දකුණු ආසියාවේ නව පිවිසීම

විකිපීඩියා, නිදහස් විශ්වකෝෂය වෙතින්
Jump to navigation Jump to search

භූගෝලීය සීමාවන් පදනම් කරගෙන ලෝකය කලාප වශයෙන් හදුනාගත හැකිය. ප්‍රධාන වශයෙන් බාහිර ආරක්ෂාව,ආර්ථිකය හා පොදු ලක්ෂණ පදනම් කරගෙන මෙසේ භූගෝලීය කලාපයන් ලෙස සංවිධාන ගත වීම අතීතයේ සිටම පැවතුණි.ඒඅනුව යුරෝපා,ලතින්ඇමරිකානු,අප්‍රිකානු හා ආසියානු ආදී වශයෙන් භූගෝලීය කලාප හදුනාගැනීමට පුළුවන.එහි උප බෙදීම් වශයෙන් කළු අප්‍රිකාව ,ෆැසිපික් කලාපය හා කැරීබියානු ප්‍රදේශය ආදී වශයෙන් උප භූගෝලීය කලාපද ඇත.ආසියානු කලාපයේ ඇති එවන් උප භුගෝලීය කලාපයක් ලෙස දකුණු ආසියාව හැඳින්විය හැකිය.දකුණු ආසියානු උප භුගෝලය කලාපයට අයත් රටවල් 08 කි.එනම් ශ්‍රී ලංකාව ,ඉන්දියාව,පාකිස්ථානය,නේපාලය,බංග්ලාදේශය,භූතානය,මාලදිවයින හා ඇෆ්ගනිස්ථානය යි.ශ්‍රී ලාංකිකයින් වන අපට දකුණු ආසියානු කලාපය ඉතා වැදගත් වේ.භුගෝලීය පිහිටීම අනුව දකුණින් ඉන්දීය සාගරයෙන් වට වුත් උතුරින් හිමාලය කඳු වලිනුත් ,නැගෙනහිරින් සහ බටහිරින් හින්දු කුෂ් ,කිර්තාර් හා නාග කදු ශිඛර වලිනුත් සමන්විත වූ ලංකාව හා මාලදිවයින ඇතුළු ඉන්දීය අර්ධද්වීපය දකුණු ආසියානු කලාපයට අයත් වේ. අනාදිමත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් මේ කලාපයේ රටවල පැවති බව‍ට භෞතික සාධක හා ඓතිහාසික තතු විත්ති මඟින් සනාථ කරයි.වසර 5000 ට වැඩි කාලයක් තිස්සේ ඉපැරණි ශිෂ්ටාචාරයකට හිමිකම් කියූ රටවල් අතර දකුණු ආසියාතික රටවල් ප්‍රමුඛ වේ.අතීතයේ මෙම කලාපය ඉතාමත් සශ්‍රීක කලාපයක් ලෙස හඳුනාගෙන තිබේ.යුරෝපා ජාතීන්ගේ ඇස ඉතිහාසය පුරාම මෙම කලාපය වෙත යොමු වීමෙන් ඵ් බව සනාථ වේ.දකුණු ආසියාතික කලාපයේ රටවල් 08 ක් පැවතියද අතීතයේ මෙම කලාපයේ ලංකාව,මාලදිවයින සහ ඉන්දියාව වශයෙන් පමණක් හඳුනාගනු ලැබීය.එයිනුත් ඉතිසාසයේ සිට මේ දක්වාම කලාපයේ ප්‍රබලතම රට ලෙස ඉන්දියාව පවතී. ලෝකයේ ප්‍රධාන ආගම් 02 ක් වූ හින්ඳු හා බෞද්ධ ආගම මෙම කලාපයේ බිහි වූ අතර දකුණු ආසියාතික සංස්කෘතිය ආසියානු රටවලට ද පැතිර ගියේ ය.චීනයට හා ජපානයට බුදු දහම ව්‍යාප්ත වීම එයට හොදම නිදසුනයි. දකුණු ආසියාවේ ප්‍රබලතම රට ඉන්දියාව නිසා කලාපයේ සෙසු රටවලට ඉන්දියානු බලපෑම ඍජුව හා වක්‍රව එල්ල විය.මේ නිසා ඉන්දියාව මුල් කරගෙන සංස්කෘතික,ආගමික,අධ්‍යාපනික හා සමාජීය ආභාෂයන් ලැබීය.මේ නිසා ඉන්දියාව මුල් කර‍ගෙන දේශපාලනික,ආර්ථික, සංස්කෘතික,අධ්‍යාපනික හා සමාජීය අංශ කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත් වේ. ඉන්දියාවේ විශාල භූමි ප්‍රමාණය පදනම් කරගෙන මෞර්ය,ගුප්ත,සක,පල්ලව,චෝල,මුස්ලිම් ආදී අධිරාජ්‍යයන් බිහි විය.ලංකාව මෙන්ම ඉන්දියාවේ ද රාජාන්ඩු ක්‍රමයක් පැවතුනි.ලංකාවේ දුටුගැමුණු යුගය,රාජසිංහ සමය හා ඉන්දියාවේ අ‍‍‍ශෝක අධිරාජ්‍යයා මෙයට හොදම නිදසුන්ය.එම රාජාණ්ඩු ක්‍රමය පදනම් කරගෙන කලාපයේ රටවල ඒකීයත්වය ආරක්ෂා විය.මේ අනුව ඓතිහාසික වශයෙන් දේශපාලන පසුබිම වඩාත් ශන්තිමත් එකක් බව පැහැදිලි කරුණකි. විශේෂයෙන් ආසියාතික රටවල අධ්‍යාපනයෙහි පදනම වුයේ ‍බෞද්ධ දර්ශනයයි.ගුරු ගෙදර ,පන්සල,පාසල හා විශ්ව විද්‍යාල යන ආයතන වලින් බුදු දහම පදනම් කරගෙන ප්‍රාථමික ,ද්විතියික හා තෘතියික අධ්‍යාපනය ලබා දෙන ලදී.ඉන්දියාවේ නාලන්දා විශ්ව විද්‍යාලය,තක්ෂිලා විශ්ව විද්‍යාලය,සාරානාත් විශ්ව විද්‍යාලය හා අජන්තා විශ්ව විද්‍යාලය යනාදී ආයතන මගින්ද ලංකාවේ පිරිවෙන් ආයතන ,විද්‍යාලංකාර විශ්ව විද්‍යාල මගින් ද ලංකාවේ ප්‍රථම බෞද්ධ පාසල වන දොඩම්දුවේ පියරතන විද්‍යාලය හා මලියදේව බාලක බාලිකා විද්‍යාල මගින්ද බෞද්ධ අධ්‍යාපනය මුල් කරගත් අධ්‍යාපන ක්‍රමයක් ක්‍රියාත්මක විය.එමගින් කලාපයේ ජනයා ගැටුම් වලින් තොර මනා කලා රසඥතාවයකින් හෙබි සාමකාමී අය වුහ. කලාව හා සංස්කෘතිය ද මේ යුගයේ විශිෂ්ඨ වුවකි.ගෘහ නිර්මාණ ශිල්පය,දා ගැබ් නිර්මාණය,ලී කැටයම් හා ගල් වැඩ,චිත්‍ර හා මුර්ති සමස්ත දකුණ ආසියාවේ ප්‍රෞඪත්වය කියාපාන්නකි.එමෙන්ම දකුණ ආසියානු කලාපයේ ජනගහනය එතරම් ගැටලුවක් නොවු අතර ඒ සදහා කලාපයේ ස්වයංපෝෂිත බව ඉවහල් විය.අතීතයේ මෙම කලාපය සම්පත් වලින් බහුල කලාපයක් වු අතර මුතු මැණික් ආදී ඉතා වටිනා ඛනිජ සම්පත් වලින් ද වටිනා දැව වර්ග වලින් ද අනුන කලාපයක් විය.

දකුණු ආසියාවේ යටත් විජිතකරණය[සංස්කරණය]

මෙම කලාපයේ සියලුම රටවල් යටත් විජිතකරණයට ගොදුරු වූ රටවල් වීම විශේෂ ලක්ෂණයකි.එමෙන්ම යටත් විජිතකරණය නිසාම මෙම කලාපය ප්‍රබල දේශපාලන,ආර්ථික,අධ්‍යාපනික හා සමාජමය පරිවර්තනයකට ලක් වී තිබේ. යුරෝපා ජාතින්‍ තුළ අධිරාජ්‍යවාදී චින්තනය නිසා 19 වන සියවස සිට ආසියාතික හා අප්‍රිකානු රටවල් යටත් විජිතකරණයට ලක් වීම සිදු විය. විශේෂයෙන් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයට මෙම කලාපය ප්‍රධාන වශයෙනන් ගොදුරු විය.ඔවුන්ගේ අධිරාජ්‍යවාදී ප්‍රමුඛ අරමුණ වුයේ;

  1. ආර්ථික අවශ්‍යතාවන් සපුරා ගැනීම
  2. ආරක්ෂාව තර කර ගැනීම
  3. කීර්තිය ලබා ගැනීම
  4. ක්‍රිස්තියානි ආගම පැතිරවීම

මෙම අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීම උදෙසා ඔවුන් විසින් විවිධ උපාය මාර්ග අනුගමනය කල අතර ඒ වෙනුවෙන් විවිධ වෙනස්කම් සිදු කරන ලදී.බ්‍රිතාන්‍ය ප්‍රමුඛ අධිරාජ්‍යවාදීන් තම අභිලාෂයන් මුදුන්පත් කර ගැනීම උදෙසා විශේෂයෙන් අධිරාජ්‍යවාදී ගැති චින්තනය ඔවුන් මේ කලාපය තුළ ස්ථාපිත කරන ලදී.

දකුණු ආසියාවේ වර්තමානය[සංස්කරණය]

1947 දී ඉන්දියාවට නිදහස ලබා දීමත් සමග බ්‍රිතාන්‍යයන් ඇති කළ බෙදා වෙන් කොට පාලනය කිරීමේ ප්‍රතිපත්තිය නිසා වර්ගවාදී ,ආගම්වාදී ,අන්තවාදී,ආකලප ඉස්මතු වී බෙදුම්වාදී අරගල ඇති විය.මෙහි ප්‍රතිඵලයක් වශයෙන් 1947 දී ඉන්දියාවට නිදහස ලැ‍බෙනවත් සමගම මුස්ලිම් මූලධර්මවාදීන් තම අනන්‍යතාවන් උදෙසා මොහොමඩ් අලිජින්නාගේ නායකත්වයෙන් ඉන්දියාවේ කාශ්මීර් ප්‍රදේශයේ මුස්ලිම් ජනයා අධික ප්‍රදේශය පාකිස්ථානය ලෙස වෙනම රාජ්‍යයක් බිහි විය.වැදගත්ම කාරණය වන්නේ අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලැබීමේදී නිදහස ලැබුවේ ඉන්දියාව තනි රටක් ලෙස නොව ඉන්දියාව හා පාකිස්ථානය වශයෙන් රටවල් දෙකක් ලෙසයි.පාකිස්ථානය සම්පුර්ණයෙන් ආගමික රටක් විය. දකුණු ආසියාවේ බලවතා වන්නේ ඉන්දියාවයි.ඉන්දියාව න්‍යෂ්ඨික බලවතෙකි.ලෝක ජනගහනය අතින් ඉන්දියාවට දෙවනි ස්ථානය හිමි වේ.පාකිස්ථානය ද න්‍යෂ්ඨික බලවතෙක් වන හෙයින් කලාපයේ න්‍යෂ්ඨික බලවතුන් දෙදෙනෙකු සිටියි.මේ නිසා ලෝකයේ අනිකුත් ,විශේෂයෙන් ධනවාදී රටවල අවධානය මෙම කලාපය වෙත යොමු වී තිබේ.

මූලාශ්‍ර[සංස්කරණය]

  • සාක් සප්තා-සප්ටා-----මහාචාර්ය කරුණාදාස ඩබ්ලිව්.එම්.1998---ඉමේජ් ලංකා පබ්ලිෂර්ස්
  • තුන්වන ලෝකය දේශපාලනය හා ආර්ථ්කය---මහාචාර්ය කරුණාදාස ඩබ්ලිව්.එම්.2003---ඉමේජ් ලංකා පබ්ලිෂර්ස්
  • South Asian Security-----Dipanliar Banerjee


ගොනුව:South Asia 1758 AD.jpg 150pxl