ද්වාරය:Russian Empire

විකිපීඩියා වෙතින්
Jump to navigation Jump to search

ක්‍රෙම්ලිනයේ ඉතිහාසය පුරාණ බල කොටුව[සංස්කරණය]

කලක් යුරෝපය දණ නැමූ වතිකානුව මෙන්ම වරක් ලෝකයක් ආණ්ඩු කල බකින්ඟැම් මැදුර හා වර්සෙල්ස් මැදුර දැන් අජීවී කෞතුකාගාර හෝ මලගිය සංස්කෘතික උරුමයන් පමණි. රෝමන් ජර්මන් හා ඔටෝමන් පාලනයන්හි භෞතික නාභීන් පවා කලින් කලට වෙනස් වී ඇති බව ඉතිහාසය පෙන්වා දේ. එහෙත් සහස්‍රයක් පුරා හටගත් විවිධ දෘෂ්ඨිමය වෙනස්කම් හා දේශපාලන පෙරලි මැද නොවෙනස්ව පැවති එක් බල කේන්ද්‍රයක් යුරෝපයේ ඇත. ඒ රුසියානු පාලන තන්ත්‍රයේ සදාතන නිවහන වූ ක්‍රෙම්ලිනයයි. මේ අපූරු බන්ධනයේ වෘතාන්තමය ඉතිහාසයද අපූරුය. දහවන සියවසේ දකුණේ බයිසන්ටයින් අධිරාජ්‍යයත් උතුරේ ස්කැන්ඩිනේවියානු වයිකින් වරු අතර වෙළඳ මධ්‍යස්ථානය වූයේ වොල්ගා ද්‍රෝණියයි. බොහෝ ජාතීන් විසූ මෙම පෙදෙස එවකට ආණ්ඩු කල අර්ධ-එඬේර වොල්ගා-බල්ගර් වරු වත්මන් බෝල්කන් බල්ගේරියානුවන්ගේ ඥාති සහෝදරයෝය. මේ කාලයේ තවදුරටත් විහිදී ගමන් කල ස්ලාව් වරු වොල්ගාවේ අතු ගංගා අසබඩ සිය ජනවාස පිහිටවා ගත්හ. මොස්ක්වා ගඟ අසබඩ පිහිටුවන ලද ‘ව්ලදිමීර්ගේ අග්‍රාදිපාද වසම’ [Vladimir-Suzdal] ආණ්ඩු කලාවූද, තම යටත් වැසියන්ගේ දේපොල ඉතා කූඨ ලෙස කොල්ලාකෑමෙහිලා සමත්කම් ඇත්තාවූද, කා බී නිතර ප්‍රීතියෙන් සිටි යූරි කුමාරයා ක්‍රිව 1147 දී නොවොග්‍රාඩ්-සිවර්ස්කි පෙදෙස පාලනය කල තම ගජ මිතුරාට මෙවැනි ආරාධනාවක් කෙලේය. “ ස්වියාටොස්ලාව් ඔල්ගොවිච්, අපි උත්සවයක් පවත්වමු. නුඹ මොස්කෝවට වරෙන්.” අනාගත රුසියානු අගනුවර ගැන ඉතිහාසයේ හමුවන පළමු සටහනයි ඒ භෝජන සංග්‍රහයයි. බටහිර ඉතිහාසඥයන් පවසන අන්දමට මෙකල මොස්කොව් වාසීන් ගතකලේ උතුරු යුරෝපීය ශිෂ්ඨාචාරයෙන් හුදෙකලා වූ ප්‍රාථමික ජීවන රටාවකි. රෝමයේ මනස්කාන්ත මන්දිර ගොඩනැගෙද්දි, නෝර්ඩික් කුරුස යුද්ධ කාමීන් පලස්තීනය අත්පත් කොට ගනිද්දී මේ රුසියානු කුමාරවරු තම ප්‍රීති උත්සව පැවැත්වූයේ අඩක් හිමෙහි ගිලුන විශාල පැල්පත් [Cottages] තුලය. බොජුන් ශාලාව උණුසුම් කල අවලස්සන උදුන් වලට දුම්බට නොමැත. පැදුරු එල්ලා ආවරණය කල ජනේල වලට එපිටින් වූයේ වගවලසුන් පිරි ඝන වනාන්තරයයි. මොස්කොව් නමින් අනාගතයේ ප්‍රකට වූ තම ජනාවාසය වටා ලී බලකොටුවක් ඉදිකිරීමට යුරී කුමාරයා තීරණය කලේ තවත් සත් වසරකට පසුවය. යුරෝපය දෙසට ව්‍යාප්ත වීමේ ආශාවෙන් පෙළුන මොන්ගෝල්-තතාර් වරුන් ගේ ආක්‍රමණයට ස්ලාව් වාසභූමි ලක්වූයේ මේ අතරය. ඛාන් තුමාගේ [Khan = අධිරාජයා] ගේ පිළිවෙත වූයේ ඛාන් රාජ්‍යයේ [Khanate] ආධිපත්‍යයට හිස නැමූවන්ට හිරිහැර නොකිරීමත් ඊට එරෙහිව නැඟී සිටින්නන් සමූලඝාතනය කිරීමත්ය. මොස්කොව් වැසියෝ සතුරාට එරෙහිව නැඟී සිටි අතර ඒ හේතුවෙන් සමූලඝාතනයට ලක් වූහ. 1240 දී සතුරා නගරය ගිනිබත් කරන ලදී. ඉතිරි වූයේ ජනගහනයෙන් දහයෙන් පංගුවකි. අනාගත රුසියානු රාජ්‍යය එදා මුහුණ දෙමින් සිටියේ දුෂ්කර ඓතිහාසික පරීක්ෂණයකටයි. එහෙත් එය ප්‍රජාවේ පැවැත්ම හෝ විනාශය පිළිබඳ ගැටළුවක් බව අවබෝධ කොටගත් පළමු තැනැත්තා වන්නේ කෘහස්ත රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස අදටත් පිදුම් ලබන එවකට නොවොග්‍රාඩ් වසම ආණ්ඩුකල අලෙක්සැන්ඩර් නෙව්ස්කි කුමාරයාය. ස්ලාව්වරු සමූලඝාතනයට ලක්වීමෙන් දිනාගත හැකි කිසිවක් නොමැති බවත් ජයග්‍රහණය ලැබීම සඳහා පරම්පරා ගණානාවක් ගතවිය හැකි බවත් දුටු හෙ ඛාන්ගේ ආධිපත්‍යය පිලීගෙන සම්මුතියකට එළඹියේය. ප්‍රීතියට පත් ඛාන් නෙව්ස්කි තම හිතවතකු සේ ලා සැලකූ අතර රුසියන් වරු සමූලඝාතනයෙන් ආරක්ෂා වූහ. නෙව්ස්කිගේ මරණයෙන් පසු ඛාන්ගේ සිත් දිනාගත් ඔහුගේ මුනුපුරු යූරි ඛාන්ගේ සොයුරිය අවාහ කොටගත්තේය. මේ ඔස්සේ වැඩි දියුණු වූ සබඳතා මත මොස්කොව් නගරය වෙළඳ මධ්‍යස්ථානයක් බවට පත් වෙද්දී රුසියානු ශිෂ්ඨාචාරයේ තිඹිරිගෙය වූ ‘ව්ලදීමීර් ගේ අග්‍රාදිපාද වසම’ වඩාත් බලවත් විය. 1339 දී නගරය වටා වූ බලකොටුව යලි ඉදි කෙරිණ. මෙය ‘ක්‍රෙම්ලින්’ නමින් හඳුන්වන ලදී. ‘නගරය තුල ඇති බලකොටුව’ යන්න එහි අර්ථයයි. ඛාන් රාජ්‍යයේ කිත් යසස කෙමෙන් පිරිහෙමින් පැවති මේ කාලය වනවිට සිට නිදහස පතා සටන් කලයුතු කාලය එළඹ ඇති බව ස්ලාව් වරුනට වැටහිණ. විය ය්තු පරිද්දෙන්ම එහි මූලිකත්ව ගත්තේ මොස්කොව් නුවර කේන්ද්‍ර කොටගත් ව්ලැදීමීර්ගේ අග්‍රාදිපාද වසමයි. 1380 සැප්තැම්බර් 08 දා නෙව්ස්කිගේ මුණුපුරාගේ මුණුපුරා වූ දිමිත්‍රි කුමාරයා එක්ලක්ෂ පණස් දහසක ස්ලාව් හමුදාවක් යොදවා දොන් නදිය අසල කුලිකොව් හිදී මොන්ගෝල්-තතාර් වරුනට පහර දුන්නේය. ලේ ගංගා ගලා ගිය අතර දෙපාර්ශ්වයේ සෙබළු එකාපිට එකා මැරී වැටුනාහ. සිය අසු ද අහිමි වූ ඛාන් පසුබැස ගියේය. රුසියානු යුද ඉතිහාසය තුල අදටද ඉමහත් ආස්වාදයකින් යුතුව සමරන කුලිකොව් සටන ඒකාබද්ධ අනන්‍යතාවයකින් යුතුව ස්ලාව් වරු මුහුණ දුන් පලමු බරපතල හා සාර්ථක සටනයි. සෝවියට් ලේඛණ තුල පවා දිමිත්‍රි කුමාරයා රුසියානු නිදහස් සටනේ වීරයකු ලෙස වර්ණ ගන්වා ඇත. කෙසේ වුවද මොන්ගෝල්-තතාර් පාලනයෙන් මුළුමනින්ම මිදීමට ස්ලාව් වරුනට හැකිවූයේ තවත් සියවසකට පසුවය. මොන්ගෝල් වරුන්ගේ තර්ජන වලින් හෙම්බත් ව සිටි යුරෝපය වඩාත් තැති ගත් සිද්ධිය වූයේ 1453 කොන්ස්තන්තිනෝපලය තුර්කිවරු අතට පත්වීමයි. මේ සමඟ බයිසන්ටයින් අධිරාජ්‍යයද බිඳ වැටුන අතර නැහී එන ඉස්ලාම් ව්‍යාප්තියට මුහුණදීමෙහිලා තමාට සහාය දිය හැකි සමත් මිතුරෙකුගේ උවමනාව බටහිර ලෝකයට තදින් දැණින. මේ තත්වය යටතේ මොන්ගෝල් වරුනට අහියෝග කිරීමට ඉදිරිපත් ව සිටින බව කියැවුන නැගෙනහිර යුරෝපීය ස්ලාව්වරු කෙරේ ඔවුන් උනන්දුවක් දැක්වීම ස්වභාවිකය. අභිනව ස්ලාව් රාජ්‍යය ඔවුන් දුටුවේ මොන්ගෝල්-තතාර් වරු හා යුරෝපය අතර වූ අගනා පලිහක් ලෙසිනි. වතිකාණුවේ රැකවරණ ලබමින් සිටි බයිසන්ටයින් පෙලපතට අයත් සොෆියා කුමරිය දිමිත්‍රි ගේ මී මුනුපුරා වූ තුන්වන ඉවාන්ට කරකාර බන්දවා දීමට 1469දී දෙවැනි පාවුළු පාප් වහස්න්සේ කපුකමක් පිළියෙල කලේ මේ තත්වය යටතේය. මෙම විවාහය මඟින් මුස්ලිම් වරුනට එරෙහිව ස්ලාව් වරුන්ගේ සහාය ලබා ගැනීම පමණක් නොව රුසියානු වාසභූමි වතිකානුවේ බලපෑමට ලක් කිරීම ද කතෝලික පල්ලිය අපේක්ෂා කල බව පෙනේ. තුන්වන ඉවාන්ගෙ අධිෂ්ඨානය වූයේ ව්ලැදිමීර් අග්‍රාඅදිපාද වසම කේන්ද්‍ර කොටගනිමින් රුසියානු අනන්‍යතාව යටතේ ස්ලාව් වාසභූමි එක්සත් කිරීමයි. ඊලඟ වසරේදී ද්වීනා ගඟ තරණය කොට නොවොග්‍රාඩ් වසමට පහර දී විශාල බිම් ප්‍රමාණයක් ඈඳාගත් හේ රූබල් 15500 ක් යුද වන්දි අයකොට ගත්තේය. ඛාන් රාජ්‍යයට තවදුරටත් පුද පඩුරු යැවීමටද ඔහු ප්‍රතික්ෂප කිරීමෙන් උරණ වූ අහ්මඩ් ඛාන් 1480 දී මොස්කොව් නහරයට පහරදීමෙහිලා අවසන් තැතක් දැරූ මුත් උග්‍රා නදිය අසල දී මොන්ගෝල්-තතාර්වරු තීරණාත්මක ලෙස පරාජය කිරීමට රුසියානුවෝ සමත් වූහ. අහ්මඩ් ඛාන් ස්ටෙප්ස් භුමියට පසුබැස ගිය අතර මඟින් සටිනුහන් වූයේ ඛාන් රාජ්‍යයේ බිඳ වැටීමේ ආරම්භයයි. වසර 240ක මොන්ගෝල්-තතාර් පාලනයෙන් මිදුන ස්ලාව් වරු මොස්කොව් නුවර කේන්ද්‍රකොට ගනිමින් එක්සත් වූහ. නව රුසියානු රාජ්‍යයේ අභිමානය වූයේ පැරණි ඕක් දඬු වෙනුවට ගලින් බඳින ලද දැවැන්ත පවුරකින් වටවූ ක්‍රෙම්ලිනයයි. තම බිරිදගේ ඥාති සබඳතා හරහා ගෙන්වාගත් ග්‍රීක හා රෝම නිර්මාණ ශිල්පීන් යුරෝපීය වෙදැදුරන් ඉංජිනේරුවන් හා ගුරුවරු මොස්කොව් නුවර පදිංචි කරවමින් ඒ වනවිටත් නොදියුණු මට්ටමක වූ රුසියානු ශිෂ්ඨාචාරය බටහිර ශිල්පීය ඥාණය හා මුහු කරවීමේ කීර්තිය තුන්වන ඉවාන්ට හිමි විය යුතුය. නව ගොඩනැඟිලි ඇතුලත් කෙරුන ක්‍රෙම්ලිනය වටා නිරීක්ෂක මුර කුටි ඉදිකරන ලදී. එහෙත් විදේශික සේවා සපයන්නන් තම වහලුන් සේ සැලකූ තුන්වන ඉවාන් ඔවුන්ගෙන් ගෙන් බලාත්කාරයෙන් වැඩ ගැනීම හේතුවෙන් එම උත්සාහය මුළුමනින්ම සාර්ථක වූයේ නැත. ලෙඩ සුව කිරීමෙහිලා අසමත් වූ වැනීසියෙන් පැමිණී දේවදාසයකුගේ හිසගසා දමන ලදී. ක්‍රෙම්ලිනයේ දේවස්ථානය ඉදි කල නිර්මන ශිල්පියාට සිරභාරයේ පසුවීමට සිදුවිය. රුසියානු හමුදාවට තම පළමු කාලතුවක්කුව ලැබුනේ මේ කාලයේදීය. තුන්වන ඉවාන්ගෙන් පසු උරුමය හිමිවූ ඔහුගේ පුත් තුන් වන වැසිලි, නොවෝග්‍රාඩය ඇතුළු සම්ප්‍රදායික ස්ලාව් වාසභූමි තවදුරටත් මොස්කොව් පාලනය යටතට ඈඳා ගත් අතර ස්මෝලෙන්ස්ක් හිදී ලිතුවේනියානුවන් පරාජය කලේය. පල්ලිය අතේ දුරින් තබා ගනිමින් තමාට අභියෝගයක් වනු අතැයි සැක කල රුසියාවේ නැඟී එන නව රදල පැලැන්තිය පාලනය කිරීම සඳහා එහි සහාය ලබා ගැනීමටද හේ පැකිලුනේ නැත. පොදු සතුරා වන ඔටෝමන් වරුනට එරෙහිව පර්සියාවේ ඉස්මායල් ෂා තුමා සමඟ සන්ධානයකට එලැඹීම ඔහු විසින් තැබූ වැදගත් උපාය මාර්ගික පියවරකි. එය අද දක්වාම බලාත්මකය. ඛාන් වරුන්ගෙ ආධිපත්‍යයෙන් මිදුන කලබලකාරී ස්ලාව් ඈපා වසම් සමූහයට එක්සත් රුසියානු මුහුණුවරක් ලබුනේ මේ කාලයේදී යැයි සිතිය හැක. එහෙත් විශාලතම අභාග්‍යය වූයේ මේ අපූරු රාජ්‍යයට උරුමක්කාරයෙකු නොමැති වීමය. විසි වසරක විවිහායකින් අනතුරුව තවමත් තුන්වන වැසිලිට දරුවෝ නුවූහ. රාජ උපදේශකයන්ගේ මඟ පෙන්වීම පරිදි බිරිඳ දික්කසාද කොට අසපුවකට පිටුවහල් කොට රාජ සභාවේ සේවය කල ලිත්වේනියානුවෙකුගේ දියණීයක විවාහ කොට ගැනීමට තුන්වන වැසිලි තීරණය කලේ එහෙයිනි. මහජනයාට විසඳිය නොහෙන ප්‍රහේලිකාව වූයේ දෙවන විවාහයෙන් පස් වසක් ඉකුත්ව යනතුරු ද වැසිලිට දරුවන් නොවීමයි. තම සියළු වැඩ පසලක ලා වීථි වලද මේ පිළිබඳ රහස් දොඩන්නට වූ මොස්කොව් වැසියෝ සිය විමතිය හා කුතුහලය නොවලහා පල කලෝය. මේ මොන විපතක්ද? ලිතුවේනියානුවාගේ දුව හා කෙරුන මඟුල නිසා දෙවියන් උරණ වී ඇති හැඩයි. මිත්‍යාව ඇසුරින් ලෝකය දුටු යුගයක මෙවන් කෙදිරීම් හා කටකතා තුලින් පාලකයකුගේ දේශපාලන අධිකාරියට වන හානිය ගැන තුන්වන වැසිලි මැනවින් දැන සිටියේය. එහෙත් සර්ව බලධාරී දෙවියන් වහන්සේ අසරණ ලිතුවේනියානු තරුණියගේ යාඥාවට සවන් දුන් සේක. 1530 අගෝස්තු 25 දා ක්‍රෙම්ලින් දේවස්ථානයේ දැවැන්ත සීනුව හඬවන ලදී. අනතුරුව මොස්කොව් වැසියන්ට අසන්නට ලැබුනේ ඈ පුත් කුමරෙකුට උපත දී ඇති බවය. තමා මේතාක් කල් බලා සිටි උරුමක්කාරයා පැමිණීමේ සුභාරංචිය රුසියානුවන් පිළිගත්තේ නගරය එකම සැනකෙලියක් බවට පත් කරවමිනි. තුන්වන ඉවාන්ගේ මුනුපුරා වූ ඒ උරුමක්කාරයා රුසියාව විශාල ඈපාවසමක සිට සාර්-රාජ්‍යයක් [Czar-dom] බවට පත් කරනු ඇතැයිද, ‘ඝෝර ඉවාන්’ [Ivan the Terrible] යන බිහිසුනු විරුදාවලිය ලබමින්ද දිනෙක ලොව හොල්ලනු ඇතැයි ඔවුන් එදා සිහිනෙනුදු නොසිතන්නට ඇත.

Chamara Siriwardene

රුසියාව සාර් අධිරාජ්‍යයක් බවට පත් වේ[සංස්කරණය]

ගෙරිහංකඩක් එලාගැනීමට අවසර ඉල්ලමින් කොළඹට ගොඩබට පෘතුගීසීන් ලංකාවේ දේශපාලනයට මැදිහත් වෙමින් සිටි 1530 වසරේ ක්‍රෙම්ලිනයේ උපන් හතරවන ඉවාන් හෙවත් ‘ඝෝර ඉවාන්’ [Ivan the Terrible] රුසියානු ඉතිහාසය තුල වඩාත්ම ආන්දෝලනයට ලක්වූ පාලකයා බවට විවාදයක් නැත. දස දහස් ගණනක් මිනිස් ජීවිත බිලිගැනීමේ චෝදනාවට ලක්වන අතරම රුසියාව මධ්‍යතන යුගයේ ආදිපාද වසමක සිට අධිරාජ්‍යයක් [Czardom] බවට පත්කිරිමේ මුල් අඩිතාලම එලීමේ ගෞරවය හිමි වන්නේ ඔහුටයි. ඉවාන් කුමාරයා උපන්දා දවස පුරා අහස ගිගිරූ බවත් ක්‍රෙම්ලිනයට ඉහලින් අකුණු සැර පිපිරූ බවත් ජනප්‍රවාදයේ සදහන් වේ. පියා මිය යනවිට ඔහුගේ වයස තුනකි. කුමාරයා නිසි වියට එලඹෙන තුරු රාජ්‍යාධීකාරී [Regent] ලෙස තොමෝම රට පාලනය කිරීමට ඔහුගේ ලිතුවේනියානු ජාතික මව ඉදිරිපත් වුවද බල තණ්හාවෙන් පෙළුන බෝයාර් වරු [Boyers = ස්ලාව් අනුපිලිවෙල අනුව කුමාර වරුන්ට පහල ප්‍රභූ පැලැන්තිය] ඈට වසදී මරාදැමුහ. අනතුරුව පුංචි ඉවාන් ගේ කිරි අම්මාද මරා දමන ලදී. අවදානම හා අනාරක්ෂිත බව තුලින් ගෙවුන ඒ ළමාවිය තුල ඔහුගේ ජීවිතය ආරක්ෂා වූයේ හුදෙක්ම බෝයාර් වරු ඔවුනොවුන් අතර කුලල් කෑමට ගැනීමත්, ක්‍රෙම්ලිනයේ සම්ප්‍රදාය උල්ලංඝණය කරමින් කටයුතු කොට මොස්කොව් වැසියන් කුපිත කරවීමට ඔවුන් බිය වූ නිසාත්ය. වෙනත් වචන වලින් කිවහොත් ඒ හුදෙක්ම වාසනාවයි. මේ හේතුවෙන් බෝයර් වරු අරබයා කුමාරයා තුල කුඩා කල පටන් වූ අවිශ්වාසය හා කෝපය කිසි දිනෙක පහ වූයේ නැත. දක්ෂ කවියෙකු හා සංගීත ප්‍රබන්ධකයකු වූ ඉවාන් ස්ලාව් පාලන ප්‍රදේශ ව්‍යාප්ත කිරීමට කුඩා කල පටන් සිහින දුටුවේය. 1547 දී වයස දහසය සම්පූර්ණ කල හේ ක්‍රෙම්ලිනයේ දී මහා මංගල්‍යයක් පවත්වමින් කිරුළු පැලඳියේ සිය පියවරුන් මෙන් ව්ලදිමීර්ගේ අග්‍රාදිපාඅද වසමේ උත්තම කුමාරයා [Grand Prince] ලෙස නොව රුසියානු භූමියේ සාර් තුමා [Czar = ස්ලාව් අධිරාජයා] ලෙසටයි. සාර්තුමා දෙවියන් විසින් තෝරාගත් උත්තරීතර තැනැත්තා බවට විස්තර කර දෙන ලදී. සතියකට පසු හතර වන ඉවාන් පසලොස් හැවිරිදි ඇන්ස්ටාසියා රොමනොව්නා කුමරිය සමඟ විවාහ වූයේ අභිනව අධිරාජ්‍යයේ කිරුල අනාගතයේ රොමනොව් පෙලපතට හිම්කරදීමට මඟ සලසමිනි. බ්‍රිතාන්‍යයේ පළමුවන එළිසෙබෙත් රැජිනට හසුන් යැවූ හතර වන ඉවාන් නොපමාව ඉංග්‍රීසීන් හා වෙළඳ සබඳතා ගොඩ නඟා ගත්තේය. එහෙත් ලිවොනියන් (වත්මන් බෝල්ටික් කලාපය) වරුන්ගේ සතුරු ක්‍රියා හේතුවෙන් ජර්මනිය හා මිත්‍රත්වය ගොඩ නඟා ගැනීමේ ඔහුගේ වෑයම සාර්ථක වූයේ නැත. වෙළඳ මධ්‍යස්ථානයක් ලෙස වොල්ගාවෙහි වැදගත් කම දුටු ඔහු 1552 ගිම්හානයේ දී කසාන් රාජ්‍යයට කාලතුවක්කු 150ක් යොදා පහර දුන්නේය. කසාන් හි තතාර් වරු යටත් වූහ. සාර්තුමා තම ජයග්‍රහනය සටිනුහන් කලේ ක්‍රෙම්ලිනයේ සුප්‍රකට ශාන්ත බැසිල් දෙව් මැදුර තනවමිනි. වොල්ගා ඩෙල්ටාව, සයිබීරියාව ඇතුළු සෙසු මුස්ලිම් ඛාන් රාජ්‍යයන් ඈඳා ගැනීමෙන් වඩාත් පුළුල් වූ දේශසීමා සහිත ව්ලදිමීර්ගේ අග්‍රාදිපාද වසම මේ වන විට සැබෑ අධිරාජ්යයක් විය. 1553 රුසියාවේ පළමු මුද්‍රණාලය ඉදිකරන ලදී. 1558 පෝලන්ත ලිතුවෙනියානු පොදුරාජ්‍ය මණ්ඩලයට හෙවත් (ලිවෝනියාව) එරෙහිව යුද වැදීමට හතර වන ඉවාන් පෙළඹුයේ බෝල්ටික් මුහුද හරහා වෙලඳ මාර්ගයක් විවෘත කොටගැනීමෙහිලා ඔහු තුල වූ අභිලාෂයයි. එහෙත් එය දීර්ඝ යුද්ධයක් විය. ආර්ථික වශයෙන් රට පරිහාණියට පත්වූ අතර ඉවාන්ගේ උපදේශක බෝයර් වරයෙක් සතුරු පිලට එක්වී බොහෝ අලාභ හානි සිදු කොට තිබිණ. මෙ අතර ඔහුගේ බිරිඳ වූ විසි අට හැවිරිදි ඇන්ස්ටාසියා රොමනොව්නා ද අකාලයේ මිය ගියාය. බෝයර් වරු ඈට වස දෙන්නට ඇති බවට ඉවාන් සැක කලේය. එහෙත් පුරාන ස්ලාව් සම්ප්‍රදායට අනුව ක්‍රෙම්ලිනයේ බලය සාර් හා ප්‍රභූ වරු අතර බෙදී තිබුණ බැවින් බෝයර් වරුනට දඬුවම් කිරීමේ හැකියාවක්ද ඉවාන්ට නොවීය. හේ වියරු වැටුනේය. 1564 දෙසැම්බර් 03 දා ක්‍රෙම්ලිනයේ ගේට්ටු හදිසියෙ විවිර විය. විමතියට පත් නගර වැසියන් ට දක්නට ලැබුනේ රාජකීය රථය පෙරටු කොටගත් කරත්ත සිය ගණනාවක් නගරයෙන් පිටත්ව යන ආකාරයයි. තම වස්තුව, සේවකයන් හා සෙවබළුන් සමඟ මොස්කොව් නුවරින් සැතපුම් හැත්තෑපහක් දුරින් වූ ඇක්සන්ඩ්‍රොව් නම් ගමේ පදිංචි වූ ඉවාන් බෝයර් වරුන්ගෙ ද්‍රෝහී කම් හා කුමන්ත්‍රණ නිසා තමා සිහසුන හැර ගිය බව දන්වා නගරයට පණිවුඩයක් යැවී‍ය. ක්‍රෙම්ලිනයේ පාලනය සියතට ගැනීමට බෝයර් වරු ඉතා කැමැත්තෙන් පසුවූ බවට සැකයක් නැතත්, පුවත අසා කුපිත වූ මොස්කොව් නගර වැසියන් කලබල කිරීමට වූයෙන් ආපසු නගරයට පැමිණ රාජ්‍යය හාරගන්නා මෙන් ඉවාන් ගෙන් අයැද සිටීමට බිෂොප් වරයාට සිදුවිය. ඉවාන් මෙම ඉල්ලීම පිළිගත්තේ කුමන්ත්‍රණ කරුනවන්ට එරෙහිව ක්‍රියාකිරීමට තමාට පූර්ණ බලතල තිබිය යුතුය යන කොන්දේසිය මතයි. මොස්කොව් වැසියෝ කැමති වූහ. ආපසු ක්‍රෙම්ලිනයට පැමිණි සාර් විසින් හමුදාවට සමාන්තරව ‘ඔප්‍රිච්නිකි’ [Oprichniki] නැමති පොලිස් බල ඇණියක් පිහිටුවන ලදී. මෙය අනාගත KGB රහස් පොලිසියේ මී මුත්තා ලෙස සැලකිය හැක. ඕනෑම පුද්ගලයෙකු සිරභාරයට ගැනීමට හා දඬුවම් පැමිණවීමට ඔවුනට බලය තිබිණ. බෝයර් වරු ඉලක්ක කොට ගනිමින් ඇරඹුන මේ දැවැන්ත මර්දන රැල්ල හැට දහසකට දිවි අහිමි කලේ හතර වන ඉවාන්ගේ ඓතිහාසික ප්‍රතිබිම්බය ලෙස සැලකිය හැකි ජෝසොප් ස්ටැලින්ට 1936 මහා පවිත්‍රකරණය සඳහා ඇවැසි මූලික පාඩම් කියා දෙමිනි. 1570 ස්ලාව් භූමි ප්‍රදේශ පුරා වසංගතයක් පැතිර ගියේය. මොස්කොව් හි දිනකට පන්සියයකට ආසන්න පිරිසක් මිය ගිය අතර එහි බලපෑමට දැඩිව ලක්වූ නොවොග්‍රාඩ්යේ මිය ගණන දස දහස ඉක්මවීය. ලිවෝනියානු යුද්ධය අවසන්ව නොතිබුන අතර ඒ හේතුවෙන් දුර්භික්ෂයක්ද උදා වෙමින් තිබින. තමාට එරෙහිව සතුරු පාර්ශ්වය සමඟ එක්වීමට නොවෝග්‍රාඩයේ බෝයර් වරු කුමන්ත්‍රණයක යෙදෙන බවට සාර්ට තොරතුරක් ලැබුනේ මේ අතරයි. ඉමහත් කෝපයට පත් හතරවන ඉවාන් නොවෝග්‍රාඩයට ‘ඔප්‍රිච්නිකි’ පොලිස් භටයන් යැවීමට තීරණය කලේය. උදාවූ භීම සමය තුල මරාදමන ලද සංඛ්‍යාව පිළිබඳ නිෂ්චිත සංඛ්‍යාලේඛණ නොමැත. එය 3000-60,000 දක්වා ඇස්තමේන්තු ගතව තිබේ. ආසියාවේ හා යුරෝපයේ ඉස්ලාම් වාසභූමි ස්ලාව් වරු අතට පත්වීම තතාර් වරුනට මහ මදිකමකි. කසානය, පහල වොල්ගා ඩෙල්ටාව හා සයිබීරියාව සාර් යටතට පත් වීමෙන් බියට පත් ක්‍රිමියාවේ ඛාන් වරයා 1571 මැයි මසදී ඔටෝමන් වරුන්ගේ සහාය ද ඇතිව විශාල හමුදාවක් යොදවා උග්‍රා ගඟ තරණය කොට මොස්කොව් නුවරට පහර දුන්නේය. දකුණූ තදාසන්න ප්‍රදේශ වලට ඔවුන් විසින් ගිණි තැබූ ගින්න සුලං සහිත කාලගුණය නිසා පුළුල් ලෙස පැතිරී නගරයෙන් අඩක්ම විනාශ විය. පහල වොල්ගා ඩෙල්ටාව ක්‍රිමියාවට යලි ලබා දීමට සාර් පොරොන්දු වීම නිසා තතාරයෝ හැරී යන්නට ගියහ. නගරය පිළිසකර කොටගත් ඉවාන් තමා දුන් පොරොන්දුව ඉටු නොකලේය. මින් උරණ වූ තතාරයෝ 1572 ජුලි මස හැට දහසක හමුදාවක් නැවත එවූහ. ඔවුන් ඕකා ගඟ තරණය කොට ඇති බව ඇසූ ඉවාන් මෙවර සතුරා නගරයට ආසන්න වීමට පෙර පහරදී පලවා හරින ලෙස තම හමුදා ප්‍රධානියා වූ මිහයිල් වොරොටින්ස්කි කුමාරයාට නියම කලේය. අගෝස්තුවේ ලොප්ස්න්‍යා ගඟ අසබඩ මහ සටන් ඇතිවිය. මුලින් කාලතුවක්කු වලින් පහර දුන් රුසියානුවන් අනතුරුව භටයන් විසි පන්දහසක් යොදවා සතුරාට ඉතා සමීපව සටන් වැදීම නිසා [Close range fighting] තම විශේෂිතම වාසිය වූ දුනුවායන් යොදවා පහර දීමේ අවස්ථාව තතාරයන්ට අහිමි විය. ක්‍රිමියානු තතාර් හමුදාවෙන් තුනෙන් දෙකක් ලොප්ස්න්‍යා ඉවුරු මත ඝාතනය වූ අතර ක්‍රිමියානු ඛාන් වරයා පෙරමුනෙන් පැන ගියේ සිය කූඩාරම හා ධජය ද අතහැර දමමිනි. 1942 දී හිට්ලර් දොන් පෙදෙසට පහර දුන් අවස්ථාවේදීද ස්ටැලින්ග්‍රාඩයේ රුසියානු අණදෙන නිලධාරියා වූ වැසිලි චිකොව් කාලතුවක්කු හා ගුවන් යානා අතින් ජර්මනුන් සතුවූ වාසිය නිෂ්ක්‍රිය කලේද මේ හා සමාන උපායක් තුලින් බවද මෙහිදී සිහිපත් කල යුතුය. ‘ඔප්‍රිච්නිකි’ පොලිසිය හදිසියේ විසුරුවා හැරීමට හතරවන ඉවාන් කටයුතු කලේ පළමු ක්‍රිමියානු ආක්‍රමණයේදී ඔවුන් දැක්වූ අදක්ෂතාව නිසා බව කියැවේ. ඒ සමඟ අට වසරක රාජ්‍ය භීෂණය සැලකිය යුතු මට්ටමකින් අඩුවූ බව ඉතිහාසඥයෝ පවසති. කෙසේ වුවද දීර්ඝ ලිවෝනියන් යුද්ධය ඉවාන්ට යහපත් වූයේ නැත. පෝලන්තය ලිතුවේනියාව හා ස්වීඩ්නය ඔහුට එරෙහිව අත්වැල් බැඳගත්හ. බෝල්ටික් මුහුදේ වෙළඳ මාර්ගයක් පාදා ගැනීමේ ඔහ්ගේ සිහිනය බොඳ වී ගියේය. මේ හේතුවෙන් නිතර අයහපත් මනෝභාවයෙන් පසුවූ සාර් තම කෝපය පාලනය කොට ගැනීමට අසමත් විය. නිතර දෙවේලේ ක්‍රෙම්ලිනයේ මහා භෝජන සංග්‍රහ පැවැත්වූ ඔහු නොනවත්වා සවුදිය පුරා විදෙස් දූතයන් වෙරිමත් කරවීමෙන් ඉමහත් විනෝදයක් ලද බවද, විටෙක තමාට නොරිසි බෝයර් වරුනට වස දැමූ වයින් පානය කිරීමට බල කල බවටද බටහිර ඉතිහාසයේ සඳහන් වේ. එහෙත් ඊට නොබෝ කලකට පෙර යුරෝපයේ විසූ ශිෂ්ඨසම්පන්න පූජක වරු මිත්‍යාදෘෂ්ඨිකයන්ට දඬුවම් කල අන්දමත්, මායාකාරියන් පමණ පිටින් පුළුස්ස දමන ලද අන්දමත්, කුරුස යුද්ධ අතරතුර යුදෙව්වන් සමූලඝාතනය කල අන්දමත් හා සසඳන විට හතරවන ඉවාන් ට නැඟෙන චෝදනා කොටින් නිශ්ප්‍රභ කල හැකි අන්දමේ ඒවා වේ. 1581 වසරේ දිනක වැඩිමහල් පුතාගේ කුටියට ඇතුළු වූ සාර්ට දක්නට ලැබුනේ තම ගර්භනී ලේලිය නුසුදුසු ඇඳමකින් සැරසී සිටින බවය. කෝපය පාලනය කොටගත නුහුන හේ එල්ල කල පහරින් ඇද වැටින ඇය ලේ වහනය කරන්නට වූවාය. මෙය කලලය ගබ්සා වීමෙන් සිදුවූවක් බව ඉතිහාසඥයන්ගෙ මතයයි. වහා එහි පිනූ පුතා තමා ඉවතට තල්ලු කොට දැමීමෙන් (නොඑසේ නම් බැන වැදීමෙන්) වඩාත් උරණ වූ හතර වන ඉවාන් රාජකීය යෂ්ඨියෙන් ඔහුගේ හිසට පහරක් එල්ල කලේ හුදෙක්ම ක්ෂණික කෝපය නිසා විය යුතුය. එහෙත් ඉන් මාරාන්තික තුවාල ලබා ඇද වැටුන පුතා දින තුනක් සිහිසුන්ව ගතකොට සදහටම දෙනෙත් පියා ගත්තේය. ශෝකයෙන් වියරු වැටුන සාර් තුමා දින ගනනාවක් නොකා නොබී පුහා සිහි කොට කඳුළු සැලුවේ තම වරද ගැන පසුතැවෙමිනි. එහෙත් ‘ඝෝර ඉවාන්’ යන බිහිසුනු විරුදාවලියෙන් ඔහු මුදවා ගැනීමට ඒ පසුතැවිල්ල ප්‍රමානවත් වූයේ නැත. මෙ කාලයේ සියළු දෙනා සැක කල ඔහු විෂ්වාසය තැබුවේ තම දෙවන පුතාගේ බිරිඳගේ කපටි සහෝදරයා බොරිස් ගොඩොනොව් කෙරේ පමණි. සීතාවක රාජසිංහ රජු කොලඹ පෘතුගීසි බලකොටුවට පහර දීමට පිඹුරුපත් තනමින් සිටි 1584 මාර්තු මස 18 දා උදේ හොඳ හැටි උණු වතුර ස්නානය කල පණස් හතර හැවිරිදි රුසියාවේ පළමු සාර් අනතුරුව චෙස් පත ඉදිරියේ අසුන් ගත්තේ ක්‍රීඩා වාරයක් සඳහාය. අනතුරුව ඔහු මුර්ඡා වී ඇද වැටුනේ කපා හෙළු කෙසැල් කඳක් මෙනි. ඔහුගේ අනවර්ථ නාමය කෙතෙක් බිහිසුනු වුවද මරණය අතිශය සාමකාමී එකක් විය. හතරවන ඉවාන්ගේ අපරාධ කුමක් වුවද ඔහුගේ සේවය ඉතිහාසය තුල වඩා හොඳින් කැපී පෙනෙන්නේ ඔහුගේ වියෝවෙන් අනතුරුව රුසියානු අධිරාජ්‍යයයට උදාවූ වියවුල් සහිත යුගය හා සසඳන විටයි.

Chamara Siriwardene

රුසියාවේ වියවුල් සමය[සංස්කරණය]

බටහිර ඉතිහාසඥයන්ට ශතවර්ශ ගනනාවකට සෑහෙන ඕපා දූපා ඉතිරි කරමින් ‘ඝෝර ඉවාන්’ 1584 දී පරලොව ගියේ ක්රෙම්ලිනයේ කිරුල ඔතෑනි ගති පැවතුම් වලින් හෙබි තම බාල පුතා වූ විසිතුන් වියැති ෆියදෝර්ට හිමි කොට දෙමිනි. ඔහුගේ විනෝදාංශය වූයේ පල්ලියේ සීනුව නාද කිරීමයි. දිනපතා දහවල් පූජාවට පෙර ක්රෙනම්ලිනයේ සීනුව හඬවන ලද්දේ සාර්තුමා විසිින් බව කියති. දැහැමි රජෙකු පහල වීයැයි මොස්කොව් වැසියන් ප්රීති වුවද, ඉතිහාසය තුල ෆියදෝර් වර්ගීකරණය වන්නේ පැහැදිලි පිළිවෙතක් නොතිබූ නෝන්ජලයෙකු ලෙස වන අතර රාජ්ය පාලන කටයුතු කරන ලද්දේ ඔහුගේ බිරිඳ සහෝදරයා වූද, ඝෝර ඉවාන් ගෙ විශ්වාසදායක ඇමැත්තා වූද බෝයට් වරයෙකු ලෙස උසස් කරනු ලැබ සිටි බොරිස් ගුඩෙනොව් විසිනි. තම අනාගතය දැන් මුළුමනින්ම රඳා පවතින්නේ බාල සොයුරිය ඉරීනාගේ කසාදය මත බව බොරිස් දැන සිටියේය. හතලිස් එක් වන වියේදී ෆියදෝර් මියගියේ කිරුලට උරුමක්කාරයෙකු ඉතිරි කොට නොවේ. ඔහුට දරුවෝ නුවූ අතර ක්රෙම්ලිනය තාවකාලිකව අරාජික විය. කිරුල භාරගෙන රටට නායකත්වය දෙන මෙන් ජාතික එසෙම්බ්ලියද, බිෂොප් තුමාද ගුඩෙනොව් ගෙන් ඉල්ලා සිටියහ. ඉබ්බා දියේ දමනවිට ඇන්නෑවේ කී පරිද්දෙන් ගුඩෙනොව් ද කැමති විය. මධ්යතන රුසියාවේ බුද්ධිමය ප්රබෝධය ගැන ඉමහත් සැලකිලි මත් වූ බොරිස් සාර් තැන යුරෝපීය ගුරුවරුන් ගෙන්වා ගැනීමට මෙන්ම රුසියානු සිසුන් එතෙරෙ යැවීමටද කටයුතු කලේය. ඇලෙක්සැන්ඩර් පුෂ්කින් ගේ සාහිත්ය කෘති තුල ඔහුගේ පාලන සමයේ සමාජිය පසුබිම මැනෙවින් විස්තර කොට ඇත. ඝෝර ඉවාන් පල්ලියේ අනුමතියෙන් තොරව කර ගත් අවසන් විවාහයේ පුතා වූ පහලොස් වරකට වසරකට පෙර මිය ගිය බවට සැලකුන දිමිත්රි කුමාරයා පෝලන්තයේද සහාය ඇතිව හමුදාවක් සංවිධානය කොට මොස්කොව් බලා ගමන් කරන බවට ලද දූසමාන ආරංචියකින් ක්රෙම්ලිනය කැලඹුනේ මේ අතරය. රුසියාව කණිෂ්ඨ සහකරුවකු ලෙස තම පොදුරාජ්ය‍ මණ්ඩලයට ඇතුලත් කොටගැනීම පෝලන්තයේ සිහිනය දුටුවාය . කුර්ක්ස් හි එම හමුදාව පරාජය කල බොරිස් කියා සිටියේ දිමිත්‍රි පෝලන්තය විසින් වෙස්ගැන්වූ ව්යාජ චරිතයක් බවයි. එපඅන්ක් නොව තමාට විරුද්ධ යැයි හැඟුන සියළු දෙනාට ඔහු කෑර ලෙස දඬුවම් කලේය. නොබෝ දිනකින් ඔහු මියගියේ උරුමක්කරයා ලෙස තම දහසය හැවිරිදි පුත් දෙවන ෆියදෝර් නම් කරමිනි. එහෙත් එය පිළිනොගත් පෝලන්ත හිතවාදී බෝයර් වරු ෆියදෝර් හා ඔහුගේ මව කෙර්ම්ලිනයේ කාමරයක් තුල ගෙල සිරකොට මරා දැමූහ. 1605 ජුනි 20 දා ජයග්රාහී ලෙස මොස්කොව් නුවරට ඇතුළු වූ ව්යාජ දිමිත්රි ට නව සාර් ලෙස ක්රෙම්ලිනයෙදී ඔටුනු පලඳවන ලදී. දිමිත්රි ලෙස පෙනී සිටියේ සැබවින්ම ඝෝර ඉවාන්ගේ බාල පුතා නොවන බවට සැක ඇති කෙරුන ප්රබලතම සාක්ෂිය නම් ඔහු හා පෝලන්ත අතරවූ අසමාන්ය මිතු දමයි. මේ සමඟ පෝල් වරු රුසියානු භූමිය තැනින් තැනින ඈඳා ගැනීමත්, ක්රෙම්ලිනය බෝල්ටික් වාසී විදේශිකයන්ගෙන් පිරී යාමත් නිසා බෝයර් වරු මෙන්ම මහ ජනයාද ඔහු කෙරේ උරණ වූහ. බෝල්ටික් දේශපාලනයේ තම පරම සතුරා වූ පෝලන්ත-ලිතුවේනියානු පොදුරාජ්ය මණඩලය [Polish-Lithuanian Commonwealth] විසින් දිමිත්රි බළල් අතක් ලෙස හසුරුවන බව බොහෝ දෙනාට වැටහිණ. එහෙත් ව්‍යාජ සාර් ගේ ඉරණම විසඳන ලද්දේ පෝලන්ත ජාතික කතෝලික තරුණියක් සමඟ ඔහු කරගත් විවාහයයි. ඈ ක්රේම්ලින් සම්ප්රාදායන්ට අනුගත නොවූවාය. විවාහයට දස දිනකට පසු දිමිත්රි ඝාතනය කරන ලදී. ඔහුගේ සිරුර දවා එහි අළු යොදා තැනූ කාලතුවක්කු උණ්ඩයෙන් පෝලන්තය දෙසට වෙඩි තැබූ බව කියති. අනතුරුව හතරවන වැසිලි ලෙස ක්රේම්ලිනයේ කිරුලු පැලඳියේ පෝලන්ත විරෝධී බෝයර් වරයෙකි. එහෙත් මොස්කොව් වැසියන් හෝ ප්රෝභූ පැලැන්තිය තුල ඔහුට නිසි පිළිගැනීමක් තිබුනේ නැත. මේ අතර ක්රෙම්ලිනයේ දේශපාලන වියවුල තම වාසියට යොදාගත් පෝල් වරු රුසියාව ආක්රමණය කලහ. නිසි සංවිධානයක් හෝ නායකත්වයක් නොවීම හේතුවෙන් රුසියානු බල ඇණි වලට පසු බැසීමට සිදුවිය. එසේවුවද ස්මෝලෙන්ස්ක්හි බොරිස් ගුඩෙනොව් බලකොටුවේ සටන සුවිශේෂී වූයේ පරාජිත ස්ලාව් සෙබළු 3000 ක් විසින් පෙන්නුම් කල ධෛර්යය නිසාය. සතුරාට යටත් වීම ප්රතික්ෂෙප කල ඔවුහු වෙඩිබෙහෙත් ගබඩාව තුලට වැදී එය පුපුරුවාගෙන මිය ගියහ. මෙය අනාගත රුසියානු හමුදාවේ පරිණාමන අවස්ථාවක් වැන්න. 1610 දී පෝලන්ත හමුදා මොස්කොව් නුවර අත්පත් කොටගත්තේ හුදෙක්ම පෝලන්ත හිතවාදී බෝයර් වරුන් ගේ සහාය හේතුවෙනි. බලයෙන් පහකෙරුන හතරවන වැසිලි හිස මුඩුකොට තාපසාරාමයකට යැවුන අතර ජුලි 27 දා ක්රෙරම්ලිනයේ මුරකුටි තුල පෝලන්ත සෙබළු රාජකාරි කරනු දක්නා ලදී. පෝලන්තයේ හතරවන ව්ලැඩිස්ලාව් රජුද ක්රෙම්ලිනයේ කිරුලටට දැක්වූයේ ඉමහත් කෑදර කමකි. තම රට පෝලන්තකරණය හා කතෝලික කරණය වීම නිසා කෝප වූ මොස්කොව් වැසියන් කැරලි ගැසීමට වූ අතර දිමිත්රි පොෂාර්ස්කි කුමාරයා යටතේ සංවිධානය වූ සෙබළු පෝලන්ත ගැරිසනය වැටලූහ. එකොලොස් මසක වැටලීම තුල පෝලන්ත සෙබළු මුලින්ම සුරතල් සතුන්ද, අනතුරුව කෘමීන් හා තණකොලද, අවසානයේ ඔවුනොවුන්ද ආහාරයට ගත් බව ඉතිහාසය කියයි. 1612 සීත සමයේදී තවදුරටත් ප්රහාරය උහුලාගත නුහුන මොස්කොව්හි පෝලන්ත බලැණිය රුසියානුවන්ට යටත් වුවද, අල්ලාගත් සෙසු දේශසීමා භූමි ප්රදේශ වලින් ඔවුන් ඉවත් වූයේ නැත. මේ වන විට භූමිය අතින් යුරෝපයේ විශාලතම රට වූයේ පෝලන්ත-ලිතුවේනියානු පොදුරාජ්යත මණ්ඩලයයි.

හමුදාවේ හා වැසියන්ගේ පරිශ්ර්මයෙන් මොස්කොව් නුවර සතුරු ආක්රාමණයෙන් මිදුන මුත් ක්රෙම්ලිනයේ කිරුලට තවදුරටත් උරුමක්කරයෙකු නොවීය. පෙර රජවරු ඈඳා ගත් බටහිර භූමියෙන් කොටසක් අහිමිව සිටි රුසියාව නොනිමි වියවුල් වලින් හා ව්‍යාජ පාලකයන්ගෙන් වෙහෙසට පත්ව සිටියාය. සියවස් හතර හමාරකට පසු ඉතිහාසය සමාලෝචනය කරමින් ජෝසොප් ස්ටැලින් පැවසුවේ ඝෝර ඉවාන් ප්රමානවත් බෙලි සංඛ්යාසවක් කපා දමා තිබුනේ නම් මෙවන් තත්වයක් උද්ගත නොවනු ඇති බවය. මේ තත්වය යටතේ 1613 රැස්වූ එසෙම්බ්ලි මණ්ඩලය තීරණය කලේ නව උරුමක්කාරයා විය යුත්තේ ඝෝර ඉවාන්ගේ ගේ පළමු බිරිඳ වූ ඇනස්ටාසියා රොමොනොව්නා දේවියගේ සහෝදරයාගේ මුනුපුරා වූ මයිකල් රොමොනොව් බවයි. එවිට කුමාරයාගේ වයස දහසයකි. ක්රෙම්ලිනයේ කිරුල මේ ලෙස රොමොනොව් වරු අතට පත් විය. සැබවවින්යම නව යුගයක ඇරඹුමකි. Chamara Siriwardene

මහා පීටර් ගේ පුනර්ජීවන යුගය[සංස්කරණය]

ක්‍රෙම්ලිනයේ පාලනය රොමොනොව් පරපුරට හිමිවීම දෛවයේ අසීමිත කරුණාව මත හටගත් අහඹු සංසිද්ධියක් වුවද වඩා වැදගත් වූයේ එමඟින් තම වියවුල් කාලපරිච්ඡෙදය නිමකොට නව යුගයක් කරා ප්‍රවෙශ වීමය ගැටවර රුසියානු රාජ්‍යයට අවස්ථාව උදා වීමයි. සයිබර්-තතාර් වරුන්ගෙ අවසන් බලමුළු පරදවමින් සයිබිරියාව මුළුමනින් ඈඳා ගැනිමට දොන් පෙදෙසේ කොසෑක් වරු පළමුවන මයිකල් සාර් වරයාට උදවු කලහ. අනාගතයේ දී මෙම කොසෑක් ප්‍රදේශද රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගැනීමට නියමිතව තිබිණ. මේ කාලය වන විට ජන ගී හා ගැමි කවි හැරුන කොට රුසියානු සංගීතයක් නොතිබුන තරම්ය. මීට හෙතුව වූයේ රුසියානු පල්ලිය විසින් සංගීතය යක්ෂයාගේ හඬක් ලෙස නම් කොට තිබීමයි. මෙය නොතැකූ පලමුවන මයිකල් යුරෝපීය සංගීතඥයන්ට ආරාධනා කලේය. නොඑසේ නම් දහ අටවන සියවසින් පසු ඉමහත් ලෙස ප්‍රචලිත වූ සම්භාව්‍ය රුසියන් සංගීතය ඛන්ඩ කිසිදා ලෝකයාට අසන්නට නොලැබීමට ඉඩ තිබිණ. කෙසේ වුවද එවකටත් මධ්‍යතන ගෝත්‍රික බල ඇණියක් ලෙස පැවති රුසියානු හමුදාව නූතන සටන් ඒකකයක් ලෙස මුළුමනින් ප්‍රතිසංවිධානය කිරීමේ කීර්තිය හිමි වන්නේ 1645 දී සාර් පදවිය ලද ඔහුගේ පුත් ඇලෙක්සිටය. පෝලන්තය හා යුද වැදුන පළමු වන ඇලෙක්සි ලිතුවෙනියානු අග්‍රාදිපාද වසම ඈඳාගත්තේය. එහෙත් ඔහු කල වරද වූයේ ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් වරුන්ගේ උසිගැන්වීම මත අනතුරුව ස්වීඩ්නය හා යුද වැදීමයි. අතිශය වෙහෙසකර මේ යුද්ධය නිසා රූබලය කඩා වැටුන අතර මොස්කොව් වැසියෝ හා දොන් පෙදෙසේ කොසෑක් වරු කැරලි ගැසීමට වන්හ. මේ කැරලි මැඩලනු ලැබුවද දිනාගත් ඇතැම් භූමි ප්‍රදේශ වල පිරිවැයෙන් සතුරන් හා සාම ගිවිසුමකට එලැඹීම මැනවයි අලෙක්සි සාර් තැන කල්පනා කලේය. ස්මෝලෙන්ස්ක් හා කියෙව් නගර ඇතුළු නැගෙනහිර ද්නීපර් ඉවුරු රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගන්නා ලදී. අලෙක්සිගේ පුත් තුන්වන ෆියදෝර් ආබාධිතයෙකි. බාලයා වූ පස්වන ඉවාන් ශාරීරිකව මෙන්ම මානසිකවද ආබාධිතය. මේ හේතුවෙන් තුන්වන ෆියදෝර් මිය යන විට මීලඟ උරුමක්කාරයා කවරෙක්දැයි යන අසීරු පැනයට ක්‍රෙම්ලිනය නැවත මුහුණ පෑවාය. මන්ද මාන්සිකයකුට රජකම් කල නොහැක. ජාතික එසෙම්බ්ලිය අවසනයේ තීරණය කලේ අලෙක්සිගේ දෙවන විවාහයේ පුත් දස හැවිරිදි පීටර් කුමරු හා මන්ද මානසික පස්වන ඉවාන් කුමරු සාමුහිකව සාර් පදවිය දැරිය යුතු බවය. රාජ්‍යාධිකාරී ලෙස ඔහුගේ මවු කටයුතු කලාය. කුඩා පීටර් කුමරුගේ විනෝදාංශය වූයේ සෙල්ලම් නැව් තැනීමලු. මව මෙන්ම මන්ද මානසික සුළු සහෝදරයාද අකලට මියාමෙන් ක්‍රෙම්ලිනයේ අසහාය අධිපතියා බවට පත් වන විට පීටර් ගේ වයස විසි හතරකි. නව සාර්තුමා ගෙ කැපී පෙනෙන ලක්ෂණය වූයේ අසාමාන්‍ය වර්ධනයයි. හිට ගත් විට ඔහු අඩි 6 අඟල් 8ක් ( සෙමී 203) උස විය. තරුණ පීටර් සාර් ගේ සිහිනය වූයේ රුසියාව නාවුක බලයක් ලෙස නැගී එනු දැකීමයි. 1695 දී නාවුක හමුදාවක් තැනූ ඔහු ඔටෝමන් වරු හා සටන් කොට ඇසොව් මුහුද අත්පත් කර ගැනීමට සමත් විය. යුද්ධය තවදුරටත් ඉදිරියට යද්දී සාර් තුමා දී රුසියානු වෙළඳ දූත කණ්ඩායමක් සමඟ යුරෝපයට ගියේ එහි තත්වය සියැසින් දැක ගනු සඳහාය. පුවත් පත් වලින් ගැලවීමට හා ආරක්ෂාව පිළිබද ගැටළු මත මුලදී ඔහු ආරූඬ නමකින් යුරෝපයේ පෙනී සිටියද රහස වැඩි කලක් රැග ගැනීමට නොහැකි වීමට තුඩු දුන්නේ සාර් තුමා ගෙ අසාමාන්‍ය උසයි. නෙදර්ලන්තයේ ඕලන්ද පෙරදිග ඉන්දියා වෙළඳ සමාගමේ නැවු තටාකාංගනයක පුරා සාරමසක් ඔහු නැව් තැනීම ගැන බොහෝ දේ උගත්තේය. යුරෝපීය සංචාරය තුලදී ඔහු වටහා ගත් අනිත් කරුණ නම් ඔටෝමන් අධිරාජ්‍යය හා සටන් වැදීමේ සැබෑ උනන්දුවක් ඔස්ට්‍රියාව හෝ බ්‍රිතාන්‍යය තුල නුවූ බවය. 1898 පෙරලා සියරට බලා පැමිණි පීටර් නාවුක හමුදාව වඩාත් ශක්තිමත් කලේ ඔටෝමන් වරුනට එරෙහිව යුද්ධය පවත්වාගෙන යාමෙ අදහසිනි. එහෙත් රාජ්‍යතාන්ත්‍රික කතා බහ වල ප්‍රතිඵලයක් ලෙස දෙපාර්ශ්වය අතර ‘කොන්ස්තන්තිනෝපල් ගිවිසුම’ඇති විය. ඇසොව් ප්‍රදේශය රුසියාවට ඈඳාගනු ලැබූ අතර පහල ද්නීපර් ඉවුරු යුද මුක්ත කලාපයක් ලෙස පවත්වාගෙන යාමට දෙපාර්ශ්වය එකඟ වූහ. මෙ වන විට පීටර්ගේ ඉලක්කය වූයේ බෝල්ටික් මුහුදේ බලය අත්පත් කොට ගැනීමයි. ඔහු ස්වීඩ්න රාජධානියට පහර දුන්නේය. මෙම දීර්ඝ යුද්ධයේ මුල් අවස්ථාවේ අත්පත් කොටගත් වත්මන් පහල ෆින්ලන්තයෙන් හා ලැගෝඩා විලෙන් මායිම් වූ ඉන්ග්‍රිනය නැමති ස්වීඩ්න් භූමි ප්‍රදේශයේ යුරෝපීය ගෘහ නිර්මාණ ශිල්පීන් යොදවා දැවැන්ත නගරයක් ඉදි කරන ලදී. 1713 සිට 1918 දක්වා රුසියාවේ අගනුවර බවට පත් වූයේ ‘ශාන්ත පීටර්ස්බර්ග්’ නමින් ලෝක ඉතිහාසයට හා රුසියානු භූමියට එක්වූ ඒ බිම්කඩයි. ලංකාව ‘ඉන්දියන් සාගරයේ මුතු ඇටය’ ලෙස ප්‍රකට වූවාසේ ශාන්ත පීටර්ස්බර්ගය හඳූන්වන ලද්දේ ‘රුසියාවේ බටහිර කවුළුව’ ලෙසය. නව අගනුවර පරිපාලන හා ආර්ථික මධ්‍යස්ථානය බවට පත් වුවද ක්‍රෙම්ලිනය තවදුරටත් රුසියාවේ දේශපාලන බලකේන්ද්‍රය ලෙස පැවතිණ. 1708 දී ස්වීඩනයේ දොලොස් වන චාල්ස් රුසියාවට පෙරලා පහර දුන්නේය. එහෙත් ලෙස්නායා හිදී හා දොන් පෙදෙසේ දී ස්වීඩ්න් වරු පරාජය කරන ලදී. රැකවරණ පතා ඔටෝමන් අධිරාජ්‍යයට පලා යාමට තුවාල ලබා සිටි දොලොස් වන චාල්ස් රජුට සිදු විය. චාල්ස් භාර දෙන කල රුසියානුවන් කල ඉල්ලීම ඔටෝමන් වරු ප්‍රතික්ෂෙප කලහ. මෙ කරුණ මත 1710 දී පීටර් තුර්කියට පහර දුන් මුත් එය සාර්ථක වූයේ නැත. බෝල්කන් ප්‍රදේශවලට ලඟාවීමට පොරොතුව සිය ශක්තිය සිධී ගියෙන් ඔටෝමන් වරු හා සාම ගිවිසුමකට එලැඹීමට ඔහු තීරණය කල චාල්ස් තුර්කියෙන් පිටුවහල් කිරීමට හිලවු වශයෙන් 1698 අල්ල ගත් ඇසොව් ප්‍රදේශය ඔටෝමන් සුල්තාන්ට යලි භාර දීමට ඔහුට සිදුවිය. එහෙත් 1714 දි නැවත ස්වීඩ්නයට පහර දුන් පීටර් බෝල්ටික් වෙරළ හා ෆින්ලන්තයෙන් වැඩි කොටසක් අල්ලා ගත්තේය. 1721 දී රුසියාව සමඟ සාමය ඇතිකොට ගැනීමට ස්වීඩනය කැමති විය. අනතුරුව මහා මංගල්‍යයක් පැවැත්වූ ඔහු ‘සමස්ත රුසියාවේ අධිරාජයා’ [Czar of All Russian Lands] ලෙස තෙමේම යලි අභිෂේක ලැබීය. රුසියාවේ මැඩලන ලැබ සිටි පැරණි සතුරන් වූ පෝලන්තය හා ස්වීඩ්නය වහා නව අධිරාජයා පිලිගත්හ. ඉතිහසය තුල ඔහු ජනප්‍රිය වූයේ මහා පීටර් [Peter the Great] නමිනි. 1723 පර්සියාව සමඟ කෙටි යුද්ධයකට එලඹි මහා පීටර් සාර් තුමා කොකේසස් හා කැස්පියන් ප්‍රදේශ ද තාවකාලිකව අධිරාජයට ඈඳා ගත්තේ එය තම අවසන් යුද්ධය බව නොදැනයි. 1725 පෙබරවාරියේ මිය යනවිට ඔහුගෙ වයස පනස් හතරකි. මහා පීටර් වෙනස් කලේ රුසියාවේ ඉතිහාසය පමණක් නොවේ. ඔහු සමස්ත මහාද්වීපයේම අනාගතය කණපිට හැරවීය. තරුණ රුසියානු අධිරාජ්‍යය හා ඇතිකොට ගත් ගැටුම පෝලන්ත-ලිතුවෙනියානු පොදු රාජ්‍ය මණ්ඩලයේ හා ස්වීඩන් රාජධානියේ පිරිහීමට තුඩු දුන් බව ඉතිහාසඥයෝ සැක කරති. උදා වෙමින් තිබුනේ තම වාරය බව ඔටෝමන් වරු සක් සුදක් සේ පසක් කොටගෙන සිටියහ. Chamara Siriwardene

සාර් රැජිනියන්ගේ සියවස[සංස්කරණය]

අඩි හයයි අඟල් උසැති මහා පීටර් මරණයෙන් පසු තම උරුමක්කාරයා ලෙස නම් කලේ බිරිඳයි. ප්‍රභූ පෙළපතකට අයත් නුවූ පෝලන්ත ලිතුවේනියානු සම්භවයක් සහිත මාර්තා හෙලේනා ස්කොව්‍රොන්ස්කයා සාර්තුමාගේ නෙත ගැටෙන අවස්ථාවේ රුසියානු මාෂල් වරයකු වූ බොරිස් ෂෙරෙමෙටෙව් ගේ ගෘහ සේවිකාවක් ව සිටි බව බටහිර ඉතිහාසඥයෝ යෝජනා කරති. ස්වීඩනය හා යුද්ධයෙන් පසු බොහෝ වාර්ගික බෝල්ටික් වරු රුසියානු හමුදාවේ ආවතෙව සෙවයට යොදවා ගනු ලැබූහ. පළමු බිරිඳ ගෙන් වෙන්ව සිටි සාර් ඈ විවාහ කොටගැනීමට තීරණය කිරීමද දෛවයේ හාස්කමකි. රුසියන් සම්ප්‍රදාය වැළඳගත් පසු ඈ කැතරිනා ඇලෙක්සියෙව්නා නම් වූවාය. ගැහැනියගේ පින ඇත්තේ කුණු මුල්ලේ යයි පැරණි සිංහල කියමනක් ද ඇත. පෙර පිනෙන් ක්‍රෙම්ලිනයේ අධිපතිනිය බවට පත් පළමුවන කැතරිනා සාර්තුමිය [Czarina] හිටපු ප්‍රභූ මෙහෙකාරියක් විය හැකි වුවද, ඒ හේතුව නිසාමදෝ ඉහල පෙලේ දේශපාලන හා රාජ්‍යතාන්ත්‍රික කටයුතු පිළිබඳ මනා අවබෝදයක් ඈට තිබිණ. එවෙකට දෙලක්ෂයක් වූ රුසියානු හමුදාව සංඛ්‍යාත්මක වශයෙන් අඩුකොට මිලිටේරි නඩත්තු වියදම් සුභසාධනය සඳහා යෙදවීම ඈ මහජනයා අතර ලද ජනප්‍රියත්වයට ප්‍රධාන හේතුවකි. එමෙන්ම පළමුවන කැතරිනා සාර්තුමිය සාධාරණ පාලිකාවක් වූ බව තම දියණියන් දෙදෙනා සිටියදී කිරුලේ ඊලඟ උරුමය මහා පීටර් ගේ පළමු කසාදයේ මුනුපුරා වූ දෙවන පීටර් කුමරු වෙත පැවරීමෙන් පෙනීයයි. තුන් වසක් දැහැමෙන් සෙමෙන් රුසියාව රාජ්‍ය කල ඕ 1727 දී පෙණහළු ආබාධයකින් මිය ගියාය. එවකට ඇගේ වයස හතලිස් එකකි. දෙවන පීටර් තම ගරු කටයුතු සීයාට කොහෙත්ම සමාන වූයේ නැත. රාජ්‍යපාලනය කෙරේ උනන්දුවක් නොදැක්වූ ඔහු රුසියානු නාවුක හමුදාව නොසලකා හැරියෙය. සාර් තුමා වැඩි කාලයක් ගත කලේ කාඩ් ක්‍රීඩාව හෝ වොඩ්කා පානය කිරීම වෙනුවෙනි. 1729 ජනවාරියෙදී ඔහුට සරම්ප වැලඳින. ජනවාරි 30 දා අළුයම මියයාමට මොහොතකට පෙර උණ විකාරයෙන් දෙඩවීමට ගත් පීටර් මෑතකදී මිය ගිය තම සොයුරිය බැලීමට සඳහා අසු සූදානම් කරන ලෙස අණ කල බව ජනප්‍රවාදයේ කියවේ. මහා පීටර්ට වෙනත් පිරිමි දරු මුනුපරන් නුවූ බැවින් ක්‍රෙම්ලිනය යලිත් උරුමක්කාරයකු නම් කිරීමේ ගැටළුවට මුහුණ පෑවාය. ඒ සඳහා සුදුස්සා ලෙස තෝරා ගැනුනේ පීටර්ගේ නැසීගිය ආබාධිත සුළු සොයුරු පස්වන ඉවාන්ගේ දියණිය වූ ආන්නාය. දරදඬු තීරණ අරබයා ඈ තම මාමා තමටම ප්‍රසිද්ධියක් දැරුවාය. 1735 දී ක්‍රිමියන් තතාරයන් යුක්‍රේනයට කඩා වැදුන අතර ඔටෝමන් වරු කොකෙසස් ප්‍රදේශයට පහර දුන්හ. මෙය 1710 එකඟතාව උල්ලංඝනය කිරීමක් ලෙස දුටු ක්‍රෙම්ලිනය පර්සියාව හා හිවිසුමකට එළඹෙමින් තතාරයන්ට හා තුර්කීනට එරෙහිව යුද ප්‍රකාශ කලාය. ක්‍රිමියානු අගනුවරර කඩා පැන ඛාන් ගේ මාලිගයට ගිනි ලෑ රුසියානුවෝ 1710 දී ස්වීඩ්නයේ චාල්ස් පිටුවහල් කිරීමේ මිල වශයෙන් 1710 දී ඔටෝමන් වරුනට භාරදීමට සිදුවූ ඇසොව් ප්‍රදේශයත් දකුණූ යුක්‍රේනයේ ඔචෙකොව් වරායත් අත්පත් කොට ගත්හ. කෙසේ වුවද වසංගත රෝග පැතිරයාම ක්‍රියාන්විතය තාවකාලිකව අත් හිටුවීමට සාර් තුමියට සිදු විය. ඔටෝමන් අධිරාජ්‍යයට එරෙහිව රුසියාව තනිවම දිනාගත් කැපී පෙනෙන සාර්ථකත්වය ගැන ඊර්ෂ්‍යා සහගත වූ ඔස්ට්‍රියාව ද 1737 දී රුසියාවට පක්ෂව යුද්ධයට සම්බන්ද වූවාය. එහෙත් ඇගේ අඩු සූදානම නිසාත්, බෝල්කන් ප්‍රදේශයේ ඉස්ලාමීය ස්ලාව් වරු ජර්මන් පාලනයකට වඩා ඔටෝමන් පාලනයකට කැමැති වීමත් නිසාත් ඈ ඉක්මනින්ම පරාජය කරනු ලැබුවාය. කෙසේ වුවද කොකේසක් පෙරමුණේ තුර්කි හමුදා පරාජය කල රුසියානුවන් බටහිර යුක්රේනයේ කොටින් බලකොටුව අත්පත් කොටගැනීම නිසා කැළඹී සිටි ඔටෝමන් වරු වහා ඔස්ට්‍රියාව සමඟ සාම ගිවිසුමකට එලඹූනෝය. ක්‍රෙම්ලිනයට වේදනා ගෙන දුන්නේ හැබ්ස්බර්ග් අධිරාජ්‍යයේ දකුණු දිග වසම වූ ස්ලාව් බහුතරයක් සහිත සර්බියානු රාජධානිය තුර්කි පාලනයට නතු විමය. 1741 ඔක්තෝබරයේදී ඇනා සාර්තුමිය වකුගඩු ආබාදයකින් මිය ගියේ තම ඥාති මුනුපුරා වූ වයස මාස දෙකක් වූ හයවන ඉවාන් කුමාරයා උරුමක්කාරයා ලෙස නම් කරමිනි. එහෙත් මේ නම් කිරීම පිළිබඳ බොහෝ මතබේද ක්‍රෙම්ලිනය තුල මෙන්ම ඉන් පිටතද විය. නොවැම්බර් 25 මහා පීටර්ගේ හා පළමු කැතරින් ගේ බාල දියණිය වූ තිස් දෙහැවිරිදි එලිසෙබෙත් කුමරිය සන්නාහය පැලඳ අසුපිට නැඟී ක්‍රෙම්ලිනය රැකවල් කල ප්‍රියොබෂෙන්ස්කි නැමති රෙජිමේන්තුවේ මූලස්ථානයට පැමිණ අසිපත වනා මෙසේ විමසුවේලූ: “නුඹලා පක්ෂපාතී කාටද? සැබෑ උරුමක්කාරයා වන මටද, නැතනම් තවත් බොරු කාරයෙකුටද?” නිලධරයෝ හා සෙබළු ඈට පක්ෂපාතීත්වට දිවූරූහ. බිළිඳු සාර් ඇතුළු පවුලේ සමීප ඥාතීන් සිරගත කිරීමට නියෝග කල ඈ තෝමෝම පළමුවන එළිසෙබෙත් ලෙස කිරුළු පැලන්දාය. 1756 යුරෝපයේ මහ යුද්ධයක් ඇතිවිය. මෙය සත් අවුරුදු යුද්දය [Seven Years War] ලෙස හැඳින්වේ. මීට මුල් වූයේ සම්ප්‍රදායික ජර්මන් වාස භූමි වල අයිතිය අරබයා ප්‍රසියාව හා ඔස්ට්‍රියාව යන සහෝදර වාර්ගික දෙබෑයන් අතර පැන නැඟුන අර්බුදයයි. යුදකාමී ප්‍රසියාවේ දෙවන ෆෙඩ්‍රික් ඕඩර් නිම්නයේ වූ වර්ග සැතපුම් පහලොස්දහසක සයිලේසියාව ඈඳාගත් අතර අසරණ වූ ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් රාජවාංශිකයෝ උදවු ඉල්ලා ක්‍රෙම්ලිනයට හසුන් යැවූහ. දෙවන ෆෙඩ්‍රික් ගේ යුදකාමී පිළිවෙත එළිසෙබෙත් සාර් තුමියටද රිසි නැත. තරුණ ප්‍රසියාව දිනෙක තම අධිරාජ්‍යට තර්ජනයක් විය හැකි බව ඇගේ රාජකීය සිතට හැඟේ. ෆෙඩ්‍රික් නිසි තැන තැබීමෙහිලා සිතා ප්‍රංශය හා ඔස්ට්‍රියාව සමඟ සම්මුතියක් ඇතිකොටගත් ඈ හැබ්ස්බර්ග් වරුනට සහාය පිණීස විශාල හමුදාවක් යුරෝපයට යැව්වාය. 1761 සීතසමයේ ඕඩර් ගඟ තරණය කල රුසියානුවෝ බර්ලිනය වැටළූහ. බර්ලින් නුවරු සංත්‍රාසයෙන් ඇලැලී ගියාහ. “කොසෑකයෝ පැමිණෙති! ” බටහිර ජනප්‍රවාදයට අනුව කාර්පෙතියන් වැටියට එපිටින් විසූ උහු බිහිසුනු සතුරෝය. පෙබරවාරි 15 දාට පෙර හමුදාමය තත්වයේ ප්‍රගතියක් ඇති නුවුවහොත් තමා වස පානය කරන බව දෙවන ෆෙඩ්‍රික් ප්‍රධාන ඇමතියාට දැනුම් දුන්නේය. එහෙත් 1761 නත්තල් දා (නව දින දර්ශනයට අනුව 1762 ජනවාරි 05) එළිසෙබෙත් සාර් තුමිය මිය පරලොව ගියේ යුරෝපයේ ඉරණම නැවත වරක් තීරණාත්මක ලෙස වෙනස් කරවමිනි. ක්‍රෙම්ලිනයේ නව උරුමක්කරු වූයේ ඇගේ ලොකු අක්කාගේ පුතා වන තුන්වන පීටර්ය. පීටර් ගේ පියා ස්වීඩ්න් ජාතික ආදිපාදයෙකි. තම ජර්මන් සම්භවය නිසා නව සාර් දැඩි ප්‍රසියානු හිතවාදී අදහස් දැරීය. බර්ලිනයේ ගේට්ටු අසල සිටි රුසියානු හමුදාවට නවතින ලෙස අණ කල තුන්වන පීටර් ඔස්ට්‍රියාව හා ප්‍රංශය සමඟ වූ සම්මුතිය අහෝසි කොට ඔවුනට එරෙහිව ප්‍රසියාව හා අත්වැල් බැඳ ගත්තේය. වස බීමට සූදානම්ව සිටි ප්‍රසියාවේ තුන්වන ෆෙඩ්‍රික් මේ හේතුවෙන් ‘මහා ෆෙඩ්‍රික්’ [Fredrick the Great] ලෙස ඉතිහාසගත වූ අන්දමත්, එම අන්දරය ජන කථාවක් ලෙස ඉදිරි ජර්මන් පරම්පරා ඔස්සේ වෘන්තාන්ත ගතවූ අන්දමත්, “හිට්ලර්ට මඟ පෙන්වූ සිහින දකින්නා - මහා ෆෙඩ්‍රික්' යන පෙර ලිපියෙන් විස්තර කොට ඇත. යුරෝපය ට අතිශය තීරණාත්මක සන්ධිස්ථානයක් වූ සත් අවුරුදු යුද්ධය අතරතුරදී ක්‍රෙම්ලිනය සිදු කල මේ හදිසි පිළිවෙත් මාරුව නොවන්නට ලෝකයේ අනාගතය වඩාත් වෙනස් වනු ඇත. දෙවන ෆෙඩ්‍රික් එදා වසබී මියගියේ නම් පළමු ලෝක යුද්ධය හෝ දෙවන ලෝකය යුද්ධය කිසිදා හට නොගැනීමට ඉඩ තිබින. සියවස් දෙකකට පසු හිට්ලර් පැවසුවේ ජර්මන් වරු ‘බ්‍රැන්ඩන්බර්ග් හාස්කම’ ලෙස ඉමහත් ආස්වාදයෙන් සමරන මෙම සිදුවීම ලෝකයේ ස්වාමි ජාතිය වීමට දෛවය විසින් ජර්මනියට දුන් වරම සනාථ කෙරෙන ඓතිහාසික උදාහරණයක් බවයි.

Chamara Siriwardene

රුසියාවේ ස්වර්ණමය යුගය[සංස්කරණය]

සෙංකඩගල කීර්ති ශ්‍රී රාජසිංහ රජු ලන්දේසීන් ලංකාවෙන් පිටමං කිරීම සඳහා ඉංග්‍රිසීන් සමඟ මන්ත්‍රණය කරමින් සිටි 1762 බක් මසදී ජර්මන් ලේ ඇති සුදුමැලි පෙනුමැති තුන්වන පීටර් සාර්තුමා ප්‍රසියාව සමඟ ගිවිසුමක් ඇති කොටගැනීම නිසා යුරෝපයේ බලතුලනය මුළුමනින්ම වෙනස් වූ අතර අසරණ වූ හැබ්ස්බර්ග් වරුනට සතුරු ප්‍රසියාව හා සාම ගිවිසුමකට එලැඹීම සිදුවිය. බ්‍රැන්ඩන්බර්ග් හාස්කම විසින් මහා ෆෙඩ්‍රික් බවට පත් කරනු ලැබ සිටි දෙවන ෆෙඩ්‍රික් අගතියකින් තොරව සයිලේසියාව ප්‍රසියාවට ඈඳා ගත්තේය. මෙසේ රුසියාවේ විදෙස් පිළිවෙත හා යුරෝපයේ අනාගතය කණපිට පෙරළූ තුන්වන පීටර් තවත් මතභේදාත්මක ප්‍රතිසංස්කරණය රැසකට මුල පිරීය. ඔහු රුසියාවේ ස්ථාපිත කිරීමට අදහස් කල ආගමික නිදහස ඒ වන විට යුරෝපයේ පවා තහවුරු කොට තුබුනේ නැත. මහා පීටර් ගේ පොලිස් බලකාය ද අහෝසි කල ඔහු රුසියාවේ පළමු බැංකුව විවෘත කරමින් නිදහස් ආර්ථික පිළිවෙත දිරි ගැන්වීය. ස්වීඩ්නයට එරෙහිව රුසියාවේ සම්ප්‍රදායික මිතුරා වූ ඩෙන්මාර්කය ආක්‍රමණය කිරීමට තුන්වන පීටර් සාර්තැන කල්පනා කලේ ඉන් අනතුරුවයි. එහෙත් ඩෙන්මාර්ක් යුද්ධය ක්‍රෙම්ලිනය තුල ජනප්‍රිය වූයේ නැත. පිළිවෙත් මාරුව කෙරේ අමනාපයෙන් පසුවූ ප්‍රභූ වරුන්ගේ මතයවූයේ දැන් දැන් රුසියාව යුරෝපයේ ජර්මන් උවමනා එපාකම් වෙනුවෙන් පෙනී සිටින බවකි. ජර්මන් ගති පැවතුම් ඇති සාර්තුමා දේශප්‍රේමී නොවන යුද්ධයක් අරඹා ඇතැයි තැන තැන මැසිවිලි නැඟින. අරුමය වූයේ විරුද්ධ වාදීන් අතර ඔහුගේ ජර්මන් ජාතික බිරිඳ වූ සොෆී වොන් අන්හෝල්ට් ඩෝර්න්බර්ග් පෙරමුණේම සිටීමය. කසාදයෙන් පසු කැතරිනා ඇලෙක්සියෙව්නා නම් වූ ඈ රුසියාවට දැඩි ලෙස ඇළුම් කල අතර ඔවුන්ගේ බස චතුර ලෙස වැහැරූවාය. ප්‍රසියාවට බුරුලක් නොපෙන්වූ නැසී ගිය එළිසෙබෙත් සාර් තුමිය පවා ඈ කෙරේ ඇතිකොට ගත්තේ ඉමහත් ප්‍රසාදයකි. සාර් යුවල අතර වර්ධනය වූ නොමනාපකම් වලට දේශපාලනික මෙන්ම පිටස්තරයනට කොහෙත්ම අදාල නැති පෞද්ගලික කරුණුද තිබුන බව ද සැබෑය. ඒවා කොයි කා අතරත් තිබිය හැක. කුමන්ත්‍රණයක් සිදුවිය හැකි බවට ඉව වැටුන තුන්වන පීටර් තමාට එරෙහි යැයි සැක කෙරුන ප්‍රභූන් කිහිප දෙනෙක් සිරභාරයට ගැනීමට නියම කලේය. ක්ෂණික පියවරක් නොගතහොත් අමාරුවෙ වැටීමට ඉඩ ඇතැයි බෝයර් වරු කැතරිනා දේවියට අනතුරු ඇඟවූහ. පසුදින ඈ අසුපිට නැඟී ඉස්මේලොව්කි නැමති හමුදා රෙජිමේන්තු මූලස්ථානයට ගොස් රුසියාව අනතුරකට මුහුණ පා ඇතැයි නිලධාරීන් හා සෙබළුන් අමතා දීර්ඝ කථාවක් පැවැත් වූවාය. ඈට පක්ෂපාතීත්වය පල ඔවුහු ඇගේ අණ මත සාර්තුමා සිරභාරයට ගත්හ. ඔහුට සිහසුන හැරයාමේ නිවෙදනයකට අත්සන් කිරීමට බල කරන ලදී. ලෝකයා පුදුමයට වූයේ ඔහුගේ බිරිඳ දෙවන කැතරින් ලෙස ක්‍රෙම්ලිනයේ කිරුළු පැලඳි බව ඇසූ කලය. සතියකට පසු පීටර් අභිරහස් ලෙස මිය ගියේය. දෙවන කැතරින් සාර්තුමියගේ පාලනය රුසියාවේ ස්වර්ණමය යුගය ලෙස සැලකේ. පෝලන්ත රාජධානියේ හා ලිතුවේනියානු අග්‍රාදිපාද වසමේ කිරුලට ක්‍රෙම්ලින් හිතෛෂී ස්ටැලිස්ලාව් ඔගස්ටස් රජු පත් වීම 1768 තුර්කි-රුසියන් යුද්ධයට අනියම් ලෙස බල පෑ බව පෙනේ. තුර්කියට බරපතල පරාජයක් අත්වූ මෙම යුද්ධයෙන් රුසියාව දකුණූ යුක්‍රේනය, උතුරු කොකේසියානු කලාපය ඇතුලත් ද්නීපර් හා බග් ගංගා ඉවුරු අතර ප්‍රදේශය හා ලිතුවේනියානු අග්‍රාදිපාද වසම ඈඳා ගෙනීමෙන් නොනැවතී සතුරාගෙන් රූබල් හතලින් පන් ලක්ෂයක් වන්දි යුද අයකොට ගත්තාය. ක්‍රිමියානු ඛාන් රාජ්‍යය ඔටෝමන් පාලනයෙන් වෙන් කෙරින. නාමිකව ස්වාධීන රාජ්යක් ලෙස ප්‍රකාශයට පත් කෙරුන අර්ධද්වීපය 1783 දී රුසියාවට ඈඳා ගන්නා ලද්දේ තතාරයන් විසින් ක්‍රිස්තියානින්ට හිරිහැර කරන්නේ යන නිදහසට කරුණ මතයි. සියවස් දෙකකට පසු ව්ලැදිමීර් පුටින් මේ ඓතිහාසික උදාහරණය පුනරාවර්තනය කල අන්දම “සොඳුරු ආක්‍රමණය නොහොත් යුද කලාවට අළුත්ම අත් දැකීමක් වූ ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රිමියන් වික්‍රමය” යන පෙර ලිපියෙන් විස්තර කොට ඇත. තම පාලන සමය තුල රුසියානු අධිරාජ්‍යයේ භූමි ප්‍රමාණය වර්ග සැතපුම් දෙලක්ෂයකින් වැඩි කල දෙවන කැතරින් රුසියාවේ සාහිත්‍යයේ හා කලාවේ පෝෂනයට මෙන්ම විද්‍යා හා ශාස්ත්‍රීය දියුණුවට කල මෙහෙය අත් විශාලය. යුගයේ අභියෝගය වූ මුස්ලිම් දේශපාලන ව්‍යාප්තිය හා යුදෙව් සමාජීය ව්‍යාප්තිය මැඩලීමේ ඇගේ උපාය වූයේ ඉස්ලාම් හා යුදෙව් බැතිමතුන් රුසියානු කරණය කිරීම මිස සංහාරය කිරිම නොවේ. වොල්ගාවේ ආර්ථික ජනපද ඉදිකිරීමෙහිලා ජර්මන් වරුනට ආරාධනා කරන ලදී. කාර්මික විප්ලවයේ ප්‍රතීපලයක් ලෙස යුරෝපයේ අමුද්‍රව්‍ය සඳහා ඇතිවූ ඉල්ලුම ඉතා දක්ෂ ලෙස රුසියාවේ අභිවෘද්ධිය පිණිස යොදා ඈ දේශීය ආර්ථිකය තුල සිදුකල වැදගත්ම ප්‍රතිසංස්කරණය නම් මුදල් නෝට්ටු හඳුන්වා දීමයි. ප්‍රගතීශීලී සමාජ ප්‍රතිසංකරණ සඳහා වූ සැලසුම් හදිසියේම හකුලා ගැනීමට ඈ පසුව ගත් තීරණයට ප්‍රධාන වශයෙන් ම බලපෑවේ 1789 ප්‍රංශ විප්ලවයේ ප්‍රථිඵලයයි. පැරිස් විප්ලවවාදීන්ගේ කියුම් කෙරුම් හා ආකල්පය ගැන ඈ ඇති කොටගත්තේ ඉමහත් අප්‍රසාදයකි. ප්‍රංශට ආක්‍රමණය කොට රාජාණ්ඩුව යලි ස්ථාපිත කිරීමේ බ්‍රිතාන්‍ය ඔස්ට්‍රියා සැලැස්මට හැට දහසක බල ඇණියක් සැපයීමට ඈ පොරොන්දු වූයේද එ නිසාය. 1796 මැයි මස දී රුසියාව හා පර්සියාව අතර යුද්ධයක් ඇතිවිය. ඊට හේතුව වූයේ පර්සියාව විසින් ජෝර්ජියාව අත්පත් කොට ගැනීමය. ඉතා පහසුවෙන් අසර්බයිජානය අත්පත් කොටගත් රුසියන් හමුදාවෝ සැපයුම්, කාලය හා භූගෝලීය සාධක යන අතින් ලද වාසිය මත නොවැම්බරයේ ඉරාන ප්‍රධාන භූමියට කඩා වදිනු ඇතැයි අපේක්ෂා කරන ලදී. එහෙත් දෛවයේ අධිෂ්ඨානය වූයේ එසේ නොවිය යුතු බවයි. ඔක්තෝබරයේ සිට අසනීප ගතියෙන් පසුවූ සාර් තුමිය නොවැම්බර් 05 දා මියගියාය. කිරුල උරුම කොටගත් ඇගේ පුත් පළමුවන පෝල් සාර් තැන පිළිවෙත අතින් තම පියාට වඩාත් සමාන විය. මව හා පුතා අතර සමීප ඇයිහොදයියක්ද නොතිබිණ. මහා කැතරින්ගේ අවසන් සංග්‍රාමය වූ ඉරාන ආක්‍රමණය සඳහා සූදානම් වසිටි හමුදා බලඇණිය ආපසු කැඳවූවද 1798 දී නැපෝලියන් බොනපාර්ට් නැමති ප්‍රංශ ජනරාල් ගේ හමුදා මෝල්ටාව අත්පත් කොට ගැනීම ගැන ඔහු තදින් කිපුනේය. ඒ වනවිට ඉතලිය නෙදර්ලන්තය හා ස්විට්සර්ලන්තය අත්පත්කොට ගෙන සිටි ප්‍රංශ ජනරජයට එරෙහිව තම මව ඔස්ට්‍රියාව හා බ්‍රිතාන්‍යය හ ඇතිකොටගෙන තිබූ එකඟතාව කඩ කිරීමට ඔහු නොසිතුවෙ එහෙයිනි. ප්‍රංශ ජනරජයට විරුද්ධ හමුව් පෙරමුණේ අණදෙන නිලධාරී ලෙස රුසියානු ජනරාල් වරයකු වූ ඇලෙක්සැනර් සුවොරොව් පත් කෙරුනද ඔහුගේ බල ඇණි ස්විට්සර්ලන්තයේදී ලද පසු බැස්ම මත ඔස්ට්‍රියාවත් සමගත් මෝල්ටාව අරබයා නිසා හටගත් ආරවුල මත බ්‍රිතාන්‍යත් සමඟත් පලවෙනි පෝල් කලහ කිරීම නිසා 1800 දී තාවකාලික මිලිටේරි හවුල කෙළවර විය. අනතුරුව ඔහු නැවතත් රුසියානු පිළිවෙත කණපිට පෙරලමින් හෝ ලෝකය පුදුම කරවමින් තමා මෑතක්වන තුරුම සටන් වැදුන ප්‍රංශ ජන රජය සමඟ සබඳතා ගොඩ නඟා ගන්නට විය. මෙ අවස්ථාවේ වහා රුසියානු සිරකරුවන් හත්දහසක් නිදහස් කිරීමට කටයුතු කල නැපෝලියන් බොනපාර්ට් ගේ උත්සහය වූයේ බ්‍රිතාන්‍යය හා භේද බින්නවූ රුසියාව යුරෝපා යුද්දයෙන් ඈත්කොට තැබීමයි. ඒ භේදය යුද්දයක් දක්ව දුරදිග යාමට ඉඩ තිබිණ. එසේ නුවූයේ 1801 මාර්තුවේ ක්‍රෙම්ලිනයේ ශාන්ත මයිකල් දෙව්මැදුරේ පිහිටි රාජකීය කුටියට බීමතින් කඩා වැදුන හමුදා නිලධාරීන් දෙදෙනෙකු අතින් සාර්තුමා ඝාතනය වීමයි. පළමුවන පෝල්ගේ අවිධිමත් විදෙස් පිළිවෙත වෙනස් කොට රුසියාව හා යුරෝපය අතර පළුදුවූ සබඳතා ගොඩනඟා ගැනීම කිරුලේ නව උරුමක්කරු වූ ඔහුගේ පුත් පළමුවන ඇලෙක්සැන්ඩර් හමුවේ ව් විශාලතම අභියෝගයයි. යුරෝපා දේශපාලනයේ තීරණාත්මක සමයක ක්‍රෙම්ලිනයේ කිරුල දැරූ පළමුවන පෝල්ගේ පාලනය හැඳින්විය හැක්කේ නටාපු පදේකුත් නැති බෙරේ පළුවකුත් නැති සමයක් ලෙසටයි. තම පියාට මෙන්ම ඔහුටද සතුරෝ බොහෝ වූහ. ඔහුගේ මරණය ගැන කම්පා වූවෝ අල්පයකි. කෙසේ වුවද 1804 දී ජනරාල් නැපෝලියන් බොනපාර්ට් ප්‍රංශ අධිරාජයා ලෙස කිරුළු පැළඳිම තුලින් හැඟවුනේ රුසියානු අධිරාජ්‍යයටද නුදුරේදීම දෛවයේ යෝග්‍යතා පරීක්ෂාවට මුහුණ දීමට සිදුවනු ඇති බවය.

Chamara Siriwardene

නැපෝලියන් හා දුෂ්කර මිතුදම[සංස්කරණය]

යුරෝපය වටා ‘විප්ලවීය යුද්ධ’ මාලාවක් දියත් කල ප්‍රංශය 1802 දී බ්‍රිතාන්‍යය සමඟ ඇමියන්ස් ගිවිසුමට එලඹිම නිසා යුරෝපයේ තවකාලික සාමයක් ඇතිවිය. ඇතැම් සිංහල අධිපතීන්ගේ ඉල්ලීම මත 1803 දී සෙංකඩගල රාජධානියට එරෙහිව තම පළමු ක්‍රියාන්විතය අත්හදා බැලීමට ඉංග්‍රීසීන්ට අවකාශ ගෙන දුන්නේද මෙම විරාමයයි. නායක්කර් රාජවාංශිකයා හඟුරන්කෙතට පසු බැසීමත්, කොත්මලේදී සිංහලයන් විසින් දැඩිව සතුරාට පහර දීමත්, මැලේ වරු රජුට පක්ෂපාතී වීමත් නිසා මෙම ආක්‍රමණය සාර්ථක නොවීය. ඉංග්‍රීසීන් තමා ලංකාවේ ලද වේදනා සහගත අත්දැකීම පුනරීක්ෂණය කරන අතරතුර ක්‍රෙම්ලිනයේ පලමුවන ඇලෙක්සැන්ඩර් සාර්තුමා තම පියා විසින් වියවුල් කරන ලද රුසියානු විදෙස් පිළිවෙත වඩාත් මධ්‍ය්ස්ථ ස්ථාවරයක සමතුලිත කිරීමට තැත්දරමින් සිටියේය. එහෙත් සාමය සඳහා සැබෑ උවමනාවක් පැරිසිය තුල නොතිබීමේත්, සිය උවමනා එපාකම් තර්ජනයට ලක්වීමේ අවදානම හමුවේ ලන්ඩනය දැක්වූ නොඉවසිලිමත් භාවයෙත් ප්‍රථිඵලය වූයේ ඒ වසරේ නැවතත් යුරෝපීය යුද්ධය ඇවිලී යාමයි. රෝමන් ප්‍රජා මූලික ආකෘතිය මත සිය අධිරාජ්‍යය හැඩ ගැන්වූ නැපෝලියන් බොනපාර්ට් යුරෝපයට හඳුන්වා දුන් ලිබරල් ප්‍රතිසංස්කරණ තුලින් රාජාණ්ඩුක්‍රමයේ පැවැත්මට එල්ලවන බිහිසුනු තර්ජනය ගැන බියපත්වූ රුසියාව 1805 දී ප්‍රංශයට එරෙහිව බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රියාව සමඟ දී එක්සත් වූවාය. බ්‍රිතාන්‍යය හා ඔස්ට්‍රියාව සමඟ රුසියාව එක්වීමෙන් මහාද්වීපික සමතුලිතතාවය බිඳී ගිය අතර ඒ තත්වය යටතේ ප්‍රංශය ඕනෑම මොහොතක සතුරු ආක්‍රමණයකට ගොදුරුවිය හැකි බව නැපෝලියන්ට වැටහිණ. ඔහුගේ උපාය වූයේ සතුරු ප්‍රදේශ තුලදීම සතුරාට පහර දී විනාශ කිරීමයි. යුද්ධයේ භෞතික විනාශයෙන් ප්‍රංශ භූමිය ආරක්ෂා කොට ගනු වස් දේශසීමාවට එපිටින් පෙරමුණ පවත්වාගෙන යාමට නැපෝලියන්ට උවමනා විය. මේ අරමුණ ජය ගැනීම සඳහා කෝර්ප්ස් බල ඇණි හතකින් සමන්විත මැනවින් පුහුණු කරන ලද තුන් ලක්ෂ පණස් දහසක හමුදාවක් [(La Grande Armee)] ඔහු සතුව තිබීන. 1805 සැප්තැම්බරයේදී රයින් ගඟ තරණය කල ප්‍රංශ හමුදා ඔස්ට්‍රියාවට පහර දුන්හ. උල්ම් හිදී ඔස්ට්‍රියානුවන් පරාජය කල නැපෝලියන් නොවැම්බරයේ වියානාවට අත්පත් කොට ගත්තේය. එමඟින් ඩැනියුබ් ගඟ හරහා ඔහුට නැගෙනහිරට දොරටු විවර වීමෙන් බියට පත් සාර්තුමා හැබ්ස්බර්ග් වරුන්ගේ සහායට කඩි මුඩියේ හමුදාවක් එවීමට කටයුතු කලේ තම උපදේශකයන්ගේද අනතුරු ඇඟවීම් නොතකාය. නැපොලියන් ඉතා කපටි ලෙස ක්‍රියා කලේය. මඳක් සතුරා ලුහු බැඳ ගිය හේ අනතුරුව පසුබැස්සේ හති වැටුන වඟක් අඟවමිනි. මෙලෙස අවිධිමත් සටනක් සඳහා පොළඹවාගනු ලැබූ ඔස්ට්‍රියානු-රුසියානු හමුදාවට මොරේවියාවේ ඔස්ටර්ලිට්ස් හිදී බරපතල පරාජයක් අත්කොට දීමට ඔහු සමත් විය. අසරණවූ ඔස්ට්‍රියාව සාමය ඉල්ලා සිටි අතර උදාර ලෙස හැසිරීමට තැත් කල නැපෝලියන් පරාජිත රුසියානු හමුදාවට සිය රට බලා යනු පිණිස කොරිඩෝරයක් දීමට කැමති විය. ඔහුගේ උපාය වූයේ හැකිතාක් රුසියාව සටනින් ඈත්කොට මධ්‍ය්ස්ථව තැබීම බව පෙනේ. යුද බිමේ සිට සිය බිරිය වූ ජොසපින්ට ලියුමක් යැවූ නැපෝලියන් සඳහන් කලේ ඔස්ටර්ලිට්ස් සටන තමා ලද අනර්ඝතම ජයග්‍රහණය බවය. 1806 ප්‍රසියාවට පහර දුන් නැපෝලියන් ජෙනා හිදී නොමැකෙන කැලැලැක් ඇති කරමින් ප්‍රසියානු හමුදාව පරාජය කරමින් රුසියානු-පෝලන්තය හරහා තවදුරටත් නැගෙනහිර දෙසට ගමන් කලේය. උපායමාර්ගික වශයෙන් විස්ටුලා ඉවුරු වලින් පසුබැස ගියද පෝලන්තය මුළුමනින්ම හැරදැමීමට සාර්තුමා සූදානම් නොවි‍ය. එහෙත් 1807 ජුනි මස ලීනා නදිය අසබඩ සටන් වලින් රුසියානුවන්ට අත්වූයේ එතෙක් මෙතෙක් අත්නුදුටු බරපතල පරාජයකි. හමුදාවෙන් සියයට හතලිහක් විනාශ වූයෙන් ප්‍රංශයෙන් සාමය ඉල්ලා සිටීමට සාර්තුමාට සිදුවිය. 1807 ජුලි 07 දා ටිල්සිට් නුවර නෙමන් ඉවුරු මත ඉදිකල තාවකාලික පහුරක් මත අධිරාජයෝ දෙදෙනා පළමු වරට හමුවූහ. ඉතා ත්‍යාගශීලී බවක් හැඟවූ නැපෝලියන් විස්ටුලා නදිය ප්‍රංශය හා රුසියාව අතර ස්වභාවික දේශසීමාව ලෙස පිලිගැනිමටද, ප්‍රසියාවෙන් ඈඳාගත් උතුරු යුරෝපීය හා ඩැනියුබ් ප්‍රදේශ රුසියාවට ප්‍රදානය කිරීමටද, ඔටෝමන් අධිරාජ්‍යයට විරුද්ධව කළු මුහුදේ දී ඈ හා අත්වැල් බැඳ ගැනීමටද කැමැති විය. ඔහු වැඩිදුරටත් කියා සිටියේ ප්‍රංශය හා රුසියාව භූ දේශපාලනික මිතුරන් බවයි. නොබෝ දිනකින් බටහිර හා නැගෙනහිර අධිරාජයන් දෙදෙනා එක්වී ඉංග්‍රීසීන් පෙරදිගින් පලවා හැර හවුලේ ඉන්දියාව අත්පත් කොටගනු ඇත. බ්‍රිතාන්‍යයට ද්‍රෝහී වෙමින් ඇගේ වෙලඳ කටයුතු අවහිර කිරීමට දායක වීමට මේ ඇසූ සාර් එකඟ විය. මෙම ගිවිසුමින් රුසියාවට හිමි වූ කොන්දේසි වල අසමාන්‍ය ලිහිල් බව වඩාත් කැපී පෙනෙන්නේ ප්‍රසියාවට තම භූමියෙන් හා ජනගහනයෙන් හරි අඩක් අහිමි කරවමින් දින කිහිපයකට පසු අත්සන් කෙරුන අතිශය අකරුණික ප්‍රසියා-ප්‍රංශ ගිවිසුම හා සසඳන කලය. රුසියාව ප්‍රංශය කෙරේ සැක ඇතිකොටගැනීමට ප්‍රධාන හේතු දෙකක් බලපෑවේය. පලමුවැන්න නම් තුර්කිය සමඟ රුසියාවේ යුද්ධයට එක පැන්ස කාසියක උපකාරයක් නොකල නැපෝලියන් ජයග්‍රහණ වලට හිමිකම් කීමට පමනක් ඉදිරිපත් වීමයි. දෙවන්න 1809 දී ඔස්ට්‍රියාවට නැවත පහර දී ඈ සතු බටහිර ගැලිෂියාව පෝලන්ත ආදිපාද වසමට ප්‍රදානය කිරීමයි. රුසියාව මෙය තම ආරක්ෂාවට බිහිසුණු තර්ජනයක් ලෙස සැලකුවේ එම ප්‍රදේශය තම රටට එරෙහි ආක්‍රමණයක් සදහා වේදිකාවක් ලෙස යොදාගැනීමේ අනතුර ගැන නොසන්සුන් වෙමිනි. අනිත් අතට හුදෙක්ම නැපොලියන්ගේ හිතසුව පිණිස අධික පාඩු විඳිමින් බ්‍රිතාන්‍යය හා වෙළඳ කටයුතු වලට අවහිර කිරීමේ පිළිවෙතට (Continental System) විරුද්ධව රුසියාව තුලින්ම සාර්ට විරෝධයක් පැණ නැඟෙමින් තිබිණ. තම යෝජනා කෙරේ සාර් කෙරෙන් ප්‍රමාණවත් උද්යෝගයක් පල නොවීම නිසා නොසතුටින් පසුවුවද, නැපෝලියන් තවදුරටත් උත්සහ කලේ බ්‍රිතාන්‍යයට එරෙහි තම යුද්ධයේ උපාය මාර්ගික සහකරුවෙකු ලෙස රුසියාව දිනා ගැනීමය. තමාට උරුමක්කාරයෙකු නොසිටීම නිසා බිරිඳ වූ ජොසපින් රැජින දික්කසාද කල හතලිස් හැවිරිදි ප්‍රංශ අධිරාජයා සාර් ගේ බාල සොයුරිය වූ ආන්නා කුමරිය සරණ පවා ගැනීමට පවා කල්පනා කලේ රුසියානු සම්භවයක් ඇති උරුමක්කාරයෙකු විසින් දෙරට අතර ශක්තිමත් දේශපාලන බන්ධනයක් ඇති කරනු ඇතැයි සිතූ බැවිනි. එහෙත් අමනාපයෙන් පසුවූ රුසියානුවෝ මඟුලට විරුද්ධ වූහ. තම සොයුරිය විවාහයක් සඳහා කුඩා වැඩි යයි සාර් කියා සිටි‍යේ දුෂ්ඨ ලෙසය. ඇගේ වයස පහලොවක් වූ අතර නැපෝලියන් එවකට සාලිස් වියේ පසුවිය. ඇතැම් ඉතිහාසඥයන් පවසන්නේ ක්‍රෙම්ලිනය විසින් මඟුල් යෝජනාව බැහැර කිරීම නිසා මෙතෙක් නැපෝලියන්ගේ පිළිවෙත තුල දුරස්ථ විකල්පයක් ලෙස සැලකුන රුසියානු ආක්‍රමණය ආසන්න යථාර්ථයක් බවට පත්වූ වගයි. සැබෑ ගැටළුව කුමරියගෙ වයස නොව සම්ප්‍රදායික යුරෝපීය බලවතුන්ට එරෙහිව ප්‍රංශය සමඟ සන්ධානයකට එළැබීමට රුසියාව තුල ඇති අකැමැත්ත බව ඔහුගේ වැටහීම විය. ඒ විවාහය යම්හෙයකින් සිදුවී නම් යුරෝප‍යේ පමණක් නොව ඉන්දියාවේ හා ඇතැම් විය ලංකාවේද ඉරණම වඩාත් වෙනස් අන්දමින් විසඳීමට බොහෝ ඉඩ කඩ තිබිණ.

Chamara Siriwardene

නැපෝලියන් රුසියාවට පහර දෙයි[සංස්කරණය]

බ්‍රිතාන්‍යය වෙලඳ කටයුතු අවහිර කිරීමේ වැඩපිළිවෙලට [Continental Plan] තවදුරටත් සහාය නොදීමට 1811 දී පළමුවන ඇලෙක්සැන්ඩර් සාර් තැන ගත් තීරණය නිසා තවදුරටත් රුසියාවේ මිත්‍රත්වයක් (හෝ අවම වශයෙන් මධ්‍යස්ථ භාවය) පැතීමට නැපෝලියන්ට කිසිදු පදනමක් නොතිබිණ. සිය උපදේශකයන්ගේ විරුද්ධත්වය නොතකාම ආක්‍රමණයක් දියත් කිරීමට ඔහු තීරණය කලේ එබැවිනි. රුසියාවේ දැවන්ත භූගෝලි‍ය පරිමාණය හේතුවෙන් සැපයුම් අසීරු වනු ඇති බවට පැරිසියේ ඇතැම්හු බිය පල කලහ. එහෙත් බටහිර දේශසීමා අසල ස්ථානගත කොට සිටි ප්‍රධාන රුසියානු බල ඇණිය ගිම්හාන සමයේ එකවර වටලා විනාශ කිරීම මඟින් රට අභ්‍යන්තරයේ අසීරු සටන් පිටුදැකිය හැකි වනු ඇති බව නැපෝලියන් කල්පනා කලේය. අධි අවදානම් උපකල්පන මත තීරණ වලට එලැඹීම ඔහුගේ යුද ව්‍යාපාරයේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණයයි. 1812 ජුනි 24 දා භටයන් 685,000 ක හා යුද අසුන් 180,000 ක ප්‍රංශ හමුදාවක් පෙරටු කොටගෙන නේමන් ගඟ අසලින් දේශසීමාව තරණය කල නැපෝලියන් රුසියාව තුලට කඩා වැදුනේය. කාල තුවක්කු 700ක, වෙඩි බෙහෙත් රාත්තල් නවලක්ෂයක හා උණ්ඩ පණස් ලක්ෂයක සංචිතයක් ඔවුන් සතුව තිබුණි. එය එතෙක් ඉතිහාසයේ රැස් කොට තිබූ විශාලතම බල ඇණියයි. ‘දෙවන පෝලන්ත යුද්ධය’ [Second Polish War] ලෙස නම් කල මෙම ආක්‍රමණයේ මුඛ්‍ය පරමාර්ථය ලෙස ප්‍රකාශයට පත් කෙරුනේ රුසියාව විසින් ඈඳාගත් පැරණි පෝලන්ත-ලිතුවේනියා පොදුරාජ්‍ය මණ්ඩලයේ භූමිය මත ස්වාධීන පෝලන්තයක් බිහි කිරීමය. පෝලන්තය හා රුසියාව අතර ඓතිහාසික සතුරු කම මුවහත් කිරීම තුලින් තම යුද්ධය සඳහා පෝල් වරුන්ගේ සහාය ලබා ගැනීමට නැපෝලියන් සමත් විය. විශාල සතුරු හමුදාවක් නේමන් ගඟ තරණය කොට ඇති බව ලිතුවේනියාවේ පිහිටි රුසියානු බටහිර මූලස්ථානයට වාර්තා වූයේ පසුවදාය. සටනකට තම හමුදාව සූදානම් තත්වයක පසු නුවූ හෙයින් සතුරාට ප්‍රයෝජනවත් විය හැකි සෑම දෙයක්ම විනාශ කරමින් නැගෙනහිරට පසුබසින ලෙස රුසියානු අණදෙන නිලධාරී බර්ක්ලේ ද ටොලී ජනරාල් තැන නියම කලේය. හේ සාර්ට සේවය කල ප්‍රසියානුවෙකි. විශාල ආක්‍රමණික හමුදාවකට ඇති විශාලතම අහියෝගය කාලයත් සමඟ තම සටන් ශක්තිය අවත්වාගෙන යාම බව දත් ටොලී ජනරාල් තැනගේ උපාය වූයේ සතුරා හෙම්බත් වූ පසු පහර දීමය. සිවුදිනකට පසු ලිතුවේනියාවේ විල්නියස් අගනුවර ඇතුල්වූ නපෝලියන් දුටුවේ රුසියානුවන් නගරය විනාශ කොට පසුබැස ගොස් ඇති බවයි. යුද්ධයේ මෙම අදියරයේදී සාර්ගේ සාම ආයාචනයක් අපේක්ෂාවෙන් සිටි හේ මේ හේතුවෙන් පුදුමයටත් අමනාපයත් පත් විය. අනතුරුව ඔහු මින්ස්ක් නගරය බලා ගමන් ඇරඹුයේ රොසානා හා ඕර්ෂා යන ස්ථාන වලින් ද්නීපර් නදිය තරණය කොට මොස්කොව්-ස්මෝලෙන්ස් මාර්ගය අත්පත් කොටගනිමින් පසුබසිමින් සිටි රුසියානු හමුදාව කොටු කොට ගැනීමෙහිලා අටියෙනි. එතැකින් යුද්ධය අවසන් වනු ඇතැයි හේ සිතීය. පෞරාණීක ස්මෝලෙන්ස්ක් නගරය විනාශ නොවනු වස් තදාසන්න ප්‍රදේශ වලදී සටන් කිරීමට නැපෝලියන් කල්පනා කලේය. තම හමුදාවට සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස නගරය යොදාගැනීමේ අපේක්ෂාවක් ඔහු තුල තිබිණ. එහෙත් අගෝස්තු මැදදී ද්නීපර් ඉවුරු වලට ලඟා වූ ඔහු දුටුවේ රුසියානුවන් නගරය තුලට වැදී ඒ වටා දැඩි රැකවල් යොදා ඇති බවයි. කෝපවූ නැපෝලියන් නගරයට කාලතුවක්කු වලින් පහර දුන්නේය. නගරය මුළුමනින්ම විනාශ වුවද ඒ අතර තුර රුසියානුවෝ නිරුප්‍රදිතව පසු බැස ගියහ. සතුරා කොටුකොට විනාශ කිරිමේ හා සැපයුම් ඩිපෝවක් ලෙස නගරය යොදා ගැනීමේ ප්‍රංශ අපේක්ෂා සුන්විය. නැපෝලියන් හමුවේ ඉතිරි වූයේ ඉමක් නොපෙනෙන සතුරු භූමිය තුලට හඹායාමේ විකල්පය පමණි. මෙ අතර දිගින් දිගටම පසු බැසීමේ බර්ක්ලේ ඩි ටොලී ජනරාල් තැනගේ උපායට ක්‍රෙම්ලිනයෙන් මෙන්ම හමුදාවේ පහල ශ්‍රේණි වලින්ද නැඟුනේ දැඩි විරෝධයකි. ප්‍රසියානු ජනරාල් වරයා බිය සුල්ලෙක් බවට මහජනයා අතරද කට කථා පැතිරිණ. රුසියානු ප්‍රභූවරු ඩි ටොලී නැපෝලියන්ගේ එජන්තයකු විය හැකි බවට සැක පහල කලේ ප්‍රසියානුවෙක් වූ නිසා බව පෙනේ. මෙ තත්වය යටතේ බටහිර පෙරමුණේ අණදෙන නිලධාරී ලෙස තුර්කි රුසියානු යුද්ධයේ ඉමහත් දස්කම් පෑ කීර්තිමත් සෙනෙවියකු වූ මිහයිල් කුටුසොව් පත් කිරීමට ඇලෙක්සැන්ඩර් සාර් තුමා තීරණය කලේය. දැවැන්ත සිරුරකින් හා තුවාල කැලැල් ගහන මුහුනකින් යුත් කුටුසොව් නිර්භීත සටන්කාමියෙකු ලෙස ප්‍රසිද්ධය. සතුරා මොස්කොව් නුවරට ඉතා ආසන්නව සිටි බැවින් තවදුරටත් පසුබැසීමට ඉඩක් නොමැති බව දුටු කුටුසොව් ප්‍රතිප්‍රහාරය සඳහා තොරාගත්තේ අගනුවර ආසන්නයේ වූ බොරෝඩිනෝ නැමති ගම්මානයයි. ලහි ලහියේ ඉදි කෙරුන ආරක්ෂක සීමා තුල බැටෑලියන 164ක්, කොසෑක් රෙජිමේන්තු 20ක් හා කාලතුවක්කු 600ක් ස්ථානගත කිරීමට කුටුසොව් නියම කලේය. සතුරා සමඟ සෘජු ගැටුමක් සඳහා නැපෝලියන් තුල වූ අපේක්ෂාව මල්පල දරමින් 1812 සැප්තැම්බර් 07 දා උදෑසන බොරොඩිනෝ උස්බිම් වලදී දෙපාර්ශ්වය අතර දැවැන්ත සටන් ඇවිලී ගියේය. කොලාචා ඉවුරු මත සිට රුසියානුවෝ දැඩි ලෙස ප්‍රතිප්‍රහාර එල්ල කලහ. ජනරාල් මත්වේයි ප්ලැටොව් කුමාරයාගේ කොසෑක් බල ඇණි සතුරාට පසුපසින් පහර දී ඉමහත් අලාභ හානි කල අතර මේ හේතුව නිසා ප්‍රංශ පෙරමුණ ව්‍යාකූල විය. අහිමි වූ භූමිය යලි අත්පත් කොට ගැනීමට හැකිවුවද අහිමි වූ අව්ස්ථා යලි ලබා ගැනීම අපහසු බව නැපෝලියන් ප්‍රකාශ කලේ මේ සටනින් පසුවයි. අනපේක්ෂිත කොසෑක් ප්‍රහාරය ඔහුගේ සැලැස්ම අවුල් කලේය. පෙරමුණු රක්ෂක සීමාවේ ඇවිලුන දරුණු සටන් මැද සිය ප්‍රධාන හමුදාව නැවතත් පසු පසට ගැනීමට සවස්වන විට කුටුසොව් තීරණය කලේය. එහෙත් තම ශරීරාක්ෂක ඒකකය මෙන්ම පෞද්ගලික සංචිතයද වූ රාජකීය ආරක්ෂක බලකාය (Imperial Guard) කොසෑකයන් හා සටනට යෙදවීමට නැපෝලියන් මැලිවිය. මෙහි ප්‍රථිඵලය වූයේ කුටුසොව්ගේ ප්‍රධාන හමුදාව වැටලීමට තිබූ අවසන් අවස්ථාව ඔහුට අහිමි වීමයි. මොස්කොව් නුවර අත්පත් කොරට ගැනීමෙන් තොරව සතුරාගේ ධෛර්යය බිඳ දැමීමට නොහැකි යයි යන නිගමනයට ඔහු මෙ වන විට එලැබ සිටි බව පෙනේ. රැය එලැඹෙන විට රුසියානුවෝ පෙරමුණ අතහැර නැවතත් අතුරුදන්ව සිටියහ. සාම යෝජනා අතැති සාර්ගේ නියෝජිතයන් විසින් තමා පිළිගනු ඇතැයි යන අපේක්ෂාවෙන් සැප්තැම්බර් 12 දා සිය හමුදාව සමඟ ජයග්‍රාහී ලෙස මොස්කොව් නුවරට ඇතුළු වූ නැපෝලියන් පුදුමයට පත්වූයේ රුසියානුවන් විසින් නගරය අත හැරදමා ඇති බව දැකීමෙනි. නගර වැසියන්ගෙන් බහුතර හමුදාව සමඟ පසුබැස ගොස් සිටි අතර සාර්ගේ සේවයේ සිටි විදේශිකයෝ කිහිපදෙනෙක් පමණක් ක්‍රෙම්ලිනයේ රැදී සිටියෝය. එදා රෑ නගරයේ මහ ගින්නක් ඇතිවිය. ගිණි නිවන උපකරන අක්‍රිය කොට තිබූ බැවින් මෙය කඩාකප්පල් කාරී ක්‍රියාවක් ලෙස සලකන ලදී. ගින්නෙන් නගරයෙන් පහෙන් හතරක් දැවී යාම නිසා හෙම්බත්ව සිටි ප්‍රංශ හමුදාවට සැපයුම් ලබා ගැනීමට තිබූ සියළු අවස්ථා අවහිර විය. තත්වය වඩාත් උග්‍ර වූයේ ඔක්තෝබරයේ හිම වැටීම ඇරබීමත් සමඟයි. දණක් උසට හිම ගොඩගැසීම නිසා ගනාගනමනය අසිරු වූ අතර සෙබළු දිවි රැකගත්තේ තම අසුන් මරා අනුභව කිරීමෙනි. එහෙත් හිමාංකයෙන් සෘණ තිහක් තරම් පහල සීතලෙන් ගැලවීවීමට මඟක් නොතිබිණ. එය බටහිර යුරෝපයේ කිසිදා අත්නුදුටු දේශගුණයකි. රුසියාවේ සදාකාලික මිතුරා වූ සිසිර සෘතුව ඇගෙ පිහිටට ආවාය. මේ තත්වය යටතේ තවදුරටත් රුසියානු සාම නියෝජිතයන්ගේ පැමිණිම අපේක්ෂාවෙන් පසුවීම නිශ්හල බව වටහාගත් නැපෝලියන් මොස්කොව් අතහැර දමා නිරිත දිග දිශාව ඔස්සේ පසුබැසීමට ඔක්තෝබර් මැදදී හමුදාවට අණ කලේය. සටන අවසන් කිරීමට ඔහු වඩාත් උත්සුක වූයේ පැරිසියේ තමාට එරෙහි කුමන්ත්‍රණයක් සිදුව ඇති බවට ලද තොරතුරක් හේතුවෙනි. එය අතිශය අසීරු පසු බැස්මක් විය. අසුන් සියළු දෙනා ආහාරයට ගෙන සිටි හෙයින් කාලතුවක්කු හා අතහැර දැමීමට සිදුව තිබිණ. හාමතින් හා සීතලින් හෙම්බත්ව හිමේ එරෙමින් ගමන් කල ප්‍රංශ සොල්දාදුවන්ට දැන් නිතර නිතර පහර දුන් කොසෑක් අසරු හමුදා හා පාටිසන් වරු (සැඟවී සටන් කරන දේශප්‍රේමීන්) දැවැන්ත අලාභ හානි සිදු කලහ. සැපයුම් අත්‍යාවශ්යව සිටි නැපෝලියන්ගේ සැලැස්ම වූයේ තමා පැමිණි දැවී පිලිස්සී ගිය මොස්කොව් ස්මෝලෙන්ස් මාර්ගය මඟ හැර මධ්‍යම රුසියාව ඔස්සේ පසු බැසීමය. එහෙත් ඔක්තෝබර් 24 කුටුසොව් ගේ හමුදා දා නිරිත දිගින් යලි පහර දීම නිසා පැරණි මාර්ගයට යොමු වීමට ඔහුට සිදු විය. උපාය මාර්ගික වශයෙන් ප්‍රංශ හමුදාවට මෙ ඉමහත් විනාශයකි. දෙසතියකට පසු ඉමහත් අසීරුවෙන් ස්මෝලෙන්ස් කරා ලඟා වුවද කොසෑක් අසරු හමුදා නගරය අවට සැරිසැරූ හෙයින් එහි රැදී සිටීම අවදානම් බව නැපෝලියන්ට හැඟිණ. මින්ස්ක් කරා පසු බැසීමට ඔහු අදහස් කලේ එහෙයිනි. එහෙත් බෙරෙසිනා නදිය තරණය කිරීමේදී ලුහු බැඳ ආ රුසියානුවෝ නැවත පහර දුන්හ. මෙම සටනේදී ප්‍රංශ සෙබළුන් දස දහසක් කොසෑක් අසරුවන් අතින් සමූලඝාතනය වූ බව කියැවේ. නැපෝලියන් අසකු පිට නැඟී පලා ගියේය. ඔහුගේ දැවැන්ත හමුදාවෙන් ඉතිරි වූයේ භටයන් හතලිස් දහසක් පමණි. රුසියාවේ ලද දැවැන්ත පරාජය නැපෝලියන්ගේ ඇද වැටීමේ ආරම්භය ලෙස සැලකිය හැක. භූමිය අත්පත් කොට ගැනීම තුලින් අධිෂ්ඨාන ශීලී ජාතියක් යටත් කොටගෙන නොහෙන බවට එය කදිම උදාහරණයකි. මේ බව වැඩිදුරටත් පැහැදිලි කරමින් මහා කවි ඇලෙක්සැඩර් පුෂ්කින් ඉමහත් උද්දාමයෙන් යුතුව පැවසුවේ ක්‍රෙම්ලිනය යනු සාර් වරුන්ගේ නිවහන නොව රුසියාවෙම නිවහන බවයි. එහෙත් ප්‍රසියානු ජාතික බර්ක්ලේ ද ටොලී ජනරාල් තැනගේ භූමියේ වාසිය යොදාගෙන පසු බැසීමේ පිළිවෙත නොවන්නට නැපෝලියන්ට තවදුරටත් ජයග්‍රහණය කිරීමට අවස්ථාව තිබූ බවද අමතක නොකල යුතුය. මේ බව පිළිගත් ක්‍රෙම්ලිනය ඩි ටොලී යුද වීරයෙකු ලෙස නම් කල අතර ඔහුගේ මෙම න්‍යාය මත රුසියානු යුද අත්පොත සංශෝධනය කිරීමටද කටයුතු කලේය. එහෙත් තමා විසින් රුසියානු රාජකීය හමුදාවට දායාද කල මෙම අපූරු න්‍යාය ඊට වසර එකසිය තිහකට පසු එහි අනුප්‍රාප්තිකයා වූ රතු හමුදාව විසින් ජර්මනුන්ටම එරෙහිව යොදාගනු ඇතැයි ප්‍රසියානු ජාතික ටොලී එදා සිහිනෙනුදු නොසිතන්නට ඇත.

Chamara Siriwardene

පැරණි යුරෝපයේ පොලිස් කරුවා[සංස්කරණය]

නැපෝලියන් රුසියාවේදී ලද දුක්බර පරාජය ඔහුගේ කීර්තිය පිරිහී යාමට තුදු දුන්නේ යම් සේද, නැපෝලියන් අනනිභවනීයයයි සැලකුන සමයක ඔහුට එරෙහිව රුසියාව ලද දීප්තිමත් ජයග්‍රහණය ඇගේ ඉමහත් මහිමයට හේතු විය. සාර් තුමා යුරෝපයේ ‘ගැලවුම් කරුවා’ ලෙස බුහුමන් ලබද්දී, නැපෝලියන්ට එරෙහිව ඔස්ට්‍රියාව, ප්‍රසියාව, බ්‍රිතාන්‍යය, ස්පාඥ්ඥය, ස්වීඩ්නය ඇතුළු ගොඩනැඟුන පුළුල් යුරෝපීය සන්ධානයේ (Sixth Coalition) නායකත්වය නිතැතින්ම හිමිවූයේ රුසියාවටයි. රයින් ගඟ තරණය කොට පැරිසිය අල්ලා ගන්නා ලෙස එහි අණදෙන නිළධාරී තැන්පත් ඇලෙක්සැන්ඩර් සාර් ඒකාබද්ධ මිත්‍ර හමුදාවට නියම කලේය. ප්‍රංශ හමුදාවට අණ දෙන ලද්දේ නැපෝලියන්ගේ සොයුරු ජෝසොෆ් බොනපාර්ට් විසිනි. මේ සටනේ දී දොන් පෙදෙසේ සිට පැමිණි ජනරාල් මත්වේයි ප්ලැටොව් කුමාරයාගේ කොසෑක් අසරු බල ඇණි ප්‍රංශුවනට එරෙහිව බොහෝ දස්කම් පෑහ. 1814 පැරිසිය වටලන ලදී. වාසනාවකට මෙන් නගරයට ගිනිතබා පසුබැසීමට නොසිතූ පැරිස් නුවරු නගරයේ යතුර සාර්ට භාර දුන්හ. නව යුරෝපයේ බලමුළු නිර්නය කිරීම සඳහා සාර්ගේ සභාපතීවයෙන් යුතුව පැවති 1815 වියානා කොන්ග්‍රසය රුසියාව එතෙක් මෙතෙක් ලද ඉහලම රාජ්‍යතාන්ත්‍රික ජයග්‍රහනයක් ලෙස සැලකීමේ වරදක් නැත. පෝලන්තය රුසියනු අධිරාජ්‍යයට අයත් වසමක් ලෙස ප්‍රකාශයට පත් කෙරින. ලංකාව බ්‍රිතාන්‍ය කිරීටයේ යටත් විජිතයක් ලෙසද එමඟින් නිල වශයෙන් පිළිගන්නා ලදී. තම ආර්ථික අවශ්‍යතා වෙනුවෙන් කුඩා ජාතීන් සූරා කෑම සියළු රාජාණ්ඩු බලවතුන් විසින් මෙකල අනුගමනය කල රාජ ධර්මයක් බව පෙනේ. පර්සියාවෙන් අත්පත් කොටගන්නා ලද නැගෙනහිර ජෝර්ජියාව හා අසර්බයිජානය ද රුසියාව සතු බවට සෙසු යුරෝපීය බලවත්තු එකඟ වූහ. එහෙත් රුසියාව යුරෝපයේ පොලිස් කරුවා බවට පත්වීමත්, පෙරදිගට නෑ කම් කියන ස්ලාව් වරු බටහිර රීති තීරණය කිරීමත් නෝර්ඩික් වරුනට රුචි වූයේ නැත. ඔස්ට්‍රියාව, ප්‍රසියාව, ස්වීඩ්නය හා බ්‍රිතාන්‍යය ඈට ඊර්ෂ්‍යා කලහ. මෙකල වඩ වඩාත් දේවධර්මයෙහි එල්බගත් සාර් තැනගේ මතය වූයේ කතෝලික දහමේ ස්ලාව් මුහුණුවර වූ ඕර්තොඩොක්ස් කතෝලිකයන් එකම නියෝජිතයා රුසියාව බවත්, ඔටෝමන් වරුනට එරෙහි ඕර්තොඩොක්ස් ‘කුරුස යුද්ධය’ ඇගේ ඓතිහාසික මෙහෙවර බවත්ය. එහෙත් කාර්මික විප්ලවය නිසා බටහිර ලෝකයේ ඇතිවූ සීඝ්‍ර දියුණුවට සාපේක්ෂව ගත් කල රුසියාවේ සමාජීය හා ආර්ථික පසුබෑම තවදුරටත් වසන් කල හැකි නොවීය. මෙය මුලින්ම හඳුනා ගන්නා ලද්දේ නැපෝලියන්ගේ යුද්ද මාලාව නිසා යුරෝපයේ අත්දැකීම් ලබා සියරට පැමිණී රුසියානුවන් විසිනි. ලිබරල් ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමෙන් තොරව රුසියාව ඇගේ හමුදාමය ප්‍රතිරූපයට ගැලපෙන සමාජීය හා ආර්ථික මට්ටම් දිනාගැනීමෙහිලා අපොහිසත් වනු ඇති බව සිතූ ප්‍රභූ වරු පවා වූහ. පලමුවන ඇලෙක්සැන්ඩර් ලිබරල් වාදියෙකු ලෙස ප්‍රසිද්ධියක් දැරූවද, රුසියාවේ අධ්‍යාපනය තවදුරටත් මෙහෙයවුනේ අධ්‍යාත්මික වශයෙන් දේව ධර්මය හා දේශපාලනික වශයෙන් වැඩවසම් රාමුව කේන්ද්‍රකොට ගෙනය. 1825 දෙසැම්බරයේදී සාර් ඇලෙක්සැන්ඩර් තැන තයිපොයිඩ් උණ වැලඳීම හේතුවෙන් මිය ගියේය. ඔහුගේ උරුමක්කරුවා වූයේ පළමු නිකොලස් ලිබරල් වාදියෙකු නොවීය. යුරෝපීයකරණය පිළිකුල් කල හේ තමා කිරුළු පැලඳි දා ප්‍රතිසංස්කරණ පතා රුසියාවේ ලිබරල් මතධාරීන් විසින් අත්හදා බැළූ මංගල උද්ඝෝෂණය ක්‍රෑර ලෙස මැඩලීමටද පැකිලුනේ නැත. අනතුරුව ඔහු පර්සියාවට පහර දී ආර්මේනියාව ඈඳා ගනිමින් තුර්කිය දෙසට හැරුනේය. 1827 තුර්කි යුද්ධයේ එක් අතුරු ඵලයක් වූයේ ග්‍රීසිය ඔටෝමන් පාලනයෙන් නිදහස ලැබීමයි. එසේ වුවද 1831 දී පෝල් වරු රුසියන් පාලනයට එරෙහිව නැඟී සිටි කල නැවත උපරිම බලය යොදා ඔවුන් මැඩලිමට සාර් පැකිලුනේ නැත. කාර්මික විප්ලවයේ ප්‍රථිඵලයක් ලෙස බටහිර යුරෝපය තුල නිෂ්පාදන ධාරිතාවයේ හා මූලික යටිතල පහසුකම් වල සෑහෙන වර්ධනයක් සිදුවුවද, කාර්මීකරණය මඟින් ඇතිකෙරුන ගැටලුද එ හා සමානුපාතිකව ඉහල ගියේය. නාගරික පරිසරය තුල අවම පහසුකම් හා වේතන මත ජීවත් වූ කම්කරුවෝ සම්ප්‍රදායික පිටිසර ගොවීන්ට සාපේක්ශව වඩාත් වැඩි අන්‍යොන්‍ය සන්නිවේදනයක් සහිත වඩාත් කලහකාරී පිරිසක් වූහ. 1848 වසයේ යුරෝපය පුරා පැතිර ගිය විප්ලව රැල්ලට පදනම් වූයේ ඒ ඒ ජාතීන්ට ආවේණික වූ ගැටළු වුවද ඒ පිටුපස වූ පොදු හැඟීම වූයේ ගතානුගතික රාජාණ්ඩු ක්‍රමයේ විෂමතාවන්ට එරෙහිව මහ ජනයා තුලින් පැනනැඟුන අමනාපයයි. යටත් විජිත පාලනයට එරෙහිව ලංකාවේ ඌව වෙල්ලස්ස ජනයාද කැරලි ගැසුවේ මේ කාලයේදී බව සිහිපත් කල යුතුය. දැවැන්ත පෙලපාලි හා උද්ඝෝෂණ හමුවේ ලිබරල් ප්‍රතිසංස්කරන හඳුන්වාදිමට ප්‍රසියාවට සිදුවූ අතර ඔස්ට්‍රියානු අධිරාජ්‍යයේ විශාලතම වසම වූ හන්ගේරියානු රාජධානියේ මැග්යාර් වරු නිදහස ඉල්ලා කැරලි ගැසීමට වන්හ. මේ තත්වය නිසා නැවතත් සාර්ගේ උදවු පැතීමට හැබ්ස්නබර්ග් වරුනට සිදුවිය. කොසෑක් හමුදා විසින් හන්ගේරියානු හා රොමෙනියානු නිදහස් සටන් සුනු විසුනු කිරීමේ ප්‍රථිඵලය වූයේ යුරෝපය සාර්ට ස්තුතිවන්ත වීම නොව, මහාද්වීපය තුල වර්ධනය වන රුසියානු බලපෑම ගැන ඇගේ මිතුරන් ඉමහත් සැක සංකා ඇතිකොට ගැනීමය. අනිත් අතට යුරෝපයේ සාමය රැකීම සඳහා රුසියානු හමුදා සැපයීමට හිලවු වශයෙන් ඔටෝමන් අධිරාජ්‍යය සමඟ තනිවම ගණුදෙනු කිරීමේ නිදහස තමා සතුවිය යුතු බව සාර්ගේ විශ්වාසය විය. මෙය ව්ලදිමීර් පුටින්ගේ රුසියාව අද අනුගමනය කරන පිලීවෙතට බොහෝ දුරට සමාන බවද මෙහිදී බැහැර කල නොහේ. මානව ඉතිහාසය යනු ශිෂ්ඨාචාරයේ තුල පන්තීන් අතර ඝට්ටනයේ ප්‍රථිඵලයක් යැයි කාල් මාක්ස් නම් ජර්මන් ජාතික දාර්ශනිකයා ගෙන් යුරෝපයේ වාමාංශික ව්‍යාපාරයේ නැඟීමට ලද දායකත්වයද සුළු පටු නැත. නිෂ්පාදනයේ හිමිකම ප්‍රාග්ධනය මත නොව ශ්‍රමය මත තීරණය විය යුතු බව කී හේ ධනේඅර්බුදයට පත්වෙමින් පැවති ධනේෂ්වර ක්‍රමය බිඳ දැමීමට නිර්ධන පන්තිය සංවිධානය විය යුතු බව කියා සිටියේය. මාක්ස් මෙහිදී විශේශයෙන්ම සඳහන් කල කරුණ නම් නිර්ධන පන්තිය තුල සිටින දේශපාලන විඥානයෙන් තොර ‘පාදඩ පංතිය’ (Lumpenproletariat) මෙම අරගලයට සම්බන්ධ කොට නොගත යුතු බවයි. අනාගත වාමාංශික ව්‍යාපාර විසින් බොහෝ විට නොසලකා හැරුන මෙම අනතුරු ඇඟවීමෙ අර්ථය වූයේ පවතින ක්‍රමය කෙරේ වෛරයකින් පසුවීම තුලින් පමණක් විප්ලව වාදියකු බිහිකොට නොහෙන බවයි. කාල් මාක්ස්ගේ අදහස් කාර්මික යුරෝපය තුල ඉතා සීඝ්‍රයෙන් පැතිර ගියද, සංස්කෘතික හා සමාජීය ප්‍රතිසංස්කරණ සදහා මේ වනතුරුත් ඉඩක් නුවූ රුසියාව තුල මෙකල මාක්ස් වාදය පිලීගැනුනෙ තවත් එක් බටහිර නිෂ්පාදනයක් ලෙසිනි. ස්ලාව් අනන්‍යතාව හා රුසියානු භාෂාව පදනම් වූ කොටගත් වැඩ පිළිවෙලක් වෙනුවෙන් තවදුරටත් පෙනී සිටි රුසියානු ජාතිවාදීහූ පුරාණ ස්ලාව් සම්ප්‍රදායට අනුව ගොඩනැඟුන ‘මීර්’ (Mir) නැමති ග්‍රාමීය කොමියුන මාක්ස් වාදයට වඩාත් ගැලපෙන ආදේශකයක් ලෙස දුටූහ. මෙ කාලයේ රුසියාව තුල වූ දාර්ශනික ප්‍රබෝධය හා ප්‍රතිසංස්කරණ පිළිබඳ සමාජ කතිකාවත ඇලෙක්සාන්දර් පුෂ්කින්, ඉවාන් තුර්ගෙනෙව්, හා නිකොලායි ගොගොල් ගේ සාහිත්‍ය තුල මැනෙවින් පිලීබිඹු කොට ඇත. 1850 වන විට මහා බ්‍රිතාන්‍යය පමණක් නොව ප්‍රංශය හා ඔස්ට්‍රියාව හා ප්‍රසියාවද පසුවූයේ වර්ධනය මහාද්වීපය තුල හිනි පෙත්තට ලඟාවූ රුසියානු බලපෑම ගැන ඇතිකොටගත් අසහනයෙනි. ඔටෝමන් බපාලනය යටතේ වූ බොස්පරස් සමුද්‍ර සන්ධිය රුසියානු යුද නැවු සඳහා විවර වනු ඇතැයි බ්‍රිතාන්‍යය බියෙන් පසුවූවාය. තවත් නාවුක බලවතකු අත්ලාන්තික් සාගරයට පිවිසීම ලන්ඩනයට රුචි නැත. මෙම උපකල්පනය නොසලකා හැරිය නොහැකි යථාර්ථයක් බවට පත් වූයේ 1853 දී රුසියානු හමුදා විසින් තුර්කි නාවුක හමුදාව මුළුමනින් විනාශ කොට දැමීමෙන් අනතුරුවය. මෙ තත්වය යටතේ ඔටෝමන් පාලනය රැකගැනීම අනිවාර්ය අවශ්‍යතාවක් ලෙස සැලකූ මහා බ්‍රිතාන්යය හා ප්‍රංශය තුර්කි හමුදා සමඟ එක්ව ක්‍රිමියාව වැටලූහ. එකොලොස් මසක අසීරු සටනින් පසු පැහැදිලි වූයේ තනි තනිව සතුරන් පරාජය කලද, ඒකාබද්ධ යුරෝපීය සන්ධානයකට එරෙහිව ජය ගැනීමට රුසියාව අපොහොසත් බවයි. සිත් තැවුලට පත් පළමුවන නිකොලස්ට සටන අතරතුර තදබල සීතලක් වැලඳින. ප්‍රතිකාර ගැනීම ප්‍රතික්ෂෙප කල ඔහු නිව්මෝනියාවට ගොදුරුව මිය ගියේය. ක්‍රිමියානු සටන අසර්ථක වීම නිසා ලැජ්ජාවෙන් පසුවූ සාර්තුමා දිවි නසාගත් බව ඇතමෙක් කියති. එහි ඇත්ත නැත්ත කෙසේ වුවද අනතුරු කිරුළු පැළඳි ඔහුගේ පුත් දෙවන ඇලෙක්සැන්ඩර්ට සාමය ඉල්ලා සිටීමට සිදුවූ බව නම් සැබෑය. ක්‍රෙම්ලිනයේ ප්‍රතිරූපයට ඉමහත් කැලැලක් ඇති කරමින් ඇති කොටගත් මෙම සාම ගිවිසුමට අනුව කළු මුහුදේ නාවුක කටයුතු සඳහා රුසියාව විසින් ස්ථාපිත කොට තිබූ ඒකාධිකාරය අහෝසි වූ අතර බෝල්කන් කලාපයේ ඔටෝමන් පාලන ප්‍රදේශ වලින් රුසියානු හමුදා ඉවත් කොට ගැනීමට ඈට සිදු විය. ලෝකය සීඝ්‍ර වෙනස් කම් වලට භාජනය වෙමින් තිබිණ. යුරෝපයේ පස්වන බලවතා ලෙස ප්‍රසියාව හිස ඔසවමින් සිටියාය. නව තත්වය තුලින් පැහැදිලි වූයේ සෙසු බලවතුන් නැපොලියන්ගේ යුද්ධය හරහා රුසියාව ගොඩනඟාගත් මහාද්වීපික ඒකාධිකාරය තවදුරටත් නොඉවසන බව පමණක් නොව සිය සම්ප්‍රදායික භූ දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන අතරතුර ඈ ඉක්මන් අභ්‍යන්තර ප්‍රතිසංස්කරණ සඳහාද යොමුවිය යුතුව තිබුණ බවයි.

Chamara Siriwardene

පූර්ව විප්ලවීය පෙලගැස්ම[සංස්කරණය]

ක්‍රිමියානු යුද්ධයේ අමිහිරි ප්‍රථිඵලය නැපෝලියන් පරාජය කිරීමෙන් අනතුරුව උදාවූ සොඳුරු සැඳෑව ගත කමින් සිටි රුසියාව අත්දුටු බියකරු සිහිනයකි. මේ අවමානයට සෑහෙන පලියක් ගැනිමට සිතූ ඈ එතැන් පටන් බෝල්කන් ප්‍රදේශයේ ඔටෝමන් පාලනය යටතේ විසූ ස්ලාව් ප්‍රජාව වෙනුවෙන් වඩ වඩාත් පෙනී සිටියාය. මෙහිදී දෙවන් ඇලෙක්සැන්ඩර් සාර් තුමා ඉදිරිපත් කල නිදහසට කරුණ වූයේ ඕර්තොඩොක්ස් කතෝලික ප්‍රජාව ඉස්ලාම් භක්තිකයන්ගේ හිරිහැර වලින් මුදා ගැනීමේ අවශ්‍යතාවයයි. එය ක්‍රෙම්ලිනයේ ‘කුරුස යුද්ධය’ ලෙස අර්ථදක්වනු ලැබිණ. කෙසේ වුවද ක්‍රිමියානු යුද්ධය තුලින් පිළිබිඹු වූ යුරෝපයට සාප්ක්ෂව රුසියාවේ පසුගාමීත්වය තවදුරටත් සැඟවිය හැකි නොවීය. මෙහි ප්‍රථිඵලය වූයේ දේශපාලන ප්‍රතිසංස්කරණ සඳහා රට තුල වූ කෙඳිරිය හාහෝවක් බවට පත්වීමයි. දෙකෝටියක් වූ ප්‍රවේණි දාසයන් ඉඩම් හිමියන්ට පෞද්ගලිකව ලාභදායී වුවද එය ජාතික වශයෙන් ගත් කල රටේ නිෂ්පාදන හැකියාව මෙන්ම කීර්තියද මොට කල බව පෙණින. එහෙයින් ඉඩම් හිමියන්ට තරමක් හෝ සහන දායී වන පරිදි ප්‍රවෙණි දාස ක්‍රමය අහෝසි කිරීමට 1861 දී සාර් තුමා තීන්දු කලේ කැරැල්ලක් තුලින් එලැඹීමට සිදුවන අනාගත ශමථයක් ඔවුනට වඩාත් අනර්ථකාරී විය හැකි අවබෝධ වූ නිසාය. ගමනාගමනයේ හා සන්නිවේදනයේ ප්‍රගතියට අනුලෝමව යුරෝපීය දර්ශනය හා සාහිත්යයට දොරටු විවර වූ බැවින්ද, කාර්මීකකරණය නාගරික කම්කරු පන්තියක් ඇති කල හෙයින්ද ප්‍රංශයේ අත්දුටු අන්දමේ හිංසාකාරී සමාජ පෙරලියක අනතුර ගැන රුසියාවද නිති අවධානයෙන් පසුවූවාය. යුරෝපයේ නැඟී එන බලවතාවූ ප්‍රසියාවේ චාන්ස්ලර් ධුරයට ඔටෝ වොන් බිස්මාර්ක් කුමාරයා පත්වීම යුරෝපයේ අනාගත ගමන් මඟෙහි තවත් තීරණාත්මක සන්ධිස්ථානයකි. ඔහු එදා මෙදා ලොව පහල වූ විශිෂ්ටතම රාජ්‍යතාන්ත්‍රිකයකු ලෙස සැලකේ. යුරෝපයේ සම්ප්‍රදායික ජර්මන් භූමි එක්කොට ජර්මන් අධිරාජ්‍යයක් ගොඩනැඟීමෙහිලා සිහින දුටු ඔහු 1866 දී තම තරඟකාරී වාර්ගික බෑයා වූ ඔස්ට්‍රියාව සමඟ සටන් කොට උතුරු ජර්මන් ඒකාබද්ධ සංගමය (North German Confederation) ස්ථාපිත කලේ එහි පළමු පියවර ලෙසටය. අසරණ වූ ඔස්ට්‍රියාවේ හැබ්ස්බර්ග් වරු තම කිරීටයට අයත් විශාලතම වසම වූ හන්ගේරියාව හා එක්ව ද්විත්ව-රාජාණ්ඩුවක් (Duel Monarch) පිහිටුවා ගත්හ. අනතුරුව ප්‍රංශය කුපිත කරවා යුද්ධයට පොළඹවා ගත් බිස්මාර්ක් ඈ සතු ඇල්සාස්-ලොරේන් ප්‍රදේශ ද ඈඳා ගනිමින් 1871 ජර්මන් අධිරාජ්‍යය ප්‍රකාශයට පත් කලේය. මේ සමඟ යුරෝපයේ බල තුලනය නැවත වෙනස් විය. බිස්මාර්ක් කුමාරයාගේ රාජ්‍යතාන්ත්‍රික සිල්පදය වූයේ රුසියාවේ සහාය හෝ මධ්‍යස්ථතාවය සහතික කෙරෙන තාක් අභිනව ජර්මන් අධිරාජ්‍යය අපරාජිත වනු ඇති බවයි. බිස්මාර්ක් අයත් නැගෙනහිර ප්‍රසියානු ඉඩම්හිමි රදල පෙලපත නොහොත් ‘ජුන්කර්’ පන්තිය හා රුසියාව අතර වූ සාම්ප්‍රදායික මිතුදම ඔහු ජර්මන් විදෙස් පිළිවෙතටද පාදක කොට ගත් බව පෙනේ. 1876 දී ඔටෝමන් පාලනයට එරෙහිව පැන නැඟුන බල්ගේරියානු නිදහස් සටන තුර්කි වරු විසින් ක්‍රෑර ලෙස මැඩලන ලදී. මෙ ගැන ඉමහත් කැක්කුමක් ඇති කොටගත් රුසියාව ඔටෝමන් අධිරාජ්යයට එරෙහිව යුද ප්‍රකාශ කලාය. ජර්මනිය රුසියාවට හිතවත් මධ්‍ය්ස්ථ ස්ථාවරයක පසුවීම මෙහිදී ඉමහත් වාසියක් විය. ඔටෝමන් අධිරාජ්‍යයට අයත් බොස්නියා-හර්සෙගොවිනා ප්‍රදේශය තෑගි කරන බවට දෙන ලද පොරොන්දුවකින් ඔස්ට්‍රියා-හංගේරියද නිහඬ කරවීමට ක්‍රෙම්ලිනය සමත් විය. 1870 පරාජයෙන් දුර්මුඛව සිටි ප්‍රංශය නොසලකා හැරිය හැකි සාධකයක් ලෙස කපා හරින ලදී. මේ හේතුවෙන් රුසියානු හමුදා බෝල්කන් කලාපයට ඇතුළු වන විට එය නුදුටුවා සේ සිටීමට බ්‍රිතාන්යයට සිදුවූ අතර බල්ගේරියාව හා රොමේනියාව ස්වාධීනත්වය ලැබූයේ ඔටෝමන් අධිරාජ්‍යය තවදුරටත් ක්ෂය කරවමිනි. “විමුක්තිදායක සාර් තුමා වෙත කෘතවේදී බල්ගේරියානුවන් ගෙන්’ යන වැකිය කෙටූ දෙවන ඇලෙක්සැන්ඩර්ගේ දැවැන්ත ප්‍රතිමාවක් සොෆියා නුවර පාර්ලිමෙන්තුව ඉදිරිපිට අද දක්වා දක්නට ඇත. යුරෝපයේ නව සමස්ථ කරු ලෙස ඉදිරිපත් වූ බිස්මාර් කුමාරයා 1878 බර්ලින් නුවර සාම සම්මේලනයක් කැඳවීය. ට්‍රාන්ස් කොකේසස් පෙදෙස හා බැසරේබියාව රුසියාව විසින්ද, බොස්නියා-හර්සෙගොවිනාව ඔස්ට්‍රියා-හංගේරිය විසින්ද ඈඳා ගනු ලැබූ අතර සයිප්‍රසය හිමි කොටගත් බ්‍රිතාන්‍යය රුසියානු බලය වර්ධනය වීම වැලැක්වීමේ අටියෙන් නව බල්ගේරියාවේ දේශසීමා අරබයා කලහ කිරීමට වූවාය. ජර්මනිය හා ඔස්ට්‍රියාව ද මෙතැනදී ඉංග්‍රීසීන් හා එකඟ වූ හෙයින් බල්ගේරියාවේ දේශසීමා කුඩා කොට එය අර්ධ ස්වතන්ත්‍ර රාජ්‍යයක් බවට පත් කිරීමටද, මැසිඩෝනියාව තුර්කියට ආපසු ලබා දීමටද සිදුවිය. මින් උරණ වූ රුසියානුවෝ එ වෙනුවෙන් සර්බියාවේ පූර්ණ ස්වාධීනත්වය කෙවල් කලහ. දැඩි රාජ්‍යතාන්ත්‍රික ආතතියක් අමෙද පැවැත්වුන මෙම සාකච්ඡා අතරතුරදී වරක් කෝපයෙන් අත් ඔසවා මොර දුන් රුසියානු නියෝජිත ඇලෙක්සැන්ඩර් ගොර්චෙකොව් කුමාරයා වෙත බිස්මාර්ක්ගේ පුටුව යට සිටි ටයිරස් නම් සුනඛයා කඩා පැන්නේ රුසියානුවාගේ අංගචලනයන් තම ස්වාමියාට එල්ල වූ අනතුරක් ලෙස සලකා විය යුතුය. එහෙත් බිස්මාර්ක් තම භූමිකාවට සරිලන අයුරින් පෞද්ගලිකව සමාව අයැද සිටීමත්, කලිසම ඉරී යාම අහෙරුන විට අන් අගතියක් රුසියානු රාජ්‍යතාන්ත්‍රිකායාට සිදු නොවීමත් නිසා මෙමඟින් හටගැනීමට ඉඩ තිබූ තවත් අකල් යුද්ධයක් වැලකී ගියේය. සියළුම බලවතුන් එකිනෙකා කෙරේ දැක්වූ සැකමුසු ආකල්පය බර්ලින් සමුළුවෙදී කැපී පෙනුන මූලික ලක්ෂණයයි. රුසියානු බලය බෝල්කන් කලාපයේ වර්ධනය වීම ස්ලාව් භූමි ප්‍රදේශ ඇතුලත් ඔස්ට්‍රියා-හංගේරියේ ස්ථාවරත්වයටද ඉමහත් තර්ජනයකි. උද්ගතව තිබූ නව වාතාවරණය තුල පැරණි කෝන්තර යම්තාක් දුරකට නොතකා හරිමින් සිය අභිවෘද්ධිය තකා යම් යම් සීමාසහිත එකඟත්වයන්ට එළඹීමට යුරෝපා බලවතුනට සිදු විය. මීට හොඳම උදාහරණය 1879 දී පැරණි ප්‍රතිවාදීන් වූ ජර්මනිය හා ඔස්ට්‍රියා-හංගේරිය අතර ඇතිවූ මහත් ආන්දෝලනාත්මක ද්විත්ව සන්ධානයයි. රුසියානු ආක්‍රමණයකදී එකිනෙකාට උපකාර කිරීමටත් වෙනත් බලවතෙකු සමඟ ඇති වන යුද්ධයකදී අනිත් පාර්ශ්වය මධ්‍යස්ථව සිටීමටත් එමඟින් දෙරට ගිවිස ගත්හ. එහෙත් අනිත් අතට රුසියාව හා ප්‍රති ආරක්ෂණ ගිවිසුමකට එලැඹුන බිස්මාර්ක් එමඟින් ප්‍රංශය හා ඇතිවන ගැටිමකදී රුසියාවේ මධ්‍යස්ථ භාවය තහවුරු කොටගැනීමෙහිලා සමත්විය. යම්හෙයකින් තම සතුරා වූ ප්‍රංශය හා රුසියාව සන්දාන ගතවුවහොත් ජර්මනියට පෙරමුණු දෙකක යුද්දයකට (Two Front War) මුහුණ දීමට සිදුවනු ඇතැයි ඔහු තුල විශාල බියක් තිබිණ. රුසියාවේ මේ වනවිට විප්ලවීය ව්‍යාපාර‍ හිස ඔසවමින් තිබිණ. මේ තත්වය යටතේ ලිබරල් වාදීන්ගේ පැතුම වූයේ ස්ලාව් අනන්‍යතාව මත පදනම් වූ පාලන ක්‍රමයක් වෙනුවට ඔවුන්ගේ ඉලක්කය වූයේ යුරෝපීය පන්නයේ ව්‍යවස්ථා සංශෝධනයක් රට තුල ස්ථාපිත කිරීමයි. මේ අතර මීර් හෙවත් රුසියානු ගොවි කොමියුන ගොඩනෙගීම වෙනුවෙන් පෙනී සිටි නරෝද්නයා වොල්යා (Narodnaya Volya) නැමැති කණ්ඩායම කොටස් අධිරාජයා ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කලහ. අද සම්මතයන් අනුව ගත් කල එය ත්‍රස්තවාදී සංවිධානයකට සමානය. 1881 මාර්තු 13 දා තම කොසෑක් ආරක්ෂකයන් සමඟ ගමන් කරමින් සිටි දෙවන ඇලෙක්සැන්ඩර්ට ශාන්ත පීටර්ස්බර්ග් අගනුවර පෙව්චෙස්කි පාලම මතදී බෝම්බ ප්‍රහාරයක් එල්ල විය. ඉලක්කයට මඳක් ඈතින් පුපුරා යාම නිසා රාජකීය රථය අබලන් වුවද ඉන් සාර් තුමාට අනතුරක් වූයේ නැත. එහෙත් හදිසි තත්වයකට මුහුන දීමෙහිලා සූදානමින් සිටි ප්‍රහාරකයෝ තවත් බෝම්බයක් එල්ල කලහ. එම පිපිරීමෙන් උදරය ඉරී දෙපා වෙන්වී මාරක තුවාල ලද සාර් තුමා ක්‍රෙම්ලිනයට රැගෙන යන ලදී. නොබෝ වේලාවකින් හේ අවසන් හුස්ම හෙලීය. ලිබරල් මතවාද දැරූ දෙවන ඇලෙක්සැන්ඩර් නිකරුනේ ඝාතනය කිරීම සාමකාමී ප්‍රතිසංස්කරණ සඳහා කිසියම් සූදානමින් පසුවූ රුසියාවේ දේශපාලන පරිණාමනය ඇණහිරටීමට හේතු විය. සාර්ගේ මරණයෙන් කම්පාවට පත් මහජනයා තුල විප්ලව වාදීන් කෙරේ වූ ගෞරවය අප්‍රසාදයක් බවට පත්වූ අතර මරණය සියැසින් දුටු ක්‍රෙම්ලිනයේ අනාගත රජවරුන් වූ නැසීගිය සාර්ගේ තුන්වන ඇලෙක්සැන්ඩර් මෙන්ම මුණුපුරු දෙවන නිකොලස් ද විප්ලවීය ව්‍යාපාරය කෙරේ ඉමහත් ක්‍රෝධයක් ඇති කොටගත්හ. එහි ප්‍රතිඵලය වූයේ ඉදිරි කාලය තුල රුසියාවේ සියළු අන්දමේ දේශපාලන ප්‍රතිසංස්කරණ ඇණ හිටීමත් සාර් වරු දැඩි මර්දනකාරී පිළිවෙතකට යොමු වීමත්ය. 1888 මාර්තුවේදී නව සාර් ලෙස කිරුළු පැඳි තුන්වන ඇලෙක්සැන්ඩර් ඝාතනය කිරීමේ තැතක් ව්යවර්ථ කරන ලදී. සැලැස්මේ මහමොල කරු ලෙස සිර භාරයට ගැනුනේ ඇලෙක්සැන්ඩර් උල්යානොව් නැමති නරෝද්යා වොල්යා සංවිධානයේ සාමාජිකයෙකි. ඔහු එල්ලා මරා දැමුන අතර ඔහුගේ බාල සොයුරා වඩාත් දැඩි අධිෂ්ඨානයකින් යුතුව රහස් සාර්-විරෝධී ව්‍යාපාරය හා එක් වීමයි. “මේ කරපු දේ විපාක ඔවුන්ට විඳින්න වේවි” ගැටවරයා කීවේලු. හේ ව්ලැදිමීර් උල්යානොව් නම් විය. ඔහු ඉතිහාසය තුල වඩාත් ජනප්‍රිය වූයේ ‘ලෙනින්’ යන නමිනි. තම සොයුරා වෙනුවෙන් පලිගැනීමට ලෙනින් ශපථ කරන අතර ජර්මනියේ අයෝමය චාන්ස්ලර් බිස්මාර්ක් දෙවන විල්හෙල්ම් කයිසාර් (Kaiser = ජර්මන් අධිරාජයා) සමඟ කලහ කොට ධුරයෙන් ඉල්ලා අස්විය. ඒ වන විට ඉතිහාසය මත රුධිරයෙන් සිය නම සටහන් කල ඔඅස්ට්‍රියානු ජාතික ඇඩොල්ෆ් හිට්ලර්ගේ වයස අවුරුද්දකි. මේ සබඳතා පිළිබඳ සවිස්තරාත්මක පැහැදිලි කිරීමක් ජර්මන් අධිරාජ්යය නිර්මාණය කල මහා රාජ්යතාන්ත්රිකයා සහ බිස්මාර්ක් ගේ එක්සත්කරණය (1862-1871) යන පෙර ලිපි තුලින් ඉදිරිපත් කොට ඇත. බිස්මාර්ක් ගේ නික්මයාමත් සමඟ ජර්මන් විදේශ පිළිවෙත කණ පිට පෙරළුන අතර දෙවන විල්හෙල්ම් කයිසාර් රුසියාව කෙරේ දැක්වූයේ සතුරු ආකල්පයකි. මේ හේතුව නිසා රුසියාව 1894 දී ජර්මනියේ පස මිතුරා වූ ප්‍රංශය සමඟ ද්විත්ව සන්ධානයක් ඇති කොටගත්තේ යුරෝපය දැවැන්ත බල කඳවුරු දෙකකට බෙදා වෙන් කරමිනි. ජර්මන් ප්‍රහාරයකදී එකිනෙකාට උදවු කිරීමට එමඟින් දෙපාර්ශව ගිවිස ගත්හ. ඔටෝමන් අධිරාජ්යය තමාට තවදුරටත් තර්ජනයක් නොවීමත්, ප්‍රංශ-රුසියා ගිවිසුම තුලින් ජර්මනියේ හැකියාව අකර්මන්‍ය වූ බව පෙනී යාමත් නිසා ක්‍රෙම්ලිනය තම විදෙස් පිළිවෙත තුල දැන් ප්‍රධාන වශයෙන් අවධානය යොමු කලේ බෝල්කන් පෙදෙසේ ස්ලාව් නිදහස් ව්‍යාපාරය ප්‍රවර්දන කිරීම කෙරෙහිය. මෙහි ලා ඇගේ විශ්වාසදායක සගයා වූයේ මෑතදී ඔටෝමන් අධිරාජ්‍යයෙන් නිදහස ලත් සර්බියාවයි. මේ හේතුව නිසා බෝල්කන් පෙදෙසේ ස්ලාව් වාසභූමි එක්කොට අටවාගත් අස්ථාවර අධිරාජ්‍යයක් ආණ්ඩු කල ඔස්ට්‍රියා-හංගේරිය හා රුසියාව අතර ආතතිය සමනය කොට නොහෙන සේ උත්සන්න වෙමින් තිබිණ. වාර්ගික හා භූ දේශපාලනික රීතීන් විසින් උසි ගැන්වනු ලැබ සිටි රුසියානු හිතකාමී සර්ව ස්ලාව් වාදයත්, ජර්මන් හිතකාමී සර්ව-ජර්මන් වාදයත් ඒවනවිටත් කැසකවමින් සිටියේ ඒ නොවැලැක්විය ඓතිහසික ඝට්ටනය සඳහාය. 1898 සිය මරණයට පෙර බිස්මාර්ක් මෙසේ කීවේළු. “ ඔන්න බලන්න, බෝල්කන් පෙදෙසෙ වෙන මෝඩ සිද්ධියක් නිසා කවද හරි විසාල යුද්දයක් ඇතිවෙනවා…” එය පළමු ලෝක යුද්ධය ගැන කී අනාවැකියක් වැන්න.

Chamara Siriwardene

රුසියාවේ 1905 විප්ලවය[සංස්කරණය]

බිස්මාර්ක් බියවූ පරිදිම 1894 දී ප්‍රංශය සමඟ ද්විත්ව සන්ධානයකට එලැඹුන තුන්වන ඇලෙක්සැන්ඩර් සාර් අනතුරුව වකුගඩු ආබාදයක් හේතුවෙන් බරපතල ලෙස රෝගාතුර විය. එවිට ඔහුගේ වයස හතලිස් නවයකි. ඔහුගේ පුතා හා උරුමක්කාරයාද වූ විසි හය හැවිරිදි නිකොලස් හා ලේලි වූ ජර්මන් රජ පෙලපතින් පැවතෙන හැසේ හි ඇලික්ස් (ඇලෙක්සැන්ඩ්‍රා) කුමරිය මරණාසන්න රෝගියා හමුවට කැඳවන ලදී. පූර්ණ නිල ඇඳුමින් සැරසී මරණ මංචකයේ වැතිර සිටි අධිරාජයා ප්‍රංශය සමඟ තමා ඇතිකොටගත් මිතුදම දිගටම පවත්වාගෙන යන බවට පුතා පොරොන්දු කරවා ගත්තේය. දස දිනකින් ඔහු මියගිය කල දෙවන නිකොලස් කිරුළු පැලැන්දේ තමා ක්‍රෙම්ලිනයේ අවසන් අධිරාජයා බව නොදැනයි. රජ පවුල් අතර අවාහ ගණුදෙණු කිරීමේ සම්ප්‍රදාය හේතුවෙන් යුරෝපයේ කිරීට අතර බොහෝ අන්‍යොන්‍ය ඥාති සබදතා තිබිණ. ජර්මනියේ දෙවන විල්හෙල්ම් කයිසාර් තුමා හා වේල්ස් හි ජෝර්ජ් කුමරුද දෙවන නිකොලස්ගේ ඥාති සහෝදරයෝය. රුසියාවේ නව ප්‍රතිවාදියා වූ ඔස්ට්‍රියා හංගේරියේ ප්‍රාන්ස් ජෝසොෆ් අධිරාජයා සමඟ හිතවත් කම් ඇතිකොටගත් නව සාර් බෝල්කන් ප්‍රදේශ අරබයා හැබ්ස්බර්ග් වරු හා ‘මහත්වරුන්ගෙ එකඟතාවක්’ ඇති කොටගත්තේය. මේ හේතුවෙන් තමා සුළු කොට තැකීමට මාන බැළූ බිරිඳ ගේ පාර්ශ්වයේ උද්දච්ච විල්හෙල්ම් කයිසාර් හා කරට කර සිටීමට තරම් රාජ්‍යතාන්ත්‍රික හයියක් ඔහුට තිබිණ. රාජ වාංශිකයන් අතර එතරම් ජනප්‍රිය නැති කයිසාර් මහා යුද්ධයකට අර අඳින බවට ඒ වනව්ටත් සැකයක් තිබිණ. එසේ වුවද අභ්‍යන්තර වශයෙන් රුසියාව දැන් වඩාත් අස්ථාවර විය. විශ්ව විද්‍යාල සිසුන් අතර උද්ඝෝෂණ සංවිධානය කොට හසුවූ ව්ලැදිමීර් උල්යානොව් නොහොත් ලෙනින් සයිබීරියාවට පිටුවහල් කරන ලදී. අනතුරුව හේ න්දේෂ්දා කෘප්ස්කයා නැමති සමාන අදහස් සහිත තරුණිය හා විවාහ විය. දඬුවම් කාලය අවසන් කල ලෙනින් රුසියාවෙන් පිටවී ජර්මනියේ ස්විට්සර්ලන්තයේ හා බ්‍රිතාන්‍යයේ වරින් වර නවාතැන් ගත්තේය. එදා සාර් විරෝධීන්ගේ පොදු නවාතැන වූ ස්විට්සර්ලන්තය කේන්ද්‍ර කොටගත් රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍ර වාදී ව්‍යාපාරය හා ඔහු එක් වූයේ මේ කාලයේදීය. සාර්ගෙ මර්ධනයෙන් ගැලවෙනු වස් ඔවුන් රැස්වීම් පැවැත්වුනේ වෙනත් යුරෝපීය නගර වලදීය. එසෙ වුවද මෙකල වන විට ඔවුන් ඒ ඒ රටවල පොලිස් ඔත්තු කරුවන්ගේ අවදානයට ලක්ව සිටියහ. විෂබීජ වපුරුවන විප්ලවීය ව්‍යාපාර සෑම රාජාණ්ඩුවකටම අරහංය. යෝජිත ප්‍රතිසංස්කරණ අරබයා පොදු එකඟත්වයක් නොතිබිණ. ප්‍රභූන් තම ඉඩම් අයිතිය වෙනුවෙන් පෙනී සිටියද ඔවුන් තම දේපොල එ වනවිටත් සිටියේ තම දේපොල ගොවි සමාජ වලට විකුණා දමමිනි. සාමකාමී ව්‍යවස්ථා පෙරලියක් අපේක්ෂා කල ව්‍යවස්ථාපිත ප්‍රජාතන්ත්‍රවදීන් නොහොත් කැඩෙට් වරු ගොවීන්ට ඉඩම් ලබාදීම පිළිගත් අතර ඒ වෙනුවෙන් ඉඩම් හිමියන්ට ගෙවිය යුතු බව කීහ. වාමාංශය නියෝජනය කල සමාජ විප්ලවවාදීන්ගේ හා සමාජ ප්‍රජාතන්ත්‍ර වාදින්ගේ මතය වූයේ ඉඩම් ගෙවීමකින් තොරව රාජ සන්තක කලයුතු බවයි. එහෙත් විප්ලවය සඳහා විශ්වාසය තැබිය හැක්කේ ගැමි ගොවියන් නොව නාගරික කම්කරුවන් කෙරේ බව මාක්ස් වාදය නියෝජනය කල සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ගේ මතය විය. සමාජ-ප්‍රජාතන්ත්‍රික ව්‍යාපරය තුල ද අපමණ මත ගැටුම් තිබිණ. මෙ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ සංවිධානයේ ව්‍යුහයයි. ප්‍රමාණවත් ස්අංශෝධන වලින් සෑහීමට පත් වීමට කැමැත්තෙන් පසුවූ ලිබරල් වාදීන්ගේ තර්කය වූයේ නායකත්වයෙන් පරිබාහිරව මත පල කිරීමේ අයිතිය සාමාජිකයන් සතුව තිබිය යුතු බවය. එහෙත් ප්‍රචණ්ඩ විප්ලවයක් හරහා බලය අල්ලා ගැනීම වෙනුවෙන් පෙනී සිටි ලෙනින් නියෝජනය කල පාර්ශ්වය කියා සිටියේ ශක්තිමත් නායකත්වයකට සාමාජිකත්වය අවනත විය යුතු බවයි. බොල්ෂෙවික් වරු හා මෙන්ෂෙවික් වරු ලන්ඩනයේ විවාද කරන අතර ඈත පෙරදිග බලය වෙනුවෙන් රුසියාව හා ජපානය අතර යුද්ධයක් හට ගති. සූවස් ඇල හරහා රුසියානු යුද නැවු ගමනාගමනයට අවසර නොදෙන බවට ටෝකියෝව හා ලන්ඩනය අතර වූ එකඟත්වය නිසා සාපේක්ෂ වශයෙන් වැඩි ජපන් නාවුක බලයට මුහුණ දීමට තරම් ප්‍රමාණවත් අතිරේක බල ඇණී කලට වෙලාවට යැවීමට අපොහොසත් වූ හෙයින් තම උද්දච්ච ඥාති සහෝදරයා වූ ජර්මනියේ කයිසාර් හරහා සාමය ඉල්ලා සිටීමට සාර්ට සිදුවිය. මෙය දේශපාලනික වශයෙන් රුසියානු අධිරාජ්‍යයේ මෙන්ම පෞද්ගලික වශයෙන් දෙවන නිකොලස්ගේද අභිමානයට මරු පහරකි. මේ හා සමාන්තරව රුසියාව තුල ප්‍රචණ්ඩ ක්‍රියා රැල්ලක් පැතිර ගියේය. ප්‍රභූන් කිහිප ඩෙනෙක් ඝාහනය කරන ලදී. සාර්ගේ ප්‍රතිරූපය පිරිහී ගිය මේ අවස්ථාව ලිබරල් ප්‍රතිසංස්කරණ ඉල්ලා බල කෙරෙන පෙත්සමක් සාර්ට භාරදීමට සමාජ ප්‍රජාතන්ත්‍රවාදීහූ ශාන්ත පීටර්ස්බර්ගයේ කාර්මික ජනපද ආශ්‍රිත කම්කරුවන් පොලඹවා ගත්හ. 1905 ජනවාරියේ පෙත්සම රැගෙන ශීත මාලිගයට ඇතුළු වීමට ලක්ෂයකට අධික පෙලපාලි කරුවන් දැරූ තැත අවසන් වූයේ පොලිසිය විසින් ඔවුන් ක්‍රෑර ලෙස මැඩලනු ලැබීමෙනි. වෙඩි තැබීම් වලින් දෙසියයක් පමණ මිය ගියහ. මේ පුවත පැතිර යාමත් සමඟ රට පුරා කම්කරුවෝ වැඩ වැරූහ. ගමනාගමනය අඩාල විය. තමා ප්‍රතිසංස්කරණ සඳහා සූදානම් බව සාර් කියා සිටියේය. ලිබරල් වාදීහූ එපමණකින් සැනසුනද බොල්ෂෙවික් වරු ප්‍රචන්ඩ විප්ලවයක් සඳහා කම්කරුවන් පෙලඹවීමට තැත් දැරූහ. සාර් මීට පිළිතුරු දුන්නේ නැවත වරක් කැරලිකාරී කන්ඩායම් දාරුණු ලෙස මැඩලීමෙනි. මිය ගිය ගනණ දස දහස් හගණනක් බවට සැක කෙරේ. එහෙත් අනතුරුව පොරොන්දුවූ පරිදි ව්‍යවස්ථාදායක සභාවක් හෙවත් ඩූමාවක් පිහිටවූ ඔහු රට තුල දේශපාලන නිදහස ස්ථාපිත කලේය. ලෙනින්ට ආපසු සියරට බලා එමට අවස්ථාව ලැබිණ. මද්‍යස්ථ මත ධාරීන් තෘප්තිමත් වූ බවක් පෙනුනද සමාජ ප්‍රජාතාන්ත්‍රවාදීන්ට උවමනා වූයේ ප්‍රතිසංස්කරණ නොව ප්‍රතිෂ්ඨාපනයකි. අධිරාජ්‍යය බිඳ දැමීම ඔවුන්ගේ අභිලාෂය විය. තමා විසින් ඉල්ලා සිටි ලිබරල් දේශපාලන වාතාවරණයට ප්‍රවේශයක් ලැබී තිබියදීත්, අරමුදල් සපයා ගැනීම සඳහා තැපැල් කන්තෝරු ආ බැංකු කැඩීම වැනි ඊට හාත් පසින්ම පටහැනි ක්‍රියා මාර්ග වලට බොල්ෂෙවික් වරු යොමුවීම නිසා සියළු ප්‍රතිසංස්කරණ හකුලා ගැනීමට තවත් අවස්ථාවක්ද, මර්දන රැල්ලක් දියත් කිරිම සඳහා තවත් හෙතුවක්ද බලලෝභී සාර්ටද ලැබිණ. සාමකාමී වෙනසක් අපේක්ෂා කල වඩාත් මධ්‍ය්ස්ථ කණ්ඩායම් චෝදනා කලේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ටය. ව්‍යවස්ථා වෙනසක් වෙනුවට අරාජිකත්වය ඇති කරන තැපැල් කන්තෝරු හා බැංකු කොල්ල කෑම මෙන්ෂෙවික් වරු පවා හෙලා දුටූහ. ඩූමාව විසුරුවා හැරිය සාර් සියළු විප්ලවවාදීන් අත්ඩංගුවට ගැනීමට ඔක්නාරා පොලිසියට නියම කල අතර ලෙනින් නැවත ස්විට්සර්ලන්තයට පලා ගියේය. විප්ලවය අවසන් වූ අතර රුසියාව නැවතත් තාවකාලික ලෙස සාර්ගේ අධිකාරියට නතුවිය. රුසියාව අභ්‍යන්තර වශයෙන් සෑහෙන දුරට සන්සුන් වුවද, ඇගේ ප්‍රධාන බාහිර බලක්ෂෙත්‍රය වූ බෝල්කන් කලාපය තුල මේ වනවිට ඇතුව තිබුනේ උණුසුම් තත්වයකි. ඊට හේතුව වූයේ ඇගේ බෝල්කන් සගයා වූ සර්බියාව ඔස්ට්‍රියා-හංගේරියේ විසූ ස්ලාව් ජාතීන් නිදහස පතා උසි ගැන්වීමය. පහල ඩැනියුබ් ඉවුරු මත තමා නාභිය කොටගත් දකුණු දිග ස්ලාව් රාජ්‍යයක් හෙවත් යුගොස්ලාවියාවක් බිහි කිරීමට ඈ සිහින දුටුවාය. මේ තත්වය මත ඔස්ට්‍රියා-හංගේරිය පසුවූයේ සර්බියාව විනාශ කොට දැමීමට සුදුසු අවස්ථාවක් උදා වන තුරු ඇඟිලි ගනිමිනි. ඒ පසුපස වූයේ සර්ව ජර්මන් වාදය හා සර්ව ස්ලාව් වාදය අතර ආතතිය අතර තවදුරටත් දැරිය නොහෙන තරම් උත්සන්න ව තිබූ ආතතියයි. විප්ලව වාදීන් තාවකාලික මැඩලූ සාර්තුමා පළමු ලෝක යුද්ධය සඳහා ලහි ලහියේ සූදානම් වූයේ එය රුසියානු අධිරාජ්‍යයේ මෙන්ම තමාගේද අවසානය වනු ඇති බව නොදැනය. Chamara Siriwardene

රුසියානු අධිරාජ්‍යයේ වැටීම[සංස්කරණය]

පළමු ලෝක යුද්ධයට අරුම හේතුව වූයේ ඔස්ට්‍රියාවේ ඔටුන්න හිමි කුමාරයා හා දේවිය 1914 ජුනි 28 දා ඔස්ට්‍රියා-හංගේරිය විසින් ඈඳාගනු ලැබූ බොස්නියාවේ සරාජිවෝ අගනුවර දී සර්බ් අන්තවාදියෙකු විසින් ඝාතනය කිරීමයි. උග්‍ර සර්ව-ස්ලාව් වාදියෙකු ලෙස ප්‍රකට ද්‍රැගුටින් දිමිත්‍රිජෙවික් නැමති සර්බියානු ඔත්තු සේවා නිලධාරියා මීට වගකිව යුතු බව කියා සිටි ඔස්ට්‍රියාව ඒ කරුණ මත සර්බියාවට එරෙහිව යුද්ධ ප්‍රකාශ කල අතර, ස්ලාව් වරුන්ගේ ආරක්ෂකයා ලෙස පෙනී සිටි රුසියාව සර්බියාවට පක්ෂව හමුදා කැඳවීමට නියෝග කලාය. ඔස්ට්‍රියාවේ මිතුරා වූ ජර්මනිය මීට ප්‍රතිචාර දැක්වූයේ රුසියාවට හා ඇගේ මිතුරා වූ ප්‍රංශයට එරෙහිව යුද ප්‍රකාශ කරමිනි. 1906 ජර්මන් සෙනෙව් මණ්ඩල ප්‍රධානී ජනරාල් ඇල්ෆ්‍රඩ් වොන් ශ්ලයිෆන් සිටුවරයාගේ සැලැස්මට අනුව ජර්මන් හමුදා ප්‍රංශයට පහරදීමේ වේදිකාව ලෙස බෙල්ජියම යොදාගත් අතර, බෙල්ජියමේ ස්වාධීනත්වය උල්ලංඝනය කිරීම මත බ්‍රිතාන්‍යයද ජර්මනියට එරෙහිව යුද්ධයට සම්බන්ධ වූවාය. එක් අතකින් එය ඥාතීන් අතර යුද්ධයක් විය. ලෝක යුද්ධයකට මුල පිරූ අවාසනාවත් ඔස්ට්‍රියානු රජ පවුල යන පෙර ලිපියෙන් මේ තත්වය පිළිබඳ වැඩිදුර විස්තර කොට ඇත. සියවසකට මෙපිටින් ප්‍රධාන යුරෝපීය බලයක් සමඟ යුද වැදී නොසිටි රුසියාව කාර්මික විප්ලවය විසින් බටහිර යුද ශිල්පය තුල ඇති කොට තිබූ ප්‍රගතිය අත්දුටුවේ අමනාපය මුසු විස්මයෙන් යුතුවයි. බ්‍රිතාන්‍ය හා ජර්මන් ඒකක ගිණි බලය පුහුණුව හා සැපයුම් අතින් වඩාත් පොහොසත් බව පෙණින. නැගෙනහිර ප්‍රසියාවට එල්ල කල ප්‍රහාරය අසාර්ථක වුවද ඔස්ට්‍රියාවට අයත් ගැලීෂියාව ආක්‍රමණය කිරීමට ඒ තත්වය යටතේ පවා ඈ සමත් වූවාය. එහෙත් විසිවන සියවසේ යුද උපක්‍රම හා තාක්ෂණය නිසා දිගින් දිගට ඇදී ගිය වෙහෙසකර යුද්ධයකට මුහුණදීමට ඈට හැකියාවක් නොතිබිණ. එහෙත් රුසියාව ලවා නැගෙනහිර පෙරමුණක් පවත්වාගෙන යාම උපායමාර්ගික වශයෙන් අතිශය වැදගත් බැවින් කෙසේ හෝ අල්ලගෙන සිටින මෙන් බටහිර ඥාතීහූ සාර්ට බල කලෝය. එහෙත් යුද්ධය වෙනුවෙන් පුරා තුන් වසරක් කෝටි එකහමාරක ශ්‍රම බලකායක් ගොවි බිම් වලින් ඉවත් කිරීම නිසා ආර්ථිකය කඩා වැටුන අතර සෙබළුන් පන්ලක්ෂයක් මිය යාමෙන් පසුව හෝ ලද නිෂ්චිත ජයග්‍රහණයක් දැක්වීමට නොහැකිවීම අරබයා සාර්ට එරෙහිව රට පුරා දැඩි මහජන විරෝධයක් ඇතිවිය. උද්ඝෝෂකයන්ගේ මූලික ඉල්ලීම් වූයේ ඉඩම් බෙදා දීමත් අනර්ථ කාරී යුද්දයෙන් ඉවත් වීමත්ය. මෙම තත්වය තුල 1917 මාර්තු මස දෙවන නිකොලස්ට සිහසුන හැරයාමට සිදුවීමත් එම කලබගෑනිය ඔක්තෝබර් විප්ලවය කරා පෙල ගැසුන අන්දමත් ක්‍රෙම්ලිනය ආණ්ඩුකල අවසන් සාර් ගේ ඉරණමත් ‘පළමු ලෝක යුද්ධය තුන් බිහි වූ රුසියන් විප්ලවය’ යන පෙර ලිපියෙන් විස්තර කෙරේ. ක්‍රෙම්ලිනයේ ශතවර්ෂ තුනක රොමොනොව් වරුන්ගේ පාලනය අවසන් වූ අතර ජනරජයක් බවට පත් රුසියන් අධිරාජ්‍යයේ බලය ජෝර්ජි ල්වොව් කුමාරයාගේ තාවකාලික රජයක් යටතට පැවරින. ඔවුන් නියෝජනය කලේ ප්‍රභූන් හා ඉඩම් හිමියන් ප්‍රමුඛ රාජාණ්ඩු විරෝධී යුදවාදී මධ්‍යස්ථ වාමාංශය වන අතර කම්කරුවන්ගේ හා සෙබළුන් නියෝජනය කලේ එහි සෘජු පාර්ෂ්වකරුවකු නොවූ සෝවියට් සභා නියෝජනය කල යුද විරෝධී බොල්ෂෙවික් පක්ෂය විසිනි. වෙනත් වචන වලින් කිවහොත් රටේ නිළ අධිකාරිය ලිබරල් වාදීන් අත පැවතුන අතර ප්‍රායෝගික බලය බොල්ෂෙවික් වරු සතු විය. මේ වන විට ස්විට්සර්ලන්ර්තයේ සිටි බොල්ෂෙවික් නායක ලෙනින්ට සියරට බලා පැමිණිමට උවමනා වුවද යුද්ධය නිසා ගමනාගමන මාර්ග වැසී තිබිණ. මේ වන විට පෙරමුණු දෙකක සටනකින් හෙම්බත්ව සිටි ජර්මනියේ අරමුණ වූයේ රුසියාවේ යුද විරෝධී බලවේග ශක්තිමත් කරවීම තුලින් ඈ යුද්ධයෙන් ඉවත් කරවීමයි. තම භූමිය හරහා ලෙනින් ඇතුළු පිරිසට සීල් තැබූ දුම්රිය මැදිරියක ගමන් පහසුකම් සැලසීමට ජර්මන් සෙනෙවි මන්ඩලය කටයුතු කලේ එබැවිනි. මෙනයින් බලන කල තාවකාලික පාලනය බිඳ දැමූ ඔක්තෝබර් විප්ලවය ජර්මනියේ එක් වැදගත් උපාය මාර්ගික අවශ්‍යතාවක් බව පෙනේ. මන්ද යත් නොවැම්බරයේ බලයට පත් සෝවියට් රජයේ පළමු කාර්යය වූයේ නැගෙනහිර පෙරමුණ අත්හිටුවීමත්, ජර්මනිය හා සාමය ඇතිකොට ගැනීමත්, ලෙනින්ට ඉමහත් අවමානයක් ගෙන දුන් බ්‍රෙෂ්ට්-ලිව්ස්කි ගිවිසුම හරහා බෝල්ටික් කලාපය, ෆින්ලන්තය හා යුක්‍රේනය ඇතුළුව සාර් වරු විසින් සියවස් ගණනාවක වෑයමෙන් දිනාගත් භූමියෙන් වර්ග සැතපුම් දහතුන් ලක්ෂයක් ඒ වෙනුවෙන් පවරා දීමට බොල්ෂෙවික් වරු එකඟ වීමත් නිසාය. මෙම පියවරට රාජාන්ඩුවාදීන්, ප්‍රභූන් හා ලිබරල් වාදීන් හා මැදහත් වාමංශිකයන් පමණක් නොව ඇතැම් බොල්ෂෙවික් වාදීන්ද දැඩි සේ විරුද්ධ වූ බව සැලකිය යුතුය. ලියොන් ට්‍රොට්ස්කි විදේශ ඇමති පිළිබඳ කොමිසාර් ධුරයෙන් ඉල්ලා අස්වූ අතර සමාජ විප්ලවවාදීන් සෝවියට් සභා වලින් ඉවත් වූහ. විප්ලවයේ ආරක්ෂාව වෙනුවෙන් මෙම භූමිකැප කිරීම සාධාරණ බව ලෙනින්ගේ තර්කය විය. කැඩෙට් වරු පෙන්වා දුන්නේ ඉඩම් හා පාන් වෙනුවෙන් විප්ලවය සඳහා සහභාගීවූ ගොවියන්ගේ හා කම්කරුවන්ගේ පැත්තෙන් බලන කල විප්ලවයක් වෙනුවෙන් රුසියාවේ කෘෂි බිම් වලින් පහෙන් දෙකක් හා කර්මාන්ත ශාලා වලින් තුනෙන් එකක් කැපකිරීමට වඩා සාර්ගේ පාලනය පවත්වාගෙන යාම යහපත් බවයි. වඩාත් විනාශ කාරී වූයේ විප්ලවයට එරෙහිව පැනනැඟුන සිවිල් යුද්ධයයි. සාම ගිවිසුම නිසා උරණ වූ රාජාණ්ඩු වාදීන්, ලිබරල් වාදීන්, අරාජිකවාදීන්, මංකොල්ල කරුවන් යනාදී එකී නොකී සියළු දෙනා සෝවියට් පාලනයට එරෙහිව නැඟි සිටි අතර බොල්ෂෙවිකයන් පන්නා දමා නව පාලනයක් ස්ථාපිත කොට රුසියාව යලි යුද්ධයට ඈඳාගැනීමට මාන බැළූ සෙසු යුරෝපීය ජාතීන්ගේ සහාය ඔවුනට නොඅඩුව ලැබිණ. පීන්ලන්ත බොක්කට හා කොකේසස් කඳුකරය බටහිර මිත්‍ර හමුදා ආක්‍රමණය කලෝය. මෙන්ෂෙවිකයෝ ජෝර්ජියාවේ බලය අල්ලගත් අතර දොන් පෙදෙසේ කොසෑක් වරුද ස්වාදීනත්වය ප්‍රකාශ කලහ. දැවැන්ත රුසියානු අධිරාජ්‍යයෙන් 1918 දී සෝවියට් පාලනය යටතේ ශේෂ වූයේ පැවතියේ මොස්කොව් හා ලෙනින්ග්‍රාඩ් ලෙස යලි නම් කෙරුන ශාන්ත පීටර්ස්බර්ගය ඇතුළු කුඩා බිම් කඩක් පමණි. පාන්, ඉඩම් හා සාමය මාස කිහිපයකට පෙර තමා වටා එක්‍ රොක් වූ ජනයාගෙන් සැලකිය යුතු පිරිසක් බ්‍රෙෂ්ට්-ලිටොව්ස්කි ගිවිසුමේ කොන්දේසි හේතුවෙන් බොල්ෂෙවික් පාලනයට එරෙහිව ප්‍රතිවිප්ලවයට සහාය දක්වන බව ලෙනින් දැනසිටියේය. දේශප්‍රේමය මත පදනම් ව පෝෂණය වූ අධ්‍යාත්මයක් සහිත රුසියානුවන් අපේක්ෂා කලේ ගෞරවාවින්ත සාමයක් මිස භූමිය සතුරාට හැර දැමීම නොවේ. සාමය සඳහා ගණුදෙනු කිරීමේදී භූමි ඈඳාගැනීමක් හෝ හැර දැමීමක් සිදු නොවන බවට ඔක්තෝම්බරයේදී බොල්ෂෙවික් වරු විසින් ඔවුනට ශපථ කොට තිබිණ. සිවිල් යුද්ධය තුල ප්‍රතිවිප්ලවවාදීන් සතු ප්‍රධානතම ශක්තිය වූයේ මිත්‍ර ජාතීන් දුන් සීමාසහිත ආධාර නොව රුසියානු ජාතික අධ්‍යාත්මය තුල මුල් බැසගත් මෙම දේශප්‍රේමයයි. විප්ලවය නිසා රුසියාව නැවතත් මධ්‍යතන යුගය කරා ආපස්සට ගොස් ඇතැයි මැසිවිලි නැගිණ. සාර් වරුන්ගේ මහිමය උළුප්පා දැක්වුන දේශප්‍රේමය වෙනුවට පන්ති සටන ආදේශ කිරීම තුලින් සිවිල් යුද්ධයට දේශපාලන වශයෙන් වෙනස් අර්ථකථනයක් ලබා දීමට ලෙනින් උත්සහ කලේය. ධනේශ්වර ක්‍රමය අර්බුදය කරා ගමන් බව පෙන්වා දුන් ඔහු ඉදිරියේදී ඇතිවන යුරෝපය තුල විප්ලව මාලාවක් තුලින් මහාද්වීපය තුල සාමජවාදය ගොඩනැගීමෙන් අනතුරුව මේ භූමි ගැටළු විසඳි යනු ඇති බවට නැවත නැවතත් සහතික විය. (රුසියාවේ අත්දැකීම් මත කොමියුනිස්ට් විප්ලවය රාජාන්ඩුවාදයට වඩා බිහිසුනු උවදුරක් ලෙස යුරෝපය විසින් මෙ වනවිට සැලකූ බව ජර්මන් විප්ලවයේ හා හන්ගේරියානු විප්ලවයේ ප්‍රථිපලය තුලින් පෙනේ) පැවැත්ම සඳහා අරගලයක යෙදී සිටි සෝවියට් පාලනය මේ අවස්ථාවේ ජාත්‍යන්තර විප්ලවය තම න්‍යාය පත්‍රයේ අංක එකට ගැනීම හාස්‍යජනක ලෙස පෙනුනද, ඒ පිටුපස වූයේ බ්‍රෙෂ්ට්-ලිටොව්ස්කි ගිවිසුමේ අපවාදය පිටු දැකීමේ අවශ්‍යතාවය බව පෙනේ. මේ සම්‍යප්‍රයෝගය බරපතල ලෙස තැකූ ලියොන් ට්‍රොට්ස්කි ප්‍රමුඛ කන්ඩායම එය ප්‍රායෝගිකව අත්හදා බැලීමට තැත් කිරීමෙන් සිදු වූයේ ලිබරල් වාදය හා බොල්ෂෙවික් වාදය අතර දැවැන්ත දෘෂ්ඨිමය පරතරය නිරාවරණය වීම පමණක් නොව යුරෝපය හා සෝවියට් පාලනය රාජ්‍යතාන්ත්‍රික අතින්ද වඩාත් දුරස්ථ වීමයි. රුසියාව ඉතිහාසයේ අසීරුතම අවස්ථාවකට මුහුණ දෙමින් සිටියාය. වරක් යුරෝපයේ රීති නිර්ණය කල ඒ බලසම්පන්න අධිරාජ්‍යය ව්‍යාකූලත්වයෙන් පිරි අරාජිකත්වයකට ඇද වැටී තිබිණ. විප්ලවයක් තුලින් පාන් ඉඩම් හා සාමය දිනා ගැනීමට සිතූ ඈට වඩාත් වේදනාකාරී සිවිල් යුද්ධයකට හා සාගතයකට මුහුණ පෑමට සිදුව තිබිණ. මෙවන් අසීරු තත්වයක් යටතේ ඇරඹුන රුසියාවේ සිවිල් යුද්ධය ජයග්‍රහණය කිරීමට බොල්ෂෙවික් වරු සමත් වූයේ කෙසේද? 1918 මැද භාගය වනවිට සාර් හමුදාවෙන් උරුම වූ පැරණී රයිපල් තොගයක් හා ඉෂෝර්ස්කි-ෆියට් නමති කබල් යුද්ධ මොටෝ රථ දුසිම් කිහිපයක් හැරුන කල ප්‍රමාණවත් නිළ ඇඳුම් හෝ ආහාර පවා එකල බොල්ෂෙවික් වරුන්ට නොතිබූ අතර සයිබීරියාව අත්පත් කොටගත් හිටපු යුද නිළධාරියෙකු වූ අද්මිරාල් කොල්චැක්ගේ සුදු හමුදා විසින් යූරල් ප්‍රදේශයේ සිරභාරයේ පසුවූ සාර් තුමා මුදාගෙන රාජාණ්ඩුව යලි පිහිටුවනු ඇති බවට ආරංචි පැතිරිණ. මේ ඇසූ බොල්ෂෙවික් වරු සාර් පවුල සමූලඝාතනය කලහ. එමඟින් ප්‍රතිවිප්ලව වාදීන්ට සටන පවත්වාගෙන යාමට ඇති වැදගත් හේතුවක් අහෝසි වන බව ලෙනින්ගේ තක්සේරුව විය. ප්‍රතිවිප්ලවයේ පසුබෑමට දෙවැනි හේතුව වූයේ 1918 නොවැම්බරයේදී ජර්මනිය යටත් වීමත් සමඟ යුද්ධය අවසන්වූ බැවින් සෝවියට් ආන්ඩුව පෙරලිම සඳහා තවදුරටත් පරිශ්‍රමයක් දැරීම අනවශ්‍ය බව සිතූ බටහිර මිත්‍ර සන්ධානය ප්‍රතිවිප්ලව වාදීන්ට සැපයූ අධාර සැලකිය යුතු මට්ටමින් කපා හැරීමයි. යුරෝපයේ සාමය ස්ථාපිත වීමත් සමඟ සිවිල් යුද්ධයේ සටන් වැදුන විදේශීය සෙබළුන්ට පෙරලා සිය රටවල් බලා යාමට දැක්වූ ආශාව ස්වභාවිකය. තමාට පසුබැසීමේ කොරිඩ්ඩෝරයක් ලබා ගැනීමට හිලවු වශයෙන් අද්මිරාල් කොල්චැක් බෙල්ෂෙවික්වරුන්ට පාවා දීමට චෙක් ලීජන භටයන් කටයුතු කිරීම මීට හොඳ නිදසුනකි. විප්ලවයට සාපේක්ෂව සිවිල් යුද්ධයෙදී අත්දුටු අඩු ජනතා සහභාගීත්වයත් හේතුවෙන් ඉහත තත්වයන් යටතෙ පවා ප්‍රතිවිප්ලවය ජය ගැනිම බොල්ෂෙවික් වරුනට සිහිනයක් වීමට තවදුරටත් ඉඩ තිබුන බව බැහැර කල නොහැක. නුවූයේ තවත් ප්‍රධාන තුන් වන සාධකයක් විසින් තත්වය සමතුලනය කිරීම නිසාය. ඒ තීරණාත්මක සාධකය නම් මාක්ස්වාදී බොල්ෂෙවික් න්‍යායන් තුල වූ දේශපාලන නොගැලපීම් වසන් කරමින්, පන්ති අරගලය නැමති නොගැලපුන ආදේශකය තුලින් පවා රුසියානුවන්ගේ දේශප්‍රේමි අධ්‍යාත්මය උත්තේජනය කිරීමට සමත්වූ රතු හමුදාවේ නොසැලෙන අධිෂ්ඨානයයි.

Chamara Siriwardene

සෝවියට් සිවිල් යුද්ධය[සංස්කරණය]

අඩ සියවසක් පුරා ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රතිසංස්කරණ පැතූ රුසියානුවන්ගේ දෘෂ්ඨි කෝණයෙන් බලන කල ඔක්තෝබර් විප්ලවය යනු කබලෙන් ලිපට වැටීමකි. සාමකාමී ප්‍රතිසංස්කරණ තුලින් කිරීටය සතු බල තල වලින් කොටසක් ව්‍යවස්ථාදායක සභාවට පැවරීම හා දේශපාලන නිදහස ස්ථාපිත කිරීම යන 1905 ඉල්ලීම් තුලින් පවා ඔවුන් අපේක්ෂා කලේ රුසියානු අධිරාජ්‍යය යුරෝපය තුල වඩාත් ශක්තිමත් තත්වයට කිරීමයි. 1917 පුළුල් යුරෝපීය යුද්ධයක වගකිවයුතු වැඩකොටසක් ඉටු කරමින් සිටි රුසියාවට ඒ මොහොතේ අව්ශ්‍ය වූයේ ප්‍රතිසංස්කරණ මාලාවක් තුලින් අධිරාජ්‍යය දේශපාලන වශයෙන් වඩාත් ස්ථාවර වීම මිස රුසියානුවන් උනුන් කුලක් කාගන්නා ප්‍රචණ්ඩ අභ්‍යන්තර පන්ති සටනක් ඇරඹීම ද නොවේ. බොල්ෂෙවික් වරුන්ගේ චෙකා පොලිසිය (KGB සංවිධානයේ මී මුත්තා) සාර්ගේ වෘත්තියමය ඔක්නාරා පොලිසියට වඩා අතිශය භයානක විය. ප්‍රචණ්ඩ විප්ලවයක් වෙනුවට ලිබරල් ප්‍රතිසංස්කරණ මාලාවක් හරහා ව්‍යවස්ථාපිත රාජාණ්ඩුවක් පිහිටුවී නම්, අනාගත වර්සෙල්ස් ශමථ ගිවිසුමේ ප්‍රධාන කොන්දේසි ක්‍රෙම්ලිනය තුල කෙටුම්පත් කරනු ලැබීමට බොහෝ ඉඩ තිබූ බව බැහැර කල නොහැක. සෝවියට් වරුන්ගේ බලයේ ප්‍රධානතම බල කණු දෙකවූ අඩ සියවසකට පෙර වහල් මෙහෙයෙන් මුදවනු ලැබ සිටි ග්‍රාමීය ගොවීන් හා සාක්ෂරතාවයෙන් තොර නාගරික කම්කරුවන්ට මෙම තත්වය ගැන අවබෝධයක් නොතිබීමේ ප්‍රථිපලය වූයේ පාන් ඉඩම් හා සාමය වෙනුවට රුසියාවට සිවිල් යුද්ධයකට හා සාගතයකට මුහුණ පෑමට සිදුවීමය. එහි වරද පැටවුනේ කුලාක් (Kulak) නමින් හැඳින්වුන සෝවියට් විරෝධී යැයි සැක කෙරුන සුළු ඉඩම් හිමියන්ටය. ඔවුන්ගේ ධාන්‍ය තොග බලාත්කාරයෙන් අත්පත් කොටගෙන බෙදා දීමට බොල්ෂෙවික් වරු කටයුතු කිරීම නිසා දෙපාර්ශ්වය අතර ‘පන්ති සටන්’ ඇති විය. මෙම තත්වය ශ්‍රේෂ්ඨ සෝවිය ගත්කරු මිහයිල් ෂෝලොහොව් ගේ ‘පෙරලූ නැවුම් පස’ යන කෘතියේ මැනෙවින් විස්තර කොට තිබේ. කෙසේ වුවද වඩාත් සුවිශේෂී වන්නේ නව සෝවියට් පාලනයද තම බලකේන්ද්‍රය නිවහන ලෙස පන්ති සටනේ කෙලිබිම වූ ශාන්ත පීටර්ස්බර්ගය වෙනුවට රුසියානු දේශප්‍රේමයේ මුදුන් මල්කඩ වූ ක්‍රෙම්ලිනය තෝරා ගැනීමයි. පන්ති සටන ගැන දේශනා කල ලෙනින් තම බිරිඳ හා සොයුරිය සාර් වරුන්ගේ නිවහනේ පළමු මහලේ පදිංචි වීම බටහිර ගත්කරු ජෝර්ජ් ඕවෙල් විසින් තම ‘ගොවිපලේ පෙරලිය’ (Animal Farm) කෘතිය තුලින් දැඩි සමච්චලයට ලක් කලද, අපක්ෂපාතී පාඨකයාට එමඟින් හැඟී යන්නේ දේශපාලනයේදී කුමන න්‍යායන් දෙසා බෑවද, ජාතික අධ්‍යාත්මයේ හද ගැස්ම ගැන ලෙනින් හොඳ අවබෝධයකින් පසුවූ බවය. ක්‍රෙම්ලිනය යනු පාලකයාගේ නිවහන නොව රුසියාවේ නිවහන බව ඇලෙක්සැඩර් පුෂ්කින් පවසා ඇත. 1918 අගෝස්තුවේදී මොස්කොව් හි කම්හලක කම්කරුවන් අමතා සිය මොටෝ රථයට ඇවිද ගිය ලෙනින්ට ෆැනී කැප්ලන් නැමති මෑතකදී බොල්ෂෙවික් පක්ෂයෙන් වෙන්වී ගිය සමාජ විප්ලවවාදී ක්‍රියාකාරිනියක විසින් වෙඩි තබන ලදි. උන්ඩ දෙකක් වැදීමෙන් බරපතල තුවාල ලැබූ මුත්දිවි ගලා ගැනීමෙහිලා හේ සමත් විය. දහසය වියේ පටන් විප්ලවීය දේශපාලනයේ යෙදී සිරබත් කෑ ෆැනී වාමාංශික දේශප්‍රේමියෙකි. ලෙනින් රුසියාවට ද්‍රෝහී වූ නිසා ඔහුට වැඩි තැබූ බව ප්‍රශ්න කිරීම් වලදී ඈ සෘජුවම කියා සිටියාය. ඈට මරණ දඬුවම හිමි වූ අතර එය රුසියාව පුරා ඉදිරි දශක කිහිපය තුල අරක් ගත් ‘රතු භීෂණයේ’ ඇරඹුම විය. විප්ලව විරෝධීන් අත්ඩංගුවට ගැනීමේ, රදවා ගැනීමේ, හා දඬුවම් පැමිණවීමේ පුළුල් බලතල පවරන ලද චෙකා පොලිසිය දිවා රෑ විරුද්ධවාදීන් හඹා යන්නට විය. සියළු සතුරන් අනුකම්පා විරහිතව මැඩලීමට බොල්ෂෙවික් වරු අදිටන් කොට ගත්හ. ලෙනින් ස්වය ලබන විට විරුද්ධ මතධාරීන් සෝවියට් පාලන කලාපය තුල නුවූ තරම්ය. දේශපාලන නිදහස අතින් ගත් කල තත්වය රාජාණ්ඩු පාලනය බොහෝ අයහපත් බව පෙනුනද ගැටළුව වූයේ ඒ බව යන්තමින් හෝ ප්‍රකාශ කිරීමට තරම් හෝ තත්වයක් දැන් රට තුල නොතිබීමය. චෙකා පොලිසිය පවත්වාගෙන ගිය එලිමහන් කඳවුරු අසූ හතරක් තුල සිරකරුවෝ පණස් දහසක් රඳවනු ලැබ සිටියහ. අඩු අධ්‍යාපනය ලත් කම්කරුවන් බහුතරකින් සැදුම් ලත් රතු හමුදාවට වෘත්තියමය නායකත්වකින් තොරව සිවිල් යුද්ධය ජයගත නොහෙන බවද ලෙනින් මෙ වනවිට අවබෝධ කොටගෙන සිටියේය. ඉමහත් කැපවීමෙන් යුතුව සටන්කලද රතු හමුදා සෙබළු විනය හා ශාස්ත්‍රීය අවබොධය අතින් දුර්වල වූහ. නැවතත් සිය න්‍යායන්ට පුටුපාමින් සාර් හමුදාවේ හිටපු නිලධාරීන්ගේ සේවය ලබා ගැනීමට ඔහු තීරණය කලේ මෙම තත්වය යටතේය. මෙමඟින් සිදුවුන පූර්ණ ප්‍රතිසංවිධානයත්, යුද්ධ දුම්රියක නැඟුන ලියොන් ට්‍රොට්ස්කි ජංගමශීලී රෙජිමේන්තුවක් සමඟ තැනින් තැනට ගමන් කරමින් සතුරාට විස්මිත ප්‍රහාර එල්ල කිරීමත්, ජර්මනිය යටත්වීමත් සමඟ මිත්‍ර ජාතින් ප්‍රතිවිප්ලව වාදීන්ට දුන් සහාය අත්හිටුවීමත් නිසා 1919 වන විට නැගෙනහිර, දකුණු හා බෝල්ටික් පෙරමුණු වල තීරණාත්මක ජයග්‍රහණ අත්පත් කොටගනිමින් සෝවියට් බලය ස්ථාවර කිරීමට රතු හමුදාව සමත් විය. එහෙත් මේ වන විට තවත් බලගතු අභියෝගයක් සෝවියට් රාජ්‍යයට එල්ල වෙමින් තිබිණ. ඒ යුද්ධාවසානයත් සමඟ නැවත උපන් පෝලන්තයයි. රුසියානු අධිරාජ්‍යයට තරමටම සෝවියට් පාලනයටද වෛර කල ඔවුන් උත්සහ දැරුවේ නැගෙනහිර දෙසට සිය දේශසීමා ව්‍යාප්ත් කිරීමටයි. 1920 දී පෝලන්ත හමුදා යුක්‍රේනය ආක්‍රමණය කලේ මහා අටමාන් සීමොන් පෙත්ල්යූරාගේ සෝවියට් විරොධී කොසෑක් බල ඇණි වල පුර්ණ සහාය මතය. බටහිර යුක්‍රේනයේ හා දොන් පෙදෙසේ සිදුවූ සටන් වලදී සෝවියට් සිවිල් යුද වීරයා වූ සෙම්යොන් බුඩිඔනි ගේ අසරු හමුදා විසින් ඔවුන් පරාජය කල අන්දම නිකොලායි ඔස්ට්‍රොව්ස්කිගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ පොතේ අපූරුවට පිළිබිඹු කොට ඇත. මෙහිදී තම ජාත්‍යන්තර විප්ලව සිහිනයේ නැවත එල්බගත් ලෙනින් පෝලන්තය ආක්‍රමණය කරන ලෙස රතු හමුදාවට නියම කලේ, පෝලන්ත නිර්ධන පන්තිය ඒ හා සමගාමීව විප්ලවයක් දියත් කරනු ඇතැයි යන පදනම් විරහිත උපකල්පනය තුලිනි. ජර්මන් බැවේරියාවේ හා හංගේරියාවේ අත්දැකීම් වලින් පාඩම් උගෙන සිටි ට්‍රොට්ස්කි පවා ලෙනින්ගේ විනිශ්චය කෙරෙහි සැක ඇති කොටගත්තේය. ඔහුගේ සැකය නිවැරදි බව පෙනීගියේ විස්ටුලා ඉවුරු මතදී රතු හමුදාවේ සිඳී යාමත්, කැරලි ගසනු වෙනුවට පෝල්වරු වොර්සෝව වෙනුවෙන් සටන් වැදිමට ඉදිරිපත් වීමත් නිසාය. වෝර්සෝවේ ගේට්ටු දකිමින් පසුබැසීමට රතු හමුදාවට සිදු වූ අතර රීගා හි ඇති කොටගත් සාමගිවිසුමට අනුව දේශසීමා නගර කිහිපයක් පෝල්වරුනට භාර දීමට සෝවියට් රජයට සිදුවිය. එදා යුද්ධයකට මුහුණදී සිටි රුසියන් අධිරාජ්‍යය අභ්‍යන්තර වශයෙන් අස්ථාවර කිරීම සදාචාරාත්මක වශයෙන් මතභේදාත්මක ක්‍රියාවක් වුවද, දේශපාලන අර්ථයකින් ගත් කල ඔක්තෝබර් විප්ලවය විශිෂ්ඨ ව්‍යාපෘතියකි. එය එසේ මෙසේ පුද්ගලයෙකුට කල හැකි කාර්යයක් නොවේ. එහෙත් පෝලන්ත ආක්‍රමනය විසින් පෙන්නුම් කලෙ ඒ විචක්ෂණ භාවය ලෙනින් තුලින් කෙමෙන් වියැකෙමින් පවතින වගයි. ලෙනින් මේ වනවිට බොල්ෂෙවික් පක්ෂය තුල දේවත්වයට ආසන්න තත්වයෙහි ලා සලකනු ලැබිණ. අදෙවවාදී නව දහමක් වැලඳගැනීමෙන් භක්තිමත් රුසියානු හදවත් තුල ඇතිවූ අධ්‍යාත්මික රික්තය පිරවීමෙහිලා අර්ථයෙන් ගත් කල මෙහි ඒ හැටි අරුමයක් නැත. සන්සන්දනාත්මක ගත් කල ක්‍රෙම්ලිනයේ නව පාලකයා අඩු භූමි ප්‍රදේශයක් පාලනය කලද, තම පූර්ව ගාමියා වූ සාර්ට වඩා බොහෝ ආඥාදායක බලතල භුක්ති වින්දේය. සාර්ට වඩා දරුනු ලෙස එ බලතල ක්‍රියාවෙහි යෙදවීය. එහෙත් පෞද්ගලිකව ලෙනින් ඉතා කාරුණික පුද්ගලයකු බව ප්‍රකටය. ඔහු නිතර අන් අය ගැන සොයා බැලූ අතර ඉතා වැදගත් සාකච්ඡාවන් අතර පවා සිය බළලා සුරතල් කලේය. එහෙත් ලෙනින්ගේ පසුකාලීන විනිශ්චයන් පමණක් නොව ඇතැම් මූලධර්ම ගැනද සැක පහල කල එක් සගයෙක්ද විය. ජෝර්ජියානු ජාතික මැරවරයෙකු වූ හේ අවශ්‍ය අවස්ථාවන්හිදී අතිශය තීරණාත්මක ලෙස කටයුතු කිරීමෙන් ලෙනින්ගේ සිත් දිනාගත් අයෙකි. 1906 දී බොල්ෂෙවික් පක්ෂයට අරමුදල් රැස්කිරීම සඳහා ටිබ්ලිස් නුවර බැංකුවක් කොල්ල කෑමෙන් ඉමහත් ප්‍රසිද්ධියක් ලද ඔහු විශ්වාස කලේ ජාත්‍යන්තර විප්ලවය මත ලංසු තැබීම පමණක් නොව පන්ති සටන යන තේමාව තුලින් බොල්ෂෙවික් පක්ෂයේ හා විශේෂයෙන්ම රතුහමුදාවේ දෘෂ්ඨිය මෙහෙයවනු ලැබීමද විශාල වරදක් බවයි. එය දේශප්‍රේමය ලෙස නිවැරදි යුතු බව මේ දරදඬු ජෝර්ජියානුවා විශ්වාස කලේය. අයිසොෆ් බෙසැරියෝනිස් දුගෂ්විල්ලි ඒ ජෝර්ජියානුවාගේ නමයි. ඔහු ඉතිහාසය තුල ප්‍රකට වූයේ ජෝසොෆ් ස්ටැලින් නමිනි.

Chamara Siriwardene

පළමු ලෝක යුද්ධයෙන් උපන් රුසියන් විප්ලවය[සංස්කරණය]

පළමු ලෝක යුද්ධය සියවස් ගණනාවක් පුරා යුරෝපය හෙල්ලූ බලගතු රජ පෙළපත් ගනනාවක ඇද වැටීම සනිටුහන් කලේය. පරාජිත ජර්මනියේ හෝහෙන්සෝර්ලන් වරු හා ඔස්ට්රියාවේ හැප්ස්බර්ග් වරුන්ටත් කලින් මේ ඉරණමට මුහුන පෑවේ යුද්ධය නිසා ආර්ථික හා දේශපාලන වශයෙන් බුන්වත් බවට පත් රුසියාවේ සාර් වරුය. 1914 සර්බියාවේ ගෞරවය වෙනුවෙන් ඔස්ට්‍රියාවට එරෙහිව හමුදා කැඳවූ රුසියාව සැබවින්ම ඒ යුද්ධයට මුහුන දීම සඳහා සූදානමකින් නොසිටියාය. ඒ වන විටත් ඇරඹී තිබුන රුසියානු හමුදාවේ සන්නද්ධ කරණ වැඩපිළිවෙල සම්පූර්ණ වීමට නියමිතව තිබුනේ 1917 වසරේදීය. එසේ වුවද සර්ව-ස්ලාව් බල කාමයත්, ගෝත්රයේ ‘වැඩිමහල් සහෝදරයා’ ලෙස සුළු ජාතීන්ගේ විශ්වාසය රැකගැනීමේ අභිලාෂයත් විසින් යුද වදින ලෙස ඔවුනට බලකොට තිබිණ. යුද්ධයට අවතීර්න වීමේදී ඈ සතුවූ තීරණාත්මක වාසිය නම් හැප්ස්බර්ග් වරු යටතේ සේවය කල ස්ලාව් ඔත්තු කරුවන්ගෙන් සතුරාගේ සැලසුම් ගැන කලින් අසා දැන ගැනීමට සාර්තුමා ගේ අණදෙන නිළධාරියා වූ නිකොලස් නිකොලායෙවිච් අග්රාදිපාද තුමාට හැකි වීමයි. මේ හේතුවෙන් 1914 ජුලි මාසයේ පෝලන්ත ගැලීෂියාව ආක්රමණය කල කොසෑක් හමුදා නැගෙනහිර ප්රසියාව දෙසට ගමන් කලහ. මහත් කලබලයට පත් ජර්මන් සෙනෙවි මණ්ඩල ප්රධානී හෙල්මුත් වොන් මෝල්ට්කේ (කණිෂ්ඨ) විසින් පැරිසිය අත්පත් කොට ගැනීමට ඉතා ආසන්නව සිටි ජර්මන් බටහිර පෙරමුණෙන් අසරු ඩිවිෂණයක් හා කෝර්ප්ස් බල ඇණි දෙකක් නැගෙනහිර පෙරමුනට යැවීමට ගත් තීරණයේ විපාකය වූයේ දීර්ඝ හා වෙහෙසකර යුද්ධයකි. එහෙත් මුලින්ම හති වැටුනේ රුසියාවයි. 1916 අවසානයේ කොකේසස් කඳුකරයේදී ඔටෝමන් තුර්කිවරු පරාජය කිරීමෙන් අනතුරුව ඈ සතු අවසන් ශක්තිය ද සිඳීණ. ගොවි බිම්වලින් කෝටි එකහමාරක ශ්‍රම බලකායක් යුද පෙරමුණට යැවීම හේතුකොට ගෙන බිත්තරයක මිල හතර ගුණයකින්ද, බටර් රාත්තලක් පස් ගුණයකින්ද ඉහල යද්දී ශාන්ත පීටර්ස්බර්ග් නුවර වෙළඳ සැල් වල පිටි හෝ ඉන්ධන නොවීය. ආහාර ඇඳුම් හා උණ්ඩ හිඟ වූ පෙරමුණේ සෙබළු තව දුරටත් නිළධාරීන්ගේ අණ පිළිපැදීම ප්රතික්ෂේප කලෝය. දෑවුරුද්දක් යුද වැදී සෙබළුන් පනස් ලක්ෂයක් අහිමි වීමෙන් අනතුරුවද ලද නිශ්චිත ලාභයක් දැක්වීමෙහිලා අපොහොසත්වූ නිකොලස් සාර් තුමාට එරෙහිව රටතුල දැඩි අමනාපයක් ලියලා යද්දී දැවැන්ත මහජන නැගිටීමක අවදානම හමුවේ හමුදාවේ පක්ෂපාතීත්වය පිළිබඳ අධිරාජයාගේ 'ඔක්නාරා' රහස් පොළිසිය පවා අනතුරු අගවා තිබිණ . ඉක්මන් දේශපාලන ප්රතිසංස්කරණයක වැදගත් කම රාජකීය ඩූමාව හෙවත් ඉහල මන්ත්රී් මණ්ඩලය පවා ඉතා ගරුසරු ඇතිව නිර්දේශ කලද සාර්තුමා නොවේ ඒ කිසිවක් තැකුවේ. රජයට හා නිළධාරීන්ට බලතල පැවරීමට හේ අකැමති විය. “එයාල අද පත් වෙලා හෙට අස් වෙලා යාවි. වෙන හැමදෙයක්ම ගැන ගැන මම වග රුසියාවට හා දෙවියන්ට කියන්න ඕන,” සාර්තැන කීවේලු. හයිමොෆීලියාවෙන් පෙළුන සාර්තුමාගේ පුතනුවන්ට ප්රතිකාර කිරීමෙන් රටේ අතිශය බලවත් වූ ග්රිිගෝරි රස්පුටින් නැමති නූගත් සයිබීරියානු පූජකයාගේ අවකල් ක්රියා නිසා වැසියෝ වඩාත් සාර් පාලනය කෙරේ කලකිරුනාහ. වංශවතුන් පිරිසක් විසින් උපායෙන් කැඳවාගෙන ගොස් වස දැමූ වයින් පානය කිරීමට දී මෙම උමතු පාදිලියා වෙඩි තබා මරා දැමූ විට පවා සාර්තුමා තත්වයේ බැරෑරුම් කම අවබෝධ කොටගත් බවක් නොපෙනේ. යුද්ධාරම්භයේ රුසියාව සතු වූ දුම්රිය එන්ජින් විසි දහසකින් 1917 වන විට ඉතිරිව තිබුනේ නව දහසකි. දුම්රිය මැදිරි හැට දහසක් සේවයේ යෙදවිය නොහැකි විය. ප්‍රවාහනය අඩාල වීමේ ප්රතිපලය වූයේ මාර්තු මස වන විට රට තුල ආහාර හිඟය වඩාත් දැඩි විමයි. කුසගින්න දැරිය නොහැකිව වීථි බට ශාන්ත පීටර්ස්බර්ග් නුවර කම්කරුවෝ පාන් සොයමින් කඩ සාප්පු කඩා බිඳ දමන්නට වූහ. එහෙත් පොලිසිය ඔවුනට අමානුෂික ලෙස පහර නොදෙන්නට එය දැවැන්ත විරෝධතාවක් බවට පත් නොවීමට තවදුරත් ඉඩ තිබිණ. නගරයේ කම්කරුවෝ වැඩ වැරූ අතර වීථි බැස පොලිසිය හා ගැටුන දස දහස් ගණන් ජනයා රාජකීය පාලනයට එරෙහිව උද්ඝෝෂනය කලෝය. උපරිම බලය යොදා කැරළිකරුවන් මැඩපවත්වන ලෙස කෝපවූ සාර්තුමා හමුදාවට නියම කලද, කාන්තාවන් පෙරමුණ ගත් පෙලපාලි වලට වෙඩි තැබීමට නගරාරක්ෂක බල ඇණිය මැලි විය. නගරය සන්සුන් කරනු වෙනුවට සෙබළුන්ද විරෝධතා කරුවන් කරුවන් හා එක්ව ඇති වග ඇසූ අධිරාජයා රාජකීය දුම්රියේ නැඟී එකෙනෙහිම පීටර්ස්බර්ගය කරා සැපත් වූයේ පෞද්ගලිකව මැදිහත්වී තත්වය පාලනය කිරීමේ අටියෙනි. අවසන් මොහොත දක්වා බලයේ රැදී සිටීමට හේ තැත් කලේය. කෙසේවුවද නගරයේ හමුදා ප්රධානී නිකොලායි රුස්කි ජනරාල් තැන අධිරාජයාට බලකොට කියා සිටියේ මහජනයා මෙන්ම සෙබළුන්ද නොසෑහෙන සේ කුපිතව සිටි බැවින් සිහසුන හැර යාම වඩාත් සුදුසු බවයි. “නැත්නම් ඔබ වහන්සෙගෙ ආරක්ෂාව ගැන වග කියන්න මට බැහැ ඔන්න.” පාලන බලය තාවකාලික කමිටුවකට පැවරූ රාජකීය ඩූමා සභා තෝමෝද විසිර ගියාය. මාර්තු 02 දා සාර්තුමා ඉතා අකමැත්තෙන් සිහසුන හැර යාමේ සන්නසට අත්සන් කලේ අන් කල හැකි දෙයක් නුවූ තැනය. ජෝර්ජි ල්වොව් කුමාරයාගේ මූලිකත්වයෙන් ලිබරල් මතධාරීන් විසින් පිහිටවූ රුසියාවේ තාවකාලික රජය විප්ලවයේ ගාමක බලය වූ වැඩකරන ජනයාගේ නියෝජනයෙන් තොරවීම බොහෝ ගැටළු වලට මුල් වූ බව පෙනේ. සෝවියට් ගත් කතු නිකොලායි ඔස්ට්රොවව්ස්කි සඳහන් කලේ දුර බැහැර පෙදෙස් වල ජනයා මෙම දේශපාලන පෙරැලිය හෝ එහි අර්ථය අත් දුටුවේ වඩාත් අඩුවෙන් බවය. “දිනක් නගරයට යුද්ධ දුම්රිය පැමිණියේය. අත්පටි බැඳගත් විදුහල් සිසුන් දෙදෙනෙකු සමඟ ඉන් බට සෙබළු පිරිසක් දුම්රිය පොල ඉදිරිපිට බාධක අටවා නගරය භාර මහළු කල්නල් තැන සිරභාරයට ගත්හ. රුසියාවේ විප්ලවයක් සිදුවී ඇති බව නගර වැසියන් දැන ගත්තේ එවිටය. අනතුරුව සියල්ල පෙර පරිදිම සිදුවිය…” බටහිරට හිතවත් ල්වොව් කුමාරයාගේ අදහස වූයේ ධනේෂ්වර ආර්ථික පිළිවෙතක් තුල යුද්ධය තවදුරටත් දිගටම පවත්වාගෙන යාමයි. මේ හේතුව නිසාම සෙබළුන් හා නාවුකයන් තාවකාලික රජයට වෛර කල අතර ගොවියන් හා කම්කරුවන් පසුවූයේ පෙබරවාරි විප්ලවයෙන් තමාට අත්වූ සුගතියක් නැතයි යන හැඟීමෙනි. ඔවුන් නියෝජනය කල බොල්ෂෙවික් පිළේ නායකයා වූයේ සාර් පාලන විසින් රාජද්රෝයහී චෝදනා මත පිටුවහල් කරනු ලැබ ස්විට්සර්ලන්තයේ සිට තම අනුගාමිකයන් මෙහෙයවූ ව්ලැදිමීර් ඉල්යීච් ලෙනින්ය. බොහෝ උපාය දත් පුළුල් නළලක් සහිත ලෙනින් ද බුද්ධිමතෙක් මෙන්ම උපන්ගෙයි කෛරාටිකයෙකි. සියරට බලා යාමට ඔහු උත්සුක වුවද ඊට හරහට හිටියේ යුද්ධය හේතුවෙන් සිවිල් ගමනා ගමන මාර්ග සියල්ල වැසී තිබීමය. බොල්ෂෙවික් පාලනයක් යටතේ රුසියාව යුද්ධයෙන් ඉවත් වනු ඇතැයි කල්පනා කල ජර්මන් වරු මුද්රාා තැබූ විශේෂ දුම්රිය මැදිරියක් තුල ලෙනින් හා ඔහුගේ බිරිය ඇතුළු තිස් දෙදෙනෙකුට සුරිච් නුවර සිට ජර්මනිය හරහා ස්වීඩ්නය දක්වා ගමන් පහසුකම් සැලසූහ . බොල්ෂෙවික් නායකයා යලිත් සියරට බලා පැමිණිම ඇවිලෙන ගින්නට ඉන්ධන හැලීමක් හා සමාන විය. ශාන්ත පීටර්ස්බර්ග්හිදී දුම්රියෙන් බට ලෙනින් මුලින්ම කලේ තාවකාලික රජය දැඩි ලෙස විවේචනය කරමින් පංති පදනම මත එක්සත් වන ලෙස ගොවීන් කම්කරුවන් සෙබළුන් හා නාවුකයන්ගෙන් අයැද සිටීමයි. ඔවුහු ඔහුට සවන් දුන්හ. ධනපතීන්ගේ දේපොල ජනසතු කරන මෙන් ඉල්ලමින් හා සියලු බලය ‘සෝවියට්’ නමින් හැඳින් වූ ජනතා කවුන්සිල් සභා වෙත පවරන මෙන් බල කරමින් ඉදිරි දින තුල ඔහු දියත් කල මහා උද්ඝෝෂණ ව්යායපාරය හමුවේ ලිබරල් වාදී තාවකාලික රජය දෙදරා ගියේය. අන්ත වාමාංශය මැඩලීමෙහිලා ලිබරල් වාදීන් තුල වූ සූදානමට වූ බාධාව වූයේ සාර් හමුදාවේ නිළධාරීන් විසින් බලය අත්පත් කොට ගැනීමට තැත් කරණු ඇති බවට තාවකාලික රජයේ නායකයන්ට තොරතුරු ලැබී තිබීමය. බොල්ෂෙවික් වරුන්ගේ සහායෙන් තොරව එවන් තත්වයකට මුහුණ දීමට බියවූ වූ ලිබරල් වරු ලෙනින්ගේ සහාය පැතූහ. ලෙනින්ද ඊට කැමති විය. උද්ගතවූ කදිම වාතාවරණය තුල සන්නද්ධ නැගිටීමක් සඳහා නිසි කල් එලැඹ ඇතැයි තාවකාලික රජයේ ‘කපටි ආරක්ෂකයා’ වූ ලෙනින්ගේ විශ්වාසය විය . ඔක්තෝබර් මාසය වන සිට ඔහු විසින් අණදුන් ‘විප්ලවීය යුද කවුන්සිලය’ බලය පැහැර ගැනීමට ගැනීමට සැලසුම් කරමින් සිටි බව වන විට රහසක් විය හැකි වූයේ අන්ධයකුට හො බිහිරෙකුට පමණි. (මෙය 1989 ජුනි මස ලංකාවේ තත්වයට සම කොට හැකි විය) කෙසේවුවද පිපිරීමට මුල් වූයේ 1917 නොවැම්බර් 6 දා උදෑසන තාවකාලික රජයට පක්ෂපාතී මිලිෂියා කණ්ඩායමක් වූ ‘කැඩෙට්’ වරු විසින් පීටර්ස්බර්ග් නුවර බොල්ෂෙවික් මුද්රණාලයට කඩා වැදී එහි වූ යන්ත්ර සූත්රා හා ආම්පන්න පොඩි පට්ටම් කොට පුවත්පත් තොගයට ගිණි තැබීමයි. දහවල එය ආපසු අත්පත් කොටගත් බොල්ෂෙවික් පක්ෂයේ ‘රතු ආරක්ෂකයෝ’ රජයේ ආයතන වලට පහර දී මධ්යමම ටෙලිග්රාලප් කාර්යාලය සිය අණසකට ගත්හ . නොවැම්බර් 7 දා උදෑසන බොල්ෂෙවික් හිතවාදී නැවියන් පටවාගෙන පීරට්ස්බර්ග් වරායට යාත්රා කල යුද නැව් පහකි. මේ ඇසූ තාවකාලික රජයේ අගමැති අලැක්සැන්ඩර් කෙරෙන්ස්කි ආධාර පිණිස අතිරේක බල ඇණි සොයා ඇමෙරිකානු තානාපති කාර්යාලයෙන් ඉල්ලා ගත් මෝටර් රථයකින් එදා උදෙන්ම නගරයෙන් පිට විය. එය ඔහුගේ වාසනාවකි. රතු ආරක්ෂකයන් ඔහුගේ මූලස්ථානය වූ ‘ශීත මන්දිරය’ වැටලූ කල එය රැකවල් කල කැඩෙට් වරු පලා ගියහ. කාන්තා බැටෑලියනයේ සාමාජිකාවෝ අවි බිම තබා යටත් වූවෝය. රෑ 9.45 ට ‘අවුරෝරා’ නැමති යුද නැවේ සිට පුස් වෙඩිල්ලක් තබන ලදී . තෙපැයකින් ගොඩනැගිල්ලට ඇතුළු වූ සන්නද්ධ බොල්ෂෙවික් වරු කල යුත්තේ කුමක් දැයි නොදැන තවමත් වාද විවාද වෙමින් සිටි තාවකාලික රජයේ කැබිනෙට් සාමාජික පිරිස සිරභාරයට ගත්හ. රටේ පාලනය ගොවීන් කම්කරුවන් හා සොල්දාදුවන්ගෙන් සෑදුන ‘විප්ලවීය යුද කවුන්සිලය’ විසින් පවරා ගත් බවත් රුසියාවේ නිර්ධන පංතියේ ආඥාදායකත්වයක් පිහිටුවන ලද බවත් පුළුල් නලලක් හා ගිරා හොටක් බඳු නාසයක් සහිත ලෙනින් කියා සිටියේය. රුසියාවේ සාර් පාලනය ඇදවැටීම හා ඔක්තෝබර් විප්ලවය පළමු ලෝක යුද්ධයේ පළමු තීරණාත්මක අතුරු ඵලයයි. කෙසේ වුවද වැඩ කරන ජනයාගේ සතුටට හේතුවූ දේපොල සාමුහිකකරණය කිරීමේ හා ප්රාග්ධනය වෙනුවට ශ්රමය මත නිෂ්පාදනයේ ප්රතිලාභ බෙදා හැරීමේ බොල්ෂෙවික් පිළිවෙත මහා ධනවතුන්ට හා ඉහල මධ්යම පාංතිකයන්ගේ කෝපයට හේතු වූ බව නොකිවමනාය. තාන්න මාන්න හා වරප්රසාද අහිමි කොට නින්දා කරනු ලැබූ ප්‍රභූන් හා හිටපු යුද නිළධාරීන් හමුවේ වූ විකල්පය නම් දිවි නොතකා සෝවියට් රජයට එරෙහිව නැඟී සිටීමයි. එය පැවැත්ම වෙනුවෙන් පංති දෙකක් අතර කෙරුන ලේ වැකුන සිවිල් අරගලයකි. ළදරු 'රතු හමුදාවට ' ප්රරතිවිප්ලවයකට මුහුණ දෙමින් සිටින අතරතුර තවදුරටත් යුද්ධයක් පවත්වාගෙන යාමේ අර්ථයක් හෝ හැකියාවක් නුදුටු ලෙනින් ජර්මන් ආණ්ඩුවෙන් සාමය ඉල්ලා සිටියේය. නැගෙනහිර පෙරමුණේ සටන් නැවැත්වීමේ ගිවිසුම අත්සන් තබන ලද්දේ 1918 මාර්තු 03 දා බ්රෙෂ්ට්-ලිටොව්ස්ක් හිදීය. රුසියාව තුල වූ පශ්චාත්-විප්ලව අභ්යන්තර වියවුලේ උපරිම වාසිය භුක්ති විදීමට ඉටාගත් ජර්මනියට බෝල්ටික් කලාපයෙන්, දොන් නිම්නයෙන්, පෝලන්තයෙන්, හා කොකේසස් කඳු වැටියෙන් සැලකිය යුතු කොටසක් ඇතුලත් වන පරිදි වර්ග සැතපුම් 13 ලක්ෂක් විශාල භූමි භාගයක සියළු හිමිකම් පවරා දීමට අසරණව සිටි සෝවියට් රජයට සිදුවිය. "කරන්න දෙයක් නැහැ. තමුසෙගෙ ලෝක විප්ලවය වෙනුවෙන් අපිට මේ විලි ලැජ්ජ නැති පියවර ගන්නම වෙනවා," මධ්යිම කමිටු රැස්වීම අතරතුර තව දුරටත් එකල මෙකල වෙමින් සිටි ලියොන් ට්‍රොට්ට්ස්කි ඇතුළු දැඩි මතධාරීන් අමතා ලෙනින් කීය . බොල්ෂෙවික් නායකයා මෙම භූමි හානිය දුටුවේ සාමය උදා කරගැනීමේ වන්දියක් ලෙස නොව ප්රසතිවිප්ලවය මැඩ පැවැත්වීමේ අනිවාර්ය පිරිවැයක් ලෙසටය. රුසියන් විප්ලවයේ හද සසල කල ඛේදවාචකය වූයේ රොමොනොව් රජ පවුලේ ඉරණමයි. විදෙස් රටක රැකවරණ සූදානම් කෙරෙන තුරු තාවකාලික රජය විසින් යූරල් කඳුකරයේ මන්දිරයක සුව පහසු ලෙස ජීවත් වූ ඔවුන් භාර ගැනීමට බ්‍රිතාන්‍යය හෝ ප්‍රංශය කැමැති නුවූයේ එය සිය රටවල් තුල නොසන්සුන්තාවයට හේතුවනු ඇතැයි බියෙනි. කෙසේ වුවද ඔක්තෝම්බරයේ හටගත් දෙවන විප්ලවයක් මඟින් නිර්ධන පන්තිය රුසියාවේ බලය අත්පත් කොටගැනීමේ පුවත සාර්තුමා උපහාසයෙන් යුතුව රසවිඳි බව පෙනේ. ‘රස්තියාදුවෙකු’ ලෙස තමා දුටු ලෙනින්ගේ බලය අවතක්සේරු කල හිටපු අධිරාජයා සුදු හමුදා විසින් ඔවුන් නොපමාව විනාශ කොට දමනු ඇතැයි සිතුවා විය යුතුය. එහෙත් ඔහු සිතු පරිදි කරුණූ සිදු නොවීය. රතු ආරක්ෂකයන් ගේ අඩස්සියට පත් ඔහු කෙරේ පැනවෙන සීමාවන් කෙමෙන් වැඩි විය. 1918 මාර්තු මස සිට මාලිගයේ සිටි සේවකයන් දස දෙනෙකු ඉවත් කෙරුන අතර රතු හමුදා සොල්දාදුවන්ට දෙන සාමාන්ය ආහාර සලාකය මත යැපීමට රජ පවුලට සිදුවිය. බ්රෙෂ්ට්-ලිටොව්ස්කි ගිවිසුම ගැන සාර්තුමා දැන ගත්තේ සුඛෝපභෝගී ආහාර ලෙස වර්ග කෙරුන කෝපි හා බටර් රහිතව තම උදෑසන හීල ගනිමින් සිටියදී කියැවූ පත්තරයකිනි. තමා මුදා ගැනීමටද, යලි බලයේ පිහිටුවීමටද අදිසි කුමන්ත්රණ රැසක් දියත් වෙන බව හිටපු අධිරාජයාගේ එකායන විශ්වාසය විය. අනතුරුව දෙමහල් නිවසක රඳවනු ලැබූ රජ පවුල ජුලි මාසයේ 18 දා අළුයම දෙකට නැඟිටුවූ රතු ආරක්ෂකයෝ බිම්මහලට පැමිණෙන ලෙස ඔවුනට නියම කලෝය. රජ පවුල අවනත විය. සිරකරුවන්ට මරණ දඬුවම ලබා දීමට සෝවියට් අධිකාරිය තීරණය කොට ඇති බව ඔවුනට දැනුම් දෙන ලද්දේ අනතුරුව එහි පැමිණි ‘චෙකා’ හෙවත් සමස්ත-රුසියන් අති විශේෂ කොමිසමේ සාමාජික පිරිසක් විසිනි. විමතියට පත් නිකොලාස් සාර් කෑ ගෑවේය. “මොනවා?” චෙකා නිළධාරීන් පිළිතුරු සැපයූවේ වෙඩි වරුසාවකිනි. මුලින්ම ඇද වැටුනේ හිටපු අධිරාජයා හා දේවියයි. සිය ඇඳුම් තුල සඟවාගෙන සිටි කිලෝ එකහමාරකට ආසන්න දියමන්ති හා මැණික් නිසා දෝ පළමු වෙඩි මුරයෙන් තුවාල ලබා දිවි ගලවාගත් ඇනස්ටාසියා, තත්යානා, ඕල්ගා, හා මාරියා කුමරියනයෝ බයිනෙත්තු වඉන් ඇණ මරා දමනු ලැබූහ. රොමොනොව් රජ පවුල ජීවතුන් අතර සිටීමම රාජාණ්ඩුව යලි පිහිටුවීමට යත්න දරන ප්රතිවිප්ලවවාදීන්ට සටන් වැදීම සඳහා යුක්ති යුක්ත හේතුවක් සපයන බව තීරණය පහදමින් ලෙනින් පෙන්වා දුන්නේය. රුසියාව යලි යුද්ධයට පටලවා ගැනීමේ අරමුණින් සෝවියට් විරෝධී බලවේග වලට සහාය දීමට බටහිර රටවල් ඉදිරිපත් වීම නිසා හේ පසුවූයේ කෝපයෙනි. පසු කලෙක බොල්ෂෙවික් වරු පොදුවේ අනුගමනය කල සිය නායකයාගේ මෙවන් සීමාන්තික ආකල්ප හැත්තෑ වසරකට පසු ඔවුන්ගේ ඇද වැටීමට මූලිකව බලපෑ බව ඉතිහාසය අපට කියයි. සිවු මසකට පලමු ලෝක යුද්ධයෙන් පරාජය වූ ජර්මනියේ ද වාමාංශික විප්ලවයක අනතුර පහල වූ කල හෝහෙන්සෝර්ලන් පෙළපතේ විල්හෙල්ම් අධිරාජයා කල් ඇතිවම සිහසුන හැරදමා සිය පවුල සමඟ මධ්‍යස්ථ නෙදර්ලන්තයට පලා ගියේ රොමොනොව් රජ පවුලේ ඉරණම තුලින් පාඩම් උගෙන සිටි නිසාලු... (c) Chamara Siriwardene

වෘක වලස් දීගය[සංස්කරණය]

ජාත්‍යන්තර විප්ලවය පිළිබඳ ලෙනින් ප්‍රමුඛ බොල්ෂෙවික් වරු තුල වූ සිහිනය විස්ටුලා ඉවුරු මත හටගත් ව්‍යසනයෙන් බොඳ ව ගියද, ඉමහත් ධෛර්යයෙන් යුතුව සටන් වැදුන රතු හමුදාව අභ්‍යන්තර ප්‍රතිවිප්ලවය මැඩලීමෙහිලා සමත් විය. සිවිල් යුද්ධයේදී මියගිය, තුවාල ලද හා අතුරුදන්වූවන්ගේ ගණන ලක්ෂ හැත්තෑවේ සිට එකසිය විස්ස දක්වා ඇස්තමේන්තු ගතව ඇත. මෙම තත්වයට මුහුණ දීම සඳහා 1917 ඉදිරිපත් කල පාන්, ඉඩම් හා සාමය යන උද්යෝග පාඨය වෙනුවට ‘යුද්ධ කොමියුනිස්ට් වාදය’ (War Comminism) නැමති අපූරු සංකල්පයක් ඉදිරි කලේය. මෙමඟින් ආර්ථිකය මුළුමනින්ම රජයේ පාලනයට කෙරුන අතර නිෂ්පාදනය සඳහා ශ්‍රමය පැපයීම මහජනයාට අනිවාර්ය කෙරින. අතිරේක කෘෂි නිෂ්පාදන ගෙවීමකින් තොරව පවරා ගන්නා ලදී. දුම්රිය සේවය රතු හමුදාව යටතට පැවරිණ. ලෙනින් මෙය අර්ථ කථනය කලේ මාක්ස්වාදය තුලින් ‘පූර්ණ කොමියුනිස්වාදය’ (Pure Communisnm) කරා ලඟාවීමේ අතරමැදි අවස්ථාවක් ලෙසය. ලෙනින්ගේ යුද්ධ කොමියුනිස්ට් වාදය සිවිල් යුද්ධයට මුහුණදීමට මහෝපකාරී වුවද එය රටේ සමස්ත ඵලදායීතාව අඩුකිරීමට හේතු විය. පවරාගත් අස්වැන්න පිටරටට විකුනා බොල්ෂෙවික් නායකයන් සුරසැප විඳින බවට සෝවියට් විරොධීන් කල ප්‍රචාර හේතුවෙන් ගොවියෝ වගා කිරීම ප්‍රතික්ෂෙප කල අතර මේ හේතුවෙන් යුද්දයට පෙර පැවති තත්වයට සාපේක්ෂව වගාබිම් ප්‍රමාණය 62% දක්වාද අස්වැන්න 37% දක්වාද පහත වැටිණ. ගොවි බිම් විනාශ වීමෙන් හටගත් සාගතය හා තයිපොයිඩ් වසංගතය හේතුවෙන් මියගිය ගණන තිස් ලක්ෂයකි. එහෙත් අභිනව රාජ්‍යය එහි පූර්ව ගාමියා වූ රුසියානු අධිරාජ්‍යය හා කිසිසේත් සමකල හැකි නොවීය. එය ආර්ථික වශයෙන් අබල දුබල වූ, රාජ්‍යතාන්ත්‍රික වශයෙන් හුදෙකලා වූ එය මේ වනවිට පළමු ලෝක යුද්ධයේ වැරදි කරු ලෙස වර්සෙල්ස් ගිවිසුම මඟින් හෙලා දකිනු ලැබ සිටි ජර්මනියේ තත්වයට සමාන විය. ජර්මනියේද කොමියුනිස්ට් විප්ලවයක් දියත් කිරීමට බොල්ෂෙවික් වරු තැත් කලද එය දරුණු ලෙස මැඩලන ලදී. මේ වනවිට යුරෝපීය දේශපාලනය තුල දැකිය හැකි නව ප්‍රවනතාව වූයේ මධ්‍යස්ථ වාමාංශිකයන් පවා දැඩි මතධාරී කොමියුනිස්ට් වරු මැඩලීමේ අවශ්‍යතාව පිලිගනිමින් ඔවුනට එරෙහිව ජාතිකවාදී දක්ෂිණාංශය හා අත්වැල් බැඳ ගැනීමයි. ලෙනින්ගේ යුද විරෝධය තුලින් පිළිබිඹු වූයේ හුදෙක් බලය අත්පත් කොටගැනීමේ අවශ්‍යතාව මිස මානව හිතවාදය නොවන බව ඔහුගේ ‘චෙකා’ පොලිසිය විසින් සිදුකල භීම අපරාධ ආරංචි වීමෙන් යුරෝපය ඇතිකොටගත් වැටහීම වූ අතර පන්ති පදනම මත ජාතික හැඟීම් භෙද බින්න කිරීම රුසියානුවන්ට තරමට ඔවුනටද රුචි නොවීය. මීට දිය හැකි බාහිර උදාහරනය නම් කියුබානු විප්ලවයයි. ෆිදෙල් කැස්ත්‍රෝ පවා බැටිස්ටාට එරෙහිව තම අවසන් ජයග්‍රහණය ලබා ගත්තේ අමෙරිකානු බහු ජාතික සමාගම් හා ඔවුන්ගේ දේශීය ජුන්ටා නියෝජිතයන්ට එරෙහිව කල අරගලයක් ලෙස මිස කියුබානුවන් අතර පන්ති සටනක් දියත් කිරීමේ අර්ථයෙන් නොවේ. පළමු ලෝක යුද්ධය අතරතුර ජර්මනිය විසින් රුසියාවේ පාලනය අස්ථාවර කිරීම සඳහා ලෙනින්ට වක්‍ර ලෙස සහාය වූ බව සැබෑය. 1917 අප්‍රේල් මාසයේ ස්විට්සර්ලන්තයේ සිටි ලෙනින්ට සියටර බලා පැමිනීමට ජර්මනිය හරහා කොරිඩෝරයක් නොලැබිණි නම් ඔක්තෝබර් විපල්වය සිදු නොවීමට ඉඩ තිබිණ. මෙම සහයෝගීතාව බිඳ වැටීමට හේතුවූයේ බ්‍රෙෂ්ට්-ලිටොව්ස්කි ගිවිසුම හරහා ජර්මනිය රුසියානු අධිරාජ්‍යයට අයත් භූමිය කොල්ල කෑමත්, බොල්ෂෙවික් වරු විසින් ජර්මනිය තුල කොමියුනිස්ට් විප්ලවයක් දියත් කිරිමට උත්සහ කිරීමත් නිසාය. පන්ති පදනම මත ජාතිය භේද භින්න කිරීමට සූදානම් නුවූ මාක්ස් ගේ ලේ උරුමක්කරුවන් වූ ජර්මානුවන්ගේ මතය වූයේ නිර්ධන පන්තිය රටට අවශ්‍ය ශ්‍රමය ලබා දෙන මාර්ගයක් විනා රටේ පාලනය භාර කිරීමට සුදුසු සමාජ-අනුඛණ්ඩයක් නොවන බවය. කෙසේ වුවද පශ්චාත් විප්ලවීය රුසියාවට හා පශ්චාත් පළමු ලෝක යුද ජර්මනියට තම දෘෂ්ටිමය විරසකය මදකට පසෙකලා සම්මුතියක් කරා එලැඹීමට බල කරනු ලැබූයේ පළමු ලෝක යුද්ධයේ ජයාග්‍රාහකයන් විසින් ඔවුන් රාජ්‍යතන්ත්‍රික වශයෙන් හුදෙකලා කරනු ලැබ සිටීමයි. යුරෝපයේ ඩයිනසෝරයන් ගේ තත්වයට පත්ව සිටි ජර්මනිය හා රුසියාව යන හිටපු බලවතුන් දෙදෙනාම ජාතීන්ගේ සංගමයට ඇතුලත් කරගනු ලැබ නොසිටි අතර දැන් ජාත්‍යන්තර රීති තීරණය කරනු ලැබුවේ බ්‍රිතාන්‍යය, ප්‍රංශය හා රුසියාවේ සාර් පාලනය බිඳ වැටීමෙන් පසු යුරෝපයේ නව ආරක්ෂකයා ලෙස බෞතීස්ම ලැබූ එක්සත් ජනපදය විසිනි. මෙය දෙරටටම අතිශය කටුක අත්දැකීමක් වූ බවට සැක නැත. මෙ තත්වය මත 1922 අප්‍රේල් මසදී ඇති කොටගත් ගිවිසුමේ ප්‍රකාශිත අර්ථය වූයේ දෙපාර්ශ්වයම එකිනෙකාගේ භූමි ප්‍රදේශ සඳහා තමා කී අයිතිවාසිකම් අත් හැර දැමීම වුවද ඊට රහස් ඇමුණුමක් තිබිණ. මිත්‍ර පාක්ෂික නිරීක්ෂකයන්ට කිසිදා නොදැකිය හැකි මධ්‍යම හා දකුණූ රුසියාවේ රහස් පරිශ්‍රයන් තුල වර්සෙල්ස් ගිවිසුම මඟින් ජර්මනියට තහනම් කරන ලද කාලතුවක්කු, යුද ටැංකි හා ගුවන්යානා නිපදවීමට බොල්ෂෙවික් වරු පහසුකම් සැලසූ අතර ඒ වෙනුවෙන් ලෙනින්ට ඉතා අවශ්‍යව තිබූ බටහිර තාක්ෂණික ඥාණය රතු හමුදාවට ලබා දීමට ජර්මන්නු එකඟ වූහ. එහෙත් දේශපාලික වශයෙන් කොහෙත්ම සාධාරණීකරණය කල හැකි නොවූ මෙම ගිවිසුමට ජර්මනියේ දක්ෂිණාංශය තුලින් එල්ල වූයේ දැඩි විරොධයකි. දිනකිහිපයකට පසු ජර්මන් විදේශ ඇමති වෝල්ටර් රදනොව් ජාතිකවාදීන් විසින් ඝාතනය කරන ලදී. එහෙත් ලෙනින්ට එවන් ගැටළුවක් මතු නුවූයේ රුසියාව තුල එවැනි විරෝධතා නැඟීමට තරම් ධෛර්යයක් හෝ අවබෝධයක් ඇති අයවලුන් ඉතිරිව නොසිටීම නිසාය. ලෙනින් සහෝදරයා හැමවිටම නිවැරදිය යයි පැවසූ බොල්ෂෙවික් වරු එතැකින් කරුණ සමාප්ත කලහ. අනෙත් අතට පක්ෂයේ මතය ගැන සැක පහල කිරීම සෝවියට් පනය තුල දඬුවම් ලැබිය හැකි වරදකි. රතු හමුදාව විසින් ඉමහත් වෑයමකින් මුදවා ගනු ලැබූ යුක්‍රේනය, බෙලෝරුසියාව හා ට්‍රාන්ස්කොකේසස් ප්‍රදේශ සමඟ ඒකාබද්ධ වූ රුසියානු ෆෙඩෙරේෂනය 1922 දී සෝවියට් සමාජවාදී ජනරජ සංගමය (USSR) ස්ථාපිත කරන ලදී. සාර් අධිරාජ්‍‍යයේ සෝවියට් මුහුණු වර ලෙස සැලකිය හැක. මේ තුල ඒ ඒ ජාතීන්ට තම සංස්කෘතික අනන්‍යතාව රැකගැනීමට ඉඩ ලැබුන අතරම දේශපාලන වශයෙන් ඔවුන් ක්‍රෙම්ලිනයේ දැඩි ග්‍රහණයට නතුව සිටියහ. එම බන්ධනයේ අදිසි හස්තය වූයේ බොල්ෂෙවික් පක්ෂය නොව චෙකා පොලිසියයි. ඉමහත් දුෂ්කරතා මැද රුසියාව තවත් යුගයක් කරා එලැඹෙමින් සිටියාය. පරිපාලන මය වශයෙන් අධිරාජ්‍යයක සිට සිට ෆෙඩරල් ව්‍යුහයක් කරා සක්‍රමණය වූ ඈ ආර්ථික වශයෙන් වඩාත් පරිහානියට මුහුණ පෑවද, එම අභියෝගයට මුහුන දීමෙහි ලා ධෛර්යය හා ජයගැනීමේ අධිෂ්ඨානය රුසියානුවන් තුල නොමඳව ඉතිරිව තිබිණ. ලෙනින් අවබෝධ කොට නොගත් කරුණ නම් ඒ ධෛර්යය හා අධිෂ්ඨානය බොල්ෂෙවික් වරු උරුම කොට ගන්නා ලද්දේ පන්ති හැභීම නොව ජාතික හැඟීම තුලින් බවයි. බොහෝ රුසියානුවන් සටන් වැදුනේ බොල්ෂෙවික් වරු වෙනුවෙන් නොව ක්‍රෙම්ලිනය තුලින් කෙරුන ඔවුන්ගේ නියෝජනය වෙනුවෙනි. ශාන්ත පීටර්ස්බර්ග් නුවර සීත මාලිගයේ සිට ක්‍රෙම්ලිනයට තම මූලස්ථානය ගෙනයාමට ලෙනින් ගත් තීරණය සෝවියට් පාලනයේ සුජාත භාවය මහජන අද්‍යාත්මය තුල සාධාරණිකරණය කරලීම සඳහා පමණටත් වඩා සෑහිණ. ඒ සෝවියට් පාලනයේ ආරක්ෂාව වෙනුවෙන් ලෙනින් ගත් වඩාත්ම තීරණාත්මක පියවරයි. නව ආර්ථික පිළිවෙතක් තුලින් ඉදිරියට යාමට අභිනව සෝවියට් ස්ංගමය ඉමහත් වැර වෑයමක් දැරුවාය. එය ආඥාදායකත්වයක් තුලින් සපුරා ගැනීම වෙනමම කරුණකි. බොල්ෂෙවික් උපාය මාර්ග ඔවුන් ආදර්ශ කොටගත් මාක්ස්වාදී දැක්ම හා තවදුරටත් කොහෙත්ම නොපෑහුනද, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සතුරන්ද ශාන්තුවරු නුවූ බව අමුතුවෙන් කිව යුතු නොවේ. මන්දයත් පැවැත්ම පිළිබඳ අභියෝගය නොහොත් ප්‍රතිවිප්ලවයක බිය තවත් සෑහෙන කලක් ගත වනතුත් පහ නොවීම නිසාය. පුරාණ සාර් වරුන්ගේ නිවහන තුල කලක් නිතර ඇසුන නැටුම් ගැයිම් වැයුම් තවදුරටත් නොවීය. එ වෙනුවට එහි දැන් දෝං කාරය දුන්නේ නිති කුමන්ත්‍රණ බියෙන් පසුවූ විප්ල්වවවාදීන්ගේ නොවසිලිමත් ඝෝෂාවයි. Chamara Siriwardene

සංක්‍රාන්ති සමය[සංස්කරණය]

වෙඩි ප්‍රහාරයෙන් ලද තුවාල වල අතුරු ආබාධවලින් සුවය නොලද ලෙනින් මේ වනවිට එක්තැන්ව සිටියේය. ‘යුද්ධ කොමියුනිස්ට් වාදය’ තුලින් සිවිල් යුද්ධය ජය ගැනීමට බොල්ෂෙවික් වරුනට හැකිවුවද, ගම්බද ගොවීන් තුල සෝවියට් පාලනය කෙරේ වෛරයක් ඇති කරවීමට මෙන්ම නිෂ්පාදනයේ ඵලදායීතාවය හීන වීමට එය හේතු වූ ඒ වන විට ඔහුට අවබෝධවී තිබිණ. නව ‘නිදහස් ආර්ථික පිළිවෙතක්’ (New Economic Policy) රුසියාව තුල ස්ථාපිත කිරීමට ඔහු උත්සුක වූයේ ඒ නිසාය. මෙමඟින් පිළිබිඹු වූයේ පුද්ගල අවශ්‍යතා අසීමිතය යන ආර්ථික විද්‍යා මූලධර්මය ධනවාදය තුල මෙන්ම සමාජවාදය තුලද සක්‍රිය ව තිබූ බවයි. සිය නිෂ්පාදන වල පූර්ණ ප්‍රතිලාභය භුක්තිවිඳීමට ඇති මිනිස් ආශාව යන අර්ථයෙන් ගත් කල, ධනපතියා හා නිර්ධනයා අතර වෙනසක් දක්නට නොලැබිණ. කෙසේ වුවද ජාත්‍යන්තර ව්ප්ලවය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටි ට්‍රොට්ස්කිගේ මතය වූයේ නව නිදහස් ආර්ථික පිළිවෙත ධනවාදය කරා ආපසු යාමක් බවයි. ඒ හේතුවෙන් ලෙනින් හා ට්‍රොට්ස්කි අතර මත භේදයක් පැන නැඟින. වෘත්තිය සමිති රතු හමුදාවේ පාලනයට නතු කිරීමට ට්‍රොට්ස්කි දැරූ තැත ලෙනින්ගේ දැඩි විවේචනයට භාජනය විය. ජෝසොෆ් ස්ටැලින් බොල්ෂෙවික් පක්ෂයේ මහ ලේකම් ධුරයට පත් වීමට තුඩු දුන්නේ ද මෙම තත්වයයි. 1924 ලෙනින් මියගියේ බොල්ෂෙවික් පක්ෂය තුල දැවැන්ත බලඅරගලයකට මුල පුරමිනි. සියළු කටයුතු සියතට ගත් මහ ලේකම් ජෝසොෆ් ස්ටැලින් අවමංගල්‍යය සංවිධානය කලේ ලෙනින්ගේ වැන්දඹූවගේ අදහස් පවා නොතකාය. මහ ලේකම් ලෙස තම හිතවතුන් වැදගත් ස්ථාන වලට පත් කිරීමේ බලය ඔහුට තිබූ බැවින් තම අභිමතය මද්‍යම කාරක සභාව මත පැණවීමේ හැකියාව ඔහුට තිබිණ. බොල්ෂෙවික් නායකයාගේ මල සිරුර බෙහෙත් ගල්වා රතු චතුරස්‍රයේ තැන්පත් කෙරුන අතර ශාන්ත පීටර්ස්බර්ග් නුවර ලෙනින්ග්‍රෑඩ් ලෙස නම් කරන ලදී. ලෙනින්ගේ ප්‍රතිරූපය මත දේවත්වයක් ආරෝපණය කිරීම තුලින් ඔහුගේ අනුපාප්තිකයා ලෙස සිය බලය තහවුරු කොටගැනීම ස්ටැලින්ගේ අභිප්‍රාය වූ බව පෙනේ. ඔහුගේ විරුද්දවාදියා වූයේ බොල්ෂෙවික් පක්ෂයේ දැඩි මතධාරී වාමාංශය නියෝජන කරමින් ජාත්‍යන්තර විප්ලවය වෙනුවෙන් තවදුරටත් පෙනී සිටි ට්‍රොට්ස්කිය. ට්‍රොස්ට්ස්කි පිලේ මතය වූයේ ලෙනින්ගේ නව ආර්ථික පිළිවෙත තුලින් සෝවියට් සංගමය නැවතත් ධනවාදය කරා ගමන් කරන බවකි. එහෙත් එක් රටක සමාජවාදය ගොඩ නැඟීම තම ඉලක්කය කොටගත් ස්ටැලින් ඕනෑම විරුද්ධවාදියෙකු මැඩලීමට පසුබට වූයෙ නැත. තමාට අවාසි සහගත කරුණූ රැසක් අඩංගු ලෙනින්ගේ දේශපාලන අන්තිම කැමැත්ත (Political Testement) නොතකා හැරීමට පක්ෂයට බල කල ඔහු, ලෙනින්ගෙ වැන්දඹූ බිරිඳට මෙසේ පැවසීළු. “ඔබට අපි කියන විදියට වැඩ කරන්නම වෙනවා. නැත්නම් මට සිද්ධ වේවි ඔබ ලෙනින්ගේ සැබෑ බිරිඳ නෙවෙයි කියල නිවේදයක් නිකුත් කරන්න. පක්ෂයට ඕනම දෙයක් කරන්න පුළුවන්, ඒ ගැන නම් සැකයක් තියාගන්න එපා.” එක් රටක සමාජවාදය් ගොඩනැගීමේදී ස්ටැලින්ගේ අනුගමනය කල ආර්ථික ප්‍රධාන උපාය මාර්ග වූයේ සාමුහික ගොවිපොල ක්‍රමය හඳුන්වා දීමය. මාක්ස් දේශනා කල ‘පූර්ණ කොමියුනිස්ට්කරණය’ පෘථග්ජන ජන සමජයක ප්‍රායෝගික නොවන බව සිතූ ඔහු සුළු ගොවියන්ගේ දේපොල පොදු අයිතියෙන් බැහැර කල අන්දම හා ඊට හේතුවූ තත්වය සිය ‘පෙරලූ නැවුම් පස’ කෘතිය තුලින් ශ්‍රේෂ්ඨ ගත්කරු මිහයිල් ෂොලොහොව් මැනැවින් විස්තර කරයි. රුසියානු සමාජය තුල යාකොව් ලුකීච්ලා හා ෂුකාර් සීයලා බොහෝ විසුවද දවීදොව් ලා සිටියේ අල්පයකි. විප්ලවය හා සිවිල් යුද්ධය හේතුවෙන් පසුබෑමකට මුහුණ දුන් රුසියාව තුල සීඝ්‍ර කාර්මීකරණයකට භාජනය කිරීමද ස්ටැලින්ගේ ප්‍රමුඛතා ඉලක්කයක් විය. රාජ්‍යතාන්ත්‍රික සම්බාධක හේතුවෙන් බටහිර ශිල්පීය ඥාණය තවදුරටත් ලබා ගැනීමට හැකියාවක් නුවූ හෙයින් ඔහු ජර්මනිය හා රහස් සබඳතා තවදුරටත් තර කිරීමට උත්සුක වූයේ ට්‍රොට්ස්කි ඇතුළු දැඩි මතධාරී වාමාංශයේ විරෝධතා තුට්ටුවකට මායිම් නොකරමිනි. ආර්ථික අවපාතයකට මුහුන පා සිටි ජර්මනියට රුසියාවේ අමුද්‍රව්‍ය හා කෘෂි නිෂ්පාදන ඉතා අවැසි වූ අතර ඒ වෙනුවට රුසියාවට තාක්ෂණීක උපකරණ සැපයීමට ජර්මන්නු කැමති වූහ. වර්සෙල්ස් ගිවිසුම විසින් අවි නිපැයුම ජර්මනියට තහනම් කොට තිබූ බැවින් මේ වන විට කෲප් (Krupp) හා ජන්කර්ස් (Junkers) වැනි ජර්මන් අවි සමාගම් වලට රුසියාව තුල සිය රහසිහත කම්හල් පවත්වාගෙන යාමටද බොල්ෂෙවික් වරු පහසුකම් සලසා තිබිණ. මේ අවි මිලදී ගැනීමට රතු හමුදාව කැමැත්තෙන් සිටි අතර මෙහිදී ජර්මන් දක්ෂිණාංශය නියෝජනය කල මහා කර්මාන්ත හිමියන්ගේ එකම ඉල්ලීම වූයේ මොස්කොව් පාලනය යටතේ වූ ජර්මන් කොමියුනිස්ට් පක්ෂය සිය යුදවිරෝධී ස්ථාවර හකුලාගන්නා බවට රුසියාව විසින් වග බලාගත යුතු බව පමණී. ස්ටැලින් ඊට එකඟ විය. 1929න් පසු ජර්මන් පාර්ලිමෙන්තුවට ඉදිරිපත් වූ කිසිදු ආරක්ෂක හා හමුදාමය වැය ශීර්ෂයකට එරෙහිව කොමියුනිස්ට් මන්ත්‍රීවරු ඡන්දය භාවිත නොකලහ. නැගෙනහිර ජර්මන් ඉඩම් හිමි ප්‍රභූ පැලැන්තිය හෙවත් ජුන්කර් පන්තිය හා ක්‍රෙම්ලිනය අතර වූ සම්ප්‍රදායික මිතුදම ඒ අන්දමින්ම පවත්වාගෙන යාමට ස්ටැලින් උත්සුක වූ බව පෙනේ. විදෙස් රටවල කොමියුනිස්ට් සංවිධාන උසි ගැන්වීමේ යෙදුන ට්‍රොට්ස්කි රටින් නෙරෙපා හැරිණ. ජාත්‍යන්තර විප්ලව කිරීමට තැත්කොට විදෙස් රටවල් සතුරු කොට ගැනීමෙන් සිදුවන්නේ තම රට තුල සමාජවාදය ගොඩනැඟීම අඩාල වීම බව ස්ටැලින් පෙන්වා දුන්නේය. මේ අතර සමාජ-ප්‍රජාතන්ත්‍රවාදීන් හා කතෝලික-කොන්සර්වේටිව් වරුන්ගේ ‘තට්ටු මාරු’ දේශපාලනයට එරෙහිව විකල්පයක් පැතූ ජර්මන් වරු 1933 දී ඇඩොල්ෆ් හිට්ලර්ගේ ජාතික සමාජවාදී ජර්මන් කම්කරු (නාසි) පක්ෂය බලයට පත් කලහ. ජාතික සමාජවාදය වනාහී කොමියුනිස්ට් වාදයේම කැඩපත් ප්‍රතිබිම්බයක් ලෙස සැලකීමෙහි ලා වරදක් නැත. මාරු වී තිබුනේ වම දකුණ පමණී. ලෙනින්ගේ පන්ති අරගලය වෙනුවට හිට්ලර් ජාතික අරගලයක් වෙනුවෙන් පෙනී සිටියේය. සමාජය පන්ති වලට වෙන්කිරීම ජාතික එකමුතුවට බාධාවක් වනු ඇතැයි සිතු හේ කොමියුනිස්ට් වාදය යුදෙව් නිපැයුමක් ලෙස හෙලා දුටු අතර වාර්ගික වශයෙන් වඩාත් ශක්තිමත් ස්ලාව්වරු දිනක ජර්මනිය යටපත් කොටගනු ඇතැයි සැකයින් පසු විය. නාසිවාදයේ හෝඩි පොත ලෙස සැලකෙන හිට්ලර්ගේ ‘මගේ සටන (Mein Kampf) කෘතියේ අඳෝනාව එයයි. ජර්මන් ජාතිය ව්‍යාප්ත කල හැක්කේ රුසියාවේ දැවැන්ත භූමිය හා සම්පත් අත්පත් කොටගැනීමෙන් පමනකැයි තර්ක කල හේ සෝවියට් සංගමය සමඟ මේතාක් පවත්වාගෙන ගිය රහස් සහයෝගීතාව අවසන් කරමින් එලි පිටම අවි නිපදවීමට පටන් ගත්තේ වර්සෙල්ස් ගිවිසුම තමා තවදුරටත් පිළි නිගන්නා බව පවසමිනි. 1934 දී හිට්ලර් ජර්මනියේ දැවැන්ත පවිත්‍රකරණයක් දියත් කලේය. විරුද්ධ මතධාරී කොන්සර්වේටිව් වරු හා කතෝලිකයන් පමණක් නොව නාසි පක්ෂයේ වාමාංශය නියෝජනය කරමින් දේපොල රජයට පවරා ගැනීමට යෝජනා කල ග්‍රෙගෝ ස්ට්‍රැසර් හා එස්. ඒ. නමින් ජර්මනිය තුල රතු හමුදාවේ දක්ෂිණාංශික අනුපිටපතක් ගොඩ නැඟීමට තැත් කල හිට්ලර්ගේ සමීපතමයකු වූ කපිතාන් අර්න්ස්ට් රොම් ද නිර්දය ලෙස ඝාතනය කරන ලදී. හිට්ලර් ජර්මනියේ බලයට පැමිණීම රුසියාවේ අනාගතය අරබයා ක්‍රෙම්ලිනයට කෙරුන අනතුරු හැඟවීමක් වැන්න. ‘මගේ සටන’ කෘතිය අකුරක් නෑර කියවා සිටි ස්ටැලින් සිය ප්‍රතිවාදියාගේ අරමුණු සක්සුදක් සේ දැන සිටියේය. එල්ල වෙමින් පැවති අභියෝගයේ පරිමාණය පිළිබඳ මනා අවබෝධයෙන් පසුවූ ඔහු මෙම තත්වයට මුහූන දීම සඳහා සාමුහිකකරණය හා කාර්මීකරණය මඟින් සෝවියට් ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අසීරු නව ඉලක්ක පැනවූ අතර රතු හමුදාව වෘත්තියමය ස්ථිර බලඇණියක් ලෙස ප්‍රතිසංවිධානය කෙරිණ. විප්ලවීය රාජ්‍යයක සන්නද්ධ බල ඇණීය නිර්ධන පන්තික මිලිෂියාවකින් සමන්විත විය යුතුය යන ලෙනින්ගේ පැරණි මූලධර්මය මුළුමනින්ම බැහැර කරන ලදී. කෙසේ වුවද වඩාත් බරපතල ගැටළුව වූයේ මහා යුද්ධයක් අතරතුරදී මහජනයාගේ හා නිළධාරීතන්ත්‍රයේ පක්ෂපාතී භාවයයි. අර්බුද අවස්ථාවකදී රජයට ද්‍රෝහී නොවීමේ රුසියන් සම්ප්‍රදාය කඩ කරමින් ඔක්තෝබර් විප්ලවය විසින් සපයා තිබූ වැරදි උදාහරණය හමුවේ සෝවියට් පාලනයටද අනාගතයේදී එවන් තත්වයකට මුහුන දීමට සිදු නොවනු ඇති බවට කිසිදු සහතිකයක් නොතිබිණ. ජාත්‍යන්තර මිතුරන් නොවූ සෝවියට් සංගමයට සතුරෝ නම් නොඅඩුව සිටියහ. පන්ති අරගලය න්‍යාය පත්‍රයෙන් ඉවත් කිරීම සඳහා කාලය එලැඹ තිබිණ. එහෙත් එය කලයුතුව තිබුනේ කොමියුනිස්ට් වාදයේ ප්‍රතිරූපයට හානියක් නොවන අන්දමටය. එළුවා රැකගැනීම තරම්ම මුට්ටිය නොබිඳීමද වැදගත් විය. ස්ටැලින්ගේ විචක්ෂණ භාවයට (කෙනෙකුට මෙය කෛරාටික කම හා අවස්ථාවාදය යනුවෙන් වුව අර්ථදැක්විය හැක) ඇති අගනාම නිදසුන නම් ඔහු මෙම තත්වයට මුහුණ දුන් අන්දමයි. සිය පසමිතුරා වූ හිට්ලර්ගේ උදාහරණය අකුරටම අනුගමනය කරමින් රුසියාව තුල දැවැන්ත පවිත්‍රකරණයක් දියත් කල හේ පන්ති සටන ඉතා දක්ෂ ලෙස ඊට තේමා කොටගත්තේය. දේපොල හිමියන් හා කුලාකයන් දස ලක්ෂ ගණනක් පිටුවහල් කරමින් ඇරඹුන මෙම ක්‍රියාන්විතය අවසන් වූයේ දේශපාලන වශයෙන් අවිශ්වාස කටයුතු ඕනෑම පුද්ගලයකුට දඬුවම් පැමිණවීමෙනි. බොල්ෂෙවික් නායකයන් හා සාමාජිකයන් පමනක් නොව ඇතැම් රතු හමුදා නිළධාරීන්ද ඊට ගොදුරු වූහ. රතු හමුදාවේ යාන්ත්‍රික විශේෂඥයා වූ ‘රතු නැපෝලියන්’ ලෙස බටහිර ලෝකයේ විරුදාවලි ලත් මාෂල් මිහායිල් ටුක්හාචෙව්ස්කිටද ‘මහජන සතුරකු’ ලෙස (enemy of the people) හංවඩු ගසා මරණ දඬුවම පැමිනවීම ක්‍රියාවලියේ තීව්‍රතාවට එක් නිදසුනකි. හාස්‍යයට කරුණ වූයේ රතු හමුදාවේ අසරු බල ඇණි වෙනුවට යාන්ත්‍රික බල ඇණී ආදේශ කිරීමට ටුක්හාචෙව්ස්කි ගත් පියවර ඔහුට විරුද්ධ එක් චෝදනාවක් ලෙස ගොනුකොට තිබීමත්, සෝවියට් සිවිල් යුද වීරයා වූ මාෂල් සෙම්යොන් බුඩිඔනි ඔහුට එරෙහිව සාක්ෂි දීමට ඉදිරිපත් වීමත්ය.

ස්ටැලින්ට අභියෝග කොට පණ ගලවා ගත් මිනිසා

යකාටවත් බය නැති රතු හමුදා නිළධාරීහූ පවා ස්ටාලින්ට බිය වූහ. 1934 ඇරඹුන මහා පවිත්‍රකරනයේ උච්චාවස්ථාව වූයේ සෝවියට් යාන්ත්‍රික යුද ශිල්පයේ මෙන්ම ගැඹුරු මෙහෙයුම් සංකල්පයේ (Deep Operations Theory) පියා ලෙස සැලකෙන මාෂල් මිහයිල් ටුක්හොචෙව්ස්කි ට ජර්මන් ඔත්තු සේවය හා සබඳතා පැවැත්වීය යන චෝදනාව මත විප්ලවීය යුද අධිකරණය විසින් මරණ දණ්ඩය පැණවීමයි. අත්ඩංගුවට ගැනීම් හා චෝදනා ගොණුකිරීම් භාරව සිටි එන් කේ වී ඩී (NKVD) රහස් පොලිසියේ නායක නිකොලායි යැසොව් පවා කෙලවර ගොදුරු වූ ස්ටැලින්ගේ උම්මත්තක පවිත්‍රකරනය තුල සෙස්සන් ගැන කවර කතාද? එහෙත් මෙ මගහා භීෂණය තුල ආඥාදායක ස්ටැලින්ට අභියෝග කොට දිවිගලවා ගත් එක් අයෙක් සිටියේය. 1883 වසරේ දකුණු රුසියාවේ දොන් කොසැක් ප්‍රදේශයේ දිළිඳු ගොවි පවුලක උපත ලද සෙම්යොන් බුඩිඔනි සාර්ගේ යුද සේවයට එක්වූයේ රාජකීය අසරුභටයෙකු ලෙසය. 1904 රුසියානු-ජපන් යුද්ධයේ දී නිර්භීත ලෙස සටන් වැදුන ඔහුට ශාන්ත ජෝර්ජ්ගේ පදක්කම පවා පුදන ලදී. පළමු ලෝක යුද්ධයේ දී කෝකේසස් පෙරමුනට අනුයුක්ත කරන ලද තිස් තුන් වියැති කනිටු නිළධාරියාගේ උසස්වීම් අවහිර කරන ලද්දේ සාර් හමුදාවේ වංශාධිපති නිලධාරීන් විසින් බව පැවසේ. 1916 දී ඔටෝමන් තුර්කි වරු පරාජය කිරීමෙන් පසු ශක්තිය සිදී ගිය රුසියන් හමුදාවට සැපයුම් නොමැතිවීම හේතුවෙන් ආහාර පාන පවා හිඟ වූ අතර සෙබළු තව දුරටත් සටන් වැදීම ප්‍රතික්ෂෙප කලහ. හමුදාව තුල පැතිර ගිය සෝවියට් මතවාද වෙනුවෙන් ඉදිරියෙන්ම පෙනී සිටි අය අතර බුඩිඔනි ඉදිරියෙන්ම සිටියේය. ඔක්තෝබර් විප්ලවයේ ජයග්‍රහනයෙන් පසු අසරු විවිෂනයේ කමිටු සාමාජිකයකු ලෙස පත් කරන ලද ඔහු ජෝසොෆ් ස්ටැලින්ගේ මෙන්ම අනාගත යුද ඇමති වොරොෂිලොව්ගේද හිත මිතුරෙක් විය. තම සන්නද්ධ අංශය මිලිෂියාවක් ලෙස ක්‍රියාත්මක වනු අතැයි බොල්ෂෙවික් නායකයන්ගේ මුල් අපේක්ෂාව වුවද අනතුරුව හටගත් ප්‍රතිවිප්ලවය හා සිවිල් යුද්ධය හමුවේ ලෙනින්ට පෙනී ගියේ වෘත්තිය බල ඇණියක සහායෙන් තොරව ළදරු සෝවියට් පාලනය රැකගත නොහෙන බවයි. පැරණි සාර් හමුදාවේ නිලධාරීන් කෙරේ ඔහු තුල වූ දැඩි සැකය පරයා බුඩිඔනි වැනි තරුණ නිළධාරීන්ට මෙහිදී වැඩි වටිනාකමක් ලැබිණ. පැරැන්නන් මෙන් නොව නව පරපුර පුනරුත්ථාපනය කිරීමට හැකි වනු ඇති බවට ලෙනින් විශ්වාස කලේය. මේ අරමුණින් බිහිකෙරුන රතු හමුදාවේ වඩිවිෂනයක් භාරකරනු ලැබූ බුඩිඔනිගේ අසරු හමුදා ස්ටෙප්ස් භූමියේ දැක්වූ හපන් කම් නොවන්නට සෝවියට් පාලනය රැක ගැනීම එදා බොල්ෂෙවික් වරුනට සිහිනයක් වීමට ඉඩ තිබිණ. “පණ ඇති කොමියුනිස්වාදියෙක් යටත් වෙන්නෙ නැහැ!” ඒ ඔහු තම සෙබළුන්ට දුන් උදාන වාක්‍යයයි. ඔස්ට්‍රොව්ස්කි ගේ ‘ වානේ පන්නර ලැබූ හැටි’ පොතේ එන ප්‍රධාන චරිතය වූ පාවෙල් කොර්චාගින් ද බුඩිඔනිගේ සෙබලෙකි! 1924 දී ඔහු රතු අසරු හමුදා භාර ඉන්ස්පැක්ටර්-ජනරාල් ලෙස පත්කරන ලදී. එහෙත් බුඩිඔනුගේ පෞද්ගලික ජීවිතය ප්‍රීතිමත් එකක් නොවීය. ඔහු හා බිරිඳ අතර අරගලයට මූලික හේතුව වූයේ දරුවන් නොමැතිවීම. එහි උච්චාවස්ථාව වූයේ දිනක් නිවසේ අමුත්තන් සිටි අවස්ථාවක හටගත් වචන හුවමාරුවකින් අනතුරුව ඈ වෙඩිතබා ගෙන මිය යාමය. තම ඇස් ඉදිරිපිට වූ මෙම ඛේදවාචකය නිසා බුඩිඔනි මහත් කම්පාවට පත්වුවද නොබෝ දිනකින්ම ඔහු ඔපෙරා ගායිකාවක් හා විවාහ විය. එහෙත් දැවයේ ස්අරදමකට මෙන් ඒ විවාහයෙන්ද ඔහුට දරුවෝ නුවූහ. 1935 මාෂල් නිළයට උසස් කරනු ලැබූ සෙම්යොන් බුඩිඔනි යාන්ත්‍රික යුද ශිල්පය පිළිකුල් කලේය. යුද ටැංකි හා සන්නද්ධ රථ ඔහුට රිසි නැත. සෝවියට් යාන්ත්‍රික යුද ශිල්පයේ වර්ධනයට අකුල් හෙලමින් එහි නිර්මාතෘ වූ ටුක්හොචෙව්ස්කි ට එරෙහිව ස්ටැලින් උසිගන්නවන ලද්දේ බුඩිඔනි විසිනැයි ඔහුගේ සතුරෝ කියති. නඩු විභාගයේදී සාක්ෂි දෙමින් ඔහු කියා සිටියේ අසරු බලැණි වෙනුවට ‘වැදගම්මකට නැති’ යාන්ත්‍රික බල ඇණී ගොඩ නැඟිමට ටුක්හොචෙව්ස්කි කටයුතු කල බවය. 1937 අගෝස්තුවේ බුඩිඔනි කැඳවූ ස්ටැලින් ඔහුගේ දෙවැනි බිරිඳගේ ක්‍රියාකලාපය ඔහුගේ පෞද්ගලික ප්‍රතිරූපයට නොගැලපෙන බව දැනුම් දෙමින් වැඩි විස්තර සඳහා එන් කේ වී ඩී ප්‍රධානය හමුවන ලෙස දැන්වීය. එහිදී බුඩිඔනි විස්මයට පත්වූයේ තම බිරිඳ වේදිකා නළුවකු සමඟ වසර ගණනාවක් පුරා අනිය සබ්ඳතාවක් පවත්වන බවට සාක්ෂි සහිත පොලිස් ලිපි ගොණුවක් දැකීමෙනි. යුදවීරයාට ද්‍රෝහීවීමේ චෝදනා මත සිරභාරයට ගනු ලැබූ ඈ සිර කඳවුරක් තුලට ගාල් කරන ලදී. කෝපයෙන් පසුවූ බුඩිඔනි ඈ වෙනුවෙන් මැදිහත්වීමට අදහස් නොකලේය. කිසිවෙකු විශ්වාස නොකල ස්ටැලින් දිනක් නාහෙට නාහන බුඩිඔනිද සිරභාරයට ගැනීමට අදහස් කලේය. තම නිවසටද එන්.කේ වී ඩී නියෝජිතයන් පැමිණෙන බව දුටු සද්දන්ත මාෂල් වරයා ඔවුන් දෙසට තුවක්කුවක් උරුක්කොට පලවා හැර ස්ටැලින්ට දුර ඇමතුමක් ගෙන මෙසේ පැවසීළු. “ජෝසොෆ්! මෙතන ප්‍රතිවිප්ලවයක් සිදුවෙන හැඩැයි. හැබැයි පණ ඇති කොමියුනිස්ට්වාදියෙක් නම් යටත් වෙන්නෙ නැහැ!” බුඩිඔනි විසින් පොලිස් නිලධාරීන් බියගන්වා පලවා හැර ඇති වග ඇසූ ස්ටැලින් උරණ වනු වෙනුවට කොක්සන් දී සිනාසෙන්නට විය. “කමක් නෑ. එක්කො ඔන්න ඔය මිනිහට ඉන්න අරිනවා” 1941 ජර්මන් ආක්‍රමණය අවස්ථාවේ නිරිතදිග රුසියාව භාර රතු හමුදා ආඥාපති වරයා වූ බුඩිඔනි තම අසරු බලඇණි ප්‍රතිවාදියා වූ හයින්ස් ගුඩේරියන්ගේ පැන්සර් (යුද ටැංකි) හමුදා වලට එරෙහිව මෙහෙයවීමට දැරූ තැතෙහි ප්‍රථිඵලය වූයේ සෝවියට් භටයන් හය ලක්ෂයක් කියෙව් නගරයේදී සිරභාරයට පත් වීමයි. බුඩිඔනි තමා දැරූ පදවියෙන් ඉවත් කොට ස්අංචිත බල ඇණියට යවනු ලැබුවද ඔහුට එරෙහිව වැඩිදුර ක්‍රියාමාර්ගයක් ගැනීමට ස්ටැලින් උත්සුක නුවූයේ රතු හමුදාවේ උද්‍යෝගය පවත්වා ගැනීමට හිටපු සිවිල් යුද වීරයා අත්‍යවශ්‍ය යැයි සැලකූ නිසා විය හැක. යුද්ධයෙන් පසු සෝවියට් සංගමයේ වීරයකු ලෙස විශ්‍රාම ලැබීමේ දුර්ලභ අවස්ථාව ලද හේ තම මතක සටහන් අලලා වෙළුම් පහක පොතක්ද ලියා පලකලේය. සිය හමුදා සගයන් මෙන් නොව පශ්චාත් යුද දේශපාලනයෙන් මුළුමනින්ම ඈත්ව සිටි ඔහුගේ විශ්‍රාම දිවියේ විනෝදාංශය වූයේ ඇකෝඩියන් වාදනයයි. බුඩිඔනිගේ තෙවන මනාලිය වූයේ දෙවැනි බිරිඳගේ ඥාති සොයුරියකි. පුදුමයකට මෙන් එය අතිශය ප්‍රීතිමත් විවාහයක් විය. යුද වීරයායාට වඩා තිස් හතර වසක් වයසින් බාල වූ මරියා දරුවන් දෙදෙනකුම බිහි කලාය. මින් මහත් ප්‍රමෝදයට පත් බුඩිඔනි හැසිරුනේ තරුණයකු ලෙස බව ඈ පවසන්නීය. වයස 60 දීත් ඔහු පවනට බඳු වේගයෙන් අසුපිට නැගී යනු දුටු අසල් වැසියෝ මවිත වූහ. 1973 දී හදිසියේ මොළයෙන් ලේ වහනය වීම නිසා මිය ගිය සෙම්යොන් බුඩිඔනි අදද යුද වීරයෙකු ලෙස මහ ඉහලින් සමරනු ලැබේ. ශාන්ත පීටර්ස්බර්ග් හි පිහිටි කුප්‍රකට රුසියානු යුද සංඥා පුහුණු පාසැල එස්. එම්. බුඩිඔනි ඇකඩමිය ලෙස නම් කොට ඇත.

බොහෝ චූදිතයන් තමාට එරෙහිව නැඟුන චෝදනා පිළිගෙන පාපොච්චාරණය කල මුත් ඊට හේතුව NKVD සංවිධානයේ (චෙකා පොලිසිය KGBය දක්වා පරිණාමය වීමේ අතර මැද අවස්ථාවකි) පලිගැනීම් වලින් තම පවුල් වල සාමාජිකටන් රැක ගැනීමට චූදිතයන් තුල වූ අභිප්‍රාය බව ඇතැම් ඉතිහාසඥයන්ගේ මතය වී තිබේ. මිය ගිය ගනන හත් ලක්ෂයේ සිට විසි ලක්ෂය දක්වා ඇස්තමේන්තු කොට ඇත. තම පස මිතුරා වූ හිට්ලර් අනුකරණය කලද ස්ටැලින් මෙහිදී පරමාදර්ශය කොට ගත්තේ හතරවන ඉවාන් රජු හෙවත් ඝෝර ඉවාන් බව ඉතිහාසඥයන්ගේ මතයයි. කෙසේ වුවද න්‍යායාත්මකව බලන කල වඩාත් වැදගත් වූයේ තමාට අරුචි පන්ති සටන අතර මඟ අත් හිටවීමට නොසිතූ ස්ටැලින් පවිත්‍රකරණය හරහා එය මුළුමනින් අවසන් කොට තිබීමත් ඒ වෙනුවට ප්‍රධාන තේමාව ලෙස දේශප්‍රේමය යලි ආදේශ කොට තිබීමත්ය. වෙනත් වචයෙන් කිවහොත් මෙය සමාජවාදයේ යුද විරෝධී මුහුණුවර කණපිට හැරවීමකි. එය ලෙනින් වාදය රුසියානුකරණය කිරීමක් ලෙසද හැඳින්විය හැක. සර්ව ජර්මන් වාදය හා සර්ව ස්ලාව් වාදය අතර නොනිමි ඓතිහාසික අරගලය නාසි වාදය හා කොමියුනිස්ට් වාදය අතර ද්වන්ධ යුද්ධයක් ලෙස එලිදැක්වීමට ඉතා ආසන්නව තිබූ අතර විස නැසිය හැක්කේ විසෙන් පමණක් බව දරදඬු ජෝර්ජියානුවා මැනෙවින් දැන සිටියේය…

Chamara Siriwardene

ස්ටැලින්ගේ පෙරහුරුව[සංස්කරණය]

නොවැලැක්විය හැකි දෘෂ්ඨිමය යුද්ධයට රතු හමුදාව සූදානම් කරලීමට වෙහෙසෙමින් ස්ටැලින් කාලය සමඟ සටනක යෙදෙන අතර ලහි ලහියේ ජර්මනිය සන්නද්ධකරණ කල හිට්ලර් රයින්ලන්තයට හමුදා යැවීමෙන් නොනැවතී ඔස්ට්‍රියාව හා චෙක් සුදේතන්ලන්තයද ඈඳා ගත්තද, වර්සෙල්ස් ගිවිසුමේ ඇප කරුවන් වූ බ්‍රිතාන්‍යය හා ප්‍රංශය තවදුරටත් නිහඬව පසුවූහ. හිට්ලර්ගේ ව්‍යාප්තවාදී වෑයම මුල් අවස්තාවේදීම නවතාලීමට තිබූ අවස්ථා සියල්ල ඔවුන් විසින් අත්හලේ මන්දැයි නැඟෙන පැනයට හමුවේ බටහිර ඉතිහාසඥයන් සදා නිහඬය. ඉන් හැඟවෙන්නේ හිට්ලර් ලවා රුසියාව විනාශ කරවීමෙ අටියෙන් බටහිර බලවතුන් කලක් ඔහුට උඩගෙඩි දුන් වගයි. එහෙත් නැගෙනහිරට විවෘත මාර්ගයක් තැනීමට අදහස් කල හිට්ලර් රුසියාවට පහර දීමට පෙර පෝලන්තය අත්පත් කොට ගැනීමට කල්පනා කලේය. පෝලන්තය ජර්මනියේ ඓතිහාසික සතුරෙකි. බටහිර බලවතුන් හා ඔහු අතර අර්බුදයක් හට ගැනුනේ මෙතැනදීය. යුද්ධයකදී තමා පෝලන්තයට ආධාර දෙන බවට බ්‍රිතාන්‍යය හා ප්‍රංශය හිට්ලර්ට තර්ජනය කලද, රුසියාවේ සහාය නොමැතිව භට පිරිස් හෝ සැපයුම් වොර්සෝවට ලබා දීමට ඔවුනට හැකියාවක් නොමැති බවද හිට්ලර් දැන සිටියේය. එහෙයින් හිට්ලර්ගේ සැලැස්ම වූයේ පෝලන්තය විනාශ කිරීම සඳහා ස්ටැලින් හා තාවකාලික සම්මුතියකට එලැඹීමත්, අනතුරුව රුසියාව ආක්‍රමණය කිරීමත්ය. 1933 පටන් එකෙනිකා හෙලා දුටු නාසි ජර්මනිය හා කොමියුනිස්ට් රුසියාව අතර තාවකාලික වශයෙන් හෝ සම්මුතියක් ඇති වීම යනු බස්නාහිරින් ඉර උදාවීමකට සමානය. එහෙත් දේශපාලනයේදී සදාකාලික මිතුරුකම් හෝ සතුරු කම් නැති බව නැවත පෙනී යන්නේ 1939 මැද භාගයේ සිට ජර්මනිය හා රුසියාව අතර වෙළඳ සාකච්ඡා යලි ඇරඹුන හෙයිනි. මින් කලබල වූ බටහිර බලවත්තු තම පැරණි අමනාප කම් පසෙක ලා රුසියාව හා සාකච්ඡා ඇරඹූහ. ස්ටැලින් හමුවේ විකල්ප දෙකක් තිබිණ. පළමුවැන්න නම් බටහිර බලවතුන් හා එක්ව පෝලන්තය වෙනුවෙන් ජර්මනිය හා සටන් කිරීමය. එහෙත් ඔහුගේ කොන්දේසිය වූයේ එම සටන සිදුවිය යුත්තේ ජර්මනිය හා යාවූ පෝලන්ත බටහිර දේශසීමාවේ මිස රුසියාව හා යා වූ නැගෙනහිර දේසීමාවේ නොවන බවයි. ප්‍රංශය හා බ්‍රිතාන්‍යය බටහිරින් ජර්මනියට පහර දෙන්නෙ නම් හමුදා ඩිවිෂණ 136 ක්, යුද ටැංකි 9500ක් හා ගුවන් යානා 5500ක් නැගෙනහිර සටනට යෙදවීමට ස්ටැලින් කැමති වුවද රතු හමුදාව පෝලන්තය තුලට පිවිසීමට පෝල් වරු දැඩි ලෙස විරුද්ධ වූහ. ධවල පෝලන්ත ලීජනයට කොමියුනිස්ට්වාදය නයාට අඳුකොල මෙනි. “හිට්ලර් රට අල්ලගත්තොත් නැති වෙන්නෙ නිදහස විතරයි. ඒත් කොමියුනිස්ට් කාරයො වැද්දගත්තොත් ජාතික අධ්‍යාත්මයත් ඉවරයි” වෝර්සෝ රජය ලන්ඩනයට කීය. රුසියානු යෝජනාවට එකඟ වන ලන්ඩනය හා පැරිසිය පෝලන්තයට බල කරන අතර ජර්මන් නියෝජිතයෝ රුසියානුවන් බැහැ දුටූහ. ඒ අනුව ස්ටැලින් ගේ දෙවන විකල්පය වූයේ ජර්මනිය හා එක්ව පෝලන්තය බෙදා ගැනීමයි. ඒකාබද්ධ ආක්‍රමණයක් සඳහා අත්වැල් බැඳගන්නේ නම් භූමි කොල්ලයේ පංගුව ලෙස බග් නදියෙන් නැගෙනහිර ප්‍රදේශය රුසියාවට ලබාදීමට හිට්ලර් කැමැත්ත පල කොට සිටියේය. අර්බුදයේ තීරක බලය ලෙස සිය අගය මැනෙවින් වටහාගෙන සිටි ස්ටැලින් කෙවල් කරන්නට විය. ඔහුගේ තර්කය වූයේ නැගෙනහිර පෝලන්තය ඈඳා ගැනීමට අමතරව බෝල්ටික් කලාපය ෆින්ලන්තය හා බැසරේබියාව ද රුසියානු අනුහස් වැයික්කියට ඇතුලත් විය යුතු බවයි. පළමු ලෝක යුද්ධය හා ඔක්තෝබර් විප්ලවය තුලින් විනාශ වූ රුසියානු අධිරාජ්‍යය යලි ගොඩ නැඟීම ඔහුගේ අරමුණ විය. හිට්ලර් ඊට එකඟ වූයේ සුසුම් හෙලමිනි. 1939 සරත් වැසි ඇරඹීමට පෙර පෝලන්ත ආක්‍රමණය සම්පූර්න කිරීමට සලසුම් කරමින් සිටි ඔහුට නාස්ති කිරීමට කාලයක් නැත. එහෙත් මතු දිනෙක මෙම ප්‍රදේශ වෙනුවෙන් දෙපාර්ශ්වය යලි සටන් වදිනු ඇති බවට හිට්ලර් මෙන්ම ස්ටැලින් තුලද කිසිදු සැකයක් නොවීය. දෙදෙනාගේම ගැටළුව වූයේ කාලයයි. බටහිර බලවතුන් හා පෝලන්තය පමනක් නොව සමස්ත ලෝකයම පුදුමයෙනුත් පුදුමයට පත්වූයේ ජර්මනිය හා රුසියාව අගෝස්තු 23 දා මොස්කොව් නුවරදී අන්‍යොන්‍ය ආක්‍රමණය නොකිරීමෙ ගිවිසුමකට එලැඹූන බව ඇසීමෙනි. එහි රහස් ඇමුණුමට අනුව නැගෙනහිර පෝලන්තය, බැසරේබියාව, ෆින්ලන්තය, එස්ටෝනියාව ලිතුවේනියාව හා ලැට්වියාව රුසියාවට පැවරුන අතර මතබේදයට තුඩු දුන් රොමෙනියාව හා බල්ගේරියාව පිලිබඳ අවසන් තීරණය පමණක් පසුවට කල් තබන ලදී. වරක් කැඩුන වෘක-වලස් දීගය යලි අළුත් විය. 1939 සැප්තැම්බර් 01 දා හිට්ලර් පෝලන්තය ආක්‍රමණය කලේය. බ්‍රිතන්‍ය්ය හා ප්‍රංශය ජර්මනියට එරෙහිව නාමික වශයෙන් යුද ප්‍රකාශ කලද පෝලන්තයට සහාය වීම සඳහා ඔවුනට තවදුරටත් අවකාශයක් නොතිබිණ. ජර්මන් යුද ටැංකි පෝලන්ත තැන්න හරහා නොසිතූ වේගයෙන් ඉදිරියට යද්දී දත කට පූට්ටු වූ වොර්සෝ රජය ක්‍රෙම්ලිනයෙන් ආධාර ඉල්ලා අයැද සිටියද ඒ සඳහා ඔවුනට පිළිතුරක් හෝ ලැබුනේ නැත. සැප්තැම්බර් 17 දා රතු හමුදාව නැගෙනහිරින් පෝලන්තයට ඇතුල් වූ අවස්ථාවේ එම ප්‍රදේශ වල විසූ සිවිල් වැසියන් බොහෝ දෙනා විශ්වාස කලේ තම සහායට ඔවුන් පැමිණී බවකි. එහෙත් නාසි-සෝවියට් ගිවිසුමේ රහස් ඇමුනූමට අනුව එම ප්‍රදේශ රුසියාව විසින් ඈඳාගනු ලැබ ඇති බව ඔවුනට අවබෝධ වූයේ නොබෝ දිනෙකින් එහි පැමිණී NKVD භට කණ්ඩායම් විසින් දේශපාලන විරුද්ධවාදීන් යැයි සැක කෙරුන අයවළුන් දහස් ගණනින් සිරභාරයට ගැනීමට පටන් ගත් විටය. තෙසතියක් තුල පෝලන්ත ලෝක සිතියමෙන් අකා මකා දමන ලදී. සිවිල් යුද්ධයේදී තමාට බොහෝ සතුරු කම් කල පෝලන්තයෙන් දරුණූ ලෙස පලි ගැනීමට සෝවියට් වරු මෙය අවස්ථාවක් කොටගත් බවටත්, සිරභාරයට ගත් පෝලන්ත ලීජන හමුදාවේ හටයන් හා නිළධාරීන් විසි දහසක් ඝාතනය කොට කැටින් වනාන්තරයේ සමූහ මිනී වලක් තුල මිහිදන් කොට තිබියදී හමුවූ බවට කෙරෙන චෝදනාවත් මුළුමනින් බැහැර කල නොහේ. වොර්සෝවේ වීථි මත ජර්මන් යුද ටැංකි සැරිසරද්දී අගතියකින් තොරව බෝල්ටික් කලාපය සෝවියට් සංගමයට ඈඳා ගත් ස්ටැලින් ලැගෝඩා විල ඔස්සේ බිම්තීරුවක් හා දූපත් කිහිපයක් ඇතුළු භූමි ප්‍රදේශයක් භාර දෙන මෙන් ෆින්ලන්තයෙන්ද ඉල්ලා සිටියේය. ෆින්ලන්ත දේශසීමාවේ සිට සැතපුම් විස්සක් මෙපිටින් වූ ලෙනින්ග්‍රාඩයේ ආරක්ෂාව ක්‍රෙම්ලිනයට ඉමහත් කණස්සල්ලක් ගෙනදුන් බව සැබෑ වුවද ස්ටැලින්ගේ සැබෑ අරමුණ වූයේ පැරණි රුසියානු අධිරාජ්‍යයේ දේශසීමා යලි පිහිටුවීම බවට සැකයක් නොතිබිණ. ෆින් වරු එකඟ නොවූහ. ආරවුල කෙලවර වූයේ රතු හමුදාව ෆින්ලන්තයට පහර දීමෙනි. රුසියානු සෙනෙවි මණ්ඩලය හෙවත් ස්ටාව්කාවේ අපේක්ෂාව වූයේ ජර්මන් යුද ටැංකි පෝලන්තයේ අනුගමනය කල ‘විදුලි වේග යුද්ධෝපාය’ (Blitzkrieg) අනුගමනය කරමින් කෙටි යුද ව්‍යාපාරයකින් ෆින්ලන්තය පරාජය කිරීමය. එහෙත් මධ්‍යම යුරෝපයට වඩා බෙහෙවින් කටුක වූ ෆින්ලන්තයේ භූවිෂමතාව යුද ටැංකි මෙහෙයුම් සඳහා එතරම් සුදුසු වූයේ නැත. ඔක්තෝබරයේ දැඩි හිමපතනය අතරේ ඉදිරියට ගිය සම්මත ඔලිව් පැහැයෙන් වර්ණ ගන්වා තිබූ රුසියන් යුද ටැංකි හා කාකි පැහැයෙන් සැරසී සිටි භටයෝ සැඟවී සටන් කල ෆින්ලන්ත භටයන්ගේ පහසු ඉලක්ක බවට පත් වූහ. මෙහි ප්‍රථිඵලය වූයේ ඉක්මනින් අවසන් කල හැකිවෙතැයි සිතූ සටන වඩාත් දුෂ්කර හා දීර්ඝ යුද්ධයක් බවට පත් වීමයි. ප්‍රධාන ෆින්ලන්ත ආරක්ෂක සීමාව වූ මැනර්හයිම් මුරවැට බිඳ දැමීමට හය මසක් ගතවිය. අවසානයේ කලින් ඉල්ලා සිටි භූමියට වඩා විශාල බිම්කඩක් භාරදී සාමය ඉලා සිටීමට ෆින්ලන්තයට සිදු වුවද දුර්වල සතුරෙකුට එරෙහිව කෙරුන පමණට වඩා දීර්ඝ එම යුද්ධය රතු හමුදාවේ අභිමානයට ගෙනදුන්නේ ඉමහත් කැලලකි. ආක්‍රමණිකයා ලෙස හෙලා දකිනු ලැබූ රුසියාව ජාතීන්ගේ සංගමයෙන්ද නෙරපා හරින ලදී. සෝවියට්-ෆින්ලන්ත යුද්ධය වෘත්තිය බලකායක් ප්‍රතිසංවිධානය වූ රතු හමුදාව ලද පලමු වේදනාකාරී අත්දැකීමයි. ඔක්තෝබර් විප්ලවයෙන් අනතුරුව ගතවූ හුදෙකලාව තුල තමාට මඟ ඇරුන තවත් පාඩම් බොහෝ ඇති බව ස්ටාව්කාව වටහා ගත්තේය. රුසියාව පැත්තෙන් ගත් කල පෝලන්ත ආක්‍රමණය මෙන්ම ෆින්ලන්ත යුද්ධයද, එලැඹෙමින් තිබූ නොවැලැක්විය හැකි දෘෂ්ඨිමය සටන සඳහා ලද පෙරහුරුවකි. මේ වනවිට ප්‍රංශය ආක්‍රමනය කිරීමට සූදානම් වෙමින් සිටි හිට්ලර් සෝවියට්-ෆින්ලන්ත යුද්ධයෙන් එලැඹි නිගමනය නම් නිසි සැලැස්මකින් හෝ සම්බන්ධීකරණයෙන් තොරව සටන් වැදුන රතු හමුදාව පරාජය කිරීම කජු කන්නාක් මෙන් ලෙහෙසි වැඩක් බවය. වාස්තවික සාධක මත පදනම් වූ එම නිගමනය තාර්කික වශයෙන් සර්වසාධාරණ වුවද උපාය මාර්ගික වශයෙන් ඉමහත් විනාශයක් විය. එහ් ප්‍රතිඵලය වූයේ වසර එකසිය තිහකට පෙර නැපෝලියන් කල ඓතිහාසික වරද යලි පුනරාවර්තනය කිරීමට ඔහු තුල වූ පෙළඹීම හා ආත්මවිශ්වාසය වඩාත් දැඩි වීමයි.

Chamara Siriwardene

රතු හමුදාවේ අපූරු යුද අභ්‍යාසය[සංස්කරණය]

අපකීර්තිමත් ජයග්‍රහණයකින් කෙලවර වූ ෆින්ලන්ත යුද්ධය සෝවියට් සංගමයේ අභිමානයට එල්ල වූ මරු පහරකි. කෙසේ වුවද ඒ කරුණ මත ඈ ජාතින්ගේ සංගමයෙන් නෙරපා හැරීමට තීන්දු කරන ලද්දේ යටත් විජිතකරණය මඟින් පෙරදිග ජාතින්ගේ ස්වාධීනත්වය උල්ලංඝනය කරමින් සිටි බ්‍රිතානන්යයේ මූලිකත්වයෙන් වීම, 1920 දී මහත්මා ගාන්ධි ඇතෙකු ලවා පාගවා මරාදැමීමට සුදුසු යැයි කී වින්සන්ට් චර්චිල් යුරෝපයේ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටීම තරමටම හාස්‍යජනකය. එපමනක් නොව තෙමසකට පෙර බටහිර බලවතුන් විසින් නාසි ජර්මනියට එරෙහිව කොමියුනිස්ට් රුසියාව හා සන්ධානයක් පැතීම මඟින් පෙනී යන්නේ දේශපාලන වශයෙන් ඔවුන්ද හිට්ලර් හා ස්ටැලින් තරමටම අවස්ථාවාදී ලෙස කටයුතු කල බවයි. ස්ටැලින්ගේ රහස් නියෝගයක් මත NKVD සිරභාරයේදී මරාදැමුන පෝලන්ත යුද සිරකරුවන් දහස් ගනනක් කැටින් වානාන්තරයේ සමූහ මිනී වලවල් තුල මිහිදන් කෙරෙන අතර හිට්ලර්ගගේ හමුදා ප්‍රංශය ආක්‍රමණය කලහ.. මේ පිළිබඳ වැඩි විස්තර ‘හිට්ලර් නම් යුද කාමීයා’ යන පෙර ලිපියෙහි විස්තර කොට ඇත. හිට්ලර්ට සුභපැතුම් පණිවුඩයක් යැවීමට ස්ටැලින් පසුබට නොවුවද ඒ වනවිටත් දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය අවිශ්වාසය දළුලමින් තිබිණ. නාසි-සෝවියට් ගිවිසුම ප්‍රකාර රුසියානු අනුහස් වැයික්කියට අයත් බවට පිළිගැනුන රුමේනියාවට ජර්මනිය විසින් දේශසීමා සහතිකයක් ලබා දීමත්, ෆින්ලන්තය හා ගිවිසුමකට එලැඹීමත් ස්ටැලින්ගේ කෝපයට හේතුවිය. මේ පිළිබඳ කරුණු විමසීමට සෝවියට් විදේශ ඇමති ව්‍යාචෙස්ලාව් මොලොටොව් තකහනියක් බර්ලින් බලා පැමිණි අන්දම ‘හිට්ලර් නම් අධිරාජයා’ නැමති පෙර ලිපියෙන් විස්තර කොට ඇත. හිට්ලර් තරයේ කියාසිටියේ තමාට රොමේනියාවේ ඛණිජ තෙල් හා ෆින්ලන්තයේ නිකල් අවශ්‍ය බැවින් ‘මොනවා උනත්’ එලැඹි ගිවිසුම් අවලංගු කොට නොහෙන බවයි. යුද්ධය තමා අපේක්ෂා කලාට වඩා බොහෝ කලින් එලැඹෙනු ඇති බව ස්ටැලින් එපමණකින් වටහා ගත්තේය. යුද සූදානමේ වත්මන් තත්වය තක්සේරු කරනු වස් අපේක්ෂිත ජර්මන් ආක්‍රමණය පිළිබිඹු කෙරෙන යුද්ධඅභ්‍යාසයක් කැඳවන මෙන් කිරීමට රුසියානු සෙනෙවි මණ්ඩලයට හෙවෙත් ‘ස්ටාව්කාවට’ නියම කරන ලදී. යුද පෙරහුරුවේ ප්‍රථිපලය සිත් සසල කරවන සුළු විය. ජර්මන් යුද ශක්තිය පිළිබඳ බුද්ධි තොරතුරු අනුසාරයෙන් සංවිධානය කෙරුන එම අගැයීම තුලින් පැහැදිලිවම පෙනී ගියේ යුද ටැංකි හා ගුවන් යානා විශාල ලෙස යොදා ගනිමින් ඩිවිෂන 60ක් යොදවා බටහිර පෙරමුණේ ආක්‍රමණයකට මුහුන දීමට රතු හමුදාව තුල වූ සූදානම කිසිසේත් ප්‍රමාණවත් නොවන බවය. එවන් තත්වයක් තුල බටහිර රුසියාව අත හැර පසුබැසීමට සිදු වන බවත් සතුරාගේ ඉදිරි ගමන අඩාල කල හැක්කේ රට ඇතුලතදී බවත් පැහැදිලිව පෙණින. විදේශ ඇමති මොලොටොව් වහා කැඳවූ ස්ටැලින් මේ මොහොතේ ජර්මනිය හා හදිසි ගැටුමක් තුඩු දීමට ඉඩදෙන කිසිදු සිද්ධියක් ඇති නොවන තැනට වග බලාගන්නා මෙන් තරයේ උපදෙස් දුන්නේ හිස ගිනීගත්තෙකු මෙනි. ඔහුගේ උපාය වූයේ යාප්පුවෙන් ජර්මනිය රවටමින් තමාට අවශ්‍ය කාලය ලබා ගැනීමයි. සටන් හැකියාව හා සැපයුම් අතින් තවමත් දුර්වල වුවද ශාස්ත්‍රීය හා බුද්ධිමය වශයෙන් රතු හමුදාව මේ මොහොත වන විට විශිෂ්ඨ ප්‍රගතියක් ලබා තිබූ බව පෙනීයන්නේ මාස කිහිපයකින් දියත් කෙරුන සැබෑ ජර්මන් ආක්‍රමණය මෙම අභ්‍යාසයයේ ප්‍රථිඵලයන්ට බෙහෙවින් සමාන වූ නිසාය. ක්‍රෙම්ලිනයේ ඉතිහාසය VIII ලිපියෙන් වැඩිදුර විස්තර කොට ඇති ජනරාල් මිහයිල් කුටුසොව් හා ජනරාල් මත්වේයි ප්ලැටොව් කුමාරයා විසින් නැපෝලියන්ට එරෙහිව යොදාගත් සියවසක් පැරණී අහඹු දේශීය යුද උපක්‍රම වල ඇති කාලීන වැදගත් කම මෙන්ම නූතන යුද කලාව තුල තීරණාත්මක සාධකය පිරිස් බලය නොව ජංගමශීලීත්වය බවද එමඟින් දැඩිව අවධාරණය කොට තිබිණ. යුද අභ්‍යාසය පිළිබඳ සමාලෝචනය කිරීමේ හදිසි හමුවක් සඳහා ආරක්ෂාව පිළිබඳ මහජන කොමිසාර් කාර්යාලයේ (සෝවියට් ආරක්ෂක අමාත්‍යාංශය) හා රතු හමුදාවේ නිළධාරින් ක්‍රෙම්ලිනයට කැඳවන ලදී. සැසියට ඉහල පෙලේ පක්ෂ නායකයෝද සහභාගී වූහ. ලාභ ටියුනික් කබායක් හැඳ පයිප්පය කට් රුවාගත් ස්ටැලින් පසුවූයේ නොසතුටු සිතිනි. පසු බැස්මට හේතු හා ඊට විසඳුම් දැන ගැනීමට ඔහුට උවමනා විය. පැරණි සාර් හමුදාවේ නිළධාරියෙකු වූ අවිආයුධ පිළිබඳ නියෝජ්‍ය මහජන කොමිසාර් ග්‍රොගෝරි කුලික් කියා සිටියේ වෙඩි බලයේ අඩුලුහුඬ් කම් සමනය කිරීම සඳහා රයිපල් ඩිවිෂන වල මිනිස් බලය වැඩි කොට අසුන් යොදා ගෙනිමින් කාළතුවක්කු බලඇණි වල ජංගමශීලීත්වය ඉහල නැංවීම සුදුසු බවය. ගතානුගතක පුද්ගලයෙකු වූ ඔහු තුල යාන්ත්‍රික යුද ශිල්පය කෙරේ විශ්වසයක් නොතිබිණ. යුද ටැංකි පාබල හමුදාවේ සහායක ලෙස දුටු කුලික් රතු හමුදාවේ සම්මත ප්‍රධාන අවිය ලෙස PPD 40 අර්ධ-මැෂින් තුවක්කු නිකුත් කිරීම නිරපරාදේ පතොරම් නාස්තියක් ලෙසත් විශාල වශයෙන් යුදටැංකි නිෂ්පාදනය අමු ද්‍රව්‍ය අවභාවිතාවක් ලෙසත් සැලකූ අයෙකි. මේ වන විට සාර්ථකව අත් හදා බලමින් තිබූ BM-13 ට්‍රක් රථ මත සිට විදීමට සැලසුම් කෙරුන ‘කත්යූෂා’ නැමති රොකට් මෝටාර් යන්ත්‍ර නිෂ්පාදනය ගැනද ඔහු තුල ඒ හැටි මනාපයක් නැත. එවැන්නෝ සුළු පිරිසක් කොතැනත් සිටිති. එහෙත් කෝපයෙන් සිටි ස්ටැලින් ඔහුට සැරවිය. “අද කාලෙ යුද්ධ ජය ගන්නෙ යාන්ත්‍රික බල ඇණි වලින් මිසක් අශ්ව කරත්ත වලින් නෙවෙයි. ” අනතුරුව නැඟී සිටියේ යුද අභ්‍යාසයේ ‘සතුරු පිල’ නියෝජනය කල තරුණ අණදෙන නිළධාරියයාය. ඔහුගේ මතය වූයේ බයිලෝරුසියාවේ ආරක්ෂක වැටවල් දේශ සීමාවට ඉතා ආසන්න වැඩි බවත්, ඒ වායේ ගැඹුර ප්‍රමානවත් නොවන බවත්ය. ආරක්ෂක සටන් වලදී මෙම තත්වය අවසිදායක ලෙස රූපණය වන බවත් බ්‍රෙෂ්ට් බලකොටුව සතුරාට පහසුවෙන් නිරාවරනය වන බවත් හේ පෙන්වා දුන්නේය. නිලයෙන් ජනරාල් වරයකු වූ මෙම නිළධාරියා ජෝර්ජි කොන්ස්තන්තිනෙවිච් ෂුකොව් නම් වී. “ජෝර්ජි කොන්ස්තන්තිනෙවිච්! ආරක්ෂක සීමා ඉදි කරල තියෙන්නෙ මිලිටරි කවුන්සිලයෙ නිර්දේශ වල හැටියට මිසක් ආවට ගියාවට නෙවෙයි!” ආරක්ෂාව භාර කොමිසර් තැන්පත් සෙම්යොන් තිමොෂෙන්කෝ බෙරිහන් දුන්නේ පුපුරා හැලෙමිනි. සෝවියට් නිලධාරිවාදය තුල නව අදහස් ඉදිරිපත් කිරීම කෙතෙක් අනතුරුදායක අත්හදා බැලීමක්ද යන වගට සෝවියට් යාන්ත්‍රික යුද ශිල්පයේ මෙන්ම රතු හමුදාවේ අනාගත උපාය වූ ‘ග්ලූබෝකයා’ නොහොත් ‘ගැඹුරු මෙහෙයුම්’ (Deep Operations) න්‍යායේ පියා ලෙස සැලකෙන මාෂල් මිහායිල් ටුක්හාචෙව්ස්කිගේ ඉරණම හොඳ නිදසුනකි. (මෙ පිළිබඳ කලින් ලිපියේ විස්තර කොට ඇත). මතබේදයට තුඩු දුන් ආරක්ෂක කලාප ඉදි කරන ලද්දේ හිටපු ආරක්ෂ කොමිසාර් මෙන්ම තම සමීප සගයකු වූ ක්ලෙමෙන්ති වොරොෂිලොව් විසින් නිසාදෝ ස්ටැලින් කිසිවක්ම කීවේ නැත. තවත් තාක්ෂණික ගැටළු කිහිපයක් සාකාච්ඡාවට භාජනය කල සභා තොමෝ අනතුරුව විසිර ගියාහ. පසු දින උදෑසන සේවයට වාර්තා කල ජෝර්ජි ෂුකොව්ට වහා ස්ටැලින් හමුවේ පෙනී සිටින මෙන් අණක් ලැබිණ. අවෙලාවේ ලඩ මේ නියෝගයෙන් ඉමහත් පුදුමයට පත් අසරණ ජනරාල් තැන ලහි ලහියේ ක්‍රෙම්ලිනය බලා ගියේ යහපතක් අපේක්ෂාවෙන් නොවන බව වෙසෙසින් මෙහිලා සඳහන් කල යුතු නැත. වඩාත් පුදුමයට කරුණ වූයේ සුපුරුදු ලාභ ටියුනික් කබායෙන් සැරසී පයිප්පය මුව තුල රුවාගෙන සිටි ස්ටැලින් ඔහුට අතට අතදී පිලිගැනීමට ඉදිරිපත් වීමයි. “ජෝර්ජි කොන්ස්තන්තිනෙවිච්! දේශපාලන මණ්ඩලය ඊයෙ තීරණය කලා තමුසෙව රතු හමුදාවේ මාණ්ඩලික ප්‍රධානී තනතුරට පත් කරන්න. ගිහින් වැඩ භාරගන්නවා.” “සමාවෙන්න ස්ටැලින් සහෝදරයා. මම පෙරමුණු අණදෙන්නෙක්. මාණ්ඩලික ප්‍රධානියෙක් විදියට මට අත්දැකීම් නැහැ.” “මේක මගේ තීරණයක් නෙවෙයි. වහාම ගිහින් වැඩ භාරගන්නවා. ඉතුරුවා පසුවට බලමු. ” ස්ටැලින් සිනාසුනේය. පය භාගයකට පසු ජෝර්ජි ෂුකොව් සිටියේ පෙරදින රැස්වීමේදී තමාට කෑ කෝ ගැසූ ආරක්ෂක කොමිසාර් ඉදිරිපිටය. “තමුසෙ තනතුර භාරගන්න බැහැ කිව්වද? ස්ටැලින් සහෝදරයා මට මේ දැන් ටැලිපෝන් කලා” තිමොෂෙන්කෝ තවදුරත් දොස් පැවරීමට සැරසුන බවක් පල කලද තම මුවඟට නැඟුන සිනාව මැඩ ගැනීමට අසමත් වූ ඔහුගේ හඬෙහි වූයේ මිතුරු ස්වරයකි. “තමුසෙගෙ රාජකාරි පුර්කායෙව්ට භාරදීල හෙටම ඇවිත් වැඩ භාරගන්නවා…” 1941 පෙබරවාරි 01 දා ජෝර්ජි ෂුකොව් රතු හමුදාවේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරියා ලෙස ලද පත්වීම ඉතිහාසයේ දෛවෝපගත සන්ධිස්ථානයක් ලෙස සැලකීමෙහි ලා වරදක් නැත. නොඑසේ වී නම් දෙවන ලෝක යුද්ධයේ ප්‍රථිඵලය බොහෝ වෙනස් වීමට ඉඩතිබිණ...

Chamara Siriwardene

මහා යුද්ධයේ පෙර සැඳෑව[සංස්කරණය]

1941 පෙබරවාරියේ රතු හමුදාවේ යුද සූදානම පිළිබඳ නව මාණ්ඩලික ප්‍රධානී ජෝර්ජි ෂුකොව් විසින් කඩි මුඩියේ කල ඇගැයීමද යුද අභ්‍යාසයේ ප්‍රථිඵලය තරමට තැති ගන්වන සුළු විය. සෝවියට් සංචිතය සතුව ඒ වනවිට සන්නද්ධ වාහන 17,000 ක් සමන්විත වූ බව සැබෑවක් වුවද, මුල් පරම්පරාවේ සැහැල්ලු යුද ටැංකි වූ ඒවා ජර්මන් හමුදාව විසින් දැන් ක්ෂෙත්‍ර ගත කල පැන්සර් III හා IV කාණ්ඩයේ වාහන වලට මුහුණ දීමට කිසිසේත්ම සෑහුනේ නැත. මෙමඟින් පෙනී ගියේ පවිත්‍රකරණය අතරතුර මාෂල් මිහායිල් ටුක්හාචෙව්ස්කිට දේශපාලන හේතූන් මත මරණ දඬුවම පැමිණවීමෙන් පසු සෝවියට් යාන්ත්‍රික යුද ශිල්පය වැරදි මඟට යොමුව තිබූ බවයි. අවිආයුධ සැලසුම් භාරව සිටි ග්‍රිගෝරි කුලික් කොමිසාර් තැන ගතානුගතික අදහස් දැරූවෙකු බව අපි දනිමු. රතු ගුවන් හමුදාවේ තත්වයද මීට නොදෙවනි විය. සංචිතය මුළුමනින්ම පාහේ යල්පැනගිය සැහැල්ලු යානා වලින් සමන්විත වූ අතර මිග්-3 හා ඉල්යූෂින්- 2 ගුවන් වයානා එ වනතුරුත් අත්හදා බැලෙමින් තිබිණ. ගුවන් හමුදාවේ ප්‍රති සංවිධානය අපේක්ෂා කෙරුනේ තුන් වන පස් අවුරුදු සැලැම අවසානයේදීය. යෝජිත නව රෙජිමේන්තු 109න් නුදුරු අනාගතයේ සම්පූර්ණ කොට හැකිව තිබුනේ ඒකක 19කි. මේ හේතුවෙන් අතැති සියළු ගුවන් යානා නාශක අවි හා රේඩාර් පද්ධති සියල්ල උපාය මාර්ගික වශයෙන් වැදගත් වූ ස්කොව් හා ලෙනින්ග්‍රාඩ් නගරය කේන්ද්‍ර කොට ස්ථාන ගත කිරීමට ෂුකොව් තීරණය කලේය. පැවති තත්වය පිළිබඳ ෂුකොව් ඉදිරිපත් කල අගැයීමට පුරා පැයක් සවන් දුන් ආරක්ෂක කොමිසාර් සෙම්යොන් තිමොෂෙන්කෝ කොහෙත්ම පුදුමයට පත් බවක් පල නොකලේය. අනතුරුව දුරකථනයෙන් ස්ටැලින් සමඟ කෙටි පිළිසඳරක යෙදුන හෙ මෙසේද කීය. “අන්න ස්ටැලින් සහෝදරය තමුසෙට එන්න කිව්ව. හැබැයි මතක තියාගන්නවා එයා දීර්ඝ වාර්තා වලට කැමති නැහැ. මේ ඔක්කොම එයා දැනටමත් දන්නවා. තමුසෙගෙ යෝජනා විතරක් ඉදිරිපත් කරනවා.” පසුදින ෂුකොව් මොස්කොව් නුවරට එපිටින් වූ ස්ටැලින්ගේ ගම්බද නිවෙසට ගියේ තම සහායකයා වූ ලුතිනන් ජනරාල් නිකොලායි වටුටින් සමඟය. පුළුල් උපායමාර්ගික දැක්මක් සහිත වටුටින් අසාමාන්‍ය කඩිසර බවකින් යුත් නිලධාරියෙකි. තිමොෂෙන්කෝ හා අවි ආයුධ කොමිසාර් කුලික් මෙන්ම විදේශ ඇමති මොලොටොව් ඇතුළු තවත් දේශපාලන මණ්ඩලයේ සාමාජිකයන් කිහිපදෙනෙක්ද සමඟ ස්ටැලින් පාතරාසය බුදිමින් සිටියේය. ඉතා සරල පෞද්ගලික දිවියක් ගත කල ඔහුගේ කෑම වේල සමන්විත වූයේ ගෝවා සුප්, තැම්බූ මස්, පලතුරු හා ජෝර්ජියානු වයින් වලිනි. හමුදා නිළධාරීන් දෙදෙනාද මේසයට කැඳවන ලදී. ජෝර්ජියානු වයින් පානය කරමින් පෙරදින තමා තිමොෂෙන්කෝට කල විස්තරය ලුහුඬින් ඉදිරිපත් කල ෂුකොව් තත්වය ඉතා අවදානම් බැවින් බටහිර හමුදා දිස්ත්‍රික්ක ඉතා ඉක්මනින් යුද සූදානමකට ගෙන ඒමෙ වැදගත් කම යලි යලිත් අවධාරනය කලේය. ස්ටැලින් සවන් දුන්නේ නිහඬවය. “තමුසෙ හෙටම ගිහින් අපේ අළුත් ‘කත්යූෂා’ රොකට් යන්ත්‍රය පරීක්ෂා කරනවා. භාවිතයට සුදුසු නම් ඒවා දැන් මහාපරිමාණයෙන් නිෂ්පාදනය කරන්න අපිට පුළුවන්. හැබැයි ආරක්ෂක ඉදි කිරීම් වලට මේවෙලාවෙ වැය කරන්න සම්පත් අපිට නැහැ. ඒව තමුසෙලට තියන විදියට පිරිමගන්න වෙනවා…” ඒ ස්ටැලින්ගේ අවසන් තීරණයයි. කෙසේ වුවද ෂුකොව් ගේ නිර්දේශ සැලකිල්ලට ගත් ස්ටැලින් මාර්තුවේදී අතිරේක යාන්ත්‍රික රෙජිමේන්තු විස්සක් හ ගොඩනැඟීම සඳහා අනුමැතිය දුන්නේය. ඒවා සන්නද්ධ කිරීම පිණිස නූතන T 34 හා KV කාණ්ඩයේ බර යුද ටැංකි 16,800 ක් අවැසි බවට ගණන් බලන ලදී. එහෙත් සෝවියට් කර්මාන්තශාලා වලට කෙටි කලක් තුල එම අවශ්යතාව සැපයීම සඳහා ධාරිතාවක් නොතිබුනේ යුධ ටැංකි නිෂ්පාදනය ප්‍රමුඛ අවශ්‍යතාවක් ලෙස ඒ තාක් නොසැලකුන නිසාය. නිෂ්පාදන පිරිවැය අතින් ලාභදායී යුද ටැංකි-නාශක බ්‍රිගේඩ දහයක් ගොඩ නැගීමෙන් එම අඩුපාඩුව තරම් හෝ සමනය කොට ගැනීම ස්ටාව්කාවේ අපේක්ෂාව විය. වඩාත් සංකීර්ණ වූයේ සැපයුම් හා සම්බන්ධීකරණයයි. බර යුද ටැංකි ගමනා ගමනය සඳහා මහා මාර්ග හා පාලම් අළුත්වැඩියා කලයුතු වූ අතර ගුවන් යානා සඳහා ප්‍රමාණවත් ගුවන් පථ මෙන්ම භට පිරිස් ප්‍රවාහනය සදහා සෑහෙන දුම්රිය මාර්ග හෝ මැදිරි සෝවියට් සංගමය සතුව නොතිබිණ. මුළුමනින්ම බැර කර්මාන්ත ඉලක්ක කොටගත් තෙවන පස් අවුරුදු සැලැස්ම සඳහා වෙන්කෙරුන රූබල් කෝටි 18000 තුල යටිතල පහසුකම් සඳහා වූ ප්‍රතිපාදන ඉතා සිමිත වූ හෙයින් මේ අවශ්‍යතා කෙරේ අවධානයක් යොමුකිරීමෙහිලා අවකාශයක් නුවූ තරම්ය. එහෙත් සංචිත බලඇණී පුහුණුව සඳහා කැඳවීමට ස්ටාව්කාව කල යෝජනාව කෙරේ ස්ටැලින් දැක්වූයේ පැකිලෙන සුළු ආකල්පයකි. දැවැන්ත පරිමාණයේ බඳවා ගැනීම් හා පුහුණු කිරීම් ජර්මනිය විසින් යුද්ධය සඳහා හේතුවක් කොට ගනු අතැයි හේ බියෙන් පසුවිය. අවසානයේ අතිරේක භටයන් අට ලක්ෂයක් කැඳවීමට නියෝග නිකුත් කිරීමට ඔහු කැමති වුවද ඔවුන්ගේ පුහුණුව යෙදුනේ සරත් සමයටයි. එතෙක් කුඩා කණ්ඩායම් වශයෙන් බටහිර හමුදා දිස්ත්‍රික්කවලට අනුයුක්ත කෙරුන මෙම නව ඒකක වලට නිසි සම්බන්ධීකරණ පහසුකම් නොවූ අතර ඔවුන් සතුව ගුවන් විදුලි සංඥා උපකරණ තිබුනේ අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩකටත් අඩුවෙනි. අවි සැලසුම් ශිල්පීන් සමඟ සාකච්ඡා පවත්වමින්ද, අවි කර්මාන්තයේ ප්‍රගතිය නිරික්සමින්ද, බටහිර හමුද දිස්ත්‍රික්කවල ආරක්ෂක විධිවිධාන පිරික්සමින්ද, අලස සෙබළුන්ට තර්ජනය කරමින්ද, රතු හමුදාව ප්‍රමාණවත් යුද සූදානමකට ගෙන ඒම සඳහා දිනකට පැය 20ක් පමණ වෙහෙසුන ෂුකොව් මේ වනවිට නිදාගත්තේද තම කාර්යාලය තුලය. මැයි මස වන විට බටහිර පෙරමුනේ භටයන් විසි නවලක්ෂයක් හා NKVD දේශසීමා ආරකෂක ඩිවිෂන 11ක් ස්ථාන ගත කිරීමට හේ සමත් විය. එහෙත් නිෂ්පාදන ප්‍රමුඛතාවය ලැබුනේ බොහෝ ප්‍රමාද වී බැවින් මේ කාලය තුල සෝවියට් බැර කර්මාන්ත වලට සැපයිය හැකි වූයේ නවීන ‘ඉල්යූෂින්’ හා ‘යාක්’ ගුවන් යානා 1500 ක් හා T -34 හා KV යුද ටැංකි 1475ක් පමණී. සෙසු සියල්ල යල්පැනගිය උපකරණ විය. තමා නුදුරේදීම බ්‍රිතාන්‍යයට පහරදෙන බවක් ප්‍රසිද්ධියේ හැඟවූ හිට්ලර්, රුසියානු ආක්‍රමණය සඳහා යොදා ගෙන තිබුනේ 1941 මැයි 15 දාටයි. පෝලන්තයේ සිටි තම ඔත්තු කරුවන්ගෙන් මේ තොරතුරු අසා දැනගත් ස්ටාව්කාව ඒ බව ක්‍රෙම්ලිනයට වාර්තා කලද, ස්ටැලින් එය විශ්වාස කිරීමට මැලිවිය. තමා ජර්මනිය හා අකල් යුද්ධයකට පටලැවීමේ අටියෙන් ඉංග්‍රීසීන් හිතාමතා ව්‍යාජ තොරතුරු නිර්මානය කරන බවට ඔහු සැක කලේය. යුගොස්ලාවියාවට හමුදා යැවීමට හිට්ලර් ගත් හදිසි තීන්දුව නිසා ආක්‍රමණය ජුනි 22 දා කල් දැමීමට ජර්මන් සෙනෙවි මණ්ඩලයට සිදු වූයේ ඒ අතරයි. එහි ප්‍රථිඵලය වූයේ තමා ලද බුද්ධි තොරතුරු පිළිබඳ ස්ටැලින් තුල වූ විශ්වාසය වඩාත් හීන වීමයි. එහෙයින් ඔහු දෙවැනි හා තෙවැනි අනතුරු ඇඟවීම් ගැන වැඩිමනත් තැකීමක් කෙලේ නැත. එහෙත් නුදුරේදීම ආක්‍රමණයක් සිදු විය හැකි බව හඟවමින් දිගින් දිගටම ලද බුද්ධි තොරතුරු පිළිබඳ ඉමහත් විශ්වාසයෙන් පසුවූ ස්ටාව්කාව වහා බටහිර හමුදා දිස්ත්‍රික්ක වලට අනතුරු හැඟවීමේ නියෝගයක් නිකුත් කල යුතු බවට ස්ටැලින්ට නැවත නැවතත් සිහිපත් කලෝය. එහෙත් ස්ටැලින් තවදුරටත් පසුවූයේ දෙගිඩියාවෙනි. තම අඩු සූදානම ගැන දත් හේ ඉක්මන් වී අත ඉස්සර කොට ගැනීමට තවදුරටත් බිය විය. ජුනි 21 දා මොස්කොව් නුවර උණුසුම් ගිම්හාන දිනකි. නගර වැසියෝ සාමාන්‍ය පරිදි තම දෛනික කටයුතු වල නිරත වෙද්දී ස්ටාව්කාවට අසන්නට ලැබුනේ විශාල ජර්මන් හමුදා කණ්ඩායම් කිහිපයක් රුසියානු දේශසීමාව දෙසට සමීප වෙමින් සිටින බවයි. සවස් වරුවේ වහා ක්‍රෙම්ලිනයට ගිය තිමොෂෙන්කෝ හා ෂුකොව් වහා බටහිර පෙරමුණට අනතුරු හැඟව්මේ නියෝගයක් නිකුත් කලයුතු බවට ස්තැලින්ට බලකොට සිටියෝය. තවත් බොහෝ වේලාවක් එකල මෙකල වෙමින් සිටි ආඥාදායකයා අවසානයේ දී ඊට එකඟ වූයේ තත්වයේ ඇති බැරෑරුම් බව වටහා ගත් නිසා විය යුතුය. ඒ වනවිට මොස්කොව් නුවරට මධ්‍යම රාත්‍රිය උදා වෙමින් තිබිණ. නියෝගය පහත සඳහන් පරිදි විය.

ලෙනින්ග්‍රාඩ්, ඔඩෙස්සා, කියෙව්, හා බෝල්ටික් පෙරමුණු අණදෙන නිළධාරී වෙත, 01. ජුනි 22-23 අතර ඉහත දිස්ත්‍රික්කවලට ජර්මන් ප්‍රහාරයක් එල්ලවීමේ අවදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇත. 02. නිළධාරීන්ගේ හා භටයන්ගේ කාර්යය වනුයේ පූර්ණ සූදානමක පසුවීමත් ජර්මනුන් ගේ ප්‍රකෝපකාරී ක්‍රියා තුලින් වඩාත් සංකීර්ණ තත්වයක් උද්ගත වීම වැලැක්වීමත්ය. 03. ජුනි 22 දා අළුයම වන විට පෙරමුණූ ආරක්ෂක සීමා තුල රහසිගත ලෙස භට පිරිස් ස්තානගත කල යුතු වන අතර සවස් වන විට සිටළු ගුවන් යානා හා ගුවන් පථ සතුරාට නොදැකිය හැකි පරිදි ආවරණය කල යුතුය. 04. නිශ්චිත වැඩි දුර නියෝග වලින් තොරව වෙනත් කිසිදු පියවරක් නොගත යුතුය. අත්සන් කලේ

රතු හමුදාවේ උත්තරිතර ඉහල අණදෙන මූලස්ථානය (ස්ටාව්කා) වෙනුවට

සෙම්යොන් තිමොෂෙන්කෝ ජෝර්ජි ෂුකොව් ආරක්ෂක කටයුතු ප්‍රධාන මාණ්ඩලික පිළිබඳ මහජන කොමිසාර් නිළධාරී

මෙය ගුවන් විදුලි කේත ඔස්සේ බටහිර හමුදා දිස්ත්‍රික්ක වලට යවන විට ජුනි 22 දා අළුයම 1.00ට ආසන්නව තිබිණ. එහෙත් හදිසි නියෝගය ප්‍රකාර ඉදිරි ආරක්ෂක සීමා තුල ස්ථාන ගත කිරීමට අණදෙන නිළධාරීන්ට අවස්ථාවක් ලැබුනේ නැත. ඒ අළුයම 3.30ට ජර්මන් ආක්‍රමණය ඇරඹුන බැවිණි. Chamara Siriwardene

දෙවන දේශප්‍රේමී යුද්ධය[සංස්කරණය]

1941 ජුනි 22 අළුයම ස්ටාව්කාවේ මෙහෙයුම් ප්‍රධානී ලුතිනන්-ජනරාල් නිකොලායි වටුටින්ගේ පෞද්ගලිකව අධීක්ෂණය යටතේ ආක්‍රමණය පිළිබඳ අනතුරු හැඟවීමේ නියෝගය අඩංගු ගුවන්විදුලි පණිවුඩය බටහිර හමුදා දිස්ත්‍රික්ක වලට සම්ප්‍රේෂණය කරන අතර ආරක්ෂක කොමිසාර් කාර්යාලය තුලට වී තිමොෂෙන්කෝ හා මාණ්ඩලික ප්‍රධානී ෂුකොව් තේ පානය කරමින් සිටියේ අනාගතය පිලීබඳ අවිනිශ්චිත හැඟීමෙන් යුතුවය. කිසියම් බරපතල යමක් ආසන්න බවට දෙදෙනාම ඉවෙන් මෙන් වටහාගෙන තිබුනද තම හැඟිම් වචනයට නැඟීමට එක් අයෙකු හෝ මේ මොහොතේ උත්සුක නුවූහ. පණිවුඩය යැවීමෙන් නොනැවතුන කඩිසර වටුටින් අධි සංඛ්‍යාත ගුවන් විදුලියෙන් අදාල හමුදා දිස්ත්‍රික්ක අමතමින් සියළු අණදෙන නිළධාරීන් තත්වය පිළිබඳ දැනුවත් කලේය. හඳුනා නොගත් ගුවන් යානා සමූහයක් තමා දෙසට ලඟා වෙමින් සිටින බවට කළු මුහුද භාර නාවුක ආඥාපති තැන වාර්තා කොට සිටින විට අළුයම තුන පසුවී මිනිත්තු හතක් ගෙවුනා පමණි. “මොකද්ද තමුසෙ ගන්න තීරණය? ” ෂුකොව් විමසීය. “සහෝදරය අණ කල වහාම පහර දෙන්න අපි සූදානම්! ” එම නියෝගය නිකුත් කොට හැකිව තිබුනේ ස්ටැලින්ට පමණි. එහෙත් නාස්ති කිරීමට කාලයක් ඉතිරිව නොතිබිණ. “ වහාම පහර දෙනවා,” ෂුකොව් අණ කලේ රිසිවරයට ඉහලින් තිමොෂෙන්කෝ දෙස බලමිනි. ආරක්ෂක කොමිසාර් එය අනුමත කරමින් හිස සැලීය. තීරණාත්මක අවස්ථාවේ අවදානම ගෙන කටයුතු කිරීම හමුදා නිලධාරියාගේ වගකීමයි. බයිලෝ රුසියාවේ, යුක්‍රේනයේ හා බෝල්ටික් ප්‍රදේශයේ නගර වලට ගුවන් ප්‍රහාර එල්ලවන බවට අළුයම 3.30 සිට දිගින් දිගටම වාර්තා ලැබෙන්නට විය. ෂුකොව් ස්ටැලින්ගේ පෞද්ගලික දුරකථනයට ඇමතුමක් ගත්තේය. “මොනවා? මේ වෙලාවෙ?” ක්‍රෙම්ලිනයේ සංඥා පුවරුවේ රාජකාරි භාර NKVD ජනරාල් වරයා ඇසුවේ සිය දෙසවන් අදහා ගත නොහැකිවය. අළුයම තුනහමාරට ස්ටැලින්ට ඇහැරවීමට කිසිවෙකු ඉදිරිපත් නොවෙති. “ඉක්මන් කරනවා!” ෂුකොව් කෝපයෙන් කෑගෑවේය. “ජර්මන්නු අපට පහර දෙනවා!” නින්දෙන් ඇහැරවනු ලැබූ ස්ටැලින් ඒ මහා විපතට සවන් දුන්නේ නිහඬවය. ස්ටාව්කා ලොක්කෝ හා දේශපාලන මණ්ඩල සභිකයෝ එකෙනෙහිම ක්‍රෙම්ලිනට කැදවනු ලැබූහ. වයඹ දිග හා බටහිර පෙරමුණු වලට එල්ල වූ දැවැන්ත කාලතුවක්කු ප්‍රහාරයක් එල්ල වන බව වාර්තා වූයේ ඒ අතරය. “ජර්මන් ආණ්ඩුව යුද ප්‍රකාශ කරලා!” තානාපති කාර්යාලයෙන් ලද තුණ්ඩුවක් අතැතිව එහි කඩා වැදුන විදේශ ඇමති මොලොටොව් කෑ ගැසීය. ස්ටැලින් ඔහු දෙස බැලුවේ සිය දෙසවන් අදහා ගත නුහුන කලක මෙනි. ඔහු නිහඬව පුටුව මතට වාරුවූයේ තම දෙපා පණ නැතිවූ ලෙසටය. දේශපාලන මණ්ඩල සභිකයන් වික්ෂිප්තව බලා සිටියදී ෂුකොව් අයැද සිටියේ වහා සතුරාගේ ඉදිරිගමන නැවත්වීමට අණක් නිකුත් කරන ලෙසටයි. “ඉදිරි ගමන නවත්වන්න නෙවෙයි, සතුරා සමූලඝාතනයට අණ කරන්න!” ආරක්ෂක කොමිසාර් තිමොෂෙන්කෝ එය නිවැරදි කලේය. බෙහෙවින් අධෛර්යයට පත්ව සිටි ස්ටැලින් කලේ තම අනුමැතිය හඟවමින් හිස සැලීම පමණී. වහා නියෝගය සූදානම් කරනු ලැබුවද එය සම්ප්‍රේෂණය කිරීමට හැකියාවක් නුවූයේ වූයේ ඒ වනවිටත් උදම් රැලක් මෙන් බටහිර පෙරමුණ හරහා ඉදිරියට එමින් සිටි ජර්මන් ඉදිරි පෙල බල ඇණී විසින් සියළු සන්නිවේදන මාර්ග කපා හැර තිබූ නිසාය. මේ හේතුව නිසා නියෝග යැවීම පමනක් නොව ඒ ඒ ප්‍රදේශ වල ස්දු වන්නේ කුමක්දැයි දැන ගැනීමද අතිශය අසීරු විය. දේශසීමා නගර ඉලක්ක කොටගෙන එල්ලවුන දැවැන්ත ගුවන් හා කාලතුවක්කු ප්‍රහාරයකින් අනතුරුව බලසම්පන්න සතුරු යුද ටැංකි කණ්ඩායම් තුනක් සමස්ත බටහිර පෙරමුණ ඔස්සේ සීඝ්‍රයෙන් රට තුලට ඇදී එන බවත්, සතුරාට කොටුවූ ඉදිරි ආරක්ෂක සීමාවල හුන් භටයන් ඇතැම් ස්ථාන වලදී කුඩා කණ්ඩායම් ලෙස සංවිධානය වී තනි තනිව සටන් වදින බවත් ස්ටාව්කාව අවබෝධ කොට ගත්තේ ජුනි 22 මධ්‍යාහේනය ආසන්න වන විටදීය. ඒ උදාවී තිබුනේ අපේක්ෂා කොට හැකිව තිබූ නරකම තත්වයයි. සතුරු බල ඇණිය ඩිවිෂන 100යට නොඅඩු (සැබවින්ම ඩිවිෂන 153 කි) විය යුතු බවට මේ ඇසුරුන් ස්ටාව්කාව කල අනුමානය ඇසූ ස්ටැලින් කර්දාසියක් සුදුමැලි විය. එවැනි පරිමාණයේ ආක්‍රමණයක් හේ කිසිසේත්ම අපේක්ෂා කොට නොතිබිණ. පස්වරු 1.00ට දුරකථනයෙන් ෂුකොව් ඇමතූ හේ මෙසේ පවැසුවේ දුර්මුඛ වූ හඬිනි. “මේ වගේ තත්වයකදි අවශ්‍ය තීරණ ගන්න තරම් අපේ නිළධාරීන්ට අත්දැකීම් නැහැ. දේශපාලන මණ්ඩලය තීරණය කලා තමුසෙව ස්ටාව්කාවෙ නියෝජිතයා ලෙස වහාම නිරිතදිග පෙරමුණට යවන්න. කල්නල්-ජනරාල් කෘෂෙව් (නිකිතා කෘෂෙව්) කියෙව් නුවර තමුසෙ බලාපොරොත්තුවෙන් ඉන්නවා.” “මොනවා? කවුද එතකොට මේ වෙලාවෙසෙනෙවි මණ්ඩලයෙ කටයුතු බලා කියාගන්නෙ?” “වටුටින්ට භාර දෙනවා. මිනිහ ඒ වැඩ ටික කරාවි,” හෝරාවකට පසු ෂුකොව් යුක්‍රේනය බලා ගුවන් ගත විය. ජුනි 22 දා අළුයම තම පළමු ආරක්ෂක සීමා අනපේක්ෂිත ජර්මන් උදම් රල විසින් යටපත් කරගනු ලැබූවද, දේශසීමාව ආසන්නයේ ස්ථානගත කොට තිබූ දහස් ගණනක් වූ යුද ටැංකි හා ගුවන් යානා පණ ගැන්වීමට පවා අවස්ථාවක් නොලැබ විනාශ වී තිබුනද, ඉන් අධෛර්යමත් නුවූ ආරක්ෂකයන් සිය මුළු වැර යොදා සටන් වැදුනේ තම මරණය නියත බව දැන දැනමය. රතු හමුදාවේ නොමියන මහිමයට හේතුවූ බ්‍රෙෂ්ට් බලකොටුවේ හා දොන් නිම්නයේ සටන් අද දක්වාත් ඒ ඒ ප්‍රදේශ වල ජනයා ඉමහත් ගෞරවයෙන් හා ආස්වාදයෙන් යුතුව සමරති. පුරා දස දිනක් නොකා නොබී සිය කුටියට වැදී සිටි ස්ටැලින් ජුලි 03 දා පළමු වරට ජාතිය අමතමින් ‘මහා දේශප්‍රේමී යුද්ධයක්’ සඳහා රතුහමුදාව හා එක්වන ලෙස මහ ජනයාගෙන් ඉල්ලා සිටියේය. මෙහිදී ඔහු සිතා මතාම පන්ති සටන නැමති සිවිල් යුද තේමාව බැහැර කොට තිබීම කැපී පෙනේ. එය සතුරු ආක්‍රමණයට එරෙහිව ජාතික අධ්‍යාත්මය පුබුදුවාලීමට පමණක් නොව 1812 දී මෙන් ආක්‍රමණිකයාට එරෙහිව බටහිර කඳවුර හා අත්වැල් බැඳගැනීමට ඉවහල් වන බව හේ දනී. එපමණක් නොව පසු බැසීමේදී සතුරාට ප්‍රයෝජනවත් විය හැකි සියළු දෑ දවා හළු කරන මෙන් ඔහු ඉල්ලා සිටියේ සියවසක පෙර නැපෝලියන්ගේ ආක්‍රමණය හමුවේ රුසියාව අනුගමනය කල යුද උපාය අකුරටම අනුගමන කරමිනි. සෝවියට් කර්මාන්තයේ අග්‍ර ඵලය ලෙස සැලකුන ද්නීපර් නදිය හරහා ඉදිකොට තිබූ දැවැන්ත ජලවිදුලිබලාගාරය අගෝස්තු 24 දා පුපුරවා හරින ලදී. වඩාත් සිත් කාවදින සුළු සිදුවීම වූයේ තමා ලද පසු බැසීමේ නියෝගය ඉවත ලූ වේල්ල ආරක්ෂා කල රතු හමුදා අනුඛණ්ඩය අවසන් භටයා දක්වා සටන් කොට මියයාමට ඉදිරිපත් වීමය. හිමකුණාටු අතරින් 1941 ඔක්තෝබරය උදාවූයේ සර්ව ජර්මන්වාදය හා සර්ව ස්ලාව් වාදය අතර නොනිමි අරගලයේ තවත් සන්ධිස්ථානයක් සටිනුහන් කරමිනි. ඉතිහාසය යලි පිටපත් කරමින් සතුරා මොස්කොව් නුවරට ආසන්න වෙමින් සිටියහ. සිය සම්ප්‍රදායික යුද උපායට අනුව භූවිෂමතාවයේ හා දේශගුණයේ වාසිය යොදාගනිමින් ඓතිහාසික නිදසුන් ප්‍රකාර පෙරලා පහරදීමේ වාරය යලි උදා වී ඇති බව ස්ටැලින් දැන සිටියේය. ‘හිට්ලර්ගේ නැගෙනහිර වීර චාරිකාව’ හා ‘වලසා හිට්ලර්ට පහරදේ’ යන පෙර ලිපියෙන් මේ පිළිබඳ වැඩිදුර විස්තර කොට ඇත. හිට්ලර් ඇතූලු ජර්මන් සෙනෙවි මණ්ඩලය විමතියට පත් කරමින් 1941 දෙසැම්බර් 05 දා හිමපතනයේ උච්චාව්ස්තාවේදී ෂුකොව් විසින් දියත් කල අනපේක්ෂිත ප්‍රතිප්‍රහාරයද හමුදාමය හා උපාය මාර්ගික දෘෂ්ඨිකෝනයකින් බැලූ කල 1812 දී ජනරාල් මිහයිල් කුටුසොව් විසින් නැපෝලියන්ගෙ හමුදාවට එරෙහිව දියත්කල ප්‍රතිප්‍රහාරය හා බොහෝ දුරට සමානය. කැපී පෙනෙන වෙනස වූයේ මෙවර ජර්මන්නුවන්ට මොස්කොව් නුවරට ඇතුළුවීමට අවස්ථාවක් නොලැබීමත්, මත්වේයි ප්ලැටොව් කුමාරයාගේ කොසෑක් රෙජිමේන්තුව වෙනුවට රතු හමුදාවේ සයිබීරියානු සිසිර රෙජිමේන්තුව විසින් සටනට මුලපුරනු ලැබීමත්ය. හිම පාරු මත ලෙස්සා යමින් සටන් වැදුන මෙම සයිබීරියානු කොමාන්ඩෝ භටයෝ බිහිසුනු සතුරෝ වූහ. අනභිභවනීය යැයි සැලකුන සතුරා ක්‍රෙම්ලින් ප්‍රාකාරය අභිමුවදී නැවත වරක් පරාජය කරන ලද්දේ නැපෝලියන්ගේ මෙන්ම හිට්ලර්ගේද ඉරණමට මුද්‍රා තබමිනි. අවසන් ජයග්‍රහණය පැවතියේ තවත් සිවු වසරක දුෂ්කර යුද්ධයකට එපිටින් වුවද දෙවන රුසියානු අධිරාජ්‍යයක් ගොඩනැඟීමට ජෝසොෆ් ස්ටැලින් සූදානම් වෙමින් සිටියේය. හිට්ලර්ට එරෙහිව සෝවියට් පාලනය සමඟ මේ වන විට තාවකාලික මිත්‍රත්වයකට එලැඹ සිටි බටහිර බලවතුන් ඒ වන විට සිහිනෙනුදු සැක නොකල කරුණ නම් නුදුරේදීම එය පළමුවන සාර් තුමාගේ අධිරාජ්‍යයට වඩා තමාට බලගතු අභියෝගයක් එල්ල කරනු ඇති බවයි. Chamara Siriwardene

රතු හමුදාව දුෂ්කර පාඩම් උගනී[සංස්කරණය]

1941 දෙසැම්බර් පස්වනදා අළුයම රතු හමුදාව තම සිසිර බල ඇණි යොදවා මුල පිරූ දැවැන්ත ප්‍රතිප්‍රහාරය ක්‍රෙම්ලිනයේ නත්තල් සැමරීමට අපේක්ෂාවෙන් හිට්ලර්ට පමණක් අයාගත් මුවින් යුතුව සටන දෙස බලා සිටි සෙසු ලෝකයාටද ඇති කලේ ඉමහත් විමතියකි. ඈත පෙරදිග සිට අතිරේක රුසියානු ඩිවිෂන සියයක් ට්‍රාන්ස් සයිබීරියන් දුම්රිය මාර්ගය ඔස්සේ මොස්කොව් වෙත කැඳවනු ලැබ සිටි බව හෝ ඒ වන විටත් ස්ටාව්කාව සතුව යුද ටැංකි දහසක අතිරේක සංචිතයක් තිබූ බව හෝ ජර්මන් සෙනෙවි මණ්ඩලය හාංකවිසියකුදු නොදත්හ. ආක්ටික් දේශගුණය යටතේ පුහුණුව ලැබ හිම පාරු මත නැඟී සටන් වැදුන සයිබීරියානු කොමාන්ඩෝ භටයන් විසින් උතුරින් හා දකුණින් ජර්මන් පෙරමුණ බිඳ දැමීම නිසා හාමත හා දරුණු හිමපතනය නිසා දැඩි වෙහෙසට පත්ව සිටි ජර්මන් මධ්‍යම පෙරමුණ කකුළු අඬු හැඩාකාර (Pincer Movement) වැටලීමක තර්ජනයකට මුහුණ පෑවද, දැවැන්ත හානි මැද හෝ මරු කැටින් ගැලවී පසුබැසීමට ඔවුනට හැකිවීමෙන් පෙනී ගියේ එවන් දැවැන්ත කාර්යයක් සම්පූර්ණ කිරිම සඳහා ප්‍රමානවත් සැපයුම් පමණක් නොව අත්දැකීම්ද තවමත් ස්ටාව්කාව සතු නොවූ බවයි. මොස්කොව් නගරයට එල්ල වූ ආසන්න සතුරු තර්ජනය පිසලමින් සතුරා සැතපුම් එකසිය පණහක් පමණ දුරට පලවා හැරීම හැරුනු කල අන් තීරණාත්මක ජයක් එහිදී අත්කොට ගැනීමට රුසියානුවන්ට ද නොහැකි විය. මොස්කොව් සටන තුලින් රතු හමුදාව උගත් වැදගත් පාඩම් දෙකකි. පළමු වැන්න නම් කාලතුවක්කු හා රොකට් වෙඩි සමඟ කොමාන්ඩෝ භටයන් යොදවා තැනින් තැනට දැඩිව පහර දීමෙන් සතුරු පෙරමුණ බිඳ දැමීම වඩාත් පහසු බවයි. මේ අනුව සයිබීරියානු රෙජිමේන්තුවේ ආකෘතියට අනුව විශේෂ කම්පන බලඇණි (Shock Troops) ගොඩ නැඟීම සුදුසු බව පෙණින. දෙවැන්න නම් වැටලීම් සඳහා යුද ටැංකි සහාය සහිත පාබල කණ්ඩායම් වෙනුවට ජර්මන් පැන්සර් හමුදාවන්ට සමාන සම්පූර්ණ යාන්ත්‍රික ඒකක යෙදවීම වඩාත් ඵලදායී බවයි. මෙය අසීරු කරුණක් නුවූයේ යූරල් හා ට්‍රාන්ස්-කොකේකස් ප්‍රදේශ වල කර්මාන්ත ශාලා වල නිෂ්පාදනය ඒවනවිටත් ජර්මන් ධාරිතාව ඉක්මවා ගොස් තිබූ බැවිනි. මේ අනුව නව රුසියානු යාන්ත්‍රික හමුදාවකට (Tank Army) යුද ටැංකි 400ක්, කාලතුවක්කු 200ක්, රයිපල් ඩිවිෂන 6ක්, ගුවන් යානා නාශක බැටෑලියන 3ක්, ‘කත්යූෂා’ රොකට් බැටෑලියන 3ක් පමණක් නොව, ඉංජිනේරු හා සැපයුම් කණ්ඩායම බැගින්ද ඇතුලත් කිරීමට තීරනය විය. මේවන විට යුද්ධයේ ආර්ථික පැතිකඩ ගැන නොඉවසිලිමත් වෙමින් සිටි හිට්ලර් ගේ නව සැලැස්ම වූයේ වොල්ගා ද්‍රෝණියේ සරුසාර ගොවි බිම් හා කොකේසස් ප්‍රදේශයේ තෙල් නිධි අත්පත් කොට ගැනීම වුව සතුරා තවදුරටත් මොස්කොව් නගරයම ඉලක්ක කරනු ඇති බවට ස්ටැලින් සැක කලේය. ඊට පෙර තීරණාත්මක ප්‍රහාරයක් දියත් කොට සතුරා ස්ටෙප්ස් භූමියෙන් එපිටට පන්නා දැම්මෙහිලා විශාල ආශාවක් ඔහු තුල තිබිණ. මෙම ප්‍රහාරය සඳහා මුලපිරීමට තෝරා ගැනුනේ යුක්‍රේනයට ආසන්නව මොස්කොව් සටනෙදී ජර්මන් සීමාව තුලට කාවැදුන රුසියානු නෙරුවට ඉහලින් පිහිටි හාර්කොව් ප්‍රදේශයයි. සතුරා සීත සමයේ අත්දුටු තරම්ම දුර්වල තත්වයක පසුවෙතැයි උපකල්පනය කිරීම මෙහිදී ස්ටාව්කාව ට සිදුවූ විශාලතම වැරදීම ලෙස සැලකිය හැක. අතිරේක බල ඇණී වලින් සන්නද්ධව ඉමහත් අපේක්ෂා සහගතව අප්‍රේල් මස ඇරඹුනු දෙවන රුසියානු ප්‍රතිප්‍රහාරයේදී වඩාත් කැපී පෙනෙන ලක්ෂණය වූයේ වසන්තයේ මෙහෙයුම් සැලසුම් කිරීමෙහිලා රතු හමුදාව තුල වූ නුහුරු කෝඩුකාර බවයි. හිම දියවීම නිසා ගමනාගමනය අඩාල වූයෙන් ප්‍රහාරය ඇරඹෙන මොහොත වනවිටද රැස්ව කොට හැකිව තිබුනේ අපේක්ෂිත බලඇණි වලින් අඩකි: කාලතුවක්කු වලින් තුනෙන් එකකි. ආරම්භයේදී සුළු ප්‍රගතියක් පෙන්නුම් කලද තමා ඒ දින කිහිපය තුල ඉදිරියට ගිය සෑම සැතපුමක්ම විනාශය කරා ගමන් කල තවත් එක අඩියක් බව ස්ටාව්කාවට වැටහුනේ පස්දිනකට පසුව කොහෙත්ම අපේක්ෂා නොකල පරිමානයේ දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් ආරම්භ වීමත් සමගය. අපරික්ෂාකාරී ලෙස කෙරුන සෝවියට් සැලසුම ගැන මනා අවබෝධයකින් හා ඊට මුහුණ දීමෙහිලා පෙර සූදානමකින් පසුවූ ජර්මන්නු දොන් නිම්නයේදී සෝවියට් රයිපල් හමුදා තුනක් හා යාන්ත්‍රික හමුදාවක් වැටලූහ. ඉන් ගැලවී ගත් පිරිස අල්පය. ජංගමශීලී සංචිත බලඇණී නිසි වෙලාවට සටනට නොකැඳවා එකල මෙකල වෙමින් සිටීමේ ආදිනව වලට නිදසුනක් වූ හාර්කොව් සටන රතු හමුදාව උගත් තවත් එක් අතිශය වේදනාකාරී පාඩමක් ලෙස සැලකීමෙහිලා වරදක් නැත. ඉන් පෙන්නුම් කලේ අණ දෙන නිලධාරීන් ගේ තීරණ ගැනීමෙ හැකියාව විශාල යාන්ත්‍රික බල ඇණී යෙදවීමේ අත්‍යාවශ්‍ය කොන්දේසියක් වනු ඇති බවය. මේ හා සමගාමීව ක්‍රිමියාවේ එල්ල කල ප්‍රහාරයකින් තවත් සෝවියට් හමුදා තුනක් විනාශ වූ අතර රතු නාවුක හමුදාව කළු මුහුදේ සරණාගත තත්වයට පත් විය. ජුනි 28 දා දකුණු රුසියාව ඉලක්ක කොටගනිමින් හිට්ලර් තම ‘නීලවර්ණ මෙහෙයුම’ (Operation Blue) දියත් කලේ ව්‍යාකූලත්වයට පත්ව සිටි ස්ටාව්කාව තවදුරටත් අන්ද මන්ද කරවමිනි. මේ සඳහා ඩිවිෂන 104 ක්, යුද ටැංකි 2000ක් හා ගුවන් යානා 1700 යෙදවීමට ජර්මන් සෙනෙවි මණ්ඩලය සමත් විය. මේ හා සමගාමීව උතුරු පෙරමුණේ වොල්කොව් පෙදෙසේ එල්ල කල ප්‍රහාරයකින් සෝවියට් හමුදාවක් විනාශ වූ අතර තමා රැගෙන යාමට පැමිණී ගුවන් යානයට ගොඩවීමට අකැමැති වූ එහි අණ දෙන නිලධාරියා වූ මේජර් ජනරාල් අන්ද්‍රෙයි ව්ලැසොව් සතුරාට යටත් විය. ඉතිහාසඥයන්ගේ මතයවී ඇත්තේ රහසේ සෝවියට් විරෝධී මත දැරූ ව්ලැසොව්ගේ යටත් වීම සැලසුම් සහගත ක්‍රියාවක් විය හැකි බවයි. ඔහු අතඩංගුවෙදී පිල් මාරු කොට ජර්මනුන් වෙනුවෙන් සටන් කිරීමට ඉදිරිපත් වීම මෙම සැකයට තුඩු දෙන එක් සාක්ෂියකි. මධ්‍යම පෙරමුණේ ස්මෝලෙන්ස්ක් හි හටගත් සටන් වලදී රතු හමුදාවේ කාලතුවක්කු බැටරියකට අණදුන් ලුතිනන් වරයකු වූ ස්ටැලින්ගේ වැඩිමහල් පුත් යාකොව්ද සතුරා විසින් සිරභාරයට ගන්නා ලදී. ඔහු සියදිවි නසා නොගැනීම ගැන උරණ වූ ස්ටැලින් තම පුතා බිය සුල්ලෙකු ලෙස හෙලා දුටුවේය. මේ අතර වියරු ලෙස සටන් වැදුන NKVD ඒකක පසු බස්වමින් ජුලි අගදී රස්තොව් නගරය අත්පත් කොට ගත් දකුණු දිග ජර්මන් බල ඇණියට අයත් පෙරමුණූ ඒකක ටාන්ස් කොකේසස් දුම්රිය මාර්ගය පුපුරවා දැමුහ. තත්වය වඩාත් උග්‍ර වූයේ ප්‍රධාන ප්‍රහාරය අපේක්ෂා කල මොස්කොව් අසල තම උපාය මාර්ගික සංචිතය ස්ථාන ගත කොට තැබීමට ස්ටැලින් කටයුතු කොට තිබූ හෙයිනි. ඉමහත් කලබලයට පත් ස්ටාව්කාව තම සුප්‍රකට ‘අඩියක් නොසෙල්වෙනු!’ (Not a step back!) නියෝගය නිකුත් කලේ මෙම තත්වය යටතේය. 1941 ඛේදවාචකය යලි පිටපත් වෙමින් තිබිණ. ඉමහත් ධෛර්යයෙන් සටන් වැදුන රතු හමුදාව කොකේසස් පෙදෙසේ තෙල් නිධි සතුරා අතට පත් වීම වැලැක්වීමට සමත් වුවද වොල්ගා ඉවුරේ පිහිටි කාර්මික පුරවරයක් වූ ස්ටැලින්ග්‍රාඩය සතුරා විසින් වටලන ලදී. මෙහිදී ඉතා සමීප සටන් වල යෙදීම මඟින් ගුවන් හා යාන්ත්‍රික බලය අතින් ජර්මනුන් සතුවූ දැවැන්ත වාසිය නිශ්ක්‍රිය කිරීමත්, ඒ අතර වාරයේ මොස්කොව් අසල වූ තම උපාය මාර්ගික සංචිත නොපමාව වොල්ගා ඉවුරු මතට ගෙන ඒමත් මඟින් පෙන්නුම් කලේ හාර්කොව් සටනේ වේදනාකාරී අත්දැකීම් වලින් ස්ටාව්කාව මැනවින් පාඩම් උගෙන සිටි බව පමණක් නොව රතු හමුදාව තුල විශිෂ්ඨ දෙවන පෙල නායකත්වයක් ද ගොඩ නැඟෙමින් තිබූ බවය. ස්ටැලින්ග්‍රාඩයට පහර දුන් ජර්මන් හයවන හමුදාව මෙල්ල කිරීමට වෙර දරන අතරතුර පෙරමුණ පිටතින් තවත් ශක්තිමත් වලල්ලක් එළලමින් සතුරා වැටලීමට නොවැම්බරයේ දී ස්ටාව්කාව සමත් විය. මෙම පිටත වළල්ල බිඳ හෙලීම සඳහා ජර්මන් සෙනෙවි මණ්ඩලය පැන්සර් වහා කන්ඩායමක් පිටත් කොට හැරියද මිෂ්කාවා ඉවුරු මත දී දැඩිව පහර දුන් රුසියානුවෝ ඔවුන් පරාජය කොට පලවා හැරීයහ. මෙලෙස වොල්ගා ඉවුරු මත බලාපොරොත්තු රහිත ලෙස කොටුවූ ජර්මන් හය වන හමුදාව පසු බැසීමට අවසර ඉල්ලා සිටියද හිට්ලර් මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂෙප කල අන්දම ‘හිට්ලර්ගේ වොල්ගා චාරිකාව’ යන පෙර ලිපියෙන් විස්තර කොට ඇත. පුරා දින 200 ඇවිලී ගිය සටන 1943 පෙබරවාරි මුල අවසන් වූයේ රතු හමුදාව ලද දීප්තිමත් ජයග්‍රහණයකිනි. ජර්මන් අණ දෙන නිලධාරී වොන් පවුලිස් ඇතුළු අනූ දහසක් සිරභාරයට ගැනීමට රුසියානුවෝ සමත් වූහ. කෙසේ වුවද එහි ගෞරවය හිමි විය යුත්තේ ‘ස්ටැලින්ගාඩ් හි ආරක්ෂකයා’ යන විරුදාවලි ලත් කල්නල්-ජනරාල් වැසිලි චිකොව් ටය. ඒ රතු හමුහ්ඩාව බිහි කල දක්ෂ අණ දෙන්නෙකි. ස්ටැලින්ග්‍රාඩ් සටන දෙවන ලෝක යුද්ධයේ වඩාත්ම බිහිසුනු සටන මෙන්ම වඩාත්ම තීරනාත්මක හැරවුම් ලක්ෂය ලෙස සැලකේ. එය කෙටි කලක් තුල රතු හමුදාව ලබා තිබූ සටන් පන්නරයට කදිම නිදසුනකි. නොපමාව බටහිර පෙරමුණක් ඇරඹීමට මේ දක්වා හොරගල් අහුලමින් සිටි බටහිර බලවතුනට එමඟින් නැවත නැවතත් බල කෙරිණ. ඊලඟ මාසයේ පැවති ටෙහෙරාන් සමුළුවේදී චර්චිල් හා රූස්වෙල්ට් හමුවූ ස්ටැලින් හැසිරුනේ ස්වාමියෙකු මෙනි. යටත් වනතුරු ජර්මනිය හා සාමය ඇති කොට නොගැනීමට ගිවිස ගැනුන එම හමුවේදී නැගෙනහිර යුරෝපය හා බෝල්කන් කලාපය රුසියානු අනුහස් වැයික්කියට අයත් විය යුතු බව එකඟ වීමට බටහිර බලවතුනට සිදුවිය. එමඟින් සංඥාව කෙරුනේ නැපෝලියන්ගේ ඉරණම නුදුරේදීම හිට්ලර්ටද අත්වනු ඇති බව පමණක් නොවේ. පශ්චාත් යුද යුරෝපයේ අනාගතය 1815 දී මෙන් නැවතත් රුසියාවේ අභිමතයට යටත්ව තීරණය වනු ඇති බවයි.

Chamara Siriwardene

රතු හමුදාව ප්‍රතිසංවිධානය වේ[සංස්කරණය]

ස්ටැලින්ග්‍රාඩ් සටනේ ප්‍රථිඵලය 1917 ඇද වැටුන රුසියානු අධිරාජ්‍යය මළවුන්ගෙන් නැඟිටිමින් සිටින බවට කෙරුන සංඥාවක් වැන්න. මේ ඉලක්කය වෙනුවෙන් (ආයාචනය මෙන්ම බලාත්කාරයද හරහා) ජාතියේ සමස්ථ වෑයම හා ජවය රුසියානු දේශප්‍රේමය තුලට තවදුරටත් ගොනු කිරීමට උත්සුක වූ බොල්ෂෙවික් වරු දැන් දැන් තම දෘෂ්ඨිමය මූලධර්ම ඊට අදාල කොටගත්තේ හැකිතාක් අඩුවෙනි. යල්පැන ගිය පන්ති සටන පෙරට ගැනීම යුද වෑයමේ ඵලදායීතාව මෙන්ම යථා තත්වයට පත්වෙමින් පැවති ජාත්‍යන්තර සබඳතා කෙරෙහිද ඇති කරනුයේ සෘනාත්මක බලපෑමක් බව ස්ටැලින් අත්දැකීමෙන් දැන සිටියේය. දේශපාලන අර්ථයෙන් ගත් කල එය සෝවියට් ක්‍රමය තුල හඳුන්වාදුන් තවත් නිහඬ ප්‍රතිසංස්කරණයකි. ගොදුර බවට පත්වෙනු ඇතැයි අනුමාන කෙරුන වලසා හිම ගසා දමමින් නැගී සිටීම යුරෝපය තුල නූතන රුසියානු ව්‍යාප්තියේ ආරම්භය විය හැකි බව බටහිර බලවත්තු නොපමවා වටහා ගත්හ. එහෙත් එක්සත් ජනපදයට ජපානය සමඟ යුද වැදීමට සිදුවී තිබීමත්, බ්‍රිතාන්‍යයට තම දැවැන්ත අධිරාජ්‍යය ආරක්ෂකා කොට ගැනීමට සිදුව තිබීමත් නිසා බටහිර යුරෝපයේ දෙවන පෙරමුණක් සඳහා ඔවුනට වැයකල හැකිවූ සම්පත් සීමාසහිත විය. මෙමඟින් අවධාරණය කෙරුනේ රුචි අරුචි කම් කුමක් වුවද නැගෙනහිර යුරෝපයේ ඉරණම විසඳෙනු ඇත්තේ රතු හමුදාව අතින්ම බවයි. කෙසේ වුවද පෙරමුණ තවමත් පැවතියේ රුසියන් දේශසීමාවේ සිට සැතපුම් දහසක් මෙපිටිනි. මේ වනවිට සෝවියට් පාලනයේ උපාය මාර්ගික ඉලක්කය වූයේ ජර්මන් පෙරමුණ අභිභවා යන සරල යුදමය ජයග්‍රහණයක් පමණක් නොවූ බැවින් එම අසීරු ඉලක්ක වලට සරිලන පරිදි රතු හමුදාව තුල තවදුරටත් ප්‍රතිසංවිධාන හා ප්‍රතිව්‍යුහගත කිරීම් කලයුතු බව ඉතා පැහැදිලි විය. අවම වශයෙන් සැතපුම් 500ක් පමණ සතුරු සීමාව තුලට කඩා වැදීමහිලා සමත් වඩාත් විශාල ‘දිගු දුර’ යාන්ත්‍රික බල ඇණී ගොඩනැඟිය යුතු බවත් ස්ටාව්කාව වටහා ගත්තේය. වෙනත් වචනයෙන් කිවහොත් මෙය කලින් අත් හැරදමන ලද සෝවියට් ‘ගැඹුරු මෙහෙයුම්’ (Deep Operations) සංකල්පයට යලි පණදීමකි. මේ අනුව යාන්ත්‍රික හමුදාවකට, රයිපල් බලඇණි, යුදටැංකි නාශක හා ගුවන් යානා නාශක ඒකක, කාලතුවක්කු හා රොකට් බැටරි, යතුරුපැදි සංචාරක හා ඔත්තු බලන කණ්ඩායම්, සැපයුම්, ඉංජිනේරු හා සංඥා අනු ඛණ්ඩ පමණක් නොව රතු ගුවන් හමුදා බලඝනයක්ද ඇතුලත් කරන ලදී. මෙමඟින් අණදෙන යාන්ත්‍රණය මෙන්ම සන්නිවේදන සැපයුම් වඩාත් කාර්යක්ෂම වනු ඇතැයි අපේක්ෂා කෙරිණ. වැදගත්ම ප්‍රතිසංස්කරණය වූයේ ස්ටාව්කාව කෙරේ විශ්වාසයක් ගොඩ නඟාගෙන සිටි ස්ටැලින් තම අණදෙණ නිලධාරීන්ට වැඩි මෙහෙයුම් නිදහසක් ලබා දීමය. ස්ටැලින්ග්‍රාඩ් පරාජය මෙන්ම එහි අතුරුඵලයක් වූ බටහිර යුරෝපයට මිත්‍ර හමුදා ගොඩ බැසීමේ අවදානමද, නැගෙනහිර පෙරමුණේ වැඩිදුර මෙහෙයුම් සඳහා ජර්මන් සෙනෙවි මණ්ඩලය තුල වූ දෙගිඩියාව දැඩි වීමට හේතු වුවද, හිට්ලර් ගේ මතය වූයේ තම ඇබිත්ත සහකරුවන්ගේ ආත්මවිශ්වාසය රැක ගැනීම සඳහා රුසියානුවන් එරෙහිව තීරණාත්මක ජයග්‍රහනයක් ලබා ගැනීම අත්‍යාව්ශ්‍ය බවයි. යම්හෙයකින් රතු හමුදාව කාර්පේතියානු බෑවුම් වලට ආසන්න වුවහොත් හංගේරියාව හා රොමේනියාව පිල් මාරුකරනු ඇතැයි හේ සැකයෙන් පසුවිය. මෑතකදී නිපදවුන ටයිගර් හා පැන්තර් යුද ටැංකි මෙන්ම ෆර්ඩිනන්ඩ් නැමති දුම්රිය කාලතුවක්කු කෙරේ ඉමහත් විශ්වාසයෙන් පසුවූ හේ නැගෙනහිර පෙරමුණේ තවත් ප්‍රහාරයක් සංවිධානය කරන ලෙස ජර්මන් සෙනෙවි මණ්ඩලයට අණ කලේය. මේ සඳහා තෝරාගැනුනේ ජර්මන් මධ්‍යම හා දකුණු හමුදා කණ්ඩායම් අතර පිහිටි කුර්ක්ස් ප්‍රදේශයේදී පෙරමුණ තුල වූ මිනිස් හිසක් බඳු රුසියානු නෙරුවයි. ගෙල දෙපසින් එල්ල කරන කකුළු අඬු හැඩාකාර (Pincer Movement) ප්‍රහාරයකින් විශාල සෝවියට් බලඇණියකින් සමන්විත වූ හිස වෙන්කිරීම ජර්මන් අරමුණ විය. එහෙත් මෙ වනවිට ශක්තිමත් බුද්ධි තොරතුරු ජාලයක් ගොඩ නගාගෙන සිටි රුසියානුවෝ කල් ඇතිවම ජර්මන් සැලසුම අනාවරනය කොට ගෙන ඒ සඳහා සූදානම් වූහ. ටයිගර් හා පැන්තර් යුද ටැංකි වලට මුහුන දීම සඳහා සෝවියට් ඒකක වලට SU- 152 අවි හා මිමි 152 තුවක්කු අනුයුක්ත කරන ලදී. බටහිර කල්බදු ආධාර යටතේ සැපයුන බ්‍රිතාන්‍ය වැලන්ටයින් හා මැටිල්ඩා යුද ටැංකි මෙන්ම එක්සත් ජනපද ෂර්මන් යුද ටැංකි ද රුසියානු භූමියට මෙන්ම යුද උපායන්ටද ගැලපුනේ නැත. එහෙයින් රුසියානු යාන්ත්‍රික බල ඇණි වල කොඳු නාරටිය වූයේ මේ වනවිට සෝවියට් බැර කර්මාන්තය විසින් මහා පරිමාණයෙන් නිපදවූ T 34 යුද ටැංකියයි. නඩත්තු අවශ්‍යතා අඩු මෙම සාර්ථක තනි නිෂ්පාදනය, ගිණී බලය, හැඩය හා ජංගමශීලීත්වය අතින් රතු හමුදාවට අතිශය යො‍ග්‍ය විය. 1943 ජුලි මාසයේ හිට්ලර් තම අවසන් නැගෙනහිර ක්‍රියාන්විතය වූ ‘දුර්ග මෙහෙයුම’ (Operation Citadel) ඇරඹුවේ සීමිත ඉලක්කයක් ජයග්‍රහනය කොට පෙන්වීම හරහා හෝ ස්ටැලින්ග්‍රාඩ් පරාජයෙන් සිදුවූ දේශපාලන අවාසිය මඟ හරවා ගැනීමේ අටියෙනි. ඒ සඳහා ඩිවිෂන 52ක් යුද ටැංකි 2700ක් හා ගුවන් යානා 2600ක් යොදවා තිබිණ. එහෙත් ඉතා දක්ෂ ලෙස සතුරා නොමඟ යවමින් ආරම්භක ප්‍රහාරය අවශෝෂණය කොටගත් රුසියානුවෝ ජර්මන් කකුළු අඬු වල ඇලයන් ඉලක්ක කොටගෙන දැවැන්ත ප්‍රතිප්‍රහාරයක් දියත් කලහ. ජුලි 12 දා ප්‍රොහෝරොව්කා ගම්මානයේ දී දෙපාර්ශ්වයේ යාන්ත්‍රික කණ්ඩායම් අතර මුහුණට මුහුන ලා කෙරුන සටන ඉතිහාසයේ විශාලතම යුද ටැංකි සටන ලෙස සැලකේ. සෝවියට් T 34 යුද ටැංකි මෙහිදී බොහෝ දස්කම් පෑහ. ජර්මන් ටයිගර් හා පැන්තර් යුද ටැංකි වලට දවස අවසානයේ පසු බැසීමට සිදුවූ අතර අමනාපයට පත් හිට්ලර් මෙහෙයුම අත්හිටුවීමට අණ කලේය. ‘හිට්ලර් දුර්ග මෙහෙයුමට සැරසේ’ හා ‘ හිට්ලර්ගේ අවසන් කුරුස යුද්ධය යන පෙර ලිපි වලින් මේ පිළිබඳ වැඩිදුර විස්තර කොට ඇත. අවාසනාවකට මෙන් තමාට එල්ලවූ ප්‍රතිප්‍රහාරය ස්ටාව්කාව විසින් සැලසුම් කල දැවැන්ත ගිම්හාන මෙහෙයුමේ ආරම්භය බව හිට්ලර් දැන නොසිටියේය. ව්‍යාකූලත්වයට පත් ජර්මන් පෙරමුනට ස්මෝලෙන්ස්ක් සිට කළු මුහුද දක්වා ද්නීපර් ඉවුරු ඔස්සේ වූ නව ආරක්ෂක සීමාවක් දක්වා පසු බසිනු හැර අන් විකල්පයක් නොවීය. තම අලස සතුරා සටන් කලාවේ විශිෂ්ඨ ප්‍රගතියක් ලබා ඇති බව අමනාපයෙන් වුවද පිළි ගැනීමට ජර්මන් සෙනෙවි මණ්ඩලයට සිදු විය. කුර්ස්ක් සටනින් පැහැදිලි වූයේ සෝවියට් සැලසුම් ශිල්පීන් බුද්ධි තොරතුරු විශ්ලේෂණයේ හා සතුරා නොමඟ යැවීම් කලාවේ පමණක් නොව යුද ටැංකි සටන් ශිල්පයේ ද කෙල පැමිණි සිටි බවය. එහෙත් යාන්ත්‍රික ඒකක හා උපාය මාර්ගික සංචිත සටනය යෙදවිය යුතු අන්දම හා වේලාව පිළිබඳ ඔවුන් විසින් උගතයුතු දෑ තව බොහෝ ඇති බවද තවදුරටත් ආවධාරණය කෙරුනේ එම සාර්ථක මෙහෙයුම තුල පවා ඔවුනට දරා ගැනීමට සිදුවූ අලාභ හානිය අති විශාල වූ හෙයිනි. නිදසුනක් ලෙස පසු බසින ජර්මනුන්ගේ මඟ හරස් කිරීමට ද්නීපර් ඉවුරු මතට ගුවනින් භටයන් හෙලීමට ස්ටැලින් දැරූ උත්සාහය අසාර්ථක විය. විශාල පරිශ්‍රමයක් දරා පුහුණූ කල පැරචුට් භටකන්ඩායම් රැසක් වැරදි ඛණ්ඩාක මත හෙලීම නිසා විනාශයට පත් වූහ. එසේ වුවද දොන් පෙදෙස නාසි ග්‍රහණයෙන් මුදවා ගැනීමට රතු හමුදාව දැරූ වෑයම නැගෙනහිර යුක්‍රේනයේ ජනයා අදටත් සිහිපත් කරන්නේ ඉමහත් බැතියෙනි. නොවැම්බරයේදී කියෙව් නගරය අත්පත් කොට ගනු ලැබුවද විශිෂ්ඨ අණ දෙන නිළධාරියෙකු වූ කල්නල් ජනරාල් නිකොලායි වටුටින් පෙරමුන පරීක්ෂා කරමින් සිටියදී යුක්‍රේන ජාතිවාදියෙකුගේ වෙඩි පහරකින් මිය ගියේය. ඔහු වෙනුවෙන් පැවති රාජ්‍ය අවමඟුලේ වඩාත්ම සිත් කම්පා කරවන දසුන වූයේ හද්දා පිටිසර අසරණ ගොවි කතක් වූ වටුටින් ගේ මව මිනී පෙට්ටිය පසුපසට වී ලතෝනි දුන් අන්දමයි. රතු හමුදා ජනරාල් වරයකුගේ මව වැරහැලි ඇඳගත් දුගී කතක් වන්නේ කෙසේදැයි අවමඟුල ආවරණය කිරීමට පැමිණ සිටි බටහිර මාධ්‍යවේදීයෙකු විමසුවේ උපහාසයෙනි. එහෙත් වටුටින්ගේ සමීපතම සගයා වූ පළමු පන්තියේ කොමිසාර්වරයෙක් ඔහුට සැර විය. “ ඇත්තෙන්ම ඔබ අහන්න ඕන මේ තරම් දුප්පත් ගෙවිලියකුගෙ පුතා ජනරාල් වරයෙකු උනේ කොහොමද කියලයි! ඒ අපේ සෝවියට් ක්‍රමය.” එම කොමිසාර් ගේ නම නිකිතා සර්ජියෙවිච් කෘෂෙව් නම් වී. දහසක් සෝ සුසුම් හා කත්යූෂා රොකට් මුර මැද වටුටින් ගේ දේහය ද්නීපර් ඉවුරු මත රමණීය මිටියාවතක මිහිදන් කරන ලදී. යුද්ධයේ වඩාත්ම තීරණාත්මක අවස්ථාවේදී ඔහුගේ සේවය අහිමි වීම රතු හමුදාව මුහුන පෑ බරපතල ඛේදවාචකයකි.

Chamara Siriwardene

දේශප්‍රේමී සටනේ සිට ව්‍යාප්තවාදයට[සංස්කරණය]

1944 වසර උදාවත් සමඟ උතුරු පෙරමුණේ ක්‍රියාන්විතයක් දියත් කල රුසියානුවෝ ලැගෝඩා විල අවට ජර්මන් සීමාවනට පහර දීම ඇරඹූහ. දකුණු පෙරමුණේ තම සගයන් ප්‍රගුන කොට තිබූ යන්ත්‍රික අභ්‍යාස පිළිබඳ අත්දැකීම් නොතිබූ උතුරේ සෝව්යට් අණ දෙන නිලධාරීන් තවදුරටත් රයිපල් බලඇණී යොදා ගනිමින් සම්ප්‍රදායානුකූල උපක්‍රම අනුගමනය කලද, තම සටන් හැකියාව සීග්‍රයෙන් වියැකෙමින් තිබීමත්, ෆින්ලන්තයෙන් අපේක්ෂිත සහාය නොලැබීමත් නිසා එම ප්‍රහාරයට ඔරොත්තු දීමට ජර්මන් පෙරමුණ අසමත් විය. දින නවසියයක් වැටලීමට ලක්ව තිබූ ලෙනින්ග්‍රාඩ් නගරය පෙබරවාරි අගදී සතුරු තර්ජනයෙන් මුදාගන්නා ලදී. මේ අතර දැවැන්ත ඒකාබද්ධ බලඇණි (Combined arm armies) පහක් යොදවා දකුණු දිග ප්‍රදේශයේ දියත් කෙරුන රතු හමුදාවේ වසන්ත මෙහෙයුමේ ප්‍රගතිය හිට්ලර් පමණක් නොව ස්ටැලින්ද මවිතයට පත්කරවන සුළු වීය. ඉන් පෙනී ගියේ බොහෝ කලක් නොවිසඳුන ප්‍රහේලිකාවක්ව පැවති ගැඹුරු මෙහෙයුම් (Deep Operations) සංකල්පයේ මූලික රීති ස්ටාව්කාව විසින් අවසානයේ නිවැරදි ලෙස ග්‍රහණය කොටගෙන තිබූ බවයි. සෝවියට් යාන්ත්‍රික බලඇණී සතුරුසීමා තුලට කෙතෙක් ගැඹුරට කාවැදුනේද යත්, වැටලීමේ තර්ජනයට ලක්වූ ජර්මන් ඒකක වලට නොසෙල්වී සටන් කරන ලෙස (Stand fast) හිට්ලර් දිගින් දිගටම නිකුත් කල නියෝග නොතකා යුක්‍රේනයෙන් පසු බසිනු හැර අන් විකල්පයක්ද නොතිබිණ. මාර්තු අගදී ජර්මන් දකුණූ දිග පෙරමුණ දෙකඩ කරමින් ද්නෙස්ට් නදිය තරණය කල රුසියානු යුද ටැංකි අප්‍රේල් මසදී කාර්පේතියානු බෑවුම් වලට ලඟාවූහ. මැයි මාසයේදී ක්‍රිමියාවද යලි අත්පත් ගැනුන අතර 1941 පැරණි බටහිර දේශසීමාව යලි ස්ථාපිත කරන ලදී. ජර්මන් සෙනෙවි මණ්ඩලය දකුණු දිග පෙරමුණේ වැඩි දුර සටන් අපේක්ෂා කලද, ස්ටාව්කාවේ අවධානය මෙ වන විට යොමුව තිබුනේ තම පැරණි සතුරා වූ ජර්මන් මධ්‍යම හමුදා කණ්ඩායම කෙරෙහිය. බයිලෝරුසියානු ‘සඳළුතලය’ මත සිට ප්‍රිපියට් වගුරුබිමට ඉහලින් ස්ථානගත කොට සිටි ජර්මන් හමුදා වටලා විනාශ කිරීම මඟින් බර්ලිනයට ඇති කෙටිම මාර්ගය වූ පෝලන්ත දේශසීමාව මත රතු හමුදාව පෙල ගැස්වීම රුසියානුවන්ගේ අරමුණ විය. එමඟින් ජර්මන් උතුරු දිග හමුදා කණ්ඩායමට තම අවසන් සැපයුම් මාර්ගයද අහිමි වනු ඇති බවට අපේක්ෂා කෙරිණ. ‘ඒකාබද්ධ හමුදා’ හතක් යටතේ භටයන් දොලොස් ලක්ෂයක් හා යුද ටැංකි හාර දහසක්, කාලතුවක්කු විසි පන්දහසක් හා ගුවන් යානා පන්දහසක් අනුයුක්ත කෙරුන මෙම දැවැන්ත ප්‍රහාරයේ ආරම්භක ඉලක්කය සැතපුම් සියයකට සීමා කිරීමට ස්ටැලින් කටයුතු කලේ එය කළමණාකරණය කොට ගැනිමට ස්ටාව්කාවට හැකියාව ගැන ඔහු තවදුරටත් සැකයෙන් පසුවූ බැවිනි.මේ අතර මිත්‍ර පාක්ෂික හමුදා නෝර්මන්ඩියට ගොඩ බට හෙයින් හිට්ලටර්ගේ මුළු අවධානය දැන් යොමුව තිබුනේ බටහිර පෙරමුණටයි හිට්ලර්ගේ බාබරෝසා ආක්‍රමණයේ තෙවැනි සංවත්සරය යෙදුන ජුනි 22 ඇරඹුන ප්‍රහාරය රතු හමුදාව ඒ දක්වා දියත් කල සාර්ථකම ක්‍රියාන්විතයයි. රුසියානුවන් විසින් නිර්ලෝභීව මුදා හරින ලද දැවැන්ත යාන්ත්‍රික බලය හමුවේ බයිලෝරුසියානු සඳළුතලයේ ජර්මන් ආරක්ෂක වැට ඇද වැටුනේ ගිණිකූරු පේලියක් මෙනි. මින්ස්ක් හි සටන රතු හමුදාව තමාගේම වූ යාන්ත්‍රික උපක්‍රම ප්‍රගුන කරමින් සිටි බවට කදිම නිදසුනක් විය. යුද ටැංකි උතුරින් හා දකුණින් නගරය පසුකොට සතුරාගේ සංචිත හා ආධාරක බල ඇණි විනාශ කරමින් නොනැවතී බටහිර දෙසට ගමන් කරන අතර නගරය අත්පත් කොට ගන්නා ලද්දේ පසුපසින් පැමිණි රයිපල් බලඇණි විසිනි. හිට්ලර් ඝාතනය කිරීමට ජර්මන් හමුදා නිළධාරීන් පිරිසක් විසින් අසාර්ථක තැතක් දරන ලද්දේ මේ කාලයේදීය. අපේක්ෂිත සැතපුම් එකසිය පණහ මෙන් දෙගුණයක් දුර ගමන් කල රතු හමුදාව අගෝස්තුවේදී පෝලන්ත භූමියට ඇතුළු විය. වොර්සෝවේ වැසියෝ නාසි පාලනයට එරෙහිව කැරලි ගැසුවද ඔවුනට උපකාර කිරීමට තරම් ඉස්පාසුවක් ස්ටැලින්ට නොතිබිණ. දීර්ඝ ගමන නිසා හෙම්බත්ව සිටි සෝවියට් යාන්ත්‍රික ඒකක අළුත්වැඩියා අවශ්‍යතාවන්ගෙන් පීඩා වින්දෝය. අනිත් අතට රුසියාවේ පැරණි සතුරා වූ පෝලන්ත ප්‍රභූ පැලැන්තිය අතට බලය ලැබෙනු දැකීම ක්‍රෙම්ලිනයේ පැතුම නොවේ. මේ හේතු නිසා ජර්මනුන් පෝලන්ත නැගී සිටීම ක්‍රෑර ලෙස මැඩලන අතර රුසියානුවෝ අගනුවර දකුණින් විස්ටුලා ඉවුරු මත වාඩිලා සටනට නරඹමින් විවේක ගත්හ. ගිම්හාන ක්‍රියාන්විතයෙන් රතු හමුදාව සිදුවූ ආලභ හානියද ලද ජයග්‍රහනය තරම්ම විශාලය. මිය ගිය භටයන් ගණන දෙලක්ෂ පණස් දහසකට ආසන්නය. අට ලක්ෂයක් තුවාල ලැබූහ. යුද ටැංකි 2950 ක් හා කාල තුවක්කු 2500ක් එක්කෝ විනාශ වී තිබිණ. නැතහොත් අතහැර දැමීමට සිදු විය. එහෙත් මෙය විශාල පසුබෑමක් ලෙස නොසැලකුනේ සක්‍රිය සෙබළුන් හැට පන් ලක්ෂයක් හා යුද ටැංකි 8500ක හා කාලතුවක්කු 113,000 ක සංචිතයක් ස්ටාව්කාව සතුව තිබූ බැවිනි. අනිත් අතට භටයන් පන් ලක්ෂ පණස් දහසක් අහිමි ව සිටි ජර්මන් හමුදාවට මේ විට සක්‍රිය සේවයේ සිටි මුළු භට පිරිස විසි දෙලක්ෂයක් වූ අතර යුද ටැංකි හා කාලතුවක්කු සංචිතය පිළිවෙලින් 3700ක් හා 5700 ක් විය. මෙය යුද්ධයේ අවසන් අදියරේ දෙපාර්ශ්වය අතර දැකිය හැකි වූ දැවැන්ත අසමතුලිතතාවයට හොඳම නිදසුනයි. සතුරා රුසියානු භූමියෙන් පලවා හැර තිබූ බැවින් තාක්ෂණික වශයෙන් හා වචනයේ අර්ථයෙන් සැලකූ කල ඒ 1941 ප්‍රකාශයට පත් කෙරුනු ‘මහා දේශප්‍රේමී යුද්ධයේ’ අවසන් වෙමින් තිබිණ. දේශ සීමාවෙන් එපිට මෙහෙයුම් ඇරඹීම ආරක්ෂක සටනක් නොව ව්‍යාප්ත වාදී යුද්ධයකි. දැවැන්ත වෑයමක් යොදවා රුසියානුවන් මී වදය කඩන්නේ අතලෙව කෑමට පමණක් නොවන බව සියල්ලෝ දැන සිටියද එම අරමුණ අභියෝගයට ලක් කිරීමට බටහිර බලවතුනට හැකියාවක් නුවූයේ නාසි වාදය මහාද්වීපයෙන් පිසලා හැරීම ඔවුන්ගේ හැකියාවෙන් හා ධාරිතාවයෙන් එපිට ඉලක්කයක් වූ නිසාය. බටහිර දෙසට ව්‍යාප්ත වීම සර්ව ස්ලාව් වාදයේ සදාතන සිහිනය වූ බැවින් මේ අරබයා කොමියුනිස්ට් වරුන්ට දොස් නැඟිය නොහේ. අනිත් අතට දේශපාලන අභිලාෂයන්ට අමතරව ‘රුසියානු ජාතික ආරක්ෂාවට’ අදාල හමුදාමය උවමනාවන්ද මේ අභිලාෂය තුල ගැබ්ව තිබූ බව සැලකිල්ලට ගත යුතුය. හදිසි සතුරු ආක්‍රමණයකට මුහුණ දීමට අවැසි කාලය ලවා ගනුවස් බටහිර දේශසීමාවට යාබද ‘ආවරණ කලාපයක්’ (Buffer Zone) බිහි කිරීමේ වැදගත් කම නැපෝලියන්ට එරෙහි පළමු දේශප්‍රේමී සටනේ නියමුවන් වූ මාෂල් මිහයිල් කුටුසොව් හා ජනරාල් මත්වේයි ප්ලැටොව් කුමාරයා විසින්ද දැඩිව අවධාරණය කොට තිබිණ. කෙසේ වුවද රතු හමුදාව විස්ටුලා ඉවුරු මත වාඩිලා ගැනීම යනු ස්ටාව්කාවට බටහිර තවදුරටත් මෙහෙයුම් දියත් කිරීම සඳහා ස්ටාව්කාවට සැපයුන අගනා නිදහසට කරුණකි. මන්දයත් භූගෝලීය පිහිටෝම අනුව බර්ලින් ක්‍රියාන්විතය ඇරඹීමට පෙර සෝවියට් මධ්‍යම පෙරමුණේ ඇලයන් ආරක්ෂා කිරීමට බෝල්ටික් හා බෝල්කන් ප්‍රදේශ අත්පත් කොට ගැනීම ශාස්ත්‍රීය වශයෙන් අනිවාර්ය අවශ්‍යතාවක් වූ නිසාය. බටහිර ඉතිහාසඥයන් සැක පහල කරන්නේ කල් ඇතිවම අනාගත සෝවියට් අධිරාජ්‍යයේ සීමා මායිම් අදිටන් කොටගෙන සිටි ස්ටැලින් ඊට ගැලපෙන අන්දමින් සිය හමුදා මෙහෙයවූ බවයි. වොර්සෝවේ නාසි විරෝධී නැගී සිටීමට ආධාර දීමෙන් වැලකී සිටීමෙන් නොනැවතී පෝලන්ත සටන් කාමීන්ට ගුවනනින් සැපයුම් හෙලීමට ඉදිරිපත් වූ මිත්‍ර පාක්ෂික ගුවන් යානාවලට සිය ගුවන් කලාපය විවෘත නොකිරීම මඟින් මෙය වඩාත් තහවුරු වන බවට ඔවුහු අදදු චෝදනා නඟති.

Chamara Siriwardene

වැඩිමහල් සහෝදරයාගේ පැමිණිම[සංස්කරණය]

1944 අගෝස්තුවේ දකුණු විස්ටුලා ඉවුරු හරහා විහිදී යුරෝපයට ඇතුළු වීමට සැදී පැහැදෙමින් සිටි රතු හමුදාවේ ඊලඟ ඉලක්කය වූයේ රොමේනියාව බව නිගමනය කිරීමට බරපතල බුද්ධි තොරතුරු විශ්ලේෂණයක් අවැසි වූයේ නැත. මන්ද යත් හමුදාමය වශයෙන් තම වම් ඇලය ආවරණය වීම, දේශපාලන වශයෙන් හිට්ලර්ගේ අක්ෂ සහකරුවන් බැහැර කරවීම හා ආර්ථික වශයෙන් ජර්මනියේ තෙල් සැපයුම කපා හැරීම යන තුන් වැදෑරුම් ප්‍රතිලාභයන් එමඟින් රුසියාවට අත්වූ හෙයිනි. යාන්ත්‍රික බල ඇණී සඳහා එතරම් සුදුසු නුවූ කාර්පේතියානු කඳුවැටිය හා දුෂ්කර ගංගා තරණය හැකිතාක් මඟ හරිමින් පෲට් හා ද්නෙස්ට් ඉවුරු වලට සමාන්තරව බෝල්කන් තැනිතලාව ඔස්සේ සිය ගමන් මඟ පාදා ගැනීමට ස්ටාව්කාව තුල වූ ආශාව ස්වභාවිකය. කකුළු අඬු හැඩාකාරව ඉදිරියට ගමන් කල ඒකබද්ධ-හමුදා කණ්ඩායම් 13 කින් සමන්විත දැවැන්ත සෝවියට් බල ඇණි දෙකක් පෘට් ඉවුරු වෙත ලඟා වීමත් සමඟ යැසී හා කිෂිනෙව් යන රොමෙනියානු උපාය මාර්ගික නගර දෙක ඇද වැටුන අතර අගෝස්තු අගදී බුකාරෙස්ට් හි ඉයොන් ඇන්ටොනෙස්කෝගේ නාසි හිතවාදී රජය කුමන්ත්‍රණයක් හරහා පෙරලා දමන ලදී. පිල්මාරු කල රොමේනියාව ජර්මනියට එරෙහිව සෝවියට් කඳවුරට එක්වූ අතර රුසියානු යුද ටැංකි පෘට් ගඟ තරණය කල බව ඇසූ යුගොස්ලාව් පාටිසන් වරු ආධාර ඉල්ලා රතු හමුදාවට ගුවන් විදුලි සංඥා යැවූහ. මතවාදී නොගැලපීම් කවරක් වුවද වැඩිමහල් සහෝදරයාගේ පැමිණිම නාසි සපත්තුවට පෑගී තැලී පොඩිවී සිටි ස්ලාව් වරුනට ඉමහත් සහනයක් වූ බව නොකිවමනාය. සැප්තැම්බර් 8 දා රතු හමුදාවේ දකුණුදිග අංශය බල්ගේරියාවට ඇතුල් වීමත් සමඟ සොෆියා නුවරද ආණ්ඩු පෙරළියක් හට ගති. මොස්කොව් හිතවාදී නව රජයේ පළමු කාර්යය වූයේ ජර්මනියට එරෙහිව යුද ප්‍රකාශ කිරීමයි. බල්ගේරියානු ජාතිකවාදි දෘෂ්ඨි කෝණයෙන් බලන කල එය 1876 නිදහස් සටනේ ද්වීතීක අවස්ථාවකි. තුටු කඳුළු වගුරුවමින් රතු හමුදා භටයන් පිලිගත් සොහියා නුවර මැහැල්ලෝ අනතුරුව ඔවුනට නොසෑහෙන දොස් පැවරූහ. “නුඹලා මෙවර මේතරම් පරක්කු උනේ මන්ද?” රුසියානු-බල්ගේරියානු ඒකාබද්ධ බලඇණි යුගොස්ලාවියාවට ඇතුළු වීමේ ප්‍රථිඵලය වූයේ ස්ලෝවැකියාවේද නාසි විරෝධී කැරලි උත්සන්න වීමයි. රුසියානුවෝ පෝලන්ත-ස්ලෝවැක් දේශසිමාව මතවූ ‘දුක්ලා’ කපොල්ල හරහා පහරදෙමින් ඊට සහාය වූහ. යුගොස්ලාවියාව හා ස්ලෝවැකියාව හරහා හන්ගේරියාව උතුරින් හා දකුණින් වැටලීමට සැලසුම් කල ස්ටාව්කාව රොමේනියාවේ ප්ලොයිට්සි කපොල්ල හරහා වෘත්තාන්තගත ඩ්‍රැකියුලා සිටුතුමාගේ නිජ බිම ලෙස සැලකෙන ට්‍රාන්සිල්වේනියාව තුලට තවත් බලසම්පන්න හමුදා කණ්ඩායමක් යැවීය. කාර්පේතියානු වැටිය විශාල යාන්ත්‍රික බලඇණි මෙහෙයවීම සඳහා යෝග්‍ය නුවූ බැවින් මේ සඳහා කඳුකර භටයන් පවා (Mountain troops) යෙදවීමට ස්ටාව්කාවට සිදුවිය. මේ හේතුව නිසා බෝල්කන් තැනිතලාවට සාපේක්ෂව මෙම අංශයේ ඉදිරිගමන සිදුවූයේ වඩාත් සෙමිනි. බෝල්කන් පෙරමුණ ඇදවැටීම හා අක්ෂ සහකරුවන්ගේ පිල් මාරුවටත් වඩා මේ වන විට හිට්ලර්ට කනස්සල්ල ගෙන දුන්නේ බෝල්ටික් ප්‍රදශයේ රුසියානුවන් දියත් කල සමගාමී ක්‍රියාන්විතයයි. රීගා බොක්ක හරහා සෝවියට් යාන්ත්‍රික බල ඇණී විසින් ගැඹුරට විදින ලද කොරිඩෝරය හේතුවෙන් ජර්මන් උතුරු දිග හා මධ්‍යම හමුදා කණ්ඩායම් අතර සබඳතා බිඳ වැටී තිබිණ. සැප්තැම්බරයේ එස්ටෝනියාව අත්පත් කරගත් රතු හමුදාව ජර්මන් උතුරු දිග කණ්ඩායම ඉහල ලැට්වියාවට කොටු කරමින් නැගෙනහිර ප්‍රසියාව බලා ගමන් කලේය. ඔක්තෝබරය වනවිට සටන සිදුවූයේ ජර්මන් භූමිය මතය. තම අනදෙන නිලධාරීන් සමඟ කලහ කල හිට්ලර් ඔවුනට බොහෝ නින්දා අපහාස කලේ සමස්ත සෙනෙවි මණ්ඩලයම බිය සුල්ලන් ලෙස හෙලා දකිමිනි. ජර්මන් දේශසීමාව තුලට සැතපුම් පණහක් පමණ කඩා වැදුන පසු රුසියානු ඉදිරි පෙල යාන්ත්‍රික බල ඇණී වල ශක්තිය වියැකී ගියද, නැගෙනහිර ප්‍රසියාවේ ඝන වනාන්තරයක් තුල වූ ‘වෘක ලෙන’ (Wolfsschanze) නැමැති තම නැගෙනහිර මූලස්ථානය අතහැර පසුබැසීමට ජර්මන් ආඥාදායකයාට සිදුවිය. 1944 වසර අවසන් වූයේ පෝලන්තයේ හන්ගේරිය හා ඔස්ට්‍රියාව තනි ක්‍රියාන්විතයක් තුලින් අත්පත් කොටගත ගැනීමට අතිශය උචිත උපායමාර්ගික විහිදුමක් ඔස්සේ රතු හමුදාව යුරෝපය තුල ස්ථානගත කරවමිනි. ස්ටාව්කාවේ අභියෝගය වූයේ ප්‍රධාන ඉලක්කය වූ බර්ලිනය කරා හැකිතාක් ඉක්මනින් ලඟාවිය හැකි තරම් ප්‍රමාණවත් ශක්තියකින් යුතුව ඊලඟ ප්‍රහාරය සැලසුම් කිරීමය. සියළු සෝවියට් පෙරමුණු මේ ඉලක්කය අරමුණු කොටගෙන ප්‍රතිසංවිධානය වූ බැවින් හන්ගේරියාවේ සිදුවූ සීමාසහිත සටන් හැරුන කොට නැගෙනගහිර පෙරමුනේ සෙසු අංශ වල මේ වනවිට වූයේ නිහඩතාවකි. මෙ වනවිට සෝවියට් කර්මන්තශාලා විසින් මහා පරිමානයෙන් නිපදවූ IS ඛාණ්ඩයේ බර යුද ටැංකි හා SU ඛාණ්ඩයේ ප්‍රහාරක තුවක්කු මෙන්ම වැඩිදියුනු කරන ලද කත්යූෂා රොකට් වෙඩි විසින් රතු හමුදාවේ තාක්ෂණික ධාරිතාවයන් වඩාත් ඉහල නංවා තිබිණ. ස්ටාව්කාවේ අදහස වූයේ බර්ලිනය කෙරේ ප්‍රධාන අවධානය නාභිගත වන අන්දමට පෙරමුණ ප්‍රතිව්‍යුහහගත කල යුතු බවයි. බර අවි ඝනත්වය සැතපුමකට කාලතුවක්කු 400ක් දක්වා ඉහල නංවා ප්‍රධාන ප්‍රහාරය බර්ලිනයට කෙටිම මඟ වූ පෝලන්තය හරහා එල්ල කිරීමට අණදෙන නිලධාරීහූ යෝජනා කලහ. ස්ටැලින් එකඟ විය. එහෙත් නැගෙනහිර පෙරමුණේ අත්දුටු තාවකාලික විරාම කුණාටුවකට පෙර නිශ්චලත්වයට සමාන බවත්, රුසියානුවන් ප්‍රතිසංවිධානය වෙමින් සිටිනා බවත් ජර්මන් සෙනෙවි මණ්ඩලය විසින් දිගින් දිගටම කල අනතුරු හැඟවීම් හිට්ලර් මුළුමනින්ම නොසලකා හැරිය බව පෙනේ. තම නිලධාරීන් බිය සුල්ලන් හා නිවටයන් ලෙස තවදුරටත් හංවඩු ගැසූ ඔහු කියා සිටියේ රුසියානුවන් නැවත පහර නොදෙනු ඇති බවය. මෙය සිදුවිය හැකිව තිබුනේ කිසියම් හාස්කමක් තුලින් පමණි. මේ උපකල්පනය මත පදනම් ව සේනාංක කිහිපයක් හා උපාය මාර්ගික සංචිත බටහිර පෙරමුණට මාරු කරමින් ආර්ඩ්න්ස් වනාන්තරය හරහා ඉදිරියට එමින් සිටි මිත්‍ර පාක්ෂික හමුදා වෙත දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීමට ඔහු සෙනෙවි මණ්ඩලයට අණ කලේය. ආරම්භයෙදී යම් සාර්ථකත්වයක් මෙම ප්‍රහාරය හමුවේ ජර්මන් ගොඩබිම සටන් උපක්‍රම වලට තවමත් නුහුරු ඉංග්‍රීසීන් හා ඇමෙරිකානුවන් මොහොතකට පසුබා ගිය බවද සැබෑය. එහෙත් කාලගුණය යහපත් වීමත් ගුවන් බලය යොදවා තත්වය බොහෝ දුරට පාලනය කල ඔවුහු තමා වෙත එල්ල වූ අනපේක්ෂිත පීඩනය ලිහිල් කරනු වස් වහා නැගෙනහිර පෙරමුණේ සටන් අරඹන මෙන් ස්ටැලින්ගෙන් ඉල්ලා සිටියහ. මෙහි ප්‍රථිඵලයක් ලෙස 1945 ජනවාරි 12 දා දැවැන්ත රුසියානු ක්‍රියාන්විතය ඇරඹෙන විට ජර්මන් නැගෙනහිර පෙරමුණ වඩාත් දුර්වල තත්වයක පසුවීමයි. උපකරණ හා ඉන්ධන පමනක් නොව මිනිස් බලයේ හිඟයද තවදුරටත් පිරිමැසීමට තරම් සංචිත නාසි පරිපාලනය සතුව නොතිබිණ. ජර්මන් අණ දෙන නිළධාරීන් වඩාත් ව්‍යාකූලත්වයට වූයේ රතු හමුදාව මෙම සටනෙදී හඳුන්වාදුන් තවත් විචක්ශණ උපායක් නිසාය. ආරම්භක කාලතුවක්කු ප්‍රහාරයෙන් අනතුරුව ඔවුන් පෙරමුණ ඔස්සේ භටයන් ස්ථානගත කලේ සතුරු යුද ටැංකි වලට පහර දීමේ අපේක්ෂාව ඇතිවයි. එහෙත් යාන්ත්‍රික බල ඇණි වහා නොයෙදවූ රුසියානුවෝ නැවතත් කාලතුවක්කු මුර කිහිපයක් එල්ල කලහ. අනතුරුව වක්කඩ කැඩුවාක් මෙන් ඇරඹුන ප්‍රධාන ප්‍රහාරය හමුවේ ඔවුන් ඊට මැදිවූයේ ජල ප්‍රවාහයක් මැද පාවෙන දිය බුබුලක් මෙනි. ඊට මැදිවූ ජර්මන් පැන්සර් කන්ඩායම් දෙකක් මුළුමනින් විනාශ විය. වෙඩි බලය අතින් තමා සතු දැවැන්ත වාසිය තුලින් සතුරාට හැකි තරම් හානි කිරීම ස්ටාව්කාවේ නව උපාය වූ බව පෙනින. වෝර්සෝව ඇදවැටුනේ කඩදාසි ගෙයක් මෙනි. දෙමසක් ඇතුලත සැතපුම් සැතපුම් පන්සියයක් ඉදිරියට ගමන් කරමින් සතුරා ලුහුබැඳ ගිය සෝවියට් යාන්ත්‍රික බල ඇණී සයිලේසියාව හා නැගෙනහිර ප්‍රසියාව අත්පත් කොටගනිමින් මාර්තුවේදී ඕඩර් හා නයිසී ඉවුරු වෙත ලඟා වූහ. එහෙත් වසන්තයේ හිම දියවී ගංගා පිටාර ගැලීම නිසා බර්ලිනයට සැතපුම් හතලිහක් මෙපිටින් නැවතත් වාඩිලෑමට රතු හමුදාවට සිදුවූ හෙයින් වටලනු ලැබීමෙන් ගැලවීමට වියැකී ගිය ජර්මන් හතර වන හා නව වන හමුදා වලට අවසන් එක් අවස්ථාව ලැබිණ. එම කණ්ඩායම් මෙහෙයවූ හිට්ලර්ගේ සමීපතම සගයකු වූ එස්. එස්. නායක හයින්රිච් හිම්ලර් පැවසුවේ එය හාස්කමක් බවයි. Chamara Siriwardene

නූතන ස්ලාව් අධිරාජ්‍යය බිහිවේ[සංස්කරණය]

1945 පෙබරවාරියෙදී චර්චිල්, රූස්වෙල්ට් හා ස්ටැලින් නොහොත් ‘මහ තුන් කට්ටුව’ ක්‍රිමියාවේදී නැවත හමුවූහ. මෙහි අරමුණ වූයේ පශ්චාත් යුද යුරෝපයේ හැඩය පිළිබඳ සම්මුතියකට එලැඹිමයි. විය යුතු පරිද්දෙන්ම රුසියානු කොන්දේසි අසීරු විය. ඉතිහාසය පුරා සතුරා විසින් රුසියාවට පහරදීමෙදී කොරිඩෝරයක් ලෙස භාවිතා කලේ පෝලන්තය බව පෙන්වා දෙමින් කලහ කල ස්ටැලින් ඒ හේතුවෙන් බග් නදියෙන් නැගෙනහිර භූමිය නව දේශසීමාව විය යුතු බව තරයේම කියා සිටියේය. ඇවැසි නම් ඊට හිලවු වශයෙන් නැගෙනහිර ජර්මන් භූමියෙන් කොටසක් පෝලන්තයට වන්දි වශයෙන් ලබා දිය හැක. රතු හමුදාව විසින් මුදා ගත් සෙසු ස්ලාව් වාසභූමි ඇතුලත් හන්ගේරියාව, රොමේනියාව, බල්ගේරියාව, යුගොස්ලාවියාව හා චෙකොස්ලෝවැකියාව ද සෝවියට් අක්ෂය වටා භ්‍රමණය විය යුතු බවට එකඟ වීමට බටහිර බලවතුනට සිදුවිය. ජර්මනිය සියළු පෙරමුණු වල කොන්දේසි විරහිතව යටත්වන තුරු ඈ හා සාමය ඇති කොට නොගැනීමටද, නාසීන්ට එරෙහිව යුද අපරාධ නඩු පවරා දඬුවම් ලබා දීමටද වැඩිදුරටත් එහිදී ගිවිස ගැණින. පශ්චාත් යුද ජර්මනිය කලාප හතරක බෙදීමට තීරණය කරන ලදී. නැගෙනහිර ජර්මනිය සෝවියට් පාලනය කලාපයට අයත් වනු ඇත. මේ කටයුතු වලින් පසු ජපානයට එරෙහිව පැසිෆික් යුද්ධයට සම්බන්ධවීමට ස්ටැලින් කැමති විය. මේ වන විට රුසියානු ඉදිරි පෙරමුණ හා බර්ලින් නගරය අතර දුර සැතපුම් හතලිහකි. සයිලේසියාවේ, පොමරේනියාවේ හා නැගෙනහිර ප්‍රසියාවේ සතුරා විසින් සිදුකලේ යැයි කියැවුන වියරු පලිගැනීම් ගැන ලැවුගිනි මෙන් පැතිරී ගිය කටකථා ඇසූ අගනුවර වැසියෝ සංත්‍රාසයෙන් මුසපත් වූහ. නාසි ප්‍රචාරක යන්ත්‍රය ඒවාට ඉමහත් ප්‍රසිද්ධියක් දුන්නේ බර්ලිනයට රුසියානුවන් ඇතුළුවීමේ ආදිනව ගැන මහජනයාට සිහිපත් කරවීමට වැන්න. භීතිය වඩාත් උත්සන්න වූයේ රතු ගුවන් හමුදාව හිතූ හිතූ වෙලාවට ඉහලින් පහරදීමට පටන් ගැනීම නිසාය. සිය අහස් කුස රැගැනීමේදී ජර්මන් ගුවන් නියමුවන්ට විශාලතම අභියෝගය වූයේ ‘අඳුරේ මායාකාරියන්’ ලෙස හැඳින්වුන ලුතිනන් කල්නල් යෙව්දෝකියා බර්ෂෙන්ස්කයාගේ 46 වන කාන්තා ගුවන් රෙජිමේන්තුවයි. ‘පොලිකාර්පොව්’ නැමැති සැහැල්ලු ගුවන් යානාවල නැඟී සටන් වැදීමට ඉදිරිපත් වූ මෙම කෙල්ලෝ බිහිසුනු සතුරෝ වූහ. පැරණි ජර්මන් සුරංගනා කථාව සැබෑ වෙමින් තිබිණ. “කොසෑකයෝ පැමිණෙති!” සර්ව ජර්මන්වාදය හා සර්ව ස්ලාව් වාදය (නොහොත් නාසිවාදය හා කොමියුනිස්ට් වාදය) අතර අවසන් ද්වන්ද සටන සඳහා හෝරාව එලැඹෙමින් තිබිණ. හිට්ලර් මේ වනවිට සිටියේ බර්ලින් නුවර චාන්ස්ලර් මන්දිර උද්‍යානයේ අඩි පණහක් පොලොව යට තැනූ කොන්ක්‍රීට් බංකරයක් තුලය. ඔහුගේ සමීපතම සගයෝ පවා මේ වනවිට බලාපොරොත්තු රහිත තත්වයක පසුවූහ. බොහෝ දෙනාගේ මතය වූයේ රුසියානුවන්ගෙන් බර්ලිනය රැක ගැනීමට හැක්කේ බටහිර බලවතුන් හා එකඟත්වයක් තුලින් පමණක් බවයි. කවර තත්වයක් යටතේ හෝ ජර්මනිය සමඟ වෙන වෙනම සාම ගිවිසුම් වලට නොඑලැබීමට පෙබරවාරියේදී ක්‍රිමියාවේදී රැස්වූ ‘මහ තිදෙනා’ ගිවිස ගෙන සිටි බවක් උහු නොදත්හ. එහෙත් නාසි පක්ෂයේ දාර්ශනිකයා වූ ප්‍රචාරක ඇමති ආචාර්ය ගොබ්ල්ස් ඓතිහාසික උදාහරන ගෙනහැර පාමින් තවදුරටත් සිය නායකයා ධෛර්යමත් කලේය. "1762 වසරේ ද රුසියානුවෝ මේ අන්දමින්ම බර්ලිනය වැටළුහ: සෙන්පතියන් දුර්මුඛව සිටි බැවින් සතුරාට යටත් වීම මැනවයි ඩි’අර්ගන්සන් සිටුතැන මහා ෆෙඩ්‍රික් රජුගෙන් අයැද සිටියේය: එය පිලිකෙව් කල ශ්‍රේෂ්ඨ නිරිඳා වස පානය කිරීමට තිරණය කලේය. එහෙත් ඊට පෙර රුසියාවේ එළිසෙබෙත් සාර්තුමිය හදිසියේ මිය ගියාය….." අප්‍රේල් 11 දා ගොබ්ල්ස් තම දිනපොතේ සටහන් කලේතමා හඬනඟා මෙම කතාන්දරය කියවද්දී හිට්ලර්ගේ දෑස් කඳුලින් තෙත් වූ බවයි. ‘හිට්ලර්ට මඟ පෙන්වූ සිහින දකින්නා’ යන පෙර ලිපියේ මෙම සිදුවීම වැඩිදුර විස්තර කොට ඇත. 13 වන දින සිකුරාදාට යෙදීම (Friday the 13th) ඉතා අසුභ සංසිද්ධියක් බව බටහිර ජනප්‍රවාදයේ එන අදහසකි. මෙය සනාථ කරමින් අප්‍රේල් 13 දා අමෙරිකානු ජනාධිපති රූස්වෙල්ට් මියගියේය. ඉමහත් ප්‍රමොදයට පත් ගොබ්ල්ස් දුරකථනයෙන් හිට්ලර් අමතා මෙසේ කීවේලු: “මගෙ නායක තුමනි, එ හාස්කම ආපහු සිදුවෙලා! රූස්වෙල්ට් මැරිලා!!” මේ ඇසූ හිට්ලර් කෙතරම් බලාපොරොත්තු සහගතවීද යත් රතු හමුදාව එදින වියානා නගරය අත්පත් කොටගත් බව ඇසීමෙන් පවා ඒ හැටි කලබල නොවීය. එහෙත් මෙවර හාස්කමක් සිදු නොවන බව ඔහුට අවබෝද වූයේ තවත් දින තුනකට පසුවයි. අප්‍රේල් 16 දා හිමිදිරියේ ඕඩර් හා නයිසී ඉවුරු මත සිට රුසියානු කාලතුවක්කු 41,000 ක් හා ‘කත්යූෂා’ රොකට් යන්ත්‍ර 3,700 බර්ලිනය දෙසට වෙඩි තැබීමට වන. පෙරමුණේ සැතපුමක පරතරයකට වූ කාලතුවක්කු ගණන 400 කි. හෝරාවක් පුරා මුදා හැරුන මෙම දැවැන්ත ගිණි බලයෙන් අනතුරුව අනතුරුව යුද ටැංකි 6750ක් පෙරටු කොටගත් භටයන් විසි ලක්ෂයක් නැගෙනිහිරින් හා දකුණින් ගංගා තරණය කොට ඉදිරියට ගමන් කලේ ගුවන් යානා 7500ක ආවරණය යටතේය. මෙම අවසන් සටන සඳහා ජර්මන් සෙනෙවි මණ්ඩලයට යෙදවිය හැකි වූයේ භටයන් හත් ලක්ෂයක් හා යුද ටැංකි 1500ක් හා කාලතුවක්කු 9000ක් පමණි. අප්‍රේල් 20 දා හිට්ලර් භූගත බංකරය තුල තම පණස් වන උපන් දිනය සැමරුවේ දැවැන්ත රුසියානු හමුදා කණ්ඩායම් තුනක් නැඟෙනහිරින් උතුරින් දකුණින් බර්ලිනයට ආසන්න වන අතරය. ජර්මන් හමුදා කිහිපයක් වටකරනු ලැබීමේ තර්ජනයට මුහුන පා සිටියහ. යථාර්ථයෙන් වඩාත් දුරස් වෙමින් තම අධ්යනාගාරයේ දැවැන්ත සිතියම මත මනඃකල්පිත හමුදා ඒකක මෙහෙයවමින් කල්ගෙවූ හිට්ලර්ගේ විශ්වාසය වූයේ බර්ලිනයේ ගේට්ටු අසලදී එල්ල කරන දැවැන්ත ප්‍රහාරයකින් රුසියානුවන් ‘ලේ සාගරයක’ ගිල්වා විනාශ කොට හැකි බවයි. එහෙයින් දකුණේ සිට දැවැන්ත අවසන් ප්‍රතිප්‍රහාරයක් එල්ල කිරීමට හේ කල්පනා කලේය. රුසියානුවන්ට මුහුන දීමට තරම් භටපිරිස් අවිආයුධ හෝ සැපයුම් ඉතිරිව නොමැති බව පෙන්වාදෙමින් බැගෑපත් වූ හමුදා ජනරාල් වරුන්ට තර්ජනය කල ඔහු අවසානයේ මෙම කටයුත්ත පැවරුවේ එස්. එස්. සංවිධානයටයි. එහෙත් නියෝග හා තර්ජන මධ්‍යයේ පවා එම ප්‍රතිප්‍රහාරය ඇරඹුනේ නැත. ද්වේශයෙන් කැකෑරෙමින් සිටි රතු හමුදාව සමඟ සටන් කිරීම නිරායුධ සිරකරුවන් හෑස් කාමර තුලට යැවීමට වඩා බොහෝ අසීරු කටයුත්තක් බව එස්. එස්. සංවිධානය පවා මේ වනවිට වටහාගෙන සිටියේය. නැගෙනහිර සිට ප්‍රධාන ප්‍රහාරය මෙහෙය වූ මාෂල් ජෝර්ජි ෂුකොව් ගේ හමුදා මධ්‍යම බර්ලිනයේ වීථි සටන් වල යෙදී සිටි අප්‍රේල් 25 දා ඔහුගේ උතුරු දිග සහායකයා වූ මාෂල් කොන්තන්තීන් රොකොසොව්ස්කි ගේ හමුදා බටහිර ජර්මනියේ එල්බ් නදී ඉවුරේ දී ඇමෙරිකානු පෙරමුණු බල ඇණි හා එක් වූහ. මේ සමඟම දකුණින් පහර දුන් මාෂල් ඉවාන් කොනෙව්ගේ හමුදා සෝසෙන් හි පිහිටි ප්‍රධාන ජර්මන් මූලස්ථානය අත්පත් කොටගත්තේ ජර්මන් සෙනෙවි මණ්ඬලය සරණාගත තත්වයට පත් කරමිනි. රුසියානු වලලු තුනකින් වටලනු ලැබූ බර්ලිනය තුල හිට්ලර් කොටුවී සිටියේය. අවසානය ලඟාවෙමින් ඇති බව දුටු බොහෝ දෙනා තැත් කලේ රුසියානු වලලු මැදින් බටහිර දෙසට පලා හොස් ඇමෙරිකානුවන්ට යටත් වීමටයි. හමුදාව හා එස්. එස්. සංවිධානය පමණක් නොව සිය සමිපතම සගයන් පවා තමාට ද්‍රෝහී වී යැයි පාළු බංකරය තුල සිට හිට්ලර් මොර දුන්නේය. ඔහු ගේ ඉරණම බෙදාහදා ගැනීමට අවසානයේ ඉදිරිපත් වූයේ ප්‍රචාරක ඇමති ආචාර්ය ගොබ්ල්ස් හා ඔහුගේ දීර්ඝකාලීන මිතුරිය වූ ඊවා බ්‍රෝන් මෙනෙවිය පමණි. ඉතිහාසය තුල ඊවා බ්‍රෝන් ගැන බොහෝ ඕපාදුපා ලියැවී ඇතත්, හිට්ලර්ගේ ලේකම් වරියන් පසු ව පැවසුවේ ඔවුන් අතර ඒ තාක් පැවතියේ සාමාන්‍ය මිතුදමක් බවය. හමුදා සම්ප්‍රදායට අනුව හැඩගැසුන හිට්ලර්ගේ මූලස්ථානය තුල කාන්තා සුළුතරය ඉමහත් වරප්‍රසාද ලත් ගරුකටයුතු පුරවැසි කොට්ඨාශයක් වූ බව ඔවුහු පවසති. අප්‍රේල් 29 දා රුසියානුවන් බංකරයට මීටර් සිය ගනනක් එපිටින් සටන් වදිමින් සිටියදී බංකරය තුරට රෙජ්ස්ට්‍රාර් වරයෙකු කැඳවූ හිට්ලර් ඊවා බ්‍රෝන් විවාහ කොටගත්තේ ඈට කෘතගුන සැලකීමක් ලෙසයි. අනතුරුව හේ තම අන්තිම කැමත්ත පිලියල කලේය. හමුදාව විසින් තමා පාවා දී ඇති බැවින් පරාජයේ පරාජයේ නින්දාවෙන් ගැලවෙනු වස් ‘තමා සහ බිරිඳ’ දිවි නසාගන්නා බව ලියූ ඔහුගේ අවසන් ඉල්ලීම වූයේ තම වටිනාම පෞද්ගලික දේපොල වූ චිත්‍ර එකතුව තම ගම්පලාත වූ ලින්ස් නුවර කලාගාරයක තැන්පත් කරන ලෙසයි. මොන වැරදි කලද දේශපාලනයෙන් හරිහම්බ කොටගත් කෙනෙක් නෙවේ මේ ඇඩොල්ෆ් හිට්ලර්. අදට හරියටම වසර හැත්තෑ පහකට පෙර උදාවූ 1945 අප්‍රේල් 30 වැනිදා රුසියානු ෂෙල්වෙඩි බංකරය මත පතිත වෙද්දී තම පුද්ගලික කාර්ය මණ්ඩලය සමඟ නිහඬව අවසන් දිවා භෝජනය ගත් හිට්ලර් අනතුරුව තම කාමරයට වැදුනේ නිර්මාංශ කෝකියා වූ මැසියාර්ලි මෙනෙවියට ගේ කෑමවේල බෙහෙවින් පාරෙට්ටු කර ඈට බොහෝ ප්‍රසංශා කිරීමෙන් අනතුරුවය. පස්වරු 3.30ට කාමරය තුලින් වෙඩි හඬක් ඇසින. වෙඩි පහරකින් හිස සුනු විසුනු වූ හිට්ලර් තම වෝල්තර් 7.62 පිස්තෝලය අතැතිව සෝෆා පුටුව මත මියගොස් සිටියේය. දහඅට පැයකට කලින් විවාහ වූ ඔහුගේ මනාලිය තවත් පුටුවක් මත වැටී සිටියාය. ඇගේ සිරුරින් වහනය වූ ආමන්ඩ් සුවඳින් හැඟවුනේ ඊවා සයනයිඩ් විෂ පානය කොට මිය යන්නට ඇති බවයි. එස්. එස්. නිලධාරීන් විසින් බ්ලැන්කට්ටු වල ඔතා පෙට්රල් වත් කරන ලද මලසිරුරු හිට්ලර් ගේ අන්තිම කැමැත්ත අනුව චාන්ස්ලර් මන්දිර උද්‍යානයේ දී රහසිගතව ආදාහනය කෙරිණ. ඉතිරිවූ සුන්බුන් ඒ අසලම වූ ෂෙල්වෙඩි කුහරයක් තුල වල දමන ලදී. හිට්ලර්ගේ මිනී වල රුසියානුවන් විසින් නොදැනුවත්වම කණිනු ලැබ තිබීම නම් දෛවයේ සරදමක් ලෙස පෙනේ. ආදාහනයෙන් පසු බංකරය තුලට රැස්වූ හිට්ලර්ගේ අනුගාමිකයන්ට රුසියානුවන් සමඟ සාම සාකච්ඡා පැවැත්වීමේ අපූරු අදහසක් පහල විය. මධ්‍යම බර්ලිනයේ පිහිටි මාෂල් ෂුකොව්ගේ මූලස්ථානයට යැවුන විදුලි පණිවුඩයට ලද ප්‍රතිචාරය යහපත් විය. රුසියානුවෝ පැය කිහිපයකට ප්‍රහාර අත් හිටවූ අතර ජර්මන් නියෝජිතයා ලෙස තෝරා ගැනුනේ 1939 ජර්මන් සෝවියට් මධු සමය අතරතුරු මොස්කොව් හි යුද තානාපති මුලාදෑනියා (Military attache') වූද, වත්මන් සෙබනෙවි මණ්ඩලය ප්‍රධානියා වූද ජනරාල් හෑන්ස් ක්‍රෙබ්ස් ය. ඔහුට රුසියානුවන් සමඟ දැන හැඳුනුකම් තිබූ අතර ‍ව්‍යක්ත ලෙස රුසියන් බස වැහැරීය. මැයි පළමුවනදා අළුයම ජර්මන් පාර්ලිමේන්තුව මත දෑකැත්ත හා මිටිය සහිත දැවැන්ත රතු ධජයක් ලෙලදෙන අතර බර්ලිනයේ සෝවියට් මූලස්ථානය පැමිනි ක්‍රෙබ්ස් පිළිගන්නා ලද්දේ මුහුණේ ලප කැලැල් ගහන තරු හතරේ රතු හමුදා ජනරාල් වරයෙක් විසිනි. ජර්මන්නුන්ගේ යෝජනාව වූයේ නව රජයක් පිහිටුවීම සඳහා බංකරය තුල සිටින ආචාර්ය ගොබ්ල්ස් හා මාටින් බෝමන් ඇතුළු ඉහල නාසි නායකයන්ට නගරයෙන් පිටවීමට අවසථාව දෙන ලෙසයි. එහෙත් බංකරයේ සිටින සියළුම දෙනා කොන්දේසි විරහිත යටත්වීමකින් මෙපිට වෙනත් කිසිදු එකඟතාවයක් රුසියානුවෝ ප්‍රතික්ෂෙප කලහ. “ඔබ මගේ තත්වයේ හිටියනම් මේ වගේ යෝජනාවකට එකඟ වේවිද?” මුහුනේ කැලැල් සහිත රතු හමුදා නිළධාරියා මොර දුන්නේය. ඒ අන් කිසිවෙකුත් නොව තමා බොහෝ අසා ඇති එහෙත් සියැසින් නුදුටු සුප්‍රකට ස්ටැලින්ග්‍රාඩ් සටනේ වීරයා වූ කර්ල්නල්-ජනරාල් වැසිලි චිකොව් බව ක්‍රෙබ්ස් නොදත්තේය. ඔහු රුසියානු මූලස්ථානයෙන් පිටවූයේ බරවුන හදිනි. එදින රැයේ බංකර් වාසීහූ කුඩා කණ්ඬායම් වලට වෙන්වී රුසියානු වලලු අතරින් පලා යාමට තැත් කලහ. ඇතමෙක් ඇමෙරිකානු සීමා වෙත ලඟාවුවද බොහෝ දෙනෙක් සෝවියට් මුරසංචාරක කණ්ඩායම් විසින් සිරභාරයට ගන්නා ලදී. මේ කාලය තුල රුසියානු සෙබළුන් විසින් කලබව පැවසෙන යුද අපරාධ ගැන වාර්තා ද බටහිර ඉතිහාසය තුල නොමඳව දැකිය හැක. එක් සිද්ධියකට අනුව පෝස්ට්ඩෑම් හි කන්‍යාරාමයකට කඩා වැදුන බීමත් සෙබලූන් පිරිසක් එහි සිටි ජර්මන් සරණාගත කතුන්ට හිරිහැර කිරිමට සැරසුන අතර විලාප නඟමින් මහමඟට දිවගිය මව් කන්‍යා සොයුරිය එහි සිටි නිලධාරියෙකුට ආයාචනා කලාය. ලහි ලහියේ සිද්ධිය විභාග කල නිලධාරියා ඇගෙන් සමාව අයැද චූදිත සෙබළුන් පිරිසට එතැනදීම වෙඩි තබා නඩුව විසඳීය. කන්‍යා සොයුරිය සිහි නැතිව ඇද වැටුනාය. අමන්දානන්දයට පත් රුසියානුවන් බර්ලිනය ඇදවැටීම සමරමින් සිටි මැයි 05 දා බටහිර ජර්මනියේ මිත්‍ර පාක්ෂික ආඥා මූලස්ථානයට ලඟාවූ ජර්මන් නියෝජිත පිරිසකි. බොහිමියාවේ අවසන් ජර්මන් හමුදා කණ්ඬායමේ යටත්වීම භාර ගන්නා මෙන් ඔවුහු ඇමෙරිකානුවන්ගෙන් ඉල්ලා සිටියහ. එහෙත් ජනරාල් අයිසන්හවර් තරයේම කියා සිටියේ එල්බ් ගඟෙන් නැගෙනහිර ප්‍රදේශ වල ජර්මන් බල ඇණී රතු හමුහ්ඩාවට යටත් විය යුතු බවයි. රුසියානුවන් විසින් තම භටයන් සමූලඝාතනය කරනු ඇති බවට ජර්මන්නු කල ආයාචනය කෙතෙක් දුක්බර වීද යත් අයිසන්හවර්ට පවා මොහොතකට ඔවුන් හා එකඟ වීමට සිදු විය. “ ඒකත් ඇත්ත තමයි. නමුත් ඔහෙලට ඕව ගැන හිතන්න තිබුනෙ 1941 දි…” බොහොමියාවේ ජර්මන් හමුදා කන්ඩායම රුසියානුවන්ට පාවා දෙන ලදී. සයිබීරියාවේ සිරකඳවුරු වලට යැවුන ඔවුන්ගෙන් නිදහස ලබා ආපසු පැමිණියෝ අල්පයකි. 1945 මැයි 07 දා ජර්මනිය කොන්දේසි විරහිතව යටත් වූවාය. ලියවිල්ලට වලට අත්සන් තබන ලද්දේ පසුවදාය. එය පහත සඳහන් පරිදි විය. "යටත්වීමේ ප්‍රකාශය 01. ජර්මන් සෙනෙවි මණ්ඩලයේ බලයලත් නියෝජිතයන් වන අපගේ පාලනය යටතේ ඇති සියළු පාබල නාවුක ගුවන් බල ඇණී පැය 11.01 පටන් මිත්‍ර පාක්ෂික හා සෝවියට් හමුදා අධිකාරීන් යටතට පත් කෙරෙනු ඇත. 02. එතැන් පටන් මිත්‍ර පාක්ෂික හා සෝවියට් හමුදා අධිකාරීයේ අණ පිලිපදින මෙන් තම සියළුම නිළධාරීන්ට උපදෙස් දීමට ජර්මන් සෙනෙවි මණ්ඩලය එකඟ වේ. 03. මෙම ලියවිල්ල පෙර අත්සන් කෙරුන වෙනත් ඕනෑම ලියවිල්ලකට වඩා ඉහලින් ලා සැලකේ. 04. මෙම කොන්දේසි කඩකරන ඕනෑම අයකුට එරෙහිව දධුවම් කිරීමේ බලය මිත්‍ර පාක්ෂික හා සෝවියට් හමුදා අධිකාරීන් සතුය. අත්සන් කලේ ජර්මන් ඒකාබද්ධ අණදෙන මූලස්ථානය වෙනුවට (Oberkommando der Wehrmacht) ජනරල්ෆීල්ඩ්මාෂල් විල්හෙල්ම් කයිටල් මිත්‍රපාක්ෂික හමුදාවේ සෙනාධිනායක වෙනුවට (Commander in Chief -Allied Expeditionary Force) ගුවන් මාෂල් ආතර් විලියම් ටෙඩර් රතු හමුදාවේ උත්තරීතර ඉහල අණදෙන මූලස්ථානය වෙනුවට (Supreme High Command of the Red Army) මාෂල් ජෝර්ජි කොන්ස්තන්තිනෙවිච් ෂුකොව් " දෙවන ලෝක යුද්ධය මෙලෙස අවසන් වූයේ ක්‍රෙම්ලිනයේ බල අක්ෂය ව්ලැදිවස්ටොක් සිට නැගෙනහිර බර්ලිනය දක්වා සැතපුම් පන්දහසක් පුරා විහිදුවමිනි. ජර්මනිය යටත් වීමේ ගිවිසුම අත්සන කරන අවස්ථාවේ ජෝර්ජි ෂුකොව් ඇතුළු රුසියානු නිලධාරීන් අධිපති බවක් පලකරමින් උඩඟු ලෙස හැසිරුන බවට බටහිර ඉතිහාසඥයන් නඟන චෝදනාවේ දේශපාලන අර්ථය නම් සර්ව ජර්මන් වාදයේ අළු මතින් නූතන ස්ලාව් අධිරාජ්‍යයක් පිහිටුවනු ලැබ ඇති බවත් එය අභිනව සීතල යුද්ධයක (Cold War) ආරම්භය වූ බවත්ය. (පසු සටහන: ඇඩොල්ෆ් හිට්ලර් මිය ගොස් අද දිනට හරියටම වසර හැත්තේ පහකි)

Chamara Siriwardene

සීතල යුද්ධය[සංස්කරණය]

1945 ජුලි මස පෝස්ට්ඩෑම් හිදී ‘මහ තිදෙනා’ නැවත හමුවූයේ ජර්මනියේ පමනක් නොව යුරෝපයේද ඉරණම විසදීමටය. නාසි ව්‍යාපාරය තහනම් කොට පරාජිත යුද අපරාධකරුවන්ට එරෙහිව යුක්තිය පසිඳලීමටද, ජර්මනිය හා ඔස්ට්‍රියාව පාලන කලාප හතරකට බෙදීමටද එහිදී ගිවිස ගන්නා ලදී. බග් නදියෙන් මෙපිට නැගෙනහිර පෝලන්ත භූමිය රුසියාව විසින් බලාත්කාරයෙන්ම ඈඳා ගැනීම නිසා ඊට හිලව් වශයෙන් ජර්මනියේ නැගෙනහිර දේශසීමාව ඕඩර්-නයිසී ඉවුරු ඔස්සේ ප්‍රතිෂ්ඨාපනය කිරීමට සිදුවිය. භූමියෙන් තුනෙන් පංගුවක් අහිමි කරනු ලැබූ ජර්මනියට අවි නිපදවීම තහනම් කෙරිණ. මේ වන විට රතු හමුදාව මධ්‍යම යුරෝපයේ වාඩිලා සිටීම කරන කොටගෙන බටහිර බලවතුන් හටගෙන තිබූ ආතතිය තවදුරටත් සැඟවිය හැකි නොවීය. තව දුරටත් සටන් කරමින් සිටි ජපානයට එරෙහිව ‘විස්මිත අවියක්’ තමා සතුව ඇතැයි හැරී ටෲමන් විසින් ස්ටැලින්ට දැනුම් දුන්නේ මේ සමුළුව අතරතුරදීය. එහෙත් ඔත්තු සේවා වාර්තා මඟින් ඇමෙරිකානුවන් න්‍යෂ්ඨික අවියක් නිපදවා ඇති බව ස්ටැලින් දැන සිටියේය. මෑන්හැට්න් ව්‍යාපෘතියෙන් සොරකම් කරන ලද තොරතුරු මත පදනම්ව රුසියානු විද්‍යාඥයන් ද මේ වනවිට ලහිලහියේ යුරේනියම් බලගැන්වීමේ අත්හදා බැලීම්වල නිරත වී සිටියහ. අවි බිමතබා කොන්දේසි විරහිතව යටත් වන ලෙස කල අවසන් නිවේදනයට ජපානය ප්‍රතිචාර නොදැක්වීය යන නිදහසට කරුණ මත ඇමෙරිකාව විසින් හිරෝෂිමා නාගසාකි නගර දෙකට පරමාණු බෝම්බ හෙලන ලද්දේ ඊලඟ සතියේය. දෙලක්ෂයකට අධික පිරිසක් ඉන් මරු දුටු අතර කර කියාගත දෙයක් නුහුන ජපානය අවසානයේදී යටත් වූවාය. න්‍යෂ්ඨික පිපිරීම නිසා හිරෝෂිමා හා නාගසාකි නගර දෙකට සිදුවූ සිදුවූ විනාශයෙන් විමතියට පත් ස්ටැලින් ජපානයට පරමාණු බෝම්බ හෙලීම ‘ඉහවහා ගිය ම්ලේඡත්වයක්’ ලෙස හෙලා දුටුවද ඔහු සැබවින්ම කණගාටු වූයේ බල තුලනය බිඳීයාම ගැන බවට සැකයක් නොතිබිණ. මෙකල රුසියාව මුහුණ දුන් ප්‍රධානතම ගැටළුව වූයේ ස්ඵෝඨනය සඳහා ප්‍රමාණවත් යුරේනියම් ලබා ගැනීමට මාර්ග නොතිබීමයි. රුසියානුවන්ගේ ඔද බිදීමට තම ‘විස්මිත අවිය’ දේශපාලන මෙවලමක් ලෙස යොදා ගැනීමට කිසිසේත් පැකිළුනේ නැත. ආතතිය වඩාත් උත්සන්න වූයේ ඇමෙරිකානුවන් දකුණු කොරියාවට හමුදා ගොඩ බැස්වීමත් සමඟිනි. රුසියානුවෝ උතුරු කොරියාවට හමුදා යැවූහ. එමෙන්ම රතු හමුදාව විසින් වාඩිලාගෙන සිටි ලැට්වියාව ලිතුවේනියාව එස්ටෝනියාව නැගෙනහිර ෆින්ලන්තය බයිලෝරුසියාව, යුක්‍රේනය හා මෝල්දාවියාව සෝවියට් සංගමයට ඈඳාගැනීමත්, පෝලන්තය, රොමේනියාව හංගේරියාව, බල්ගේරිය, චෙකොස්ලෝවැකියාව, යුගොස්ලාවියාව හා ඇල්බේනියාව තුල සෝවියට් ආකෘතියට අනුව කොමියුනිස්ට් පාලන තන්ත්‍ර පිහිටුවනු ලැබීමත් බටහිර බලවතුන්ට රුචි නොවූ බව නොකිවමනාය. ඇමෙරිකානුවන්ගේ අදහස වූයේ ක්‍රෙම්ලිනය වත්මන් යථාර්ථයන්ගෙන් පරිබාහිරව සර්ව ස්ලාව් වාදයේ ඓතිහාසික අභිලාෂයන් මුදුන් පත් කොටගැනීමට කටයුතු කරන බවකි. උතුරු ඉරානයෙන් රතු හමුදාව ඉවත් කොටගැනීමට මැලිවීම කරණ කොටගෙන ආරවුල වඩාත් උත්සන්න වූ අතර ස්ටැලින් යුරෝපය හරහා ‘අයෝමය තිරයක්’ (Iron Curtain) එල්ලා ඇතැයි චර්චිල් චෝදනා කලේය. මෙය ප්‍රතික්ෂෙප කරමින් ස්ටැලින් කියා සිටියේ චර්චිල් ද හිට්ලර් මෙන් ‘ඉංග්‍රීසි’ ආධිපත්‍යය ලෝකය පැතිරවීමට තැත් දරන බවයි. යුරෝපය යලි ගොඩ නැඟීම සඳහා ‘මාෂල් සලැස්ම’ [Marshal Plan] යටතේ ඇමෙරිකානුවන් ඩොලර් බිලියන 12 ලබා දීමට යෝජනා කලද තම පාලනය යටතේ වූ නැගෙනහිර යුරෝපය ඊට ඇතුලත් කිරීමට ස්ටැලින් කැමැති වූයේ නැත. ඉන් නොනැවතුන ඔහු මිත්‍ර ජාතීන් විසින් පාලනය කල බටහිර බර්ලිනයට ඇති සැපයුම් කොරිඩෝරය අවහිර කල හෙයින් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ගුවනින් හෙලීමට ඇමෙරිකානුවන්ට සිදු විය. වර්දනය වෙමින් පැවති රුසියානු අභියෝගයට මුහුණ දීමේ අරමුනින් 1949 අප්‍රෙල් මාසයේ බටහිර බලවතුන් විසින් ‘උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානය’ (NATO) ව පිහිටුවා ගත්හ. එහි අරමුණ වූයේ එක් සාමාජික රටකට එල්ලවන ප්‍රහාරයකදී ඊට සාමුහිකව මුහුන දීමයි. අගෝස්තුවේ දී රුසියානුවෝ තම පළමු පරමාණු බෝම්බය සාර්ථකව අත්හදා බැලූහ. ඊලඟ මාසයේදී ජර්මනියේ ඇමෙරිකානු බ්‍රිතාන්‍ය හා ප්‍රංශ පාලන කලාප තුන එකාබද්ධ කොට බටහිර ජර්මනිය පිහිටුවන ලදී. සෝවියට් පාලන කලාපය නැගෙනහිර ජර්මනිය බවට පත් වූවාය. මෙ තත්වය යටතේ මාඕ සේතුං යටතේ චීනය කොමියුනිස්ට් කඳවුරට එක්වීම බටහිර ලෝකයට අත්වූ විශාල පසුබෑමක් ලෙස සැලකිය හැක. 1953 දී ස්ටැලින් මියයන විට ලෝක ගෝලය මත විශාලතම අධිරාජ්‍යය වූයේ සෝවියට් සංගමයයි. ඔහුගෙන් අනතුරුව බලයට පත් නිකිතා කෘෂෙව්ගේ උපාය වූයේ හමුදාවේ දැවැන්ත පිරිස් බලය අඩු කොට ස්ටාව්කාවේ නවතම ශාඛාව වූ උපාය මාර්ගික රොකට් බලඇණි (Strategic Rocket Forces) මඟින් එය හිලව් කිරීමය. නේටෝව බරපතල අභියෝගයක් ලෙස නොතැකුවද බටහිර ජර්මනිය නැවත සන්නද්ධ කරවීමට ඇමෙරිකානුවන් ගෙන ගිය වැඩපිළිවෙල කෙරේ රුසියානුවන් තුල වූයේ දැඩි නොමනාපයකි. මීට ප්‍රතිචාර වශයෙන් නැගෙනහිර ජර්මනිය සන්න්ද්ධ කල කෘෂෙව් 1955 දී වොර්සෝ යුද හවුල පිහිටවීය. මීට පෝලන්තය, රොමෙනියාව, හංගේරිය, බල්ගේරිය, චෙකොස්ලෝවැකියාව ඇල්බේනියාව හා නැගෙනහිර ජර්මනිය ඇතුලත් වූහ. එහි පරමාර්ථය වූයේද එක් සාමාජික රටකට එරෙහිව එල්ලවන ප්‍රහාරයකට සාමුහිකව ප්‍රතිචාර දැක්වීමයි. වොර්සෝ හමුදාවන්ගේ අණදෙන නිලධාරියා ලෙස පත් කෙරුනේ දෙවන ලෝක යුද්ධයේ කීර්තිමත් රතු හමුදා සෙන්පතියෙකු වූ මාෂල් ඉවාන් කොනෙව් ය. නැගෙනහිර යුරෝපය තුල රතු හමුදාවේ රැදී සිටීමට නීත්‍යානුකූල භාවයක් ලැබීම මෙම ගිවිසුම මඟින් රුසියාවට අත්වූ අමතර වාසියකි. කෙසේ වුවද වොර්සෝ ගිවිසුම නිසා නේටෝව තුල හටගත් ව්‍යාකූලත්වය භීතියක් බවට පත් වීමට හේතුවූයේ වසරාවසානයේ රුසියානුවන් විසින් පළමු හයිඩ්‍රජන් බෝම්බය සාර්ථකව අත්හදා බැලිමයි. තාපන්‍යෂ්ඨික මූලධර්මයට අනුව තැනුන මෙම දෙවන පරම්පරාවේ බහු-අදියර බෝම්බය මඟින් ඇති කල ස්ඵෝටනය සාම්ප්‍රදායික ටීන්ටී (Trinitrotoluene) මෙගා ටොන් 1.7 කින් නිකුත් කෙරෙන ශක්තියට සමානය. 1918 දී කබල් රයිපල් තුවක්කු අතැතිව සිවිල් යුද්ධයට එලැඹි රුසියානුවෝ මේ වන විට රොකට් හා පරමාණු තාක්ෂණයේ කෙල පැමිණ සිටියහ. ස්ටැලින්ගේ දැඩි පිළිවෙත් ප්‍රතිසංස්කරණයට ලක් කල කෘෂෙව් 1956 දී බ්‍රිතාන්‍යයේ මිත්‍රත්ව සංචාරයක නිරත වුවද එය දෙපාර්ශ්වය අතර වර්දනය වෙමින් පැවති අන්‍යොන්‍ය සැකය ලිහිල් කිරීමට දායක වූයේ මඳ වශයෙනි. සංචාරය අතරතුරදී බ්‍රිතාන්‍ය විකට ශිල්පියෙකු වූ චාලි චැප්ලින් ට ඉඩලබා දෙනු වස් කෘෂෙව්ගේ රතු හමුදා ආරක්ෂකයන් විසින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් වරයා ගරු සරු නැති අන්දමින් කාමරයෙන් පිටමන් කරවීම ලොව පුරා ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් අතර ඉංග්‍රීසීහූ මෙය හිතාමතා තමාට කල මදිපුංචි කමක් ලෙස සැලකූහ. මේ පිළිබඳ වැඩි දුර විස්තර ‘ඉවාන්ලා ලන්ඩන් ගියහ’ නැමති පෙර ලිපි දෙකෙන් විස්තර කොට ඇත. හිට්ලර්ගේ මරණයෙන් පසු දශකයකින් අනතුරුවද යුරෝපයට උදාවූ සාමයක් නම් නැත. යකඩ තිරය දෙපස කේශාන්තයේ සිට පාදාන්තය දක්වා සන්නද්ධවූ නේටෝ හා වොර්සෝ බලඇණී දෙකක් තවදුරටත් එකිනෙකා වෙත අවි අමෝරාගෙන සිටීමෙන් අදහස් වූයේ සීතල යුද්ධයක් (Cold War) ඇරඹී තිබූ බවයි. Chamara Siriwardene

ඉවාන්ලා ලන්ඩන් ගියහ - 1[සංස්කරණය]

ස්කොට්ලන්ඩ් යාර්ඩ් රහස් පොලිසියේ නාගරික විශේෂ ශාඛාවේ පොලිස් අධිකාරී ලෙනාර්ඩ් බර්ට් කීර්තිමත් සේවා වාර්තාවක් සහිත බ්‍රිතාන්‍ය පොලිස් නිළධාරියෙක් ලෙස ප්‍රකටය. 1945 බ්‍රිතාන්‍ය හමුදා නාසි ජර්මනියේදී අත් අඩංගුවට ගත් යුද කාලීන ද්‍රෝහියෙකු වූ විලියම් ජොයිස් නඩු විභාගය සඳහා සිය රට කර ගෙන ඒම මෙන්ම සෝවියට් දේශයට පරමාණු බෝම්බයේ රහස් ලබා දුන් ජර්මන් ජාතික භෞතික විද්‍යාඥ ක්ලෝස් ෆුච්ස් අතඩංගුවට ගෙන සාක්ෂි ගොණු කරන ලද්දේ ද බර්ට් විසිනි. 1956 මාර්තු මාසයේ දවසක ඔහුට තම ලොක්කා වූ පොලිස් කොමසාරිස් ගෙන් කැඳවීමක් ලැබිණ. "තමුසෙට බරපතල රාජකාරියක් භාර දෙන්නයි හදන්නෙ, බර්ට්. ලඟදි බොහෝම වැදගත් රාජ්‍යතාන්ත්‍රිකයො දෙන්නෙක් එනවා. මේ සංචාරයෙදි යම්කිසි සිදිධියක් ඇති වෙන්න ඕනැ තරම් ඉඩකඩ තියනව. එහෙම නොවෙන්න වග බලා ගන්න එක ඔන්න තමුසෙට භාරයි." ප්‍රභූන්ට ආරක්ෂාව සැපයීම බොහෝ භාරධූර කාර්යයක් බව බර්ට් අත් දැකීමෙන් දැන සිටියේය. ප්‍රභූ ආරක්ෂකයෙක් අතින් කිසියම් වරදක් වුවහොත් එය නිවැරදි කිරිමෙහි ලා අවස්ථාවක් නැති වීමට ඉඩ ඇත. 1914 ජුනි මස සරාජිවෝ නුවර දී අග්‍රාදිපාද ෆ්‍රාන්ස් ෆර්ඩිනන්ඩ් කුමාරයා ගේ ආරක්ෂකයන් කල සුළු වරදක වන්දිය වූයේ පළමු ලෝක යුද්ධයයි. " මේ අය ගැන විශේෂයෙන් ඇහැ ගහ ගෙන ඉන්න" ලොක්කා ඔහුට ලයිස්තුවක් දුන්නේය. එහි වූයේ ලන්ඩනයේ ක්‍රියාත්මකවූ නැගෙනහිර යුරෝපීය සංක්‍රමණික කල්ලි නායකයන්ගේ නම් රැසකි. දෙවන ලෝක යුද්ධයෙන් පසු නැගෙනහිර යුරෝපය කොමියුන්ස්ට්කරනය වීමත් සමඟ ලන්ඩනයට ගලා ආ සංක්‍රමණිකයෝ විශාල පිරිසක් එහි ජීවත් වෙති. පාතාල ගණුදෙනු ඉහිපයක් හැර මේ තාක් ඔවුන්ගෙන් ඒ හැටි අගතියක් සිදුව නොතිබිණ. "කව්ද අමුත්තො?" බර්ට්ගේ ලොක්කා වූ කොමසාරිස් සුසුමක් හෙළුවේය. ඔහු වෙතින් පල වූයේ කණස්සල්ලකි. "ඉවාන් ල ලන්ඩන් එනවලු !" ලොක්කා බර්ට්ට කඩදාසියක් දිගු කලේය. එය විදේශ කාර්යාලය විසින් නිකුත් කොට නිඅධාරීන් විසින් අනුපිලිවෙලට පිටසන් කරමින් ඔහු වෙත එවන ලද්දකි. සෝවියට් ඇමති කවුන්සිලයේ ප්‍රධානී මාෂල් නිකොලායි බුල්ගනින් හා කොමියුනිස්ට් පක්ෂයේ මහ ලේකම් තැන්පත් නිකිතා කෘෂෙව් නොබෝදිනකින් නිල සංචාරයක් සඳහා ලන්ඩනයට සැපත් වන බැවින් සුදුසු ආරක්ෂක වැඩ පිළිවෙලක් සූදානම් කටන මෙන්ද එමඟින් ඉල්ලා තිබිණ. නැගෙනහිර යුරෝපිය සංක්‍රමණික ඩයස්පෝරාව දෙලක්ෂයක් වූ ලන්ඩනය සෝවියට් නායකයන්ට එතරම් ආරක්ෂා සහිත තැනක් වූයේ නැත. ඔවුන් බුල්ගනින් හා කෘෂෙව්ට වෛර කිරීම නැවැත්වීමට තමාට නොහැකි යැයි සිතූ බර්ට් ගේ අදහස වූයේ එම වෛරය සංචාරය තුලදී එදිරිවාදුකම් පිරිමහ ගැනීමට දරන අවස්ථාව අවහිර කිරීමයි. මන්ද 1956 දී බ්‍රිතාන්‍යයේ මූලික ගැටලුව වූයේ තම සංක්‍රමණිකයන්ගේ දුර බැහැර මාතෘ භූමි තුල ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරිම නොව දෙවන ලෝක යුද්ධයෙන් පසු බොහෝ බලවත්ව සිටි රුසියාව සමඟ යුද්ධයක් පිටු දැකීමයි. සංචාරයට දෙසතියකට පෙර ලන්ඩනයට ගොඩ බෑවේ අමුතු පෙනුමකින් යුත් ජෙට් යානයකි. බඳ මත රතු තරුවක් පින්තාරු කොට තිබූ එය TU 104 නම් නවතම ද්විත්ව එන්ජින් සෝවියට් නිෂ්පාදනයක් බවත් අහසේ කරණම් ගැසීමට ඊට විශේෂ හැකියාවක් ඇති බවත් කල් ඇතිවම එහි පැමිණ සිටි බර්ට්ට කියා දුන්නේ රාජකීය ගුවන් හමුදා නිළධාරියෙකි. විවර වූ දොරෙන් එලියට බට ප්‍රධාන සෝවියට් ආරක්ෂක නිලධාරී කල්නල්-ජනරාල් ඉවාන් සෙරොව් තමා පැමිණි යානය තරම් ඇහැට කණට පෙනෙන පුද්ගලයෙකු නොවේ. තමා බෙල්ල වටා මෆ්ලරයක් ඔතා සිටියේ ලන්ඩනයේ කාලගුණය සයිබීරියාවට සමාන විය හැකි බවට සිතූ නිසා යැයි හේ බර්ට්ට කීවේ ඇසක් වසා ඉඟිමරමිනි. රාජ්‍යතාන්ත්‍රික කඩදහි වල කුමක් සඳහන් වුවද,නිතර විහිළුවට කැමති බව පෙනුන කපටි පෙනුමින් යුත් මේ රුසියානුවා අන් කිසිවෙකු නොව භයංකර KGB සංවිධානයේ නායකයා බව බ්‍රිතාන්‍ය බලධාරීහු ඒ වන විට දැන සිටියහ. නැගෙනහිර යුරෝපයෙන් දස දහස් ගණන් පිටුවහල් කිරීමෙහිලා වගකිවයුතු බුල්ගනින් ගේ හා කෘෂෙව් ගේ ආරක්ෂක නිළධාරියාට තමාගේම ශරීරාක්ෂකයන් 150ක් සිටින බව ලන්ඩන් පුවත්පත් වාර්තා කලෝය. සෙරොව් ගේ විහිළු තුල බොහෝ අරුත් ඇති බව තේරුම් ගැනීමට බර්ට්ට මහ වේලාවක් ගත වූයේ නැත. "මේ මොනවද මේ ලියල තියෙනෙ?" ඔහු පුවත් පතක් වැනුවේ විමතිය පල කරමිනි. " ඔබ ඇයි ඔවුනට මෙහෙම මම ගැන ලියන්න දුන්නෙ?" හේ බර්ට් ගෙන් විමසීය. "මේ රටේ පුවත් පත් වලට ලියන්න නිදහසක් තියනවා." "එහෙමද? අපේ රටෙත් නිදහස තියනව. ඒත් මේව බෑ" හේ කොක්සන්දී සිනාසුනේය. මුලින්ම සිරොව්ට දැක බලා ගැනීමට උවමනා වූයේ අමුත්තන් නවාතැන් ගන්නා බෲක් වීදියේ පිහිටි ක්ලැරිජස් හෝටලයයි. මෙම ස්ථානය බකින්හැම් මැදුරේ 'ඇනෙක්සිය' ලෙස හැදින්වූයේ බොහෝ රාජ්‍යතාන්ත්‍රිකයනට සෙවන දීම හේතුවෙනි. ඉව අල්ලන තිරිසනෙකු මෙන් හෝටලයේ අස්සක් මුල්ලක් නෑර ගිය සිරොව් අනතුරුව දෑත් සාක්කු තුල රුවාගෙන යටි තොල පෙරලමින් දවුර නැටවීය. "ජනෙල්. ජනෙල්." ඔහු පැවසුවේ හෝටලය අවට පිහිටි සිය ගනනක් ගොඩනැගිලි දක්වමිනි. "ඕවෑ මොකා රින්ගල ඉන්නවද කියල කව්ද දන්නෙ?" "ඒ ගෙවල්වල අයිතිකරයො යන එන අය සේරම ගෙන අපි හොයල තියෙන්නෙ. අනික මේ හොටලෙ රාජ්‍යතාන්ත්‍රික අමුත්තො නවතින්නෙ අද ඊයෙක නෙවෙයි" බර්ට් කීය. අනතුරුව කුස්සියට ගිය සිරොව් එහි කුණු බාල්දි නොපිට නොපෙරලුවා පමණි. දුම්බට කබඩ් සියල්ලට ඔළුව දමා බැලූ ඔහු හෝටල් කාර්ය මණ්ඩලය ගැන අවිශ්වාසයෙන් පසු විය. " ඒ හැමෝම ගැනත් අපි දන්නවා ව්ගෙේව කවුද කියන්න. බයවෙන්න කිසිම දෙයක් නැහැ." බර්ට් සහතික කලේය. "ඒ දැන ඇදුනුම් කම් වලින් කමක් නෑ. අපි දාමු කුස්සියට සාෂයි, වැසිලියි. දෙන්නටම හොදට කන්නත් පුළුවන්," සෙරොව් විරිත්තුවේ තම සහායකයා වූ රුසියානුවාටය. අනතුරුව පැන නැගුනේ ප්‍රභූ ආරක්ෂාව පිළිබඳ ගැටළුවයි. "ඒව ඔක්කොම හරි" සිරොව් පැවසුවේ අතක් වනමිනි. "රතු හමුදාවෙ දහ අටක් අපි තෝරගෙන ඉන්නෙ. වැඩේ කරන්න ඕන විදිය එයාල දන්නව." බර්ට් අමනාප විය. ආරක්ෂාව සැපයීම ඔහුගේ රාජකාරියයි. බෙල්ලේ මෆ්ලරය ඔතා සිටි රුසියානුවා තමාගේ රාජකාරියට ඇඟිලි ගසනවාට ඔහු කැමැති නැත.හෝටලයේ ආරක්ෂාවට යොදා ඇති භට කණ්ඩායමක් යොදා ඇති බවත් අමතරව ප්‍රභූ රථ පෙල සමඟ ගමන් කිරීමට පොලිස් යතුරු පැදි කණ්ඩායමක් යෙදවීමට කටයුතු යොදා ඇති බවත් ඔහු පැහැදිලි කලේය. "මමත් යනව වෙනම වාහනෙක මගේ කාර්ය මණ්ඩලයත් එක්ක. රතු හමුදාවෙ හතර දෙනෙකුට මම පාරෙ ආයුධ ගෙනියන්න පොලිස් අවසර පත්‍ර ලේස්ති කරන්නම්. ඒත් දහ අටක් නෙවෙයි." සන්නද්ධ රතු හමුදා භටයෙන් දහ අට දෙනෙක් ලන්ඩනයේ වීති වල සැරිසැරීමේ අදහස බර්ට්ට ප්‍රිය නැති බව අවබෝධ කරගත් නිසාදෝ සෙරොව් මහ හඬින් සිනාසුනේය. "හොඳයි බර්ට්. තමුසෙගෙ කැමැත්තක්. කරන්න ඕන මොකද්ද කියල තමුසෙ දන්නවා. හොඳයි හතර දෙනෙකුට ' කැලෂ්නිකොව්' රයිපල් ගෙනියන්න අවසර පත්‍ර සූදානම් කරන්න. එතකොට අමුත්තො යන වාහනය මොකද්ද? අර ජර්මන් කාර් නම් පලාතක ගේන්න එපා!! " සෙරොව් මොර ගෑවේය. "ඒව ජර්මන් කාර් නෙවෙයි. රැජිනි යන්නෙත් ඒ වර්ගයෙ එකක," "හැබෑද? රැජිනි යන කාර් එකද? එහෙනම් කමක් නෑ" අඉරොව් සැනසුනේය. තම ඇසූ දුටු දෙයින් ඔහු මුළුමනින්ම තෘප්තිමත්ව සිටි සැටියකි. ඔහුගේ පරිවර්තකයා පැවසෙවේ සෙරොව් ලෙහෙසියෙන් සතුටු කල හැකි පුද්ගලයෙකු නොවන බවයි. ජාතිය හෝ නිලය බා නොපාන ඇතැම් මානව හැසිරීම් ඇත. "අඩියක් ගහනවද?" මූලික වැඩකටයුතු අවසන් වීමෙන් පසු බර්ට් KGB නායකයාගෙන් විමසීය. සෙරොව් එහිදී එක් වෙනස් කල නොහෙන කොන්දේසියක් ඉදිරිපත් කලේය. "සෝවියට් සංගමය ගානෙ බොනවා නම් පමණක් " සහභාගී වීමට රුසියානුවා කැමති විය. මද වේලාවකින් තානාපති කාර්යාලයේ සිට පැමිණි මෝටර් රථයකින් බ්‍රන්ඩි හා වොඩ්කා ඇතුළු බීම වර්ග රැසක් සහිත පෙට්ටි කිහිපයක් ගෙන එනු පෙනින. බර්ට් තුල වූ හැඟීම නම් සෙරොව් තවමත් අවිශ්වාසයෙන් පසුවූ බවයි.

Chamara Siriwardene

ඉවාන්ලා ලන්ඩන් ගියහ - 2[සංස්කරණය]

තව දෙසතියකින් අනතුරුව ලන්ඩනයට සැපත් වන ඔහුගේ ස්වාමී වරු දෙදෙනා වෙනුවෙන් බර්ට් සකසා තිබූ ආරක්ෂක වැඩපිළිවෙල ගැන KGB නායකයා සෑහීමකට පත් විය. ස්කොට්ලන්ඩ් යාර්ඩ් පොලිසිය වෙනුවෙන් බොහෝ වාර ගණනක් සවුදි පුරමින් හිතේ හැටියට එහි නිළධාරීන් සමඟ වොඩ්කා පානය කල හේ තමා පැමිනි කදිම ජෙට් යානයේ නැඟී යන්නට ගියේය. ඔහු ආපසු පිටත් වීමට පෙර ලන්ඩනයේ වෙසෙන 'ඇස ගසාගෙන සිටිය යුතු' පුද්ගලයන්ගේ ලයිස්තුවක් බර්ට් අතට පත් කලේ අභිරූපනයෙනි. "මේව මම දන්නෙ කොහොමද කියල අහන්න එපා" බර්ට් පුදුම වූයේ සෙරොව්ගේ සැහැල්ලු හැසිරීම ගැන නොව ලයිස්තුවේ පරිපූර්ණතාවය ගැනය. සෙරොව් ගේ ඒජන්තයන් ඕනෑම තැනක සිටිය හැකි බව බර්ට් දනී. පශ්චාත් යුද සෝවියට් සංගමයේ අරමුණූ කෙරේ සැකයෙන් පසුවුවද මෙම සංචාරය තුලදී හැකිතාක් රුසියානුවන් හා හොඳහිත ගොඩ නගා ගැනීම ඩවුනින් වීදියේ උත්සාහය විය. එහෙත් බ්‍රිතාන්‍ය MI 6 ඔත්තු සේවයේ අරමුන වූයේ සෝවියට් නායකයන් පැමිණෙන රතු නාවුක හමුදාව ට අයත් ඔෂොනිසිඩ්කේ නම් යුද නැවේ නවීනතම අවරපෙත්ත පරීක්ෂා කිරිමට මෙය අවස්ථාවක් කොට ගැනීමය. මේ සඳහා යොදා ගැනීමට සැලසුම් කෙරුනේ ලයනල් ක්‍රැබ් නැමති ඉතා කඩවසම් රාජකීය නාවුක හමුදාවේ විශ්යාම ගිය කිම්දුම් කරුවෙකි. ඔහු ලවා පසුව ගැලවී යන පරිදි කුඩා උපකරණයක් ප්‍රචාලකයේ සවි කරවීමට MI 6 සංවිධානය සැලසුම් කල බව කියති. රතු නාවුක හමුදාව 'සොනාර්' තාක්ෂණය භාවිත කරන වගට සැක කරමින් මහත් අසහනයට පත්ව සිටි එහි නිළධාරීනට ඒ වග නිශ්චය ලෙස දැන ගැනීමට ලැබෙන මෙම අනගි අවස්ථාව කොහෙත්ම පැහැර හැරිය හැකි එකක් නොවීය. සැලසුම පිළිබඳ පොලිස් අධිකාරී බර්ට් තබා බ්‍රිතාන්‍ය අගමැති ඇන්තනි ඊඩ්න් පවා දැන් නොසිටියේය. එහෙත් අරුමය නම් KGB නයක සෙරොව් ඒ බව දැන සිටීමයි. තම මිතුරියකගේ පෙම්වතා ඔහු මෙතෙක් ලබමින් විශේෂ පුහුණුවක් අවසන් කොට පැමිණ නැවු යටින් කිමිදීම හා අවර පෙති පිළිබඳ පුරසාරම් දොඩන බව ලන්ඩනයේ සිටින ඒජන්තයෙක් මොස්කොව් කාර්යාලයට වාර්තා කොට තිබුනේ සෙරොව් ලන්ඩනයේ සිට පැමිණ දින කිහිපයකට පසුවය. බ්‍රිතාන්‍ය ඔත්තු සේවය නිල සංචාරය තුලදී කුමක් හෝ අඩව්වකට සැරසෙන බව වටහා ගැනීමට සෙරොව් ට එය හොඳටම ප්‍රමාණවත් විය. 1956 අප්‍රේල් 18 දා සවස ක්‍රැබ් හම්ප්ෂයර් හි කුඩා හෝටලයක නවාතැන් ගත් බවද KGB සංවිධානය දැන සිටියේලු. සෝවියට් නායකයන් දෙපොල රැගත් නැව් කණ්ඩායම හැම්ප්ෂයර් හි පෝර්ට්ස්මවුත් වරායට සේන්දුවූයේ අප්‍රේල් 19 දාය. සිය රාජකාරි භාර ගැනීමට බර්ට් ද එහි පැමිණ සිටියේය. දිගු කබා හැඳ තොප්පි පැලඳ සිටි බුල්ගනින් හා කෘෂෙව් ඔහු තුල ඇතිකලේ බියජනක හැඟීමකි. ඔවුන් දෙදෙනාම නිදහස් රටවල් රැසක සිදු කෙරුන අයිතිවාසිකම් උල්ලංඝනය වීම් සඳහා වගකිව යුත්තන් බව බර්ට්ගේ පෞද්ගලික හැඟීම විය. එහෙත් ඔහු එය තම රාජකාරියට බාධාවක් කොටගත්තේ නැත. බර්ට්ගේ පොලිස් යතුරු පැදි පෙරටු කොටගෙන ලන්ඩනයේ වීථි ඔස්සේ ඇදුන රිය පෙරහැර ලද ප්‍රතිචාරය විවිධය. ඇතැම් තැනක සංවිධානය වූ වෘත්තිය සමිති සාමාජිකයන් සුළු පිරිසක් මහත් හරසරින් ජය ඝෝෂා නැඟූවද බහුතර ලන්ඩන් වැසියන්ගෙන් පලවූයේ විනීත ගොළු බවකි. තැතම් තැනක නැගෙනහිර යුරෝපීය සංක්‍රමණිකයන් කෑ ගසා විරෝධය පල කරනු පෙනින. එහෙත් කපටි කෘෂෙව් අතර මඟ වූ මේ සියළු දෙනාට එකසේ අත වැනුවේය. ඩවුනින් වීදියේ පැවති රාජ්‍යතාන්ත්‍රික සාකච්ඡා වලට මාතෘකා වූයේ ජර්මන් ගැටළුවයි. නැගෙනහිර හා බටහිර ජර්මනිය එක්සත් වීමට ඉඩදෙන් මෙන් බ්‍රිතාන්‍ය නායකයෝ කෘෂෙව් ගෙන් ඉල්ලා සිටියහ. එහත් කෘෂෙව් අකැමතිවිය. එපමණක් නොව බටහිර ජර්මනිය නැවත යුද වැදීමට සූදානම් වුවහොත් 'බෝම්බ වැසි වස්සවන' බවට හේ අනතුරු හැඟවීය. ඊජිප්තුවේ නසාර්ගේ රජයට අවි සැපයීම නතර කරන ලෙස ඇන්තනි ඒඩ්න් කල ඉල්ලීමද ඔහු ප්‍රතික්ෂෙප කලේ එය ඊශ්‍රායලයට පක්ෂ ක්‍රියාවක් ලෙස අරාබි ලෝකය දකිනු ඇතැයි කියමිනි. බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය පිළිබඳ කෘෂෙව් ඉන්දියාවේදී කල ප්‍රකාශ සම්බන්ධව තම නොසතුට පල කිරීමටද ලන්ඩනය මෙය අවස්ථාවක් කොට ගත්තේය. "කරන්න දෙයක් නෑ. අධිරාජ්‍යවාදයට එරෙහි වීම සෝවියට් මූලධර්මයක්." කෘෂෙව් පිළිතුරු වශයෙන් කීය. කම්කරු පක්ෂ නායකයන් රුසියානුවන් සමඟ කල සාකච්ඡාවද ඵලදායී නොවීය. 1941 රුසියාවට පහරදීමට බටහිර බලවතුන් හිට්ලර් උසිගැන්වූ බව කියමින් කෘෂොව් කලහ කිරීම නිසා නැගෙනහිර යුරෝපයේ දේශපාලන සිර කරුවන් නිදහස් කිරිම පිළිබඳ කතා කිරීමට බ්‍රිතාන්‍ය මන්ත්‍රී වරුනට අවස්ථාවක් ලැබුනේ නැත. ඉතිරි දින කිහිපය සෝවියට් නායකයන් ගත කලේ බර්ට් ගේ යතුරු පැදි කරුවන් පෙරටු කොටගෙන රට තොට බැලීමටය. මේ ගමන් අතරතුරදී නවීනතම කැලෂ්නිකොව් රයිපල් වලින් සන්නද්ධවූ රතු හමුදා භටයන් දඩ බල්ලන් මෙන් තම නායකයන් අසලටම වී රැකවල් කලහ. 26 වනදා ක්ලැරිජස් හෝටලයේ පැවති මහ බාලකි. රුසියානුවෝ දන්නා කියනා සෑම සියළු දෙනාටම එහි ආරාධනා කොට තිබිණ. ඔවුනට වෙන්වූ හෝටලයේ තට්ටු තුනම අමුත්තන්ගෙන් පිරී ගියේය. සියල්ල යහතින් සිදු වුවද පුංචි පහේ කලබලයක් ඇතිවූයේ සෝවියට් නායකයන් දෙපොල දැකීමට ඔවුන් රැදී සිටි කොටසට පැමිණිමට තැත් කල විශේෂ ආරාධියකු වූ බ්‍රිතාන්‍ය නියෝජ්‍ය විදේශ ලේකම් වරයා කෘෂෙව්ගේ රතු හමුදා ආරක්ෂකයන් විසින් නැවත පිටමං කරනු ලැබීම නිසාය. 'කෘෂෙව් සහෝදරයා' වැදගත් අමුත්තන් පිරිසක් සමඟ කථා බහ කරන බැවින් ඇතුලට යාමට අවසර දීමට නොහැකි බව ඔවුහු පැවසූහ. පසුව හෙලි වූයේ සත්කාරක රටේ නියෝජ්‍ය විදේශ ලේකම් වරයාටත් වඩා කෘෂෙව්ට වැදගත් වූ මෙම අමුත්තා අන් කිසිවෙකු නොව ලෝ ප්‍රකට විකට ශිල්පී චාලි චැප්ලින් බවයි. එදා රෑ බාල ලන්ඩනයේ කලෙකින් දුටු විශාලතම උත්සවයයි. නාටිකාංගනාවෝ සියයක් ඊට සහභාගි වූහ. බර්ට් ඇතුලු ස්කොට්ලන්ඩ් යාර්ඩ් නිළධාරීන් වෙනුවෙන් විෂේශ කාමරයක් වෙන කොට තිබිණ. පෞද්ගලිකව එහි පැමිණ ඔවුන් හා සවුදිය පිරීමටත් බර්ට් ඇතුළු නිළධාරීන්ට නොසෑහෙන ස්තුති කිරිමටත් සෝවියට් නායකයන් අමතක කලේ නැත. තම අට දින සංචාරය නිම කල බුල්ගනින් හා කෘෂෙව් රැගත් යුද නැවු කණ්ඩායම පෝර්ට්ස්මවුත් වරායෙන් යලි ගමන් ඇරඹුවේ අප්‍රේල් 27 දාය. ත්‍යාග ශීලී රුසියානුවෝ ආරක්ෂක බලකායේ සෑම නිළධාරියෙකුටම, වොඩ්කා පෙට්ටියක් හා රුසියානු සිගරට් බන්ඩලයක් තෑගි කලහ. නාටිකාගනාවෝද අමතක කොට නොතිබිණ. ඔවුනට රාත්තලේ චොකලට් පෙට්ටියක් හා විලවුන් බෝතල් දෙක බැගින් හිමිවිය. වෙන්වීමට පෙර කෘෂෙව්ගේ රුසියන් පරිවර්තකයා බර්ට්ට 'පෞද්ගලික තෑග්ගක්' දුන්නේය. ඒ අත් ඔරලෝසුවකි. සෝවියට් නායකයන් දෙපොල පැමිණී ඔෂොනිසිඩ්කේ නෞකාව පෝර්ට්ස්මවුත් වරායේ නැංගූරම් ලෑ අප්‍රේල් 19 දා සවස තමා නැවතී හෝටල් කමරයෙන් පිටව වරාය දෙසට ගිය හිටපු නාවුක කිමිදුම් කරු ලයනල් ක්‍රැබ් සලකුනකුදු නොතබා අතුරු දන්විය. පසුදා ඔහු නැවතී සිටි හොටල්යට පැමිණ බිල අසා ගෙවූ MI 6 ඒජන්තයෙක් ක්‍රැබ් ගේ බඩුබාහිරාදියද රැගෙන යන්නට ගියේය. ඔහුගේ අතුරුදන්වීම ගැන නොබෝ දිනකින් රටතුල මහා ආන්දෝලනයක් හට ගත්තද බලධාරීන් නොවේ ඒ ගැන කටක් හෙල්ලුවේ. දහ හතර මසකට පසු මුහුදේ තිබූ කාගෙදෝ හිස සුන් මලකඳක් ක්‍රැබ්ස්ගේ බවට තහවුරු කරගැනීමට දැරුන උත්සහායද සාර්ථක වූයේ නැත. MI 6 සංවිධානයේ රහස් මෙහෙයුමකින් ඔහු මිය ගිය බවට තැන තැන කට කථා පැතිරීම නොවැලැක්විය හැකි විය. හැරී හෝටන් නැමති ඉංග්‍රීසි ජාතික KGB නියෝජිතයා පසුව හෙලි කලේ ක්‍රැබ්ස් ගේ උත්සාහය ගැන කලින් දැන නැව යට මුහුදේ රැක සිටි සෝවියට් නාවුක හමුදා කොමාන්ඩෝ භටයන් විසින් ඔහු මරා දැමූ බවය. එහෙත් ඔහු ජීවග්‍රහයෙන් නැවට ගෙන සිරකරුවෙකු ලෙස ගෙන ගොස් කළු මුහුදේ සබ්මැරීන ආශ්‍රිත කිමිදුම් කටයුතු වල ඔහු යෙදවූ බවටද මතයක් ඇත. MI 6 සංවිධානය නොදැන සිටි වැදගත්ම කරුණ ඔහුට පෙම්වතියක් සිටීම නොව ඈ නොදැනුවත්වම KGB ඔත්තු කරුවන් ගේ ඇසුරේ සිට ඇති බවයි. ඉවාන්ලා ගම් බිම් බලා ගියෝය. පොලිස් අධිකාරී බර්ට් තම කාර්යාලයට ගියේය. සෝවියට් සංගමය බිද වැටිණ. බෙදුන ජර්මනිය යලි එක්සත් විය. සීතල යුද්ධය නිමවී නව දෙමුහුම් යුද්ධයක් (Hybrid War) ආරම්භ වී ඇත. එහෙත් ක්‍රැබ්ස් ගේ ඉරණම සම්බන්ධව අදටත් ලන්ඩන් රජය මුණිවත රකියි.

(c) Chamara Siriwardene

අභ්‍යවකාශ යුගය[සංස්කරණය]

දේශපාලන මතිමතාන්තර තුලින් ඉතිහාසය විග්‍රහ කරන ඇතැම් බටහිර ඉතිහාසඥයන් පෙන්වා දී ඇත්තේ කෘෂෙව් විසින් සෝවියට් ක්‍රමය ස්ටැලින්-හරණයකට ලක් කල බවය. කෘෂෙව් විසින් මධ්‍යම කාරක සභාව අමතා කල ආන්දෝලනාත්මක දේශනයත්, මෙකල MVD (NKVD යේ අනුපාප්තිකයා හා KGB යේ පූර්වගාමියා) නමින් හැඳින්වුන භයංකර සෝවියට් ඔත්තුසේවයේ ප්‍රධානී මෙන්ම ස්ටැලින්ගේ සමීපතමයෙකු වූ ලව්‍රන්ති බෙරියා මහජන සතුරෙකු ලෙස හංවඩු ගසා මරණ දඬුවමට යටත් කිරීම මීට නිදසුන් ලෙස ඔවුහු ගෙන හැරපාති. එහෙත් මෙම සිදුවීම් අලලා කෙරෙන වඩාත් පුළුල් විවරණයක් තුලින් පෙනීයන්නේ සැබවින්ම කෘෂෙව් විසින් කරන ලද්දේ පණහේ දශකයට සාපේක්ෂ යථාර්ථයට අනුකූල තවත් එක් ප්‍රතිසංස්කරණයක් විනා පැවති ක්‍රමය කණපිට පෙරලීමක් නොවන බවය. තිහේ දශකයට නොගැලපුන ලෙනින්ගේ පන්ති අරගලය නැමති සංකල්පයට ස්ටැලින් විසින් රුසියානු ජාතිකවාදයට ආදේශ කලේ යම්සේද, කෘෂෙව්ගේ ප්‍රතිසංස්කරණ වලින් අපේක්ෂා කෙරුනේ ස්ටැලින් ගේ දැඩි යුද්ධ කාලීන දේශීය පිළිවෙතට වඩාත් මනුෂික මුහුණුවරක් ආදේශ කිරීමත්, රුසියානු ජාතිකවාදය පුළුල් සෝවියට් අනන්‍යතාවක් කරා වර්ධනය කරනු ලැබීමත් බව පෙනේ. ලෙනින්ගේ පන්ති සංකල්පයේ අවසන් නාමික සංකේතය ලෙස පැවති රතු හමුදාව මෙතැනින් ඔබ්බට හැඳින්වූයේ සෝවියට් හමුදාව යනුවෙනි. ඇමෙරිකානු අනුග්‍රහයෙන් විකාශය වූ ‘නිදහස් යුරෝපීය ගුවන්විදුලිය’ (Radio Free Europe) විසින් යකඩ තිරයෙන් එපිට පැවති කොමියුනිස්ට් පාලනයට එරෙහිව මහ ජනයා උසිගැන්වීමට දැරූ උත්සාහය ඵල දරමින් හංගේරියාවේ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් ඇතිවූයේ මෙ අතරය. ආරම්භයේදී රුසියානුවෝ මධ්‍යස්ථව පසුවූහ. එහෙත් බීබීසිය විසින් වඩාත් ධෛර්යමත් කරවනු ලැබූ කැරලි කරුවන් තම මුල් ඉල්ලීම වූ ප්‍රජාතන්ත්‍රවාදය ඉක්මවා රුසියානු විරෝධී ස්ථාවරයක එලැඹීමත් හංගේරියාව වොර්සෝ ගිවිසුමෙන් ඉවත් වන බවට ප්‍රකාශ කිරීමත් සිය දිවි නසාගැනීමකට සමාන විය. රුසියාවට සෘජු අභියෝගයක් එල්ලවීමෙන් සිදුවූයේ හංගේරියාවේ මැදිහත් වීමක් අරබයා ක්‍රෙම්ලිනය තුල මේ තාක් පැවති දෙගිඩියාව පහව යාම පමණී. නොවැම්බර් 04 දා සෝවියට් හමුදා හංගේරියාව ආක්‍රමණය කලහ. බුඩාපෙස්ට් අගනුවර දී මඟ හරස් කල හංගේරියානු සටන් කාමීන් රුසියානු යුද ටැංකි විසින් පොඩි පට්ටම් කර දැමුන අතර යුගොස්ලාවියානු තානාපති කාර්යාලයේ රැකවරන පැතූ නව රජයේ නායක ඉම්‍රේ නේගී KGB භට කණ්ඩායමක් විසින් ජීවග්‍රහයෙන් පැහැරගෙන යන ලදී. හංගේරියානු දෘෂ්ඨි කෝණයෙන් බලන කල මෙය 1848 අසාර්ථක නිදහස් සටනේ පුනරාවර්තනයකි. රුසියානු බලාත්කාරයට එරෙහිව හමුදා මැදිහත්වීමක් සඳහා වොෂින්ටනය පැකිලුනේ එය න්‍යෂ්ඨික යුද්ධයක් බවට පත්වනු අතැයි යන සැකය නිසාය. ජාත්යන්තර සබඳතා අතින් ගත්කල කෘෂෙව් වනාහී ස්ටැලින් තරමටම දැඩි මතධාරියෙකු විය. ගමාල් අබ්දුල් නසාර් සූවස් ඇල ජනසතු කල අවස්ථාවේ බ්‍රිතාන්‍ය ප්‍රංශය හා ඊශ්‍රායලය විසින් ඊජිප්තුව ආක්මණය කිරීම මත ලන්ඩනයට, පැරිසියට හා ටෙල් අවිව් නුවරට රොකට් ප්‍රහාර එල්ල කරන බව තර්ජනය කල හේ නසාර්ට සහාය පිණිස සීනායි අර්ධද්වීපයට සෝවියට් හමුදා ඩිවිෂන 20 ක් යැවීමට සැලසුම් කලේය. ඒ මහා විනාශය වැලකීගියේ එක්සත් ජනපදය ඉතා දූරදර්ශී අන්දමින් ඊජිප්තු ආක්‍රමණය අත්හිටුවීමට තම සගයන්ට බල කිරිම නිසා බවද මෙදිලා සඳහන් කල යුතුය. 1957 දී රුසියානුවෝ ‘ස්පුට්නික්’ නැමති කිලෝ ග්‍රෑම් 83ක් බර ලොව ප්‍රථම චන්ද්‍රිකාව බයිකොනූර් අබ්‍යවකාශ මධ්‍ය්ස්ථානයේ සිට ගුවන්ගත කලහ. ඇමෙරිකානුවන් තුල අප්‍රසන්න විමතියක් ඇති කල මෙම සිද්ධිය මඟින් හැඟවුනේ කලේ අන්තර් මහද්වීපික රොකට් ප්‍රක්ෂේපනය කිරීමේ තම හැකියාව ගැන සූවස් අර්බුදය අතරතුරදී කෘෂෙව් කල අනතුරු හැඟවීම හුදු පුරසාරමක් නොවන බව පමනක් නොවේ. සීතල යුද්දයට සමඟාමීව අභ්‍යවකාශ තරඟයක්ද (Space Race) ඇරබී තිබූ බවය. මේ අතර පිදෙල් කැස්ත්‍රෝගේ විප්ලවීය රජය පෙරලා දැමීම සඳහා ගෝතමාලාවේ හා නිකරගුවාවේ සිට කුලී හමුදාවක් ගොඩබස්වා කියුබාව ආක්‍රමණය කිරිමට ඇමෙරිකාව දැරූ උත්සාහයද සාර්ථක වූයේ නැත. නිර්භීත ලෙස සටන් කල මේජර් අර්නෙස්ටෝ චේ ගුවෙරා විසින් පුහුණු කල විප්ලවීය කියුබානු බලඇණි සතුරාට පහර දී පලවා හරින ලද අතර තමා මෙම සිදිවූමට ස්අම්බන්ධ නැති බවට ප්‍රකාශ කිරීමට ධවල මන්දිරයට සිදුවිය. ‘කෙනෙඩි පාලනයේ සළුපිළි ගැලවූ ඌරු බොක්කේ ආක්‍රමණය’ යන පෙර ලිපියෙන් විග්‍රහ කොට ඇත. මේ වන විට හෙලිවී ඇත්තේ නැගෙනහිර ජර්මන් ස්ටාසි (STAASI) ඔත්තු සේවය හරහා CIA සැලසුම ගැන කලින් දැන සිටි KGBය ප්‍රහාරය එල්ලවන දිනය හා ස්ථානය පමණක් නොව වේලාවද කල් ඇතිව කැස්ත්‍රෝට දැනුම් දී තිබූ බවයි. ඌරු බොක්කේ (Bay of Pigs) අසාර්ථක ආක්‍රමණයෙන් නින්දාවට පත්ව සිටි වොෂින්ටනයේ කණස්සල්ල දෙගුණ තෙගුණ වූයේ 1961 ඔක්තෝබරයේදී සෝවියට් සංගමය විසින් ගහෙන් ගෙඩිඑන්නාක් මෙන් පණඇති මිනිසෙකු සහිත රොකට්ටුවක් ගුවන්ගත කල බව ඇසීමෙනි. වොස්ටොක් නැමති රොකට්ටුවෙන් පෘථිවියේ වායුගෝලීය සීමා තරණය කල සෝවියට් ගුවන්හමුදාවේ නිර්භීත නියමුවෙකු වූ කල්නල් වරයකු වූ යුරී ගගාරින් ලොව පළමු අජටාකාශගාමීයාය. රුසියානුවෝ අභ්‍යවකාශයට පිවිසී සිටියහ. එහෙත් ඇමෙරිකානුවන්ගේ සඟවාගත් අමනාපය විවෘත අර්බුදයක් පිපිරී යාමට ලෙස ඉවහල් වූයේ තම මිතුරා වූ කියුබාවේ ආරක්ෂාව සමාවට කාරණයක් කොට ගනිමින් කැරිබියන් කලාපයේ සෝවියට් උපාය මාර්ගික රොකට් බලැණී (Strategic Rocket Forces) ස්ථානගත කිරීමට කෘෂෙව් සූදානම් වීමයි. තාපන්‍යෂ්ඨික යුද හිස් සහිත චුසෝව්‍යා නැමති මැදිදුර බැලැස්ටික් මිසයිල කියුබාවේ සවි කිරීම කෙරේ ඇමරිකාව දැක්වූ විරෝධය අවබෝධ කොට ගැනීම අපහසු නැත. සැතපුම් 2500 ක් පියාසර කල හැකි එම අවිය යෝග්‍ය වූයේ කියුබානු දූපත් ආරක්ෂා කිරීමට නොව විශාල ඇමෙරිකානු නගර වලට පහර දීමට බව නොවැටහුනේ කුඩා දරුවකුට පමණි. මෙමඟින් තුන්වන ලෝක යුද්ධය ඇවිලී යනු ඇතැයි බොහෝ දෙනා අනුමාන කලේ නේටෝව හා වොර්සෝ හවුල ඊට මැදිහත්වීම නියත වග පෙනුන නිසාය. අවසානයේ අර්බුදය කෙලවර වූයේ සෝවියට් මිසයිල තර්ජනය වලක්වාගැනීම සඳහා කියුබාවට පහර නොදෙන බවට පොරොන්දුවක් දීමට පමණක් නොව ඊට හිලවු වශයෙන් ක්‍රෙම්ලිනයට ඉමහත් හිසරදයක් වූ තුර්කියේ හා ඉතාලියේ ස්ථානගත කල තම ජුපිටර් මිසයිල ඉවත් කොටගැනීමටද වොෂින්ටනය කැමති වීමෙනි. ලෝක සාමය අතින් ගත කල වොෂින්ටනය කටයුතු කල අන්දම ඉමහත් ප්‍රසංශනීය වන අතරම රාජ්‍යතාන්ත්‍රික වශයෙන් ගත් කල එය ඇමෙරිකාවට ඉමහත් අසුභ කාලයක් වූ බව පෙනේ. කෙසේ වුවද සෝවියට් සංගමයේ බල ක්ෂ්ත්‍ර්ය යුරෝපයෙන් එපිට මැදපෙරදිග හා ලතින් ඇමෙරිකාව තුල ව්‍යාප්ත වෙද්දී කොමියුන්ස්ට් පක්ෂය තුල බල අරගලයද ඒ හා සමගාමීව වර්ධනය වූ බවද සැබෑය. මුඩු ඉඩමකට මෙන් නොව සරුසාර වත්තකට හිමිකම් කීමට ආශා ඇත්තෝ බොහෝ සිටිති. 1964 දී දිනක් දුර බැහැර සිට රැස්වීමක් සඳහා ක්‍රෙම්ලිනයට පැමිණී කෘෂෙව් පුදුමයෙනුත් පුදුමයට පත් වූයේ කොමිය්නිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තමා ධුරයෙන් නෙරපා හැරීමට තීන්දු කොට ඇති බව ඇසීමෙනි. සූවස් අර්බුදයේදී මෙන්ම කියුබානු මිසයිල අර්බුදයේදීද කෘෂෙව් අනුගමනය කල දැඩි ආකාරය ගැන මධ්‍යම කාරක සභාව තුල විවේචන තිබිණ. තම අවදානම් පිලිවෙත තුලින් ඔහු සෝවියට් සංගමය අනවශ්‍ය යුද්ධයකට ගෙන යනු ඇතැයි ඇතම්හු බිය පල කලහ. සෞඛ්‍ය හේතූන් මත කෘෂෙව් සිය කැමැත්තෙන් ඉල්ලා අස්වූ බව ක්‍රෙම්ලිනය ප්‍රකාශ කලේය. ඔහුට රූබල් 500ක විශ්‍රාම වැටුපක් හා බංගලාවක් ලබා දෙන ලදී. දශකයක් පුරා බටහිර ලෝකය කැළඹූ නිකිතා කෘෂෙව් නිහඬ විශ්‍රාම දිවියකට එලැඹෙද්දී කොමියුනිස්ට් පක්ෂයේ නව පළමු ප්‍රධාන ලේකම් ලෙස පත්වූයේ දෙවන ලෝක යුද්ධයේ දී රතු හමුදාවේ කොමිසාර් වරයෙකු ලෙස සෙවය කල ලියෝනිඩ් බ්‍රෙෂ්නෙව්ය. ස්තැලින් හා කෘෂෙව් සමඟ සසඳන කල ඔහු වඩාත් මධ්‍යස්ථ මතධාරියෙකු ලෙස සැලකුනත් කෘෂෙව්ගේ නික්මයාමෙන් හා බ්‍රෙෂ්නෙව්ගේ පත්වීමෙන් සංකේතවත් වූයේ පෘථග්ජන මිනිසුන් අතර හටගන්නා නොවැලැක්විය හැකි බලඅරගලය නොව වෙනස්වන ලෝක රටාවට නිති හැඩ ගැසීමට ක්‍රෙම්ලිනය දැරූ වෑයමයි.

Chamara Siriwardene

මධ්‍යාහේනයේ සිට සන්ධ්‍යාව කරා...[සංස්කරණය]

දෙවන පරම්පරාවේ බොල්ෂෙවික් වරයෙකු වූ ලියොනිඩ් බ්රෙෂ්නෙව් 1964 ක්රෙම්ලිනයේ අධිපතියා ලෙස පත්වූයේ සෝවියට් සංගමය හමුවේ වූ අභියෝග කෙමෙන් උත්සන්න වෙමින් පැවති වාතාවරණයක් තුලය. රික්ත වෑල්වය වෙනුවට ට්රාන්සිස්ටරය ආදේශ වීම තුලින් තොරතුරු තාක්ෂනයේ හටගත් දැවැන්ත පෙරලිය සීතල යුද්ධය කෙරේ ඇති කල බලපෑම තීරනාත්මක වූයේ එය අජටාකාශ තරඟයේ හා අවි තරඟයේ අතිශය වැදගත් යටිතල සාධකයක් වූ බැවිනි. උපාය මාර්ගික රොකට්, චන්ද්රිකා, යුද බැර කර්මාන්ත හා ඊට අවශ්ය යටිතල පහසුකම් නිපැයුම වෙනුවෙන් ප්රමුඛතාව ලබාදුන් කල සෙසු අංශ වෙනුවෙන් සෝවියට් සංගමයට වෙන් කල හැකිවූ ප්රතිපාදන සීමා සහිත විය. එහෙයින් තාක්ෂණීක ඥාණයේ ප්රතිලාභ පොදු පරිභෝජනය සදහා ලඟා වූයේ අල්ප වශයෙනි. මෙහි ප්රතිඵලය වූයේ ජත්යන්තරයේදී රුසියානුවන් බටහිර හා කරට කර සිටියද භෞතික දර්ශකවලට සාපේක්ෂව ගත් කල සෝවියට් ජීවන තත්වය තුල යම් පසුගාමී බවක් දක්නට ලැබීමය. නිදසුනක් ලෙස සමස්ත ජනගහනයෙන් ගෘහස්ත ශීතකරණ භාවිත කලේ සියයට තිහකට අඩු පිරිසකි. කෘෂිකර්මාන්තය නඟා සිටුවීමට බ්රෙෂ්නෙව් ඉමහත් වෑයමක් දැරූ මුත් ඊට ප්රධාන්තම බාධකය වූයේ කොමියුනිස්ට් නිලධාරිවාදය තුල ගොඩ නැඟුන දීර්ඝ පටිපාටිය විසින් කාර්යක්ෂමතාව හා ඵලදායීතාව හීන කිරීමයි. අස්වනු නෙලීම් මිලදී ගැනීම් හා විකුණුම් වැනි ප්රධාන කාර්යයන් තුල පවා අනවශ්ය ප්රමාදයක් තිබිණ. මේ වනවිට ධනපති සංස්කෘතියේ ලක්ෂණ ලෙස සලකා බැහැර කොට තිබූ පොප් ස්අංගීතය හා කාන්තා ජීන්ස් කලිසම් සෝවියට් සංගමය තුල නීතිගත කල බ්රෙෂ්නෙව් මීට පෙර කෘෂෙව් විසින් ලිහිල් කොට තිබූ ප්රකාශන හා භාශණ නීතිරීති වඩාත් දැඩි කලේ නැගෙනහිර යුරෝපය තුල ප්රජාතන්තරවාදය සඳහා වූ උනන්දුව හිස ඔසවමින් තිබූ උනන්දුව ඉව වැටුන නිසා විය යුතුය. 1945 රතු හමුදාවේ වියදමින් නිදහස ලැබූ යුගොස්ලාවියාව නොබැදී පිලීවෙතක් අනුගමනය කල අතර ඇල්බේනියාවේ වැනෙන සුළු පිළිවෙත ක්රෙම්ලිනයේ දැඩි සැකයට භාජනය වී තිබීන. 1968 අගෝස්තුවේදී චෙක් වරු සෝවියට් අධිකාරියට එරෙහිව විවෘතව නැගී සිටියහ. යුරෝපීය නිදහස් ගුවන්විදුලියේ හා බීබීසියේ නොමඳ අනුග්රහයෙන් දැරුන මේ තැත ‘ප්රාග් වසන්තය’ ලෙස ඉතිහාසයට එක්ව ඇත. තම මද්යස්ථ පිළිවෙත මඳකට අත්හිටවූ බ්රෙෂ්නෙව් හමුදාමය මැදිහත් වීමක් කිරීමට තීරණය කලේය. යුද ටැංකි 2000 ක් හා භටයන් දෙලක්ෂයක් පෙරටු කොටගත් වොර්සෝ හමුදා චොකොස්ලෝවැකියාව ආක්රමණය කලහ. කෙසේ වුවද වියට්නාම් යුද්ධයෙන් අපකීර්තියට පත්ව සිටි ඇමෙරිකාව ඒ හමුවේ දැක්වූයේ උදාසීන ප්රතිචාරයකි. කෙසේ වුවද මෙම මැදිහත් වීම රුසියාව හා චීනය අතර දැවැන්ත මතභේදයකට තුඩු දුන්නේය. මාඕ සේතුං චෝදනා කලේ කොමියුනිස්ට් සම්මතයන් නිර්ණය කිරීමේ ඒකාධිකාරීය ඩැගැ ගනීමට ක්රෙම්ලිනය තැත් කරන බවය. සෝවියට් බල ක්ශේත්රය තුල වැඩිදුර සමාජ ප්රතිසංස්කරණ ස්ථාපිත කිරීමේ ආදිනව ගැන KGB නායක යුරී ආන්ද්රපොව් විසින් ‘ප්රාග් වසන්තයට’ පසුව බ්රෙෂ්නෙව්ට අනතුරු හැඟවූ බව ප්රකටය. මේ කාලය තුල සෝවියට් සංගමය තම යුද අයවැය 40%න් ඉහල නැංවීය. බ්රෙෂ්නෙව් පාලනය තුල අත්දුටු තවත් වැදගත් ලක්ෂණයක් වූයේ තුන්වන ලෝකය හා සබඳතා ගොඩ නඟා ගැනීමට සෝවියට් සංගමය මේ කාලයේ දැක්වූ උනන්දුවයි. රාජ්යතාන්ත්රික සබඳතා වලට බාධාවිය හැකි විදෙස් මැදිහත්වීම් වලින් හැකිතාක් වැලකී සිටීමට බ්රෙෂ්නෙව් පරෙස්සම් විය. 1971 කැරැල්ල මැඩලීම සඳහා නිර්ලෝභීව ලංකාවට මිග් 17 ප්රහාරක ලබා දීමට සෝවියට් ස්අංගමය ඉදිරිපත් වීම මීට එක් නිදසුනකි. වොෂින්ටනය විසින් උසිගන්වනු ලැබූ පාකිස්ථානය බෙංගාල අර්බුදය මත ඉන්දියාව හා යුද වැදීමට සූදානම් වූයේ මේ අතරය. දෙරට අතර දේශ සීමා සටනට සමාන්තරව සිදු වැනු අති බවට සැලකුන ඇමෙරිකානු නාවුක මැදිහත් වීමකින් තම දැවැන්ත මුහුදු තීරය රැක ගැනීම සඳහා ඉන්දියාව සතු වූයේ ‘වික්රන්ත්’ නැමති කබල් යුද නෞකාව පමණි. කලබලයට පත් ඉන්දිරා ගාන්ධි මොස්කොව් නුවර ඇමතූවාය. හදිසියකදී රුසියානුවන්ගේ උදවු පතන මෙන් තම මරනයට පෙර නේරු තුමා විසින් සිය දියණියට අනුශාසනා කොට තිබිණ. ඇමෙරිකානු මැදිහත් වීමක ඉඩ නොතබන බවට ශපථ කරමින් ඈ සැනසූ බ්රෙෂ්නෙව් ඉන්දියානු සාගරය කලාපය ආරක්ෂා කරන මෙන් රතු නාවුක හමුදාවට නියම කලේය. ඒ අනුව ව්ලදිවස්ටොක් හි නැරඟුම්ලා සිටි 10 වන සෝවියට් ඈතපෙරදිග නාවුක බල ඇණිය සබ්මැරීන හා උපාය මාර්ගික රිකට් බල ඇනී පෙරටු කොටගෙන බෙංගල බොක්ක බලා යාත්රා කල අතර ගැටුමක් ඇතිකොටගැනීමට මැලිවූ ඇමෙරිකානුවෝ ඉන්දීය සාගර සීමාවට ඇතුළු වීමෙන් වැලකී සිටියහ. ඉන්දියාව දේශසීමා සටන ජයගත් අතර නැගෙනහිර පාකිස්ථාන බංගලිදේශය නමින් නිදහස් රාජ්යයක් බවට පත්වූවාය. බ්රෙෂ්නෙව් අරාබි ලෝකය හා පලස්තීනය සමඟ ද සමීප සබදතා ගොඩ නඟා ගත්තේය. කෙසේ වුවද රාජ්යතාන්ත්රික තලයේ ලද ජයග්රහණ සෝවියට් ආර්ථිකය ප්රබෝදමත් කිරීමෙහිලා ඉවහල් වූයේ නැති. මේ වනවිට සෝවියට් ආර්ථිකයේ වර්ධන වේගය 3% කි. 1973 ගෝලීය තෙල් අර්බුදය තුලින් ඛනිජතෙල් මිල ඉහලයාම වාසි සහගත වුවද එහි අනිසි විපාකය වූයේ සෝවියට් ආර්ථිකය ඒ මත දීර්ඝකාලීනව සමතුලනය කිරීම උපාය මාර්ගික වශයෙන් ඉතා අනතුරු දායක වීමය. පාරිභෝගික භාණ්ඩ නිෂ්පාදනය රූබල් කෝටි දොලොස් දහස දක්වා පහත වැටීම නිසා බටහිර ලෝකයට සාපේක්ෂව ජීවන තත්වයේ වූ පරතරය වඩාත් පුළුල් විය. ඕනෑම යුරෝපීය නගරයකට න්යෂ්ඨික ප්රහාරයක් එල්ලකිරිමෙහි ලා සමත් අවි හා ඒවා පරිඝණක ඔස්සේ මෙහෙයවීමේ හැකියාව රුසියාව සතුව තිබුනද, බොහෝ පරිපාලන ආයතන වල කටයුතු කෙරුනේ දෙවන පරම්පරාවේ රික්තක වෑල්ව් සහිත ප්රාථමික පරිඝනක භාවිතයෙනි. මේ කාලයේ මධ්යම පන්තික ඇමෙරිකානුවෙකුට පුද්ගලික භාවිතය සඳහා පරිඝනකයක් ලබා ගැනීමට හැකියාව තිබීමෙන් මෙම පරතරය වඩාත් කැපී පෙනේ. සංඛ්යාත්මක වශයෙන් වානේ, ඛනිජ තෙල්, හා ට්රැක්ටර් නිෂ්පාදන අතින් ලොව විශාලතම නිෂ්පාදන ධාරිතාවය තවමත් සෝවියට් සංගමය සතු වුවද වොර්සෝ රටවලට තවදුරටත් ලබා දුන් දැවැන්ත වාර්ෂික වෙලඳ සහනාදාරය විසින් ඒ වාසිය අහෝසි කෙරිණ. සෝවියට් සංගමය සතු එකම විසඳුම වූයේ අයවැයෙන් සියයට පහලොව ඉක්මවූ දැවැන්ත හමුදා වියදම් කපා හැරීමය. එහෙත් එකපාර්ශ්විකව එවැනි පියවරක එලැඹීම සෝවියට් දේශය ට අවාසි සහගත අන්දමින් බලතුලනය වෙනස් වීමට හේතුවන බවත්, නැගෙනහිර යුරෝපය සෝවියට් අධිකාරියට භයානක බලපෑමක් එල්ල වනු අඑති බවත් බ්රෙෂ්නෙව් දත්තේය. ඔහුගේ උපාය වූයේ සාමය හා යුරෝපයේ සාමාහික ආරක්ෂාව යන ප්රතික්ෂෙප කොට නොහෙන තේමා මුල් කොට ගනිමින් උපාය මාර්ගික අවි සීමා කිරීම සඳහා ඇමෙරිකාව ප්රමුඛ නේටෝව පොලබවා ගැනීමය. SALT නමින් ඇරඹුන මෙම සාකච්ඡා (Strategic Arms Limitation Talks) වල ප්රථිඵලයක් ලෙස බැලස්ටිල් මිසයිල නිෂ්පාදනය සීමා කිරිමට මහ බලවතුන් දෙදෙනා එකඟ වූ අතර 1975 හෙල්සින්කි නුවර රැස්වූ රටවල් තිස් පහක නියෝජිතයෝ පවතින දේශ සීමා උල්ලංඝනය නොකිරීමටත්, පවතින ගැටළු බලය භාවිතා නොකොට සාමකාමීව විසඳා ගැනීමටත් ගිවිස ගත්හ. එහෙත් බ්රෙෂ්නෙව් එහිදී ලද විශාලතම ජයග්රහණය නම් මෙම සමුළුව තුලින් යකඩ තිරයෙන් මෙපිට අනුහස් වැයික්කි අරබයා රුසියාවේ රාජ්යාන්තර අධිකාරීය නොහොත් ක්රෙම්ලිනයේ ‘හෙජමොනිය’ සඳහා ජාත්යන්තර පිළිගැනිමක් ලබා ගැනීමට සමත් වීමයි. මේ වන විට වොර්සෝ හවුලෙන් ඉවත් වීමට මාන බලමින් සිටි ඇල්බේනියාව මෙම තත්වය දැඩිව විවේචනය කලේ එය නැගෙනහිර යුරෝපයේ රට වලට සෝවියට් බල ක්ෂෙත්රයෙන් නිදහස ලැබීමට එරෙහිව ඇතිකොටගත් සම්මුතියක් ලෙස හෙලා දකිමිනි. කෘෂි අංශයේ අකාර්යක්ෂමතාව මැඩලීම සඳහා අක්කර භාගයක් දක්වා පුද්ගලික අයිතියට පැවරීමට 1977 බ්රෙෂ්නෙව් තීරණය කලේය. ඊලඟ වසරේ පුද්ගලික අංශයේ දායකත්වය සමස්ත කෘෂි නිපැයුමෙන් 30% දක්වා ඉහල ගියද ඔවුන් සතු වූයේ රටේ සම්පූර්ණ වගා ඉඩම් වලින් 4%කි. මෙමඟින් හැඟවුනේ සමූහ ගොවිපොල ක්රමය තුල කෙරෙන ප්රතිසංස්කරණ තුලින් වඩාත් යහපත් ප්රථිඵල ලැබිය හැකිව තිබූ බවයි. එහෙත් දෘෂ්ඨිමය හේතූන් මත එවන් බරපතල පියවරක් ගැනීමට බ්රෙෂ්නෙව් මැලි විය. 1978 ඇෆ්ගනිස්තානයේ කොමියුනිස්ට් වරු කාබුල් නුවර බලය අත්පත් කොටගත්හ . එහෙත් නව රජයට එරෙහිව මුලධර්මවාදීන් නැගී සිටීම නිසා විප්ලවය සිවිල් යුද්ධයක් බවට පත් විය. ඊට මැදිහත් වීම සඳහා ක්රෙම්ලින පොලඹවන ලද්දේ මධ්යම ආසියාවේ තම බල ව්යාප්ත කිරීමටත් සෝවියට් දේශසීමාවේ දකුණු දිග ‘ආවරණ -කලාපයක්’ ඇති කොටගැනීමටත් ඇති ආශාව විසිනි. 1979 සෝවියට් හමුදා යොදවා ඇෆ්ගනිස්ථානය ආක්රමනය කිරීමට බ්රෙෂ්නෙව් තීරණය කලේ දින කිහිපයකින් ගැටුම් අවසන් වනු ඇති බවට KGBය කල තක්සේරුවක් මත බව පැවසේ. එහෙත් එය ස්ඉර්ඝ හා වෙහෙසකට යුද්දයක් බවට පත්වූයේ CIA සංවිධානය මුජාහිදීන් ඇතුළු මූලධර්මවාදීන්ට පකිස්ථානය හරහා මහා පරිමාණයෙන් අවි සැපයීම නිසාය. ඇෆ්ගන් ආක්රමනය ක්රෙම්ලිනය ගත් ඉතාම අනුචිත තෝරාගැනීමකි. මේ තත්වය මත ආරම්භයේ පටන්ම 80 දශකය සෝවියට් සංගමයට අසුභ ඵල ගෙන දුන්නේය. පෝලන්තයේ හා ඇල්බේනියාවේ නොසන්සුන්තාව උත්සන්න වෙමින් පැවතිණ. වර්ධන වේගය 1% ට දක්වා පහල වැටීම නිසා ආර්තීකය එකතැන පල්වන තත්වයට පත් වෙමින් තිබිණ. මොස්කොව් නුවර පාන් හිඟ වූ අවස්ථා ගැනද වාර්තා විය. පසු කාලීන හෙලිදරවු වලින් පෙනී යන්නේ පටිපාටිය තුල වූ අකාර්යක්ෂමතාවයන්ට අමතරව සෝවියට් නිලධාරී තන්ත්රය තුල ගැඹුරට ඔඩු දුවා තිබූ දූෂණය හේතුවෙන් තත්වයේ සැබෑ පරිමාණය හඳුනා ගැනීමට බ්රෙෂ්නෙව් අසමත් වූ බවයි. වැරදි සංඛ්යාලේඛණ හා අසත්ය වාර්තා ඉදිරි පත් කිරීම මෙකල කොමියුන්ස්ට් පක්ෂයේ පිලිගත් සම්ප්රදායක් බවට පත්ව තිබිණ. දූෂිතයන් තනතුරු වලින් ඉවත් කිරීම ඉතා පහසු වුවද රටේ සමස්ත ශ්රම බලකාය සේවයේ යොදවා තිබීම හෙවත් සෛද්ධාන්තිකව විරැකියාව ඒ වන විට මුළුමනින්ම අහෝසි වී තිබීම හේතුකොටගෙන හිස් වන පුරප්පාඩු පිරවීම සඳහා මහා පරිමාණයෙන් මානව සම්පත් සපයා ගැනීම ඉතා අසීරු විය. 1982 වසරේ බ්රෙශ්නෙව් ගේ සෞඛ්ය තත්වය බරපතල ලෙස පිරිහින. ඇතැම් බටහිර ඕපා දූපා මාධ්ය උපහාසයෙන් යුතුව වාර්තා කලේ මෙකල ඔහුගේ වෛද්ය කාර්ය මන්ඩලය ශරීරාක්ෂක බල ඇණියට වඩා විශාල වූ බවය. නොවැම්බර් 07 දා හිමපතනය මැද ලෙනින් සමාධිය ඉදිරිපිට පැවති ඔක්තෝබර් විප්ලවයේ හැට පස් වන සැමරුමට සහභාගී වීමෙන් පසු හෘදයාබාධයකට ගොදුරු වූ හේ තෙදිනකින් මිය ගියේය. දහ අට වසරක් ක්රෙම්ලිනයේ පාලකයා වූ බ්රෙෂ්නෙව් ස්ටැලින් හැරුන කොට සෝවියට් සංගමය ලෝක බලවතෙකු ලෙස නඟා සිටුවීමට වඩාත්ම දායක වූ පුද්ගලයා ලෙස සැලකිය හැක. සෙසු නායකයන්ට සාපේක්ෂව සැලකූ කල මෘදු සුහද පුද්ගලයකු වූ ඔහුට පක්ශය තුල සතුරෝ නුවූහ. සෝවියට් ක්රමයේ මතුපිට පෘෂ්ඨයට යටින් පැසවමින් තිබූ දැවැන්ත ආසාදනය පුපුරා යාම කල් දමනු විනා එය වැලැක්වීමෙහිලා හැකියාවක් ඔහුට සතුවද නොවූ බව පැහැදිලි මුත් ඔහුගේ නායකත්වය අහිමිවීම සෝව්යට් සංගමය වඩාත් ඉක්මන් විනාශයකට මුහුන පෑමට තුඩු දුන් බවට සැකයක් නැත.

Chamara Siriwardene

ආන්ද්රපොව්ගේ අවසන් වෑයම...[සංස්කරණය]

බ්රෙෂ්නෙව්ගේ අනුප්රාප්තිකයා වූ යුරී අන්ද්රපොව් ගැන ඉතිහාසය තුල සිදුවී ඇති අගැයීම කොහෙත්ම ප්රමානවත් නැත. මීට ප්රදාන හේතුව ලෙස ලා සැලකිය හැක්කේ 1956 බුඩාපෙස්ට් හි සෝවියට් තානාපති ලෙස හංගේරියානු නැගිටීම මැඩලීමටත්, 1968 දී KGB ප්රධානියා ලෙස චෙකොස්ලෝවැකියාව ආක්රමණයටත් සැපයූ දායකත්වය තුලින් ඔහුගේ චරිතය විනිශ්චයට භාජනය කරනු ලැබීම විය හැක. පළමු ලෝක යුද්ධයට සති කිහිපයකට පෙර උපත ලබා සෝවියට් ක්රමය යටතේ ඇතිදැඩි වී 1982 බලයට පත්වූ ආන්ද්රපොව් වනාහී හැට පස් වියැති සෝවියට් පාලනය පුරා ඔඩුදුවාගොස් තිබූ මාරාන්තික ආසාදනය හඳුනාගෙන රෝගියා රැකගනිමින් ඊට පිළියම් යෙදීමට අවංක උත්සාහයක් දැරූ එකම සෝවියට් නායකයා ලෙස හැදීන්වීමෙහි ලා වරදක් නැත. මෙනයින් බලන කල ගොර්බචෙව් හා යෙල්ට්සින් විසින් ඉටු කරන ලද්දේ ලෙඩා මරා දැමීම තුලින් බඩ සුද්ද කිරීමයි. KGB ප්රධානියා ලෙස ලද දීර්ඝ අත්දැකීම් තුලින් සෝවියට් සංගමය මුහුන පාසිටි තත්වය පිළිබඳ මනා අවබෝධයක් ආන්ද්රපොව් සතුව තිබිණ. හඳුනා ගනු ලැබූ සෝවියට් විරොධීන්ට මරන දධුවම පැමිණ වීමේ හෝ ඔවුන් සයිබීරියාවට පිටුවහල් කිරීමේ පැරණි සම්ප්රදාය වෙනස් කරමින් ඔවුන් මානසික රෝහල් තුලට ගාල් කිරීමේ වැඩපිළිවෙලේ නිර්මාතෘ වරයා ලෙස සැලකෙන ඔහු අතින් සිදුවූ බරපතලම අත්වැරදීම ලෙස සැලකිය හැක්කේ 1979 ඇෆ්ගන් ආක්රමණය නිර්දේශ කිරීමයි. පැවති භූ දේශපාලන යථාර්ථයන්ට අනුව සෝවියට් හිතවාදී ඇෆ්ගනිස්ථානයක් යනු ක්රෙම්ලිනයේ ආසියාතික රාජ්යාන්තර අධිකාරිය හෙවත් ‘හෙජමොනිය’ සදහා අත්යාව්ශ්ය සාධයක් ලෙස සැලකූ ඔහු, යුද්ධය ඉතා කෙටි කලකින් අවසන් කල හැකි වනු ඇතයි යන උපකල්පනයේ පසුවූ බව පෙනේ. එහෙත් තම වරද නොපමාව අවබෝධ කොට ගත් ඔහු ඊලඟ වසරේ පෝලන්තයේ පැනනැඟුන නොසන්සුන්තාව හමුවේ තවත් මැදිහත් වීමකින් වැලකී සිටීමේ වැදගත් කම දේශපාලන මණ්ඩලයට දැඩිවටාවධාරණය කොට සිටියේය. දිගු කලක් KGB නායකයා ලෙස ඔහුගේ තම ජීවිතය අරබයා පවත්වාගෙන ගිය දැඩි රහස්යභාවය හේතුවෙන් සෙසු සෝවියට් නායකයන්ට සාපේක්ෂව බටහිර ඔත්තු සේවා පවා ඔහු පිළිබඳ දැන සිටියේ ඉතා මඳ වශයෙනි. ආන්ද්රපොව්ගේ පුද්ගලික තොරතුරු පවා CIA සංවිධානයට කිසිදා අනාවරණය කොටගත නුහුන රහසක් විය. 1982 බලයට පත්වීමෙන් අනතතුරුව, සිවිල් පරිපාලනය, පක්ෂ සංවිධානය, දේශපාලන දෘෂ්ඨිය, සාහිත්ය හා සස්කෘතිය, ප්රචාරනය වැනි කටයුතු තම විශ්වාසවත් සගයා වූ කොන්ස්ටන්ටයින් චර්නෙන්කෝට පැවරූ ආන්ද්රපොව් සිය සමස්ථ අවධානය යොමු කලේ ජාතික ආරක්ෂාව හා ආර්ථික කළමණාකරනය කෙරෙහිය. සෝවියට් ක්රමය තුල ඉහල සිට පහලට ඔඩුදුවා ගොස් තිබූ දූෂණයට හා අකාර්යක්ෂමතාවට එරෙහිව දැඩි ක්රියාමාර්ග වලට එලැඹීමට ඔහු කොහෙත්ම පැකිලුනේ නැත.වගකීම් පැහැර හැරි ඇමති වරු ඇතුළු පක්ෂයේ ඉහලම නිලධාරීන් 60 දෙනෙක් නෙරපා හැර ඔවුන්ට එරෙහිව ආරාධ නඩු විභාග පැවැත්වූ හේ අනිත් අතට යුතුකම් පැහැර හරින අලස කම්කරුවන් හා කළමණාකරුවන්ට දඬුවම් දීමේ ආඥාවක් ද නිකුත් කලේය. ලෙනින්, ස්ටැලින් හා කෘෂෙව් යන නායකයන් අනුගමනය කල මේ හා සමාන දැඩි පිලිවෙත් තුලින් මෙන්ම බ්රෙෂ්නෙව්ගේ මෘදු පිළිවෙත තුලින් ද අඩුවැඩි වශයෙන් නියෝජනය කෙරුනේ කෙරුනේ සිය බලාධිකාරිය පවත්වාගෙන යාමේ අරමුණ වුවද පෞද්ගලික අරමුණු නුවූ අන්ද්රපොව්ගේ අපේක්ෂා වඩාත් අවංක වූ බව සිතිය හැක. මන්ද යත් මේ වනවිට බරපතල බල අරගලයක් පක්ෂය තුල නුවූ බැවිනි. තම වැඩපිළිවෙල තුලින් කාර්මික නිෂ්පාදය 4% ඉහල නැංවීමට ආන්ද්රපොව් මේ කාලය තුල සමත් වූ බව සැබෑය. එහෙත් පැවති රටාවට හුරුව සිටි සෝවියට් වැසියන් මේ කටයුතු කෙරේ යම් නොරිස්සුමක් දැක්වූ වූ බවද පිළිගත යුතුය. දේශපාලන සිරකරුවන් අතුරුදන්වීම ගැන වදනකින් හෝ මැසිවිලි නොනැගූ කම්කරුවෝ KGBය විසින් නොදන්වා වැඩපොලෙන් බැහැර වූවන් සිටභාරයට ගැනීම ගැන බොහෝ කෝප වූහ. අඩුවෙන් වැඩ කොට වැඩි වරප්රසාද ලැබීට ඇති ආශාව ස්වභාවික මිනිස් ලක්ශණයකි. එහි අර්ථය වූයේ කොමියුනිස් ක්රමය යටතේ ඔවුන් භුක්ති විඳි සමාජීය සුභ සාධන හා විරැකියා අනතුර පහවීම යන කරුණුද මෙම අකාර්යක්ෂමතාව සදහා විශාල දායකත්වයක් සැපයූ බවය. ජත්යන්තර තලයේ තත්වයද මෙ වනවිට කොහෙත්ම යහපත් වූයේ නැත. පෝලන්තයේ නොසන්සුන්තාව උත්සන්න වෙමින් පැවති අතර අදූරදර්ශී ඇෆ්ගන් යුද්ධය සෝවියට් සංගමයේ කීර්තියට අත්කලේ ඉමහත් කැලලකි. මේ අතර ඇමෙරිකාවේ බලයට පත්වූ ජනප්රිය සිනමා නළු රොනල්ඩ් රේගන් සීතල යුද්ධයට නාට්යමය මුහුණු වරක් ආරෝපණය කලේය. සෝවියට් දේශය ‘අශුද්ධ අධිරාජ්යයක්’ (Evil Empire) ලෙස හැඳින්වූ ඔහු චන්ද්රිකා හා අජටාකාශ තාක්ෂණ්ය මත පදනම් වූ ‘උපායමාර්ගික ආරක්ෂක වැඩපිළිවෙලක්’ (Strategic Defense Initiative) නොහොත් තාරකා යුද වැඩසහනක් ඇරඹූයේ ඇමෙරිකාවට න්යෂ්ඨික ප්රහාර එල්ල කිරීමට රුසියානුවන්ට ඇති හැකියාව සීමා කිරිමේ අරමුණිනි. මේ වන විට චන්ද්රිකා නාශක ලේසර් අවියක් සෝවියට් හමුදාව සතුව තිබුනද රේගන්ට විවෘත ලෙස විරෝධය පල කල ආන්ද්රපොව් සෝවියට් දේශය තම අභ්යාවකශ යුද වැඩසටහන් අත්හිටුවා ඇති බවට බවට ප්රසිද්ධ ප්රකාශයක් කලේය. එහෙයින් ඔහු ‘මීර්’ නැමති සෝවියට් තාරකා යුද වැඩසටහන දියත් කලේ හොර රහසේය. ඉතිහසඥයන් පවසන්නේ තාක්ෂණික වශයෙන් තම වැඩසටහන හා තරඟ වැදීමට රුසියානුවන්ට නොහැකිය යන රේගන්ගේ අපේක්ෂාව එමඟින් බිඳ වැටුනද මෙම අතිරේක පිරිවැය තුලින් සෝවියට් ආර්ථිකය තවදුරටත් හෙම්බත් කරවීමට නම් ඔහු සමත් වූ බවයි. කෙසේ වුවද මේ අසීරු කාලය තුල පවා අන්ද්රපොව් ආරක්ශක පිරිවැය ඉහල දැමූ බවත් සෝවියට් සංගමය උපාය මාර්ගික අවි හා යුද හිස් නිපදවීම අතින් ඇමෙරිකාව හා කරට කර සිටි බව දැන් හෙලිවී ඇත. (පහත ප්රස්ථාරය බලන්න). ආන්ද්රපොව්ගේ අකාර්යක්ෂමතාව දුරලීමේ වැඩපිලිවෙල යටතේ උසස් කරනු ලැබ සිටි දෙවන පෙල නායකයකු වූ මිහයිල් ගොර්බචෙව් පසුව පැවසුවේ තමා ආරක්ෂක අයවැයේ තොරතුරු පිළිබඳ නිකමට මෙන් විමසූ කල නායකයා උදහස් වූ බවය. “ඒ තොරතුරු තමුසෙට බරපතල වැඩී…” නිෂ්පාදනය හා වෙළඳාම තුල පුද්ගලික අංශයේ සහභාගීත්වය පුළුල් කිරීම තුලින් ආර්ථිකය ගොඩ නැංවිය හැකි බව ආන්ද්රපොව් දැන සිටියද එවන් තත්වයක් තුලින් නැගෙනහිර යුරෝපය සෝවියට් ග්රහණයෙන් ගිලිහෙනු ඇතැයිද, අවසානයේ (සැබවින්ම සිදු වූවාක් මෙන්) එය සෝවියට් සංගමයට පාරා වලල්ලක්වනු අඑතැයි යන (ඉතා නිවැරදි) සැකය නිසා බරපතල ප්රතිසංස්කරණ අත්හදා බැලීමට ආන්ද්රපොව් මැලිවූ බව ගොර්බචෙව් කියයි. මේ අතර ආන්ද්රපොව්ගේ පිළිවෙත ගැන බිය පලකරමින් පිට කවරයේ ඔහුගේ රුව සහිත පලවූ ටයිම් සඟරා කලාපයක් දුටු සමන්තා ස්මිත් නැමති දස හැවිරිදි ඇමෙරිකානු දැරියක් සාමය පතා ආන්ද්රපොව්ට ලියුමක් ලියුවාය. එය සෝවියට් ප්රව්දා පුවත් පතේ පලවූ අතර සෝවියට් සංගමයේ ස්ංචාරක් සඳහා ආන්ද්රපොව් ඈට ආරාධනා කලේය. එහෙත් ඔහුගේ අමුත්තා ලෙස මොස්කොව් නුවරට ලඟා වූ සමන්තා ස්මිත්ට පවා අනුභාව සම්පන්න සෝවියට් නායකයා හමුවීමට හැකි වූයේ නැත. ඔහු හා ඈ අතර කථා බහ දුරකථනය ඇමතුමකට සීමා විය. ආන්ද්රපොව්ගේ සෞඛ්ය තත්වය පිළිබඳ බටහිර ලෝකය සැක පහල කලේ මේ සිදුවීම මතයි. හැට නව වියැති අන්ද්රපොව් මේ වනවිට බරපතල වකුගඩු ආබාධයකින් පෙලෙමින් සිටි අතර ඒ බව දැන සිටියේ පක්ෂයේ ඉහල නායකයන් සීමිත පිරිසක් පමණී. 1984 පෙබරවාරියේ සිදුවූ ආන්ද්රපොව්ගේ මරණය සෝවියට් දේශයේ අනාගත ඉරනම අරබයා තැබූ මුද්රාවකට සමානය. සෝවියට් ක්රමය තුල වර්ධනය වූයේ පුද්ගල සාධකය මත විසධිය නොහැකි අන්දමේ දරුණූ අර්බුදයක් වුවද තම 15 මසක පාලනය තුල හැකිතාක් එය කළමණාකරණය කිරීමෙහි ලා ඔහු සමත් වූ බවත් ඔහු ජීවතුන් අතර සිටින තාක් සෝවියට් ක්රමයට අභියෝගයක් එල්ලකිරීමට කිසිවෙකු සූදානම් නුවූ බවත් පිළිගත යුතුය. ආන්ද්රපොව්ගෙ අනුප්රාප්තිකයා වූයේ ඔහුගේ දකුණත බඳු වූ කොන්ස්ටන්ටයින් චර්නෙන්කෝය. ආන්ද්රපොව්ට වඩා තුන් වසක් වැඩිමහල් වූ ඔහු අධික දුම්පානය නිසා ඒ වනවිටත් රෝගී තත්වයේ පසුවිය. රාජ්ය අවමඟුලින් අනතුරුව ඔහු ලෙනින් සමාධියෙන් පිට වූයේ ආරක්ෂකයන් දෙදෙනෙකුගේ අත්වාරුවෙනි. ආන්ද්රපොව්ගේ විචක්ෂණ පරිපාලන වෙනස්කම් හරුහැටි පවත්වාගෙන යාමට අපොහොසත් වූ ඔහු දෙඩි විදෙස් පිළිවෙතක් අනුගමනය කලේය. නැගෙනහිර ජර්මන් නායකයාට බටහිර ජර්මනයේ නිල සංචාරයක යෙදීමෙන් වැලැක්වූ හේ ඇමෙරිකාවේ පැවැත්වුන ඔලිම්පික් උලෙල වර්ජනය කිරීමට නැගෙනහිර යුරෝපයට බල කලේය. එහෙත් රොමෙනියාව පමණක් සෝවියට් විරෝධය නොතකා ඊට සහභාගී වූවාය. චර්නෙන්කෝගේ පාලන සමය තුල සිදුවූ වැදගත්ම සිදුවීම නම් ආන්ද්රපොව් විසින් අත්හිටවූ නිරවිකරණ සාකච්ඡා යලි ඇරඹීමයි. ක්රෙම්ලිනයේ අවසන් දැඩි මතධාරී කොමියුනිස්ට් පාලකයා ලෙස සැලකිය හැකි චර්නෙන්කෝ 1985 මාර්තුවේ අවසන් හුස්ම හෙළුවේ සෝවියට් දේශය නොවැලැක්විය හැකි අර්බුදයට වඩාත් ආසන්න වෙමින් සිටියදීය. මිහයිල් ගොර්බචෙව් ඔහුගේ අනුප්රාප්තිකයා ලෙස තෝරා පත් කරගන්නා ලදී…. අකාර්යක්ෂමතාව නැමති මාරක පිළිකාවට ගොදුරුවූ සෝවියට් සංගමය නැමැති රෝගියා මිය යමින් සිටියේය. එය උත්සන්න කරන ලද්දේ දූෂිත නිලධාරිවාදය යන අතුරු ආබාදය විසිනි. ගොර්බචෙව් නැමති වෙදැදුරා ලබා දුන් පෙරස්ත්රොයිකා නැමති එන්නත රෝගියාගේ අවසානයට හේතු වූ අන්දමත් මහානුභාව සම්පන්න සෝවියට් සංගමය කඩදාසි ගෙයක් මෙන් ඇදවැටුන අන්දමත් ‘රතු දෙවොල බිඳ වැටින’ යන පෙර ලිපි ත්රිත්වය තුලින් විස්තර කොට ඇති බැවින් ඒ ගැන මෙහිලා පුනරුච්චාරණය කිරීම අවශ්ය නොවේ යැයි සිතමි. එම ලිපි කියැවීම සඳහා පිවිසුම් ලිපිනයන් පහත සඳහන් කොට ඇත

Chamara Siriwardene

‍රතු දෙවොල බිඳ වැටින...[සංස්කරණය]

1985 කොන්ස්තන්තීන් චෙර්නෙන්කෝ මියගියේය. මාර්තු 11 දා සෝවියට කොමියුනිස්ට් පක්ෂයේ නව පළමුවන මහ ලේකම් ධුරයට පත් මිහයිල් සෙර්ගෙයෙවිච් ගොර්බචෙව්ගේ එක් ඉලක්කයක් වූයේ ඒ වනසිට කොමියුනිස්ට් සමාජය මුහුණ පාමින් සිටි පීඩනය සමනය කිරීමයි. ඒ වන විට ආර්ථ්කය ට අහිතකර ලෙස බලපෑවේ කොමියුනිස්ට් පාලනය බටහිර ලෝකය සමඟ ගණුදෙණු කිරීමේදී පනවාගත් ස්වයං වාරණය හා දැවැන්ත ස්මාජ පිළිලයක් වූ නිළධාරි වාදය බව සැලකිය යුතුය. අකාර්යක්ෂම තාවය හා දූෂිත භාවය නිසා ඵලදායීතාව හීනවීම ජනසමාජය කෙරේ තදින් බලපෑවේය. 1986 වසරේ පවා පාන් හා මස් සඳහා මොස්කොව් නගරයේ දිගු පෝලිම් දක්නට විය. කොමියුනිස්ට් පක්ෂයට හිතවත් කම් ඇත්තෝ කළුකඩ ජාවරම හොර රහසේ ගෙන ගියහ. සන්නිවේදනයේ දැවැන්ත දියුණුව හමුවේ භෞතික දුර නැමති සාධකය අහෝසි වූ අතර ආරංචි මාර්ග සජීවී අත්දැකීම් බවට පත් කිරීමට ජන මාධ්‍ය සමත් විය. තරඟ කාරී ධනවාදී ආර්ථිකයේ විචිත්‍ර විවිධත්වය නිසා වඩාත්ම සංවේගයට පත්වූයේ යකඩ තිරය(Iron Curtain) විනිවිද දැකීමට ගත් විසි නව කෝටියක් වූ සෝවියට් කඳවුරේ වාසීන්ය. මෙය තදින්ම බලපෑවේ කොමියුනිස්ට් බලකොටුවේ දොරටුව වූ නැගෙනහිර ජර්මනියටය. බටහිර ගායක එල්ටන් ජෝන් ගේ ice on fire නම් ඇල්බමයේ සුප්‍රකට 'නිකිතා' ගීතය ලෝ ප්‍රකට වූයේ ද මෙකලය. පෙරස්ට්‍රොයිකා (ප්‍රතිසංස්කරණ) හා ග්ලාස්නොස්ට් (විවෘත භාවය) නමින් හදුන්වාදුන් වැඩපිලිවෙලෙහි අවංක අරමුණ වූයේ සෝවියට් සංගමය රැක ගැනීම බ්බවට සැක නැත. පුද්ගලික ව්‍යවසායකත්වය තුලින් ඇතිවන ආර්ථික තරඟකාරීත්වය තුලින් ලැබෙන ප්‍රතිලාභ හා දේශපාලන නිදහස තුලින් ඇතිවන ලිහිල් වාතාවරණයක් තුල ජන සමාජය තුල පවතින අසහනය තුරන්ව යනු ඇතැයි ගොර්බචෙව් සිතූ බව පෙනේ. එහෙත් මෙම වැඩපිළිවෙල සඳහා කොමියුනිස්ට් පක්ෂයේ දැදි මතධාරී පාර්ශ්වයන්ගෙන් සහායක් ලැබැනු ඇතැයි අපේක්ෂා කොට හැකි නොවීය. ඒ සඳහා ඔහු තෝරාගත්තේ බොරිස් නිකොලායෙවිච් යෙල්ට්සින් නැමති ප්‍රාදේශීය ක්‍රියාකාරීයෙකි. පාසැල් වියේ රතු හමුදා සැපයුම් ඩිපෝවකින් සොරකම් ග්‍රෙනේඩයක් ගැලැවීමට තැත් කිරීමේදී ඇතිවූ පිපිරීම නිසා ඔහුගේ වමතේ ඇතිලි දෙකක් නැත. තම මතය වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටින්නෙකු වූ යෙල්ට්සින් මොස්කොව් නගර කමිටුවේ සභාපති හෙවත් 'පුරපති' ලෙස ගොබචෙව් විසින් පත් කෙරුනේ නත්තලට දෙදිනකට පෙරය. දැවැන්ත අභ්‍යවකාශ ව්‍යාපෘති අත් හිටවූ ගොර්බචෙව් යුද වියදම් අත් හිටුවමින් හමුදා බලය සැලකිය යුතු ලෙස අඩුකිරීමට කටයුතු කලේ යුද වියදම් කපා හැරීම සඳහාය. මෙය වොර්සෝ කඳවුර තුල ඇතිකලේ අනාරක්ෂිත හැඟීමකි. සෝවියට් සංගමය යුද තත්වයක දී තම සහායට නොඑනු ඇතැයි සෙසු සාමාජිකයෝ අසහනයට පත්වූහ. නව පුරපති යෙල්ට්සින් කෙටිකලෙකින්ම මොස්කොව් නුවර අතිශය ජනප්‍රිය පුද්ගලයෙකු බවට පත්විය. බසයේ කාර්යාලයට ගිය ඔහු ඔණෑම වෙලාවක ඕනෑම පුරවැසියෙකුට හමුවිය හැකි විය. කළුකඩ ජාවරමුන්ගේ හොර ඇල්ලීම සඳහා පාන් පෝලිම් වලට වී සිටියේය. දූෂිතයන්ට එරෙහිව තදික් ක්‍රියා කල ඔහු නාගරික කමිටු සාමාජිකයන් පහ කලද ඒ ඇබෑර්තු වලට පිරැවූයේ තම හිතවතුන්ය. පෙරෙස්ට්‍රොය්කාවේ අපේක්ෂිත අරමුණු කෙසේ වෙතත් යෙල්ට්සින් තම පෞද්ගලික බලය තහවුරු කොට ගැනීමට යොදාගත් බව ගොර්බචෙව්ට වැටහෙන විට කලක් ගතවී හමාරය. යෙල්ට්සින්ගේ කටයුතු පාලනය කිරීමට තැත්කිරීමට ඔහු දැරූ උත්සාහයේ ප්‍රථ්ඵලය වූයේ යෙල්ට්සින් තම නායකයා හා නයි වෛර බැඳ ගැනීමය. යෙල්සින් බාල ජනප්‍රියත්වය හඹා යන බව පැහැදිලි මුත් ඒ වනවිට ඔහු පමණට වඩා ජනප්‍රිය වී සිටියේය. 1987 යෙල්ට්සින් දේශපාලන මණ්ඩලයේදී ගොර්බචෙව් හා විවෘත ගැටිමක් ඇතිකොට ගත්තේ තම යෝජනා සඳහා ප්‍රමාණවත් සහායක් නොදක්වන බව චෝදනා කරමිනි. හේ උත්තරීතර කමිටුවෙන් ඉල්ලා අස් විය. මෙය සෝවියට් ඉතිහාසයේ මීට පෙර සිදු වී ඇත්තේ එක්වරක් පමණි. ඒ ට්‍රොට්ස්කි විසින් 1920 ස්ටැලින්ට කල අභියෝගයයි. යෙල්ට්සින් තානාපති වරයෙකු ලෙස ලතින් ඇමෙරිකානු රටකට යැවීමට කේ ජී බී ය යෝජනා කලේය. " එතකොට ඔය බේබද්දා බීලම මැරිල යාවි" එහෙත් තම නව ප්‍රතිපත්ත් තුල පැරණි සෝවියට් සම්ප්‍රදාය අනුගමනය කිරීමට අකැමතිවූ ගොර්බචෙව් කලේ යෙල්ට්සින්ගේ පිලිවෙත තදින් හෙලා දැක ඔහු නිලයෙන් පහත් කිරීමයි. මෙය තමා අතින් වූ බරපතල වරදක් බව ඔහු පසුව පිළිගත්තේය. අසහනයට පත් යෙල්ට්සින් පපුව කපාගෙන දිවිනසා ගැනීමට පවා තැත් කල අතර තුවාල සුව වීමෙන් අනතුරුව පාලමකින් පහලට ඇද වැටුනේය. ඔහු කෙලින්ම දැඩි මතධාරීන්ට මේ පිළිබඳ ඇඟිල්ල දිගු කලද යෙට්සින්ගේ සතුරන් කියා සිටියේ ඔහු බීමතින් ඇද වැටෙන්නට ඇති බවයි. කෙසේ වුවද මේ වන විට යෙල්ට්සින් බටහිර මාධ්‍ය තුල වීරයෙකු විය. එක්සත් ජනපදයේ සංචාරයක යෙදුන ඔහු තමා දුටු දේ සිය රට පැමිණ විස්තර කලේය. තනතුරු වලින් පහ කෙරුන ලැබුනද ගොර්බචෙව්ගේ ප්‍රතිසංස්කරණ නිසා ඔහුට පක්ෂය තුලින් ඊට එරෙහිව ඉහලට නැඟීමට නිදහස තිබුන අතර ඔහුගේ ජනප්‍රියත්වයට හේතුවූයේ සමාජය තුල පැවති ක්‍රමය ප්ළිබඳ පැවති අසහනයයි. 1989 දී ස්ටාලින්ගේ නිජබිම වූ ජෝර්ජියාවේ පවා කලබල ඇති විය. බර්ලින් තාප්පය බිඳ වැටෙද්දී ගොර්බචෙව් අකමැත්තෙන් වුව නැගැනහිර ජර්මනියට බටහිර හා එක්සත් වීමට අනුමැතිය දුන්නේ ස්සෝවියට් අනුහස් වැයික්කිය තුලට ව්‍යාප්ත වීමට තැත් නොකරන බවට නේටෝවෙන් ලබා ගත් සහතිකයක් මත වුවත් එය පෝලන්තය, රොමේනියාව, හංගේරියාව, බල්ගේරියාව හා චෙකොස්ලෝවැකියාව තුල පමණක් නොව යුගොස්ලාවියාවේ පවා දැවැන්ත නොසන්සුන්තාවකට තුඩු දුන්නේය. සියළු දෙනාට නිදහස ඕනෑ විය. වොර්සෝ ගිවිසුමේ ගරා වැටීම නිසාත් නිළධාරීන් ඩොලර් අල්ලසට යටවීම නිසාත් ඒ ඒ රටවල සන්නද්ධ හමුදා ජනප්‍රිය රැල්ලට එක්වූහ. මේ මහජන නැඟිටීම් වලට නොමසුරුව ආධාර හා ප්‍රචාරය ලබා දුන්නේ බටහිර රටවල්ය. නිදහස් මතධාරීන් හා ප්‍රජාතන්ත්‍රවාදීන් ගේ ඒ මහා ප්‍රතිවිප්ලවයේ ම්ලෙච්ඡත්වය කැපී පෙනුනේ රොමේනියාවේදීය.කොමියුනිස් ආඥාදායක නිකොලායි චව්චෙස්කෝ හා ඔහුගේ බිරිය නිදහස් මතධාරීන්ගේ කැලෑ උසාවියක තීන්දුවකට අනුව එතැනම වෙඩි තබා මරා දමන ලදී. කෲරත්වය හා අවනීතිය අතින් එය ගඩාෆි ඝාතනයට සමාන විය. නැගෙනහිර යුරෝපය ඇද වැටුනද, එහි සාමාජික ජනරජයන් තුල නොසන්සුන්තාව වර්ධනය වුවද සෝවියට් සංගමය තව දුරටත් පැවතියේය. යෙල්ට්සින් ගේ ජනප්‍රියතාව ඉහල යාමට රට තුල වූ අයහපත් ආර්ථික තත්වය බටහිර රටවල් වා ප්‍රචාරණය තරම්ම හේතුවූ බව කිව යුතුය. කොමියුනිස්ට් පක්ෂය තුලද නිදහස් කාමී රැල්ලක් ඇතිවූ අතර රුසියානු සෝවියට් ෆෙඩෙරේෂනයේ සභාපතිත්වයට 1990 දී යෙල්ට්සින් 72% ඡන්දයෙන් පත් කරනු ලැබුවේ ඔහු පත් නොකරන ලෙස ගොර්බචෙව් පක්ෂ නියෝජිතයන් ගෙන් පුද්ගලික ඉල්ලීම පවා නොතකාය. කොමියුනිස් මහ ගෙදර වූ රුසියාව යෙල්ට්සින්ට පක්ෂ නියෝජිතයන්ගේ ඡන්දයෙන් සෝවියට් සංගමයෙන් ස්වාධිනත්වය ප්‍රකාශ කලාය. ජුලි මාසයේ පැවති 28 වන සෝවියට් කොන්ග්‍රසයේදී ආන්දෝලනාත්මක කථාවක් පැවැත්වූ යෙල්ට්සින් කොමියුනිස්ට් පක්ෂයෙන් ද ඉල්ලා අස්විය. ඒ කාලය තුල පැණවුන අණ පණත් වල හරය වූයේ කොමියුනිස් විරෝධයයි. යෙල්ට්සින් කණේ ඉඳන් අඟ කන අතර ස්කෝපියන් වාදක කණ්ඩායම winds of change ගීතයෙන් ඊට තාලය සැපයීය. ඉන් ඉඟි කෙරුනේ මරණාසන්නව සිටි සෝවියට් අධිරාජ්‍යයේ අවසන් බිඳ වැටීමයි....

(c) Chamara Siriwardene

රතු දෙවොල බිඳ වැටින...[සංස්කරණය]

සෝවියට් විරෝධය නැගෙනහිර යුරෝපීය කොමියුනිස්ට් රටවලට අළුත් දෙයක් නොවේ. දෙවන ලෝක යුද්ධයෙන් පසු යුගොස්ලාවියාව නොබැඳි පිළිවතකට නැඹූරු වන අතර පෝලන්තයේ හංගේරියාවේ හා චෙකොස්ලෝවැකියාවේ 1950-1970 අතර ඇතිවූ නැඟී සිටීම් මැඩලන ලද්දේ රුසියන් යුද ටැංකි විසිනි. එහෙත් ග්ලාස්නොස්ට් (විවෘත භාවය) පිළිවතේ අතුරු ඵලයක් ලෙස 1989-1990 වොරොසෝ සාමාජික රාජ්‍යන් තුල හට ගත් කැරලිකාරිත්වය මැඩලීම උදවු දීම ගොර්බචෙව් ප්‍රතික්ෂෙප කලේය. ප්‍රචණ්ඩත්වය ඔහුට නොරිසිය. බොරතෙල් මිල පහල යාමත්, කෘෂි නිෂ්පාදන ඇද වැටීමත් නිසා රූබලය ඇද වැටින අතර උද්ධමනය අහසට උසට ඉහල ගොස් තිබිණ. සෝවියට් මිල පාලිත ආර්ථිකය තුල අධි උද්ධමනයේ ලක්ෂණය වූයේ භාණ්ඩ හිඟය හා වඩාත් දිගු පෝලිම් ඇතිවීමයි. සෝවියට් ලිපි ලේඛණ වලට අනුව 1989 වන විටත් ලොව දෙවන විශාලතම දල ජාතික නිෂ්පාදිතය වාර්තා වුවද 1982 සිට කෙමෙන් ඉහල ගිය සෘණ වෙළඳ ශේෂයක් දැකිය හැක. මුළුමනින්ම රජය විසින් මෙහෙයවුන ආර්ථිකයක් තුල විනිවිද භාවයක් අපේක්ෂා කිරීම අසීරුය. මෙම තත්වය ගොරබචෙව් පවා පිළිගත්තේය. ඔහු පරමාදර්ශ කොටගත්තේ 1956 කෘෂෙව් ගේ පිළිවෙත විය හැකි වුවත්, ඔහුගේ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්කම කෙරුණ වාතාවරණය පනහේ දශකයට සම කල හැකි නොවීය. කාමර 2ක නිවෙසක් සඳහා 1980 පවා මූලික ගෙවීම රූබල් 5000ක් වුවද (කම්කරුවෙකුගේ මාසික වැටුප රූබල් 175කි) එය ලබා ගැනීම සඳහා ගෙවිය යුතු අල්ලස රූබල් 1000ක් විය. (නැගෙනහිර යුරෝපයේ තත්වය වඩාත් අයහපත් වූ බව සිතිය හැක) සන්නිවේදනයේ අද්‍යාපනයේ ප්‍රගතිය තුලින් වඩාත් පුළුල් ලෙස ලෝකය දකිමින් සිටි සෝවියට් වැසියන්ට දැනුනේ අධ්‍යාපන සෞඛ්‍ය හා සුභ සාධන ක්ෂෙත්‍රයන් හි අත්විදී ප්‍රතිලාභ නොව නිළධාරීවාදී ආර්ථිකය තුල වූ පීඩනයයි. සෝවියට් සංගමයේ බිඳ වැටීමට බටහිර මැදිහත් වීම විශාල කාර්යභාරයක් ඉටු කලද එහි සැබෑ වගකීම 1991 දී 57% ක ජනවරමකින් රුසියානු ෆෙඩෙරේෂනයේ ප්‍රථම ජනාදිපති ලෙස සෝවියට් විරෝධී ප්‍රතිපත්තියක් මත ඊට ස්වාධිනව තරඟ කල යෙල්ට්සින් තෝරාපත් කොටගත් චන්දදායකයන්ට පැවරෙනු ඇත. පැවති සෝවියට් පද්ධතිය තුල ප්‍රතිසංස්කරණ යෝජනා කල ගොර්බචෙව් ගේ කොමියුනිස්ට් අපේක්ෂකයා වූ නිකොලායි රිස්කොව්ට හිමිවූයේ 17.2% කි. නිදහස් ව්‍යාපාරය රුසියාව තුල පමණක් නොව සෝවියට් ජනරජ තුලද සීඟයෙන් ව්‍යාප්ත විය. ගොර්බචෙව් මුහුණ දුන් විශාලතම ගැටළුව යෙල්ට්සින් ප්‍රමුඛ රුසිආනු ෆෙඩෙරේෂනය සෝවියට් පද්ධතිය බිඳ දැමීමේ මූලිකත්වය දැරීමය. යෙල්ට්සින් විනාශ කොට දැමීමට කේ ජී බිය නිති සූදානමින් පසු වුවද ඔහුගේ ජනප්‍රියභාවය හා ප්‍රචන්ඩත්වයට ඇති පුද්ගලික අකැමැත්ත මත ගොර්බචෙව් ඊට එරෙහි වූ බව පෙනේ. රුසියානු ෆෙඩෙරේෂනයේ උදාහරණය අනුගමනය කරමින් සෙසු සෝවියට් ජනරජයන් සෝවියට් පද්ධතියෙන් නිදහස්ව 'පොදු රාජ්‍ය සංගමය' ලෙස ස්ථාපිත කිරීමට යෙල්ට්සින් සැලසුම් කලේය. 'පොදු රාජ්‍ය සංගමය' නිල වශයෙන් ප්‍රකාශ කිරීම යෙදී තිබුනේ 1991 අගෝස්තු 20 දාටය. දෙසතියකට පෙර අසරණ ගොර්බචෙව් නිවාඩුවක් සඳහා ක්‍රිමියාව බලා ගියේය. ඔහු මේ වනවිට දෙලොවක් අතර සිටි බව පෙනේ. රුසියානු ෆෙඩෙරේෂනයේ පරිපාලනය මුළුමනින්ම යෙල්ට්සින් අත පැවති අතර ඉක්මනින්ම ඔහු රටක් නැති ජනාධිපතිවරයකු බවට ලකුණු දක්නට වූ අතර ඊට එරෙහිව පියවර ගැනීමෙහිලා ශක්තියක් ඔහුට නොවීය. අගෝස්තු 18 දා දහවල් ගොර්බචෙව් තම බිරිඳ සමඟ මුහුදු වෙරළට ගියේය. රේසා ගොර්බචෙවා මුහුදේ කිමිදෙන අතර ඔහු වෙරලේ සිට පොතක් කියැවීය. පැයකට පසු ඔවුන් නිවෙසට පැමිණි අතර පසු දින නිවාඩුව අවසන් කොට පොදු රාජ්‍ය සංගමයේ ගිවිසුම අත්සන් තැබීම සඳහා මොස්කොව් බලා යාමට නියමිතව තිබිණ. පස්වරු 2.00 ට ගොර්බචෙව්ගේ ප්‍රධාන ආරක්ෂක නිළධාරී මේජර් ජනරාල් ව්ලැදිමීර් මෙද්වදෙව්ට ප්‍රධාන මුරකුටියෙන් ඇමතුමක් ලැබිණ. එය භාරව සිටි මේජර්වරයා පැවසුවේ නිකේතනයේ ගේට්ටු වසා සීල් තැබීමටත් කිසිවෙකුට පිටවීමට හෝඇතුළු වීමට ඉඩ නොදීමටත් අණ ලැබී ඇති බවයි. නියෝගය නිකුත් කලේ කවරෙක්දයි දැන ගැනීමට මෙද්වදෙව්ට උවමනා වුවද දුරකථන විසන්ධි විය. පිටතට ගොස් සිදු වන්නේ කුමක්දැයි සොයා බැලීමට මෙද්වදෙව්ට උවමනා වුවද එය අවැසි නුවූයේ මොස්කොව් නුවර ඔහුගේ ප්‍රධානියා වූ ලුතිනන් ජනරාල් යුරී ප්ලෙක්හානොව් අනපේක්ෂිත ලෙස කාර්යාලයට ඇතුළු වූ නිසාය. "කලබල වෙන්න එපා. මිහායිල් සර්ජියෙවිච්ට (ගොර්බචෙව්ට) කියන්න මොස්කොව් ඉඳල අමුත්තො කට්ටියක් ඇවිල්ල ඉන්නව හම්බුවෙන්න කියල." ඔහු අමුත්තන්ගේ නම් කිහිපයක් කීය. ඔවුනතර කේ ජී බී ප්‍රධානී ව්ලදිමීර් ක්‍රිච්කොව් ආරක්ෂක ඇමති දිමිත්‍රි යැසොව් ද වූහ.

මෙද්වදෙව් වහා පණිවුඩය රැගෙන ගොර්බචෙව් හමුවිය. ඔහු සිටියේ දිගු ලෝගුවක් හැඳ පුවත් පතක් බලමිනි. හේ මවිත විය. 

"මොකටද ඇවිත් තියෙන්නෙ මේ ගොල්ල?" "මම දන්නෙ නැහැ." මඳ වේලාවක් කල්පනාවෙහි නිග්මව සිටි හේ කාමරය තුලට වැදුනේය. වැදගත් දෙයක් සම්බන්ධව සිය බිරිඳ ගෙන් උපදෙස් පැතීම ගොර්බචෙව් ගේ පුරුද්දකි. නැවත තම කාර්යාලයට ඇතුළු වූ මෙද්වදෙව් දුටුවේ අමුතතන් සියළු දෙනා එහි සිටින බවය. ඒ බව ගොර්බචෙව්ට යලි දැනුම්දීමට ඔහු දුරකථනය එසවුවද ඉන් හඬක් නොනැගින. අමුත්තෝ සිනා සෙන්නට වූහ. අනතුරුව යුරී ප්ලෙක්හානොව් හැර සෙසු අය ගොර්බචෙව්ගේ කුටියට ඇතුළු වූහ. ඔවුන් කුමක් කතබහ කලේදැයි මෙද්වදෙව් දැන නොසිටියේය. මඳවේලාවකින් ඔවුන් ආපසු පැමිණියේ පැයකට පමණ පසුවය. ප්ලෙක්හානොව් සමඟ ඔවුහු පිටව ගියහ. "නීචයා! ඒකට අත්සන් කරන්නත් බයයි," කිසිවෙකු පවසනු (කෘච්කොව් විය යුතුය) මෙද්වදෙව්ට ඇසිණ. කිසියම් කුමන්ත්‍රණයක් සිදුවන බවද එය කේ ජී බිය විසින් මෙහෙයවන බවද මෙද්වදෙව් මේ වන විට අවබෝධ කොටගෙන සිටියේය. ඔහුගේ කාර්යය වූයේ ගොර්බචෙව් ආරක්ෂා කීරීමය. ගොර්බචෙව් යහතින් සිටි අතර එසේ නුවුවද ඔහුට කල හැකි දෙයක්ද නොවීය. කේජීබී බල ඇණී කිහිපයක් නිකේතනය ඒ වනවිට වටලා සිටි අතර ඔවුන්ට අණ දුන්නේ ප්ලෙක්හානොව් මිස ඔහු නොවේ. සිය සැමියාට නිරන්තර උපදෙස් දුන් රයිසා ගොර්බචෙවා පසුව කීවේ මෙවන් කථාවකි. "මිහයිල් සර්ජියෙවිච් දැඩි මතයක හිටියා.අපේ ජීවිත අනතුරේ බව ඔහු දැන සිටියත් කුමන්තර්නයට සම්බන්ධවෙන්න ඔහු කැමති උනේ නැහැ. මම අපේ ලමයින්ට- අයිරින් හා අන්තෝලි- කථා කලා. තත්වය විස්තර කලා. ඔවුන් අපට ශක්තිය දුන්නා කුමන්ත්‍රණය මුහුණ දෙන්න..." රේසා ගොර්බචෙවා ගේ මෙම ප්‍රකාශය විහිළුවක් ලෙස සලකා බැහැර කරන ලදී. දුරකථන ඒ අවස්ථාවේ අක්‍රිය කොට තිබූ බව සියල්ලෝ දනිති. යෙල්ට්සින් අගෝස්තු 19 දා උදේ සිටියේ මොස්කොව් හි සිය නිවසේය. ඔහුගේ දියණිය කෑගසමින් තමා වෙත දිව එනු දුටු හේ පුදුම විය. "තාත්තේ බලන්න එලියෙ වෙන දේ" නිවෙස වටා කේ ජී බී භටයන් විසින් දැඩි රැකවල් යොදා තිබිණ. මහ මඟ තැනින් තැන යුද ටැංකි නවතා ඇත. තම පෞද්ගලික ආරක්ෂකයන් කෙරේ හෝ විශ්වාසයක් තැබිය නොහැකි බව යෙට්සින් වටහා ගත්තේය. නිවසේ දුරකථන ක්‍රියා නොකල අතර පිටතින් කිසිවෙකුට එහි ඇතුල් වීමටද ඉඩක් නොවීය. තමාට ඇති එකම අවස්ථාව නිවසින් පිට වීමට තැත් කිරීම පමණක් බවත් එය අතිශය අවදානම් කටයුත්තක් බවත් යෙල්ට්සින් දැන සිටියේය.

(c) Chamara Siriwardene

රතු දෙවොල බිඳ වැටින...[සංස්කරණය]

කුමන්ත්‍රණය නිසා හටගත් ජීවිත අවදානම නොතකා නිවසින් පිටවී ක්‍රෙම්ලිනයට පසු මොස්කව් නගරයේ ප්‍රධානම රජයේ මධ්‍යස්ථානය වූ 'ධවල ගෘහය' (While House) වෙත යාමට තමා තීරණය කල බව බොරිස් යෙල්ට්සින් පසුව කීය. භූගත බන්කර, උමං හා සන්නිවේදන පද්ධති වලින් සමන්විත 'ධවල ගෘහය' සැබෑ බලකොටුවකි. වඩාත් වැදගත් වූයේ අමෙරිකානු තානාපති කාර්යාලය ඊට යාබදව පිහිටා තිබීමය. එහෙත් ඔහුගේ සහායකයන් පැවසුවේ මහත් කලබලයට පත් යෙල්ට්සින් කටගොන්නක් වොඩ්කා බීගෙන දිවි නසා ගැනීමට තැත්කල බවත් එය වැලකූ සෙසු අය ඔහුට නිවසින් පිටවීමට තැත් කරන ලෙස බලකල බවත්ය. යෙල්ට්සින්ගේ ජීවිතයට අනතුරක් සිදු නොවනු ඇති බවට ඔවුන් මේ වන විට වටහා ගෙන සිටියේ එවැන්නක් සිදුවීමට ඕනෑ තරම් වේලාව හා අවස්ථා තිබුන නිසාය. වෙඩි නොවදින ඇඳුමක් යෙල්ට්සින්ට ඇන්දවූ ඔවුහු ඔහු ජාතික කොඩිය සහිත නිළ රථයට නංවාගෙන ගමනට පිටත් වූහ. ඔවුන්ගේ සෑම චලනයක්ම නිරීක්ෂණය කරමින් වාර්තා කලා මිස කේ ජී බී භටයන් කිසිවෙකු ඔවුනට බාධා කලේ නැති. ඔවුන්ගේ අනදෙන්නා පසුව පැවසුවේ තමා ජනාධිපති වරයා අත් අඩංගුවට ගැනීමට හෝ මරා දැමීමට නියෝග අපේකෂාවෙන් පසුවූ බවයි. ධෛර්යය උපදවා ගනු පිණිස වොඩ්කා ග්‍රෑම්ස් දෙසියයක් පානය කොට සිටියද එම නියෝගය ඔහුට ලැබුනේද නැත. අගෝස්තු 19 උදෑසන 11ට යුද ටැංකි අතරින් යෙල්ට්සින් ‍රැගත් රථපෙළ ධවල ගෘහය කරා පැමිණෙන විට නගරය මහජනයාගෙන් පිරී ඉතිරී ගොසිනි. ඔවුහු යෙල්ට්සින්ට පක්ෂව උද්ඝෝෂණය කරමින් සිටියහ. ඔද සිදීගොස් සිටි ජනාධිපතිවරයා මින් ධෛර්යයමත් විය. ඔහු ධවල ගෘහයට ඇතුළු වූ බව දුටු උද්ඝෝෂකයෝ ගොඩනැඟිල්ල වටා එක්රොක් වූහ. එදින සවස පළමු වරට මාධ්‍ය නිවේදනයක් කල කුමන්ත්‍රණ කරුවන් පැවසුවේ ගොර්බචෙව් 'අසනීපයෙන්' පසු වන බවය. බොහෝ දෙනාගේ අදහස වන්නේ කුමන්ත්‍රණයට රහසින් සහාය දැක්වූ ගොර්බචෙව් අවසන් මොහොතේ පැකිලීම නිසා ඔවුන්ට මෙම 'නිදහසට කරුණ' ඉදිරිපත් කිරීමට සිදුවූ බවකි. කුමන්ත්‍රණය ගොර්බචෙව්ට එරෙහි වෑයමක් නොවන බවද එමඟින් ඇඟවෙන බව ඔවුහු පවසති. කුමන්ත්‍රණ කරුවන්ගේ සැලැස්ම වූයේ යුද ටැංකි වෙඩි මුරයක් ධවල ගෘහය වෙත එල්ල කොට 'ඇල්ෆා' හා 'වේගා' නැමති කේ ජී බී කොමාන්ඩෝ බල ඇණි යොදවා ඇසිල්ලකින් ගොඩ නැඟිල්ල අත්පත් කොට ගැනීමයි. සිය භටයන්ට ඒ සඳහා ගතවනු ඇත්තේ සුළු කාලයක් බව එහි අණදෙන නිළධරියා පසුව පැවසීය. එහෙත් ඔවුනට ඒ සඳහා නියෝගය 19 දා දවස පුරාම ලැබුනේ නැත. එදා සවස ටමන්ස්කයා නැමති යුද ටැංකි ඩිවිෂණය පෙළපාලි කරුවන් හා එක් වූ අතර යුද ටැංකියක් මත නැග ගත් යෙල්ට්සින් නිදහස වෙනුවෙන් නැගී සිටින මෙන් ජනයා ගෙන් ඉල්ලා සිටියේය. කාලය කුමත්‍රණ කරුවන්ට එරෙහිව වන බව පැහැදිලිවම පෙනෙන්නට තිබියදීත්, පහසුවෙන්ම ගොඩනැගිල්ල අත්පත් කොටගෙන යෙල්ට්සින් සිරභාරයට ගැනීමට හෝ මරා දැමීමට තිබූ අවස්ථාව ඔවුන් මඟ හැරියේ මන්ද? මේ අවස්ථාව වන විටත් ඇල්ෆා හා වේගා බල ඇණි නියෝග අපේක්ෂාවෙන් සිටි බව පැහැදිලිය. එහෙත් ඒ වන විට ඔවුන්ගේ මුල් සැලැස්ම තවදුරටත් ප්‍රායෝගික නොවීය. දස දහස් ජන ගගක් ගොඩ නැඟිල්ල වටා රැස් ව සටන්පාඨ කියමින් සිටි අතර එල්ල කෙරෙන ඔනෑම ප්‍රහාරයකින් දැවැන්ත ලේ වැගිරීමක් නොවැලැක්විය හැකි බවද, එහි අණදෙන නිළධරීන්ට නොපෙනී නොගියේය. මේ හේතුවෙන් අතිරේක යුද ටැංකි බැටෑලියන 3ක සහාය ලබා ගැනීමටත් හෙලිකොප්ටර් මඟින් කොමාන්ඩෝ භටයින් ගුවනින් හෙලීමටත් සැලසුම් කරන ලදී. එහින රාත්‍රී 11.00 ට විදෙස් පුවත් වාර්තා කලේ සෝවියට් එස්ටෝනියා ජනරජය ස්වාධීනත්වය ප්‍රකාශ කල බවයි. අතිරේක යුද ටැංකි බැටෑලියන 3 එහි ලඟාවූයේ 21 දා අළුයම 1.00ටය. පෙලපාලි කරුවෝ ඒවා පැමිණිම වැලක්වීමට උත්සහ කලහ. 22 හැවිරිදි දිමිත්‍රි කොමාර් නැමති තරුණයා මඟ හරස් කිරීමට තැත් කල විට එක් යුද ටැංකියක් ඔහු පොඩි පට්ටම් කරමින් සිරුර මතින් ධාවන වූ අතර පසු පසින් පැමිණි භටයන් වෙඩි තැබීම නිසා තවත් දෙදෙනෙක් මියගොස් තවත් 50 කට අධික පිරිසක් තුවාල ලැබූහ. මේ බිහිසුනු සිදුවීම නිසා දෙපාර්ශ්වයම තුල ඇති වූයේ දැඩි කම්පනයකි. උද්ඝෝෂකයන් සෙබළුන්ට ආයාචනා කලබව විදෙස් මාධ්‍ය වේදීහූ පැවසූහ. ප්‍රහාරය සඳහා අණ දීමට තමාට නොහැකි බව ඇල්ෆා බල ඇණියේ අණදෙන නිළධාරියා කුමන්ත්‍රණ නායකයන්ට දැනුම් දුන් අතර ඔහු නොතකා හැර ප්‍රහාරය දියත් කිරීමට ඔනෑ තරම් අවස්ථාව තිබුණද එය නොතකා සියළු කේ ජී බී බල ඇණී වලට මොස්කව් නගරයෙන් වන ලෙස ආරක්ෂක ඇමති යැසොව් නියෝග කලේය. ඊට හේතුව ඉතා පැහැදිලිය. කුමන්ත්‍රණ කරුවෝ කොමියුනිස්ට් නිළධාරීවාදීන් මිස ලේ පිපාසිතයෝ නුවූහ. මේ අතර ස්වාධීනත්වය ප්‍රකාශ කල ලැට්වියා ජනරජයේ කඳවුරු බැඳසිටි සෝවියට් පැරචුට් බල ඇණිය එරට සන්නිවෙදන කුළුණු සියල්ලට භටයන් ගුවනින් හෙලා ඒවා අත් පත් කොටගත්තද කුමන්ත්‍රණය පරාජය වූ අසා ඒ ව අතහැර පසු බැස ගියහ. සෝවියට් සංගමට රැක ගැනීමට දැරූ තැතෙහි අවසානයයි ඒ. මොස්කොව් නුවර බලා පියාසර කල ගොර්බචෙව් යෙල්ට්සින් සමඟ එක්ව කුමන්ත්‍රණ කරුවන් සිරගත කලේය. ඔවුන් අතරින් ක්‍රියාකාරියෙකු වූ බොරිස් කාර්ලෝවිච් සිය බිරිඳ සමඟ දිවි නසා ගත්තේය. 24 දා දහස් ගණනකගේ සහභාග්තවයෙන් පැවති මියගිය සිවිල් වැසියන් තිදෙනාගේ අවමඟුලේදී ගොර්බචෙව් ඔවුනට 'සෝවියට් සංගමයේ වීරයා' සම්මානය පුද කලේය. සෝවියට් සංගමයේ විනාශය තහවුරු කල තිදෙනා ඒ වෙනුවෙන් එහි උසස්ම සම්මනයෙන් පිදුම් ලැබීම දෛවයේ කුරිරු සරදමකි. ඔවුන් ගලවා ගැනීමට තමාට නොහැකි වීම ගැන යෙල්ට්සින් ඔවුන්ගේ දෙමාපියන්ගෙන් සමාව ඉල්ලා සිටියේය. එදින රැයේ සෝවියට් නායකයන්ගේ ඉළිම විනාශ කෙරුන අතර ඉතිහාසයේ තවත් නින්දිත සිදුවීමක් වූයේ ඒ අතරය. ඒ යෙල්ට්සින් ආධාරකරුවන් විසින් ලෙනින්ගේ සිරුරේ හැඩයට තැනූ කේක් ගෙඩියක් තනා එය අනුභව කිරීමය. බටහිර මාධ්‍ය මීට විශාල ප්‍රචාරයක් දුන්නේය. ගොර්බචෙව් එදින කොමියුනිස්ට් පක්අයෙන් ඉවත් වූ අතර පස් දිනෙකට පසු යෙල්ට්සින්ගේ විශේෂ ආඥාවක් මඟින් කොමියුනිස්ට් පක්ෂය තහනම් කෙරින. බයිලෝ රුසියානු හා යුක්‍රේන ජනරජ ද පසුදින ස්වාධිනත්වය ප්‍රකාශ කලෝය. 1991 නත්තල් දින ගොර්බචෙව් තමා දැරූ තවදුරටත් අර්ථයක් නුවූ සෝවියට් නායකත්වයෙන් ඉල්ලා අස්විය. න්‍යෂ්ඨික කේත අඩංගු නිල් පැහැති ලියැවිලි බෑගය ඔහු යෙල්ට්සින් ට භාර දුන්නේය. 73 වසරක් ක්‍රෙම්ලිනයේ ලෙලදුන් දෑකැත්ත හා පිටිය සහිත රතු ධජය වෙනුවට වත්මන් ත්‍රිවර්ණ කොඩිය ඔසවන ලදී. සෝවියට් දේශය විසිරුවා හරින ලද බව ප්‍රකාශ කල නව රුසියානු ෆෙඩරේෂ්ණය ආරක්ෂක මණ්ඩලයේ සෝවියට් සංගමය සතු අසුන තමා විසින් උරුම කොට ගන්නා ලද බව එක්සත් ජාතීන් ගේ සංවිධානයට දන්වා සිටියාය. නිදහස් ආර්ථික පිළිවෙතක් යෙල්ට්සින් විසින් ආඥා කරන ලදී. බටහිර බලවත්තු බොහෝ ප්‍රීති වූහ. ඇදවැටී තිබූ ආර්ථිකය මොහොතකට වඩාත් අසමතුලිත වූ අතර රුසියාව කලක් දැඩි උද්ධමනයෙන්ද, චෙචෙන්යාව දක්වා රට ඇතුලට පැතිරී ගිය බෙදුම්වාදී අරගලයකින්ද පීඩා වින්දාය. 1998 රූබලය කඩා වැටුන අතර ඊලඟ වස්‍රේ නේටෝව ගොර්බචෙව්ට දුන් පොරොන්දු කඩ කරමින් යුගොස්ලෝවියාවට බෝම්බ දැමීය. යෙල්ට්සින්ට හැකිවූයේ විරෝධය පෑම පමණි. තම අගමැති ලෙස ව්ලැඩිමීර් පුටින් පත් කලේය. ඒ වනවිට යෙල්ට්සින් රට තුල බලවත් අපකීර්තියට පත්ව සිටියේය. සහස්‍රය ආරම්භයේ රුසිආනුවන්ගෙන් 75%ක් කියා සිටියේ සෝවියට් සංගමය බිඳ වැටීම මහ විපතක් වූ බවය. මහා පරිමාණයේ අල්ලස් චෝදනා නිසා ඊලඟ වසරේ යෙල්ට්සින්ට සිය තනතුරින් ඉල්ලා අස් වීමට සිදුවිය. නව ජනාධිපති වූයේ ව්ලැදිමීර් පුටින්ය. පුටින් යටතේ රුසියාව ලද ප්‍රගතිය ඇස්පනා පිට දුටුවෙන් ඒ ගැන විස්තර කිරීම නුවුමනාය. ගතවූ මාර්තුවේ කලිනින්ග්‍රාඩ් හි පැවති හමුවකදී පුටින් ගෙන් අසන ලද එක් පැනයක් වූයේ ඉතිහාසයේ සිදු නුවූයේ නම් මැනවයි සිතෙන සිදුවීම කුමක්ද යන්නයි. පුටින් ජනාධිපති තැනගේ පිළිතුරද සරල විය. "සෝවියට් සංගමය බිඳ වැටීම සිදු නොවිය යුතු දෙයක්," හේ කීය. සියයට අසූවක් රුසියානුවෝ අදද සිය සෝවියට් පුරාණය ඉමහත් අභිමානයෙන් හා ආස්වාදයකින් සමරති.

(c) Chamara Siriwardene

පශ්චාත් සෝවියට් බේදවාචකය[සංස්කරණය]

1991 දෙසැම්බර් 25 දා මෑත ඉතිහාසය තුල බටහිර ලෝකයට උදාවූ වඩාත්ම ප්රීතිමත් දිනයයි. ඊට හේතු වූයේ පුරා දශක හතරහමාරක් බටහිර කදවුර හා සෝවියට් කඳවුර අතර පැවති සීතල යුද්ධය එදින නිල වශයෙන් අවසන් වීමේ ජයග්රාහී උද්දාමය මිස ස්වාමි දරුවාණන්ගේ උපත් සංවත්සරය නිසා හටගත් අධ්යාත්මික බැතිය නම් නොවේ. කිතු දහමේ මූලික ඉගැන්වීම් අනුව බලන කල එය මෑත ඉතිහාසයේ ඔවුන් සැමරූ වඩාත් අර්ථවිරහිත නත්තල ලෙස සැලකිය හැක. ක්රෙම්ලිනයේ අවසන් සෝවියට් නායකයා වූ මිහයිල් ගොර්බචෙව් ගේ ප්රධානත්වයෙන් එදින රැස්වූ උත්තරීතර සෝවියට් සභාව සෝවියට් සංගමය තවදුරටත් නොපවතින ප්රපංචයක් බව ප්රකාශ කොට සිටියේය. ඒ සමඟම මුලින් ම බලරහිත වූයේ පෙරස්ත්රොයිකාවේ නිර්මාතෘ වූ මිහයිල් ගොර්බචෙව් මෙතාක් දැරූ තනතුරයි. මෙය දේශපාලන අර්ථයෙන් ගත් කල මරා දමනු ලැබීමට පෙර සිය දිවි හානිකොට ගැනීමක් හා සමානය. සෝවියට් සංගමයේ සුන්බුන් මතින් රාජ්ය පහලොවක් උපත ලබද්දී සෝවියට් න්යෂ්ඨික කේත අඩංගු නිල් පැහැති ඇසුරුම් බෑගය ගොර්බචෙව් විසින් සෝවියට් පාලනයේ අනුප්රාප්තිකයා ලෙස පිළිගැනුන රුසියානු ෆෙඩරේෂණයේ ජනාධිපති බොරිස් යෙල්ට්සින්ට භාර දුන්නේය. පුරා හැත්තෑ හතර අවුරුද්දක් ක්රෙම්ලිනය මත ලෙලදුන දෑකැත්ත හා මිටිය සහිත සෝවියට් ධජය එදින සවස අවසන් වරට පහත හෙලන ලදී. ඒ වෙනුවට පැරණු රුසියන් අධිරාජ්යයේ ත්රීවර්ණ ධජය එසවිණ. එමඟින් හැඟවුනේ නව පාලනයද තම මර්මස්ථානය කොට ගත්තේ ක්රෙම්ලිනයම බවය. දෘෂ්ඨිය කුමක් වුවද රුසියාවේ රාජ්ය බලය හා ක්රෙම්ලිනය අතර වූ බිඳ නොහෙන සම්බන්ධතාවට මෙය තවත් නිදසුනකි. ලොව විශාලතම සංවෘත ආර්ථිකය මුළුමනිම විවෘත කල යෙල්ට්සින් පැරණි සෝවියට් සංගමයෙන් දල වශයෙන් අඩක් පමණ වූ රුසියානු ෆෙඩරේෂනයට පාවෙන විනිමය තත්වයක් මත පදනම් වූ නිදහස් වෙළඳ පොලක් හඳුන්වා දුන්නේය. රාජ්ය දේපොල මහා පරිමාණයෙන් පුද්ගලික කරණය කෙරිණ. කොමියුනිස්ට් ක්රමය හා බැඳුන සියළු සංකේත ඉවත් කරන ලදී. නගර වල ඉදි කොට තිබූ සෝවියට් නායකයන්ගේ දැවැන්ත පිළිම ඇද වැටුන අතර නව යුගයේ ඇරඹුම සනිටුගන් කරනු ලැබුවේ ලෙනින්ගේ මළ සිරුරේ හැඩයට තැනූ කේක් ගෙඩියක් කැපීමෙනි. තමා කෲර සෝවියට් ක්රමයෙන් අත් මිදුන බවත් දශක හතකට පසු රුසියාව හරහා නිදහසේ හා සෞභාග්යයේ සීත සුලං රැලි හමන බවත් රට වැසියෝ මොහොතකට සිතූහ. එහෙත් ඔවුන්ගේ සුන්දර පැතුම් බියකරු සිහිනයක් බවට පත්වීමට වැඩි කලක් ගතවූයේ නැත. මිල පාලනය මුළුමනින්ම ඉවත් කිරීමත් සමඟ බිඳ වැටුන ආර්ථිකය තුල උද්ධමන අහස උසට නැඟුන අතර රූබලයේ අගය අවප්රමාන වූයේ බලාසිටියදීය. යෙල්ට්සින් මීට ප්රතිචාර දැක්වූයේ සුබසාධන වියදම් මුළුමනින්ම කපා හරිමින් හා බදු පණවමිනි. ජාත්යන්තර මුල්ය අරමුදලෙන් ණය ලබා ගැනීමෙන් හා පොලී අනුපාත විශාල ලෙස ඉහල දමමින් තත්වය පාලනය කිරීමට ඔහු තැත් කලේය. සෝවියට් සංගමයේ උරුමක්කාරුවා ලෙස එහි පැරණි ණය බරද දැරීමට රුසියානු ෆෙඩරේෂණයට සිදුව තිබිණ. රුසියාව අධිඋද්ධමනකාරී තත්වයකට ආසන්න වෙමින් සිටියාය. රූබල් ඉතිරුම් හා ඉපැයිම් වල වටිනාකම ක්ෂය වී යාම නිසා ජීවන මට්ටම බරපතල ලෙස පිරිහිණ. සෝවියට් ක්රමය යටතේ වඩාත් සුරක්ෂිත වෙලඳ පොලකට හා පුද්ගලික සහන රැසකට හුරුව සිටි රට වැසියෝ පළමු වරට අහිමි වූ කොමියුනිස්ට් පාලනයේ අගය යලි තක්සේරු කිරීමට ගත්තේ ඇටිකෙහෙල් ගිල දැමූ උගුඩුවන් මෙනි. යටත් පිරිසෙයින් පොතට සීමාවී හෝ ක්රෙම්ලිනය තුලට සෝවියට් පාලනය විසින් හුරු කොට තිබූ සාමුහික පාලනය පිලිබඳ සංකල්පය හේතුවෙන් නව පාලනය දේශපාලන වශයෙන්ද ස්ථාවර වූයේ නැත. 1917 රාජාණ්ඩු ක්රමයෙන් කෙලින්ම පන්ති ආඥදායකත්වයක් කරා යොමු උන රුසියාවට ප්රජාතන්ත්රවාදය ඒ වන විටත් නුහුරු අත්දැකීමක් බව අප අවබෝධ කොටගත යුතුය. පාලිත ආර්ථිකයක් නිදහස් වෙලඳ පොලට එකවර නිරාවරනය වීමෙන් හටගත් ව්යාකූලතාවට සමාන තත්වයක් ක්රෙම්ලිනය තුල ද ඇතිවූයේ රුසියාවේ හාපුරා ජනාධිපති හා තවදුරටත් සෝවියට් සභාව ලෙස හැඳින්වුන පාර්ලිමෙන්තුව අතර බල අරගලයක් ඇතිවීම නිසාය. 1993 අගෝස්තු 13 ඉස්වෙස්ටියා පුවත් පත කියා සිටියේ දෙපාර්ශ්වයම එකිනෙකා අභිභවා යමින් හා නොතකමින් නීතිරීති නිකුත් කිරීමට පටන්ගෙන ඇති බවය. සැප්තම්බරයේ පාර්ලිමේන්තුව බලරහිත බවට නිවේදනයක් නිකුත් කල යෙල්ට්සින් සියළු බලතල පවරා ගත්තේය. මෙය නීති විරොධී බව පැවසූ පාර්ලිමෙන්තුව ඔහු බලයෙන් නෙරපීමේ යෝහජනාවක් සම්මත කොටගති. මෙ හේතුවෙන් මහත් ව්යාකීලත්වයක් ඇතිවූ අතර විරුද්ධ වාදීන් විසින් උසි ගන්වනු ලැබූ පීඩාවට පත්ව සිටි මොස්කොව් වැසියෝ යෙල්ට්සින්ට එරෙහිව වීථි බටහ. එහෙත් හමුදාවේ සහාය ලබා ගැනීමට සමත් වූ යෙල්ට්සින් පාර්ලිමේන්තුවට යුද ටැංකි යවමින් තත්වය මැඩ පැවැත්වීය. පාර්ලිමේන්තුව විසුරුවා හරින ලද අතර ජනාධිපතිට වැඩි බල තල පැවරෙන නව ව්යවස්ථාවක් සම්මත කරන ලදී. ඩූමාව ලෙස රැකෙරුන නව පාර්ලිමෙන්තුව තම අභිමතය පරිදි විසුරුවාකලීමේ හැකියාව එමඟින් ඔහුට හිමි විය. මේ අතර චෙචෙනයාවේ බෙදුම්වාදීන් වෙනම රාජ්යයක් ප්රකාශයට පත් කලේ මේ අතරයි. ඔවුන් සිවිල් ඉලක්ක මත ත්රස්ත ප්රහාර එල්ල තත්වය මැඩලීමෙහි ලා අන්මඟක් නුවූයෙන් බටහිර විරොධතා නොතකා චෙචෙන්යාව ආක්රමණය කිරිමට යෙල්ට්සින් තිරණය කලද මේ වනවිට ව්යාකූලත්වය තුල සංවිධානාත්මක වශයෙන් දුර්වල ව සිටි රුසියන් හමුදා සාර්ථක ප්රථිල පෙන්වීමෙහිලා සමත් වූයේ නැත. චෙචෙන්යාවේ ආරම්භක සටන පශ්චාත් සෝවියට් යුගයේ මුල් අවධිය තුල රුසියාව හමුදාමය වශයෙන් ඇදවැටී තිබූ දුක්බර තත්වයට කදිම උදාහරණයකි. කේජීබීය විසින් ක්රියාත්මක කල රයාන් නැමති ආරක්ෂක සැලසුම අක්රිය ව තිබුනෙන් අභිනව රුසියානු හමුදාවේ අනතුරු හැඟවීම් පද්ධති පවා තවදුරටත් විශ්වාසදායක ලා සැලකිය හැකි මට්ටමක වූයේ නැත. මීට හොඳම උදාහරණය නම් 1995 දී ඇමෙරිකානු හා නෝර්වීජියානු විද්යාඥයන් විසින් විද්යාත්මක කාර්යයක් සඳහා ගුවන් ගත කල අදියර හතරේ රොකට්ටුවක් ඇමෙරිකානු සබ්මැරීනයක සිට තම රේඩාර් පද්ධති ඉලක්ක කොටගෙන එල්ල කරන මිසයිල ප්රහාරයක් ලෙස රුසියානු මිසයිල ආරක්ෂණ පද්ධති විසින් වරදවා හඳුනා ගැනීමයි. මෙ සමඟ රුසියානු න්යෂ්ඨික අවි සක්රිය කරනු ලැබූ අතර ප්රතිප්රහාරයක් එල්ල කිරීමේ තීරණය ගැනීම සඳහා න්ය්ෂ්ඨික කේත අඩංගු නිල් ඇසුරුම් බෑගය යෙල්ට්සින්ගේ මේසය මත තබන ලදී. වාසනාවකට මෙන් අනතුරු හැඟවීම දෝෂ සහිත බව එකෙනෙහිම හෙලිවිය. නොඑසේ වීනම් කේතය සක්රිය කරන ලද්දේ පැකිලෙන සුළු යෙල්ට්සින් විසින් ද නැතහොත් ඔහු වටා සිටි හමුදා නිළධාරීන් විසින් ද යන්න දැන ගැනීමට පවා කිසිවෙකු මිහිමත ඉතිරි නොවීමටද ඉඩ තිබින. එක් අතකින් න්ය්ෂ්ඨික යුද්දයකට සූදානම් වූ රුසියානු හමුදාවට අනිත් අතට 1996 දී බෙදුම් වාදීන් හා සාමය ඇතිකොට ගැනීම සඳහා චෙච්නියාවෙන් පසුබැසීමට සිදු වීම විසුළු සහගතය. රුසියාව සිය ඉතිහාසයේ වඩාත්ම දුර්භාග්ය සම්පන්න අවස්ථාවට මුහුන පා සිටියාය. 1998 උත්සන්නවූ ආර්ථික අර්බුදය හමුවේ දල දේශීය නිපැයුම ඉක්මවා ණය බර ඉහල ගිය අතර ජීවන තත්වය වඩාත් පිරිහිණ. මේ අතර පැරණි සෝවියට් බල ක්ෂෙත්රයට අත නොපොවන බවට දුන් පොරින්දුව කඩ කල නේටෝව කොසෝවෝ අර්බුදයට මැදිහත් වෙමින් යුගොස්ලෝවියාවට ගුවනින් පහර දෙන්න විය. යුගොස්ලාවියාව යනු රුසියාවේ බෝල්කන් අධිපත්යයේ ශේෂ වූ එකම සංකේතයයි. තමා හමුදාමය මැදිහත්ව්මක් කරන බවට යෙල්ට්සින් තර්ජනය කලද ඇමෙරිකානු ජනාධිපත් ක්ලින්ටන් එය තඹයකුදු නොසැලකුවේය. මේ අතර නැවතත් සිවිල් ඉලලක්ක වලට පහරදෙමින් චෙචෙන්යාවේ ඉස්ලාමීය සටන් කාමීන් මිත්යාදෘෂ්ඨිකයන්ට එරෙහිව ‘ශුද්ධ වූ යුද්ධයක් ඇරඹූයේ ගහෙන් වැටුන රුසියාවට ගොනා ඇන්නාක් මෙනි. චෙචන්යාවට නේටෝ පන්නයේ ගුවන් ප්රහාර මාලාවක් එල්ල කල යෙල්ට්සින් නැවත ග්රොස්නි නුවරට හමුදා යැවීය. එහෙත් එහිදී වොෂින්ටනය කටයුතු කලේ බෝම්බ හෙලීමේ හා ආක්රමණ දියත් කිරීමේ අයිතිය ට්මාට පමණක් වෙන්වූ වරප්රසාදයක් ලෙස සලකමිනි. යුරෝපා සමුළුවක් අතරතුර යෙල්ට්සින් දෙසට උඩඟු ලෙස දබරැඟිල්ල දික්කල ක්ලින්ටන් චෙචෙන්යාවට බෝම්බ හෙලීම අත්හිටුවිය යුතු බවට අනතුරු හැඟවීය. යෙල්ට්සින්ට කල හැකි වූයේ විරොධය පාමින් රැස්වීමෙන් නික්ම යාම පමණී. රට තුල මෙ වනවිට ඉමහත් අපකීර්තියට පත්ව සිටි යෙල්ට්සින් බලවත් ලෙස අධෛර්යටද පත්ව සිටියේය. 1999 අගෝස්තුවේ සමස්ත කැබිනෙට්ටුවම සංශෝධනය කල ඔහු අගමැති වරයා ධුරයෙන් ඉවත් කලේය. සියළි දෙනා පුදුමයට පත් කරමින් රුසියාවේ නව අගමැති තනතුරට පත් වූයේ රුසියානු දේශපාලන කරලියට නවකයෙකි. යෙල්ට්සින් උමතුවී ඇතැයි බටහිර පුවත් පත් සමච්චල් කලහ. නව අගමැති වරයා ඔවුන්ට මුල පටන්ම අප්රිය වූයේ ඔහු හිටපු KGB නියෝජිතයකු වීම නිසාය. ඔහුගේ නම ව්ලැදිමීර් ව්ලැමීරොවිච් පුටින් නම් වී. වසරාවසානයේ යෙල්ට්සින් නැවත වතාවක් ලෝකයා මවිත කලේ තමා තනතුරින් ඉල්ලා අස්වන බවට කල නිවේදනය හේතුවෙනි. ඔහුගේ දේශපාලන අන්තිම කැමැත්ත ප්රකාර රුසියානු ෆෙඩරේෂන්යේ නව ජනාධිපතිවරයා ලෙස දිවුරුම් දුන්නේ ව්ලැදිමීර් පුටින්ය. එය නව යුගයක ඇරඹුමක් විය….

Chamara Siriwardene

මළවුන්ගෙන් නැඟිටුවීම[සංස්කරණය]

1989 වසරේ තමා භාරගත් ලංකාව දෙකොණ දැවෙන විලක්කුවක් බව හිටපු ජනාධිපති වරයෙකු වන පේමදාස විසින් පවසා ඇත. එනයින් බැලූ කල ඊට දශකයට පසු රුසියාවේ ජනාධිපති ධුරයට පත් ව්ලැදිමීර් පුටින් භාර ගත්තේ දෙකොණ පමණක් නොව මැදද ඇවිළුන පන්දමකි. ආර්ථිකය මුළුමනින්ම අඩපණව වීම නිසා රටේ විදේශ වත්කම් ඩොලර් බිලියන 12 දක්වා සිඳී ගොස් තිබිණ. සෝවියට් යුගයේ 1.5% වූ දරිද්‍රතාව ඒ වනවිට 30%ක් විය. මේ වන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විශාලතම ණයගැතියා යන විරුදාවලිය හිමිකොට ගෙන සිටියේ රුසියාවයි. නීති විරෝධී මාෆියා ක්‍රියාකාරකම් හා ලොව ඉපැරණිතම වෘත්තිය සඳහා ඈ ජාත්යන්තර ප්‍රසිද්ධියක් දැරුවාය. කොරේ පිටට මරේ කියන්නාක් මෙන් චෙචෙන්යාවේ ජිහාඩ් වාදීහූ ‘ශුද්ධ වූ යුද්ධයක්’ (Jihad) ප්‍රකාශයට පත් කලේ ඔය අතරය. මේ හේතුවෙන් මොස්කොව් ඇතුළු ප්‍රධාන නගර ගණනාවක් ඉස්ලාමීය අන්තවාදීන්ගේ ඉලක්ක බවට පත්ව තිබූ අතර ඔවුන්ගේ ක්‍රියාකාරකම් මැඩලීම විශාල අභියෝගයක් විය. මේ තත්වය තුල පුටින්ගේ ප්‍රමුඛතාව වූයේ චෙචෙන්යාවේ යුද්ධය අවසන් කිරීමයි. මෙතැනදී මානව හිමිකම් අරබයා එල්ල වෙමින් පැවති බටහිර විරොධතා ඉවතලූ හේ ජිහාඩ් වාදීන්ට එරෙහිව දැවැන්ත මෙහෙයුමක් දියත් කිරීමට නියම කලේය. තැරැක් ගඟ තරණය කල රුසියානු හමුදා ග්‍රොස්නි නුවර වැටලූහ. නොමසුරුව යෙදවූ බරඅවි හා රොකට් ප්‍රහාර වලින් චෙචෙන් අගනුවර මුළුමනින්ම විනාශ වූ අතර රතුකුරුස සාමාජිකයන් හා මාද්‍ය වේදීන් ඇතුළු සිවිල් වැසියන් විසින් පන්දහසක් එහිදී මිය ගිය බවත් තවත් පන්දගසක් අතුරුදන් වූ බවත් මානව හිමිකම් සංවිධාන චෝදනා කරති. ඇතැම් අණදෙන්නන් පිල් මාරු කල අතර වඩාත් දැඩි මතධාරී අන්තවාදීහූ නගරය හැර කොකේසස් කඳුකරයට පලා ගියේ මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කිරීමේ සම්මත ජිහාඩ් උපක්‍රමය වෙත පසු බසිමිනි. තමා ලද බුද්ධි තොරතුරු මත එල්ල මිසයිල ප්‍රහාරය වලින් නායකයන් රැසක් මිය ගිය අතර කොකේකස් එමීර් රාජ්‍යයක් පිහිටුවීමේ රැඩිකල් ඉස්ලාමීය සිහිනය බොඳ විය. චෙචෙන්යාවේ නව නායකයා ලෙස මොස්කොව් හිතවාදී අහ්මඩ් කදිරොව් පත් කරන ලදී. වත්මන් චෙචෙන්යා නායක රැම්සන් කදිරොව් ඔහුගේ පුත්‍රයාය. මාස කිහිපයක් තුල චෙචෙන්යාවේ තත්වය පාලනය කල පුටින් අනතුරුව හැරුනේ ආර්ථිකය දෙසටය. මෙහිදී ඔහුගේ ගේ පළමු පියවර වූයේ 13% පොදු බදු සීමාවක් හඳුන්වාදීමයි. මෙම ප්‍රතිසංකරණය හේතුවෙන් ජන ජීවිතය වඩාත් යහපත් වූ අතර කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වල විශාල ප්‍රබෝධයක් ඇති විය. වඩාත් වැදගත් වූයේ මේ කාලය තුල ඉහල ගිය තෙල් මිල හේතුවෙන් රූබලයේ අගය ද ස්ථාවර වීමයි. එහෙත් නිර්යාත වෙළඳපොලෙ යහපත තකා රූබලය අධිප්‍රමාණ වීම පාලනය කල යුතු විය. මේ වෙනුවෙන් රුසියානු මහ බැංකුව අනුගමනය කල උපාය වූයේ තවදුරටත් මුදල් සංසරණය ඉහල දැමීමයි. මේ හේතුවෙන් උද්ධමනය තවදුරටත් පැවතියද ජීවන තත්වය වඩාත් යහපත් විය. 2004 පැවති මැතිවරණයෙන් පුටින් දෙවන වරටත් රුසියානු හනාධිපති ලෙස තේරී පත්වූයේ 71% ඡන්ද ලබමිනි. ඔහුගේ දෙවන දුර කාලය තුල දල දේශීය නිෂ්පාදනයේ වාර්ෂික වර්ධනය වාර්තාගත 7% ක් දක්වා ලඟාවී තිබිණ. දරිද්‍රතාව 14% දක්වා අඩු විය. ලෝක බැංකුව ප්‍රකාශ කලේ මෙම කාලය තුල රුසියාව විස්මය ජනක ආර්ථික ස්ථාවරත්වයක් ලඟා කොටගත් බවයි. කෙසෙ වුවද මානව හිමිකම් අරබයා මේ කාලය තුල පුටින් පාලනයට එල්ලවූ චෝදනා බොහෝය. ජාත්යන්තර මානව හිමිකම් අධිකරණය විසින් චෙවෙන්යාවේ යුද අපරාධ වලට රුසියාව වරද කරු ලෙස තීන්දු කරන ලදී. වඩාත්ම ආන්දෝලනයට තුඩු දුන්නේ ග්‍රොස්නි නුවර රුසියානු හමුදා විසින් අතුරුදන් කල බවට කියන සිවිල් වැසියන් පොළිබඳ තොරතුරු සොයා යමින් ඒවා හෙලිදරවු කල රුසියානු එන්.ජී.ඕ ක්‍රියාකාරිනියක් හා පුවත් පත් කලාවෙදිනියක් වූ ඇනා පොලිට්ස්කොව්ස්කයා ඇගේ නිවස තුලදී නාඳුනන තුවක්කු කරුවකු විසින් වෙඩි තබා මරා දමනු ලැබ තිබීමය. චෙචන්යාවේ මොස්කොව් හිතවාදී රැම්සන් කදිරොව් ඈට පෞද්ගලිකව මරණ තර්ජන කොට තිබූ බවට කටකථා තිබිණ. ප්‍රකට මතය වූයේ පුටින්ගේ අනුදැනුම මත FSB ය විසින් ඝාතනය මෙහෙයවන්නට ඇති බවයි. සංස්න්දනාත්මකව ගත් කල සිද්ධිය මෙන්ම නැඟුන චෝදනා වල ස්වභාවයද ලංකාවේ ලසන්ත වික්‍රමතුංග ඝාතනයට සමානකම් ඇත. මේ සියළු චෝදනා මැද පවා එක්සත් රුසියානු පක්ෂය 2008 මැතිවරණයෙන් විශිෂ්ඨ ජයක් ලැබුවද රුසියානු ව්‍යවස්ථාවට අනුව පිට පිට තෙවරක් ජනාධිපති ධුරය දැරීමට හැකියාවක් නොතිබුනෙන් ජනාධිපති ධුරය තම විශ්වාසවත් සගයා වූ දිමිත්‍රි මෙද්වදෙව් ට පැවරූ පුටින් අගමැතිවරයා ලෙස දිවුරුම් දුන්නේය. ක්‍රෙම්ලිනයේ සම්ප්‍රදායට අනුව මෙය හුදෙක් බල හුවමාරුවකි. මෙද්වදෙව් කටයුතු කලේ පුටින්ගේ අදහස් වලට අනුව බව ප්‍රකටය. පිටින්ගේ මීලඟ ඉලක්කය වී තිබුනේ 1991 පටන් බටහිර කඳවුරය හිතවත්ව කටයුතු කලා වූද, රුසියාවේ උවමනා එපාකම් වලය සෘජුව අභියෝග කලාවූද අකීකරු ජෝර්ජියාව දමනය කිරීමයි. මැදපෙරදිග හා තම ආවරණ කලාපය ලෙස එදා පටන් සැලකූන ට්‍රාන්ස්කොකේසස් ප්‍රදේශය උපායමාර්ගික වශයෙන් රුසියාවට අතිශය වැදගත් විය. ජෝර්ජියාවට අයත් වාර්ගික රුසියානුවන් ගෙන් සමන්විත දකුණු ඔසේටියාව මෑතකදී වෙනම රාජ්‍යයක් ප්‍රකාශයට පත් කෙලේ මොස්කොව් නුවර පූර්ණ ආශීර්වාදය ඇතිවයි. අළු යට ගිණි පුපුරු මෙන් පැවති අර්බුදය ඇවිලී ගියේ 2008 අප්‍රේල් මාසයේ රොමේනියාවේ පැවති නේටෝ රාජ්‍ය නායකය සමුළුවේදී ජෝර්ජියාවට නේටෝ සාමාජිකත්වය පිරිනැමීමට ජෝර්ජ් බු විසින් කල යෝජනාවත් සමඟය. පැරණි සෝවියට් බල ක්ෂෙත්‍රයට අත නොපොවන බවට නේටෝව යෙල්ට්සින්ට 1991 දුන් පොරොන්දුව 1999 දී යුගොස්ලාවියාවට බෝම්බ හෙලිම මඟින් අමු අමුවේ උල්ලංඝනය කිරීම ගැන කෝපයෙන් පසුවූ රුසියාව ට්‍රාන්ස්කොකේසස් කලාපයේ නේටෝ මැදිහත් වීමක් වැලැක්වීමට තරයේ අදිටන් කොටගෙන සිටියාය. අගමැති පුටින් මීට ප්‍රතිචාර දැක්වූයේ දැකුණු ඔසේටියාව වෙනම රාජ්‍යයක් ලෙස පිලිගනිමිනි. ජෝර්ජියාවට සහා පලකිරීමක් වශයෙන් ඉරාකයට යවන බලඇණි පුහුණු කිරීමේ මුවාවෙන් ඒකාබද්ධ යුද අභ්‍යසයක් පැවැත්වීමට ඇමෙරිකාව ඉදිරි පත් විය. ජෝර්ජියානු දේශසීමාවේ ප්‍රති අභ්‍යාසයක් පවත්වමින් රුසියානුවෝ ඊට පිළිතුරු දුන්හ. එහෙත් සිද්ධිය එතැනින් අවසන් නුවූයේ රුසියානු හිතවාදී ඔසේටියානු හමුදා ජෝර්ජියාවට පහර දීම නිසාය. අවසානයේ රුසියාව හමුදා මැදිහත් වීමක් සදහා නිදහසට කරුණ කොට ගත්තේ ජෝර්ජියානුවන් දකුණු ඔසේටියාවට ප්‍රති ප්රහාර එල්ල කිරීමයි. රුසියානු ප්‍රහාරය හමුවේ නගර කිහිපයක් අතහැර පසුබැසීමට ජෝර්ජියානු හමුදාවට සිදුවූ අතර ටිබිලිසි රජය අපේක්ෂා කල අන්දමේ සහායක් බටහිර මිතුරන්ගෙන් ලැබුනේද නැත. අධෛර්යයට පත් සිටි ජෝර්ජියානුවෝ ප්‍රංශයේ උපදෙස් මත සටන් විරාමයක් ප්‍රකශයට පත් කලෙන් කෙටි යුද්ධය අවසන් විය. ජෝර්ජියාවට නේටෝ සාමාජිකත්වය ලබා දීමේ යෝජනාව තාවකාලිකව නේටෝ න්‍යාය පත්‍රයෙන් බැහැර කරන ලදී. එමඟින් ජාත්යන්තරය ඉදිරියේ වඩාත් නින්දාවට පත්වූයේ ඇගේ අනුග්‍රාහකයන්ය. මෙමඟින් ක්‍රෙම්ලිනය විසින් ධවල මන්දිරයට ලබා දුන් පැහැදිලි පණිවිඩය වූයේ තම උවමනා එපාකම් වලට අභියෝගයක් එල්ල කරන ඕනෑම බලවේගයක් හා ගැටීමට රුසියාව නොපැකිලෙනු ඇති බවයි. කෙසේ වුවද ජෝර්ජියානු යුද්ධය මඟින් රුසියාව උගත් පාඩම් රැසකි. දෙවන ලෝක යුද්ධයේ රාමුව අනුව ගොඩනැඟුන සෝවියට් හමුදාව නූතන යුද්ධයක් සදහා කොහෙත්ම නුසුදුසු බවත්, එය පුළුල් ව්‍ය්හුහාත්මක ප්‍රතිසංස්කරණයකයට ලක් කලයුතු බවත් පුටින් නොපමාව වටහා ගත්තේය. ඵලදායීතාව අතින් අඩු දැවැන්ත බලඇණිය ප්‍රමාණයෙන් කුඩා කොට මැනැවින් සන්නද්ධ කිරිමටත් රතු හමුදාවෙන් උරුම කොටගත් සංකීර්න අණදෙන ව්‍යුහය සරල කිරීමටත් තීරණය විය. රුසියානු රජය මේ සඳහා වෙන්කල මුදල ඩොලර් බිලියන 40කි. මූලික වශයෙන් පුටින් අපේක්ෂා කලේ පාබල සේනාංක සතුව තිබූ දැවැන්ත මිනිස් බලයෙන් කොටසක් ශ්‍රම බලකායට යොමු කොට ඔවුන් සංචිතය තුලට අවශෝෂණය කොට ගැනීමත් එමඟින් අඩුවන වෙඩි බලය විශේෂ බලකායන් (Special forces) පැරචුට් බලඇණී (Airborne troops) හා උපාය මාර්ගික රොකට් බල ඇණී (Strategic Rocket Forces) මඟින් හිලව් කිරීමත්ය. මේ අතර වාරයේ සිවිල් යුද්ධයේ උච්චාවස්ථාවට මුහුන පාසිටි ලංකාවට එක්සත් ජාතීන්ගේ සංවිධානය තුල රුසියාව ලබා දුන් සහාය සිහිපත් කල යුතුමය. ලංකා හමුදාවේ ක්‍රියාකාරකම් වලට එරෙහිව ප්‍රකාශනයක් නිකුත් කිරීමට ඇමෙරිකාවට උවමනා වුවද ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වලට එරෙහිව කටයුතු කිරීමට කොළඹ රජයට ඇති කිසිසේත් අයිතිය අවතක්සේරු කල නොහෙන බව ක්‍රෙම්ලිනය දැඩිව කියා සිටියේය. කොන්ඩලීසා රයිස් පසුව කියා සිටියේ රුසියානුවන්ගේ ‘විනාශකාරී මැදිහත් වීම’ නිසා නිකුත් කල ප්‍රකාශනයේ අගය ශුන්‍ය වූ බවයි. ඊජිප්තුවෙන් හා ටියුනීසියාවෙන් ඇරඹුන අරාබි වසන්ත වැඩ සටහන ලිබියාවේදී වොෂින්ටනයේ සහායක බලවේගයක් බවට පත්ව තිබිණ. අල් කයිඩාව සන්නද්ධ කිරීමෙන් නොනැවතුන නේටෝව ට්‍රිපොලි නගරයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමට පවා ඉදිරිපත් විය. නගරයෙන් පලාගිය ගඩාෆි හසු කොටගැනීම සඳහා අන්තවාදීන්ට බුද්ධි තොරතුරු ලබා දීමේ වගකීමෙන් මිදීමට කිසිදා නේටෝවට නොහැකිවාක් මෙන්ම ප්‍රධාන අවි වෙළධපොලක් වීම හැරුන කොට තමාට සෘජු උවමනා එපාකම් නොතිබූ ලිබියාවේදී ක්‍රෙම්ලිනය පල කල සංයමය වටහා ගැනීමට අසීරු නැත. අවැසි තාවයක් තිබුනද දැවැන්ත විදෙස් මැදිහත් වීමකට සුදුසු ආර්ථික හෝ හමුදාමය තත්වයක නොවේ රුසියාව ඒ වන විටත් පසු වූයේ. ලිබියාවේ මැදිහත්වීමක පිරිවැය මැදිහත් නොවීමක් තුලින් ලැබිය හැකි වෙලඳ ආලාභයට වඩා අති විශාලය. එහෙත් සිරියාව අරබයා එවන් ආකල්පයක් දැරීමේ හැකියාවක් ක්‍රෙම්ලිනයට නොතිබිණ. සෝවියට් යුගයේ පටන් සිරියාව රුසියාවේ මිතුරාය. අනිත් අතට රුසියානු මද්‍යධරණී නාවුක බල ඇණියේ නැවතිම් පොල වූයේද සිරියාවයි. ඇමෙරිකානුවන්ගේ ඉලක්කය වූ ඩැමස්කස් නුවර අසාද් පාලනය පෙරලා දැමීම යනු මැදපෙරදිග කලාපයේ රුසියාව එල්ලී සිටි අවසන් ලණු පොටද අහිමි වීමකි. අරම්භයේදී පුටින් මෙම තත්වයට මුහුන දුන්නේ ලංකාවේ ගැටළුව අරබයා කටයුතු කල අන්දමයටය. සිරියාවට මැදිහත් වීමේ බලපත්‍රයක් ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මන්ඩලයට ඇමෙරිකාව හා ඇගේ නේටෝ සගයන් විසින් ඉදිරිපත් වූ සෑම යෝජනාවකටම රුසියාව නිෂේධ බලය යෙදවූවාය. මින් උරණවූ ඇමෙරිකාව සිරියාවේ අන්තවාදීන්ට ප්‍රසිද්ධියේ සහාය පල කරමින් ඔවුනට අවි සැපයීම සඳහා ඩොලර් මිලියන 500ක් වෙන් කලහ. පුටින් මීට ප්‍රතිචාර දැක්වූයේ කැරලිකාරීත්වය මැඩලීම සඳහා අසාද් රජයට විශාල වශයෙන් අවි සපයමිනි. පළමු වරට අරාබි වසන්තය වැඩසටහන මැදපෙරදිග තුල අසාර්ථක වන ලකුණු පහල වූ අතර සිරියානු හමුදාවට හිතුමතේ ගුවන් ප්‍රහාර එල්ල කිරීමට ඇමරිකාව පෙලඹුනේ මෙම තත්වය යටතේය. මෙම අදියරයේදී පුටින්ගේ උපාය වූයේ ඇමෙරිකානු මැදිහත් වීම් නිෂ්ක්‍රිය කිරීම තුලින් අසාද්ට නිදහසේ සිවිල් යුද්දය ජය ගැනීමට අවස්ථාව සැලසීම බව පෙනේ. 2012 පැවති මැතිවරණයෙන් 64% චන්ද ලබා ගත් ව්ලැදිමීර් පුටින් තෙවන වරටත් ජනාධිපති ධුරට තේරී පත් විය. මේ වන විට රුසියානු ආර්ථිකය බොහෝ දුරට ස්ථායී තත්වයකට පත් තිබීමත් 2000 වසර හා සසදන විට පාරිභෝගිකයාගේ ක්‍රය ශක්තිය 75%න් ඉහල ගොස් තිබීමත්, විදෙස් කටයුතු වලදී රුසියාව අනුගමන කල වඩාත් අධිකාරී පිළිවෙතත් ඔහුගේ ජනප්‍රියතාවට හේතු වූ බව සිතිය හැක. රුසියානු හමුදා තම ප්‍රතිසංවිධානයේ මුල් අදියරය සාර්ථකව නිමකොට තිබිණ. රුසියාව මළවුන්ගෙන් නැගිටීමෙන් වඩාත්ම අභියෝගයට ලක්වූයේ දශක දෙකක් ලෝකය පුරා පවත්වාගෙන ඇමෙරිකාව පවත්වාගෙන ගිය ඒකාධිකාරයයි.

Chamara Siriwardene

අන්තවාදයට අභියෝග කරන සොඳුරු මූලධර්මවාදියා[සංස්කරණය]

ඔහු ඉස්ලාමීය මූලධර්මවාදියෙකි. තම හය හැවිරිදි පුතා අල් කුරානය කටපාඩමින් කියවන බවට නිතර පම්පෝරි ගසයි. තම රට තුල ෂරියා නීතිය ක්‍රියාත්මක කරවන මේ 42 හැවිරිදි ධනවත් කොකේසියානු සුල්තාන් තැන මුස්ලිම් ලෝකය වෙනුවෙන් කවදත් පෙනීසිටීමට සූදානම් වුවද අයි. එස්. සංවිධානය ඇතුළු වාදීන් නම් නයාට අඳුකොල මෙනි. රැම්සන් කදිරොව් නම් ඔහු චෙචෙන් ජනරජයේ නායකයාය. සෝවියට් සංගමය බිඳවැටීමත් සමඟ හටගත් චෙචෙන් යුද්ධයේදී ජිහාඩ් වරු සමඟ එක්ව ග්‍රොස්නි නුවරදී රුසියානුවන් පරාජය කිරීමට එක් වූ කදිරොව් අනතුරුව පිහිටවුන චෙචෙන්යා ජනරජයේ මෆ්ටි තුමා වූ තම පියාගේ ශරීරාරක්ෂකයා ලෙස කලක් කටයුතු කලේය. ප්‍රතිවාදී ජිහාඩ් කල්ලි අතර ඇතිවූ අරගල වලින් චෙචෙන්‍යාව කෙමෙන් එකම ලේ විලක් බවට පත් වෙද්දී කොකේසියානු කාලිෆ් රාජ්‍යයක් ගොඩ නැගීමේ සිහිනය අත්හල පිය පුතු දෙදෙන තම ජිහාඩ් හමුදාව ද සමඟ මොස්කව් පිලට එක්වූහ. එහි ප්‍රතිඵලය වූයේ රුසියන් හමුදා ග්‍රොස්නි නුවර අත්පත් කොට ගැනීමයි. ඒ අනුව ෆෙඩරල් රාජ්‍යයක් ලෙස යලි ස්ථාපිත කෙරුන චෙචෙන් ජනරජයේ නායකයා වූයේ රැම්සන් කදිරොව් ගේ පියා වූ අහමඩ් කදිරොව් ය. 2004 දී අන්තවාදීන් විසින් අහමඩ් ඝාතනය කිරීමෙන් අනතුරුව රැම්සන් කදිරොව් නියෝජ්‍ය අගමැති ලෙස පත් කරන ලදී. එවිට ඔහුගේ වයස 28කි. දිවුරුම් දුන් වහා ඔහු කියා සිටියේ තම පියාගේ ඝාතකයන්ගෙන් අවසන් ලේබිද දක්වා පලි ගන්නා බවය. 'කදිරොව්' බල ඇණිය නම් තමාගේම හමුදාවක් සතු ඔහු එවැන්නක් කල නොහැකි පුද්ගලයෙකුද නොවීය. 2005 ඳී කදිරොව් ගේ අක්කා වූ සුලේ කදිරෝවා අසල්වැසි කොකේසස් ෆෙඩරල් රාජ්‍යයක පොලිසිය විසින් රඳවා ගනු ලැබුනේ ඇගේ ආරක්ෂකයන් දෙදෙනා සතුව පමණට වඩා අවි තිබූ බව කියමිනි. මේ ඇසූ කදිරොව් තම භටයන් 150 සමඟ දෙශ සීමාව හරහා කඩා වැදී පොලිස් ස්ථානය අත්පත් කොටගෙන සොයුරිය මුදා ගෙන ආපසු ආවේය. ඒ වසරේම චෙචෙන් ජනරජයේ ශරියා නීතිය පණවනු ලැබූ අතර මත්ද්‍රව්‍ය හා සූදුව හා ගණිකා වෘත්තිය සපුරා තහනම් කරන ලදී. 2007 වසරේ ව්ලඩිමීර් පුටින් විසින් කදිරොව් ජනාධිපති ලෙස නම් කරන ලද්දේ චෙචෙන්යාව තුල සාමය පවත්වාගෙන යාමෙහි ලා ශක්තිය ඇති එකම පුද්ගලයා ඔහු ලෙස පෙනුන නිසා විය යුතුය. මේ අවසරයෙන් සියළු විරුද්ධවාදී පාර්ශ්ව දුර්වල කොට සිය පරම බලය තහවුරු කොටගැනීමට මේ හිටපු කොකේසියානු ජිහාඩ් නායකයා කටයුතු කලේය. එහෙත් මෙම සිදු වීමෙන් පසු ඔහු වඩාත් දැඩි මොස්කොව් හිතවාදියෙකු බවට පත්වූ බව පෙනේ. ඊලඟ වසරේ ඔහු කියා සිටියේ ඉස්ලාමිය මූලධර්මවාදය බටහිර රටවල දුෂ්ඨ නිර්මාණයක් බවයි. "සෝවියට් සංගමය විනාශ කලේ ඔවුන්. දැන් ඔවුන් හදන්නෙ රුසියානු ෆෙඩරේෂනය විනාශ කරන්න." තමාද වරක් ජිහාඩ්වාදියෙකු බව අමතකල හේ යුක්‍රේනයට හා ජෝර්ජියාවට පහර දෙන මෙන් රුසියාවෙන් ඉල්ලා සිටියේය. වැදගත්ම දෙය වූයේ පුටින් ඔහුගේ ඉල්ලීම් දෙකම ඉටු කිරීමයි! නොබෝ දිනකින් ජෝර්ජියාවට පහරදී දකුණු ඔිසේටියාව ඈඳාගත් පුටින් හය වසරකින් යුක්‍රේනයට අයිති ක්‍රිමියාව දවාත් පත් කොට ගත් බවද ඉතිහාසය පෙන්වා දෙයි. මේ අතර තම නිල නාමය ජනාධිපති වෙනුවට 'ප්‍රධානියා' ලෙස වෙනස් කල හේ අසල්වැසි කොකේසස් රටවලටද එසේ කරන මෙන් බල කලේය. "රුසියාවට ඉන්නෙ එක ජනාධිපති වරයයි. ඒ පුටින්. ප්‍ෆෙඩරල් රාජ්‍යවලට ජනාධිපති වරු ඕන නැහැ. " කදිරොව් කීය. කදිරොව් කෙරේ ද්වේෂයෙන් පසුවූ ජිහාඩ් අන්තවාදීහූ 2010 දේ ඔහුගේ ගමට පහරදී චෙචෙන්යා පාර්ලිමේන්තුවටද බෝම්බ ගැසූහ. තම පැරණි සටන් ඇඳුමෙන් පාර්ලිමේන්තුවට පැමිණි කදිරොව් තුවල නොලැබූ දේශපාලඥයන්ගෙන් සිද්ධිය පිළිබධ සමාව අයැද්දේ ත්‍රස්ත කණ්ඩායම විනාශ කරන බවට ශපත කරමිනි. " මෙවට උදව් දෙන්නෙ බ්‍රිතාන්‍යයයි පෝලන්තයයි. අනුමානයක් නැහැ මේක අර ලන්ඩන්වල හැංගිල ඉන්න බේබද්දගෙ වැඩක්." ඔහු චෝදනා කලේ පලවා හරිනලද අන්තවාදී චෙචෙන් ජනරජයේ අගමැති අහ්මඩ් සැකායෙව්ටය. 2012 දී 'කදිරොව් මඟ' නැමති ඔහුගේ පුවත්පතේ මාධ්යවේදියෙකු ව්ලැදිමීර් පුටින් ගෙන් උවමනා නැති ප්‍රශ්නයක් නැඟීම නිසා කෝපවූ ඔහු තමාගේම පුවත්පත වසා දැමීමට නියම කලේය. රුසියානු නායකයා මාඬ්‍යවේදියාගේ ප්‍රශ්නය එතරම් ගනනකට නොගත්තද භක්තිමත් කොකෙසියානු සුල්තාන් ගේ හැඟීම වූයේ තම පුවත්පත තමාට අවමානයක් ගෙන ආ බවයි. 2014 වසරේ අයි එස් සංවිධානය ග්‍රොස්නි නගරයේ කල බෝම්බ පිපිරවීමේන් කෝපවූ කදිරොව් අදිසි ජිහාඩ් වාදීන්ට සමාජ ජාලා හරහා කොතෙක් තර්ජනය කලේද යත් අයි. එස්. අණදෙන නිළධාරී ඕමාර් අල් ෂනානි ඔහුගේ හිසට ඩොලර් පනස් ලක්ෂයක ලන්සුවක් තැබීය. 2015 සැප්තැම්බරයේදී රුසියාව සිරියාවේ තම පළමු ගුවන් මෙහෙයුම් අරඹන කල කදිරොව් උදම් අනුවේ ගොඩබිම සටන් සඳහා චෙචෙන් කොමාන්ඩෝ භටයන් එවීමට තමා සූදානම් බව කියමිනි. එනම් රුසියානු විශේෂ බලකායන් යටතේ සටන් පුහුණුව ලත් ඔහුගේ හිටපු ජිහාඩ් වරුය. " ඔවුන් ඔය තක්කඩියො ටික සිරියාවෙන් මුලින් අදුරුලදාවි අපි මෙහේ කරා වගේ" එළුවාගේ ගෙලත් කපා මුට්ටියත් බිඳින චෙචෙන් කොමාන්ඩෝ භටයන්ගේ හපන් කම් ගැන මැනැවින් දත් නිසාදෝ මානව හිමිකම් ප්‍රශ්න වලට උවමනාවටත් වඩා පැටලී සිටි පුටින් ඒ ගැන එතරම් උනන්දුවක් දැක්වූයේ නැත. 2017 දී සමලිංගිකත්වයට එරෙහිව දැඩි නීති රීති පැනවවූ කදිරොව් පුරාන කොකේසියානු සම්ප්‍රදාය් අප්‍රකාර චූදිතයන් නිවසේදීම මරා දැමීමට ඔවුන්ගේ ඥාතීන් ධෛර්යමත් කලේය. බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පවා කියැවුනේ කදිරොව් සම ලිංග්කයන් සමූල ඝාතනනට සූදානම් වන බවයි. කදිරොව් ගේ කාර්යාලය මෙය විහිළුවක් ලෙස සලකා බැහැර කලේය. " දඩුවම් දෙන්න මේ රටේ සමලිංගිකයො නැහැ." ඔහුගේ ප්‍රකාශකයා කීවේ. ජනාධිපති පුටින්ගේ ප්‍රකාශක දිමිත්‍රි පෙස්කොව් ද චෝදනාව බැහැර කලේය. " කදිරොව්ගෙ පාලනය යටතේ ඒ වගේ දේවල් වෙනව කියල මම හිතන්නෙ නැහැ." හේ මාධ්‍යවේදීන්ට කීය. යුක්‍රේන හා සිරියාව එල්ල කොට රුසියානු නායකයාගේ සමීපතමයන්ට පැණවුන සම්බාධක මාලාවට කදිරොව් ද හසු විය. "මම බොහොම බය වෙලා ඉන්නෙ' ඔහු සමාජ ජාල හරහා වොශින්ටනයට සමච්චල් කලේය. පසුව ඔහුගේ රුසියානු ෆේස්බුක් ගිණුමද අත් හිටුවන ලදී. දරුවන් දොලොස් දෙනෙකුගේ පියා වන කදිරොව් ඔවුන් ගැන බොහෝ ආඩම්බර වේ. දෙදෙනෙක් හදා වඩා ගන්නා දරුවන් ය. රුසියන් හමුදාවේ මේජර්-ජනරාල් නිලයකින් පුදනු ලැබූ ඔහුට පෞද්ගලික හමුදාවක් ද ඇත. වාර්ෂික අදායම රූබල් කෝටියකි. මුස්ලිම් කාන්තා විලාසිතා කර්මාන්තයේ යෙදී සිටින ඔහුගේ බිරිඳ හා වැඩි මහල් දියණියද රූබල් කොටි භාගයක ආදායමක් පෙන්වා ඇත. වරක් තම සුරතල් බලලා නැතිවීමෙන් බොහෝ කලබලයට පත් කදිරොව් තම සමාජ ශාලා ගිණුමක දැන්වීමක් පවා පල කලේය. ඇතැම් බටහිර මාධ්‍යවේදීන් උපහාසාත්කමව අසා සිටියේ චෙචෙන්යාවේ මිනිසුන් අතුරුදන්වීම ගැන දැන්වීම් පල නොවන්නේ මන්ද යන්නයි. ඔහු ආඥාදායකයකයෙක් මෙන්ම උග්‍ර මූලධර්ම වාදියෙකි. එහෙත් ප්‍රජාතන්ත්‍රවාදීන් තුල නොමැති ඇතැම් ගුණාංග හා ප්‍රතිපත්ති ඔහු තුල ඇත. සිරියාවේ හා ජිගාඩ් වරු විමුක්ති කාමින් ලෙස දකින බටහිර රටවලට කදිරොව් ද අසාද් මෙන්ම භයානක එකාධිපතියෙකි. කදිරොව්ට බටහිර රටවල් හා ජිහාඩ් වාදීන් යන දෙපිරිසම පෙනෙන්නේ ත්‍රස්තවාදීන් ලෙසය. එහෙත් එකක් පැහැදිලිය. එනම් රැම්සන් කදිරොව් සොඳුරු මූල ධර්ම වාදියෙක් බවයි. (c) Chamara Siriwardene

දොන් බාස් නිම්නයේ ‘දෙමුහුම්’ යුද්ධය[සංස්කරණය]

ඉරාකයේ සදාම් හුසේන් හා හා ලිබියාවේ කල්නල් මුවම්මර් ගඩාෆි ට එරෙහිව යොදාගත් මාදිලියේ හමුදා මැදිහත් වීමක් මගින් සිරියාවේ බෂාර් අල් අසාද් පාලනය පෙරලා දැමීමට ඉලක්ක කොටගෙන එක්සත් ජාතීන්ගෙ ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කල සෑම යෝජනාවකටම රුසියාව විසින් දිගින් දිගටම නිශේධ බලය යෙදවීම පුරා දශක දෙකක් ලෝක බලවතා ලෙස වැජඹුන ඇමෙරිකාවේ තත්වයට මහ මදි කමකි. ඉනුදු නොනැවතී දිගින් දිගටම සිරියාවට අවි සැපයීමට පුටින් කටයුතු කිරීම නිසා අරාබි වසන්තයේ කස කරුවන් වූ ඇමෙරිකනු සහාය ලත් මූලධර්මවාදී කැරලි කාර කණ්ඩායම් වල ඉදිරිගමන සෑහෙන දුරට මැඩලීමට ද අසාද්ට පක්ෂපාත හමුදා සමත් වූහ. රෙජිමය සදහා අතිශය යෝග්‍යවූ අර්බුදයේ උච්චාවස්ථාව පහව ගොස් තිබූ බැවින් ඇමෙරිකාවේ යුරෝපීය නේටෝ සගයන් කෙරෙන්ද සිරියාව අරබයා වූ උනන්දුව හීන වෙමින් තිබූ බව පැහැදිලිවම පෙණින. පහර ලත් නාගයෙකු සේ කිපුන බැරැක් ඔබාමා රුසියාවට අමතක නොවන පාඩමක් ඉගැන්වීමට කල්පනා කලේය. ඔහුගේ සැලැස්ම වූයේ කියෙව් නුවර වික්ටර් යැනුකොවිච් ගේ (සාපේක්ෂ වශයෙන්) වඩාත් රුසියානු හිතවාදී ලෙස පෙනුන රජය පෙරලා දමා බටහිරට හිතවත් පානයක් ස්ථාපිත කරමින් යුක්‍රේනය තම කඳවුරට එක්කොට ගැනීමයි. ඉතිහාසයේ එදා පටන් ම තම සඳළු තලය ලෙස සැලකුන යුක්‍රේනය ක්‍රෙම්ලිනයට අතිශය වැදගත් වන්නේ භූදේශපාලන කරුණූ මත පමණක් නොවේ. බදු පදනම මත ලබා ගෙන සිටින ක්‍රිමියානු වරායන් අහිමි වුවහොත් රුසියානු දකුණු දිග නාවුක බල ඇණිය කළු මුහුදේ සරණාගත තත්වයට පත්වනු ඇත. මුරණඩු වලසා හීලෑ කොට ගත හැක්කේ එවැනි ගැඹුරු පිහි පහරකින් පමණි. ක්‍රිමියානු වරායන් තුලට ප්‍රවේශ හිමිවීම නේටෝවට මේ හරහා ලැබෙන අමතර ප්‍රතිලාභයයි. මේ අපූරු සැලැස්මේ මුල් අදියරය යසට ක්‍රියාත්මක විය. 2013 අවසානයේ යුක්රේන විපක්ෂය ලවා කියෙව් අගනුවර සංවිධාන කල දැවැන්ත උද්ඝෝෂණ මාලාව වෙනුවෙන් සී අයි ඒ සංවිධානය අතමිට දිගහැර වියදම් කලේය. එහි ගාමක බලය වූයේ රුසියාව සමඟ බද්ධ වෛරයෙන් පෙලෙන අන්ත දක්ෂිනාංශික යුක්රේන ජාතිවාදීන් ය. නිකොලායි ඔස්ට්‍රොව්ස්කි ගේ වානේ පන්නරය ලැබූ හැටි පොතේ එන සීමොන් පෙත්ල්යූරා අටමාන් තැනගේ මුණුපුරන් වූ මේ උද්ඝෝෂකයන්ගේ පියවරු දෙවන ලෝක යුද්ධයේදී තම සහාය පල කලේ හිට්ලර්ටයි. බටහිර මාධ්‍ය ජාලය සුපුරුදු ලෙස කියෙව් නගරය දෙසට තම කැමරා උපකරණ විසිහතර පැයේ අටවා තැබූහ. කරකියගත දෙයක් නුහුන යැනුකොවිච් නැගෙනහිර යුක්‍රේනයට පලා ගියේය. කියෙව්හි බටහිර හිතවාදී නව රජයක් පිහිටුවන ලදී. මින් උරණ වී යුක්‍රේනයට ගෑස් සැපයුම අත්හිටවූ රුසියාව පෙබරවරු 28 දා යුක්‍රේනයට අයත් ක්‍රිමියානු අර්ධද්වීපය ආක්‍රමණය කලාය. මේ ගැන සම්පූර්ණ විස්තරයක් ‘ගුප්ත ආක්‍රමණය හෙවත් යුද ශිල්පයට නව අත්දැකීමක් වූ ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රිමියානු මැදිහත් වීම’ යන පෙර ලිපියෙන් විස්තර කොට ඇත. ක්‍රිමියාව ඈඳාගැනීම දැඩිව හෙලාදුටු ඇමෙරිකාව හා යුරෝපා සංගමය විසින් රුසියාවට දැඩි සම්බාධක පැණවන ලදී. රුසියාව G8 සමුළුවෙන් නෙරපා දමනු ලැබුවාය. එසේවුවද ක්‍රිමියාවේ බහුතරය රුසියානු හමුදා වේ පැමිණිම ඉමහත් ප්‍රීතියෙන් යුතුව පිළිගැනීමත් සෙබළුන් හා නගර වැසියන් අතර වූ මිත්‍රශීලීභාවත් නිසාය සාමන්‍යය වොෂින්ටන් පටිපාටියට අනුව මානව හිමිකම් යන තේමාව මත එක්සත් ජාතීන්ගේ මැදිහත් වීමක් අපේක්ෂා කොට හැකි තත්වයක් තිබුනේ නැත. වඩාත් සිත් රිදවන සුළු වූයේ මෙමගින් උද්දාමයට පත් වාර්ගික රුසියානුවන් බහුල නැගෙනහිර යුක්රේනයේ ද සෝව්යට් පන්නයේ විප්ලවයක් ඇති වීමයි. රුසියානු මැදිහත්වීමක් අපේක්ෂාවෙන් මහජනයා නගර කවුන්සිල හා පොලිසි අත්පත් කොටගත්තෝය. ඩොනෙට්ස් හා ලුගාන්ස්ක් යන ප්‍රාන්ත දෙක තුල ‘නෝවෝරුසියාව’ නැමති වෙනම රජ්‍යයක් ප්‍රකාශයට පත් කරන ලදී. මේ සංඥාව ග්‍රහණය කොට ගත් බව හඟවමින්දෝ රුසියාව යුක්‍රේන දේශසීමාවට හමුදා ඩිවිෂණ පහක් යැව්වාය. ඉන් හැඟවුනේ කියෙව් හි නව රජය නේටෝව හා එක්වුවහොත් ආක්‍රමණයක් දියත් කිරීමට ක්‍රෙම්ලිනය තුල වූ සූදානමයි. නැගෙනහිර යුක්‍රේන කැරලි කරුවන් සන්නද්ධ කිරීම මෙම බල ඇණිය විසින් සිදු කරන්න ඇති බව නේටෝවේ විශ්වාසයයි. ක්‍රෙම්ලිනය මෙම චෝදනාව තරයේ ප්‍රතික්ශෙප කොට ඇත. ඒ පිළිබඳ සැබෑ තතු අප නොදනිතත් නොබෝ දිනකින් කැරලිකරුවන් අත දක්නට ලැබුන AK 100 ඛාණ්ඩයේ අවි හා ‘ඉග්ලා’ රොකට් විදින ස්ලාව්යාන්ස්ක් නගරයේ කඩපිල් වලින් ඔවුනට මිලදී ගත හැකි දේවල් නොවන බව ද ඕනෑම අයකුට පැහැදිලිය. මෙම සැපයුම් සඳහා තැරැව් කාර සේවා සැපයීම ගැන නැගෙනහිර යුරෝපා අවි වෙලඳ පොල පළපුරුදු ලාංකිකයකු වන උදයංග වීරතුංග වෙතද ඇඟිල්ල දිගුවූ බවද මෙහිදී නිතැතින් සිහිපත් වේ. ඔහු මේ කාලය වන විට මොස්කොව් හි ශ්‍රී ලංකා තානාපති ලෙස කටයුතු කල අතර කොළඹ රජය යුක්‍රේන ගැටළුව අරබයා රුසියානු හිතවාදී ස්ථවරයක පසුවූ බවත් සැලකිය යුතුය. මගීන් 283ක් සහිත මැලේසියානු MH 17 ගුවන් යානය යුක්‍රේනයට ඉහල අහසේදී බිමහෙලනු ලැබීම මේ කාලය තුල වූ වඩාත්ම අවසානාවත් සිද්ධියයි. කැරලිකරුවන්ට රුසියාව විසින් සැපයූ ‘බක්’ මිසයිල ප්‍රහාරයකින් මෙම අනතුර සිදුවූ බවට කියැව් හා වොෂින්ටන් බලධාරීන් චෝදනා කලද එය දැඩි ලෙස ප්‍රතික්ශේප කරන රුසියාව පවසන්නේ එය යුක්‍රේන ගුවන් යානයකින් එල්ල කල අපරික්ෂාකාරී ප්‍රහාරයකින් සිදුවූ අනතුරක් බවය. කවරෙකු ඊට වගකිව යුත යන්න අද දක්වාම නොවිසඳුන අභිරහසකි. යුක්‍රේන හමුදාව මේ වනවිට සිටියේ සටනකට සූදානම් මට්ටමක නොවේ. නව රජය තුල පැරණි හමුදාව ගැන විශ්වාසයක්ද නොතිබිණ. එහෙයින් අහිමි වූ නැගෙනහිර පලාත් යලි ඈඳා ගැනීම සඳහා 2014 අගෝස්තුවේ ‘නෙගෙනහිර යුජක්‍රේන විප්ලවයට’ එරෙහිව කියැව් රජය විසින් ඇරඹූ ‘මහා යුද්ධය’ සදහා යොදවනු ලැබූයේ වොෂින්ටනයේ සහායෙන් ගොඩනඟා සන්න්ද්ධ කරනු ලැබූ ‘යුක්‍රේන ජාතික ආරක්ෂක හමුදාවයි’. මෙම හමුදාව සමන්විත වූයේ රුසියාව හා බද්ධ වෛරයෙන් පෙළුන දක්ෂිනාංශික මිලිෂියා කණ්ඩායම් වලිනි. ඔවුහු දරුණු සටන්කරුවෝ වූහ. පුරසාරම් දොඩමින් සිටි කැරලිකරුවන්ට බරපතල පසුබැස්මක් අත්වූ මෙම සටනේදී ස්ලාව්යාන්ස් හා ඩොනෙස්ට් ප්‍රද්ශ ඔවුනට අහිමිවූ අතර වහා මැදිහත් වීමක් කරන මෙන් කැරලි නායකයා පුටින්ට ප්‍රසිද්ධියේ කන්නලව් කලේ නැගෙනහිර යුක්‍රේනය කියෙව් හි ‘පැසිසිට්’ පාලකයන් යටතට පත්වීම ක්‍රෙම්ලිනයේ කීර්තියට විශාල හානියක් බවද අවධාරණය කරමිනි. ඒ ප්‍රදේශ වල විසු වාර්ගික රුසියානුවන්ගේ පැත්තෙන් ගත් කල සැබවින්ම මෙය නිකොලායි ඔස්ට්‍රොව්ස්කි ගේ ‘වානේ පන්නරය ලැබූ හැටි’ කෘතියේ එන සීමොන් පෙත්ල්යූරා අටමාන් තැනගේ පුනරාගමනයකට සමාන විය. එහෙත් ක්‍රෙම්ලිනයට ඒ කිසිවක් ඇසුනු හඟුන බවක් නොපෙණින. තමා සාමය වෙනුවෙන් පෙනී සිටින බව කියා සිටි පුටින් සාකච්ඡා පවත්වන්නේ නම් සඳහා මැදිහත් කරුවකු ලෙස පෙනීසිටීමට පමණක් කැමැත්ත පල කලේය. ක්‍රිමියාව මත පැණවී තිබූ සම්බාධක හේතුවෙන් වලසා දැන් හීලෑ වී ඇතැයි බටහිර මාධ්‍ය හැඬලූහ. මේ පිළිබඳ විමසනු ලදුව රුසියානු සෙනෙවි මණ්ඩලයේ පිළිතුර වූයේ යුක්‍රේනයේ තවත් රුසියානු හමුදා මැදිහත්වීමක් කිරීම තාක්ශණික වශයෙන් ඉතා පහසු කරුණක් වුවද දේශපාලන තත්වය එවැන්නක් සඳහා සුදුසු නොවන බවය. එසේ වුවද කියෙව් රජය සාම සාක්ච්ඡා පැවැත්වීමට අකැමැති විය. අභ්‍යහන්තර ඇමති ආර්සෙන් ඇවකොව් කියා සිටියේ ත්‍රස්තවාදීන් හා ගණුදෙණු කිරීමට තමාට කිසිදු අවශ්‍යතාවක් නැති බවත් හමුදා මෙහෙයුම් තවදුරටත් අඛණ්ඩව ඉදිරියට ගෙන අයන බවත්ය. ජයග්‍රණය පෙනී පෙනී සාකච්ඡා වලට එලැඹීමට කිසිදු රජයක් එකඟ නොවීම ස්වභාවිකය. එහෙත් විමතියට කරුණ වූ‍යේ 2009 අපේල් මස ලංකාවේ යුද්ධය අවස්ථාවේ සිවිල් වැසියන්ගේ ඛේදවාචකය ගැන පොලොවේ හැපුන මානව හිමිකම් සංවිධාන 2014 අගෝස්තුවේ යුක්‍රේනය අරබයා පිට්ටු ගිල්ලාක් මෙන් නිහඬ වීමත්, ඔවුන්ගේ වාර්තා මත එදා ලංකාවට සටන් විරාමයක් සඳහා බලකල වොෂින්ටනය දැන් නැගෙනහිර යුක්‍රේනයේ ත්‍රස්තවාදය මැඩලීමේ අවශ්‍යතාව ගැන කතා කරන්නට වීමත්ය. ජාත්‍යන්තර ක්ෂමා සංවිධානයේ හා රතුකුරුසියේ නිහඬතාව මැදින් යුක්‍රේන හමුදා මෙහෙයුම දැඩිව හෙලා දුටු රුසියාව පීඩාවට පත් සිවිල් වැසියන් සඳහා ‘මානුෂීය ආධාර’ සහිත කොන්ටේනර් රථ පෙලක් දේශ සීමාව හරහා සටන් පවතින කලාපයට එව්වාය. මේවායේ අන්තර්ගතය පරීක්ෂා කිරීමට එක්සත්ජාතීන්ගේ නියෝජිතයන්ට හෝ රතු කුරුසියට ඉඩ ලැබුනේ නැත. ඒවා බෙදහැරීම සදහා භාරදෙන ලද්දේ කැරලිකාර පාර්ශ්වයට වීම ද කැපී පෙනුණි. යුක්‍රේන රජය මීට දැඩි විරෝධයක් එල්ල කලද සහන සෙවාවන් සැලසීමේදී පීඩක පාර්ශ්වය කෙරේ විශ්වාසය තැබිය ලා නොහැකි බවට රුසියානු වෝ තර්ක කරන්නට වූහ. වඩාත් පුදුම සගත වූයේ සහන සේවා ලැබී දුන කිහිපයකට පසු කැරලිකරුවන් දැවැන්ත රතිප්‍රහාර මාලාවක් ආරම්භ කිරීමයි. මේ සඳහා ඔවුහු ග්‍රාඩ් රොකට් පද්ධති පමණක් නොව ට T 64 යුද ටැංකි පවා යොදා ගත්හ. මෙම යුද රථ හා තවත් සන්නද්ධ පුද්ගලයන් පටවාගත් ට්‍රක් රථ 300ක් රුසියානු දේශ සීමාව හරහා යුක්‍රේනයට ඇතුළු වී ඇති බවට නේටෝව චන්ද්‍රිකා ඡයාරූප ඇසුරින් බිඳ නොහෙලිය හැකි සාක්ෂි ඉදිරිපත් කලේය. එහෙත් ක්‍රෙම්ලිනය තරයේ කියා සිටියේ තමා ඒ ගැන කිසිවක් නොදන්නා බවයි. බාගවිට මේ කියන සන්නද්ධ මිනිසුන් සහෝදර නැගෙනහිර යුක්‍රේනුවන්ට සහාය පිණිස දොන් පෙදෙසේ සිටි පැමිණී දේශප්‍රේමී කොසෑකයන් විය හැකි බවට විදේශ ඇමති සර්ගේයි ලැව්‍රොව් සැක පහල කොට සිටියේය. ඉතිහාසයේ බොහෝ වතාවක් එය සිදුවී ඇතුවා නොවේද? හේ පෙරලා මාධ්‍යවෙදීගෙන් ඇසීය. අනිත් අතට මෙම තර්කය බැහැර කල හැකි නුවූයේ යුක්‍රේනියානුවන්ට අමතරව රුසියානුවන් පමණක් නොව කොකේසියානුවන්, කිරිමියානුවන්, හා චෙචෙන්යානුවන් ද කැරලි කරුවන් අතර සිටීම හේතුවෙනි. 2014 අගෝස්තු අග වනවිට තමා ඉදිරියට තැබූ සෑම අඩියක්ම විනාශය කරා තැබූ පියවරක් බව යුක්‍රේන රජයට වැටහිණ. මාධ්‍ය විසින් ‘රජයේ හමුදා’ ලෙස හැඳින්වූ දක්ෂිණාංශික මිලිෂියා කණ්ඩායම් දේශසීමා පෙදෙස් වලට කොටුකල කැරලි කරුවෝ ඔවුනට අනුකම්පා විරහිත ලෙස බර අවි වලින් පහර දුන්හ. පණ ගල්වාගත් ‘රජයේ හමුදා’ භටයෙක් පසුව කීවේ තම ඒකකයේ සෙස්සන් සමූල ඝාතනය වූ බවයි. වොෂුන්ටනයේ බලවත් අමනාපයට හේතුවූ මේ තත්වය යටතේ වහා ඒකපාර්ශ්වික සටන් විරාමයක් ප්‍රකාශයට පත්කොට සාමා සාක්ච්ඡා පැවැත්වීමට තමා සූදානම් බව ප්‍රකාශ කිරීමට කියැව් රජයට සිදුවූ අතර මින්ස්ක් නුවර පැවති එම සමුළුවේ රීති තීරකයා වූයේ ක්‍රෙම්ලිනයි. කෙසෙ වුවද මින්ස්ක් එකඟතාව යුක්‍රේන නව රජය දියත් කල අනපේක්ෂිත යුද්ධයේ මුල් අවස්ථාවේ කැරලිකරුවන් මුහුණ පෑ අනපේක්ෂිත පරාජය ආපසු හැරවීමේ තාවකාලික පියවරක් විනා ස්ථාවර විධිවිධානයක් ලෙස ක්‍රෙම්ලිනය සැලකූ බවක් නොපෙනේ. මීට හේතුව වූයේ සටන් විරාමය තුලින් යුක්‍රේන ‘රජයේහමුදා’ වලට ඒ වනවිත් අත්පත් කොටගෙන සිටි ඩොනෙට්ස් පෙදෙසේ තවදුරටත් ලැගුම් ගැනීමට ඉඩ ලැබීමය. අනිත් අතට ජයගනිමින් තිබූ යුද්ධයක් හදිසියේ කණපිට හැරීම නිසා කෝපයෙන් පසුවූ ‘රජයේ හමුදා’ ද එදිරිවාදී ක්‍රියා වල නිරත වීමය. ඒවා තුල කැරළිකරුවන්ට තව සති කිහිපයකින් ඒකපාර්ශිකව සටන් විරාමය බිඳ දැමීම සඳහා අගනා නිදහසට කරුණු ගැබ්ව තිබිණ. මේ වාතාවර්නය තුල පප්‍රතිසංවිධානය වූ කැරලිකරුවන් විසින් ඔක්තෝබර්යේදී දියත් කල ප්‍රතිප්‍රහාරය අන් කවරදාටත් වඩා බලවත් විය. දැන් ඔවුන්ගේ අවි ආයුධ සැපයුම සීමා රහිත බව පෙණින. දරුණු සටන් මාලවකින් පසු ඩොනෙස්ට් ප්‍රදේශය අතහැර පසු බැසීමට ‘රජයේ හමුදාවට’ සිදුවූ අතර 2015 මුලදී කැරලි කරුවෝ හෝර්ලිව්කා නැමති ගම්මානයට ඇතුළු වූහ. දෙබෝල්ට්සෙවා හි දුම්රිය මංසන්ධිය සඳහා වූ සටන මෑත ඉතිහාසයේ දුටු වඩාත්ම බිහිසුනු ලේ වැගිරීම ලෙස සැලකීම වරදක් නැත. ලහිලහියේ මින්ස්ක් හි රැස්වූ සාම නියෝජිතයෝ සෙසු ප්‍රදේශ වල තවත් සටන් විරාමයක් සඳහා එකඟ වුවද කැරලිකරුවන් කියා සිටියේ එම කොන්දේසි දෙබෝල්ට්සෙවා මංසන්ධිය සඳහා අදාල නොවන බවය. කැරලි කරුවන්ට කොන්දේසි පැනවීමේ බලයක් තමාට නැතැයි පුටින් ඉතා අහිංසක ලෙස කියා සිටියේය. පෙබරවාරි 18 දා දුම්රිය මංසන්ධිය අත්පට් කොටගත් කැරලිකරුවෝ එහි දෑකැත්ත හා මිටිය සහිත පැරණි සෝවියට් ධජය එසවූහ. පසෙකින් ත්‍රිවර්ණ රුසියානු ධජය දෙ ලෙලදෙනු දක්නට ලැබිණ. මෙම සටනේදී යුක්‍රේන රජයට පක්ෂපාතී මිලිෂියා භටයන් 2000 ක් මිය ගිය අතර තවත් 1800 ක් සිරභාරයට පත් වූ බවට ගනන් බලා ඇත. කැරලි කරුවන්ට වාසි සහගත අඩියක අවසන් වූ මෙම සටනත් සමඟ තම යුද මෙහෙයුම හකුලුවා ගැනීමට යුක්‍රේන රජයට සිදු විය. සිරියාවේදී තම මඟ අහරස් කල පුටින්ට පාඩමක් උගැන්වීමට දියත් කල ‘යුක්‍රේන වසන්තය’ මේ අන්දමින් වොෂින්ටනයට පාරාවලල්ලක් වෙද්දී, ඔවුනට ඉතිරිවූ විශාලතම ගැටළුව වූයේ කැරලිකරුවන්ට අවි සැපයූවේද කවරෙක්ද යන්න නොව (එය අතිශය පැහැදිලිය), ඔවුන් යුද බිමේ මෙහෙයවන ලද්දේ කවුරුන් විසින්ද යන්නයි. රුසියානු බල ඇණී දෙබෝල්ට්සෙවා සටනේදී කැරලිකරුවන් සමඟ උරෙනුර ගැටී සටන් වැදුන බවට කියෙව් රජය හා රාජ්‍ය දෙපාර්තමේන්තුව නැඟූ අඬහැරය තම පරාජය වෙනුවෙන් ඉදිරිපත් කල නිදහසට කරුනක් ලෙස ක්‍රෙම්ලිනය විසින් හාස්‍යයෙන් යුතුව බැහැර කෙරුනද, අගෝස්තු මුල දී අසංවිධානාත්මකව ඩොනෙට්ස් හා ස්ලාව්යාන්ස්ක් ප්‍රදේශ වලින් පසු බැසගිය කැරලිකරුවන්ට සති කිහිපයකට පසු නවීන රොකට් පද්ධති හා යුද ටැංකි භාවිත කොට ප්‍රතිප්‍රහාරයක් හැකිවීම අතිශය ගැටළු සහගත බව යුද විශේෂඥයන්ගේ මතය වී ඇත. මන්දයත් සාමාන්‍ය මිලීෂියාවකට බර අවි හා යුද රථ භාවිතය පුහුණු කිරීම සඳහා සෑහෙන කලක් ගතව බැවිනි. එහෙයින් 2014 ඔක්තෝබරයේ සිදුවූ සටන් වලදී ඔවුන්ට අණදීමට හා බුද්ධි තොරතුරු සම්බන්ධීකරණයට රුසියානු දකුණු දිග ආඥා මූලස්ථානය සෘජුව මැදිගත් වන්නට ඇති බවටත්, කුඩා කණ්ඩායම් ලෙස නැගෙනහිර යුක්‍රේනයට ඇතුළු වූ රුසියානු විශේෂ බලකායන් විසින් ඔවුනට නායකත්වය ලබා දෙන්නට ඇති බවටත් නේටෝව කරන හේතු සහගත අනුමානය එසේ නොසලකා හැරිය නොහැක. එකිනෙකට වෙනස් යාන්ත්‍රණ දෙකක් ඒකාබද්ධ කිරීම මඟින් මෙහෙයවනු ලැබෙන මෙවන් ක්‍රියාන්විත ‘දෙමුහුම් යුද්ධ’ (Hybrid War) ලෙස හැඳින්වේ. ක්‍රිමියාවේ අත්හදා බැලුන ‘ගුප්ත ආක්‍රමණය’ (Stealth Invasion) මෙන්ම, එයද පශ්චාත් සෝවියට් යුද ශිල්පය විසින් දායාද කල නව සංකල්පයකි. තම ක්‍රියාවන්ගේ ඵල විපාක විඳීමට රුසියාවට සිදු වෙනු ඇතැයි බැරැක් ඔබාමා බැරැඬි හඬින් අනතුරු හැඟවුවද ඒ වෙනුවෙන් තවදුරටත් කල හැකි දෙයක් ද නොවීය. යුක්‍රේනයේ අසාර්ථක අත්හදාබැලීමෙන් වඩාත් දේශපාලන වශයෙන් අසීරු අඩියකට ඇද වැටුන බැරැක් ඔබාමා හමුවේ වූ ඊකඟ විකල්පය නම් නැවතත් සිරියාව දෙසට හැරීමයි. ඇමෙරිකාවේ දේශීය ජාතික වාදී බලවේගද ඔහු කෙරේ කෝපවී සිටියහ. එහෙත් රුසියානු සැපයුම් නිසා ශක්තිමත්ව සිටි අසාද් රජය පෙරලා දැමීමෙහි ලා ශක්තියක් ජිහාඩ් වාදීන් සතුව නොමැති බව හේ මැනෙවින් දැන සිටියේය. අනිත් අතට වඩාත් බලාපොරොත්තු තැබිය හැකි මූලධර්මවාදී කණ්ඩායමක් මේ වන විට මැදපෙරදිග කලාපය තුල හිස ඔසවමින් තිබිණ. වහාබ් වාදී ගල්ෆ් රාජ්යයන් ගේ රහස් ආශීර්වාදය හිමි වූ මෙම සංවිධානයේ අරමුණ වූයේ ඉරාකයේ හා සිරියාවේ ඉස්ලාමීය කාලිෆ් දේශයක් (Caliphate) බිහි කිරීමයි. මෙය සිරියාව අරබයා වොෂින්ටනයේ කෙටි කාලීන ඉලක්ක හා කදිමට පෑහිණ. මේ තත්වය යටතේ ඉරාකයේ තමා හා යුද වැදුන ත්‍රතවාදීන් සිරියාවේ දී ‘මුජාහිදීන් වරු’ ලෙස CIA සංවිධානයට පෙනීමට පටන් ගැනීම ගැන විමතියට පත්විය යුතු නැත...

රතු හමුදාවේ මුණුපුරන්ට මුහුණ දීමට තරම් සූදානමක එක්සත් ජනපදය නොසිටී....[සංස්කරණය]

(මෙම ලිපිය 2014 වසරේ ලියන ලද්දක් වන අතර එහි අන්තර්ගතය වත්මන් තත්වය සසඳා බැලීම කියවන්නාට භාරය) වාතාවරණය තුල යුද උණුසුම දැනේ. සියළු සන්නාහයෙන් සන්නද්ධ වූ රුසියන් භටයන් පණස් දහසක් යුක්‍රේන දේශ සීමාවට පැමිණ ඇත. නැවත උපන් රතු හමුදාව යුක්‍රේනය, මෝල්ඩෝවාව, බෝල්කන් කලාපය පමණක් නොව පෝලන්තය තුලට පවා කඩා වැදීමට ඉඩ ඇතයි යුරෝපය හා පෙන්ටගනය මහත් කලබලයකින් පසුවෙති. බටහිර ලෝකය සීතල යුද්ධයේ සන්නිය තදට වැළදී ඇති හැඩය. කලබලවී ඇතුවාක් පමණක් නොව කලින් සෝවියට් අධිරාජ්‍යය තුලට රුසියාව කරන ආක්‍රමණයන් වැලැක්වීමෙහිලා තම සූදානම මඳ බවද ඔවුන් වටහාගෙන ඇති සේය. රුසියාව හදිසියේම අළු ගසා දමා නැඟී සිටීම ඔවුන් මවිත විය යුතු කරුණක්ද නොවේ. කීර්තිමත් ප්‍රසියන් රණදෙටු මහා ෆ්‍රෙඩ්‍රික් රජතුමා වරක් මෙසේ කීවේලු. "සියළු දේ රැකීමට තැත් කරන්නා කෙලෙවර කිසිවක් නොරකී" මෙය සෑම තරුණ යුද නිළධාරියෙක්ම තම දකුනතේ පච්ච කොටාගත යුතු වැකියකි. 1991 සෝවියට් සංගමය බිඳ වැටුන නැගෙනහිරට අත දිග මඳි බව නේටෝවට අනතුරු හැඟවීමට ඉදිරිපත් වූ උපායඥයන් වූයේ ස්වල්ප දෙනෙකි. කැරලිකාරී නැගෙනහිර ජර්මනියට ගැලවීයාම ඉඩ හැරීමට සෝවියට් සභාපති මිහායිල් ගොර්බචොව් එකඟවූයේ නැගෙනහිර යුරෝපය හා කොකේසස් පෙදෙසට ව්‍යාප්ත වීමට තැත් නොකිරීමේ පොරොන්දුව මත අමතක නොකල යුතුය. එක්සත් ජනපදය හා නේටෝව ඊට එකඟ වූවද ඉක්මනින්ම තම වචනය කඩ කලහ. අද ඔවුහු රුසියාවේ දේශ සීමා අසලටම පැමිණ සිටිති. ඇමෙරිකානු මිසයිල ආරක්ෂණ පද්ධති පෝලන්තයේ ස්ථාප්ත කිරීමට කාල සටහන් තැනුන අතර බල්ගේරියාවේ රොමේනියාවේ හා මධ්‍යම ආසියාවේ නේටෝ කඳවුරු ස්ථාපිත කෙරිණ. පැරණි සෝවියට් යුක්‍රේනය හා ක්‍රිමියාවේ සෙවාස්ටපෝල් නාවුක මූලස්ථානය නේටෝව යටතට ගැනීමේ තකතිරු එක්සත් ජනපද උත්සාහය-එහි අරමුණ ඉරානයට හා සිරියාවට පලකරන සහාය වෙනුවෙන් රුසියාවට දධුවම් කිරීම බවට සැක නැත- ක්‍රෙම්ලිනයේ රතු කට්ට පැන්නවීමෙහිලා සමත් වූ බව පෙනේ. වළසා අවදි විය. මැත දෙඩවීම සුළු දෙයකි. එහෙත් සිදුවිය හැකි රුසියන් ආක්‍රමණයකින් නැගෙනහිර යුරෝපය ආරක්ෂා කිරීම ලෙහෙසි නැත. ප්‍රධානම ගැටළුව නම් ඇමෙරිකානු/නේටෝ ආරක්ෂණ සහතික රුසියාවේ සංවේදී දේශ සීමා දක්වා ඉදිරියට ගමන් කලද ඔවුන්ගේ හැකියාවන් එතැනම වීමයි. කොටින් කිවහොත් එක්සත් ජනපද කරන්න බැරි වැඩක් භාරගෙන ඇත. ලිතුවේනියාව ලැට්වියාව හා එස්ටෝනියාව ඇතුළු බෝල්ටික් කලාපය අත්පත් කොට ගැනීමට රුසියානු හමුදාවට එක් හැන්දෑවක් ඕනෑවටත් වඩා ප්‍රමාණවත්ය. එම කලාපයේ ජනගහනයෙන් සැලකිය කොටසක් වාර්ගික රුසියානුවෝ වෙති. යුක්‍රේන ගැටළුව මත යුද වැදීමට නේටෝව යුද උපකරණ හා ස්ථානගත කිරීම අතින් සූදානමක නැත. බල ඇණි වඩාත් බටහිරට වන්නට වාඩිලා සිටින අතර දුරට සරිලන සැපයුම් පද්ධති හෝ ගුවන් ආවරණය ජාලයක් නොපවතී. ඩෙන්මාර්කයේ නාසි වාදින් අතලොස්සක් හා යුක්‍රේන ජාතිවාදීන් හැරුන කොට රුසියාව සමඟ යුද වැදීමට යුරෝපා බලවතුන් ද ඉතා අකැමැතිය. වොෂින්ටනයට වී ආරක්ෂා සහිතව සිටින යුදවාදීන්ට පැවරීම ඔවුන්ගේ අපේක්ෂාවයි. රුසියාවට එරෙහිව වොෂින්ටනය පණවා ඇති වෙළඳ සම්බාධක මාලාව පූර්ව එදිරිවාදී ක්‍රියාවක් ලෙස සැලකිය හැක. 1941 දී ජපානය බටහිරට පහරදීමට පෙළඹුවේද ඇමෙරිකානු සම්බාධක බව අප සිහි තබා ගත යුතුය. සීතල යුද්ධය අතරතුර එක්සත් ජනපදය යුරෝපය තුල හාර ලක්ෂයක හමුදාවක්, ගුවන්යානා 800ක් හා විශාල නාවුක බා ඇණියක් පවත්වාගෙන ගියාය. දැන් යුරෝපයේ සිටින්නේ ඇමෙරිකානු භටයන් 43,000කි. සටන් බ්‍රිගේඩ දෙකක් හැරුන කොට සෙස්සෝ ගුවන් හමුදා භටයන් හා සැපයුම් කණ්ඩායම්ය. සෝවියට් සංගමය විසින් යුද ටැංකි 50,000ක් මානා තැබූ අතීතය දැන් අවසන් මුත් ඔවුනට බඩ කට පුරා සැලකීමට රුසියාවේ නවීකරණය කල බල ඇණිය සමත් වනු ඇති බවට සැකයක් නැත. අනිත් අතර මහා ෆෙඩ්‍රික් රජු පැවසූ පරිදි සියල්ල රැකීමට තැත් කරමින් ඇමෙරිකානු හමුදා ලෝකය පුරා විහිදී සිටිති. ඇෆ්ගනිස්ථාන්‍යෙ ඉරාකයේ කුවේටයේ සිටි බල ඇණි වලින් වැඩි කොටස ආපසු සියරට බලා කැඳවා ඇත. ශක්තිමත්ම ඇමෙරිකානු ඩිවිෂන ස්ථානගත කොට ඇත්තේ කන්සාස් හා ටෙක්සාස් හි මිස ජර්මනියේ ෆල්ඩා කපොල්ල හෝ හැනෝවරය නොවේ. 19 වන සියවසේ බ්‍රිතාන්‍යයට සිදුවුවාක් මෙන් කුඩා යටත් විජිත සටන් මාලව තුල එක්සත් ජනපදයේ යුද හැකියාව වියැකී ගොස් තිබේ. ජර්මන් හමුදාවන්ට මුහුණ පෑ බ්‍රිතාන්‍ය රාජකීය භට පිරිස් සමූලඝාතනයට ලක්වූහ. පෙන්ටගනයට ජයග්‍රහනය ලැබීමට අවශ්‍ය නම් වියට්නාම් යුද්ධයෙන් පසු ගරිල්ලා සටන් ක්‍රමයට හැඩ ගැසුන එක්සත් ජනපදය රතු හමුදාවේ මුණුපුරන්ට මුහුනදීමට තරම් සූදානමක නොසිටින බව පිළිගැනීමට සිදුවේ. පරෙස්සම් සහගත ඉවසිලිමත් ව්ලදීමීර් පුටින් පෝලන්තය ආක්‍රම්ණය නොකරනු ඇත. එහෙත් යුක්‍රේනයේ හා මෝල්ඩාවේ බෝල්ටික් කලාපයේ වාර්ගික රුසියානුවන් සිය මවුරට හා එක්වීමට නැඟී සිටියහොත් කුමක් වේද? රුසියාව ඔවුනට උදවු කරනු ඇත්ද? ලුගාන්ස්ක් හා හාර්කොව් වැනි අප්‍රකට ස්ථාන සඳහා න්‍යෂ්ඨික යුද්ධයක අවදානම දැරීමට යුරෝපය හා එක්සත් ජනපද සූදානම්ද? රුසියාව ඛේදජනක ලෙස අවතක්සේරු කරනු ලැබූ ආක්‍රමණශීලී බටහිර භූ දේශපාලනයේ ආනිසංස අපි යුක්‍රේනයේ හා ක්‍රිමියාවේ අද දකිමින් සිටිමු. න්යෂ්ඨික බලවතුන් අතර යුද්ධයක් කිසිසේත් ඇති නොවිය යුතුය. මෙය උමතුවකි. පරමාණු බෝම්බ දරූ ලමුන් කෙළි බඩුවකට දබර කරන්නාක් මෙනි. (ප.ලි. දෙසතියකට පසු ගුප්ත ආක්‍රමණයක් මඟින් [stealth invasion] ක්‍රිමියාව රුසියාව විසින් ඈඳා ගනු ලැබූ අතර රුසියන් හිතවාදී කැරලිකරුවන් විසින් නැගෙනහිර යුක්‍රේනයේ ලුගාන්ස් හා ඩොනෙට්ස්ක් ප්‍රදේශ වෙනම රාජ්‍ය ලෙස ප්‍රකාශයට පත් කරන ලදී. මෙහිදී රුසියාව යොදා ගත්තේ 'දෙමුහුම් යුද කලාවයි'. (Hybrid warfare). කෙසේ වුවද ට්‍රම්ප් පරිපාලනය විසින් ඔබාමා ප්‍රතිපත්තිය කණපිට පෙරලීමත් සමඟ රුසියාව සමඟ ගැටුමක අනතුර පහ විය)

Chamara Siriwardene

ප්‍රජාතන්ත්‍රවාදයේ ‘වර්ණ විප්ලවය' තුලින් විනාශය කරා ගිය යුක්රේනය[සංස්කරණය]

1991 සෝවියට් සංගමය බිඳ වැටුනද, රුසියානු ෆෙඩරේෂනය හා යුක්රේනය අතර කොමියුනිස්ට් යුගයේ පටන් පැවති සමීප සබඳතාව තවදුරටත් නොවෙනස්ව පැවතින. පැරණි සෝව්යට් ජනරජ රුසියාව කෙරෙන් ඈත් කරවීමේ හි ලා NATO ව හා යුරෝපා සංගමය දැරූ තැත හමුවේ වුව කියෙව් පාලනය දේශපාලන ආර්ථික හා හමුදාමය වශයෙන් සිය 'වැඩිමහල් සහෝදරයා' තවදුරටත් කටයුතු කලේ සමීප සහයෝගයෙනි. රුසියාවට ඉතා අවශ්යවූ කළු මුහුදේ උණුසුම් නැව් තටාකාංගන බදු දීමට කැමතිවූ යුක්රේනය සිය ආරක්ෂාව සාසා දෙන බවට රුසියාවෙන් ලද සහතිකය මත තමා සතු දැවැන්ත න්යෂ්ඨික අවි ගබඩාව අත හැර දැමීමට ද එකඟ වූවාය. නැපෝලියන් හා හිට්ලර්ගේ ආක්රමණ තුලින් ලද අමිහිරි අත්දැකීම් හේතුවෙන් බටහිර ආවරණ කලාපයක් සඳහා ක්රෙම්ලිනය තුල වූ ස්වභාවික අවශ්යතාවට මෙම වාතාවරණය අතිශය හිතකර විය. එහෙත් ගැටළුව ඇතිවූයේ 2004 යුක්රේනයේ හටගත් වර්ණ විප්ලවය හෙවත් බටහිර බලවතුන්ගේ නොමඳ ආශීර්වාදයෙන් හා CIA සහයෙන් යුතුව ඇතිවූ ප්රජාතන්ත්රවාදය සඳහා වූ නැඟිටීම තුලින් බටහිර හිතවාදී බලවේග කියෙව් නගරයේ බලය අත්පත් කොට ගැනීමත් සමඟයි. විය යුතු පරිද්දෙන්ම නව රජය යුරෝපා සංගමයට ලැදිවූ අතර අත්යාවශ්යයෙන්ම රුසියානු විරෝධී විය. ඔවුහු යුරෝපා සංගමයේ අවශ්යතාවනට අනුව රටේ ව්යවස්ථාව සංශෝධනය කලහ. එහෙත් බහුතර යුක්රේන වැසියන්ට ප්රජාතන්ත්රවාදය ඉක්මනින්ම එපා විය. එහි ප්රථිඵලය වූයේ 2010 නැවතත් රුසියන් හිතවාදී වික්ටර් යැනුකෝවිච් බලයට පත් වීමයි. යැනුකෝවිච්ගේ ජයග්රහණයට තීරණාත්මක ලෙස දායක වූයේ ක්රිමියානු අර්ධද්වීපය ඇතුළු හාර්කොව්, ඩොනෙට්ස්ක්, ලුගාන්ස්, ඔඩෙස්සා යන වාර්ගික රුසියානුවන් බහුලව විසූ නැගෙනහිර දිස්ත්රික්ක කිහිපයකි. කියෙව් අගනුවර ඇතුළු බටහිර පලාත්වල ජනයා පැතුවේ NATO ආරක්ෂාව යටතේ යුරෝපා සංගමයගේ අනුග්රහශීලී ඇසුර ලැබීමයි. ඡන්ද ප්රතිඵලයෙන් කැළඹුන බටහිර බලවතුන් යුකේරනය දේශපාලන වශයෙන් අස්ථාවර කරලීමට සෑම ප්රයත්නයක්ම දැරූහ. රුසියන් නාවුක හමුදාවට ක්රිමියාවේ වරාය පහසුකම් දීමේ කල් බදු ගිවිසුම නව රජය විසින් දීර්ඝ කිරීම NATOවේ අමනාපයට හෙතු විය. ඔවුන් ගේ දේශීය නියෝජිතයන් බවට පත්වූයේ ගත්තේ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ හමුදා හා අත්වැල් බැඳගත් රුසියන් විරෝධී යුක්රේන ජාතිවාදීන්ය. ඔවුහු කොසෑකයන්ට වෛර කරති. CIA උපාය වූයේ දේශපාලන කලබගෑනියට සමාන්තරව රටේ ආර්ථිකය අස්ථාවර කිරීමයි. මුදල් ඒකකය දරුණු ලෙස කඩා වැටී රට බුන්වත් භාවයට පත්වීමට ආසන්නවූ මොහොතේ තාවකාලික සහනයක් ලෙස රුසියාව පිරිනැමූ රූබල් බිලියන 15ක 'මුදා ගැනීමේ පැකේජය' යැනුකෝවිච් රජය විසින් පිළිගැනීමෙන් උරණ වූ බටහිර යුක්රේන ජාතිවාදීහූ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරමින් දස දහස් ගණනින් වීථි බැස්සෝය. අගනුවර අකර්මන්ය විය. විරෝධතා ව්යාපාරය නඩත්තු කිරීමට යුරෝපා සංගමය අතමිට දිග හැර විය පැහැදම් කල අතර යැනුකෝවිච් නැගෙනහිර යුක්රේනයට පළා ගියේය. 2014 පෙබරවාරියේ උද්ඝෝෂකයෝ රජයේ මරෙමස්ථාන අත්පත් කොට ගත්හ. කියෙව් නගරයේ නැවතත් බටහිර හිතවාදී රජයක් පිහිටුවන ලදී. සිය පළමු කාර්යය ලෙස 2004 ව්යවස්ථාව යලි ස්ථාපිත කල නව පාලනය යැනුකොවිච් රජය රුසියාව හා එලැඹි කල් බදු ගිවිසුම දීර්ඝ කිරීම ඇතුළු සියළු එකඟතා බල රහිත කලේය. 2008 දී NATO ව හා අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටි ජෝර්ජියාව පහරදීමෙන් පසු මෙ දක්වා තරමක සංයමයකින් පසුවූ ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව මේ සිදුවීමෙන් තුවාල ලත් වලසෙකු සේ කුපිත විය. යුක්රේනයේ තවත් ප්රජාතන්ත්රවාදී විප්ලවයක් සිදුවී යැයි උදම් අනමින් සිටි බටහිර පුවත් සේවා විමතියට පත්වූයේ අතිශය රහසිගත මෙහෙයුමකින් රුසියානු හමුදා යුක්රේනයට අයත් ක්රිමියා අර්ධද්වීපය ඈඳා ගත් බව ඇසීමෙනි. යුද්ධෝපායික වශයෙන් අතිශය වැදගත්වූ කළුමුහුද අහිමි වීමෙන් යුක්රේන විප්ලවය තුලින් අපේක්ෂිත ඉලක්කය මුදුන්පත් කොට ගැනීමට NATO ව ද අපොහොසත් විය. අනතුරුව පැවති ජනමත විචාරණයෙන් ක්රිමියාවේ ජනගහණයෙන් 97% ක් රුසියාව හා ඒකාබද්ධවීමට කැමැත්ත පළ කලද අද දක්වා ඇමෙරිකාව හෝ යුරෝපා සංගමය මේ මැතිවරණ ප්රථිඵලය පිළිගෙන නැත.ඔවුන් පවසන්නේ රුසියන් හමුදා පාලනය යටතේ පැවති එම මැතිවරණය නීති විරෝධී බවය. ක්රිමියන් උදාගරණයෙන් කුල්මත් වූ රුසියන් හිතවාදී නැගෙනහිර යුක්රේනය ද නව රජයට එරෙහිව නැඟී සිටියෝය. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ සිය සෝවියට් යුගයේ සම්ප්රදායන් බරහිරකරණය කිරීමෙන් වැලකීමත් 1942 රතු හමුදාව දොන් නිම්නයේ දී නාසි බල ඇණි වලට එහෙහිව ලද ශ්රේෂ්ඨ ජයග්රහණය මත පදනම්ව ගොඩ නැඟුන තම ඓතිහාසික හැඟීම් වලට ගරුකල යුතු බවත්ය. එහෙත් නාසි හිතවාදී යුක්රේන ජාතිවාදී කණ්ඩායම් වලින් සමන්විත නව රජය හමුදා බලය යොදා ඔවුන් මැඩලීමට තැත් කිරීමේ ආනිසංසය වූයේ සිවු වසරක් පුරා දිගැස්සුන ලේ වැකුන සිවිල් යුද්ධයකි. රුසියාව මෙහිදී සෘජු මැදිහත්වීමක් නොකලද නැගෙනහිර යුක්රේන සටන්කාමීන්ට නවීන අවි ආයුධ පමණක් නොව යුද ටැංකි හා මිසයිල පද්ධති පවා සපයන බව රහසක් නොවේ. සිවිල් යුද්ධයෙන් මේ වනවිට මිට ගිය පිරිස 10,000 ට ආසන්න වන අතර එහිදී අත්දුටු බිහිසුනුම ඛේදවාචකය වූයේ 2014 ජුලි මාසයේ දී මගීන් 283ක් සහිත මැලේසියානු MH 17 ගුවන් යානය සටන් කලාපයට ඉහලින් පියාසර කරමින් සිටියදී බිම හෙලනු ලැබීමයි. යුක්රේන යුද ගුවන් යානයක් විසින් ඊට වෙඩි තැබූ බවට ක්රෙම්ලිනය කියා සිටියද කියෙව් රජය චෝදනා කරන්නේ සටන්කාමීන් ට රුසියාව විසින් සපයන ලද ‘ඉග්ලා’ මිසයිල ප්රහාරයකින් මගී යානය විනාශ වන්නට ඇති බවය. අගෝස්තුවේ දී ඩෙබාල්ට්සෙව් උපායමාර්ගික දුම්රිය මංසන්ධිය අත්පත් කොටගත් කැරලි කරුවෝ එහි දෑකැත්ත හා මිටිය සහිත රතු සෝවියට් ධජය යලි එසැවූහ. භටයන් 2700ක් සිරභාරයට ගනු ලැබීමෙන් අනතුරුව ප්රදේශයෙන් පසු බැසයාමට යුක්රේ න හමුදාවට සිදුවිය. T-72B (1989) හා T-72B3 යුද ටැංකිද, BTR-82AM, MT-LB 6MA, MT-LBVM, and MT-LBVMK, සන්නද්ධ රථද, Orlan-10 ඩ්රෝ න් යානා සහ 1RL239 රේඩාර් වාහනද, RPG-18 (2011), 95Ya6 (2009) MRO-A (2008) රොකට් පද්ධති හා 9M133 Kornet (2007) යුද ටැංකි නාශක අවි හා AK-12 ස්වයංක්රීය රයිපල් වලින් සටන් කරුවන් සන්නද්ධ වී සිටින බව කියෙව් බලධාරීහූ මැසිවිලි නගති . මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හා ලුගාන්ස්ක් පලාත් කැරලිකරුවන්ගේ පාලනය යටතෙ පවතී. මෑතදී දෙපාර්ශ්වය අතර එදිරිවාදී කම් යලි උත්සන්නවීමට හෙතුවූයේ ක්රිමියා අර්ධද්වීපය හා රුසියාව යා කරමින් ව්ලැදිමීර් පුටින් විසින් තනවන ලද දැවැන්ත මුහුදු පාලම මඟින් ඇසොව් මුහුදු ප්‍රවේශය අවහිර කරනු ලැබීමයි. යුක්රේන නාවුක යාත්රා රුසියන් මුර භටයන් විසින් රඳවා කිරීමේ සිද්ධිය මත ගතවූ ඔක්තෝබරයේදී දෙපාර්ශ්වය අතර හටගත් ආරවුල මත රුසියාව විසින් ආක්රමණයක් දියත් කරනු ඇතැයි සැක පලකල යුක්රේන රජය ඊට මුහුණ දීම සඳහා පසුගිය සතියේ බටහිර ආධාර ඉල්ලා සිටියේය. අරුමය නම් අර්බුදයට පොහොර දැමූ යුරෝපා සංගමය හා ඇමෙරිකාව දැන් දැන් ඇඟ බෙරාගැනීමෙ පිළිවෙතක් අනුගමනය කිරීමය. ගැටළුව ඔඩු දිවීමට හේතුව ඔබාමාගේ ප්රතිපත්තිය යැයි පවසන ඩොනල්ඩ් ට්රනම්ප් ඊට මැදිහත්වීමෙහිලා දක්වන්නේ මැලි කමකි. යුක්රේන හා සිරියානු අර්බුදයන්ගෙන් ඈත්වීමට ඔහු විසින් හෙල්සින්කි සමුළුවේදී පුටින්ට පොරොන්දුවී ඇතැයි රාජ්යතාන්ත්රික ඕපාදූපා ආරංචි මාර්ග කියයි. මහා බ්රිතාන්ය ය පමණක් රාජකීය නාවුක හමුදාවට අයත් නෞකාවක් ඇසොව් මුහුදු කලාපයට පිටත් කොට යවා ඇත. එහෙත් මෙය හුදෙක්ම ප්රචාරක පියවරක් ලෙස පෙනී යන්නේ හදිසි ප්රහාරයකින් යුක්රේකනය ආරක්ෂා කිරීමේ තබා ආත්මාරක්ෂාව හෝ සලසා ගැනීමේ හැකියාවක් එම නෞකාවට නොමැති නිසාය. අනිත් අතට යුක්රේකනය රුසියානු ආක්රමණය අපේක්ෂා කරන්නේ කළු මුහුද දෙසින් නොව ගොඩබිම් දේශ සීමාව හරහාය. යුරෝපා සංගමයේ හා NATO සාමාජිකත්ව යුක්රේනයට පිරිනැමීමට බටහිර බලවත්තු තවදුරටත් පැකිලෙති. රුසියාවට එරෙහිව කියෙව් රජය උසි ගැන්වූවද, යුක්රේනය වෙනුවෙන් රුසියාව හා යුද වැදීමට ඔවුන් සූදානම් නැති බව පැහැදිලිය. ඒ වෙනුවට ඔවුන් කරන්නේ සම්බාධක තුලින් රුසියානු වලසා මට්ටු කිරීමට තැත් කිරීමයි. යුක්රේන දේශ සීමාව හරහා වැටී ඇති සිය දකුණු දිග හමුදා දිස්ත්රික්ක වෙත අගෝස්තුවේ සිට යුද්ධ දුම්රිය 16ක් ලඟාවී ඇති බවත් රුසියන් ඩිවිෂන 40ක් එහි සූදානමින් පසුවන බවත් යුක්රේන ඔත්තුසේවා කියා සිටියද මධ්යස්ථ විචාරකයන්ගේ මතය වන්නේ මහා පරිමාණයේ ප්රකෝප කිඊමකින් තොරව රුසියන් ආක්ර්මණයක් සිදු නොවනු ඇති බවය. යම් හෙයකින් රුසියානු හමුදා හදිසියේ යුක්රේනය ආක්රමණය කලහොත් තත්වය කෙබඳු විය හැකිද? එය අවසානය දක්වා විනිවිද දැකිය නොහෙන ක්රිමියානු පන්නයේ තවත් ‘ගුප්ත ආක්රනමණයක්’ වනු ඇතැයි යුද විචාරකයෝ අනතුරු අඟවති. එවන් තත්වයකට මුහුණ දීමට යුක්රේනයට හැකියාවක් නැතත් ඔවුන් පවසන්නේ අඩුතරමේ පහත සඳහන් ලකුණු මඟින් ආක්රමණය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමට හැකි බවයි. 1. ආක්රමණයක පළමු සංඥාව නම් මීටර් 200-300 ක් ඉහලින් සිය ගණනක් රුසියානු Elabuga මිසයිල සක්රිය වීමය. මේ සමඟ යුක්රේනය තුල සියළු ඉලෙක්ට්රොනික් සන්නිවේදන පද්ධති බිඳ වැටෙනු අතර අන්තර්ජාලය හා ජංගම දුරකථන මුළුමනින් අක්රිය වේ. යුක්රේන හමුදාව සතු Grad, Smerch හා Bastion රොකට් පද්ධති අඳ ගොළු බිහිරි තත්වයට පත් වනු ඇත. 2. Krasukha-4 විද්යුත් චුම්බක අවි විසින් ගුවන් යානා රේඩාර් පද්ධති හා ස්වයංක්රීය ලෙස ඉලක්ක සොයා යන මිසයිල වල ක්රියාකාරිත්වය අඩාල කරනු ඇත. සියළු ගුවන්විදුලි සන්නිවේදන පද්ධති අඩපණ කිරීමෙහිලා එය සමත් බව පැවසේ. 3. ආක්රමණය ඇරඹෙනු ඇත්තේ Kalibr හා Raduga කාණ්ඩ වලට අයත් කෲස් මිසයිල පද්ධති විසින් යුක්රේන යුද මර්මස්ථාන වලට එල කෙරෙන කෙරෙන ප්රහාරයකින් විමට බොහෝ දුරට ඉඩ ඇත. එවැන්නකට මුහුන දීමෙහිලා අසරණ වන යුක්රේන හමුදා අසමත් වනු බවට NATO ව පවා එකඟ වේ. 4. අනතුරුව රුසියන් MIG හා Sukhoi ගුවන් යානා විසින් යුක්රේන ගුවන් කඳවුරු වලට සමීපව පහර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 5. ඒ හා සමගාමීව MI කාණ්ඩයේ හෙලිකොප්ටර් යානා විසින් ගුවනින් හෙලන රුසියානු කොමාන්ඩෝ භටයන් බටහිර යුක්රේසනයේ දුම්රිය මං සන්ධි, පාලම්, සන්නිවේදන කුළුණු, වෙනත් යුද්ධෝපායික වශයෙන් වැදගත් ස්ථාන අත්පත් කොට ගනු ඇත. මේ සමඟම යුක්රේකන හමුදාව පසු බැසීමට පටන් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 6. ආක්රමණය ඇරඹී වරුවකින් රුසියන් යුද ටැංකි උතුරු දේශසීමාවෙන් යුක්රේනයට ඇතුළු වනු ඇත. නැගෙනහිර පෙදෙස් පාලනය කරන කැරලි කරුවන්ගේ සහායෙන් ඔවුන් පැය කිහිපයකින් කියෙව් අගනුවර වටලනු ඇතිබවට සැකයක් නැත. 7. පැය 24ක් ගත වන විට යුක්රේන හමුදා විශාල කණ්ඩායම් ලෙස යටත් වීම ඇරඹෙනු ඇතැයි විශ්වාස කෙරේ. යුක්රේනයේ අවසානය පමා කරවීමට NATO ව සමත් වෙතැයි සිතීම යථාර්ථයෙන් පරිබාහිරය. රුසියානු ආක්රමණයක් යුක්රේන ප්රජාතන්ත්රවාදයේ මලගම වනු ඇතැයි බටහිර පුවත් සේවා බිය පලකරති. එහෙත් මධ්යස්ථ විචාරකයන්ගේ මතය 2014 වර්ණ විප්ලවයෙන් ලබා දෙන ලද ප්රජාතන්ත්රවාදය මැදපෙරදිගට මෙන්ම යුක්රේනයට ද ශාපයක් වී ඇති බවයි. රටේ පැවැත්ම තහවුරු කොට ගැනීමට නම් කියෙව් රජය කලයුතුව ඇත්තේකිසිදා නොලැබෙන බටහිර සහාය අපේක්ෂාවෙන් යුද්ධයට සූදානම් වීම නොව තවදුරටත් වලසා කුපිත කරවීමෙන් වැලකී සිටීම බව ඔවුන්ගේ අදහසය. ප්‍රජාතන්ත්‍රවාදයේ ‘වර්ණ විප්ලවය' තුලින් විනාශය කරා ගිය යුක්රේනය 1991 සෝවියට් සංගමය බිඳ වැටුනද, රුසියානු ෆෙඩරේෂනය හා යුක්රේනය අතර කොමියුනිස්ට් යුගයේ පටන් පැවති සමීප සබඳතාව තවදුරටත් නොවෙනස්ව පැවතින. පැරණි සෝව්යට් ජනරජ රුසියාව කෙරෙන් ඈත් කරවීමේ හි ලා NATO ව හා යුරෝපා සංගමය දැරූ තැත හමුවේ වුව කියෙව් පාලනය දේශපාලන ආර්ථික හා හමුදාමය වශයෙන් සිය 'වැඩිමහල් සහෝදරයා' තවදුරටත් කටයුතු කලේ සමීප සහයෝගයෙනි. රුසියාවට ඉතා අවශ්යවූ කළු මුහුදේ උණුසුම් නැව් තටාකාංගන බදු දීමට කැමතිවූ යුක්රේනය සිය ආරක්ෂාව සාසා දෙන බවට රුසියාවෙන් ලද සහතිකය මත තමා සතු දැවැන්ත න්යෂ්ඨික අවි ගබඩාව අත හැර දැමීමට ද එකඟ වූවාය. නැපෝලියන් හා හිට්ලර්ගේ ආක්රමණ තුලින් ලද අමිහිරි අත්දැකීම් හේතුවෙන් බටහිර ආවරණ කලාපයක් සඳහා ක්රෙම්ලිනය තුල වූ ස්වභාවික අවශ්යතාවට මෙම වාතාවරණය අතිශය හිතකර විය. එහෙත් ගැටළුව ඇතිවූයේ 2004 යුක්රේනයේ හටගත් වර්ණ විප්ලවය හෙවත් බටහිර බලවතුන්ගේ නොමඳ ආශීර්වාදයෙන් හා CIA සහයෙන් යුතුව ඇතිවූ ප්රජාතන්ත්රවාදය සඳහා වූ නැඟිටීම තුලින් බටහිර හිතවාදී බලවේග කියෙව් නගරයේ බලය අත්පත් කොට ගැනීමත් සමඟයි. විය යුතු පරිද්දෙන්ම නව රජය යුරෝපා සංගමයට ලැදිවූ අතර අත්යාවශ්යයෙන්ම රුසියානු විරෝධී විය. ඔවුහු යුරෝපා සංගමයේ අවශ්යතාවනට අනුව රටේ ව්යවස්ථාව සංශෝධනය කලහ. එහෙත් බහුතර යුක්රේන වැසියන්ට ප්රජාතන්ත්රවාදය ඉක්මනින්ම එපා විය. එහි ප්රථිඵලය වූයේ 2010 නැවතත් රුසියන් හිතවාදී වික්ටර් යැනුකෝවිච් බලයට පත් වීමයි. යැනුකෝවිච්ගේ ජයග්රහණයට තීරණාත්මක ලෙස දායක වූයේ ක්රිමියානු අර්ධද්වීපය ඇතුළු හාර්කොව්, ඩොනෙට්ස්ක්, ලුගාන්ස්, ඔඩෙස්සා යන වාර්ගික රුසියානුවන් බහුලව විසූ නැගෙනහිර දිස්ත්රික්ක කිහිපයකි. කියෙව් අගනුවර ඇතුළු බටහිර පලාත්වල ජනයා පැතුවේ NATO ආරක්ෂාව යටතේ යුරෝපා සංගමයගේ අනුග්රහශීලී ඇසුර ලැබීමයි. ඡන්ද ප්රතිඵලයෙන් කැළඹුන බටහිර බලවතුන් යුකේරනය දේශපාලන වශයෙන් අස්ථාවර කරලීමට සෑම ප්රයත්නයක්ම දැරූහ. රුසියන් නාවුක හමුදාවට ක්රිමියාවේ වරාය පහසුකම් දීමේ කල් බදු ගිවිසුම නව රජය විසින් දීර්ඝ කිරීම NATOවේ අමනාපයට හෙතු විය. ඔවුන් ගේ දේශීය නියෝජිතයන් බවට පත්වූයේ ගත්තේ දෙවන ලෝක යුද්ධයේදී හිට්ලර්ගේ හමුදා හා අත්වැල් බැඳගත් රුසියන් විරෝධී යුක්රේන ජාතිවාදීන්ය. ඔවුහු කොසෑකයන්ට වෛර කරති. CIA උපාය වූයේ දේශපාලන කලබගෑනියට සමාන්තරව රටේ ආර්ථිකය අස්ථාවර කිරීමයි. මුදල් ඒකකය දරුණු ලෙස කඩා වැටී රට බුන්වත් භාවයට පත්වීමට ආසන්නවූ මොහොතේ තාවකාලික සහනයක් ලෙස රුසියාව පිරිනැමූ රූබල් බිලියන 15ක 'මුදා ගැනීමේ පැකේජය' යැනුකෝවිච් රජය විසින් පිළිගැනීමෙන් උරණ වූ බටහිර යුක්රේන ජාතිවාදීහූ දැවැන්ත උද්ඝෝෂණ මාලාවක් දියත් කරමින් දස දහස් ගණනින් වීථි බැස්සෝය. අගනුවර අකර්මන්ය විය. විරෝධතා ව්යාපාරය නඩත්තු කිරීමට යුරෝපා සංගමය අතමිට දිග හැර විය පැහැදම් කල අතර යැනුකෝවිච් නැගෙනහිර යුක්රේනයට පළා ගියේය. 2014 පෙබරවාරියේ උද්ඝෝෂකයෝ රජයේ මරෙමස්ථාන අත්පත් කොට ගත්හ. කියෙව් නගරයේ නැවතත් බටහිර හිතවාදී රජයක් පිහිටුවන ලදී. සිය පළමු කාර්යය ලෙස 2004 ව්යවස්ථාව යලි ස්ථාපිත කල නව පාලනය යැනුකොවිච් රජය රුසියාව හා එලැඹි කල් බදු ගිවිසුම දීර්ඝ කිරීම ඇතුළු සියළු එකඟතා බල රහිත කලේය. 2008 දී NATO ව හා අත්වැල් බැඳ ගැනීමට සූදානමින් සිටි ජෝර්ජියාව පහරදීමෙන් පසු මෙ දක්වා තරමක සංයමයකින් පසුවූ ව්ලැදිමීර් පුටින්ගේ රුසියාව මේ සිදුවීමෙන් තුවාල ලත් වලසෙකු සේ කුපිත විය. යුක්රේනයේ තවත් ප්රජාතන්ත්රවාදී විප්ලවයක් සිදුවී යැයි උදම් අනමින් සිටි බටහිර පුවත් සේවා විමතියට පත්වූයේ අතිශය රහසිගත මෙහෙයුමකින් රුසියානු හමුදා යුක්රේනයට අයත් ක්රිමියා අර්ධද්වීපය ඈඳා ගත් බව ඇසීමෙනි. යුද්ධෝපායික වශයෙන් අතිශය වැදගත්වූ කළුමුහුද අහිමි වීමෙන් යුක්රේන විප්ලවය තුලින් අපේක්ෂිත ඉලක්කය මුදුන්පත් කොට ගැනීමට NATO ව ද අපොහොසත් විය. අනතුරුව පැවති ජනමත විචාරණයෙන් ක්රිමියාවේ ජනගහණයෙන් 97% ක් රුසියාව හා ඒකාබද්ධවීමට කැමැත්ත පළ කලද අද දක්වා ඇමෙරිකාව හෝ යුරෝපා සංගමය මේ මැතිවරණ ප්රථිඵලය පිළිගෙන නැත.ඔවුන් පවසන්නේ රුසියන් හමුදා පාලනය යටතේ පැවති එම මැතිවරණය නීති විරෝධී බවය. ක්රිමියන් උදාගරණයෙන් කුල්මත් වූ රුසියන් හිතවාදී නැගෙනහිර යුක්රේනය ද නව රජයට එරෙහිව නැඟී සිටියෝය. ඔවුන්ගේ ඉල්ලීම වන්නේ සිය සෝවියට් යුගයේ සම්ප්රදායන් බරහිරකරණය කිරීමෙන් වැලකීමත් 1942 රතු හමුදාව දොන් නිම්නයේ දී නාසි බල ඇණි වලට එහෙහිව ලද ශ්රේෂ්ඨ ජයග්රහණය මත පදනම්ව ගොඩ නැඟුන තම ඓතිහාසික හැඟීම් වලට ගරුකල යුතු බවත්ය. එහෙත් නාසි හිතවාදී යුක්රේන ජාතිවාදී කණ්ඩායම් වලින් සමන්විත නව රජය හමුදා බලය යොදා ඔවුන් මැඩලීමට තැත් කිරීමේ ආනිසංසය වූයේ සිවු වසරක් පුරා දිගැස්සුන ලේ වැකුන සිවිල් යුද්ධයකි. රුසියාව මෙහිදී සෘජු මැදිහත්වීමක් නොකලද නැගෙනහිර යුක්රේන සටන්කාමීන්ට නවීන අවි ආයුධ පමණක් නොව යුද ටැංකි හා මිසයිල පද්ධති පවා සපයන බව රහසක් නොවේ. සිවිල් යුද්ධයෙන් මේ වනවිට මිට ගිය පිරිස 10,000 ට ආසන්න වන අතර එහිදී අත්දුටු බිහිසුනුම ඛේදවාචකය වූයේ 2014 ජුලි මාසයේ දී මගීන් 283ක් සහිත මැලේසියානු MH 17 ගුවන් යානය සටන් කලාපයට ඉහලින් පියාසර කරමින් සිටියදී බිම හෙලනු ලැබීමයි. යුක්රේන යුද ගුවන් යානයක් විසින් ඊට වෙඩි තැබූ බවට ක්රෙම්ලිනය කියා සිටියද කියෙව් රජය චෝදනා කරන්නේ සටන්කාමීන් ට රුසියාව විසින් සපයන ලද ‘ඉග්ලා’ මිසයිල ප්රහාරයකින් මගී යානය විනාශ වන්නට ඇති බවය. අගෝස්තුවේ දී ඩෙබාල්ට්සෙව් උපායමාර්ගික දුම්රිය මංසන්ධිය අත්පත් කොටගත් කැරලි කරුවෝ එහි දෑකැත්ත හා මිටිය සහිත රතු සෝවියට් ධජය යලි එසැවූහ. භටයන් 2700ක් සිරභාරයට ගනු ලැබීමෙන් අනතුරුව ප්රදේශයෙන් පසු බැසයාමට යුක්රේ න හමුදාවට සිදුවිය. T-72B (1989) හා T-72B3 යුද ටැංකිද, BTR-82AM, MT-LB 6MA, MT-LBVM, and MT-LBVMK, සන්නද්ධ රථද, Orlan-10 ඩ්රෝ න් යානා සහ 1RL239 රේඩාර් වාහනද, RPG-18 (2011), 95Ya6 (2009) MRO-A (2008) රොකට් පද්ධති හා 9M133 Kornet (2007) යුද ටැංකි නාශක අවි හා AK-12 ස්වයංක්රීය රයිපල් වලින් සටන් කරුවන් සන්නද්ධ වී සිටින බව කියෙව් බලධාරීහූ මැසිවිලි නගති . මේ වනවිට නැගෙනහිර යුක්රේනයේ ඩොනෙට්ස්ක් හා ලුගාන්ස්ක් පලාත් කැරලිකරුවන්ගේ පාලනය යටතෙ පවතී. මෑතදී දෙපාර්ශ්වය අතර එදිරිවාදී කම් යලි උත්සන්නවීමට හෙතුවූයේ ක්රිමියා අර්ධද්වීපය හා රුසියාව යා කරමින් ව්ලැදිමීර් පුටින් විසින් තනවන ලද දැවැන්ත මුහුදු පාලම මඟින් ඇසොව් මුහුදු ප්‍රවේශය අවහිර කරනු ලැබීමයි. යුක්රේන නාවුක යාත්රා රුසියන් මුර භටයන් විසින් රඳවා කිරීමේ සිද්ධිය මත ගතවූ ඔක්තෝබරයේදී දෙපාර්ශ්වය අතර හටගත් ආරවුල මත රුසියාව විසින් ආක්රමණයක් දියත් කරනු ඇතැයි සැක පලකල යුක්රේන රජය ඊට මුහුණ දීම සඳහා පසුගිය සතියේ බටහිර ආධාර ඉල්ලා සිටියේය. අරුමය නම් අර්බුදයට පොහොර දැමූ යුරෝපා සංගමය හා ඇමෙරිකාව දැන් දැන් ඇඟ බෙරාගැනීමෙ පිළිවෙතක් අනුගමනය කිරීමය. ගැටළුව ඔඩු දිවීමට හේතුව ඔබාමාගේ ප්රතිපත්තිය යැයි පවසන ඩොනල්ඩ් ට්රනම්ප් ඊට මැදිහත්වීමෙහිලා දක්වන්නේ මැලි කමකි. යුක්රේන හා සිරියානු අර්බුදයන්ගෙන් ඈත්වීමට ඔහු විසින් හෙල්සින්කි සමුළුවේදී පුටින්ට පොරොන්දුවී ඇතැයි රාජ්යතාන්ත්රික ඕපාදූපා ආරංචි මාර්ග කියයි. මහා බ්රිතාන්ය ය පමණක් රාජකීය නාවුක හමුදාවට අයත් නෞකාවක් ඇසොව් මුහුදු කලාපයට පිටත් කොට යවා ඇත. එහෙත් මෙය හුදෙක්ම ප්රචාරක පියවරක් ලෙස පෙනී යන්නේ හදිසි ප්රහාරයකින් යුක්රේකනය ආරක්ෂා කිරීමේ තබා ආත්මාරක්ෂාව හෝ සලසා ගැනීමේ හැකියාවක් එම නෞකාවට නොමැති නිසාය. අනිත් අතට යුක්රේකනය රුසියානු ආක්රමණය අපේක්ෂා කරන්නේ කළු මුහුද දෙසින් නොව ගොඩබිම් දේශ සීමාව හරහාය. යුරෝපා සංගමයේ හා NATO සාමාජිකත්ව යුක්රේනයට පිරිනැමීමට බටහිර බලවත්තු තවදුරටත් පැකිලෙති. රුසියාවට එරෙහිව කියෙව් රජය උසි ගැන්වූවද, යුක්රේනය වෙනුවෙන් රුසියාව හා යුද වැදීමට ඔවුන් සූදානම් නැති බව පැහැදිලිය. ඒ වෙනුවට ඔවුන් කරන්නේ සම්බාධක තුලින් රුසියානු වලසා මට්ටු කිරීමට තැත් කිරීමයි. යුක්රේන දේශ සීමාව හරහා වැටී ඇති සිය දකුණු දිග හමුදා දිස්ත්රික්ක වෙත අගෝස්තුවේ සිට යුද්ධ දුම්රිය 16ක් ලඟාවී ඇති බවත් රුසියන් ඩිවිෂන 40ක් එහි සූදානමින් පසුවන බවත් යුක්රේන ඔත්තුසේවා කියා සිටියද මධ්යස්ථ විචාරකයන්ගේ මතය වන්නේ මහා පරිමාණයේ ප්රකෝප කිඊමකින් තොරව රුසියන් ආක්ර්මණයක් සිදු නොවනු ඇති බවය. යම් හෙයකින් රුසියානු හමුදා හදිසියේ යුක්රේනය ආක්රමණය කලහොත් තත්වය කෙබඳු විය හැකිද? එය අවසානය දක්වා විනිවිද දැකිය නොහෙන ක්රිමියානු පන්නයේ තවත් ‘ගුප්ත ආක්රනමණයක්’ වනු ඇතැයි යුද විචාරකයෝ අනතුරු අඟවති. එවන් තත්වයකට මුහුණ දීමට යුක්රේනයට හැකියාවක් නැතත් ඔවුන් පවසන්නේ අඩුතරමේ පහත සඳහන් ලකුණු මඟින් ආක්රමණය මුල් අවස්ථාවේම හඳුනා ගැනීමට හැකි බවයි. 1. ආක්රමණයක පළමු සංඥාව නම් මීටර් 200-300 ක් ඉහලින් සිය ගණනක් රුසියානු Elabuga මිසයිල සක්රිය වීමය. මේ සමඟ යුක්රේනය තුල සියළු ඉලෙක්ට්රොනික් සන්නිවේදන පද්ධති බිඳ වැටෙනු අතර අන්තර්ජාලය හා ජංගම දුරකථන මුළුමනින් අක්රිය වේ. යුක්රේන හමුදාව සතු Grad, Smerch හා Bastion රොකට් පද්ධති අඳ ගොළු බිහිරි තත්වයට පත් වනු ඇත. 2. Krasukha-4 විද්යුත් චුම්බක අවි විසින් ගුවන් යානා රේඩාර් පද්ධති හා ස්වයංක්රීය ලෙස ඉලක්ක සොයා යන මිසයිල වල ක්රියාකාරිත්වය අඩාල කරනු ඇත. සියළු ගුවන්විදුලි සන්නිවේදන පද්ධති අඩපණ කිරීමෙහිලා එය සමත් බව පැවසේ. 3. ආක්රමණය ඇරඹෙනු ඇත්තේ Kalibr හා Raduga කාණ්ඩ වලට අයත් කෲස් මිසයිල පද්ධති විසින් යුක්රේන යුද මර්මස්ථාන වලට එල කෙරෙන කෙරෙන ප්රහාරයකින් විමට බොහෝ දුරට ඉඩ ඇත. එවැන්නකට මුහුන දීමෙහිලා අසරණ වන යුක්රේන හමුදා අසමත් වනු බවට NATO ව පවා එකඟ වේ. 4. අනතුරුව රුසියන් MIG හා Sukhoi ගුවන් යානා විසින් යුක්රේන ගුවන් කඳවුරු වලට සමීපව පහර දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. 5. ඒ හා සමගාමීව MI කාණ්ඩයේ හෙලිකොප්ටර් යානා විසින් ගුවනින් හෙලන රුසියානු කොමාන්ඩෝ භටයන් බටහිර යුක්රේසනයේ දුම්රිය මං සන්ධි, පාලම්, සන්නිවේදන කුළුණු, වෙනත් යුද්ධෝපායික වශයෙන් වැදගත් ස්ථාන අත්පත් කොට ගනු ඇත. මේ සමඟම යුක්රේකන හමුදාව පසු බැසීමට පටන් ගනු ඇතැයි අපේක්ෂා කෙරේ. 6. ආක්රමණය ඇරඹී වරුවකින් රුසියන් යුද ටැංකි උතුරු දේශසීමාවෙන් යුක්රේනයට ඇතුළු වනු ඇත. නැගෙනහිර පෙදෙස් පාලනය කරන කැරලි කරුවන්ගේ සහායෙන් ඔවුන් පැය කිහිපයකින් කියෙව් අගනුවර වටලනු ඇතිබවට සැකයක් නැත. 7. පැය 24ක් ගත වන විට යුක්රේන හමුදා විශාල කණ්ඩායම් ලෙස යටත් වීම ඇරඹෙනු ඇතැයි විශ්වාස කෙරේ. යුක්රේනයේ අවසානය පමා කරවීමට NATO ව සමත් වෙතැයි සිතීම යථාර්ථයෙන් පරිබාහිරය. රුසියානු ආක්රමණයක් යුක්රේන ප්රජාතන්ත්රවාදයේ මලගම වනු ඇතැයි බටහිර පුවත් සේවා බිය පලකරති. එහෙත් මධ්යස්ථ විචාරකයන්ගේ මතය 2014 වර්ණ විප්ලවයෙන් ලබා දෙන ලද ප්රජාතන්ත්රවාදය මැදපෙරදිගට මෙන්ම යුක්රේනයට ද ශාපයක් වී ඇති බවයි. රටේ පැවැත්ම තහවුරු කොට ගැනීමට නම් කියෙව් රජය කලයුතුව ඇත්තේකිසිදා නොලැබෙන බටහිර සහාය අපේක්ෂාවෙන් යුද්ධයට සූදානම් වීම නොව තවදුරටත් වලසා කුපිත කරවීමෙන් වැලකී සිටීම බව ඔවුන්ගේ අදහසය.

ගුප්ත ආක්‍රමණය’ - යුද ශිල්පයට නැවුම් අත් දැකීමක් වූ ව්ලැදිමීර් පුටින්ගේ ක්‍රිමියානු මැදිහත්වීම.[සංස්කරණය]

භූ දේශපාලනයේ දී යුද බලය යොදා ගැනීම ලෝකයට අළුත් දෙයක් නොවේ. සීතල යුද්ධය අතරතුර රුසියන් හමුදා හන්ගේරියාවේ හා චෙකොස්ලෝවැකියාවේ ද මෑත කාලයේ ජෝර්ජියාවේද කල මැදිහත් වීම් තුලින් සිය අවසන් ඉලක්ක සපුරා ගැනීමට සමත් වුවද ඒවා ලේ වැකුන අතිශය වේදනා කාරී අත් දැකීම් වූ බව ඉතිහාසය විසින් පෙන්වා දී ඇත. අනිත් අතට ඇමෙරිකාව යුගොස්ලාවියාවේ හා මැද පෙරදිග කල මෙහෙයුම් වල විපාක අද සියැසින් දැකිය හැකි හෙයින් වැඩිමනත් අටුවා ටීකා කුමටද? එහෙත් මේ සියල්ලට සාපේක්ෂව ගත් කල 2014 පුටින් ගේ ක්‍රිමියන් ආක්‍රමණය මෑත ඉතිහාසයේ දුටු 'සෞම්‍යතම' හා වඩාත්ම සාර්ථක යුද ක්‍රියාදාමය බව පවසන්නේ එය සියැසින් දුටු බීබීසී ලෝක සේවයයි. මෙය් ගුප්ත ආක්‍රමණය (Stealth Invasion) ලෙස බටහිර යුද විශේෂඥයන් හඳුන්වන්නේ ක්‍රියාන්විතය ආවේණික වූ සුවිශේෂී රහස්‍යභාවය හා නිහඬතාව නිසාය. වර්ග සැතපුම් දස දහසක් වූ ක්‍රිමියා අර්ධද්වීපය මුලින්ම රුසියානු අධිරාජ්‍යයට ඈඳා ගනු ලැබුවේ 1783 තුර්කිය හා යුද වැදීමෙන් අනතුරුවය. අසොව් මුහුදින් හා කළු මුහුදින් වටවූ මෙම ප්‍රදේශය ක්‍රෙම්ලිනයට යුද්ධෝපායික වශයෙන් අතිශය වැදගත් විය. 1954 දී එවකට සෝවියට් නායක නිකිතා කෘෂෙව් විසින් ක්‍රිමියාව යුක්‍රේනයට 'තෑගි' කරන ලද්දේ එය තමා උපන් ස්ටෙප්ස් බිම වෙනුවෙන් ඉටු විය යුතු 'යුතුකමක්' ලෙස සලකා විය හැක. 1991 සොවියට් සංගමය බිඳ වැටීමෙන් අනතුරුවත් ක්‍රිමියාව තව දුරටත් යුක්‍රේනය සතුවම පැවතියද, රුසියන් නාවුක බල ඇණි සඳහා කල් බදු පදනම මත දිගින් දිගටම ඉඩ පහසුකම් සැලසීමට කියෙව් රජය කැමති වූ අතර ඊට හිලව් වශයෙන් විශේෂ වට්ටමකට ගෑස් විකිනීමට රුසියානුවෝ එකඟ වූහ. කෙසේ වුවද වර්ගික රුසියානුවන් බහුල ක්‍රිමියාව ඇතුළු යුක්‍රේනයේ නැගෙනහිර ප්‍රදේශ තුල පශ්චාත් සෝවියට් පාලනය ජනප්‍රිය වූයේ නැත. මෙම ප්‍රදේශ වල ජනයා කලක පටන් නැගූ මැසිවිල්ල වූයේ දෙවන ලෝක යුද්ධයේදී නාසි ආක්‍රමණිකයාට එරෙහිව රතු හමුදාව විසින් දොන්බාස් නිම්නයේ දී ලද ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය මත පදනම් වූ තම ඓතිහාසික හැඟීම් වලට කියෙව් රජය ගරු නොකරන බවයි. සෝවියට් ආභාසය මත පදනම් වූ තම සංස්කෘතිය හා ඉතිහාසය බටහිරකරණය වීමට ඔවුහු 1991 පටන් එරෙහි වූහ. තත්වය වඩාත් උග්‍රවූයේ 2014 පෙබරවාරියේ යුක්රේනයේ හටගත් ‘විප්ලවයෙන්’ වික්ටර් යනුකොවිච් ගේ (සාපේක්ෂ වශයෙන්) මධ්‍යස්ථ යැයි කිව හැකි රජය බිඳ වැටීමෙන් අනතුරුවයි. මෙය ක්‍රෙම්ලිනයේ ‘හෙජමොනියට’ එල්ල කල සෘජු අභියෝගයකි. ඉතිහාසය පුරා රුසියාව විසින් යුක්රේනය සැලකූයේ තම ‘සඳළු තලය’ ලෙසය. යුගොස්ලාවියාවේ හා ජෝර්ජියාවේ මැදිහත් වීම් හේතුවෙන් පැරණි සෝවියට් බලක්ෂෙත්‍රයට අත නොපොවන බවට 1991 යෙල්ට්සින්ට දුන් පොරොන්දුව නේටෝව විසින් තවදුරටත් රකිනු ඇතැයි සිතීම උගහට වූ අතර නව වාතවරණය තුල බටහිර හිතකාමී අභිනව රජය යටතේ යුක්‍රේනය නොබෝ දිනෙකින් නේටෝ කඳවුරට එක්වනු ඇති බවට සැකයක් නොතිබිණ. එහි සෘජු ප්‍රථිඵලය විය හැකිවූයේ ක්‍රිමියාවේ ස්ථානගත කොට සිටි රුසියානු දකුණු දිග නාවුක බල ඇණීය කළු මුහුදේ සරණාගත තත්වයට පත් විමයි. අනිත් අතට කළු මුහුදේ කඳවුරු බැඳීමට ඇඟිලි ගනිමින් ගනිමින් සිටි නේටෝවේ තක්සේරුව වූයේ 'ජොර්ජියන්' පන්නයේ පූර්ණ ආක්‍රමණයකින් ක්‍රිමියාව ඈඳා ගැනීමට තරම් දේශපාලන ධෛර්යයක්, රාජ්‍යතාන්ත්‍රික ශාක්‍යතාවක් හෝ හමුදාමය විභවයක් රුසියාව සතු නොවන බවකි. මෙය අතිශය භයානක අවතක්සේරුවක් බව වොෂින්ටනයට පැහැදිලි වූයේ තවත් දින කීපයකට පසුවයි. යනුකොවිච් බලයෙන් පහ කොට දින හයකට අනතුරුව එලැඹි පෙබරවාරි 28 වැනිදා ‘ආත්මාරක්ෂක බලඇණි’ (Self Defense Squads) ලෙස තමා හදුන්වාගත් සන්නද්ධ කණ්ඩායම් යුක්‍රේනය හා ක්‍රිමියාව අතර ප්‍රධාන මහා මාර්ග දෙක වසා දමා ඇතුල්වන සියළු පුද්ගලයන් හා වාහන පරීක්ෂා කිරිමට වන්හ. කෙසේ වුවද මෙය හුදෙක් නැගෙනහිර යුක්‍රේන දැඩි මතධාරීන්ගේ සීමාන්තික ක්‍රියාවක් ලෙස සැලකූ බටහිර බලවතුන් තවදුරත් වුශ්වාසය පලකලේ තත්වය පාලනය කිරීමට යුක්‍රේන රජය ස්අමත්වනු ඇති බවයි. එහෙත් එම නිගමනය නිවැරදි නොවිය හැකි බව ක්‍රිමියාවේ සිටි බීබීසී වාර්තා කරු සජීවී විකාශය ඔස්සේ සැක පහල කොට සිටියේය. සන්නද්ධ කණ්ඩායම් ක්‍රිමියාවේ පර්ලිමේන්තුව හා ගුවන් තොටුපොලවල් අසල දක්නට ලැබෙන බවට සෙම්ෆ්‍රෝපොල් නුවරින් ඔහුට ආරංචි ලෙබෙමින් තිබිණ. . යුක්‍රේන හමුදා ඒකක වලට අයත් අසම්පූර්ණ නිල ඇඳුම් ඇඟ ලා සිටි ‘ආත්මාරක්ෂක බලඇණි’ බලයෙන් පහකරන ලද යනුකොවිච්ට පක්ෂපාත පොලිස් භටයන් විය හැකි බවට බොහෝ දෙනා සැක කලේ විටෙක ඔවුන් ප්‍රචණ්ඩ හා ආක්‍රමණකාරී ලෙස ලෙස හැසිරුන නිසාය. ‘රුසියාව ඔබ සාදරයෙන් පිලි ගනී’ කියමින් විදේශ වාර්තා කරුවන්ට සුභ පැතූ ඔවුහු අනතුරුව ඔවුන්ගේ ගමන් මළු පරික්ෂා කරමින් කැමරා ආම්පන්න වල දත්ත ගබඩා සිය භාරයට ගත්හ. රෑබෝවන විට ඔවුන්ගෙන් ඇතමෙක් කටගොන්නක් බී ගත් ඇතැමුන් මහ මඟ කෝලම් නැටුවද, මංකොල්ලකෑම්, මිනී මැරුම් හෝ පහර දීම් කිසිවක් සිදුවූයේ නැත. මැදියම එලැඹෙන විට සියල්ල නිහඬ වූයේ කිසියම් බලගතු අදිසි හස්තයක් විසින් තත්වය පාලනය කලාක් මෙනි. නොනිදන්නවුන්ට රැය දිගුය. වාතාවරනය සන්සුන් වීම නිසා සැනසුනද, කුමකින් කුමක් වේද යන කුතුහලයෙන් නිදි වර්ජිතව සිටි විදෙස් පුවත්පත් කලාවේදීන්ට අළුයම් කාලයේ දී ඇසුනේ තම හිසට ඉහලින් දුසිම් ගණනින් පියාසර කරන හෙලිකොප්ටර් යානා වල කර්කෂ හඬයි. මේ වනවිට සිය මුල් තක්සේරුව සංශෝධනය කොට සිටි බටහිර ඔත්තු සේවා ඒජන්සි ඉදිරි දින කිහිපය තුල සෘජු රුසියන් මැදිහත් වීමක් සිදු වීමට ඉඩ ඇති බවට අනුමාන කරමින් සිටියද, ඔවුන් තදුරටත් විශ්වාස කලේ දේශපාලන ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික හේතූන් මත ක්‍රිමියාවේ සෘජු ආක්‍රමණයක් දියත් කිරීම පුටින්ට පහසු කරුණක් නොවනු ඇති බවයි. . අපේක්ෂිත ආක්‍රමණය සඳහා රුසියානු යුද නැව් අගනුවර වරායට ලඟා වෙමින් ඇත්දැයි සොයා බැලීම පිණිස හිමිදිරි‍යේ තම හෝටල් කාමර වලින් නික්ම ආ විදේශ වාර්තා කරුවන් දුටුවේ පෙරදින දුටු අපිලිවෙලට හැඳ පැලඳගත් ‘ආත්මාරක්ෂක කන්ඩායම්’ වල සාමාජිකයන් නොවේ. ඔවුහු අතුරුදන්ව සිටියහ. ඒ වෙනුවට මුහුණු ආවරණය කොටගත් නාඳුනන සන්නද්ධ සෙබළුන් ගෙන් නගරයේ වීථි පිරී ඉතිරී තිබිණ. ලාංඡනයක් රහිත කොල පැහැති යුද නිල ඇඳුමින් සැරසී සිටි ඔවුනත නවීනතම අවි ආයුධ හා සන්නිවේදන උපකරණ තිබිණ. ඔවුහු ලහි ලහියේ නගරයේ ප්‍රධාන ගොඩනැගිලි, ගුවන් පථ, සන්නිවේදන කුළුණු හා ප්‍රවෘත්ති ආයතන අත්පත් කොට ගනිමින් සිටියහ. සියල්ල කෙරුනේ ඉතා නිහඬවය. බීබීසී වාර්තාකරු වැඩිදුරටත් වාර්තා කලේ මේ මොහොත වන නගර වැසියන් ප්‍රීතියෙන් ඉපිල යමින් සිටි බවයි. ‘වැඩිමහල් සහෝදරයා’ පැමිණ ඇතැයි වයස් ගත පුද්ගලයෙක් විදේශ මාධ්‍යකරුවන්ට පැවසූයේ ජයග්‍රාහී හඬිනි. රුසියාව සමග යලි එක්වීම ඔවුන්ගේ පැරණි සිහිනයයි. ඇතැම් ස්ථාන වල නගරයේ කෙල්ලෝ නාඳුනන සෙබළුන් හා ඡායාරූප වලට පෙනීසිටීමට පොර කෑ අතර තවත් තැනක රුසියානු ඕර්තොඩොක්ස් පල්ලියේ පූජකයන් ශුද්ධ වූ ජලය ඉසිමින් ඔවුන් පිලිගනු දක්නට ලැබිණ. මුහුණු ආවරනය කොටගත් මෙම අභිරහස් මිනිසුන් මොස්කොව් හි නියෝජිතයන් ලෙස කටයුතු කල බවට මේ වන විට කිසිවෙකුටත් රහසක් නොවුවද ඔවුන් ගේ සැබෑ අනන්‍යතාව ද තවදුරටත් නොවිසඳුන ගැටළුවක් විය. විදෙස් වාර්තා කරුවන් නැඟූ ප්‍රශ්න හමුවේ සෙල් රූ මෙන් නිසලව සිටි ඔවුන්ගෙන් පලවූ දැඩි සංයමයෙන් මෙන්ම ඔවුන් ගේ ශිල්පීය උපක්‍රම වලින් ද පෙනී ගියේ මෙම නාඳුනන සෙබළුන් සාමාන්‍ය මිලිෂියා භටයන් නොව දැඩි පුහුණුවක් ලද වෘත්තිකයන් පිරිසක් විය යුතු බවය. ඔවුන් ප්‍රකෝප කිරිම කල නොහැකි දෙයක් ලෙස පෙනින. එහෙත් රුසියාව දිගින් දිගටම කියා සිටියේ මොවුන් කුමන්තරණයට එරෙහිව නැඟී සිටි ක්‍රිමියානු දේශප්‍රේමීන් (Partisans) බවය. එදින රාත්‍රියේ මෙම ලාංඡනය රහිත අභිරහස් සෙබල කණ්ඩායම් ක්‍රිමියාව තුල ස්ථානගත කොට සිටි කුඩා යුක්‍රේන හමුදා ඒකක කිහිපය සතු කදවුරු වටකල අවස්ථාවේ ඒවායේ අණදෙන නිළධාරීහූ නිහඬවම සිය අවි ආයුධ හා බැරැක්ක භාර දුන්හ. එක්කෝ එසේ කිරීමට ඔවුනට අණ ලැබුණා විය යුතුය. නැතහොත් වෙනත් පාර්ශ්වයක් විසින් අල්ලස හෝ බිය ගැන්වීම තුලින් ඔවුන් ඊට නම්මා ගත්තා විය හැක. යුක්‍රේනයේ වෙසෙන වාර්ගික රුසියන් වරුගේ ආරක්ෂාව වෙනුවෙන් සුදුසු විටෙක හමුදා යැවීමේ බලතල ජනාධිපති වරයා වෙත පැවරීමේ විශේෂ පණතක් එදින මොස්කොව් හි ඉහල පර්ලිමේන්තුව හෙවත් ඩූමාව විසින් සම්මත කොට ගත්තාය. සිය රට ‘නිර්ලජ්ජිත’ ආක්‍රමණයකට මුහුණ දී ඇතයි එදිනම ප්‍රකාශ කල යුක්‍රේන අගමැති වරයා ඊට මුහුණ දීම සඳහා බටහිර සහාය ඇයැද සිටියේය. එහෙත් ඒ වනවිටත් ආක්‍රමණය සම්පූර්ණ වී අවසන් ව තිබිණ. එය කේ. ජී. බී පන්නයේ මෙහෙයුමක් විය. පුටින් වෘත්තිය සෝවියට් ඔත්තු සේවා නිළධාරියෙක් බව අමතක නොකල යුතුය. පැවති තත්වය විග්‍රහ කරමින් 'නිව්යෝක් ටයිම්ස්' පුවත්පත පැවසුවේ දැන් යුක්‍රේනය රුසියාවේ කරුණාව හමුවේ හැර දමා තමාගේ වැඩක් බලා ගැනීම වඩාත් ඥාණාවින්ත බවයි. තෙසතියකට අනතුරුව පැවති ජනමතවිචාරණයේදී ක්‍රිමියානුවන් ගෙන් ගෙන් සියයට අනූ පහක් රුසියාව හා සුසංයෝග වීමට පක්ෂව ඡන්දය පාවිච්චි කලහ. එහෙත් මෙය තුවක්කු බටයෙන් විමසූ ජන මතයක් ලෙස හෙලා දුටු බටහිර ලෝකය එහි ප්‍රථිඵලය මේ දක්වාත් පිලිගැනීමට කැමති වී නැත. යුක්‍රේනයේ භෞමික අඛණ්ඩතාව උල්ලංඝන කිරීමේ චෝදනාව මත එක්සත් ජාතීන්ගේ සංවිධානයේ දී දැඩි ලෙස හෙලාදකිනු ලැබූ රුසියාවව එරෙහිව ආර්ථික සම්බාධක පණවන ලදී. එසේ වුවද මාර්තු 18 වනදා ක්‍රිමියාව නිල වශයෙන් රුසියාව හා එක් වූවාය. මේ අතර ලාංඡන රහිත නාඳුනන සොල්දාදුවෝ ක්‍රිමියාවේ වැසියන් අතර අතිශය ජනප්‍රිය වූහ. මහ ජනයා ඔවුන් හධුන්වන ලද්දේ ‘විනීත කොළ ඇඳුම් කරුවන්’ යන නමිනි. පැවති සාමකාමී වාතාවරණය තුල බරපතල රාජකාරි නොපැවරුනෙන් නිකරුනේ කාලය නාස්ති නිකරනු පිණිස දෝ සෙම්ෆ්‍රෝපොල් නුවර කොල්ලන්ට අයත් නැතිවූ පූසන් සොයා දීම වැනි සිවිල් රාජකාරි ද ඔවුන් විසින්ම ඉටු කර දෙන ලදී. එහෙත් ඔවුන්ගේ සැබෑ අනන්‍යතාවය?? හිටපු ඔත්තු සේවා නිලධාරී ව්ලැදිමීර් පුටින් නිහඬව සිටියේය. ක්‍රෙම්ලිනයේ මතය වූයේ එය තවදුරටත් අදාල කරුණක් නොවන බවයි. එහෙත් මේ හදිසියේ ප්‍රාතිභූත වූ මෙම අභිරහස් කොල ඇඳූම් කරුවන් වනාහී ක්‍රිමියානු දේශප්‍රේමීන් නොව නොව පෙබරවාරි 28 දා රාත්‍රියේ ක්‍රිමියාවට ගුවනින් හෙලන ලද රුසියන් හමුදාවේ ‘ස්පෙට්නැස්’ (Spetsnaz) නැමති විශේෂ බලකායට අයත් කොමාන්ඩෝ භටයන් බව මාස කිහිපයකට පසු ඉමහත් අකැමැත්තෙන් වුව පිළිගැනීමට රුසියානු සෙනෙවි මණ්ඩලය හෙවත් ස්ටාව්කාවට (Stavka) සිදු විය.

Chamara Siriwardene

යුද බිය අවුළුවමින් අවසන් ගමන් යන යුක්‍රේන කැරලි නායකයා - ඇලෙක්සැන්ඩර් සැකචෙන්කෝ[සංස්කරණය]

මෑත කාලයේ නැගෙනහිර යුක්‍රේනයේ ඩොනෙට්ස්ක් නගරයට වැඩිම ජන ගඟක් ගලා ආවේ පසුගිය ඉරිදාය. එවැන්නකට නගර පරිපාලනය කොහෙත්ම සූදානමින් නොසිටියද, ඇතිවූ ප්‍රවාහන හා සැපයුම් දුෂ්කරතා පැමිණි සෙනඟ තුට්ටුවකට ගනනකට නොගත්තේ ඔවුන් එතරම්ම කම්පාවට පත්ව සිටි හෙයිනි. බටහිර සම්මතයට අනුව නැගෙනහිර යුක්‍රේනයේ අංක එකේ කැරලි නායකයා ලෙස සැලකුන 42 හැවිරිදි ඇලෙක්සැන්ඩර් සැකචෙන්කෝ තම නිවස අසල කෝපි හලක හටගත් පුපුරා ගිය අධි බලැති බෝම්බයකින් මිය යාම ඊට හේතුව විය. පිපිරීමෙන් ඔහුගේ ආරක්ෂක නිළධාරියාද මිය ගිය අසල 12 දෙනෙක් තුවාල ලැබූහ. නගර අධිකාරීන් පවසන්නේ නගරයේ බැලේ ශාලාවේ තැන්පත් කල ජනාදරයට පත් කැරලි නායකයාගේ අවමංගල්‍යයට සහභාගී වීම සඳහා පැමිණි පිරිස එක් ලක්ෂ විස් දහසකට අධික බවය. විදුලි කාර්මිකයකු වූ සැකචෙන්කෝ නැගෙනහිර යුක්‍රේන විමුක්ති ව්‍යාපාරයට එක් වූයේ 2010 දීය. වාර්ගික රුසියානුවන් බහුතරයක් වෙසෙන මෙම ප්‍රදේශවල ජනයාගේ මූලික ඉල්ලීම් නම් ව්‍යවස්ථාව මගින් තම භාෂාව හා සෝවියට් සංස්කෘතික අංග පවත්වාගෙන යාමේ නිදහසත්, 1942 දොන් නිම්නයේදී නාසි ආක්‍රමණිකයාට එදිරිව රතු හමුදාව ලද ශ්‍රේෂ්ඨ ජයග්‍රහණය මත පදනම් වූ තම ඓතිහාසික හැඟීම් වලට ගරු කල යුතු බවට කොන්දේසියත්ය.

කෙසේ වුවද බටහිර රටවල් යුක්‍රේන අර්බුදය දකින්නේ ත බටහිර දේශ සීමා වල ආවරණ රාජ්‍ය පිහිටිවීමේ සම්ප්‍රදායික ක්‍රෙම්ලින් උපක්‍රමයේ තවත් පියවරක් ලෙසය. බටහිර සම්බාධක නොතකා යුක්‍රේන කැරළිකරුවන්ට යුද ආධාර දීමට පුටින් ගත් තීරණය නේටෝව හා ඇමෙරිකාව දශක එකහමාරක පවත්වාගෙන ගිය ආධිපත්‍යයයේ අවසානය ලෙස සැලකේ. 

සැකචෙන්කෝ ඝාතනය දැඩි ලෙස හෙලාදුටු රුසියානු ජනාධිපති පුටින් මෙය සාහසික අපරාධයක් බව ප්‍රකාශ කලේය. රුසියානු විදේශ ඇමති ලැව්රොව් අනතුරු ඇගවූයේ මේ ඝාතනය හේතුවෙන් මින්ස්ක් හි පැවැත්වීමට නියමිතව තිබූ සාම සාකච්ඡා නොපැවැත්වෙනු ඇති බවය. අවමංගල්‍යයට සහභාගී වීම සඳහා සුප්‍රකට ක්‍රිමියානු නීතිපතිනි නතාලියා පොක්ලෙන්ස්කයා ද පැමින සිටියාය. මැදහත් රාජ්‍යතාන්ත්‍රික ආරංචි මාර්ග සැක කරන්නේ පසුගිය දා හෙල්සින්කි නුවර සාකච්ඡා තුලදී සිරියාවේ ඊශ්‍රායල අවශ්‍යතා රැකදීමේ කොන්දේසියක් ලෙස යුක්‍රේන අර්බුදයෙන් ඉවත් වීමට ට්‍රම්ප් එකඟ වීමෙන් අමනාපයට පත් කියෙව් රජය මෙම ඝාතනය සිදු කරන්නට ඇති බවය. එහෙත් කියෙව් බළධාරීහූ එය ප්‍රතික්ෂෙප කරති. ඔවුන් පවසන්නේ මෙය කැරලි කරුවන් ගේ අභ්‍යන්තර පාර්ශ්ව අතර ගැටුමක ප්‍රතිඵලයක් බවය. 2014 නැගෙනහිර යුක්‍රේනයේ වෙනම 'සෝවියට්' මොඩල රා‍ජ්‍යයක් ප්‍රකාශ කල කැරලි කරුවන්ගේ ප්‍රධාන අනුග්‍රාහකයා වන්නේ රුසියාවයි. එහෙත් උග්‍ර ස්ලාව් වාදී දකුණු ඔටේසියාව හැර සෙසු රටවල් මෙම රාජ්‍යය නිළ වශයෙන් පිළිගෙන නොමැත. එම වසරේ අගෝස්තුවේදී යුක්‍රෙන රජයේ හමුදා මෙම කලාපය අත්පත් කොටගැනීමට උත්සහ කලද රුසියානු අවිවලින් සන්නද්ධව සිටි කැරලි කරුවන් අතින් ඔවුහු සමූල ඝාතනය වූහ. රුසියාව ඔවුනට ටී 64 යුද ටැංකි හා 'ඉග්ලා' මිසයිල සපයන බව කියෙව් බලධාරීන් චෝදනා කරයි. 2015 ඩෙබස්ට්ලාවා දුම්රිය මංසන්ධියේ දරුණු සටනින් යුක්‍රේන භටයන් 2800ක් කැරලි කරුවන් විසින් සිරභාරයට ගනු ලැබීමෙන් පසු යුක්‍රේන රජය මෙය ත්‍රස්ත පාලන ප්‍රදේශයක් ලෙස වර්ග කලේය. මෙම සටනට කැරලි හමුදාවේ මේජර් ජනරාල් වරයකු ලෙස අණදුන් සැකචෙන්කෝ සතුරු වෙඩි පහරකින් තුවාල ලැබීය. ඝාතනයට ලක්වන විට නොනිල ඩොනෙට්ස්ක් ජනරජයේ අගමැති ලෙස කටයුතු කලේ ද ඔහුය. සාමාන්‍යයෙන් අපරීක්ෂාකාරී ලෙස නගරයේ නිතර සක්මන් කිරීම පුරුද්දක් කොට ගෙන සිටි ඔහු තම ශරීරාක්ෂක බල ඇණියද බොහෝ දුරට අඩු කලේ එය අගමැති වරයා ලෙස දේශපාලනය කිරිමට බාධාවක් ලෙස හඟිමිනි. ඉදිරි සාකච්ඡා වට වලින් අනතුරුව නැගෙනහිර යුක්‍රේනයේ නිළ තත්වය ලෝකය පිළි ගනු ඇතැයි අපේක්ෂා කල ඔහු තමා පැතූ සාමය උදාවූ වහා තම රට 'එමිරේට්ස්' දේශය වැනි පොහොසත් රටක් කරව්මෙහි ලා සිහින දුටුවේය. යුක්‍රේනයේ විශාලතම ගල් අඟුරු ආකර ඇත්තේ කැරලි පාලන පෙදෙස් තුලය. රුසියානුවෝ ඔවුනට ගෑස් හා අවි නොඅඩුව සපයති.

මෙම ඝාතනය නිසා සාම වෑයම අඩාල වුවහොත් යුක්‍රේන රජයට බටහිර ආධාර රහිතව එහි ප්‍රථිපලයට මුහුණ දීමට සි්දුවන බව බටහිර මාධ්‍යවල පවා අදහසයි. තම සගයා මරා දැමූවනට ක්‍රෙම්ලිනය සමාව නොදෙනු ඇත. ඇලෙක්සැන්ඩර් සැකචෙන්කෝ ගේ සිරුර ඉරිදා ලෙනින්ස්කි දිස්ත්‍රික්කයේ දී සුවහසක් සෝ සුසුම් මැද මිහිදන් කෙරුනේ කැරලි කරුවන්ගේ කාලතුවකුකු හෝවිට්සර් හා ග්‍රාඩ් රොකට් වෙඩි මුර ආචාර මැදය. මෙම අවමංගල ගිණි කෙලිය තවත් මහා යුද්ධයක පෙර නිමිති වනු නොවනු ඇතයි බටහිර මාධ්‍යවල පැතුමයි .

පසු සටහන: ජනාධිපති පුටින්ගේ පෞද්ගලික සහායක ව්ලැඩිස්ලාව් සුර්කොව්ගේ නිවේදනය. " ඔහුගේ හැම උපන්දිනයකද් මෙන්ම මම මේ දුක්බර මොහොතේ දීද නැවත කියන්නේ ඔබ වීරයෙක් වගේම ඔබේ මිතුරා වීමට ලැබීම මට භාග්‍යයක්. සාෂා (ඇලෙක්සැන්ඩර් යන නමට කෙටි යෙදුම) ඔබ හැමවිටම ඉක්මන් වුනා වැඩියි. නිතරම ඔබ පතල් වලට ගොවිපොලවලට පාසල් වලට යන්න පමනට වඩා ඉක්මන් උනා. අප හැර යන්නත් ඔබ ඒ වගේම ඉක්මන් උනා. සහෝදරයා, ඔබට සුභ ගමන්." සුර්කොව් උග්‍ර සර්ව-ස්ලාව් වාදියෙකු ලෙස සැලකෙන අතර ජනාධිපති වරයා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පල නොකෙරෙන පෞද්ගල්ක මතය ඔහු හරහා එලි දැක්වෙන බවට පිළි ගැනීමක් ඇත) Chamara Siriwardene

"https://si.wikipedia.org/w/index.php?title=ද්වාරය:Russian_Empire&oldid=454355" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි