දෙ රොවාලොටියොනිබුස් ඕර්බියුම් කොයෙලේස්තියුම්

විකිපීඩියා වෙතින්
දෙ රොවාලොටියොනිබුස් ඕර්බියුම් කොයෙලේස්තියුම්
මුල් 1543 නියුරම්බර්ග් සංස්කරණය
කර්තෘනිකොලස් කොපර්නිකස්
භාෂාවලතින්
විෂයයතාරකා විද්‍යාව
ප්‍රකාශකයාජොහැන්නස් පෙත්‍රෙයූස්
(නියුරම්බර්ග්)
ප්‍රකාශිත දිනය
1543
පිටු405

දෙ රොවාලොටියොනිබුස් ඕර්බියුම් කොයෙලේස්තියුම් (ආකාශ ගෝලයන්හී පරිභ්‍රමණය පිළිබඳව) යනු, පුනරුද යුගයේ තාරකා විද්‍යාඥ නිකොලස් කොපර්නිකස් (1473–1543) විසින් රචිත, සූර්යකේන්ද්‍රීය සිද්ධාන්තය පිළිබඳ උත්පාදක කෘතියකි. 1543 වසරෙහිදී ශුද්ධවූ රෝමානු අධිරාජ්‍යයේ, නියුරම්බර්ග් හිදී පළමුව මුද්‍රණය කෙරුණු මෙම ග්‍රන්ථය විසින්, පුරාතන කාලයෙහි සිට පුළුල් ලෙසින් පිළිගැනුමට ලක්ව තිබුණු, විශ්වය පිළිබඳ ටොලමිගේ භූකේන්ද්‍රීය විධික්‍රමයට විකල්ප ආකෘතියක් ඉදිරිපත් කලේය.

ඉතිහාසය[සංස්කරණය]

කොපර්නිකස්ගේ අත් පිටපතෙහි සෞර ග්‍රහ මණ්ඩලයෙහි සූර්යකේන්ද්‍රීය ආකෘතිය දැක්වෙන අයුරු

කොමෙන්තරියොලුස් ලෙසින් හැඳින්වුනු, කෙටි, මාතෘකාවක්-නොමැති, නිර්නාමික අත්පිටපතක් තුල, කොපර්නිකස් විසින් සිය පද්ධතියේ සංක්ෂිප්තය සකසා සිය මිතුරන් කිහිප දෙනෙකුට බෙදා හැරියේය. 1514 වසරට කාල-නිර්ණය කර ඇති වෛද්‍යවරයෙකුගේ ලේඛනාල ලැයිස්තුවක, කොමෙන්තරියොලුස් හා ගැලපෙන විස්තරයක් සහිත අත්පිටපතක් අඩංගුව ඇති අතර, කොපර්නිකස් විසින් තම නව පද්ධතිය පිළිබඳ කටයුතු ඒ කාලය වන විට අරඹන්නට ඇති බව එම නිසා සිතිය හැක. [1]බොහෝ ඉතිහාසඥයින් විශ්වාස කරනුයේ, ඔහු විසින් කොමෙන්තරියොලුස් රචනය කලේ ඉතාලියෙන් ඔහුගේ පැමිණීමෙන් පසුව බව වන අතර, මෙම වකවානුව බොහෝ විට 1510 වසරට පසුව විය හැක. මෙම කාලය වන විට, කොපර්නිකස්ගේ පූර්වාපේක්ෂ වූයේ, ග්‍රහලෝකයන්ගේ ප්‍රත්‍යක්ෂ කර ගත් චලිත අනුසාරයෙන්, පෘථිවියේ චලිතය ඔහු විසින් පහසුවෙන් ප්‍රතිසන්ධානය කල හැකි බවද, එකල භාවිතයේ ප්‍රචලිතව පැවති ටොලමික පද්ධති අනුවාදයවූ, ඇල්ෆොන්සීනේ වගු භාවිතයේදී අවශ්‍ය චලිත සංඛ්‍යාවට වඩා අඩු සංඛ්‍යාවක් අනුසාරයෙන් එය කල හැකි බවත්ය.

රෙජීයමන්ටේනස්ගේ ශිෂ්‍යයෙක්වූ, බෙර්නාර්ඩ් වෝල්තර් (1430–1504) විසින් නියුරම්බර්ග්හිදී , සිදු කල බුද ග්‍රහයා පිළිබඳ නිරික්ෂණ, ජොහානස් ෂොනාර් විසින් කොපර්නිකස් වෙත සැපයුනු අතර, සම්පූර්ණයෙන් 45 ක්වූ මෙම නිරික්ෂණ අතරින්, 14 ක් දේශාංශ සහ අක්ෂාංශ සහිත විය. කොපර්නිකස් විසින්, මෙයින් තුනක්, දෙ රොවාලොටියොනිබුස් තුල භාවිතා කලේ, දේශාංශ පමණක් ලබා දෙමින් වන අතර, සාවද්‍ය ලෙසින් ෂොනාර් වෙත උප ලක්ෂණය කෙරිණි. ෂොනාර් විසින් 1544 දී ප්‍රකාශිත ඔබ්සර්වේෂන්ස් XXX අකොරුම් අග්‍රීමෝ රෙජිමොන්ටානො එට් බි. වොල්තේරො නොරිම්බෙර්ගෙ හබීතේ, [4°, නෝරිම්බ්. 1544] හි සඳහන් අගයයන් වෙතින් කොපර්නිකස්ගේ අගයයන් මදක් වෙනස් විය.

කොපර්නිකස්ගේ අත් අකුරින්ම ලියවුනු දෙ රොවාලොටියොනිබුස් හී අත්පිටපතක් විනාශ නොවී පැවතිනි. ඔහුගේ මරණින් පසු, ඔහුගේ ශිෂ්‍ය, රෙටිකස් හට, ප්‍රකාශනය සඳහා එහි පිටපතක් ලබා දී ඇත්තේ පරිකථන නොමැතිවයි. හයිඩ්ල්බර්ග් හරහා, එය ප්‍රාග් වෙත ළඟා වී ඇති අතර, 19වන සියවසෙහි එය නැවත සොයා ගෙන අධ්‍යයනය කර ඇත. භාවිතා කර තිබූ විවිධ කඩදාසි වර්ග ඇතුළු සියල්ල අනුසාරයෙන් අත්පිටපත සියුම් විමර්ශනයකට භාජනය කල ප්‍රාඥයන් හට එය නිර්මාණය කෙරුණු දළ කාලසටහනක් නිමවා ගත හැකි විය. පෙනී යන ආකාරයට, කොපර්නිකස් විසින් මෙය අරඹා ඇත්තේ, ඔහුගේ නව ආකෘති පරිපූර්ණ කිරීමේ අරමුණින්, තාරකාවිද්‍යාත්මක නිරීක්ෂණ කිහිපයක් සිදු කිරීමෙනි. නිරීක්ෂණ සිදු කරමින් සිටියදීම ඔහු පොත ලිවීම ආරම්භ කරන්නට ඇත. 1530 ගණන් වන විට පොතෙහි සැලකිය යුතු කොටසක් නිමව තිබුණද, ප්‍රකාශයට පත් කිරීමට කොපර්නිකස් පසුබට විය.

විටෙන්බර්ග් වෙතින් වූ තරුණ ගණිතඥයෙකු වූ, ජොජ් ජොයාකීම් රෙටිකස්, 1539 වසරෙහිදී ෆ්‍රොයෙන්බුග් (ෆ්‍රොම්බෝර්ක්) වෙත පැමිණියේ ඔහු සමග අධ්‍යයනයෙහි යෙදීමටය. රෙටිකස් විසින් කොපර්නිකස්ගේ අත්පිටපත කියවූ අතර, නම්බර්ග් හී ඔහුගේ ජ්‍යෝතිෂවිද්‍යා ගුරුවරයා වූ ෂනර් වෙත විවෘත ලිපියක් ලෙසින් එහි ප්‍රධාන සිද්ධාන්තයන්හී තාක්ෂණ-නොවන සාරාංශයක් වහාම ලිවීය ; 1540 වසරෙහිදී ඔහු විසින් ඩන්ෂිස් හිදී මෙම ලිපිය ප්‍රකාශයට පත් කලේ නරාටියො ප්‍රීමා ලෙසිනි. රෙටිකස්ගේ මිත්‍රයා සහ උපදේශකයා වූ අහිලිස් ගසාර් විසින් නරාටියෝ හි දෙවන සංස්කරණයක් 1541 වසරෙහිදී බාසල් හිදී ප්‍රකාශයට පත් කෙරිණි. එහි අනුකූල පිළිගැන්ම නිසා, ඔහුගේ ප්‍රධාන නිර්මාණයන්හී බොහෝ කොටස් ප්‍රකාශයට පත් කිරීමට කොපර්නිකස් අත්‍යන්තයේදී එකඟවූ අතර, එතෙකුදු ප්‍රකාශයට පත් නොවී තිබූ දෙ රොවාලොටියොනිබුස් හී දෙවන පොතෙහි කොටස් 1542 වසරෙහිදී , ත්‍රිකෝණමිතිය පිළිබඳ නිබන්ධයක පළ කෙරිණි. රෙටිකස් විසින් එය කොපර්නිකස්ගේ නමින් ප්‍රකාශයට පත් කෙරිණි.

රෙටිකස්ගේ දැඩි බලපෑම මධ්‍යයෙහි සහ, ඔහුගේ නිර්මාණයන් සඳහා පළමු සාමාන්‍ය පිළිගැන්ම අසතුටුදායක නොවූ බැවින්, කොපර්නිකස් අත්‍යන්තයෙහිදී එකඟ වූයේ, ජොහැන්නස් පෙත්‍රෙයූස් විසින් නුන්බර්ග් (නියුරම්බර්ග්) හිදී විසින් මුද්‍රණය කිරීම සඳහා, විටෙන්බර්ග් හීදී රෙටිකස් වෙත බාර දීම සඳහා, ඔහුගේ සමීප මිතුරා වූ, රදගුරු ටීඩර්මාන් ගීස වෙත ඔහුගේ පොත ලබා දීමටය. කොපර්නිකස්ගේ මරණයට කෙටි කලකට පෙර, 1543 වසරෙහිදී, එය ප්‍රකාශයට පත් කෙරිණි.

අන්තර්ගතය[සංස්කරණය]

ග්‍රන්ථනාම පිටුව, 2වන සංස්කරණය, බාස්ල්, ඔෆ්සිකීනා හෙනරිකපැට්‍රිනා, 1566

ඔහුගේ නව සිද්ධාන්තය තේරුම්ගැනීමට සහ පිළිගැනීමට, භෞතික විද්‍යාව නොව ගණිතය පදනම් විය යුතු බව තර්ක කරමින් ලියන ලද සංඥාපනයක් තුලින්, මෙම පොත තුන්වන පාවුළු පාප් වහන්සේ වෙත කැප කර තිබුණි.

"පොත්" (කාණ්ඩ හෝ කොටස්) සයකට දෙ රොවාලොටියොනිබුස් බෙදා තිබුණේ, මෙය විසින් යාවත්කාල කෙරුණු සහ ආදේශ කෙරුණු ටොලමිගේ ඇල්මජෙස්ට් හී පිරිසැලැස්ම අනුව යමිනි:[2]

සටහන්[සංස්කරණය]

  1. Script error: The function "harvard_citation_no_bracket" does not exist.
  2. ඩ්‍රයර්, ජෝන් එල් ඊ (1906). හිස්ට්‍රි ඔෆ් ද ප්ලැනටරි සිස්ටම්ස් ෆ්‍රොම් තේල්ස් ටු කෙප්ලර්. p. 342.