Jump to content

ද ක්‍රිස්ටල් පැලස්

ද ක්‍රිස්ටල් පැලස්
සිඩ්න්හැම්හී ද ක්‍රිස්ටල් පැලස් (1854)
සාමාන්‍ය තොරතුරු
තත්ත්වයවිනාශවී ගොස් ඇත
ප්‍රභේදයප්‍රදර්ශන මාළිගය
ගෘහනිර්මාණ ශෛලියවික්ටෝරියානු
නගරයලන්ඩනය
රටඑක්සත් රාජධානිය
ඛණ්ඩාංක 51°25′21″N 0°04′32″W / 51.4226°N 0.0756°W / 51.4226; -0.0756
සමාප්තිය1851; වසර 175 කට පෙර (1851)
විනාශ කිරීම30 නොවැම්බර් 1936; වසර 89 කට පෙර (1936-11-30)
පිරිවැය£80,000
සැලසුම සහ ඉදිකිරීම
ගෘහනිර්මාණ ශිල්පියාජෝසප් පැක්ස්ටන්

ද ක්‍රිස්ටල් පැලස් යනු, 1851 වසරෙහි මහා ප්‍රදර්ශනය පැවැත්වීම සඳහා, මුලදී ලන්ඩනයෙහි හයිඩ් පාක් තුල, චීනට්චට්ටි සහ තහඩු වීදුරු භාවිතයෙන් තැනුණු ව්‍යුහයකි. 1851 වසරෙහි මැයි 1 වනදා සිට ඔක්තොම්බර් 15 දින දක්වා, කාර්මික විප්ලවය තුල විකසනය කෙරුණු තාක්ෂණික නිදර්ශන හුවා දැක්වීමට, 990,000-වර්ග-අඩි (92,000 වර්ග මීටර) ප්‍රදර්ශන අවකාශය තුල, පැවැත්වුනු ප්‍රදර්ශනය සඳහා ලොව පුරා ප්‍රදර්ශකයෝ 14,000 ප්‍රමාණයට වැඩි සංඛ්‍යාවක් දායකත්වය සැපයූහ.. ජෝසප් පැක්ස්ටන් විසින් සැලසුම් කෙරුණු මෙම මහා ප්‍රදර්ශන ගොඩනැගිල්ල, 1,851 අඩි (564 මී) දිගකින් සහ 128 අඩි (39 මී) [1]ඇතුළාන්ත උසකින් යුතුවූ අතර, ශාන්ත පාවුළු ආසන දෙව් මැදුර මෙන් තුන් ගුණයක විශාලත්වයෙන් යුතු විය.[2]

චාන්ස් බ්‍රදර්ස් සමාගම විසින් වීදුරු පනේල 293,000 නිෂ්පාදනය කෙරිණි.[3] 128-අඩි-උස එහි සිවිලිම සමගින් 990,000-වර්ග-අඩි මෙම ගොඩනැගිල්ල, සති තිස්-නවයක් තුලදී නිම කෙරිණි. එකල පැවති ගොඩනැගිලි අතරින් වැඩිම සරියක වීදුරු සහිතවීම පිළිබඳව, ද ක්‍රිස්ටල් පැලස් උදම් ඇනීය. එහි විෂද බිත්ති සහ සිවිලිම සහිතවීම නිසාම අභ්‍යන්තර ආලෝක ප්‍රභව අනවශ්‍ය වීම හේතුවෙන් අමුත්තන් විමතියට පත් කෙරිණි.

ප්‍රදර්ශනයෙන් පසුව, ද ක්‍රිස්ටල් පැලස් මාළිගය, පෙන්ජ් කොමන් වෙතින් වෙන් කර ගත්, පෙන්ජ් ප්ලේස් නමින් හැඳින්වුනු දකුණු ලන්ඩනයෙහි විවෘත ප්‍රදේශයක් වෙත ගෙන යන ලදි. විශාල පිටිසරබද ප‍්‍රභූ නිවෙස් වෙතින් සමන්විත සමෘද්ධිමත් නගරෝපාන්තයක් වූ සිඩ්න්හැම් හිල් අබියස පෙන්ජ් පීක් මුදුනෙහි එය යළි තැනිණි. 1854 ජූනි මාසයෙහි සිට 1936 නොවැම්බර් මාසයෙහිදී එය ගින්නෙන් විනාශ වන තුරු එහි පැවතිණි.

ආශ්‍රිත

[සංස්කරණය]
  1. "ද ක්‍රිස්ටල් පැලස් ඔෆ් හයිඩ් පාක්". 12 මාර්තු 2012 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 4 අප්‍රේල් 2008.
  2. ජේම්ස් හැරිසන්, ed. (1996). "ඉම්පීරියල් බ්‍රිට්න්". චිල්රන්ඩ්ස් එන්සයික්ලොෆීඩියා ඔෆ් බ්‍රිටිෂ් හිස්ට්‍රි. ලන්ඩනය: කිංෆිෂර් ප්‍රකාශකයෝ. p. 131. ISBN 0-7534-0299-8.
  3. චාන්ස්, ටොම්. "ද ක්‍රිස්ටල් පැලසර්ස් ග්ලාස්" (PDF). සම්ප්‍රවේශය 31 මාර්තු 2023.
"https://si.wikipedia.org/w/index.php?title=ද_ක්‍රිස්ටල්_පැලස්&oldid=792543" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි