Jump to content

ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය

විකිපීඩියා වෙතින්

දකුණු පළාතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙලිඅත්ත ප්‍රාදේශීය ලේඛම් කොට්ඨාසයේ දම්මුල්ල ග්‍රාමයේ බෙලිඅත්ත - වලස්මුල්ල ප්‍රධාන මාර්ගයට මුහුණලා දම්මුල්ල මංසන්ධියට ඉතාමත් නුදුරින් තරමක් උස් බිමක පිහිටා ඇති මෙම විහාරස්ථානය මහා විහාරවංශික ශ්‍යාමෝපාලි මහා නිඛායේ මල්වතු පාර්ශවයට අයත් විහාරස්ථානයකි. විහාරස්ථානයට දකුණු දෙසින් සහ බටහිර දෙසින් ඉතා විශාල කෙත් යාය පිහිටා ඇති අතර පිටුපස රාමාඥ්ඥ මහා නිඛායට අයත් ශ්‍රී සුධර්මාරාම පුරාණ විහාරය පිහිටා ඇත.

ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය
මූලික තොරතුරු
අනුබැඳියාවබෞද්ධ
පිළිවෙතථේරවාද
අංශයමල්වතු පාර්ශවය
දිස්ත්‍රික්කයහම්බන්තොට
පළාතදකුණු පළාත
රටශ්‍රී ලංකාව
නායකත්වයපූජ්‍ය මුරුතවෙල කස්සප හිමි
ගෘහනිර්මාණ විස්තර
ගෘහනිර්මාණ ප්‍රභේදයබෞද්ධ විහාරය
ගෘහනිර්මාණ ශෛලියනව (වත්මන්)
ආදිකර්තෘපූජ්‍ය දම්මුල්ලේ සිද්ධාර්ථ හිමි
ස්ථාපිත දිනයක්‍රි.ව.1842

ඉතිහාසය

[සංස්කරණය]

ක්‍රිස්තු වර්ෂ 1842 දී පමණ ඓතිහාසික කහවත්ත රාජ මහා විහාරයේ විහාරවාසීව වැඩ විසූ පූජ්‍ය දම්මුල්ලේ සිද්ධාර්ථ හිමියන් විසින් දම්මුල්ල ග්‍රාමයේ එවකට වාසය කළ ධානපතීන්ගේ සහ ගම්වැසියන්ගේ ආධාර උපකාරයෙන් ශ්‍රී සුධම්මදින්න විහාරය නමින් මෙම විහාරස්ථානය ආරම්භ කොට ඇත. වර්ථමානය වන විට වසර 180 කටත් වඩා වැඩි ඉතිහාසයකට උරුමකම් කියනා දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය ඉතිහාසයේ සිටම ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් ආගමික සහ සාමාජීය වශයෙන් මෙන්ම ආර්ථික වශයෙන්ද ඉතාමත් වැදගත් මෙහෙ‍යක් ඉටු කළ විහාරස්ථානකි.

විහාරයේ විහාරාංග

[සංස්කරණය]

විහාරය ඉදිරිපසින් වළාකුළු බැම්ම ඉදිකොට ඇති අතර වළාකුළු බැම්ම පසුකොට පිවිසෙත්ම දාගැබ් වහන්සේ ඉදිකොට ඇත. එමෙන්ම බුද්ධ මන්දිරය, කතරගම විෂ්ණු උභය දේවාලය, බෝධිඝරය සහිත බෝධීන් වහන්සේ, විජයදාස රාජපක්ෂ ධර්ම මන්දිරය, දාන ශාලාව, ලේල්වල වනරතන පුස්තකාලය, ඝණ්ඨාර කුළුණ, ඉපැරණි සංඝාවාසය සහ නව දෙමහල් සංඝාවාසය යන විහාරයක් සමන්විත විය යුතු බොහෝ විහාර අංගයන්ගෙන් විහාරස්ථානය සමන්විතවේ.

වත්මන් දියුණුව

[සංස්කරණය]

මෙම විහාරස්ථානයේ දියුණුවේ ඇරඹුම සැලසුනේ විහාරයේ විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගාල්ලේ මණිරතන නාහිමියන් දවස සිටය. විහාරයේ වත්මන් විහාරාධිපති ධූරය හොබවන ශාස්ත්‍රපති පූජ්‍ය මුරුතවෙල කස්සප නාහිමියන් විසින් විහාරයේ වත්මන් දියුණුව තකා කටයුතු සිදු කරනු ලබයි.

විහාරාධිපති ධූරාවලිය

[සංස්කරණය]

විහාරාධිපති දම්මුල්ලේ සිද්ධාර්ථ හිමි ( I ) විහාරාධිපති තාරපේරියේ පියදස්සි හිමි ( II ) විහාරාධිපති කහවත්තේ පියරතන හිමි ( III ) විහාරාධිපති බඹරැන්දේ ඉන්දජෝති හිමි ( IV ) විහාරාධිපති ගාල්ලේ මණිරතන හිමි ( V ) විහාරාධිපති ලේල්වල වනරතන හිමි ( VI ) විහාරාධිපති මුරුතවෙල කස්සප හිමි ( VII )

සඝ පරපුර

[සංස්කරණය]

රාජපූජිත වැලිවිට අසරණ සරණ සරණංකර සංඝරාජෝත්තමයාණන් වහන්සේගේ එක් ශිෂ්‍ය රත්නයක් වූ වටරක්ගොඩ ධම්මපාල නාහිමි මගින් ඓතිහාසික මුල්කිරිගල රාජ මහා විහාරය මූලික කොට ගෙන ව්‍යාප්ත වන ලද මුල්කිරිගල සඝ පරපුරෙන් පැවත එන ශ්‍රී සුධම්මදින්න විහාරීය වූ සඝ පරපුර උගත් යතිවරුන් රැසක් වැඩ සිටි මහ සඝ පරපුරකි.

මුල්කිරිගල සඝ පරපුරෙන් පැවත එන ශ්‍රී සුධම්මදින්න විහාරීය සඝ පරපුර මෙසේය.

වැලිවිට සරණංකර සංජෝත්තමයන් වහන්සේ මල්වතු මහා විහාරය සංඝරාජ පදවිය
වටරක්ගොඩ ධම්මපාල නාහිමි මුල්කිරිගල රාජ මහා විහාරය පරපුරේ ආදිකතෘ
නළගම මණිරතන හිමි කහවත්ත රාජ මහා විහාරය විහාරාධිපති (I)
ගල්වැවේ සෝභිත හිමි කහවත්ත රාජ මහා විහාරය විහාරාධිපති (II)
කහවත්තේ බුද්ධරක්ඛිත හිමි කහවත්ත රාජ මහා විහාරය විහාරාධිපති (III)
දම්මුල්ලේ සිද්ධාර්ථ හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (I)
තාරපේරියේ පියදස්සි හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (II)
කහවත්තේ පියරතන හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (III)
බඹරැන්දේ ඉන්ද්‍රජෝති හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (IV)
ගාල්ලේ මණිරතන හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (V)
ලේල්වල වනරතන හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (VI)
ගල්වැවේ පුඥ්ඥරතන හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරවාසී
කදුරුපොකුණේ සීලවංස හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරවාසී
දම්මුල්ලේ පඥ්ඥාලෝක හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරවාසී
මුරුතවෙල කස්සප හිමි දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරය විහාරාධිපති (VII)

අනුබද්ධිත ආයතන

[සංස්කරණය]

ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය

දම්මුල්ල ශ්‍රී සුධම්මදින්න පුරාණ විහාරයට අනුබද්ධිත ආයතනයක් වශයෙන් ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය පවත්වා ගෙන යනු ලබන අතර මෙය විහාරාධිපතිව වැඩ විසූ පූජ්‍ය ගාල්ලේ මණිරතන නාහිමියන් අනුස්මරණය වීම පිණිස උන් වහන්සේගේ නමින් 2003 වසරේ විහාරාධිපති ශාස්ත්‍රපති මුරුතවෙල කස්සප නාහිමියන් විසින් ආරම්භ කොට ඇත. වර්ථමානය වන විට විහාරාධිපති පූජ්‍ය මුරුතවෙල කස්සප නාහිමියන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේත් විහාරාධිකාරී පූජ්‍ය බෝවල පදුම හිමියන්ගේ ප්‍රධාන අචාර්‍යත්වය යටතේත් විස්සකට ආසන්න ආචාර්‍ය මණ්ඩලයේ ඉගෙනුම් කටයුතු මත දෙසීයකට ආසන්න දරු දැරියන් පිරිසක් ශ්‍රී මණිරතන ධර්ම විද්‍යාලය මගින් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය හදාරනු ලැබෙයි.

ප්‍රධාන මූලාශ්‍ර

[සංස්කරණය]