Jump to content

ද ගුඩ් අර්ත්

විකිපීඩියා වෙතින්
ද ගුඩ් අර්ත්
පළමුවන සංස්කරණය
කර්තෘපර්ල් එස්. බක්
කවර චිත්‍ර ශිල්පීමැතිව් ලුවී
රටචීනය
භාෂාවඉංග්‍රීසි
ප්‍රභේදයඓතිහාසික ප්‍රබන්ධය
ප්‍රකාශකයාජෝන් ඩේ
ප්‍රකාශිත දිනය
මාර්තු 2, 1931
මාධ්‍ය වර්ගයමුද්‍රිත
පිටු356 (1වන සංස්කරණය)
ඕසීඑල්සී565613765
813.52
අනුගත වන්නේසන්ස්

ද ගුඩ් අර්ත් යනු පර්ල් එස්. බක් විසින් 1931වසරෙහිදී ප්‍රකාශයට පත්කෙරුණු ඓතිහාසික ප්‍රබන්ධමය නවකතාවක් වන අතර, එය වෙතින් මුල් 20වන-සියවසෙහි චීන ගම්මානයක්වූ අන්හුයි තුල පවුල් ජීවිතය රංගාරෝපණය කර තිබුණි. ඇයගේ හවුස් ඔෆ් අර්ත් නම් ත්‍රිකයෙහි මුල් ග්‍රන්ථයවූ එහි දිගුවන් ලෙසින්, සන්ස් (1932) සහ අ හවුස් ඩිවයිඩඩ් (1935) යන කතා ප්‍රකාශයට පත්කෙරිණි. 1931 සහ 1932 යන දෙවසරෙහිදීම, එක්සත් ජනපදය තුල විශාල වශයෙන්ම අලෙවිවූ නවකතාව බවට පත්වූ එය, 1932 වසරෙහිදී ඇය වෙත ප්‍රබන්ධ කතා සඳහා පුලිට්සර් ත්‍යාගය හිමිකර දුන් අතර, 1938 වසරෙහිදී බක් විසින් සාහිත්‍ය සඳහා වන නොබෙල් ත්‍යාගය දිනාගැනුම වෙත දායක විය. ඇමරිකානු මිෂනාරිවරුන් දෙදෙනෙකුගේ දියණිය ලෙසින් චීනයෙහි ඇතිදැඩිවූ බක්, චීනයෙහි ජිවත්ව සිටියදීම මෙම ග්‍රන්ථය රචනා කලේ චීන ග්‍රාමීය ජීවිතය පිළිබඳව ඇයගේ ප්‍රත්‍යක්ෂ නිරික්ෂණ පදනම් කර ගෙනය. වැං ලුන් ගොවියා සහ ඔහුගේ බිරිඳ ඕ-ලෑන් පිළිබඳ යථාර්ථවාදී සහ අනුවේදී නිරූපණය විසින් ඉදිරියට පැමිණීමට තිබුණු ජපානය සමග යුද්ධයෙහිදී චීන ජාතිකයන් මිත්‍ර පාක්ෂිකයන් ලෙසින් සැලකීමට 1930ගණන් වල ඇමරිකානුවන් සූදානම් කෙරිණි.[1]

ලයිෆ් සඟරාවෙහි 1924–1944 වසර අතරතුර කැපීපෙනෙන පොත් 100 අතරට මෙම නවකතාව එක් කෙරිණි.[2]

ආශ්‍රිත

[සංස්කරණය]
  1. මේයර්, මයික් (මාර්තු 5, 2006). "පර්ල් ඔෆ් දි ඕරියන්ට්". ද නිව්යෝර්ක් ටයිම්ස්. https://www.nytimes.com/2006/03/05/books/review/05meyer.html?pagewanted=print.
  2. කැන්බි, හෙන්රි සීඩල් (අගෝස්තු 14, 1944). "දි 100 අවුට්ස්ටෑන්ඩිං බුක්ස් ඔෆ් 1924–1944". ලයිෆ්. සඟරාවෙහි සංස්කාරකවරුන්ගේ සහයෝගිත්වය මතින් තෝරා ගැණිනි.
"https://si.wikipedia.org/w/index.php?title=ද_ගුඩ්_අර්ත්&oldid=791814" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි