Jump to content

නවුත්තුඩුව

විකිපීඩියා වෙතින්
නවුත්තුඩුව
நௌத்துடுவா
Nauththuduwa
ග්‍රාමය
පාසල් ක්‍රීඩා පිටිය සහ ගොඩනැගිලි, ප්‍රධාන මාර්ගය සහ දෙපස නිවාස, වෙළඳසැල් සහ කුඹුරු බිම්
පාසල් ක්‍රීඩා පිටිය සහ ගොඩනැගිලි, ප්‍රධාන මාර්ගය සහ දෙපස නිවාස, වෙළඳසැල් සහ කුඹුරු බිම්
නවුත්තුඩුව is located in Sri Lanka
නවුත්තුඩුව
නවුත්තුඩුව
පිහිටීම
ඛණ්ඩාංක: 6°30′N 80°05′E / 6.50°N 80.09°E / 6.50; 80.09
රට ශ්‍රී ලංකාව
පළාතබස්නාහිර
දිස්ත්‍රික්කයකළුතර
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයමතුගම
ග්‍රාම නිලධාරී වසමනවුත්තුඩුව
ප්‍රාදේශීය සභාවමතුගම
භාෂා
  නිල භාෂාසිංහල, දෙමළ
ආගම
  ප්‍රධාන ආගම්බුද්ධාගම, කතෝලික
වේලා කලාපශ්‍රී ලංකා සම්මත වේලාව (UTC+5:30)
තැපැල් කේතය12106
දුරකථන කේතය034
දේශගුණයනිවර්තන වැසි දේශගුණය
සාමාන්‍ය වාර්ෂික වර්ෂාපතනය2,931 mm[convert: unknown unit]

නවුත්තුඩුව (நௌத்துடுவா, Nauththuduwa) යනු ශ්‍රී ලංකාවේ බස්නාහිර පළාතේ කළුතර දිස්ත්‍රික්කයේ පිහිටි ගම්මානයකි. මෙය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති අතර කොළඹ සිට දළ වශයෙන් 71 km[convert: unknown unit] දුරින් පිහිටා ඇත.[1][2]

ගමේ ආර්ථිකය සාම්ප්‍රදායික රබර්, පොල්, තේ සහ වී වගාව ඇතුළු කෘෂිකාර්මික කටයුතු මත රඳාපවතී. කළු ගං ද්‍රෝණියේ කොටසක් වන ගමේ සශ්‍රික බව සහ ජනාවාස කෙරෙහි කළු ගඟ සෘජු බලපෑම් ඇති කරයි. නවුත්තුඩුව ග්‍රාමයේ ජීවත්වන බහුතරයක් දෙනා බෞද්ධ ජනතාව වන අතර කතෝලික සහ වෙනත් ආගම් අදහන ජනතාව සුළුතරයක් වෙති.

නාම ව්‍යුත්පත්තිය

[සංස්කරණය]

"නවුත්තුඩුව" යන නම සාම්ප්‍රදායික සිංහල ස්ථානීය නාමකරණය පිළිබිඹු කරන අතර "දූව" යන්නෙන් අදහස් කරන්නේ "දිවයිනක්" යන්නයි. කළු ගං ද්‍රෝණියේ ජල පද්ධතිය තුළ දිවයිනක් හෝ දිවයිනකට සමාන ආකෘතියක් සමඟ ගමේ ඓතිහාසික සම්බන්ධතාවයක් ඇති බව මෙයින් පෙනීයයි.

ඉංග්‍රීසි නාමකරණයේ දී ගමේ නම

  • Nauththuduwa
  • Nawattuduwa
  • Navuttuduva
  • Nawuththuduwa
  • Navuththuduwa
  • Nawaththuduwa
  • Nawuttuduva
  • Navattuduwa
  • Nawathtuduwa
  • Navathtuduwa
  • Navathuduwa
  • Nawathuduwa
  • Navuthuduwa
  • Nawuthtuduwa
  • Nawatuduwa
  • Navatuduwa

වැනි උච්චාරණය සමාන නමුත් වෙනස් අකුරු යොදා ලියනු ලබයි.

භූගෝලය

[සංස්කරණය]

පිහිටීම

[සංස්කරණය]

දළ වශයෙන් 6°30′N 80°05′E / 6.50°N 80.09°E / 6.50; 80.09 හි පිහිටා ඇති නවුත්තුඩුව, බස්නාහිර පළාතේ වෙරළබඩ පහත්බිම් කලාපයට අයත් වේ. එය මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 57 න් එකක් වේ.[3]

සමතලා භූ බිමෙහි සිට තරංගිත තැනිතලා වෙත විහිදෙන අතර පොල් වතු, රබර් වගා භූමි සහ විසිරුණු තේ වතු ඇතුළු නිවර්තන වෘක්ෂලතාදියෙන් නවුත්තුඩුව ගම සමන්විත වේ. ගම කළු ගං ද්‍රෝණියේ බලපෑමට ගැඹුරින් ලක්ව ඇත.

දේශගුණය

[සංස්කරණය]

ගමේ දේශගුණය වසරකට සාමාන්‍යයෙන් 2,931 mm[convert: unknown unit] ක ඉහළ වර්ෂාපතනයක් සහිත නිවර්තන වැසි දේශගුණයකි.[4] වර්ශාපතනය වැඩිම මාස මැයි සිට ඔක්තෝබර් දක්වා නිරිතදිග මෝසම වන අතර, ඔක්තෝබර් මාසයේදී දළ වශයෙන් 370 mm[convert: unknown unit] සමඟ වර්ශාපතනයේ උපරිමයට පැමිණේ.[5]

උෂ්ණත්වය 26.3 °C (79.3 °F) සිට 27.8 °C (82.0 °F) දක්වා පරාසයක, අධික ආර්ද්‍රතාවයක් (75-86%) සමඟ නිරන්තරයෙන් උණුසුම් වේ. ගමට වසරකට දින 267 ක් පමණ වර්ෂාව ලැබේ.

නවුත්තුඩුව ප්‍රදේශය (කලාපීය දේශගුණ දත්ත මත පදනම්ව) සඳහා කාලගුණ දත්ත
මාසය ජන පෙබ මාර් අප්‍රි මැයි ජුනි ජූලි අගෝ සැප් ඔක් නොවැ දෙසැ වසර
මධ්‍යන්‍ය දෛනික උපරිමය °C (°F) 30.3
(86.5)
30.8
(87.4)
31.3
(88.3)
31.2
(88.2)
30.5
(86.9)
29.7
(85.5)
29.3
(84.7)
29.4
(84.9)
29.5
(85.1)
29.4
(84.9)
29.3
(84.7)
29.6
(85.3)
30.0
(86.0)
දෛනික සාමාන්‍යය °C (°F) 26.5
(79.7)
26.8
(80.2)
27.8
(82.0)
27.9
(82.2)
27.8
(82.0)
27.3
(81.1)
26.9
(80.4)
26.9
(80.4)
26.9
(80.4)
26.8
(80.2)
26.3
(79.3)
26.4
(79.5)
27.0
(80.6)
මධ්‍යන්‍ය දෛනික අවමය °C (°F) 22.7
(72.9)
22.8
(73.0)
24.3
(75.7)
24.6
(76.3)
25.1
(77.2)
24.9
(76.8)
24.5
(76.1)
24.4
(75.9)
24.3
(75.7)
24.2
(75.6)
23.3
(73.9)
23.2
(73.8)
24.0
(75.2)
සාමාන්‍ය වර්ෂාපතනය mm (inches) 89
(3.5)
75
(3.0)
147
(5.8)
247
(9.7)
348
(13.7)
224
(8.8)
185
(7.3)
187
(7.4)
257
(10.1)
370
(14.6)
318
(12.5)
151
(5.9)
2,931
(115.4)
Source: Climate-Data.org[6]

ඉතිහාසය

[සංස්කරණය]

නවුත්තුඩුව පිළිබඳ නිශ්චිත ඓතිහාසික වාර්තා එතරම් නොතිබුණද, අවට කලාපයට ගැඹුරු ඓතිහාසික මූලයන් ඇත. 5වන සියවසේ බ්‍රාහ්මී ශිලා ලේඛන වැනි පුරාවිද්‍යාත්මක සාක්ෂි බෞද්ධ විහාරස්ථාන සහ මුල් කෘෂිකාර්මික ජනාවාස පැවති බවට සාක්ෂි සපයයි.

15 වන සියවසේදී, මෙම ප්‍රදේශය කෝට්ටේ රාජධානිය තුළ භෞමික බෙදීමක් වන පස්දුන් කෝරළයට අයත් විය. යටත් විජිත පාලනය 1505 දී පෘතුගීසින් සමඟ ආරම්භ වූ අතර, 1655 දී ලන්දේසින් සහ පසුව 1796 දී බ්‍රිතාන්‍යයන් අනුප්‍රාප්ත විය. බ්‍රිතාන්‍ය යුගයේදි වැවිලි කෘෂිකර්මාන්තය හඳුන්වා දුන් අතර, නවුත්තුඩුවේ ආර්ථිකයට කේන්ද්‍රීය වූ රබර් කර්මාන්තය ස්ථාපිත කළේය.[7]

ජන විකාශනය

[සංස්කරණය]

නවුත්තුඩුවේ නිවැරදි ජනගහන සංඛ්‍යා ප්‍රකාශයට පත් කර නොමැත. 2020 රජයේ සමීක්ෂණයට අනුව මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ලියාපදිංචි පවුල් 26,991 ක් වාර්තාවිය.[8]

ගමේ ජනවාර්ගික සංයුතිය ප්‍රධාන වශයෙන් සිංහල බෞද්ධයින්ගෙන් සමන්විත වන අතර, බොහෝ දුරට මිශ්‍ර දෙමළ සහ සිංහල සම්භවයක් ඇති කතෝලික ප්‍රජාව සුළුතරයක් සිටිති. ශාන්ත අන්තෝනි දේවස්ථානය යටත් විජිත උරුමයෙන් පැවතඑන කතෝලික ප්‍රජාවක් ජීවත්වනබව පෙන්නුම් කරයි.

ආර්ථිකය

[සංස්කරණය]

20 වන සියවසේ මුල් භාගයේ සිට ශ්‍රී ලංකාවේ ඓතිහාසික රබර් වගා ප්‍රදේශ ආශ්‍රිතව නවුත්තුඩුව පිහිටා ඇති බැවින් රබර් කර්මාන්තය ප්‍රමුඛ වේ. තවද වී, පොල්, කුළු බඩු (විශේෂයෙන් ගම්මිරිස් සහ කුරුඳු) සහ තේ වගාව දෛනික ජීවනෝපායන් සඳහා දායක වේ.

ප්‍රදේශයේ අතිරේක ආර්ථික ක්‍රියාකාරකම් අතර අත්කම් සහ රජයේ සමාජ මූල්‍ය වැඩසටහන් ද ඇතුළත් වේ.

යටිතල පහසුකම්

[සංස්කරණය]

ප්‍රවාහනය

[සංස්කරණය]

නවුත්තුඩුව ග්‍රාමය, මතුගම - අලුත්ගම 408 ප්‍රධාන මාර්ගය දෙපස පිහිටා ඇත. 408 මාර්ගය නැගෙනහිර අන්තයෙන් යටදොල හරහා මතුගම නගරයට ප්‍රවේශය සපයයි.[9] එය බටහිර අන්තයෙන් දර්ගා නගරය හරහා කොළඹ - ගාල්ල A2 මාර්ගය දෙපස පිහිටා ඇති අලුත්ගම නගරයෙන් අවසන් වන බැවින් ගාල්ල කොළඹ ප්‍රධාන මාර්ගය වෙත ද පහසුකම් සපයයි.

මාර්ගයේ නැගෙනහිර දෙසට යටදොල හන්දිය හරහා මතුගම - කළුතර මාර්ගය වෙත පිවිස කළුතර දෙසට ගියහොත් දොඩන්ගොඩ හුවමාරුව මුණගැසෙනු ඇත. එමඟින් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුල්වීමට ඉඩසලසයි. එනම් දක්ෂිණ අධිවේගී මාර්ගයට පිවිසීමට නවුත්තුඩුවේ සිට ආසන්න වශයෙන් 11 km[convert: unknown unit] වැනි කෙටි දුරක් පමණක් ධාවනය කීරීම ප්‍රමාණවත් වේ.

ප්‍රදේශයේ පොදු ප්‍රවාහනය ලෙස සැලකිය හැක්කේ රාජ්‍ය සහ පුද්ගලික නිත්‍ය බස් සේවාවන්වන අතර මතුගම, දර්ගා නගරය හරහා අලුත්ගම සම්බන්ධ කරන ප්‍රධාන මාර්ග දෙකෙන් එකක් වන නවුත්තුඩුව හරහා දිවෙන 408 මාර්ගයේ එම සේවා ක්‍රියාත්මක වෙයි. නිරන්තර බස් ධාවනය සිදුවන්නේ 408 ප්‍රධාන මාර්ගයේ පමණක් වුවද, කළුතර දිස්ත්‍රික්කයේ පයාගල, බේරුවල, වැලිපැන්න වැනි අර්ධ නගර සමඟද විකල්ප මාර්ග හරහා මෙම මාර්ගය සම්බන්ධ වේ. වෙනස් කාලසටහනකට ක්‍රියාත්මක වුවද එම මාර්ග ආවරණය වන බස් සේවාවන්ද ක්‍රියාත්මක වේ. එනම් නවුත්තුඩුවේ සිට ඉහත කී නගර වලටද පොදු ප්‍රවාහන පහසුකම් පවතී.

මෙම මාර්ගයේ මතුගම ප්‍රදේශයට අදාල කොටස නඩත්තුව මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සමඟ සහයෝගයෙන් මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය[10] විසින් සිදු කරනු ලබයි.

උපයෝගී සේවා

[සංස්කරණය]

ජල සැපයුම වැඩි වශයෙන් ළිං සහ ස්වාභාවික ජල ප්‍රභවයන් මත රඳා පවතින අතර සීමිත නල ජල භාවිතයක් ඇත.

විදුලි පහසුකම දළ වශයෙන් ගමෙන් 98% ආවරණය වන රැහැන් සබඳතාවකින් සමන්විතව ඇත.

දුරකථන සේවාවන් අභ්‍යන්තර ජංගම සහ කේබල් ජාල මගින් ආවරණය කරනු ලබන අතර පුළුල් අන්තර්ජාල සබඳතාවයකින් සමන්විත වේ.

අපද්‍රව්‍ය කළමනාකරණ වැනි යටිතල පහසුකම් සීමිත වන අතර, මෙය ග්‍රාමීය ප්‍රදේශ වල සාමාන්‍ය දෙයක් වේ.

වෛද්‍ය පහසුකම් අතර කටුගහහේන ප්‍රාදේශීය රෝහල[11], මතුගම රජයේ සහ පෞද්ගලික රෝහල්, දේශීය බෙහෙත් ශාලා සහ මාතෘ සායන වේ.

අධ්‍යාපනය

[සංස්කරණය]

නවුත්තුඩුව මහා විද්‍යාලය

[සංස්කරණය]
නවුත්තුඩුව මහා විද්‍යාලය

ගමේ ප්‍රමුඛතම විධිමත් අධ්‍යාපන ආයතනය වන්නේ මතුගම කලාප අධ්‍යාපන කාර්යාලය[12] මගින් කළමනාකරණය වන නවුත්තුඩුව මහා විද්‍යාලය වන අතර, එය ගමේ සහ අවට ප්‍රජාවගේ දරුවන්ට සිංහල මාධ්‍ය අධ්‍යාපනය සපයන රජයේ පාසලකි.[13]

ශ්‍රී සිද්ධාර්ථ පියරතන දහම් පාසල

[සංස්කරණය]

ගමේ වැදගත් ආගමික අධ්‍යාපන ආයතනයක් වන්නේ ශ්‍රී සිද්ධාර්ථ පියරතන දහම් පාසලයි. ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය පදනම් කරගත් එය, ධර්ම අධ්‍යාපනය ලබා දෙයි. එය දේශීය සංස්කෘතික උරුමයන් සහ සාරධර්ම ශක්තිමත් කරමින්, නවුත්තුඩුව සහ අවට ප්‍රදේශවල ළමුන් සහ තරුණයින් සඳහා බෞද්ධ ආගමික උපදෙස් ලබාදීම සඳහා දායක වේ.

ආගම සහ සංස්කෘතිය

[සංස්කරණය]

ගමේ කැපී පෙනෙන බෞද්ධ සහ තවත් ආගමික සිද්ධස්ථාන පිහිටා ඇත.

ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය

[සංස්කරණය]
ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය

ශ්‍රී සිද්ධාර්ථාරාම විහාරය නවුත්තුඩුවේ ප්‍රමුඛ ආගමික සිද්ධස්ථානයක් වන අතර එය වෙසක්, පොසොන් වැනි ප්‍රධාන බෞද්ධ ආගමික උත්සව සැමරීම් වලදී ක්‍රියාකාරී කාර්යභාරයක් ඉටු කරයි.

ශාන්ත අන්තෝනි දේවස්ථානය

[සංස්කරණය]

පල්ලෙගොඩ ශාන්ත අන්තෝනි දේවස්ථානය ගමේ කතෝලික ප්‍රජාවට සේවය කරයි. මෙම දේවස්ථානය කොළඹ රෝමානු කතෝලික අගරදගුරු පදවිය යටතේ ක්‍රියාත්මක වන අතර නාගොඩ ශාන්ත මයිකල් දේවස්ථානය මගින් පරිපාලනය වේ.[14]

උත්සව

[සංස්කරණය]

ප්‍රධාන ආගමික සහ සංස්කෘතික සැමරුම් අතර:

ගමෙන් බිහි වූ ජනප්‍රිය පුද්ගලයින්

[සංස්කරණය]
  • දිමුතු කුමාරසිංහ[15] – ජාත්‍යන්තර සූපවේදියෙකු වන මොහු තම ළමාවිය පවුලේ අයත් සමඟ ඔහු උපන්ගම වන නවුත්තුඩුවේ ගත කල අතර නවුත්තුඩුව මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබීය.

පරිපාලනය

[සංස්කරණය]

ග්‍රාම නිලධාරී වසමක් ලෙස, නවුත්තුඩුව අයිති වන්නේ කුඩාම දේශීය පරිපාලන ඒකකයට වන අතර, එය මතුගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය යටතේ පාලනය වේ. දේශීය නාගරික සේවා මතුගම ප්‍රාදේශිය සභාව විසින් කළමනාකරණය කරනු ලැබේ. 2025 පළාත් පාලන මැතිවරණයේදී, සමගි ජන බලවේගය (SJB) පක්ෂය මතුගම බහුතරය දිනා ගත්තේය.

මෙයත් බලන්න

[සංස්කරණය]

යොමුව

[සංස්කරණය]
  1. "GN Divisions - Divisional Secretariat - Matugama". Matugama Divisional Secretariat. සම්ප්‍රවේශය 2024-10-05.
  2. "Nawattuduwa Post Code". Postal Pin Zip Codes. සම්ප්‍රවේශය 2024-10-05.
  3. "Overview - Divisional Secretariat - Matugama". Matugama Divisional Secretariat. සම්ප්‍රවේශය 2024-10-05.
  4. "Kalutara climate: Average Temperature by month". Climate Data. සම්ප්‍රවේශය 2024-10-05.
  5. "Kalutara Climate By Month". Weather and Climate. සම්ප්‍රවේශය 2024-10-05.
  6. "Kalutara climate". Climate-Data.org. සම්ප්‍රවේශය 2024-10-05.
  7. "Kalutara and its Pioneer Rubber Planters". History of Ceylon Tea. සම්ප්‍රවේශය 2024-10-05.
  8. "Overview - Matugama Divisional Secretariat". Matugama DS. සම්ප්‍රවේශය 2024-10-05.
  9. "Road Development Authority - Sri Lanka". RDA. සම්ප්‍රවේශය 2024-10-05.
  10. "Overview". Matugama Divisional Secretariat. සම්ප්‍රවේශය 2025-10-06.
  11. "Katugahahena Divisional Hospital". Divisional Secretariat, Matugama. සම්ප්‍රවේශය 2024-10-05.
  12. "No of Schools by Divisional Level According to Educational Zone and Educational Division within Distirct 2009" (PDF). Divisional Education Office, Kaluthara. සම්ප්‍රවේශය 2009-12-29.
  13. "Schools in Kalutara District". Student Sri Lanka Education. සම්ප්‍රවේශය 2024-10-05.
  14. "Kalutara District Churches". Christian Affairs Department. සම්ප්‍රවේශය 2024-10-05.
  15. "Youth Dimuthu Chef Olympic". BBC Sinhala. 2013-01-25. සම්ප්‍රවේශය 2025-10-06.

බාහිර සබැඳි

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=නවුත්තුඩුව&oldid=768838" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි