දකුණු ඕස්ට්‍රේලියාවෙහි ආණ්ඩුකාරවරයා
| දකුණු ඕස්ට්‍රේලියාවෙහි ආණ්ඩුකාරවරයා | |
|---|---|
ආණ්ඩුකාරවරයාගේ ලාංඡනය | |
ආණ්ඩුකාරවරයාගේ ධජය [යාවත්කාලීන කිරීම අවශ්‍ය වේ] | |
| ප‍්‍රතිරාජ | |
| ශෛලීය | උත්තමාවිය අතිගරු |
| නිවහන | ගවර්න්මන්ට් හවුස්, ඇඩිලේඩ් |
| ආසනය | ඇඩිලේඩ් |
| පත් කරන්නා | රජතුමා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත |
| ධූර කාල ප්‍රමාණය | රජතුමාගේ අභිමතය පරිදී (සම්මුතිය ප්‍රකාර සාමාන්‍යයෙන් වසර 5 ක්) |
| සංස්ථාපනය | 28 දෙසැම්බර් 1836 |
| පළමු දරන්නා | කපිතාන් ජෝන් හයින්ඩ්මාර්ෂ් |
| වෙබ් අඩවිය | governor.sa.gov.au |
දකුණු ඕස්ට්‍රේලියාවෙහි ආණ්ඩුකාරවරයා විසින්, රජතුමා, වර්තමානයෙහි තෙවන චාල්ස් රජතුමා, දකුණු ඕස්ට්‍රේලියාව තුල නියෝජනය කරයි. ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාණ්ඩුකාරවරයා විසින් ජාතික මට්ටමෙහි ඉටුකරනු ලබන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාමය සහ උත්සවාකාර කාර්යයන්ම, ආණ්ඩුකාරවරයා විසින් ප්‍රාන්ත මට්ටමෙහිදී ඉටු කරයි. වෙස්ට්මිනිස්ටර් සම්ප්‍රදායයෙහි පාර්ලිමේන්තුමය රජයක සම්මුති ප්‍රකාර, ආණ්ඩුකාරවරයා විසින් සැමවිටම පාහේ, තෝරා පත්කෙරුණු රජයෙහි ප්‍රධානියා වන දකුණු ඕස්ට්‍රේලියාවෙහි අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් අනුව පමණක් ක්‍රියා කරයි. කෙසේවෙතත්, කිරීටයෙහි අභිමතානුසාරී බලතල ආණ්ඩුකාරවරයා සතුව නියුක්තව ඇති අතර, අග්‍රාමාත්‍යවරයා සේවයෙන් පහ කිරීමෙහි බලතල ඔහු සතු වෙයි.
ඕස්ට්‍රේලියාවෙහි උපත ලද පළමුවන දකුණු ඕස්ට්‍රේලියා ආණ්ඩුකාරවරයා වූයේ මේජර් ජනරාල් ශ්‍රීමත් ජේම්ස් හැරිසන් (1968 වසරෙහිදී පත්කෙරුණු), වූ අතර, ඉන්පසු පත්වූ ආණ්ඩුකාරවරුන්ගෙන් බොහෝමයක් ඕස්ට්‍රේලියාවෙහි උපත ලද්දෝ වූහ.දකුණු ඕස්ට්‍රේලියාවෙහි උපත ලද පළමුවන ආණ්ඩුකාරවරයා වූයේ ශ්‍රීමත් මාර්ක් ඔලිෆන්ට් (1971 වසරෙහිදී පත්කෙරුණු) වූ අතර, පළමුවන ආදිවාසික ආණ්ඩුකාරවරයා වූයේ ශ්‍රීමත් ඩග්ලස් නික්ල්ස් (1976 වසරෙහිදී පත්කෙරුණු) විය.
වත්මන් ආණ්ඩුකාරවරයා, රාජ්‍යතාන්ත්‍රික ෆ්‍රැන්සස් ඇඩම්සන් වන අතර, 2021 ඔක්තොම්බර් 7 දිනදී, ගවර්මන්ට් හවුස්, ඇඩිලේඩ්හී දිවුරුම් දෙන ලද්දේ,[1][2] 2014 වසරෙහි සිට 2021 වසර දක්වා තනතුර හෙබවූ හියු වෑන් ලේ වෙනුවට ආදේශකයක් ලෙසින් වෙයි[3].[4][5]
ආණ්ඩුකාරවරයාගේ නිල නිවහන, ප්‍රාන්තයෙහි අගනුවරවූ ඇඩිලේඩ් නගරයෙහි පිහිටි ගවර්න්මන්ට් හවුස් වෙයි.
ආශ්‍රිත
[සංස්කරණය]- ^ ෆ්‍රැන්සස් ඇඩම්සන් එනවුන්ස්ඩ් ඈස් සවුත් ඕස්ට්‍රේලියාස් නිව් ගවර්නර්, රිප්ලේසින් හියු වෑන් ලේ – ඒබීසී නිවුස්, ඒබීසී නිවුස්, 19 මැයි 2021
- ^ "ෆ්‍රැන්සස් ඇඩම්සන් ස්වෝන් ඉන් ඈස් සවුත් ඕස්ට්‍රේලියා ගවර්නර්". ස්කයි නිවුස්. 7 ඔක්තොම්බර් 2021. සම්ප්‍රවේශය 7 ඔක්තොම්බර් 2021.
- ^ ෆෝමර් රෙෆියුජී හියු වෑන් ලේ ස්වෝන් ඉන් ඈස් සවුත් ඕස්ට්‍රේලියාස් ගවර්නර් ඩියුරිං ඔෆීෂියල් සෙරමනි, ඒබීසී නිවුස්, 1 සැප්තැම්බර් 2014.
- ^ හියු වෑන් ලේ ටු බී නෙක්ස්ට් SA ගවර්නර්, ෆ්‍රොම් වෝ-ටෝර්න් වියට්නාම් ටු වයිස්-රීග්ල් පෝස්ට්: ඒබීසී 26 ජූනි 2014
- ^ කෙවින් ස්කෙයාර්ස් එාපායින්ටඩ් SA ගවර්නර් බයි ප්‍රිමියර් මයික් රාන් සංරක්ෂණය කළ පිටපත 2007-08-31 at the Wayback Machine, ප්‍රවෘත්ති නිවේදනය, 3 මැයි 2007, www.ministers.sa.gov.au