Jump to content

දළදා තේවාව

විකිපීඩියා වෙතින්
මාලිගාව

ලක්දිව දළදා වහන්සේ වැඩම වීමෙන් පසුව කිත්සිරි මෙවන් රජතුමා පටන් වත් පිළිවෙත් රැසක් ආරම්භ විය. දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන වසර දෙදහසකට වඩා පැරණි මෙම වත් පිළිවෙත් තුළින් බෞද්ධාගමික අනන්‍යතාවයන් හා අපූර්වතම ජාතික උරුමයක් මෙන්ම විවිධ සමාජ ස්ථරයනයන්නේ ස්වභාවය ඉස්මතු කොට දක්වයි. මෙලෙස දළදා වහන්සේ වෙනුවෙන් පවත්වනු ලබන පූජාවන් හදුන්වනු ලබන්නේ දීතේවාව” යනුවෙනි. ආහාර ගිලන්පස තෙල්මල් පහන් යනාදියෙන් දිනපතාම අලුයම් කාලයේ තේවාවද මධ්‍යහන හා සන්ධ්‍යා භාගයේ තේවාවන් ද පැවැත්වේ. අතීතයේ දෛනිකව දළදා මාලිගාව තුළ උදේ හවස පවත්වනු ලබන වතාවත් සදහා රජු විසින් ම පත් කළ වෙනමම පුද්ගල කොටස් විය. එලෙස දළදා වහන්සේ වෙනුවෙන් දෛනිකව තෙවරක් වත් පිළිවෙත් පවත්වන ලද බව විවිධ වංසකතා වල මෙන්ම විවිධ දේශාටන වාර්තාවලින් තොරතුරු රැසක් හමුවේ. දෛනිකව කෙරෙන එම තේවාව කිසියම් ව්‍යවස්ථාවකට අනුකූලව කළ යුතු බවට ඒ ඒ යුගයන්හි රජවරුන් විසින් පනවන ලද විවිධ නීති මාලාවක් ද දක්නට ලැබෙි. එම අතීත විධි විධාන අනුව යමින් වර්තමානයේ ද එම තත්වය ඒ අයුරින්ම පාරම්පරික වත්පිළිවෙත් වලට අනුකූලව සිදු කරන බව පෙනේ. අලුයම පූජාව, දවල් පූජාව ,සන්ධ්‍යා පූජාව යනුවෙන් අවස්ථා තුනකදී පැවැත්වෙන මෙම තේවාව තූළ පැහැදිළිවම පුරුෂ පාර්ශවය පමණක් යොදාගන්නා අතර වතාවත් පැවැත්වීම හා ඒ සම්බන්ධ සියලුම කටයුතු භාරවනුයේ ඉහළ යයි සම්මත කුලවල අයටය. දළදා මාලිගයේ වතාවත් සදහා පිරිමි හා භික්ෂූන් පමණක් යොදාගැනීම අතීතයේ සිදුවූවකි.

අලුයම තේවාව

[සංස්කරණය]

අලුයම පූජාව සදහා සංසක්කාර මුහන්දිරම්ගේ අනුග්‍රහය ඇතිව පත් කරන ලද සිව්දෙනකු විසින් එම පූජාව පවත්වනු ලැබේ. මොවුන් ඉහළ කුලයන් නියෝජනය

ගොනුව:Sri Dalada Maligawa.JPG
තේවාව සිදුකිරිමට පැමිණෙන පිරිස

කරන පුද්ගලයන් විය. විශේෂයෙන් මොවුන් නියෝජනය කළේ ගොවිගම කුලයයි. ඓතිහාසික වාර්තාවලට අනුව පෙනී යන කරුණක් වන්නේ මහනුවර දළදා මාලිගාවේ සිදුකරන අභ්‍යන්තර කටයුතු භාරව උසස් හා පහත් ලෙස කොටස් දෙකකින් බෙදී සිටි බවය.

මෙම බෙදීමට භික්ෂූන් වහන්සේලා අයත් වූ බවක් නොපෙනේ. භික්ෂුන් හැර සෙසු පුද්ගලයන් මේ යටතට ගැනෙයි. හේතුව සමාජයේ වැදගත් තැනක් එදා භික්ෂූන් වහන්සේට හිමිව තිබීමයි. භික්ෂූන් වහන්සේලාට අමතරව සෙසු පුද්ගලයන්ගෙන් බොහෝවිට දළදා වහන්සේට සමීප කටයුතු කිරීමට උසස් යැයි සම්මත කුලීනයන් යොදා ගත් බව පෙනේ. ඉහත උදෑසන පූජාවට යොදා ගන්නා වට්ටෝරුරාළ ගෙපරාල මෙන්ම මධ්‍යම පූජාව සදහා යොදාගන්නා කත්තිය රාළද ඉහළ කුලයකින් තෝරා ගනු ලබයි.මෙහිදී දළදා හාමුදුරුවන් වැඩ සිටින මාලිගාවේ දොරවල් විවෘත කිරීමෙන් අනතුරුව චාරිත්‍රානුකූලව දළදා සේවාවන් රැසක් සිදු කෙරේ.

දහවල් තේවාව (නවපෑ තේවාව)

[සංස්කරණය]

දහවල් පූජාවේදී මුල්තැන් ගේ පිසින ලද ව්‍යංජන 32 (තිස් දෙකක්* සහිත දානය කත්තිය රාළ විසින් ඉහළ මාලයට ගෙනගොස් ගොවිරාලට භාර දෙයි .ඔහු විසින් එය භික්ෂූන්ට පිරිනමනු ලබයි. භික්ෂූූන් විසින් එය දළදා වහන්සේ වෙනුවෙන් පූජා කරනු ලබයි. එලෙස පූජා පවත්වන විටදී අඛණ්ඩව බෙර වාදනයේ යෙදෙන පිරිසක් සිටී.

හවස තේවාව

[සංස්කරණය]

හවස තේවාවද භික්ෂූන් ප‍්‍රමුඛ වට්ටෝරු රාළගේ ආධාර ඇතිව දොරවල් විවෘත කර හේවිසි හඬ මධ්‍යයේ සිදුකරනු ලබන්නේ ගිලන් පස පූජාවයි.

ඬේව් සිය වාර්තාවල සදහන් කරන ආකාරයට මෙම තේවා කටයුතු වලට මාලිගාවේ දිව නිළමේද සම්බන්ධ වූ බව දක්වයි. .දී...මාලිගාවේ කටයුතු සදහා සැරසෙන හේ ජලස්නානය කොට පිරිසිදු තුප්පොට්ටියක් ඇඳ යටත් පිරිසෙයින් සූවිසි පැයක් මාංශානුභවයෙන් වළකියි. මෙසේ කෙරෙන්නේ මෙවැනි කටයුතු ගැන බුදුන් ප‍්‍රසන්න වන නිසා නොව මාලිගාවට අරක්ගෙන සිටිතැයි සැලකෙන දෙවියන් ශාරීරික පවිත‍්‍රතාව ගැන සාවධානු වීම නිසා සහ ඒ පිළිබද නොසැලකිල්ල ගැන නොකැමැති නිසාය. දිව නිලමේ විසින් පැවැත්වෙන උදය පූජාව බත් සහ මල් යන මෙයින් සවස පූජාව මල්, ගිලන්පස, දැහැත් යන මෙයින් ද යුක්තය වියදී.

දළදා වහන්සේ වෙනුවෙන් මෙලෙස දෛනිකව සිදුකළ තේවා කටයුතු දෙස බලන විට මුල්කාලීනව එහි රාජකාරීමය බලය භික්ෂූන් වහන්සේලාට හා පිරිමි ගිහියන්ට පැවරී තිබූ බව පෙනේ. එම භික්ෂූන් වහන්සේලා තෝරාගනු ලැබුවේ අස්ගිරි හෝ මල්වතු විහාර පාර්ශවයන්ට අයත් භික්ෂූන්ගෙනි. එනිසාම සෙසු භික්ෂූන් වහන්සේලාට වඩා වැඩි ගෞරවයක් හිමිව තිබූ බව පැහැදිලිය. එපමණක් නොව දළදාව සදහා තේවාව කරන භික්ෂූන් වහන්සේ නමක් වයසින් තරමක් බාල වුවද වයසින් වැඩි මහලු නායක හිමි නමක් පවා එම තේවාව භාරව සිටි හිමි නම පැමිණි විට නැගිට ගෞරව කිරීමක් සිදු කළ යුතු බව අතීතයේ පටන්ම එන සිරිතකි. මුල් කාලීනව දළදා වහන්සේ සම්බන්ධ වතාවත් කිරීමේදී සියලු කටයුතු කිරීමේි රාජකාරිය පැවරීමේ අයිතිය රජු සතු විය. නමුත් වර්තමානය වන විට මෙය වෙනස් වී ඇති බව පෙනෙයි. එය අස්ගිරි මල්වතු භික්ෂූන් හා දියවඩන නිළමේ විසින් සිිදුකරනු දක්නට ලැබේ.


‍ක්‍රි.ව 1815 බි‍්‍රතාන්‍යයන්ට උඩරට රාජ්‍යය යටත් වීමත් සමග ඇති වූ යම් යම් ව්‍යාකූලතාවයන් හේතුකොට ගෙන දළදා වහන්සේ විවිධ තැන්වල ස්ථානගත කෙරිණි. එතැන් සිට 1828 වන තෙක් දසකයකට ආසන්න කාලයක් කිසිදු දළදා පෙරහැරක් හෝ ප‍්‍රදර්ශනය නොපැවැත්වුන අතර දළදා වහන්සේ වෙනුවෙන් නිති තේවා කටයුතු නිසිලෙස ඉටුකිරීමට අවස්ථාවක් තිබුණේද යන්න සැක සහිතය. හේතුව 1828 බ‍්‍රවුංරිග් ආණ්ඩුකාරවරයාගේ මූලිකත්වයෙන් බ‍්‍රිතාන්‍යය විසින් දළදා පෙරහැර පවත්වන තුරු දළදා වහන්සේ ඔවුන්ගේ ආරක්ෂාව යටතේ පැවතීමයි. 1818 ඇති කළ කැරැුල්ල හේතුවෙන් ඔවුන් එසේ කළ බව සඳහන් වේ. කෙසේ වෙතත් 1853 සිට දළදා වහන්සේගේ සම්පූර්ණ භාරකාරත්වය අස්ගිරි මල්වතු උභය මහා විහාරස්ථානවල මහා නායක ස්වාමීන් වහන්සේලාට හා දියවඩන නිලමේතුමන්ට භාරකොට ඇත. එතැන් පටන් දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන තේවා කටයුතු ඔවුන් විසින් අඛන්ඩව වර්්තමානය දක්වා පවත්වාගෙන එනු ලබයි. සෑම වසරකව උපසම්පදා භික්ෂුන් වහන්සේලා වස් එලඹෙන දිනයේදී මෙම උභය විහාරික භික්ෂූන් වහන්සේලා අතර මුර මාරුවීම හෙවත් තේවා භාරකාරීත්වය වෙනස් වේ.

තේවාව පවත්වන අවස්ථා

[සංස්කරණය]
  • අලුයම තේවාව උදෑසන 5.30 සිට පෙ.ව 7.00 දක්වා
  • දවල් තේවාව හෙවත් නවපෑ තේවාව උදේ 9.15 සිට දවහල් 10.45 දක්වා
  • සවස ගිලන් පස පූජාව සවස 6.30 සිට 8.30 දක්වා

සවසට සිදුකරන ගිලන් පස පූජාවේ දක්නට ලැබෙන විශේෂත්වයකි. එනම් අඩහෝරාවක් පමණ කාලයක් තුළ ගිලන් පස පූජා දෙකක් පැවැත්වීමයි. එයට හේතු වී ඇත්තේද ඓතිහාසික සිදුුවීමකි. සම්ප‍්‍රදායකට අනුව එය කීර්ති ශ‍්‍රී රාජසිංහ රජු දවස සිදුවූවකි. රජු දිනපතා සිරිතක් වශයෙන් දළදා වන්දනාවට පැමිණීම සිද්ධ කර ඇත.2 දිනක් දළදා වන්දනාව සදහා රජු පැමිණෙන විට කාලය ඉක්ම ගොස් තිබී ඇත.රජු ගේ ප‍්‍රමාද වීම ගැන එවකට තේවාවේ භාරකාරීත්වය දැරූ නායක හිමියන්ට දක්වා පණිවිඩකාරයෙකු යවා ඇති නමුත් ඒ වන විට සියලු තේවා කටයුතු නිමකොට ඇතුල් මාලිගය පවිත‍්‍රකොට සුවද දුම් අල්ලා සුවද පැන් ඉස අවසන් කර දොරවල් වැසීම සිදු කරමින් පැවතිණි. නායක හිමියන් පවසා ඇත්තේ රජු පැමිණියද තේවාව අවසන් කොට ඇතුල් මාලිගාවේ දොර වැසූ පසු කිසිදු හේතුවක් නිසාවත් නැවත එය විවෘත නොකළ යුතු බවකි. රජතුුමා පැමිණ එම කාරණාව සම්බන්ධයෙන් නොකිපී එතැන් පටන් ඉදිරියට දෙවන ගිලන්පස පූජාවක් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙස තේවාව භාර නායක හිමියන්ගෙන් ඉල්ලා සිටි අතර එයට අවසරය ලදෙන් එදා සිට අද දක්වාද එම චාරිත‍්‍රය ඉටු කරමින් අමතර ගිලන්පස පූජාවක් පවත්වනු ලබයි.

භික්ෂුව හා තේවාව

[සංස්කරණය]

උදෑසන 05.15 පමණ හේවිසි කරුවෝ විසින් අලුයම් දුරය නම් ශබිද පූජාවක් අරඹයි. ඉන් පසුව තේවා කටයුතු පැවරී ඇති භික්ෂූන් වහන්සේ ලා හා තමන්ට අදාළ තේවා කටයුතු වලට ගමන් කරති. වැඩසිටින මාලිගාවේ හා පල්ලේ මාලේ යතුරු භාරව සිටිනනේ තේවාව භාර නායක තෙරුන්ය. චාරිත‍්‍රානුකූලව උන්වහන්සේගෙන් ලබාගන්නා පට ලේන්සුවක ඔතා යතුරු වට්ටෝරු රාළ විසින් මහත් ගෞරවයෙන් යුතුව උරහිස තබාගෙන පෙරටුව ගමන් කරනු ලැබේ. පසුව තේවාව භාර නායක හිමියන් වඩින අතර ඒ පසුපස දෙවන හිමියන් හාපල්ලේ මාලේ හිමියන් ගමන් කරයි. ඒ සැමට ඉදිරියෙන් පන්දම් කරු ගමන් කරයි. හේවිසි මණ්ඩපය කරා ගමන් කරන ගිහි පැවිදි පිරිස පා දෝවනය කොට ගෙන වැඩසිටින මාලිගාව ලගට පැමිණ යතුරු ලිහා පල්ලේ මාලේ යතුරු කට්ටලය පල්ලේමාලේ රාළට දීම සිදුකරනු ලබයි. ඉන් අනතුරුව දොරවල් විවෘත කර වැඩසිටින කුටියට ඇතුල් වේ.

වැඩ සිටින මාලිගාවේ දොරවල් එකිනෙක ඇර ගන්ධ කුටියට ඇතුල් වී එහි ඇති ඝණ්ටාව නාද කිරීම සිදු කරනු ලබයි. අනතුරුව තේවාවේ යෙදෙන භික්ෂූන් වහන්සේලා පත්කඩ එලා දළදා වහන්සේට වන්දනා කොට තේවා කටයුතු ආරම්භ කරති. දුවිලි පිිස දැමීම, පහන් දැල්වීම ,ආසන මත තේවා උපකරණ පිළිවලකට තැබීම ආදිය ඒ අතර මුලින් සිදු කෙරෙයි. ගොවිරාළ විසින් බොලපැන සකස් කරන අතර අනතුරුව උණූ පැන් සහ සිසිල් පැන් කෙණ්ඩිවලට ලබා ගැනීමෙන් අනතුරුව සිරිත් පරිදි සිදුකරන තේවා කටයුතු ආරම්භ කෙරේ. මෙහිදී තේවා භාර හිමි වරු එකල අග‍්‍ර උපස්ථායක ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ උදෙසා සිදුකළ උපස්ථාන කටයුතු දළදා වහන්සේ වෙනුවෙන් සිදු කෙරෙයි. ඒ අනුව මූඛ දෝවනයට උණුපැන් පිළිගැන්වීම, දැහැටි පිළිගැන්වීම ,සිවුරු පිරිකර පිලිගැන්වීම , පාදෝවනය කිරීම,තෙත මාත්තු කිරිම ,පවන් සැලීම ,චාමර සැලිම ,ඝණ්ටාර පූජාව කිරීම, සුවද දුුම් ඇල්ලීම ,සුවද පැන් ඉසීම, මල් දැකුම් තැබීම ආදී කටයුතු රාශියක් තේවාව ලෙස සිදුකරයි, අනතුරුව බුද්ධ පූජා කටයුතු සිදුකරනු ලබන අතර හාල් සේරු තිස් දෙකක දානය හා ව්‍යංජන තිස් දෙකක් පූජා කරයි. දහවල් සිදුවන තේවා කටයුතු වලදී හැර අනෙක් අවස්ථා දෙකේදීම සියලු පූජා කටයුතු සිදු කෙරේ. සවස ගිලන්පස වර්ග දෙකක් සමග බුද්ධ පූජාව සිදුකරයි.

වන්දනා කිරිම

තේවාව හා ස්ත්‍රිය

[සංස්කරණය]

ස්ත‍්‍රීන් විසින් තම හිසකෙස් අතර සඟවා වරඩමවූ නමුදු (කිල්ලට අසුවිය හැකි පුද්ගලයන් ලෙස සිතූ නිසාදෝ) තේවාව සඳහා කාන්තාවන් යොදාගැනීමක් සිදු කර නොමැත. අතීතයේ පමණක් නොව වර්තමානයේද එම අදහස එලෙසම පවතින බව පෙනී යන්නේ එවැනි අවස්ථාවලදී කාන්තාවන් ආගමික කටයුතු වලට සම්බන්ධ කර ගැනීමෙන් හා සම්බන්ධවීමෙන් වැළකී සිටීම නිසාය. විශේෂයෙන් දෙවියන් උදෙසා කෙරෙන ආගමික වතාවත් වලදී එය බලපවත්වයි. මහනුවර යුගය වන විට එය දළදා වහන්සේ වත් පිළිවෙත් විෂයෙහිද බලපා තිබූ බව පෙනේ.

මුළුතැන් පුඡාව

[සංස්කරණය]

දළදා වහන්සේ උදෙසා සිදුුකරන බුද්ධපූජා කටයුතු දළදා මාලිගාවට පමණක් ආවේණික චාරිත‍්‍රමාලාවක් ලෙස පැවැත්වේ. මෙම පූජාව දීඅමුතු මුළුතැන් පූජාව” ලෙස ද හදුන්වනු ලැබේ. මුලින් කී පරිරිදි මෙම පූජාව සදහා හාල් සේරු දෙකක දානයක් ව්‍යංජන දෙකක් අවුල්පත් සදහා කැවුම් වර්ග හතරක් ද දිනපතා පිලියෙළ කරනු ලැබේ. එකළ රජමාලිගාවේ රාජභෝජනයක් සදහා හාල් සේරු දෙකක් හා ව්‍යංජන වර්ග දෙකක් සකස් වී ඇති අතර රජවරු ආහාර ගැනීමට මුලින් දළදා වහන්සේ වෙනුවෙන් බුද්ධපූජාව පැවැත්වීමට කටයුතු යොදා ඇත.

දළදා වහන්සේ වෙනුවෙන් පැවැත්වෙන බුද්ධ පූජාව වෙනුවෙන් වර්තමානය දක්වාම පැවත එන්නේ එම චාරිත‍්‍ර බව පැහැදිලිය. නියමිත වෙලාවට තේවා කටයුතු අවසන් කිරීමෙන් පසුව හක්ගෙඩි නාද කිරීමත් සමග එකිනෙකය දොරවල් වසා තේවා කටයුතු වල නිරත වූ ගිහි පැවිදි පිරිස පහළට බසිති. අවසාන රිදී දොරටුව වැසීමෙන් පසුව ප‍්‍රධාන යතුරු කට්ටලය ඔතා ඒ මත පල්ලේමාලේ යතුරු කට්ටලයද ඔතා එකට තබා බදිනු ලැබේ. එම කි‍්‍රයාවලිය සදගල අසලදී සිදු කරනු ලබන අතර යතුරු කට්ටලය සේප්පුවට දමා වසා එම යතුර වට්ටෝරුරාළ විසින් නායක හිමියන්ට භාරදීම ඉන් අනතුරුව සිදු වේ.

අතීතයේ පටන් සාමාන්‍යයෙන් දළදා මාලිගාවේ තේවා කටයුතු සිදුවන්නේ ඉහත පරිදිය. ඒ අයුරින් දළදා වහන්සේ සදහා දෛනිකව පවත්වනු ලබන පුද සත්කාර ද ක‍්‍රමවත්ව පිළිවෙලකට අතීතයේ පටන් සිදුවන බවත් ඒ හරහා එවකට පැවති සමාජ ස්ථරායනයේ ස්වරූපය කෙබදුද යන්න පිළිබදවත් අවබෝධයක් ලැබේ. විශේෂයෙන් මහනුවර යුගයේ පැවති කුල ධූරාවලිය පිලිබද බොහෝ තොරතුරු ඒ හරහා ගම්‍ය වේ.

සබැදි පිටු

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=දළදා_තේවාව&oldid=589868" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි