දේශපාලනික දර්ශනය

විකිපීඩියා වෙතින්

දේශපාලනික දර්ශනය යනු රාජ්‍ය,දේශපාලනය,නිදහස,සාධාරණත්වය,දේපල,අයිතිවාසිකම්, නීතිය,අධිකාරිය මගින් ස්ථාපනය කෙරුණු නීති මාලාව ආදියට අදාළ මූලික ගැටළු පිළිබද අධ්‍යනයයි. ආණ්ඩුවක් නෛතික වන්නේ කෙසේද, එය කුමන ආකාරයකට විය යුතුද,නීතිය යනු කුමක්ද, පුරවැසියන් රජයට ඉටු කලයුතු යුතුකම් මොනවාද ,රජයක් පලවා හැරිය හැකිද,ඒ කෙසේද ආදී ගැටලු වලට පිළිතුරු මෙහිදී සොයාබැලේ. සාමාන්‍ය ජන වහරට අනුව දේශපාලනික දර්ශනය යනු දර්ශනයට සෘජුවම අදාළ නොවන දේශපාලන සදාචාරය,විශ්වාස ආදිය පිළිබද විශ්වාසයකි.


දේශපාලන දර්ශනයේ අවධානය යොමු කෙරෙන ප්‍රධාන කේෂ්ත්‍ර තුන නම්,

  • දේශපාලන ආර්ථිකය - දේශපාලන අයිතවාසිකම් නිර්වචනය සහ වත්කම් පරිශීලනය.
  • සාධාරණත්වය- ව්‍යාප්තිය සහ දඬුවම් කරීමේ දී.
  • සත්‍යය සහ සාක්ෂි පිළිබද රීති - නීතිමය තීන්දු යන ඒවාය.

සටහන්[සංස්කරණය]

Political philosophy
"https://si.wikipedia.org/w/index.php?title=දේශපාලනික_දර්ශනය&oldid=471347" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි