දේව් (රූපවාහිනී කතාමාලාව)

විකිපීඩියා වෙතින්
දේව්
ප්‍රභේදයඅපරාධ
නාට්‍ය
අබිරහස්
ත්‍රාසකය
ප්‍රවර්ධනය කලේබී. ආර්. ශරන්
අර්ෂද් සයිද්
දේබොජිත් දාස්
අග්‍රිම් ජෝෂි
අධ්‍යක්ෂණය කලේනිසාර් පර්වේස්
ආලින්ද් ශ්‍රීවාස්තව
රඟපෑමආශිෂ් චෞධරි
සුමෝනා චක්‍රවර්තී
අමිත් දෝලාවත්
පූජා බැනර්ජී
ජයිශ්‍රී අරෝරා
සම්භව රටඉන්දියාව
භාෂාව(න්)හින්දි
කථාවාර සංඛ්‍යාව1
කථාංග ගණන14 (2017 සැප්තැම්බර් 17)[1]
නිෂ්පාදනය
නිෂ්පාදක(යෝ)නිසාර් පර්වේස්
ආලින්ද් ශ්‍රීවාස්තව
ධාවන කාලයමිනිත්තු 50
නිෂ්පාදන සමාගමපෙනින්සියුලා පික්චර්ස්
බෙදාහරින්නාවයාකොම් 18
ප්‍රචාරණය
මුල් නාලිකාවකලර්ස් ටීවී
මුල් ධාවනය5 අගෝස්තු 2017 (2017-08-05) – වර්තමානය
බාහිර සබැඳි
වෙබ් අඩවිය

දේව්[2] යනු පෙනින්සියුලා පික්චර්ස් විසින් නිෂ්පාදනය කරන ලද ඉන්දියානු සන්දේහ නාට්‍ය රූපවාහිනී කතාමාලාවකි. මෙහි කථාපුවත් සඳහා සංකල්පය ගොඩනගා ඇත්තේ සැබෑ සිදුවීම් ආශ්‍රයෙන් වන අතර, දේව් බර්මන් නම් රහස් පරීක්ෂකයාගේ ලෝකයට ගැළපෙන පරිදි එය ප්‍රබ්නධිත කොට ඇත. සීමිත කතාමාලාවක් වන මෙය කථාංග 26 කින් සමන්විත වන අතර, 2017 අගෝස්තු 5 දින කලර්ස් ටීවී ඔස්සේ එය විකාශය ඇරඹී ය.

කථාපුවත[සංස්කරණය]

දේව් මගින් නිරූපණය වන්නේ විවිධ චිත්තාවේග සහ විවෘත සිදුවීම් මධ්‍යයේ දේව් ආනන්ද් බර්මන් (ආශිෂ් චෞධරි) නම් රහස් පරීක්ෂකයා කටයුතු කරන ආකාරයයි. සිය බිරිය වූ මහේක්ගේ (පූජා බැනර්ජී) අකල් වියෝවෙන් පසු, දේව් තනිකඩ දිවියක් ගතකරන්නේ මධුබාලා නම් බළල් සුරතලා ද සමගිනි. ඉන්ස්පෙක්ටර් අමෝද් නර්වේකාර් (අමිත් දෝලාවත්) සමග සමීපව කටයුතු කරයි. ඔහු සිතන්නේ ඔහුගේ බිරිඳගේ මරණය පිටුපස සිටින මොළකරු දේව් කියා ය. සාමාන්‍ය ලෙස කටයුතු කිරීමට තැත් කළ ද, දේව් සිය ‍නිවෙස් හිමිකාරිණිය වන සෝහ්රා ආපා හෙවත් සෝහ්රා රිස්වි (ජයිශ්‍රී අරෝරා) කෙරෙහි සමීප වන්නේ ඇය සිය පුත්‍රයකු මෙන් ඔහුට සලකන නිසායි. භයානක මීරා (සුමෝනා චක්‍රවර්තී) මුණගැසීමෙන් පසු, ඔහුගේ දිවිය වෙනස් මගක් කරා යොමු වේ.[3]

චරිත නිරූපණය[සංස්කරණය]

ප්‍රධාන චරිත[සංස්කරණය]

  • ආශිෂ් චෞධරි, රහස් පරීක්ෂක දේව් ආනන්ද් බර්මන් ලෙස; ප්‍රධාන චරිතය වන මොහු සිය බිරිය මරාදැමූයේ යැයි පැවසෙන රහස් පරීක්ෂකයෙකි. මෙහේක්ගේ සැමියායි.
  • සුමෝනා චක්‍රවර්තී, මීරා බැනර්ජී ලෙස; සෝහ්රා අප්පාගේ නිවසේ දිවිගෙවන තනිකඩ යුවතියකි. ප්‍රධාන කාන්තා චරිතයයි.
  • පූජා බැනර්ජී, මෙහෙක් මිරැන්ඩා බර්මන් ලෙස; දේව්ගේ හිටපු භාර්යාව වන මැය දෙවන ප්‍රධාන කාන්තා චරිතයයි.

සහාය චරිත[සංස්කරණය]

  • අමිත් දෝලාවත්, ජ්‍යෙෂ්ඨ පරීක්ෂක අමෝද් නර්වේකාර් ලෙස; පොලිස් නිලධාරියකු වන ‍මොහු කලක් මීරාගේ හොඳ මිතුරකුව සිටියේ ය. දේව් නිතරම විවිධ අපරාධ විසඳමින් මොහුට සරදම් කරන නිසා කෝපයෙන් පසුවෙයි.
  • ජයිශ්‍රී අරෝරා, සෝහ්රා රිස්වි (සෝහ්රා ආපා) ලෙස; දේව්ගේ නිවෙස් හිමිකාරිණියයි.

ආරාධිත නිරූපණය[සංස්කරණය]

මතභේදය[සංස්කරණය]

මෙම වැඩසටහන මුලින් නම්කොට තිබුණේ දේව් ආනන්ද් ලෙස ය. කෙසේනමුත්, සුප්‍රකට නළු දේව් ආනන්ද්ගේ පවුල විසින් නිෂ්පාදකයිනට නිවේදනයක් නිකුත් කිරීමෙන් පසුව, ඔවුහු වැඩසටහනේ නම වෙනස් කිරීමට තීරණය කළහ.[4]

පිළිගැනීම[සංස්කරණය]

විචාරක පිළිගැනීම[සංස්කරණය]

දේව් විචාරකයන් වෙතින් මිශ්‍ර ප්‍රතිචාර ලබා ඇත. මෙයට තරු 5න් 3ක් ලබාදෙන බොලිවුඩ් ලයිෆ්හි ශ්‍රීජු සුධාකරන් පවසා ඇත්තේ, "ඉන්දියානු රූපවාහිනිය නැන්දම්මා-ලේලි වෘත්තාන්ත, නාගිනියන් සහ ළමුන් වැඩිහිටියන්ට විවාහ කරදෙන අවස්ථා සමග කටයුතු කරන විට, ඉන්දියානු රූපවාහිනියේ මියයමින් පවතින රහස් පරීක්ෂක කතා ගණයේ දේව් වැනි රූපවාහිනී වැඩසටහන් නිතරම පිළිගැනීමට සූදානම් ය. පළමු කථාංගයම රසවත් ජවනිකා රැසකින් සමන්විත ය. නිසැකවම ආශිෂ් චෞධරි මෙම චරිතය සඳහා උචිත ය. එයට අවස්ථාවක් ලබාදෙන්න!" [5]

කථාංග[සංස්කරණය]

සැකිල්ල:Episode table


මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. "Dev episodes". Dev. 14 November 2014. සම්ප්‍රවේශය 15 November 2014.
  2. "Dev". Voot.
  3. "Dev : Most Wanted Detective or Wanted Criminal". Viacom 18.
  4. "Ashish Chowdhry's New Show 'Dev Anand' Gets Legal Notice From Dev Anand's Family!".
  5. "Dev Telly Review: Ashish Chowdhry as the Indian Sherlock is off to an intriguing start". Bollywood Life.