දෙවිනුවර උපුල්වන් දේවාලය

ශ්‍රී ලංකාවේ දකුණු කෙළවර දෙවිනුවර (දෙවුන්දර) පිහිටි ශ්‍රී උපුල්වන් විෂ්ණු මහා දේවාලය මෙරට ඉදිවූ පැරණි දේවාල අතුරින් එකක් සේ සැළකේ. මෙරට බුදු දහම සුරක්ෂා කරන්නේ යැයි විශ්වාස කෙරෙන උපුල්වන් දෙවි උදෙසා මෙම දේවාලය ඉදිකොට තිබේ.
ඉතිහාසය
[සංස්කරණය]අතීත ලේඛනගත මූලාශ්‍ර වලට අනූව දෙවිනුවර රජ මහා විහාරය හා දේවාලය, 7වන සියවසේදී පළමු දප්පුල රජතුමා විසින් ඉදිකොට තිබේ.[1] එකල රජතුමන් විසින් රුහුණු රට රදළ ප්‍රධානියක වූ වේහැල්ලේ විජය ශ්‍රී සෙනෙවිතුමන් හට රජතුමන් වෙනුවෙන් භාරකාරිත්වය හා පරිපාලනය භාර දෙන ලදී. එම තනතුර පසුකලෙක බෙත්මේ නිළය ලෙසද, පසුගිය සියවස් දෙක තුල බස්නායක නමින් හැදින්වේ.[2] 16වන සියවසේදී (1587)[3] පෘතුගීසීන් විසින් මෙම විහාරය හා පැරණි දෙවුන්දර නගරය විනාශ කොට දමා තිබෙන අතර, මහනුවර රාජධානියේ දෙවන රාජසිංහ රජු (1635 – 1687) විසින් නැවතත් මෙම විහාරය පිළිසකර කිරීමට කටයුතු සිදු කොට නැවතත් පෙරකී වේහැල්ලේ විජය ශ්‍රී ගුණතිලක පරපුරට 'වික්‍රමරත්න මුදියාන්සේ' යන පටබැදි නාමය සමග මෙම පුද බිමෙහි ගිහි භාරකාරත්වය භාර දෙන ලදී.[4] පෘතුගීසීන් විසින් විනාශකරණයට ලක්වූ පැරණි විහාර නටඹුන් වර්ථමානයේ දේවාල භූමිය ආශ්‍රිතව දැකගත හැකිවේ.
මූලාශ්‍ර
[සංස්කරණය]- ↑ "ශ්‍රී විෂ්ණු මහා දේවාලය, දෙවිනුවර". දෙවිනුවර ශ්‍රී විෂ්ණු මහා දේවාලය. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
- ↑ Māhanāma, Sumaṅgala, H.S. and Silva, B.A. de (1908) The mahawansa.
- ↑ "දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාල, මාතර". hunasfalls.com. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.
- ↑ "දෙවිනුවර උපුල්වන් දේවාලය". අමේසිංලංකා. සම්ප්‍රවේශය 14 ජනවාරි 2016.