නයනතාරා වික්‍රමාරච්චි

විකිපීඩියා වෙතින්
නයනතාරා වික්‍රමාරච්චි
උපතජනවාරි 22, 1998 (1998-01-22) (වයස 26)
ජාතිකත්වයශ්‍රී ලාංකික
අධ්‍යාපනයසඳලන්කා මහා විද්‍යාලය
මද්දුම බණ්ඩාර මහා විද්‍යාලය, වැලිවේරිය
රැකියාවනිලියක්
සක්‍රීය වසර2015-සිට වර්තමානය

නයනතාරා වික්‍රමාරච්චි ශ්‍රී ලංකා සිනමාවේ සහ රූපවාහිනියේ සම්මානලාභී නිළියකි.ශ්‍රී ලංකාවේ ජනප්‍රියම රූපවාහිනී නිළියක් වන ඇය රයිගම් ටෙලීස් හි අඛණ්ඩව වසර තුනක් තුළ වඩාත් ජනප්‍රිය නිළියට හිමි සම්මානය දිනාගනු ලැබීය.ඇය සුමති සම්මාන උළෙලේදී එක්වරක් ද,ස්ලිම් නීල්සන් සම්මාන උළෙලේදී අඛණ්ඩව 5 වතාවක් ද ජනප්‍රිය නිළියට හිමි සම්මානය ලබාගත්තාය.

පෞද්ගලික ජීවිතය[සංස්කරණය]

නයනතාරා වික්‍රමාරච්චි 1998 ජනවාරි 22 වන දින උපත ලැබුවේ පවුලේ දෙවන දරුවා ලෙසයි.ඇයට වැඩිමහල් සොහොයුරියක් සිටියි. මව සමන්ති සඳනායකය.සඳලංකා මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා ඇති ඇය පසුව වැලිවේරිය මද්දුම බණ්ඩාර මහා විද්‍යාවට ඇතුළත් වී අපොස සාමන්‍ය පෙළ සහ අපොස උසස් පෙළ හදාරන ලදී.

වෘත්තිය[සංස්කරණය]

රංගනය ආරම්භ කිරීමට පෙර ඇය ධර්මාජිත් පුනර්ජීව විසින් මෙහෙයවන ලද මායාශක්ති රංග ශිල්ප ශාලිකාවේ රංගනය හැදෑරුවාය. ඇය ප්‍රථම වරට ප්‍රසිද්ධ වේදිකාවේ බර්ටෝල් බ්‍රෙස්ට් අනුවර්තනයේ රැගෙන් අවි මමද එමි වේදිකා නාට්‍යයක පෙනී සිටියායඋපුටාදැක්වීම් දෝෂය: <ref> ටැගය සොයාගත නොහැකි බැවින් </ref> වසා දමමින්

2018 එක දවසක අපි[1] අනුරුද්ධ ජයසිංහ අධ්යක්ෂණයක්. තිරගත වීමට නියමිත.
සිනේමා
මා

සම්මාන[සංස්කරණය]

වසර සම්මාන උලෙළ ප්‍රභේදය නිර්දේශ වූ නිර්මාණය ප්‍රතිඵලය
2016 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2017 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2017 සුමති සම්මාන ජනප්‍රියම නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2018 රයිගම් ටෙලි සම්මාන ජනප්‍රියම නිළිය[2] දෙවෙනි ඉනිම දිනාගති
2018 SLIM - නීල්සන් පීපල්ස් සම්මාන වසරේ ටෙලිනාට්‍ය නිළිය දෙවෙනි ඉනිම දිනාගති
2019 හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල නැඟි එන නිළිය[3] දිනාගති
2019 SLIM - නීල්සන් පීපල්ස් සම්මාන වසරේ ටෙලිනාට්‍ය නිළිය දෙවෙනි ඉනිම දිනාගති

ආශ්‍රිත[සංස්කරණය]

  1. http://dailynews.lk/2017/06/20/entertainment/119349/eka-dawasaka-api-ready-screening
  2. "TV Derana wins multiple Raigam Tele'es awards". TVDerana. සම්ප්‍රවේශය 27 February 2018.
  3. "හත්වන දෙරණ ලක්ස් සිනමා සම්මාන උළෙල මෙවරත් තරු රැසක් අභිෂේක ගන්වයි". adaderana.lk/. 29 June 2019. සම්ප්‍රවේශය 26 February 2020.