දුටුගැමුණුගේ පාලනය සමය

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

දුටුගැමුණුගේ පාලනය සමය

දුටුගැමුණුගේ පාලනය සමය ගැන මහා වංශයේ විස්තර වෙයි. පරිච්ජේද 35 ක් වු එහි පරිච්ජේද 6 ක්ම වෙන්කර තිබෙන්නේ දුටු ගැමුණු රජතුමා වෙනුවෙන් ගැමුණු කුමරු දේවානම්පියතිස්සගේ සොයුරු මහානාම ඇතුළු රජරට රජ පෙලපතෙන් පැවත එන්නේ යැයි මහාවංශයේ 22 පරිච්ජේදයේ විස්තර කර ඇත. ඔහු උපදින අවස්ථාව වන විට ඔහුගේ පියා කාවන් තිස්ස ශ්‍රී ලංකාවේ ගිණි කොණ දිග පෙදෙසේ කුඩා රාජ්‍යයක් වු “රෝහණ” ගේ රජු වුයේය. එය උතුරේ රජරට‍පාලනයෙන් මිදුනේ විය. රජරට සහ රුහුණු රාජ්‍යයන් දෙක වෙන් වුනේ ‘මහා ගංගා’ යනුවෙන් හැදින්වු ගගකිනි. මෙය වර්ථමානයේ මැණික් ගග විය හැක. මහාවංහයේ කාවන්තිස්ස රජු ගැන සදහන් වන්නේ ත්‍රිවිධරත්නය කෙරේ බලවත් විශ්වාසයෙන් සිටි පුද්ගල යෙකු සහ සහෝදර ජනතාවට අවශ්‍ය දේ නොකඩවා සැපයු කෙනෙකු ලෙසිනි.

දුටුගැමුණුගේ මව වුයේ විහාර මහා දේවියයි. ඇය ‘කල්‍යාණි’ රාජ්‍යයේ රජ වු තිස්සගේ දියණියයි. පුරාවෘත්ත වලින් කියවෙන්නේ ‘තිස්ස විසින් බෞද්ධ භික්ෂුවක් මැරවීම නිසා ඊට දඩුවම් වශයෙන් කිහිප වරක් මුහුද ගොඩ ගැලු බවකි. එයින් මිදීම සදහා තිස්ස කළේ ඔහු ගේ දියණිය වු ‘දේවි’ කුමරිය රන් ඔරුවක නංවා එහි රජුගේ දියණිය යනුවෙන් සටහනක්ද තබා මුහුදට පා කර හැරීමයි. ප්‍රතිහාර්යයකින් මෙන් රජ කුමරිය රුහුණු වෙරළට නිරුපද්‍රිතව පාවී ආවාය. පසුව කාවන් තිස්ස රජු විසින් ඇය විවාහ කරගන්නා ලදී යනුවෙනි.

විහාර මහාදේවිය දුටුගැමුණු බිහිවීම‍ට සිටියදී ඇයට විශේෂ ආශාවන් කිහිපයක් ඇති විය. (දොළදුක්) එයින් එකක් නම් මී වද වලින් සෑදු කොට්ටයක් මත සැතපීමයි. අනෙත් විශේෂ කාරණය වුයේ එළ‍ාර රජුගේ හමුදාවේ රණවිරුවකුගේ හිස වෙන් කළ කඩුව සේදු ජලය එම හිස මතම වාඩිවී පානය කිරීමයි. මෙය රාජසභාවේ අනාවැකි කියන වුන්ගේ කුහුල ඇවිස්ස වීමට හේතු විය. “රැජිනගේ පුතා දමිළයන් ජයගෙන රට එක් සේසත් කර බුද්ධාගම බබලවනවා. යනුවෙන් ඔවුහු අනාවැකි කීහ. විහාර මහා දේවිය පුතෙකු වැදුවාය. ඔහු ගාමිනි අභය නම් වුයේය. ටික කලකට පසු ‘තිස්ස’ නම් වු තවත් පුතෙකුද බිහි කළාය.

ගාමිණි බිහි වු කාලයේදීම එක් සද්දන්ත කුලයේ ඇතෙක් උගේ පැටවා එහි ගෙන වුත් දමා යන්නට ගියේය. ඒ ඇත් පැටවා “කන්ඩුල” නම් වු අතර ගැමුණු කුමාරයාගේ සෑම ක්‍රියාවකදීම කුමරු සමග ඌ සිටියේය.