ත්‍රිමාන සජීවනය- අනාගතය

විකිපීඩියා වෙතින්

පරිගණක සජිවනයේ එක් විවෘත අභියෝගයක් වන්නේ මනුෂ්‍යයින්ගේ photorealistic සජීවන නිර්මා‍ණය කිරීමයි. වර්තමානයේ නිර්මාණය වන

බොහෝ පරිගණක සජීවිකරණ චිත්‍රපට ඉදිරිපත් කරනුයේ සත්ව චරිත, (finding nemo) මනඃකල්පිත චරිත (Shrek, monsters Inc) මනුෂ්‍යවාරෝපිත (anthroporphic) යන්ත්‍ර (කාර් සහ රොබෝ) හෝ කාටුන් මිනිසුන්ය. (The incredibles) යථාර්තවාදි මනුෂ්‍ය චරිත ඉදිරිපත් කිරීමට දැරූ ප්‍රථම උත්සාහය ලෙස "final fantasy the spirits within" චිත්‍රපටය හැඳින්විය හැකිය. කෙසේ වෙතත් මනුෂ්‍ය ශරීරයෙහි, චලිතයෙහි සහ ජෛව යාන්ත්‍රණයෙහි ඇති සංකිර්ණතා හේතුවෙන් මනුෂ්‍යයන්ගේ තාත්වික නිරූපණය ගැටලුවක්ව පවති. සෑම සත්වයෙක් තුළම සංකිර්ණතා බොහෝමයක් තිබුණද, මිනිසුන් වශයෙන් අපට වඩාත් හොඳින් සංවේදනය වන්නේ මිනිස් නිරූපණ තුළ ඉදිරිපත් වන සියුම් වෙනස්විම්ය. මෙය පරිගණක සජීවනයේ ඇති ඉතාමත් වැදගත් අංගයක් ලෙස හැඳින්විය හැකිය. ප්‍රතිඵලයක් ලෙස මෙහි අවසාන අරමුණ වන්නේ, ශාරීරික වශයෙන් සත්‍යරූපි චලනයන්ගෙන් හෙබි විවිධ ඇඳුමෙන් සැරසුණු, ඡායාරූපයකට සමාන හිසකෙස් ආදියෙන් යුක්ත ඡායාරූපයකට සමාන මනුෂ්‍ය චරිතයන් නිර්මාණය කිරීමට සමත් මෘදුකාංගයක් නිර්මාණය කර ගැනීමය. මෙමඟින් බලාපොරොත්තු වන්නේ චිත්‍රපටයෙහි චරිත සත්‍යද, පරිගණක සජීවනය ද යන්න වෙන්කර හඳුනාගැනීමට නොහැකි ලෙස නිර්මාණයන්හි යෙදිමය. මෙසේ ඉක්මනින් සිදුවන බවක් නොපෙනේ. එහෙත් මෙවැනි සංකල්ප චිත්‍රපට අනාගතය උදෙසා දාර්ශනික අනුමැතියක් ලබා දෙයි.

දැනට, ත්‍රිමාන පරිගණක සජීවිකරණ තාක්ෂණය ප්‍රධාන කොටස් දෙකකට බෙදිය හැකි ලෙස පෙනේ. එනම් විදැහුම් ක්‍රමවේදය අනුව photorealistic සහ non - photorealistic ලෙසය. photorealistic පරිගණක සජිවනය තවත් උප කොටස් 2 කට බෙදිය හැක. එනම් (මෙහිදි අතාත්වික මිනිස් චරිත නිර්මාණයේදි performance capture ක්‍රමය යොදා ගනි) real photorealism සහ stylized photorealism. "Final fantasy" චිත්‍රපටය තුලින් බලාපොරොත්තු වුයේ real photorealism තාක්ෂණය යොදා ගැනීමයි. අනාගතයේදි අපට dark crystal චිත්‍රපටය වැනි සජීවි ක්‍රියා ඇතුලත් මනඃකල්පිත විශේෂාංග රසවිඳිය හැකිය.

"Antz", stylistic photorealism සඳහා උදාහරණයකි. (අනාගතයේදි stylistic photorealism, තාක්ෂණයට Corpse Bride හි ආකාරයෙන් සම්ප්‍රදායානුකූල stop motion සජීවන ක්‍රම ප්‍රතිස්ථානය කිරීමට හැකිවනු ඇත.) ඉහත සඳහන් කිසිදු ක්‍රමයක් පරිපුර්ණ නොවුවද, දිනෙන් දින වැඩි දියුණු වේ. photorealistic නොවන, කාටුන් ස්වභාවයෙන් දැක්විය හැකිය. එනම් සජිවිකරණය නිර්මාණය, "Nine old Men" විසින් පැහැදිලි කරන ලද මුලධර්ම යොදා ගනිමින් ත්‍රිමාන කාටුන් නිර්මාණයක් ලෙස පෙන්වීමට දරන ලද උත්සාහයකි. photorealistic පරිගණක සජීවිකරණ විශේෂාංගයක එක් රාමුවක් නිවැරදි ලෙස සකසන ලද ඡායාරූපයක් ලෙස දිස්වන අතර, කාටුන් ස්වභාවය ඇති photorealistic පරිගණක සජිවිකරණ විශේෂාංගයක් එක් රාමුවක දෛශිකයක් ගත් විට එය දිස්වන්නේ සිත්තමක් ලෙසය. වඩා සරල පෙනුමක් ලබා දෙන cel Shading සමඟ පටලවා නොගත යුතුය.

සටහන්[සංස්කරණය]