩාත් ස්ථාපිත සහ සාම්ප්‍රදායික අධ්‍යයන විෂයන් අතර පවා නායකත්වය පිළිබඳ අධ්‍යයනය වටා විශේෂීකරණයක් සහ එකඟතාවක් වර්ධනය වී ඇත. මෙම අධ්‍යයන වැඩසටහන් බොහොමයක් ඉලක්ක කර ඇත්තේ සමාජ විද්‍යාව, මනෝ විද්‍යාව, දර්ශනය සහ කළමණාකරණය ආශ්‍රිත ක්ෂේත්‍රයන්ගෙන් න්‍යායන් සහ යෙදුම් ලබා ගැනීමෙනි. එවැනි ප්‍රවේශයක් තුළ රොස්ට්(1991) තර්ක කර ඇත්තේ " විනයගරුක ප්‍රවේශයකින් කළ නොහැකි නායකත්වය,රැඩිකල් ලෙස නව සිතිවිලිවලින් සිතීමට විද්වතුන්ට සහ වෘත්තිකයින්ට ඉඩ සලසයි. " යනුවෙනි.

අධ්‍යයන ක්ෂේත්‍රයක් ලෙස නායකත්වයේ ඉතිහාසය[සංස්කරණය]

නායකත්වය පිළිබඳ අධ්‍යයනය ප්ලේටෝ, සන් ට්සු සහ මැකියාවෙල්ලි දක්වා දිව යයි. කෙසේ වෙතත් පසුගිය දශක දෙක තුළ සහ පසුගිය වසර 60 තුළ සමකාලීන ශාස්ත්‍රීය අධ්‍යයනවල කේන්ද්‍රස්ථානය බවට පත් ව ඇත්තේ නායකත්වය යි. සමකාලීන නායකත්ව විශාරදයින් සහ පර්යේෂකයින් බොහෝ විට ඔවුන්ගේ කාර්යයේ ස්වභාවය සහ ශාස්ත්‍රාලය තුළ එහි පිහිටීම පිළිබද ව ප්‍රශ්න කර ඇති නමුත් අධ්‍යයන ක්ෂේත්‍රයක් තුළ නායකත්වය වටා ඇති බොහෝ ව්‍යාකූලත්වයට හේතු වී ඇත්තේ සම්ප්‍රේෂණ විෂය ක්ෂේත්‍ර, අන්තර් සහ බහු විෂය ක්ෂේත්‍ර ආදී අධ්‍යාපනික ක්ෂේත්‍ර පිළිබඳ අවබෝධය හිඟකම යි.විෂය ක්ෂේත්‍රය (උප ක්ෂේත්‍ර රාශියක් ආවරණය වන )නිර්වචන, න්‍යායන්, ශෛලීන්, කාර්යයන්, නිපුණතා සහ විවිධ නායකයින්ගේ සාර්ථක ඓතිහාසික නිදසුන්වලින් පිරී ඇත. සාමූහික ව ගත් කල, නායකත්වය පිළිබඳ පර්යේෂණ සොයාගැනීම් ජනප්‍රිය පුවත්පත්වල ඉදිරිපත් කර ඇති සරල අදහස් බොහොමයකට වඩා සංසිද්ධිය පිළිබඳ සංකීර්ණ දැක්මක් සපයයි.

නායකත්වය පිළිබඳ මුල් ම අධ්‍යයනවලට ඇතුළත් වන්නේ:[සංස්කරණය]

1940 දශකයේ ආරම්භ වූ ඔහියෝ රාජ්‍ය නායකත්ව අධ්‍යයන මඟින් නායකයින්ට පොදු කණ්ඩායම් අවශ්‍යතා සපුරාලිය හැකි ආකාරය පිළිබඳ ව අවධානය යොමු කරන ලදී. සොයාගැනීම්වලින් පෙනී ගියේ නායකත්වයේ වැදගත් ම මානයන් දෙක අතරට:"ආරම්භක ව්‍යුහය" සහ "සළකා බැලීම" සඳහන් කළ හැකි ය. මේ ලක්ෂණ උසස් හෝ පහත් විය හැකි අතර එකිනෙකගෙන් ස්වාධීන විය, පර්යේෂණය පදනම් වූයේ නායකයින්ට සහ යටත් නිලධාරීන්ට වූ ප්‍රශ්නාවලියක් මත ය.මේ ප්‍රශනාවලීන් නායකයින්ගේ චර්යා විස්තරාත්මක ප්‍රශ්නාවලිය (LBDQ) සහ  අධීක්ෂක චර්යා විස්තරාත්මක ප්‍රශ්නාවලිය (SBDQ) ලෙස හැඳින්වේ.

1950 දශකයේ ආරම්භ වූ  නායකත්වය පිළිබඳ මිචිගන් අධ්‍යයනයන් විසින් "සේවක කේන්ද්‍රීය" හෝ "රැකියා කේන්ද්‍රීය" ලෙස වර්ග කළ හැකි බව පෙන්නුම් කළේ ය. මෙම අධ්‍යයනයින් විසින් ඵලදායී නායකයින්ගේ තීරණාත්මක ලකෂණ තුනක් හඳුනාගෙන ඇත. ඒවා නම්  කාර්යයට නැඹුරු වූ හැසිරීම, සම්බන්ධතාවට නැඹුරු වූ හැසිරීම සහ සහභාගීත්ව නායකත්වය යි.1960 දශකයේ දී ඩග්ලස් මැක්ග්‍රෙගර් විසින් එම්.අයි.ටී. ස්ලෝන් කළමණාකරන පාසලේ දී මැක්ග්‍රෙගර්ස්ගේ  X සහ  Y  න්‍යාය සංවර්ධනය කරන ලදී. මේ න්‍යායන් මඟින් ශ්‍රම බලකාය තුළ සේවක අභිප්‍රේරණය පිළිබඳ විස්තර කරන ලදී. මෙම න්‍යායන් දෙක ම ආරම්භ වන්නේ කළමණාකරනයේ කාර්යභාරය සහ ව්‍යාපාරයේ ආර්ථික ලාභ ලබා ගැනීමට මිනිසුන් ඇතුළු නිෂ්පාදන සාධක එක්රැස් කිරීමෙනි. මේ ප්‍රධාන කරුණෙන් ඔබ්බට කළමණාකරන න්‍යායන් දෙක එකිනෙකට වෙනස් වේ.

මෙම අධ්‍යයනවලට අමතර ව නායකත්ව අධ්‍යයනය න්‍යායාත්මක දෘෂ්ටිකෝණයකින් ද පරීක්ෂා කර ඇත.නායකත්වයේ ගති ලක්ෂණ සහ වර්යාත්මක න්‍යායන්: ඵලදායී නායකත්වයට සම්බන්ධ හැසිරීම් වර්ග සහ පෞරුෂ ප්‍රවණතා විස්තර කිරීමට උත්සහ කිරීම. නායකත්වයේ අවස්ථානුකූල සහ අවිනිශ්චිත න්‍යායන්: නායකයාගේ හැසිරීමට අනුව පාරිසරික සහ ස්ථානීය කරුණු ඇතුළත් කිරීම. ක්‍රියාකාරීත්ව නායකත්ව න්‍යාය: කණ්ඩායම් අවශ්‍යතා සමබන්ධයෙන් අවශ්‍ය ඔිනෑ ම දෙයක් ගැන සැළකිලිමත් වීම නායකයෙකුගේ මූලික වගකීම බව යෝජනා කිරීම.  තොරතුරු සැකසුම් නායකත්ව න්‍යාය: නායකත්ව හැකියාවන් හඳුනා ගැනීමේ දී සමාජ දැකීමේ කාර්යභාරය කෙරෙහි අවධානය යොමු කිරීම. ස්වයං නායකත්ව න්‍යාය: ස්වයං නායකත්ව න්‍යායේ හරය වන්නේ චර්යා රටා මෙහෙයවනු ලබන නියම  අරමුණු සාක්ෂාත් කර ගැනීම ය. නායකත්වයේ ගණුදෙනු සහ පරිවර්තනීය න්‍යායන්: පරිවර්තනීය නායකයා අභිප්‍රේරණය සහ ඉලක්ක සපුරා ගැනීම කෙරෙහි අවධානය යොමු කිරීම.නායකත්ව අධ්‍යයනය පිළිබඳ පළමු ආචාර්ය උපාධි වැඩසටහන 1979 දී සෙන් ඩියාගෝ විශ්වවිද්‍යාලයේ නායකත්ව සහ පර්යේෂණ විද්‍යා පීඨයේ  දී ආරම්භ කරන ලදී.

විවිධ වර්ගයේ නායකත්වය පිළිබඳ පර්යේෂණ

විවිධ ආකාරයේ නායකත්වයන් මත ආනුභවික, පශ්චාත් විශ්ලේෂණ සහ න්‍යායාත්මක අධ්‍යයනයන් සිදු කර ඇත. අධ්‍යයනය කර ඇති නායකත්වයේ සමහර ශෛලීන් අතර:

  •      දෙබිඩි නායකත්වය
  •      ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වය
  •      නවෝපාදන නායකත්වය
  •      ගණුදෙනු සහිත නායකත්වය
  •      පරිවර්තනීය නායකත්වය


විශිෂ්ට නායකයින්[සංස්කරණය]

වොරන් බෙනිස්: ඇමෙරිකානු විශාරදයෙකි. ආයතනික උපදේශකයෙකු සහ කතුවරයෙකි. සමකාලීන නායකත්ව අධ්‍යයන ක්ෂේත්‍රයේ පුරෝගාමියෙකු ලෙස සැළකේ. බෙනිස් විශ්වවිද්‍යාලයේ  මහාචාර්යවරයෙකු සහ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විශිෂ්ට මහාචාර්යවරයෙකු වන අතර දකුණු කැලිෆෝනියා විශ්වවිද්‍යායේ නායකත්ව ආයතනයේ ආරම්භක සභාපතිවරයා ද වේ.


ස්ටෙෆන් ආර්.කෝවි: ජාත්‍යන්තර ගෞරවණීය නායකයෙකි. ප්‍රතිපත්ති මූලික නායකයෙකි. ඵලදායී පුද්ගලයෙකි. ෆ්රෑන්ක්ලින් කෝවි සමාගමේ නිර්මාතෘ සහ උප සභාපති වේ.


ජේම්ස් මැක්ග්‍රෙගර් බර්න්ස්: ජනාධිපතිගේ වාර්තාකරුවෙකි. නායකත්ව අධ්‍යයනයේ ආරමිභකයා වන අතර 1978 දී ඔහුගේ නායකත්ව ග්‍රන්ථය රචනා කළේ ය. විලියම්ස් විද්‍යාලයේ දේශපාලන විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙකු වන වුඩ්රෝ විල්සන් සහ මේරිලන්ඩ් විශ්වවිද්‍යාලයේ ජේම්ස් මැක්ග්‍රෙගර් බර්න්ස් ශාස්ත්‍රාලයේ නායකත්වය පිළිබඳ පුවීණයෙකි.ඔහුගේ රූස්වෙල්ට්: ද සෝල්ජර් ඔෆ් ෆ්‍රීඩම් කෘතියට (1940-1945) සඳහා 1971දී  පුලිස්ටර් ත්‍යාගය සහ ජාතික ග්‍රන්ථ සම්මානය හිමි විය.


පීටර් ඩ්‍රකර්: ලේඛකයෙකි, කළමණාකරන උපදේශකයෙකි. සමාජ පරිසරවේදියෙකි.  ඔහු "නූතන කළමණාකරනයේ පියා" ලෙස සැළකෙන අතර පොත් 39ක් සහ ව්‍යාපාර,රජය සහ ලාභ නො ලබන  ලෝකය තුළ සමාජයේ සෑම අංශයකින් ම මිනිසුන් එකට එක් වී ඇති ආකාරය පිළිබඳ ව ගවෙීෂණය කළේ ය.

රොනල්ඩ් හෙයිෆෙට්ස්: හාවඩ් විශ්වවිද්‍යාලයේ ජෝන් එෆ් කෙනඩි රජයේ පාසලෙහි, මහජන නායකත්ව මධ්‍යස්ථානයෙහි සම නිර්මාතෘවරයෙකු වේ.


බැරී සෙඩ්. පොස්නර්, ශාන්ත ක්ලාරා විශ්වවිද්‍යාලයේ නායකත්වය පිළිබඳ මහාචාර්යවරයකු වන අතර ලෙවී ව්‍යාපාර පාසලේ පීඨාධිපති ද වේ.


වික්ටර් ව්රූම්: යේල් කළමණාකරන පාසලේ ව්‍යාපාර පිළිබඳ මහාචාර්වරයෙකි. ව්රූම්ගේ මූලික පර්යේෂණය වූයේ අභිප්‍රෙරණය පිළිබඳ අපේක්ෂාව වන අතර එමඟින්, විශේෂයෙන් ම ආයතනවල තීරණ ගැනීමේ දී සහ නායකත්වයේ යම් යම් ක්‍රියාමාර්ග තෝරා ගන්නා ආකාරය පිළිබඳ ව ද පැහැදිලි කිරීමට උත්සාහ කරයි. ඔහුගේ වඩාත් ම ප්‍රසිද්ධ කෘති අතර " වැඩ කටයුතු සහ අභිප්‍රේරණය" ,"නායකත්වය සහ තීරණ ගැනීම", සහ "නව නායකත්වය" යන කෘති සඳහන් කළ හැකි ය.

නායකත්ව අධ්‍යයනයෙහි විවිධ පර්යේෂණ ක්‍රම[සංස්කරණය]

සංඛ්‍යාත්මක සහ ගුණාත්මකභාවයන් සම්මිශ්‍රිත ක්‍රමවේදයන් භාවිතයට ගෙන නායකත්වය පිළිබඳ ව අධ්‍යයනය කරනු ලැබේ. (එනම් සංඛ්‍යාත්මක සහ ගුණාත්මකභාවයෙහි සම්මිශ්‍රණයකි.) නායකත්ව පරිමාණයන්  සංඛ්‍යාත්මක මනෝවිද්‍යා දිශානතියකින් සංවිධානය කිරීම, ස්ථාපිත නායකත්ව ඇගයීම් පරීක්ෂා කිරීම සහ නායකයින්ගේ හැඟීම් පරීක්ෂා කිරිම  සඳහා සංඛ්‍යාන සහ ගණිතමය ආකෘති නිර්මාණය කර ඇත. ප්‍රමාණාත්මක විශ්ලේෂණය මඟින් ආර්ථික ක්ෂේත්‍රයේ ක්‍රමවේද  ඇතුළත්  කරමින් පර්යේෂණාත්මක ප්‍රවේශයක් ගත හැකි ය. නායකත්වය පිළිබඳ පර්යේෂණ සඳහා සමීක්ෂණ ක්‍රමවේදය ද බහුලව භාවිත කර ඇත. ඒ නිසා නායකත්ව අධ්‍යයනය තුළ සාම්ප්‍රදායික විශ්ලේෂණ ක්‍රම පර්යේෂණ විශ්ලේෂණ දක්වා ව්‍යාප්ත වී ඇත. (නිදසුන් වශයෙන් හරස් වගු, ප්‍රතිගාමී විශ්ලේෂණය, ලොග් රේඛීය විශ්ලේෂණය සහ සාධක විශ්ලේෂණය සඳහන් කළ හැකි ය). ගුණාත්මක දිශානතියකින් බැලූ විට පර්යේෂණ ශිල්පීය ක්‍රම රාශියක් නායකත්වය පිළිබඳ පර්යේෂණයට අයත් වේ. (නිදසුන් වශයෙන් ප්‍රපංච විද්‍යාව, මානව විද්‍යාව, පදනමක් ඇති න්‍යායන්, සම්මුඛ සාකච්ඡා, සිද්ධි අධ්‍යයනය, ඉතිහාස ලේඛන අධ්‍යයනය, සාහිත්‍ය විචාර ආදිය සඳහන් කළ හැනි ය.)

" පුහුණුකරුවෝ සහ පුහුණු මනෝවිද්‍යාඥයෝ පාඩමිවලට සහ ඔවුන්ගේ භාවිතයේ දී ධනාත්මක මනෝවිද්‍යාව වැඩි වැඩියෙන් භාවිත කරයි. (බිස්වාස්-ඩයිනර්,2010), "  නිදසුනක් ලෙස පී. ඇලෙක්ස් ලෙන්ලි සහ ගුර්පාල් මිංහාස් විසින් සිදු කළ වඩාත් ඵලදායී ශක්තීන් සොයාගත හැකි ආකාරය සහ අන් අයගේ ශක්තීන් හඳුනා ගැනීම සහ සංවර්ධනය කිරීමට දක්ෂ වූ පුද්ගලයින් පිළිබඳ ව සිදු කළ පර්යේෂණය සඳහන් කළ හැකි ය. (www.realise2.com) භාවිත කරමින් විවිධ ශක්තීන් 60ක් තක්සේරු  කිරීමත් සමඟ දත්ත රැස් කිරීම සඳහා භාවිත කරන මර්ගගත සමීක්ෂණයකින්  මේ අධ්‍යයනය සමන්විත වේ.

අධ්‍යයන වැඩසටහන්[සංස්කරණය]

නායකත්වය පිළිබඳ අධ්‍යයනයට අදාළ ආචාර්ය උපාධි, ශාස්ත්‍රපති සහ උපාධි අපේක්ෂක සහ උපාධි පාඨමාලා සැළකිය යුතු සංඛ්‍යාවක් ඇත. නායකත්වය පිළිබඳ අධ්‍යයනය අන්තර් විෂය ක්ෂේත්‍රයක් බැවින් නායකත්වය ආශ්‍රිත උපාධි වැඩසටහන් බොහෝ විට විවිධ විද්‍යාල, පාසල්, දෙපාර්තමේන්තු සහ විශ්වවිද්‍යාල හරහා සිදු කරයි. ඒ නිසා ආචාර්ය උපාධි මට්ටමේ නායකත්වය හා සම්බන්ධ උපාධි පාඨමාලාව සඳහා මූලික වශයෙන් ඇතුළත් වන්නේ ආචාර්ය උපාධිය යි. ශාස්ත්‍රපති මට්ටමේ නායකත්වය හා සම්බන්ධ පාඨමාලා සඳහා මූලික වශයෙන් ඇතුළත් වන්නේ විද්‍යාවේදී, ශාස්ත්‍රපති සහ විධායක ශාස්ත්‍රපති උපාධි වේ. උපාධි අපේක්ෂක මට්ටමේ නායකත්වය ආශ්‍රිත පාඨමාලා වන්නේ විද්‍යාවේදී උපාධිය සහ කලා උපාධිය  මෙන් ම නායකත්වය සහිත සුළු වැඉසටහන් ද, අදාළ වේ. නිදසුනක් වශයෙන්  ඔිල්ඩ් ඩොමීනියන් විශ්වවිද්‍යාලය විසින් උපාධි අපේක්ෂකයින් සඳහා නායකත්ව වැඩසටහනක් ඉදිරිපත් කරන අතර එමඟින් ශිෂ්‍යයන්ගේ වෘත්තීය ජීවිතය තුළ නායකත්ව කුසලතා සහ සාරධර්ම පෝෂණය කිරීමට ද උපකාරී වීම සඳහන් කළ හැකි ය.

"https://si.wikipedia.org/w/index.php?title=නායකත්ව_අධ්‍යයනය&oldid=534669" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි