දුම්රිය තැපැල් සේවාව

විකිපීඩියා වෙතින්

ඇමරිකා එක්සත් ජනපදයේ තැපැල් සේවාවේ දුම්රිය තැපැල් සේවාව සැලකිය යුතු තැපැල් ප්‍රරවාහනය සේවාවක් ලෙස එක්සත් ජනපදය තුළ 19 වන සියවසේ මැද භාගයේ සිට 20 වන සියවසේ මැද භාගය තෙක් පැවතුණි. දු.තැ.සේ., හෝ එහි අනුප්‍රාප්තික තැපැල් ප්‍රරවාහන සේවාය (තැ.ප්‍ර.සේ.), එක්සත් ජනපදයේ අතිමහත් බහුතර ලිපි සහ පැකේජ 1890 දශකයේ සිට 1960 දශකය තෙක් තැපැල්  කලහ.

ඉතිහාසය[සංස්කරණය]

මාර්ග තැපැල් තෝරා බේරා ගැනීමේ සංකල්පයෙහි නිර්මාතෘ ලෙස චිකාගෝ තැපැල් කාර්යාලයේ කළමනාකරු  ජෝර්ජ් B. ආම්ස්ට්රෝන් පිදුම් ලැබූ අතර පසුව එය දුම්රිය තැපැල් සේවාව බවට පත්විය. ආම්ස්ට්රෝන් මෙම ක්‍ර්‍ර්‍රියාවලිය සමඟ සම්බන්ධය ඇතිවීමට පෙර තැපැල් අගුලු දැමූ මලු තුල රැගෙන ගිය නමුත් තැපැල් මලු අදාල ගමනාන්ත නගරයට පැමිණෙන විට තැපැල් බෙදා හැරීම සඳහා සුදනම් කල ක්‍රමවත් වැඩපිලිවෙලක් නොතිබුනි.[1]

දු.තැ.කා. අංශය  Pioneer Zephyr

ආම්ස්ට්රෝන්ගේ ඉල්ලීමට ප්‍රතිචාර ලෙස මෙම සංකල්පය සමග අත්හදා බැලීමක්, චිකාගෝ හා උතුරු බටහිර දුම්රිය මාර්ගයහි චිකාගෝ හා ක්ලින්ටන්, අයෝවා අතර 1864 අගෝස්තු 28 පළමු දුම්රිය තැපැල් කාර්යාලය (දු.තැ.කා.) මෙහෙයුම් ආරම්භ කරන ලදි. මෙම සංකල්පය ඉතා ඉක්මනින් සාර්ථක ලෙස දැක,  වෙනත් දුම්රිය මාර්ග මෙහෙයුම්  චිකාගෝ පිටත  චිකාගෝ ඇතුළු බර්ලින්ග්ටන් හා ක්වින්සි, චිකාගෝ හා රොක් අයිලන්ඩ්, පෙන්සිල්වේනියා සහ ඊරි අතර පුළුල් කලහ.

දුම්රිය තැපැල් සේවය 1869 වන විට නිල වශයෙන් ආරම්භ කරන ලදී, එක්සත් ජනපදයෙහි සියලු ප්‍රධාන දුම්රිය මාර්ග දක්වා මෙම පද්ධතිය පුළුල් වි, සහ රට මෙහෙයුම් අංශ හයකට වෙන් කරන ලදී. එක් එක් අංශය පුරා අධිකාරි ඇතිකර, ජෝර්ජ් B. ආම්ස්ට්රෝන්ගේ සියලු මඟ පෙන්වීම යටතේ චිකාගෝ සිට වොෂින්ටන්, d. c. දක්වා කැඳවා තැපැල් දුම්රිය සේවා සාමාන්‍ය අධිකාරී බවට පත් විය. ආම්ස්ට්රෝන්  වසර දෙකක් පමණක් දුර්වල සෞඛ්‍ය නිසා ඉල්ලා අස්වීමට පෙර සාමාන්‍ය අධිකාරී ලෙස සේවය කලේය. ඔහු ඉල්ලා අස්වී දින දෙකකට පසු 1871 මැයි 5 චිකාගෝහිදී මියගියේය.

ජෝර්ජ් එස්. බෑන්ග්ස්, චිකාගෝහි ආම්ස්ට්රෝන් අනුප්‍රාප්තිකයා, තැපැල් දුම්රිය සේවාවේ දෙවන සාමාන්‍ය අධිකාරී ලෙස පත් කරන ලදී. බෑන්ග්ස් වේග තැපැල් දුම්රිය භාවිතය දිරිමත් කර, දුම්රිය සම්පූර්ණයෙන්ම තැපැල් මෝටර් රථ වලින් සෑදී,  පොදු ගමන් අවශ්‍යතා වෙනුවට තැපැල් කාර්යාල අවශ්‍යතා වෙත කඩිනම් කාලසටහන් නිර්මාණය කලේය.

දුම්රිය තැපැල් සේවය (note the "RMS" in the obliterator) තැපැල් අවලංගු කිරීම

1890 දී, තැපැල් දුම්රිය ලිපිකරුවන් 5,800ක් දුම්රිය මාර්ග සැතපුම් 154,800(249,100 කි.මි) පුරා සේවා සපයති. 1907 සිට 14,000 කට වැඩි ලිපිකරුවන් සැතපුම් 203,000(327,000 කි.මි.) පුරා සේවා ලබා දෙති. 1913 දී, තැපැල් කාර්යාලය තැපැල් පාර්සල් හැසිරවීම ආරම්භ කරන විට, තැපැල් පරිමාව විශාල ලෙස වර්ධනය විම හැසිරවීමට ප්‍රධාන නගර වල පර්යන්තය දුම්රිය තැපැල් කාර්යාලය මෙහෙයුම් දු.තැ.සේ. විසින් ස්ථාපිත කරන ලදී. 1920 දී දුම්රිය තැපැල් සේවා එහි උපරිමයට ලගා වී, පසුව ක්‍රරමයෙන් අඩුවීමක් දු.තැ.කා. සේවයේ ශාඛා අංශ හා ද්විතීයික මාර්ගයන්හි  ඛණ්ඩනයක් සමග දක්නට ලබුණි. 1942 පසුව, සමහර දුම්රිය තැපැල් කාර්යාල මෙහෙයුම් ඛණ්ඩනයෙන් පසු නොකඩවා තෝරා බේරා ගැනීමේ අධිවේගී තැපැල් කාර්යාලය (අ.තැ.කා.) සේවාව යොදා ගැනුණි. අධිවේගී තැපැල් ප්‍රවාහනය පවතින බවට පත් විම හේතුවෙන් දුම්රිය තැපැල් සේවාව, තැපැල් ප්‍රවාහන සේවාව ලෙස නැවත නම් කරන ලදී.

1950 දශකය අගභාගයේ දී සහ 1960 දශකය මුල්භාගයේ දී මාර්ග කඩිනමින් අතහැර,සහ තවත් බොහෝ ඉතිරි මාර්ග 1967 දී නතර කරන ලදී. 1974 ජුනි මස 30 වන දින අවසන් අධිවේගී තැපැල් කාර්යාල මාර්ගය ක්ලීව්ලන්ඩ් හා සින්සිනාටි අධිවේගී මාර්ග තැපැල් කාර්යාල නතර විය. 1977 ජුනි මස 30, අවසන් දුම්රිය තැපැල් කාර්යාලය නිව්යෝර්ක් හා වොෂින්ටන්, d. c. අතර ක්‍ර්‍ර්‍ර්‍රියාත්මක විය.

චිකාගෝ හි ලූප් ස්ථාන තැපැල් කාර්යාලයේ උතුරු පැත්තේ ආම්ස්ට්රෝන්ගේ විශාල ස්මාරකයක්  දර්ශනය වේ.

දු.තැ.කා. දුම්රිය රථ සංරක්ෂණය හා ප්‍රතිසංස්කරණය[සංස්කරණය]

යථා තත්ත්වයට පත්කල දු.තැ.කා. රථය Pioneer Zephyrහි කොටසක් ලෙස නගරයේ විද්යා හා කර්මාන්ත කෞතුකාගාරයේදී ප්‍රදර්ශනය කරන ලදි.

ප්‍රතිසංස්කරණය කළ 1927 AT&SF දුම්රිය #74, දු.තැ.කා. රථය කම්පෝ(සැන් ඩියාගෝ දේශය)CA.හි, නිරිත දිග පැසිෆික් දුම්රිය කෞතුකාගාරය තුළ ප්‍රදර්ශනය කරන ලදි.

මෙහෙයුම් අංශ - 1950[සංස්කරණය]

  • පලමු අංශය: Maine, Vermont, New Hampshire, Rhode Island, Connecticut, Massachusetts. මූලස්ථානය: Boston, Massachusetts.
  • දෙවන අංශය: New York, New Jersey.මූලස්ථානය : New York City.
  • තෙවන අංශය: District of Columbia, Virginia, West Virginia, North Carolina.මූලස්ථානය : Washington, D.C.
  • සිව්වන අංශය: Tennessee, South Carolina, Alabama, Georgia, Florida.මූලස්ථානය : Atlanta.
  • පස්වන අංශය: Kentucky, Indiana, Ohio. මූලස්ථානය: Cincinnati.
  • හයවන අංශය: Illinois, Iowa.මූලස්ථානය : Chicago.
  • හත්වන අංශය: Missouri, Kansas. මූලස්ථානය: St. Louis, Missouri.
  • අටවන අංශය: California, Nevada, Utah, Arizona. මූලස්ථානය: San Francisco.
  • නවවන අංශය: Michigan, also lines of New York Central Railroad between New York City and Chicago. මූලස්ථානය: Cleveland.
  • දසවන අංශය: North Dakota, South Dakota, Minnesota, Wisconsin, Michigan peninsula. මූලස්ථානය: St. Paul, Minnesota.
  • එකොලොස්වන අංශය: New Mexico, Texas, Oklahoma. මූලස්ථානය: Fort Worth.
  • දොලොස්වන අංශය: Arkansas, Louisiana, Mississippi.මූලස්ථානය : New Orleans.
  • දහතුන්වන අංශය: Montana, Idaho, Oregon, Washington. මූලස්ථානය: Seattle.
  • දහහතරවන අංශය: Colorado, Wyoming, Nebraska. මූලස්ථානය: Omaha.
  • පහලොස්වන අංශය: Pennsylvania, Delaware, also lines of Pennsylvania Railroad west of Pittsburgh. මූලස්ථානය: Pittsburgh.

ආශ්‍රිත ලිපි[සංස්කරණය]

අමතර කියවීම්[සංස්කරණය]

මූලාශ්‍ර[සංස්කරණය]

  • Carr, Clark E. (1909) The Railway Mail Service, Its Origin and Development, A.C. McClurg & Co., Chicago.
  • Bergman, Edwin B. (1980) 29 Years to Oblivion, The Last Years of Railway Mail Service in the United States, Mobile Post Office Society, Omaha.
  • Romanski, Fred J. The Fast Mail, History of the Railway Mail Service, Prologue Vol. 37 No. 3, Fall 2005, College Park, Maryland.
  • Pennypacker, Bert The Evolution of Railway Mail, National Railway Bulletin Vol. 60 No. 2, 1995, Philadelphia.
"https://si.wikipedia.org/w/index.php?title=දුම්රිය_තැපැල්_සේවාව&oldid=392324" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි