Jump to content

දෙවියන්වහන්සේගේ සේවකයා

විකිපීඩියා වෙතින්
දහතුන්වන බෙනඩික්ට් පාප්වහන්සේ යනු, දැනට දෙවියන්වහන්සේගේ සේවකයා ලෙසින් ප්‍රකාශයට පත් කර ඇති පාප්වහන්සේලා දෙදෙනා අතරින් එක් උතුමෙකි.[a]

දෙවියන්වහන්සේගේ සේවකයා (ලතින්: Servus Dei) යනු, යම් තැනැත්තෙකු සාන්තුවරයෙකු ලෙසින් ශුද්ධවරයට එසවීමෙහි සම්භාව්‍ය ක්‍රියාවලියෙහි පළමුවන පියවර ලෙසින් කතෝලික සභාව විසින් භාවිතා කරනු ලබන අභිධානයකි.

නාමකරණය

[සංස්කරණය]

දෙවියන්වහන්සේගේ සේවකයා යන යෙදුම, ශුද්ධවූ බයිබලයෙහි ස්ථාන නවයක සඳහන් වන අතර, එයින් පළමුවන පස්වන අවස්ථාවන් පුරාණ ගිවිසුමෙහිද, අවසන් අවස්ථා හතර නව ගිවිසුමෙහිද වෙයි. හෙබ්‍රෙව් බයිබලය විසින් මෝසස් හඳුන්වන්නේ "එලෝහිම්ගේ සේවකයා" (עֶֽבֶד הָאֱלֹהִ֛ים ‘eḇeḏ-hā’ĕlōhîm; 1 Chronicles 6:49, 2 Chronicles 24:9, Nehemiah 10:29, සහ Daniel 9:11) ලෙසිනි. Judges 2:8 සහ 2 Timothy 2:15 වෙතින්, ජෝෂුවා හැඳින්වෙන්නේ "යාහ්වේගේ දාසයා" (עֶ֣בֶד יְהוָ֑ה, ‘eḇeḏ Yahweh) ලෙසිනි.

නව ගිවිසුම විසින්ද මෝසස් මෙලෙසින්ම විස්තර කරයි Revelation 15:3 (τοῦ δούλου τοῦ Θεοῦ, tou doulou tou Theou).

විස්තරාත්මක සටහන්

[සංස්කරණය]
  1. ^ අනෙක් උතුමාණන් වන්නේ සත්වන පයස් පාප්වහන්සේ වෙයි.