දීපිකා කාකාර්

විකිපීඩියා වෙතින්
(දීපිකා සැම්සන් වෙතින් යළි-යොමු කරන ලදි)
දීපිකා කාකාර්
උපත6 අගෝස්තු 1986 (1986-08-06) (වයස 37)
ජාතිකත්වයඉන්දියානු
රැකියාවනිළියක
සක්‍රීය වසර2010 - වර්තමානය
ප්‍රසිද්ධව ඇත්තේසසුරාල් සිමර් කා[3]
කලත්‍රයා(යන්)
  • රෞනක් සැම්සන් (වි. 2013; දික්කසාද වීම 2015)[4]
සහකරුවා(වන්)ෂොආයිබ් ඊබ්‍රහිම් (2015-වර්තමානය)

දීපිකා කාකාර් (උපත 6 අගෝස්තු 1986)[1][2] යනුවෙන් හැඳින්වෙන්නේ ඉන්දියානු රූපවාහිනී නිළියකි.[5] ඇය ජනයා අතර ප්‍රචලිත වූයේ සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ්ගේ චරිතය නිරූපණය කිරීම හේතුවෙනි.[3] කාකාර් ජලක් දිඛ්ලා ජා තරගාවලියේ 8වන වාරය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී විය. වර්තමානය වන විට ඇය ෂෝආයිබ් ඊබ්‍රහිම් සමග නාච් බලියේ 8 රියැලිටි වැඩසටහනේ තරග වදිමින් සිටින්නී ය.

වෘත්තිය[සංස්කරණය]

දීපිකා කාකාර් කලර්ස් ඉන්දියානු ටෙල්ලි සම්මාන උළෙලේ දී

කාකාර් සිය රූපවාහිනී රංගන වෘත්තිය ආරම්භ කළේ 2010 වර්ෂයේ දී ඉමැජින් ටීවී නාළිකාවේ මිත්‍යාමය රූපවාහිනී කතාමාලාවක් වූ නීර් භාරේ තෙරේ නේනා දේවි කතාමාලාවේ ලක්ෂ්මී චරිතය නිරූපණය කරමිනි.[6] ඉන් අනතුරුව, ඇය සී ටීවී නාළිකාවෙන් විකාශය වූ අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ රූපවාහිනී කතාමාලාවේ රේඛාගේ චරිතය නිරූපණය කළා ය.[7] 2001 සිට ඇය කලර්ස් ටීවී නාළිකාවෙන් විකාශය වන සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ් චරිතය නිරූපණය කරන්නී ය.[8] ජලක් දිඛ්ලා ජා 8වන වාරය සඳහා තරගකාරිණියක ලෙස සහභාගී වූ ඇය සති දෙකක් තරගයේ රැඳී සිටීමට සමත් වූවා ය. අනතුරුව ඇය තරගාවලියෙන් ඉවත් වීමට සිදු විය. එම වැඩසටහනෙන් ඉවත් වූ පළමු තරගකාරිණිය ද ඇයයි. 2017දී දීපිකා සසුරාල් සිමර් කා කතාමාලාවෙන් ද ඉවත් වූවා ය.

සසුරාල් සිමර් කා කතාමාලාවේ සිමාර් ප්‍රේම් භාරද්වාජ් ලෙස ඇය ලද ජනප්‍රියත්වය නිසා ඇය කලර්ස් ටීවී නාළිකාවේ රූපවාහිනී කතාමාලා කිහිපයකම හරස් මාරු කථාංග සඳහා දායක කරගැනිණි. මේ අතරට කයිරි - රිෂ්තා ඛට්ටා මීතා (2012), බේන්තේහා (2014), ශාස්ත්‍රි සිස්ටර්ස් (2015), ස්වරාගිනි - ජෝදෙයින් රිෂ්තොන් කේ සුර් (2015, 2016) සහ බාලිකා වධු (2016) යන කතාමාලා අයත් වේ. 2014දී ඇය කලර්ස් ටීවී නාළිකාවේ රියැලිටි වැඩසටහනක් වූ ජලක් දිඛ්ලා ජා 7 සඳහා ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ඇගේ ‍සම-ප්‍රධාන නළු ධීරාජ් ධූපර් සමග ය. 2015දී කාකාර් කොමඩි නයිට්ස් විත් කපිල් වැඩසටහනට ආරාධිතයකු ලෙස සහභාගී වූයේ ජලක් වැඩසටහන ප්‍රවර්ධනය කිරීම පිණිසයි.

පෞද්ගලික දිවිය[සංස්කරණය]

2013දී කාකාර් රෞනක් සැම්සන් සමග විවාහ වූවා ය. කෙසේනමුත් විවාහයෙන් වසර දෙකකට පසු 2015 ජනවාරි මස ඔවුහු දික්කසාද වූහ.[4] මේ වන විට ඇය 2011-2013 කාලය සිට සසුරාල් සිමර් කා රූපවාහිනී කතාමාලාවේ ඇගේ සම-ප්‍රධාන නළුවා වූ ෂොආයිබ් ඊබ්‍රහිම් සමග ප්‍රේම සම්බන්ධයක නියැළෙමින් සිටින්නී ය. ඔවුන්ගේ ප්‍රේමය සම්බන්ධය වසර දෙකක් පැරණි ය.[9]

රූපවාහිනිය[සංස්කරණය]

වර්ෂ(ය) තේමාව චරිතය නාළිකාව සටහන්
2010 නීර් භාරේ තෙරේ නේනා දේවි ලක්ෂ්මී ඉමැජින් ටීවී ආරම්භක වැඩසටහනයි[10]
2010-2011 අග්ලේ ජනම් මෝහේ බිටියා හි කිජෝ රේඛා සී ටීවී ලලිගේ සොයුරිය
2011–2017 සසුරාල් සිමර් කා[11] සිමාර් ප්‍රේම් භාරද්වාජ්/ සිමාර් ජම්නාලාල් ද්වීවේදි/ සිමාර් සිද්ධාන්ත් භාරද්වාජ්/ සිමාර් වික්‍රාන්ත් මෙහ්තා/ සුනෛනා වික්‍රාන්ත් මෙහ්රා (ව්‍යාජ)/ පද්මාවතී/ පාඨලී දේවී/ ඝූන්ඝාත් වාලි/ මක්ඛි/ සාරා සේගාල් (ව්‍යාජ) කලර්ස් ටීවී ප්‍රධාන චරිතය[12]
2012 කයිරි - රිෂ්තා ඛට්ටා මීතා සිමාර් ප්‍රේම් භාරද්වාජ් කලර්ස් ටීවී සතියක් දිගැති හරස් මාරු කථාංගවල
2014 බේන්තේහා සිමාර් ප්‍රේම් භාරද්වාජ් කලර්ස් ටීවී අතිරේක විශේෂ කථාංගයක ආලියාගේ මිතුරිය ලෙස
2015 ශාස්ත්‍රි සිස්ටර්ස් සිමාර් ප්‍රේම් භාරද්වාජ් කලර්ස් ටීවී හෝලි විශේෂ හරස්මාරු කථාංගය
2014 ජලක් දිඛ්ලා ජා 7 ආරාධිත කලර්ස් ටීවී ‍සම-ප්‍රධාන නළු ධීරාජ් ධූපර් සමග
2015 කොමඩි නයිට්ස් විත් කපිල් ආරාධිත (ජලක් ප්‍රවර්ධනය කිරීමට) කලර්ස් ටීවී සම-තරගකාරිණියන් වන සනායා ඉරානි, රාධිකා මදන්, විවියන් ඩ්සේනා, ශාමිතා ෂෙට්ටි, කවිතා කෞෂික් සමග
2015 ජලක් දිඛ්ලා ජා 8 සහභාගීත්වය කලර්ස් ටීවී 2වන සතියේ දී (2015 ජූලි 26) ඉවත් විය.[13]
2015, 2016 ස්වරාගිනි - ජෝදෙයින් රිෂ්තොන් කේ සුර් සිමාර් ප්‍රේම් භාරද්වාජ් කලර්ස් ටීවී හරස්මාරු කථාංග 6ක
2016 බාලිකා වධු සිමාර් ප්‍රේම් භාරද්වාජ් කලර්ස් ටීවී හරස්මාරු කථාංගයක
2017 නාච් බලියේ ඇය ලෙසම ස්ටාර් ප්ලස් තරගකාරිණියකි
2017 කොයි ලෞත් කේ ආයා හේ ඇය ලෙසම ස්ටාර් ප්ලස්

සම්මාන[සංස්කරණය]

  • 2015 බොරොප්ලස් ස්වර්ණ සම්මාන - වඩාත්ම ගැළපෙන නිළිය
  • 2016 බොරෝප්ලස් ස්වර්ණ සම්මාන - ප්‍රධාන චරිතයක හොඳම නිළිය (විචාරක)

මේවාත් බලන්න[සංස්කරණය]

ආශ්‍රේයයන්[සංස්කරණය]

  1. 1.0 1.1 Dipika Kakar - Biography | ITimes
  2. 2.0 2.1 Warm birthday wishes to Sara Khan and Dipika Samson
  3. 3.0 3.1 Deepika Samson from air hostess to actress - The Times of India, http://articles.timesofindia.indiatimes.com/2011-11-08/tv/30369904_1_air-hostess-sasural-simar-ka-deepika-samson, ප්‍රතිෂ්ඨාපනය 2017-11-18 
  4. 4.0 4.1 "Sasural Simar Ka's Dipika Kakar Reveals Details of Real-Life Love Story". ndtv.com. 23 June 2016. සම්ප්‍රවේශය 12 October 2016.
  5. Daily soaps are far from reality: Dipika Samson - The Times of India
  6. "'B-Wood's not hot' says Dipika Samson". The Times of India. 21 April 2011. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  7. "'Devi' Dipika now cast as Laali's sister". tellychakkar.com. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  8. "Dipika Samson's marriage on the rocks". The Times of India. 4 January 2012. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  9. "Dipika Kakar and Shoaib Ibrahim finally admit they are in love". The Times of India. 23 June 2016. {{cite news}}: Italic or bold markup not allowed in: |publisher= (help)
  10. Dipika Samson "packs dabba" for her boyfriend Shoaib Ibrahim
  11. "Dipika Kakar quits Sasural Simar Ka. It's time we offer quality in TV content for the sake of actors too". inuth. සම්ප්‍රවේශය 2017-02-02.
  12. Should Simar try her luck in B’wood? | itimes
  13. "'Jhalak Dikhhla Jaa' Season 8: Dipika Samson aka Simar of 'Sasural Simar Ka' and 'Roar' Actress Nora Fatehi to Participate". Ibtimes.co.in. 2015-05-12. සම්ප්‍රවේශය 2015-05-26.

බාහිර සබැඳි[සංස්කරණය]

දීපිකා කාකාර් හා සබැඳි මාධ්‍ය විකිමාධ්‍ය කොමන්ස් හි ඇත

සැකිල්ල:Jhalak Dikhhla Jaa 8

"https://si.wikipedia.org/w/index.php?title=දීපිකා_කාකාර්&oldid=592292" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි