ද්වාරය:වතිකානු පුරය
හැඳින්වීම
වතිකානුව(Vatican City)
i/ˈvætɪkən ˈsɪti/, හෝ වතිකානු රාජ්‍ය Vatican City State,[1] (නිල ඉතාලි භාෂාවෙන් Stato della Città del Vaticano [2] යනු භූමියෙන් වටවූ ස්වෛරී නගර-රාජ්‍යකි. එය ඉතාලියේ රෝම නගරය ඇතුලත පිහිටා ඇත. එය ආසන්න වශයෙන් හෙක්ටයාර 44 ක් වන අතර එහි ජනගහනය 800 ට මදක් ඉහලය.[3][4] මේ අනුව වතිකානුව භූමිය මෙන්ම ජනගහනය අතින්ද ලොව කුඩාම ස්වෛරී රාජ්‍ය වේ.
වතිකානු රාජ්‍යය 1929 දී IX පියුස් පාප්තුමා වෙනුවෙන් රාජ්‍ය ලේකම් කාදිනල් පියෙත්‍රෝ ගැස්පාරී විසින් හා III වන වික්ටර් එම්මානුවෙල් රජ වෙනුවෙන් ඉතාලි අගමැති හා රජයේ ප්‍රධානියා වූ බෙනීටෝ මුසොලීනී විසින් අත්සන් තැබූ ලැටරන් ගිවිසුම මඟින් පිහිටවනු ලැබීය.[5] වතිකානු රාජ්‍ය මුල් ක්‍රිස්තියානු කාලයේ සිට පැවත එන ශුද්ධාසනයෙන් වෙනස් වන අතර[6]ලොව වටා සිටින බිලියන 1.2 පමණ වන [[ලතින් වතාවත්|ලතින්] හා නැගෙනහිර කතෝලික බැතිමතුන්ගේ මූලස්ථානය වේ. වතිකානුවේ ආඥාවන් ඉතාලි භාෂාවෙන් ප්‍රකාශයට පත්කරන අතර ශුද්ධාසනයේ ලේඛණ ප්‍රධාන වශයෙන් ලතින් භාෂාවෙන් නිකුත් වේ. රටක් නොවන ශුද්ධාසනය රාජ්‍යතාන්ත්‍රික හා සේවා ගුවන්ගමන් බලපත්‍ර හා වතිකානුව සාමාන්‍ය ගුවන්ගමන් බලපත්‍ර නිකුත් කරනු ලබයි. මෙම අවස්ථා දෙකේදීම නිකුත් කරනු ලැබ ඇත්තේ සුළු ගුවන්ගමන් බලපත්‍ර සංඛ්‍යාවක් පමණි.
තෝරාගත් ලිපි
ඔබට යමක් සම්බන්ධයෙන් උදව් අවශ්‍ය ද?
ඔබට Vatican City සම්බන්ධයෙන් පිළිතුරු සොයාගැනීමට අපහසු පැණයක් තිබේ ද?
සමහර විට විකිපීඩියා නිර්දේශ කවුලුව වෙත යොමුවීම, ඉක්මන් පිළිතුරක් සොයාගැනීමට මාර්ගයක් විය හැක.
තෝරාගත් සේයාරු
උප ප්‍රවර්ග
උප මාතෘකා
ආශ්‍රිත විකිමීඩියා
- ^ "Homepage of Vatican City State". Vaticanstate.va. සම්ප්‍රවේශය 15 October 2010.
- ^ "Stato della Città del Vaticano" යනු ඉතාලිය හා ශුද්ධාසනය අතර වතිකානුව පිහිට වූ [[ව්‍යවස්ථාව|ගිවිසුමේ] භාවිතා කල නාමය වේ. 26 වන ජේදය.
- ^ "Holy See (Vatican City)". CIA—The World Factbook. සම්ප්‍රවේශය 9 July 2011.
- ^ "Vatican City State". Vatican City Government. සම්ප්‍රවේශය 28 November 2007.
- ^ Preamble of the Lateran Treaty
- ^ "Living and working abroad - Holy See". UK Foreign and Commonwealth Office. 2010-04-29 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී.















