ද්වාරය සාකච්ඡාව:කලා

Page contents not supported in other languages.
විකිපීඩියා වෙතින්

පාරිභාෂික පද පිළිබඳ යම් ඒකමිතියක් පවත්වාගැනීම[සංස්කරණය]

කලා පෝර්ටලය හා ඒ ආශ්‍රිත කටයුතුවල නිරත වන විකිපීඩියානුවන්ගේ ප්‍රයෝජනය සඳහා දැනට භාවිතයේ පවත්නා පාරිභාෂික පද මාලා උපයෝගී කරගැනීම යහපත් බව යෝජනා කරනු කැමැත්තෙමි. එමගින් ලිපි අතර පාරිභාෂික පදවල ඒකමිතිය හා ප්‍රමිතිය පවත්වාගත හැකි වන බව හඟිමි. ලිපි ලියන හා සංස්කරණය කරන විට අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ඒ ඒ කලා ක්ෂේත්‍රයන්හිත් තහවුරු ව පවතින පද ම යොදාගැනීමට එමගින් ඉඩ සැලසෙනු ඇති. දැනට අධ්‍යාපන ප්‍රකාශය දෙපාර්තමේන්තුව මගින් ප්‍රකාශිත සෞන්දර්ය අධ්‍යාපනය සම්බන්ධ පාරිභාෂික පදමාලා කෘති ඉතා සුළු මුදලකට අධ්‍යාපන අමාත්‍යාංශයේ තොරතුරු මධ්‍යස්ථානයෙන් හා අධ්‍යාපන ප්‍රකාශය පොත්හල් සහ වෙනත් සියලු ම ප්‍රධාන පොත්හල්වලින් ලබාගත හැකියි. උදා - පාරිභාෂික ශබ්දමාලාව. සෞන්දර්ය අධ්‍යාපනය ii (චිත්‍ර හා මූර්ති කලා)

මෙහිලා උපකාරී විය හැකි තවත් වැදගත් පාරිභාෂික පදමාලා කිහිපයක් - පඨිත ඉංග්‍රීසි - සිංහල, සිංහල - ඉංග්‍රීසි පාරිභාෂික පදමාලාව සංස්කරණය සසංක පෙරේරා සහ හරීන්ද්‍ර දසනායක. --Anandawardhana 04:30, 19 ජූනි 2009 (යූටීසී)[reply]

ගෙන යාම[සංස්කරණය]

portal:කලා යන්න ද්වාරය:කලා වෙත ගෙනයන ලදී.

ද්වාරය:කලා බිඟුවා 04:00, 27 ජනවාරි 2010 (යූටීසී)[reply]

කෝලම් නැටුම් කලාව සහ ටුක්කාවඩු පරම්පරාව[සංස්කරණය]

       කෝලම් කලාව මහා සම්මත රජතුමාගේ කාලයේ සිට පැවත එන කලාවකි. රජතුමාගේ බිරිඳට කෝලම් දැකීමට ඇති වූ දොළදුක සන්සිදුවීමට කෝලම් පිළිබඳව සෙවීමට රජතුමා රාජ්‍යය පුරා දූතයන් පිටත් කර හැරියේ ය. නමුත් ඔවුන්ට කෝලම් පිළිබඳව සොයා ගැනීමට නොහැකිව සිටි අවස්ථාවේ ශක්‍රයා කෝලම් කලාවට සම්බන්ධ පුස්කොළ පොතක් දූතයෙකු මඟින් දුන් බවත් ඒ අනුව කෝලම් නැටුම් ඉදිරිපත් කර බිසවගේ දොළදුක සන්සිදවූ බවත් ඉතිහාසයේ සඳහන් වේ.

අභාවයට යමින් තිබූ කෝලම් කලාව පිළිබඳව තොරතුරු සොයාගෙන නැවතත් කෝලම් කලාව ජාතියට ලබා දීමට ටුක්කාවඩු පරම්පරාව පියවර ගැනීම නිසා ඉදිරි පරම්පරාවටත් එය දැක ගැනීමේ වාසනාව මේ නිසා උදා වී තිබේ.


මෙම කෝලම් වැඩවසම් සමාජයේ උසස් නිලධාරීන්ගේ තනතුරුවලට පැවරී ඇති වගකීම් ආශ්‍රයෙන් ඉදිරිපත් කර තිබෙන අතර රජවරුන්ගේ කාර්ය මණ්ඩලවල සේවය කරන චරිතද මෙයට යොදාගෙන තිබේ එතුළින් ජනතාවට හාස්‍ය මෙන්ම විනෝදය ඇති වන ආකාරයට සකස් කිරීමට උත්සාහ ගෙන ඇති බව කෝළම් නැරඹීමෙන් පැහැදිලි වේ.

ඒ සඳහා මුදලිගේ කෝලම, අඬබෙර කෝලම, හේවා කෝලම, ලියනාරච්චි කෝළම මේ කෝළම් අතරින් දැකිය හැකිය.

මෙම කෝළම් කලාවෙන් ඉදිරිපත් වන පොලිස් කෝලම සහ ජසයා ලෙන්චිනා කෝළම ජනතාවගේ සිත් ඇද බැඳ තබා ගැනීමටත් සමත් විය.

රට විදේශ ආක්‍රමණවලට ලක් වූ අවස්ථාවේ රටට පැමිණි විදේශ ජාතීන්ගේ චරිත ආශ්‍රයෙන් කෝළම් සකස් කිරීමද සිදු කර ඇති අතර ලන්දේසි කෝළම සහ කාබේරි කෝළම උදාහරණ ලෙස දැක්විය හැකිය.

මෙම කෝළම් සඳහා යොදා ගන්නා චරිත වලට අවශ්‍ය මුහුණු සකස් කිරීම ටුක්කාවඩු පරම්පරාවේ කළාකරුවන් විසින්ම සිදු කර ඇති අතර මෙම පරම්පරාවේ බොහෝ පිරිසක් වඩු කර්මාන්තයේ නියැලෙන නිසා මේ කාර්ය කිරීම ඉතාම පහසු වී තිබේ.

මොවුන් කෝලම්වලට අවශ්‍ය මුහුණු සකස් කිරීම සඳහා මුල් අවධියේ යොදාගෙන ඇත්තේ බිම් පොල් ගසේ පොල්අත්තේ ඇති බිඩන්ග බව ටුක්කාවඩු පරම්පරාවේ තොරතුරු සොයා බැලීමේදී හෙළිවේ.

පසු කාලයේදි කදුරු ගස් වෙස්මුහුණු සකස් කිරීමට භාවිතා කර තිබේ. වෙල් කදුරු සහ ගොඩ කදුරු වශයෙන් කදුරු වර්ග දෙකක් තිබුණත් වෙල් කදුරු ලීයේ ඇති සැහැල්ලු බව නිසා මුහුණු කැපීමට කලාකරුවෝ වෙල්කදුරු ලීය භාවිතා කිරීමට පුරුදුව සිටිති.

කෝලම් නාට්‍යවල චරිත සඳහා වෙස්මුහුණු සකස් කරන කාර්මිකයන් තමන් හිතේ මවාගත් රූපය ඒ ආකාරයෙන්ම කදුරු කොටෙන් ඉදිරිපත් කිරීමට දැඩි වෙහෙසක් ගන්නා අතර සුළු හෝ වැරදීමක් සිදු වුවහොත් එම කොටය ඉවත් කරන බවද දැන ගැනීමට ලැබුණි.

කදුරු කොටෙන් සකස් කරන මුහුණු දුමේ දමා දින ගණනාවක් දුම් ගස්වා පදම් කිරීම සිදු කරන බවත් කදුරු ලීයේ කිරි ගතිය වේලී ගිය පසුව තීන්ත ආලේප කිරීම සඳහා යොදා ගන්නා බවද හරිස්චන්ද්‍ර මහතා පැවැසීය.

මෙම වෙස්මුහුණුවල තීන්ත ආලේප කිරීමේදී ඒ සඳහාම සකස් කර ගත් තීන්ත වර්ග භාවිතා කොට තිබුණි. තීන්ත සකස් කර ගැනීමේදී මුල් යුගයේ විවිධ ගල් වර්ගවලින් තීන්ත සකස් කරගෙන භාවිතා කර ඇති අතර පසු කාලයේදි දොරණ ගසෙන් ලබාගත් තෙල්වලින් සකස් කරගත් තීන්ත භාවිතා කර තිබේ.

මෙම තෙල්වලින් සකස් කරගත් තීන්ත වෙස්මුහුණුවලට ආලේප කිරීමෙන් සත්තුන්ගෙන් ආරක්ෂා කරගෙන වෙස්මුහුණු බොහෝ කාලයක් තබා ගත හැකි බවද තොරතුරුවලින් දැනගන්නට ලැබුණි.

කෝළම් නැටුම් සඳහා සකස් කරන ලද මුහුණු වර්ග රැසක් තිබේ. ඒ අතර නාගරාක්ෂ, මරුරාක්ෂ, ගුරුළුරාක්ෂ, කවරාක්ෂ තිබෙන අතර ඉන් කවරාක්ෂ වෙස්මුහුණ ටුක්කාවඩු සම්ප්‍රදායේ එන නිසා විශේෂත්වයක් දක්නට ඇත.


ටුක්කාවඩු පරම්පරාවේ කෝලම් සම්ප්‍රදායට අයත්ව තිබූ කෝළම් වලට අවශ්‍ය වටිනා මුහුණු පසුකාලයේදී විනාශ වී ඇති බවත් එම මුහුණු සකස් කර ගැනීම ටුක්කාවඩු ගුණදාස මහතාගේ පුත් හරිස්චන්ද්‍ර මහතා දැඩි වෙහෙසක් දරා සිදු කර තිබේ.

විෂයය:

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය_සාකච්ඡාව:කලා&oldid=595750" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි