රූ සිතුවම්කරණය

විකිපීඩියා වෙතින්
ලියනාඩෝ ඩා වින්සි විසින් අඳින ලද මිනිස් රෑප

රූ සිතුවම්කරණය (Figure drawing) යනු මිනිස් සිරුරේ විවිධ හැඩ සහ ස්ථාන ඇඳීමෙහි ලා ඇති ව්‍යායාමයකි. ජීවන ඇඳීම යනු සජීවී මිනිස් නිරූපණයක් සිතුවමකට නැඟීමයි. රූ සිතුවම්කරණය යනු ඉතා සංවාදාත්මක විෂයයක් වන අතරම එහි නිරත වන කලා ශිල්පියා බොහෝ විට සටන් හෝ ඒ ආශ්‍රිත දෑ වලට ඈඳා ගැනීමට ද හේතු වන ප්‍රබල කලාවකි.

මිනිස් රුව යනු දෘශ්‍ය කලාවේ ඇති චිරස්ථායී තේමාවන්ගෙන් එකකි. එසේම රූ සිතුවම්කරණය ආලේඛ්‍ය චිත්‍ර, කාටුන් සහ හාස්‍යමය පොත්වල රූ සටහන්කරණය, මූර්ති කලාව, වෛද්‍ය රූ සටහන්කරණය සහ වෙනත් ක්ෂේත්‍රවලට යොදා ගනී. මෙම සිතුවම්කරණය ඉතා පහසුය. අභින ඇඳීමක දී නම් අඟුරු සහ පැන්සල් හෝ අනෙක් ඇඳීමේ උපකරණය යොදා ගනී. එහෙත් වර්ණක භාවිත කරන්නේ නම් එවිට එම සිතුවම්කරණය රූ චිත්‍ර කලාව නම් වේ

ප්‍රවේශයන්[සංස්කරණය]

මිනිස් සිරුර සිතුවමට නැඟීමේදී චිත‍්‍ර ශිල්පියෝ විවිධාකාර ප‍්‍රවේශයන් අනුගමනය කරති. ඔවුහු ඡායාරූප හෝ ඇට සැකිලි රූ වැනි සජීවී නිරූපනයන් හෝ මතකය හෝ පරිකල්පනය යොදාගෙන ඇඳීම කරති. බොහෝ උපදේශයන් යොමුවී පවතින්නේ ‘සජීවී ඇඳිමේ’ දී නිරූපකයන් යොදාගැනීම සම්බන්ධයෙනි. ඡායාරූප ශිල්පයේ දියුණුවත් සමඟ නිරූපනයන් ලෙස ඡායාරූප යොදාගැනීම යොදාගනු ලැබූවද ඡායාරූපයේ පවතින පැතලි ස්වභාවය හේතුකොටගෙන එය වස්තුවේ කි‍්‍රයාකාරී ගතිකයන් නිරූපනය කිරීමට අසමත් වන බවට චෝදනා එල්ලවී ඇත. පරිකල්පනයෙන් ඇඳිම බොහෝවිට ප‍්‍රකාශනභාවය සම්බන්ධයෙන් ප‍්‍රශංසාවට ලක්වුවද සිත්තරාගේ මිනිස් සිරුර පිලිබඳ දැනුම අවමවීම හෝ එය මනසින් ඇඳීමේදී මකතයේ ඌනතාවයන් නිසා සිදුවියහැකි වැරදි හේතුකොටගෙන විවේචනයට ලක්වීමද සිදුවෙයි. සිත්තරුන් වෙනත් මාධ්‍යයන් වෙතින් ලද අත්දැකීම් හේතුකොටගෙන මෙම ප‍්‍රවේශයේ සාර්ථකත්වය කෙරෙහි විශාල බලපෑමක් ඇතිකොට ඇත. රූපය ඇඳිමේදී සමහර සිත්තරුන් අවධානය යොමු කරන්නේ ආලෝකය සහ අඳුර විසින් ශරීර මතුපිට මත ඇතිකරන බලපෑම විසින් මතුකරන හැඩතලයන් පිලිබඳවය. අනෙක් අය ව්‍යුහ විද්‍යාත්මක ප‍්‍රවේශයක් අනුගමනය කරමින් රූපයේ ඇටසැකිල්ල මුලින් නිර්මාණය කරමින් අනතුරුව අභ්‍යන්තර අවයව, පේශි පිහිටීම සහ එම හැඩතලයන් සමින් අවරණය වී ඇති ආකාකරයත් අවසානයේ සිරුර ඇඳුම් වලින් ආවරණය වී ඇති ආකාරයත් ලෙස පියවරෙන් පියවර ඇඳිම සිදුකරති. මෙම ශිල්පක‍්‍රමයේදී මිනිස් සිරුරේ කායව්‍යච්ඡේදය පිලිබඳව අධ්‍යනය කිරීම ඉතාමත් වැදගත් වෙයි. තවත් ප‍්‍රවේශයක් වන්නේ ජ්‍යාමිතික හැඩතලයන්ගෙන් මිනිස් සිරුර මතුකොට ගැනීමයි. ද්‍රෘෂ්‍යමය නිදර්ශනයකින් තොරව ඇඳිම සිදුකරන අයට මිනිස් සිරුර නිර්මාණය කිරීමේදී සැලකිල්ලට ගතහැකි කරුණු කිහිපයක් පහතින් දැක්වේ.

  • සාමාන්‍ය මිනිසකු ඔහුගේ හිස මෙන් 7 ගුණයක් (හිසද ඇතුලත්ව) පමණ උස වෙයි.
  • උදාරත්වය හෝ කරුණාව නිරූපනය කරන දර්ශීය මිනිස් රුවක උස එහි උස මෙන් 8 ගුණයක් වෙයි.
  • දෙවිවරුන් හෝ සුපිරි වීරයින් නිරූපනය කරන රූපයක උස හිස මෙන් 81/2 ක් වෙයි. උස වැඩිවීම සිදුවන්නේ විශාල පපු ප‍්‍රදේශයක් සහ දිගු පාද පැවතීම නිසාවෙනි.

මෙම ප‍්‍රමාණයන් සිටගෙන සිටින රුවකට අදාලව දක්වා ඇත. වෙනස් වෙනස් සෙයියාවන්හිදී මේවා වෙනස්විය හැක.

සිතුවම්කරණය මාධ්‍ය[සංස්කරණය]

Sitting woman, 17වැනි සියවස අඳින dඅඳින, School of Rembrandt

19 වන සියවසේදී ප‍්‍රංශ සැලෝනය ඉටි තෙල් හා සායම් වලින් තනනු ලැබු ක‍්‍රයෝන් වර්ගයක් සහ විශේෂිතව තැනනු නිෂ්පාදනය කළ කඩදාසි වර්ගයක් යොදාගත යුතු බවට නිර්දේශ කරන ලදී. මකනයක් යොදගැනීමට අවසර නොදුන් අතර ඒ වෙනුවට මෙහිදී සිතුවමට නඟන රූපය තද පැහැයෙන් ඇඳීමට පෙර ලා පැහැයෙන් සිතුවමට නැඟීම කරනු ඇති බව අපේක්‍ෂා කරන ලදී.

රළු මතුපිටක් සහිත කඩදාසිවල ඇඳීම සඳහා නූතනයේ වඩා ජනපි‍්‍රය තාක්‍ෂණයක් වන ගල් අඟුරු කූරු භාවිතා කෙරින. ගල්අඟුරු කුඩු කඩදාසියට තදින් නොබැඳෙන බැවින් ඒවා මකා ඉවත්කිරීම ඉතා පහසුවිය. අවසානාත්මක කරන ලද ඇඳීම මැකීම වැලැක්විම සඳහා ස්ථාවරකරන ඉසිනයක් යොදා ගැනින. වඩා තදින් පීඩනයට ලක්කොට නිර්මාණය කළ ඟල්අඟුරු කූරු මඟින් වඩාත් තද පෙනුමක් ලබාදෙනු ලැබූ අතර අනුක‍්‍රමණයෙන් ළා වර්ණයන් නිපදවීම සඳහා ඇඟිල්ලෙන් ඇදීම හෝ ඒ සඳහාම නිර්මාණය කරනු ලැබූ සිලින්ඩරාකාර උපකරණයක් යොදාගැනීම කරන ලදී. රූප ඇඳීම සඳහා මිනිරන් පැන්සලද බෙහෙවින් භාවිතා වේ. මේ සඳහා 9B (ඉතා මෘදු) සිට 1B (මධ්‍යස්ථ මෘදු) දක්වාද, 1H (මධ්‍යස්ථ දෘඩ) සිට 9H (ඉතා ද්‍රෘඩ) දක්වාද වන පරාසයක පැන්සල් නිෂ්පාදනය කෙරෙයි. ගල්අඟරු මෙන්ම එයද මැකීම සිදුකළ හැකි අතර ස්ථාවර කිරීමද කළහැක.

තවත් ජනපි‍්‍රය මාධ්‍යයකි තීන්ත. බොහෝවිට සිත්තරා සිතුවමේ බාහිර රේඛාවන් මිනිරන් පැන්සලෙන් ඇඳ අවසානාත්මක රේඛාවන් පෑනක් හෝ පින්සලක් යොදාගෙන තීන්තෙන් අඳිනු ලබයි. විවිධ අනුක‍්‍රමික තීව‍්‍රතාවයන් ලබාගැනීම සඳහා තීන්ත ජලයේ දිය කරනු ලැබේ. තීන්ත ආලේප කිරීමෙන් පසු පැන්සල් ඉරි මකා දැමිය හැක.

සමහර චිත‍්‍ර ශිල්පීහු පැන්සල් කටු සටහනක් යොදා නොගෙන කෙලින්ම තීන්ත යොදාගෙන අඳිති. ඔවුහු ඊට පි‍්‍රයතාවයක් දක්වන්නේ තීන්ත මැකීම කළනොහැකි බැවින් එමඟන් ඔහුගේ ප‍්‍රවේශයේ ස්වංසිද්ධතාවය ආරක්‍ෂා කරගැනීමට හැකිවීම නිසාවෙනි.

17 සහ 18 වන සියවස්වල බැරක සහ රොකෝ යුගයන්හි වඩාත් ප‍්‍රකට වූ ක‍්‍රමවේදයක් වූයේ කලූ සහ සුදු අතර වූ වර්ණයක පසුබිමක් මත කලූවෙන් ඇඳීම සිදුකොට අඳුරු කළයුතු ස්ථාන තීන්ත හෝ ක්‍රෙයෝන් මගින් සුදු වර්ණයෙන් යෙදීමයි.

දේහ සිතුවම් කලාවේ චිත්‍රාගාර උපදෙස්[සංස්කරණය]

ලියනාඩො ඩා වින්සි විසින් අඳින ලද දේහ සිතුවමක්

චිත්‍ර ඇදීම පිළිබඳ උපදෙස් ලබාදීම බොහෝ ලලිත කලා වැඩසටහන්වලදී සිදු වේ. සාමාන්‍යයෙන් චිත්‍ර කලාව උගන්වන පන්ති කාමරයකදී සිසුහු යම් වස්තුවක් වටා කවාකාරව හෝ අර්ධ කවාකාරව පෙල ගැසෙති. සිසුන් දෙදෙනෙකුට එකම දසුන නොපෙනේ. එවිට ඔවුන්ගේ සිතුවම් වස්තුවේ සිට අදාළ නිශ්චිත ස්ථානයේදී පෙනෙන අයුරු නිරූපණය කරයි. වස්තුව සෑම අවස්ථාවකදීම කලාකරුට සාපේක්ෂව නිශ්චිත ස්ථානයක පවතින බැවින් සිසුන්ට සෑමවිටම බාධාවකින් තොරව එකම දසුන දැක ගැනීමට හැකිවේ. වස්තුවේ ලීලාව වෙනස් කර ගැනීමට වෙනත් ගෘහ භාණ්ඩ හෝ ආධාරක යොදා ගත හැක. මෙම අමතර දේවල්ද කලාකරුට පෙනෙන තරමට චිත්‍රයට ඇතුලත් කෙරේ. පරිසරයේ තිබෙන වස්තූන්ට සාපේක්ෂව අදාල වස්තුවේ ස්ථානය නිරූපණය කිරීමට අවශ්‍ය නොවේ නම් පරිසරයේ ඇති දේවල් චිත්‍රණය කිරීම නොකෙරේ. සාමාන්‍යයෙන් තනි වස්තුවක් යොදා ගන්නා අතර උසස් පන්තිවලදී වස්තූන් කීපයක් යොදා ගැනේ. බොහෝ චිත්‍රාගාරවල ආලෝක තත්වයන්ද අවශ්‍ය පරිදි වෙනස් කර ගැනීමේ පහසුකම්ද ඇත.

උසස් පාසල් මට්ටමේදී ඉගැන්වීම් කරන විට අදාල නිරූපිකාවන් බොහෝ විට සම්පූර්ණයෙන්ම නිරුවත්ය. චිත්‍රය අඳිනු ලබන කාලය පුරාවටම නිරූපිකාවට ඉතාම නිසලව සිටින ලෙස දැනුම් දෙනු ලැබේ. ඉතා අමාරු ඉරියව් නිරූපනයේදී හා එකම ඉරියව්වෙන් බොහෝ වේලා සිටීමට සිදුවන අවස්ථාවලදී විටින් විට නිරූපිකාවට විවේක ගැනීමට අවස්ථාව ලබා දෙනු ලැබේ. මෙවැනි අවස්ථාවලදී නිරූපිකාවට හා කලාකරුට යම් ප්‍රබෝධයක් ලබා ගැනීම සඳහා සහ වේගවත් ඉරියව් ග්‍රහණය කිරීම, පුහුණු වීම සඳහා ඉරියව් කීපයක් කෙටි කාලයක් තුළ පෙන්වන ලෙස නිරූපිකාවකට ඇරයුම් කෙරේ.

මිනිස් රූප ඇඳීමේ පරමාර්ථය සියලු වර්ගයේ මිනිසුන් ඇඳීම පුහුණු වීමය. එබැවින් මේ සඳහා අනගි රූප සෝබාවක් ඇති නිරූපිකාවන් පමණක් නොව, විවිධ වයස්වල, විවිධ හැඩයන් ඇති, විවිධ ජන වර්ගවලට අයත් ස්ත්‍රීන් හා පුරුෂයන් යොදා ගැනේ. මෝස්තර නිරූපන ශිල්පීන් යොදා ගන්නා නිරූපිකාවන් යොදා ගැනීම බොහෝ උපදේශකවරුන් සිදු නොකරයි. හේතුව ඔවුන් සැබෑ උදාහරණ ප්‍රිය කිරීම හා ලිංගික ආශාවන් උද්දීපනය වීම වැලැක්වීමයි. දිගු වේලාවක් එකම ඉරියව්වෙන් සිටීමට සිදුවීම, විළිබිය හා නිරුවත්ව සිටීමට අදාළ නීතිමය කරුණු යනාදිය අවශ්‍ය සියලු ආකාරයේ ගැටළු නිරූපණ ශිල්පීන් හා නිරූපිකාවන් කුලියට ගැනීමට ඇති බාධකයන් වේ.