ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය

විකිපීඩියා වෙතින්

රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය, ත්‍රස්තවාදය හා රාජ්‍ය ත්‍රස්තවාදය සදහා නිර්වචන එකිනෙකට පරස්පර විරෝධී වේ.

  1. ˝ජාත්‍යන්තර ත්‍රස්තවාදය˝ යනු එක්රාජ්‍යයකට වඩා වැඩි රාජ්‍ය ප්‍රමාණයක භුමිය‍ට හෝ ජනතාවට හෝ සම්බන්ධ වන ත්‍රස්තවාදයයි.
  2. ˝ත්‍රස්තවාදය˝ යන යෙදුමේ අර්ථය වන්නේ කලින් සැළසුම් කරන ලද, දේශපාලනිකව පොළඹවන ලද ප්‍රචණ්ඩත්වය උප ජාතීය කණ්ඩායම් හෝ රහසිගත කණ්ඩායම් මගින් යුද්ධයට සම්බන්ධ නොමැති ඉලක්ක වලට එරෙහිව යෙදවීමයි.
  3. ˝ ත්‍රස්තවාදි සංවිධාන˝ යන්නෙන් අර්ථ ගැන්වෙන්නේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ක්‍රියාත්මකකරණ හෝ උප කණ්ඩායමක් මෙහෙයවන කණ්ඩායමක් ලෙසයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ 2006 දී පල කළ ත්‍රස්තවාදය පිළිබද වාර්තාවක් වන ˝Country Reports on Terrorism˝ හි රාජ්‍ය අනුග්‍රහය ලබන ත්‍රස්තවාදය යන්න අර්ථකතනය කර ඇත්තේ ˝යම් රාජයයක් දිගින් දිගටම ත්‍රස්තවාදී ක්‍රියා සදහා සහයෝගය ලබා දෙන්නේ නම් ලෙසයි˝

රාජ්‍ය ත්‍රස්තවාදය යනු "රාජ්‍ය වනාහි මනුෂ්‍යය ශිෂ්චාඨාචාරයේ පදනම ආරක්ෂා කරන උත්තරීතරම සමාජ ආයතනය වේ. එසේ වූ රාජ්‍ය තමාගේම නීතිය ඉදිරියේ අපරාධකරුවකුගේ තත්ත්වයට පත්වක්‍රියා කිරීම සමස්ත ශිෂ්ටාචාරයේම බිඳවැටීමේ දර්ශකයකි."

                මහජනතාවගේ යහපත වූ උදෙසා තමන් ඉටු කිරීමට බැඳී ඇති නෛතික ක්‍රියා ක්‍රියාමාර්ග වලට එරෙහිව යමින් එමෙන්ම ජාත්‍යන්තරව පිළිගන්නා ලද මානව අයිතිවාසිකම් ප්‍රඥප්තිය උල්ලංඝනය කරමින් සැලසුම් සහගතව එම නීතිරීති උල්ලංඝනය කරන්නේ නම්, නැතහොත් ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කරන්නේ නම් එය රාජ්‍ය ත්‍රස්තවාදයයි