දශාවතාර දේවාලය, දේව්ගාර්
| දශාවතාර දේවාලය | |
|---|---|
දශාවතාර දේවාලය, දේව්ගාර් | |
| මූලික තොරතුරු | |
| පිහිටීම | බේට්වා ගංගා නිම්නය |
| භූගෝලීය ඛණ්ඩාංක | 24°31′35.8″N 78°14′24.4″E / 24.526611°N 78.240111°E |
| අනුබැඳියාව | හින්දු ආගම |
| දේවතාවා | විෂ්ණු |
| දිස්ත්රික්කය | ලලිත්පූර් දිස්ත්රික්කය |
| ජනපදය | උත්තර් ප්රදේශ් |
| රට | ඉන්දියාව |
| ගෘහනිර්මාණ විස්තර | |
| ගෘහනිර්මාණ ශෛලිය | නගර |
දශාවතාර දේවාලය යනු උතුරු-මධ්යම ඉන්දියාවේ බෙට්වා ගංගා නිම්නයේ, ජාන්සි සිට කිලෝමීටර් 125 ක් දුරින්, උත්තර් ප්රදේශ්හි ලලිත්පූර් දිස්ත්රික්කයේ, දේව්ගාර් හි පිහිටි 6 වන සියවසේ මුල් භාගයට අයත් හින්දු දේවාලයකි . [1] එය සරල, එක් කුටියකින් යුත් හතරැස් සැලැස්මක් ඇති අතර එය අදටත් ඉතිරිව ඇති පැරණිතම හින්දු ශිලාමය දේවාලවලින් එකකි. [2] [3] ගුප්ත යුගයේ ඉදිකරන ලද දේව්ගාර් හි දශාවතාර දේවාලය, අලංකාර ගුප්ත ශෛලියේ ගෘහ නිර්මාණ ශිල්පය පෙන්නුම් කරයි.
දේව්ගාර් හි පිහිටි දේවාලය විෂ්ණු වෙනුවෙන් කැප කර ඇත, නමුත් එහි ශිව, පාර්වතී, කාර්තිකේය, බ්රහ්ම, ඉන්ද්ර , ගංගා සහ යමුනා යන ගංගා දේවතාවියන් වැනි විවිධ දෙවිවරුන්ගේ කුඩා පා සටහන් රූප මෙන්ම හින්දු වීර කාව්යයක් වන මහා භාරතයේ පාණ්ඩවයන් පස්දෙනා පෙන්වන කැටයම් පුවරුවක් ද ඇතුළත් වේ. [1] මෙම දේවාලය ගල් හා ගඩොල් යොදාගෙන ඉදිකරන ලද්දකි. විෂ්ණු හා සම්බන්ධ ජනප්රවාද දේවාලයේ අභ්යන්තර හා බාහිර බිත්තිවල කැටයම් කර ඇත. තවද, පෙම් සබඳතා සහ සමීපතාවයේ විවිධ අවස්ථා වල ලෞකික දර්ශන සහ පෙම් යුවළවල් කැටයම් කර ඇත. [2] [1]
සටහන්
[සංස්කරණය]ආශ්රේයයන්
[සංස්කරණය]- 1 2 3 George Michell (1977). The Hindu Temple: An Introduction to Its Meaning and Forms. University of Chicago Press. pp. 27 with Figure 5, 95–96. ISBN 978-0-226-53230-1.George Michell (1977).
- 1 2 Dehejia, Vidya. Indian Art. New York, NY: Phaidon Press Limited, 1997, p. 143
- ↑ Fred S. Kleiner (2010). Gardner's Art through the Ages: A Global History, Enhanced Edition. Cengage. p. 170. ISBN 978-1-4390-8578-3.