දෙබිඩි පොල්
-
1 යටි ලියමන
-
2 යටි ලියමන
පේරාදෙනිය රාජකීය උද්භිද උයනේ මෙම ශාකය ඉතා හොදින් රෝපණය කර ඇත. එහි සදහන් ආකාරයට තාල වර්ගයට අයත් විශේෂ 200 කට වැඩි ප්‍රමාණයක් අතරින් විශේෂිතම වු මේ ශාඛය ඉතාමත් දුර්ලභ වදවී යෑමේ තර්ජනයට ලක්වූ ශාඛයකි. සීෂෙල්ස් දූපත්වලට පමණක් සීමා වී ඇති මෙම ගස එරට නීතිය මගින් ආරන්ෂා කර ඇත. මෙය මාල දිවයින් පොල් ලෙස හදුන්වන්නේ මුහුදේ පාවී විත් එරට වෙරලේ තිබී හමුවූ නිසයි. ක්‍රි. ව. 1500 දී පමණ ඉන්දියන් සාගරයේ පාවෙමින් තිබියදී දෙබිඩි පොල් බීජ සොයා ගත් නමුත් එම ශාඛය ප්‍රථම වරට සොයා ගන්නා ලද්දේ ක්‍රි. ව. 1743 දී සීෂෙල්ස් දූපත් වලදීය.
මෙහි ස්ත්‍රී හා පුරැෂ ශාඛ වෙන වෙනම දක්නට ඇති අතර ස්ත්‍රී ශාඛවල හටගන්නා ඵල වල ඇති බීජ ශාඛ ලෝකයේ විශාලතම හා බරින් වැඩිම බීජයද වේ. ගෙඩියක සාමාන්‍ය බර කිලෝග්‍රෑම් 10 සිට 20 දක්වා වන අතර මේරීමට වසර 5 සිට 8 දක්වා කාලයක්ද බීජ පැලවීමට වසර 1 සිට 2 දක්වා කාලයක් ගතවේ. මෙම බීජ දෙබිඩි නිවුන් දරැවන් දෙදෙනෙකු ලෙස එකට ඈදුනු පොල් ගෙඩි දෙකක හැඩය ගනී.
මෙහි ලපටි මදය සීෂෙල්ස් වැසියන් ආහාරයට ගන්නා අතර ඔසුවක් වශයෙන් චීනයට අපනයනප කෙරේ. මෙම දුර්ලභ ශාඛය පේරාදෙණිය උද්භිද උයනේ රෝපණය කර ඇත්තේ ක්‍රි. ව. 1850 දීය. (පේරාදෙණිය උද්භිද උයනේ ඇති විස්තර වලින් උපුටා ගැනුනි)