තෙත් කලාපයේ ශාක විවිධත්වය

විකිපීඩියා වෙතින්

ග්ජ්ව්ව්ක්

හැඳින්විම[සංස්කරණය]

  • ශාක විවිධත්වය යනු - ශාක වල පවතින වෙනස්කම් වෙයි.
  • මෙම විවිධත්වය අනුව ශාක ප්‍රධාන කාණ්ඩ 05 කට දැක්විය හැකිය.
  1. ඇල්ගි
  2. බිර්‍යෝපිට
  3. ෆර්න්ස්
  4. විවෘත බිජ වගාව
  5. අවෘත බිජ වගාව

මෙවැනි ශාක විවිධත්වයක් දැකිය හැකි කලාපයක් ලෙස තෙත් කලාපය හඳුනාගත හැකිය.තෙත් කලාපයේ වෘක්‍ෂලතා විවිධත්වය අධික විම විවිධ අංශයන්ගෙන් වැදගත් ‍වෙයි.

  1. ඓතිහාසක
  2. පාරිසරික
  3. ආර්ථිකම
  4. සාමජිය වශයෙනි.

ශ්‍රී ලංකා‍වෙ තෙත් කලාපයේ ශාක විවිධත්වය[සංස්කරණය]

වර්ග කිලෝමීටර් 65610ක වපසරියකින් යුත් ශ්‍රි ලංකාවේ දේශගුණික කලාප තුනකට බෙදා වෙන් කර ඇති අතර ඉන් 23% ප්‍රමාණයක් තෙත් කලාපය වශයෙන් බෙද වෙන් කර ඇත.නිවර්තන වර්ෂා වනාන්තර පද්ධතිය තෙත් කලාපයට ව්‍යාප්තව ඇත.එමෙත්ම නිවර්තන කඳුකර වනාන්තර යන දෙකොටසම ව්‍යාප්ත වේ.නිවර්තන වර්ෂා වනාන්තර කිහිපයකි.

  1. සිංහරාඡ
  2. කන්නෙලියදෙදියගල
  3. නාකියදෙනිය සංකිර්ණය
  4. බමරෝටුව

නිවර්තන කඳුකර වනාන්තර සඳහා අයත් වන්නේ

  1. පිදුරුතලාගල
  2. සමනල කඳුවැටිය
  3. කිකිළියාමාන

ශ්‍රි ලංකාවේ නිරිතදිග ප්‍රදේශ,පහතරට, මැදරට තෙත් කලාපයේ උත්කර් ප්‍රජාව නිවර්තන වර්ෂා වනාන්තර ලෙස සැලකිය හැකිය.මෙම වනාන්තර ක්‍ෂෙත්‍රය මුළු බිම් ප්‍රමාණයෙන් 8%ක් (100,000ha)පමණි.වාතයේ අර්ද්‍රතාව අධිකය.පස සාමන්‍යයෙන් ආම්ලික වන අතර පෝෂ්‍ය පදාර්ථම වලින් හීනය.අධික ශාක සංයුතියකින් යුක්තවන මෙකි ශාක වීශේෂ ස්තර 04කට බෙදා දැක්විය හැකිය.

  1. නේරු ශාක
  2. වියන් ස්තරය
  3. උපවියන් ස්තරය
  4. යටි විවන් ස්තරය හා බිමි ස්තරය

01.නේරු ශාක..... 40m- 45m උසකින් යුත් ශාක මෙම ගණයට අයත් වේ.දුන්,හොර,බු හොර ,දොරණ ආදිය උදාහරණ ලෙස හඳුන්වයි.මෙයට අමතරව කිරිහැඹිලිය ,කටබොඩ,කැකුණ ආදිය ඇත.

02.වියන් ස්තරය..... මෙහි ශාක 30m-45m දක්වා උසකට වැඩෙයි.මෙම ශාක වල තුරුමුදුන් ඉතා ළඟින් විසිරි තිබේ.බටුනා ,ඇටඹ, බෙරලිය,යකහළු,කීනීයාදුන්, බටුකීන,කුරුම්බදටිය,දියණ,අරිද්ද,ලියන්,වැල්දෙල්,මිහිරිය ආදි වශයෙන් ශාක විශේෂ බෝමයක් ඇත.

03.උපවියන් ස්තරය... වියන් ස්තරයට පහලින් පිහිටි ස්තරයයි.සාමන්‍යයෙන් 15m-30m පමණ දක්වා උසකට වර්ධනය වේ.ශාක වන්නේ කිතුල්,කටදොඹ,බදුල්ල,තිත්ත,වෙරළු ආදිය වේ.

04.යටි වියන් ස්තරය හා බිම් ස්තරය.... උපවියන් ස්තරයට පහළිත්ඇති ඉඩකඩේ උපරිම ප්‍රයෝජන ගෙන මඩෝල්,අතුකැටිය,කලුකෑර ,බට,‍හොරකහ.තාපස,බුලත් ආදී ශාක ව්‍යාප්තව ඇත.උස 5m-15m වෙයි.මෙම ශාක ස්තර 04ට අමතරව වෙනත් ශාක විශේෂ රැසක් හමුවේ.

ආරෝහක...වේවැල්,කම්බෝටුවැල්,වෙනිවැල්

අපිශාක......උඩවැඩියා,බේදුරු,කුඩා හැඩය,,ඒකිඩ් වර්ග,

පිලිළ...........පරපෝශිත ශාක විශේෂයකි.

මෙකි ශාක විශේෂ අධික ලෙසින් සිංහරාජ තුළ ව්‍යාප්තවවී ඇත.සංහරාජ වනාන්තරය තුල

ශාක කුල43ක්

ශාක ගණ 119ක් ද

ශාක වීශේෂ 211ක්ද දැකගත හැකිය.

නිවර්තන කඳුකර වනාන්තර පද්ධතිය වර්ෂා වනාන්තර ගණයටම අයත් දේශගුණය පවතියි.නිරිතදිගින් කඳුරටට යනවිට උස වැඩිවෙමින් වාක්ෂලතා ආදියෙහි වෙනස්කම් මතුව ඇත.ඉතා උස් ගස් කඳුකර වනාන්තර වල දක්නට නොමත.ප්‍රමුක විශේෂ 10m-15m දක්වා උසය.ඵ් අනුව ඵම ශාක කුරු ස්වභාවයක් ගනි

.



උදා-...වල්සනු,මිහිරිය,ගස් පර්ණංගණයන්,කඳුකර බට සහ ලසිකන දැකගත හැක



වෘක්ෂලතා විවිධත්වයට බලපාන සාධක[සංස්කරණය]

සාමාන්‍යයෙන් ශාක වර්ධනයට විවිධ වු සාධක බලපායි.ඵ්වානම් උෂ්ණත්වය,වර්ෂාපතනය,ආර්ද්‍රතාවය,සුළං, පස,හිරිඵළිය,භූ විෂමතාවය,ජලවහනය, ආදිය ප්‍රධාන වේ.විවිධ වු ප්‍රදේශයන්ට අනුව දේශගුණික හා පාරිසරික සාධක මත විවිධ ශාක පද්ධති නිර්මාණය වෙ. උදාහරණ-.. තෙත් කලාපයේ විශාල උසකින් යුක්ත ගස් වර්ධනය වන අතර වියලි හෝ ශුෂ්ක කලාප වල තෘණ බිම් පමණක් ව්‍යාප්තව ඇත.තෘණ ශාකයට අවශ්‍ය ජල ප්‍රමාණය තෙත් කලාපිය ශාකයකට ප්‍රමාණවත් නොවේ.ශාකයන් වර්ධනය වීම සඳහා සෙල්සියස් අංශක 6 වඩා උෂ්ණත්වයක් පැවතිය යුතුය.ඵසේම භූවිෂමතාවය,ජල වහනය,පාංශූ ක්‍රියාකාරිත්වය ද මෙලසින්ම බලපානු ලබයි.ඵ් කේසේද යන්න තතු විමසා බැලිය හැකිය.

දේශගුණික සාධක[සංස්කරණය]

වෘක්ෂලතා විවිධත්වය අධික වීමට දේශගුණික සාධක බලපායි.උෂ්ණත්වය ,වර්ෂාපතනය,සුළඟ, පීඩනය,අර්ද්‍රතාවය,හිරුඵළිය ආදිය වු සාධක ශාක විවිධත්වයේදී බලපෑම් කරයි.විශේෂයෙන් උෂ්ණත්වය හා වර්ෂාපතනය වැදගත් වේ.

ශ්‍රි ලංකාව දුපතක් වු බැවින් අධික උෂ්ණත්වයකින් යුක්ත නොවු රටකි.සාමන්‍යයෙන් වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 26.8-28 දක්වා පරතරයක පිහිටනු ලබයි.නමුත් මෙය කලාපීය වශයෙන් වෙනස් විය හැකිය.උදාහරණයක් ලෙස සිංහරාජ වනය තුළ සාමන්‍යයෙක් වාර්ෂික උෂ්ණත්වය සෙල්සියස් අංශක 18-27අතර අගයක් ගනී.අවම මාසික උෂ්ණත්වය වැඩිම තෙත් කාළගුණිකයක් ඇති කාලය තුළ වාර්තා වෙයි.උපරිම මාසික උෂ්ණත්වය වඩාත්ම වියළි කාලයේදී පෙන්නුම් කෙරේ.නෙසේ නමුදු වාර්තා වන උෂ්ණත්ය රටාවන් දිගු කාලින අධික වර්ෂා කාලයේදී හා වැසි නොලැබෙන කාලවලදි දැඩි වෙනස් වීම් වලට භාජනය වන බව දක්නට ලැබේ.උෂ්ණත්වය අධික වීම හේතු කොටගෙන සිදුවන උත්ස්වේදන ක්‍රියාවලිය පාලනය කිරීමට ඉහලම ස්තරයේ ශාක කුඩා ශාක පත්‍රවලට අනුවර්තනය වීමක් දැකගත හැකිය.වියන් ස්තරයේ ශාක පත්‍ර පුළුල් ලෙස වර්ධනය වන්නේ හිරුඵළිය ලබාගැනිමේ මුලික අරමුණ ඇතිවය.ඵනම් උෂ්ණත්වය වියන් ස්තරවලට හොඳින් ලැබේ.ඵහිදි ශාක වියන් ලෙස පවතින්නේද ඵ් නිසාවෙනි.තවද යම්බිමි ස්තරවල දක්නට ලැබෙන පඳුරු ශාක හා අපිශාක ගස්මත වර්ධනය වෙමින් ඉහලට ගමන් කරනුයේ ආලෝකය,උෂ්ණත්වය,පහළ වියන් ස්තරවලට අඩුවෙන්ලැබෙන නිසාවෙනි.මෙහිදි වරණිය ලෙස විවිධ ලක‍්‍ෂණයන්ගෙන් යුක්තව ශාක වර්ධනය වේ.

මෙලෙසින්ම ශාක විවිධත්වයට බලපාන තවත් සාධකයක් ලෙස වර්ෂාපතනය හඳුන්වාදිය හැකිය.වර්ෂාපතනය සාමාන‍්‍යයෙන් සෑම ප්‍රදේශයකටම 1250mm ක් පමණ ලැබේ.ඵහෙත් තෙත් කලාපය තුළදි ඵම අගය හාත්පසින්ම වෙනස් වේ.නිරිතදිග හා කඳුකර ප්‍රදේශයන්ට 2000mm වැනි ඉහළ වර්ෂාපතනයක් ලැබිය හැකි අතර ඵය 4000mm-5000mm දක්වා වෙනස් විය හැකිය.උදාහරණය ලෙස සිංහරාජ වනයේ 3000mm-6000mmඅතර වර්ෂාපතනයක් පවතී.ඵය ප්‍රධාන වශයෙන් මැයි-සැප්තැම්බර් දක්වා නිරිතදිග මෝසම් වැසිත් දෙසැම්බර් සිට පෙබරවාරි දක්වා ඊසානදිග මෝසම් වැසිත් ලැබේ.මේ අතර තුර අන්තර්මෝසම් ක්‍රියාත්මක වේ.සිංහරාජයට වියළි කාළගුණයක් නොමැති තරම්ය.අඩුම වර්ෂාපතනයක් ලැබෙන පෙබරවාරි මාසයේ පවා 189mm පමණ වර්ෂාපතනයක් ලැබේ.වසරක් පූරාවටම සෑම මෝසම් ක්‍රියාකාරිත්වයකින්ම වර්ෂාපතනය ලබන මෙම කලාපය තුළ ශාක විවිධත්වය ඉතා ඉහල වේ.

ශ්‍රි ලංකාවේ සාමාන්‍ය අර්ද්‍රතා මට්ටම 70%,90%,95% අතර අගයක් ගනී.මෙම අගය වියළි කලාප වල 5% කින් අඩුවන අතර 0-60% දක්වා අතර අගයක් ගනී.ඵ් අනුව තෙත් කලාපය තුළ අධික අර්ද්‍රතා මට්ටමක් පවතී.මන්ද නිරිතදිගින් හමා ඵන අස්තාවර වූත් අධික තෙතමනයක් සහිත වූත් සුළඟ සහ සාමන්‍යයෙන් වාෂ්පීකරණයෙන් වනාන්තරය තුළම ගබඩා වූ අර්ද්‍රතාවයයි.ඵ්ඵ් අර්ද්‍රත මට්ට්ම් වලට අනුව ශාක වර්ධනය වී විශේෂ වී ඇත.ලයිකන වැනි ශාක වැඩි තෙතමනයක් වු පමණට ව්‍යාප්ත වේ.මෙසේ පැමිණෙන සුළං හේතුවෙන් අනෙක් කලාප වලට වඩා උත්ස්වේදන ක්‍රියාවෙලිය තුලිතව පවත්වාගෙන යයි.ශාක විවිධත්වයට ඵය බලපානු ඇත.

භූ විෂමතාවය[සංස්කරණය]

තෙත් කලාපයේ සිංහරාජ වකාක්තරය තුළ දැඩි උස් නඳුකර ස්වභාවයක් දක්නට නොමැත. රක්වාන කඳු පන්තියේ බෑවුම් සහ නිස්න ඔස්සේ පැතිරී තිබෙන නිසා මෙහි කඳු මුදුන් 09ක් පමණ හඳුනාගත හැකිය.මෙම කඳු මුදුන් ආශ්‍රිතව පවතින ශාක පහත් ප්‍රදේශ වල පවතින ශාකවලට වඩා විශේෂ ස්වභාවයක් ගනී.නමුත් සිංහරාජය වැනි වනාන්තරවල හොඳික් ශාක වර්ධනය වීමක් සිදු වේ.ඵහි පවතින ශාක සන්තතිය ඵ්වා පැතිරි ඇති භූ විෂමතාවය අනුව ප්‍රධාන ආකර 03කට බෙදා දැක්විය හැකිය.

  1. පහළ බෑවුම් සහ නිම්නයන්(150m-600mm අතර පිහිටි ප්‍ර‍දේශ)
  2. මධ්‍ය බෑවුම් (600mm-1000mmඅතර පිහිටි ප්‍රදේශ)
  3. ඉහළ බෑවුම් හා වැඩි (1000mm ඉහළ)

පහළ බෑවුම් සහ නිම්නයන් සිංහරාජයේ පිටත සීමා ආශ්‍රිතව විහිදී ඇති අතර මෙම ප්‍රදේශවල හමුවන ප්‍රමුක ශාක වනුයේ හොර සහ බූ හොරය.මේවා ඉතා පැහැදිලිව වර්ධනය වෙමින් වියන් ස්තරයන් ඉහළට නේරු ශාක සාදයි.නමුත් මෙම ප්‍රදේශ බෝ විට කැකිල්ල වැනි ද්විතික පඳුරු මඟින් වැසී ඇති අතර ජලමාර්ග ඉවුරු හා සමහර නිම්නයන්හි මෙවැනි ශාක ප්‍රජාවන් ඇති ස්ථාන වේ.වනාන්තර වැඩි ප්‍රමාණයක් මධ්‍ය ප්‍රදේශ වල පැතීරී ඇති අතර බටු නා, දිය නා කුලයට අයත් විශේෂ ද දුන් ගණයට අයත් විශේෂ කිහිපයක් ද මේ ප්‍රදේශ වල ඇත. තව ද උච්චත්වය අනුව වර්ෂාපතනයේ සහ උෂ්ණත්වයේ වෙනස්කම් කේ ප්‍රදේශ වල වේ.

පස සහ ඡල වහනය[සංස්කරණය]

සිංහරාඡයේ වැඩි වශයෙන් දක්නට ලැබෙන පස රතු කහ පොඩිසොලික් කාණ්ඩයට අයත් වේ.ඡලය ආශ්‍රිත ප්‍රදේශ වල ඇලුවියල් පස දක්නට හැකිය.පාංශු ජීවින්ගේ ජීර්ණ ක්‍රියාවෙලිය හේතුවෙන් නිකුත් වන පෝෂක නැවත ඵම සීඝ්‍රතාවයෙන්ම ශාක මඏින් උරා ගැනිම සිදු කරයි.තව ද මව් පාෂණය දිරාපත් විමෙන් දපසට පෝෂක කොටස් ලැබේ.ඵ්වා ශාක වර්ධනයට ඉවහල් කර ගනී.ඵ් අනුව විවිධ ශාක වර්ධනයක්වීමක් සිදුවේ.

ශ්‍රි ලංකාවේ ගංගා මණ්ඩලයෙන් වැඩිම ගංගවන් පිරිසක් ගලා බසනුයේ තෙත් කලාපයේ නිරිත දිග ප්‍රදේශයන්ට වේ.ජල වහනය හොඳින් සිදුවන පසක් අන්තර්ගත නිසාවෙන් වර්ෂාපතනයට අමතරව ශාක විවිධත්වයට ද බලපායි.මෙම ප්‍රදේශයේ ජලාකාර ගංගා අතුගංගා සිංහරාජය පූරාම විහිදි යාම නිසා ශාක වර්ධනයට අවශ්‍ය අනෙකුත් සාධක පෝෂණය කරයි. තව ද ගංගා හා අතුගංගා ආශ්‍රිතව ශාක,පඳුරු කොටස් ද ,ඉන් ඈත් වන්නට විශාල ගස් ද දැකිය හැකිය.ඵය ශාක විවිධත්වයයි. සිංහරාජයේ දක්නට ලැබෙන ගංගා හා අතුගංගා කිහිපයකි.

  • නාපල දොල
  • ගංගඟ
  • කූඩාව ගඟ
  • කළු ගඟ
  • මහා දොළ

වෘක්ෂලතා විවිධත්වය අධික වීම වැදගත්කම[සංස්කරණය]

විවිධ වූ සාධක යහාතු කොටගෙන විවිධත්වයට පත් වූ ශාක අපට තෙත් කලාපය තුළ ප්‍රධාන වශයෙන් දැකගත හැකිය.ඵම ශාක විවිධත්වයේ වැදගත්කම බෝහෝය.ඵ් අනුව ප්‍රධාන අංශ 04ක් යටතො මූලික වශයෙන්මේ පිළිබඳව හැදැරිය හැකිය.ඵ් අනුව නිවර්තන වර්ෂා හා කඳුකර වනාන්තර වල වැදගත්කම ජාතික වශයෙන්ම මෙන්ම ජාත්‍යන්තරව ද ප්‍රකටව පවතී.

ඵෙතිහාසික වැදගත්කම[සංස්කරණය]

වෘක්ෂලතා විවිධත්වයෙන් යුතු ප්‍රදේශයක් ඵෙතිහාසික වශයෙන් ඇති වටිනාකම කියා නිම කල නොහැකිය. ඵ් අනුව ශ්‍රි ලංකාවේ නිරිතදිග පහතරට තෙත් කලාපයේ පිහිටි සෙිබිදහමේ අපූර්වතම හා අතිවිශිෂ්ටතම නිර්මාණයක් සේම අද්විතිය වටිනාමක් සහිත නිවර්තන සදාහරිත වැසි වනාන්තරයක් ලෙස සිංහරාජය සැලකිය හැකිය. සපුෂ්ප ශාක වල ආරම්භය සිදු වූ ප්‍රාග් ඵෙතිහාසික යුගයේ දී ඵනම් වසර 15කට පමණ පෙර යුගයේ දී මෙරට ගොන්ච්වාන බිම් හා ඵක්ව පැවති යුගයේ දීසංහරාජය සම්භවය වී ඇතැයි සැළකේ. පරිණාමයේ මුල් අවධියේ දී සිට නොඉඳුල් ප්‍රාථමික වනාන්තර ලෙසින් සිංහරාජය පරිණාමය වී ඇත.ශ්‍රි ලංකාවේ පිහිටි වනාන්තර විශාල සංඛ්‍යාවකින් සංහරාජයට හිමිවන අද්වතීය ස්ථානය ඵහි ඵෙතිහාසික වටිනාකමක් සහිතව මුසු වේ.ඵසේම මණ පරම්පරාගත ජනප්‍රවා ද තුලින් ඵහි ඵෙතිහාසිකත්වය තවත් තීව්‍ර කරයි.ඵසේම සංහරාජවනය තුළ පවතින ඵ්කදේශිය ශාක හේතුවෙන් ද ඵෙතිහාසික වැදගත්කමක් දරයි.

.පාරිසරික වැදගත්කම[සංස්කරණය]

වෘක්ෂලතා විවිධත්වය අධික වීම ප්‍රධාන වශයෙන් පාර්රිසරිකව වැදගත් වේ.ඵහි දී ප්‍රධාන වශයෙන් ජෛව විවිධත්වයට සෘජුවම ශාක විවිධත්වය බලපෑම් කරයි.වෘක්ෂලතා අධික වීම නිසා ඵ් ඵ් පරිසරයට අදාල ජීවියා ඵහි වාසය කරයි.ඵයට අනුවර්තනය වේ.

උදා-..පෘෂ්ධ්වංශි විශේෂ 259

ක්‍ෂිරපායි 40

උරඟ 45

පක්‍ධි 147

යනුවෙන් ජිවි විශේෂ අධික වේ.ඵසේම මේ අතර ඵ්කදේශිය සත්වයන් ද සිටියි. මේ නිසා පරිසරික බවින් තවත් වැදගත් වේ. තෙත් කලාපය තුළ පවතින ශාක විවිධත්වය හේතු කොට ගෙන ජල විද්‍යාත්මක වාසි රැසක් ගෙනදෙයි.නිතරම පවතින වර්ෂාව හේතුවෙන් පස ජලයෙන් සංතෘප්ත තත්ත්වයට පත් වී ජලවහන මණ්ඩල නිර්මාණය වේ.මේ නිසා දොළවල් ඇලි නිර්මාණය වේ.ඵ නිසා ස්වභාව සෞන්දාර්ය වැඩිය.දොළවල් ලෙස පිටකුලේ ගඟ කූඩම ගඟකළුකන්දාව ඇල ආදිය වැදගත් වේ. නෙළුව ඇල්ල,ලංකාගම කැකුණ ඇල්ල ආදිය ඇලි ලෙස නිර්මාණය වේ.වියන් ස්තරය නිසා පාංශූ ඛාදනය පාලනය කරයි.ඵ් නිසා පස සරු පසක් වේ.ඵසේම නිතරම පවතින අර්ද්‍රතාවය හේතුවෙන් සිසිල් වූ වනයක සුවය විඳගත හැකිය.කාබන් සවීකරණය ද සිදුකරනු ලබයි.ජාන සංරක්ෂණය දමෙම වෘක්ෂලතා විවිධත්වය මඟික් ගෙන වටිනා සම්පතකි.නිවර්තන වැසි වනාන්තර වල හෙක්ටයාර් 1කට ටොන් 05ක් පමණ සිදු වේ.මෙලෙසින් පාරිසරික වශයෙන් වැදගත් වේ.

ආරථිකමය වැදගත්කම[සංස්කරණය]

කතත් කලාපයේ වෘක්ෂලතා විවිධත්වය ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් වේ.ස්වාභාවික සම්පත+මානව සම්පත----ආර්ථික සම්පත යන ක්‍රියාවෙලිය මුල් කොට ගන්නා කල ඵහි ආර්ථික වටිනාකම කියා නිමකල නොහැකිය.

  • දැව කර්මාන්තය
  • සංචාරක කර්මාන්තය
  • ඖෂධ ලබා ගැනීම ආදියෙන් ආර්ථිකය වැදගත් වේ.

ලංකාවේ වර්ෂා වනාන්තර වල තිබෙන සදාහරිත වනාන්තරවල තිබෙන ඇතැම් සදාහරිත වෘක්‍ෂ වරණිය ලෙස යොසා ගනිමින් දැව කර්මාන්තයේ නියැලේ.

  • තුනීලැලී කර්මාන්තයට-..ටිනියා දුන්,කැකුණ.මලබොඩ
  • දුම්රි සිල්පර සෑදිමට-..හොර
  • ගොඩනැගිලි කර්මාන්තයට-...ගොඩ පර.ආළුවෝලියන්.මිල්ල
  • අල්මාරි සැදිමට-..නැදුන්
  • ඉන්ධන දැව-.. හැඩවක

මෙලෙසින් ආර්ථිකමය අතින් නිවර්තන වනාන්තර ඉතා වැදගත් වේ. ඖෂධ තුළදි ද වැදගත් වන ශාක විශේෂ කිහිපයකි.දේශිය ආයුර්වේද කුමයේ දීඅරළු .බුළු,නෙල්ලි,කොහොභ,පැවට්ට,ගම්මඩු,වල් වරකා ආදිය පිළිකා මර්ධනය සඳහා යොදා ගෙන ඇත.තද බදුල්ල,කිරි මාවර, සුදු ඉද්ද,ගිරිතිල්ල,ගොඩපර තවත් ආර්ථිකමය වශයෙන් වැදගත් වේ. 1989දී යුනෙස්කෝ සංවිධානය මඟින් ලෝක උරුමයක් ලෙස නම් කරනූ ලැබූ සංහරාජ වනාන්තරය දේශිය මෙන්ම විදෙශ් සංචාරකයන්ගේ සිත් ගැනුමට ලක් වන්නකි.ශාක විවිධත්වය, ජෛව විවිධ)ත්වය,අලංකාර,දිය ඇලිආදිය නිසාවෙන් මෙසේ සිත් බදුන් වීමට ඇත.විදේඔිය විනිමය වැඩිවීම රැකියා අවස්ථා ලැබීම ආදී කරුණු නිසා ආර්ථිකමය වශයෙන් වැදගත් වේ. උදා...රූ දෙස් සංචාරක කර්මාන්තය

ශ්‍රි ලංකාවේ ඇති උඩවැඩියා මල් ඉතා ප්‍රසිද්ධියක් දක්වාන පියකරු මල් විශේෂයක් නිසාවෙන් ආර්ථිකමය අතින් ඉතා වැදගත් වේ.වෙසක් මල්,උඩවැඩියා,වැන්ටා ටෙසල්ටා...ආදී විශාල වර්ණවත් පුෂ්ප සැපෙයෙන අතර වන රාජ,ඉරු රාජ,ආදි විශේෂයෙන් ඵ්වායේ වර්ණවත් පත්‍ර නිසා වැදගත් වේ.මෙය ආර්ථිකමය වශයෙන් ඉතා වැදගත් වේ.

සමාජමය වශයෙන් වැදගත්කම[සංස්කරණය]

මේ නිසා සමාජමය වශයෙන් මිනිසාට ලැබෙන්නේ ,ප්‍රයෝජන රැසකි.ඵ් අනුව ඔවුන්ගේ මූලික අවශ්‍යතාවයන්හිදී,ජීවන තත්ත්වය ඉහළ නංවා ගැනීමට,රැකියා බහුල වීම ආදිය සැලකිය හැකිය.

  • ආහාර ලබා ගැනීම...හතු, බෙරලිය,හල්,කිතුල්,අලවර්ග
  • හෙවිලි දව්‍ය...............ඉදුන්,බට,බේරූ
  • පියකරු පුෂ්ප වර්ග....ඇහැල,කිනිහිරියා,බිනර,රත්මල්
  • ගෘහ කර්මාන්තය.......වේවැල්,බට

ආදී වශයෙන් මිනිසාට මෙම ශාක විශේෂ ඉතා වැදගත් වේ.ඵසේම පිරිසිදු වාතය,ජලය,මෙන්ම එඑෟෂධ ආදිය දමෙම වනාන්කර වලින් ලැබෙන සම්පත් වේ.තව ද රැකියා විශාල ප්‍රමාණයක් මේ ආශ්‍රිතව මිනිසාට ලැබේ.ඵසේම සමහර බෝග වරණයට හා අභිජනනයට අවශ්‍ය සාරවත් ජාන ඵකතුවක් ඵ්වායින් සැපයේ. උදා.....ඔරිසා ඵ් කින්ගෙරි සහ ඔරිසා ග්රැනියුලේටා වැනි කැළැ ද වී විශේෂයන්ගෙන් තත්ත්වය උසස් වී නිෂ්පාදනය සඳහා යොදා ගැනේ.සෝ බොංචී පවුලට බෙහෙවින් සමීප ගොරදිය ඵ් හා සමානව අභිජනන වැඩසටහන් වලදී වැදගත් වේ.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය[සංස්කරණය]

  1. කොටගම සරත්...පරිසර විද්‍යාව.කොළඹ විශ්ව විද්‍යාලය,සත්ත්ව විද්‍යා අංශය,2000
  2. .ධනපාල ඵ්.ඵම්.....පෘතුවියේ භෞතික ලක්ෂණ,නුගේගොඩ, සරසවි ප්‍රකාශකයෝ,2007
  3. නානායක්කාර වී.කේ....සුරැකිය යුතු වන සම්පත,මධ්‍යම පරිසර අධිකාරිය,1989
  4. අධ්‍යාපන පුකාශක දෙපාර්තමේන්තුව,පාරිසරික භූගෝල විද්‍යාව,19

සැ‍බැඳි පිටු[සංස්කරණය]

අඩවියෙන් බැහැර පිටු[සංස්කරණය]