ධරණීය වනාන්තරවේදය

විකිපීඩියා වෙතින්

අස්වනු නෙළන ක්‍රම[සංස්කරණය]

තිරසාර වන සංවර්ධන විද්‍යාවේ අරමුණු වන්නේ ඝට්ටනයන් සීමා කරමින් වනාන්තරවල අගයන් / වටිනාකම් සදාකල් පවත්නා‍සේ පවත්වාගෙන යාමයි. විවිධ වූ අස්වනු නෙළන ක්‍රම පහක් ඇත.

ගසක් බැගින් තෝරා ගැනීමේ ක්‍රමය[සංස්කරණය]

ගසක් බැගින් තෝරා නෙළා ගැනීමේ ක්‍රමය විවිධ වයස්වල පවතින ගස් නෙළා ගැනීමේ ක්‍රමයක් වන අතර වඩාත් උචිත වන්නේ සෙවණට ඔරොත්තු දිය හැකි නැවත ඇතිවන, ශාක විශේෂ පවතින විටයි. මෙම ක්‍රමයෙන් විශාල මෙන්ම වටිනා ශාක දර්ශ බිමෙන් ඉවත්වනවා මෙන්ම පැරණි වැඩුණු ගස්වල මිය යාමට ලක් වෙමින් එම ස්ථානවල නිර්මාණය වේ. ඝණ වනාන්තර සහ ඉතිරි වූ ගස්වලට හානි සිදුවන විට ගසක් බැගින් තෝරා ගැනීම ඉතා අපහසු වේ.

සමූහ වශයෙන් තෝරා ගැනීමේ ක්‍රමය[සංස්කරණය]

සමූහ වශයෙන් තෝරා නෙළා ගැනීමේ ක්‍රමය විවිධ වයස්වල පවතින ගස් නෙළා ගැනීමේ ක්‍රමයක් වන අතර වඩාත් උචිත වන්නේ සෙවණට ඔරොත්තු නොදෙන නැවත වගා විය හැකි ශාක විශේෂ පවතින විටයි. ඝනව වැඩුණු ගස් පවතින විට, සමූහ වශයෙන් තෝරා ගැනීමේදී ඉතිරිවන ගස්වලට හානි සිදු වේ. කෙසේ වෙතත් එක් දිශාවකට තෝරා ගැනීමෙන් සිදුවන හානිය අවම කර ගත හැක. ඊ‍ට අමතරව වනාන්තර, ගස්වල විෂ්කම්භ පන්ති පරාසවලින් තෝරා ගැනීම සහ විවිධ වයස්වල සහ විෂ්කම්භ පන්තිවල පවත්වා ගත හැකිය.

ආවරණ දැව ලබා ගැනීමේ ක්‍රමය[සංස්කරණය]

ආවරණ දැව ක්‍රමය සමාන වයස්වල පවතින ගස් නෙලා ගැනීමේ ක්‍රමයක්වන අතර එය වඩාත් ගැළපෙනුයේ අභිමත ආකාරයෙන් ශාක විශේෂ කිහිපයක් පවතින විටදී හෝ සුළං හමන දිශාව සලකන විටදීය. ආවරණ දැව ලබා ගැනීමේ ක්‍රමයේදී සම්මතයක්‍ලෙස අක්කරයකට ගස් 15 – 20 සංඛ්‍යාවක් අතහරිනු ලබන්නේ නැවත ගස් ඉපැද්දීමට අවශ්‍ය බීජ ලබා ගැනීමටයි. මෙම ක්‍රමයෙන් වන ජීවීන්ට උචිත / සුදුසු වාසස්ථාන අහිමි වීම ප්‍රතිඵල විය හැකිය. නැතහොත් අඩුවිය හැකිය. එමෙන්ම ස්වභාවික පූණර්වර්ධනයෙන් පැහැදිලි ලෙස වෙනස් විය හැකි අතර සමාන ගැටළු මේ ආශ්‍රීතව පවතී.

බීජ - ශාක ක්‍රමය[සංස්කරණය]

බීජ - ශාක ක්‍රමය සමාන වයස්වල ඇති ශාක නෙලා ගැනීමේ ක්‍රමයක්වන අතර වඩාත් යෝග්‍යය වන්නේ පුණර්වර්ධනය / නැවත වගා විය හැකි ශාක විශේෂ එකක් හෝ දෙකක් පවතින විටදී සහ සුළං හමන දිශාව ගැන සැලකිළිමත් නොවන විටදීය. මෙම බීජ - ශාක ක්‍රමයේදී අක්කරයකට බීජ සහිත ගස් 5 – 12 අතර සංඛ්‍යාවක් වනාන්තරය නැවත වගා වීමට අත් හරිනු ලැබේ. මෙසේ ඉතිරිවන බීජ සහිත ගස් එම භූමියේම තබනුයේ නැවත ශාක වර්ධනය වීම තහවුරුවන තෙක් වන අතර ඉන්පසු ඒවා ඉවත් කළ හැකිය. එය සෑම විටම ආර්ථික වශයෙන් යෝග්‍ය නොවේ. නැත්නම් ජීව විද්‍යාත්මකව ඉතිරිව පවතින බීජ සහිත ගස් ඉවත් වී නැවත ගස් ඇති වීම සිදු වේ. බීජ සහිත ගස් කැපීම පැහැදිලි ලෙස වෙන් වූ කැපීමක් ලෙස ස්වභාවික පුණර්වර්ධනයත් සමග නිරූපණය වේ. එමෙන්ම පැහැදිලි ලෙස වෙන් වූ කැපුම්වලදී මතුවන සෑම ගැටළුවක්ම මෙම ක්‍රමය සමග බැඳී පවතී.

පැහැදිලි ලෙස වෙන්කර ගැනීමේ ක්‍රමය[සංස්කරණය]

මෙම ක්‍රමය සමාන වයස්වල පවතින ශාක නෙලා ගැනීමේ ක්‍රමයක්වන අතර මෙය ස්වභාවික හෝ කෘතීමව ඇති කළ වනාන්තර සඳහා යෙදිය හැක. මෙම ක්‍රමය ගින්නෙන් හානි වූ ශාක වෙනුවට නැවත ඇති වූ ශාක විශේෂ පවතින විට ජීව විද්‍යාත්මකව යෝග්‍ය Douglas-fir (Pseudotsuga menziesii) උදාහරණයකි. පැහැදිලි ලෙස වෙන්කර ගැනීම මගින් බිමෙහි විශේෂ බහුලතාවය වැඩි වනුයේ ආවේණික නොවන සහ ආක්‍රමණික විශේෂ හඳුන්වාදීමත් සමගය. එය කැලිෆෝර්නියාවේ Geoget නගරය ආසන්න වනාන්තරයේදී කරන ලද Blodgett පරීක්ෂණයෙන් දක්වා ඇති පරිදිය. තවද, මෙම ක්‍රමය මගින් දිගු කාලීන Slash දිරාපත් වීම, පාංශු ඛාදනයට පස නිරාවරණය වීම, වනාන්තරයේ දර්ශනයට බලපෑම් ඇති වීම සහ අත්‍යාවශ්‍ය වනජීවී වාසස්ථාන ඉවත්වීම සිදු වේ.


වත්මන් තත්‍වය[සංස්කරණය]

වර්තමානයේ ඉතා වටිනා වනාන්තර පරිසර පද්ධති කළමණාකරනය, විවිධාකාර වූ විශේෂ වර්ග තේරීම සහ ශාක බෝ කිරීම හා සම්බන්ධ ඉතා ප්‍රබල ව්‍යාප්තියක් පවතී. වන විද්‍යාව සතුව ගස් සිටුවීම, රැක ගැනීම, කප්පාදු කිරීම, පාලනය කරන ලද කැළෑ ගිනි තැබීම, ගස් කැපීම, නිස්සාරණය කිරීම සහ දැව නිෂ්පාදනය සදහා දියුණු කරන ලද ක්‍රම පවතී. මෙලෙස නූතන වන විද්‍යාව සතු ක්‍රමයක් වන නැවත වන වගා කිරීම යටතේ යම් ප්‍රදේශයක ගස් සිටුවීම හා රැක බලා ගැනීම සිදු කරයි.

බොහෝ කලාපවල වනාන්තර ආශ්‍රිත වෙළදාම පාරිසරික ලෙස, ආර්ථීක ලෙස හා සාමාජයීය ලෙස ඉතා වැදගත් වේ. බොහෝ ප්‍රදේශවල 1990 කාලයේ සිට තෙවන පාර්ශ්වීය සහතික කිරීමේ ක්‍රමයන් මගින් වනයේ භාරකාරත්වය හා තිරසාර වන විද්‍යාව ඉතා ස්වාධීන ලෙස තහවුරු කිරීම සිදුකිරීම ඉතා ප්‍රකටව පවතී. මෙම සහතික කිරීමේ ක්‍රමයන් දියුණු විම,එතරම් දියුණු නැති කලාපවල සිදුවන වන විනාශය හා දියුණු ලෝකයේ සම්පත් කළමනාකරණයට වැඩිපුර සැලකිල්ලක් දැක්වීම වැනි සමහර විවේචනාත්මක වන විද්‍යාත්මක ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දැක්වීම ලෙස යොදා ගත හැක. ඇතැම් සහතික කිරීමේ පද්ධති, වෙළදාම් කිරිම් උපකරණයන් ලෙස හා ඔවුන් ඉල්ලා සිටි ස්වාධීනත්වය අඩු වීම නිසා විවේචනයන්ට ලක්ව ඇත.

භූමි ලක්ෂණ අනුව වනාන්තර ලෙස පැවතුන භූමි පාංශු ඛාදනයන් ආරක්ෂා කිරීම හෝ අවම කිරීමට හෝ නායයෑම් වලින් ආරක්ෂා කිරිම සදහා නිවැරදි වන විද්‍යාවක් අවශ්‍ය වේ. නායයෑම් සිදුවීම සදහා ඉතා වැඩි හැකියාවක් පවතින ප්‍රදේශවල දේපළ නැති වීම හෝ ආරක්ෂා කිරීම, මිනිසුන්ට සිදුවන තුවාල වීම් හෝ ජීවිත නැති වීම් වළක්වා ගැනීමට නිවැරදි වන විද්‍යාව යොදා ගත හැක.

වනාන්තර නිසි පරිදි කළමණාකරණය නොකිරීම පිළිබද මහජනතාවගේ අවධානය යොමු වීම වර්ධනය වීම හා දැව නිෂ්පාදනයට වන භූමි යොදා ගැනීමට වඩා පාරම්පරික අයිතීන්, සුන්දරත්වය, ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂාව හා කැළෑ හා ඒවායේ වන සතුන්ගේ වාසස්ථාන ආරක්ෂාව සදහා වනාන්තර යොදා ගැනීම යන ආකාර දෙක සමගම වනාන්තර කළමණාකරනය පිළිබද මහජනතාවගේ දැකීම විවාදාත්මක වී ඇත. දැව නිෂ්පාදන වලට ජනතාවගේ ඉල්ලූම වැඩි වීමත් සමගම කැළෑ ගිනි තැබීම, වනාන්තර වලින් ලී ලබා ගැනීම, යන්ත්‍ර මගින් සිදු කරන අලංකාර කිරීම් සහ අනෙකුත් ක්‍රියාකාරකම් විවාදයට තුඩු දී ඇත.

"https://si.wikipedia.org/w/index.php?title=ධරණීය_වනාන්තරවේදය&oldid=596962" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි