Jump to content

දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය

විකිපීඩියා වෙතින්

කැලණිය විශ්ව විද්‍යාලයට අනුබද්ධ සෞන්දර්ය අධ්‍යයන ආයතනය, අධ්‍යයනාංශ තුනක් යටතේ ක්‍රියාත්මක උන ලලිත කලාවේදී උපාධිය පිරිනමන ලද උසස් අධ්‍යාපන ආයතනයකි. එම ආයතනයට අයත් අධ්‍යයනාංශ තුන වූයේ චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශය , නර්තන අධ්‍යයනාංශය සහ සංගීත අධ්‍යයනාංශය වේ. චිත්‍ර - මූර්ති අධ්‍යයනාංශය හැටියට නාමකරණය ලද අධ්‍යයනාංශය යටතේ චිත්‍ර - මූර්ති පමණක් නොව මුද්‍රණ, පිරි සැලසුම් ( Design ) හා ග්‍රැෆික් යන විෂයයන් තුනද උපාධි පාඨමාලා සඳහා ඇතුලත්ව තිබිණි. 80 දශකයේ අගභාගයේ සහ 90 දශකය තුළ සක්‍රීය කලාකරුවන් වූ බන්ධුල පීරිස්, තිලක් සමරවික්‍රම, තිස්ස ද අල්විස්, චන්ද්‍රගුප්ත තේනුවර, ජගත් වීරසිංහ, කිංස්ලි ගුණතිලක යන කලාකරුවන්ගේ බොහෝ කලා කෘති හුදෙක් චිත්‍ර - මූර්ති වශයෙන් නාමකරණය කල නොහැකි පසුබිමේ ඒවා නාමකරණයට ලක් උනේ කලාව හැටියටය. ඒ වගේ ම චිත්‍ර - මූර්ති පමණක් නොව ඒවාද ඇතුලත් ග්‍රැෆික් , ,කොලාජ්, මිශ්‍ර මාධ්‍ය ඇතුලත් දෘෂ්‍ය කලා කෘති ඇතුලත් ප්‍රදර්ශන කලා ප්‍රදර්ශන හැටියට නාමකරණය කිරීම සිදු විය.

90 දශකය තුළ මේ කලාව යන්න විවාද සම්පන්න වූ අතර කොෆි ටේබල් බුක් යන කලාංගයක්ද අලුතින් එක් විය. ආර්කිටෙක්චර් යන්න ද හුදෙක් ඉංජිනේරු විද්‍යාත්මක නිර්මිතයකට වඩා සෞන්දර්ය නිෂ්පත්ති තර්කනයක තබනු ලබන කලාත්මක ප්‍රභේදයක් ද වී තිබුණි. වර්ෂ 2000 දී මනෝරංජන හේරත්, ප්‍රදීප් චන්ද්‍රසිරි සහ කෝරලේගෙදර පුෂ්පකුමාර යන අය සමග සුජිත් රත්නායක යන අය හතර දෙනෙකුගෙන් යුක්ත ප්‍රදර්ශනයක් ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේදී පවත්වන අතර ඔවුන් ප්‍රදර්ශනය නම් කරනු ලබන්නේ දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය නමිනි. කැටගරිගත තත්වයක් ප්‍රදර්ශන නාමයක් හැටියට යොදා ගැනීම මේ ප්‍රදර්ශනයේ විශේෂත්වය වේ. රත්නායක මෙම ප්‍රදර්ශනයට ඉදිරිපත් කරන පුරහල බෝම්බය කෘතිය සඳහා ඒ වෙනුවෙන් ම ගත් ඡායාරූප වගේ ම වෙනත් ඡායාරූප ශිල්පීන් ගත් ඡායාරූප නැවත ඡායාරූපගත කර ගත්ත පිටපත් ඡායාරූප, සහ ෆොටෝ කොපි මාධ්‍යයයෙන් පිටපත් කිරීමත් සියලු ඡායාරූප හා ෆොටෝ කොපි රැන්ඩම් වින්‍යාසයක් තුළ මොන්ටාජ් කිරීමත් නිසා රත්නායකගෙ කෘතිය අයත් වන්නේ ඡායාරූප කලාව, ග්‍රැෆික් කලාව, මිශ්‍ර මාධ්‍ය කලාව, ප්‍රතිනිෂ්පාදන කලාව ආදී කුමකටද යන්න තිර ලෙස ආවරණය කර ගත නොහැකි නිසා මෙම ප්‍රදර්ශනය දෘෂ්‍ය කලා ප්‍රදර්ශනය ලෙස නම් කල බව උපකල්පනය කල හැකි වේ.

2000 දී පවත්වන ලද දෘෂ්‍ය කලා ප්‍රදර්ශනයෙන් පසු 2006 දී සෞන්දර්ය අධ්‍යයන ආයතනය යන්න දෘෂ්‍ය කලා හා ප්‍රසාංගික කලා විශ්ව විද්‍යාලය හැටියට පරිවර්තනය වන අතර දෘෂ්‍ය කලා පීඨය යටතට අලුත් විෂය මාලාවක් ද එකතු විය. කලා කෘති අභිරක්ෂණය, කලා ඉතිහාසය, බහුමාධ්‍ය කරණය එම විෂයයන් වේ.

"https://si.wikipedia.org/w/index.php?title=දෘෂ්‍ය_කලා_ප්‍රදර්ශනය&oldid=758194" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි