තමිල් නාඩු විමුක්ති හමුදාව

විකිපීඩියා වෙතින්

තමිල්නාඩු විමුක්ති හමුදාව (TNLA) යනු 1980 කාලයේ ඉන්දියානු සාම සාධක හමුදාව (IPKF) ශ්‍රී ලංකාවට පැමිණි අවධියේ ඉන්දියාවේ සංවිධානය වූ කුඩා බෙදුම්වාදී ව්‍යාපාරයකි. දෙමළ ජනතාව සඳහා වෙනමම නිදහස් දේශයක් (ද්‍රවිඩනාඩුව වැනි) හඹායාම, එම සංවිධානයේ මූලික අරමුණ විය. සංවිධානයේ නායකත්වය පොන්පරප්පි (Ponparappi) නම් ඉන්දීය ගම්මානයේ ඉංජිනේරු සිසුවෙකු වූ තමිසාරසන් (Thamizharasan) නැමැත්තෙකු විසින් හෙබවූ බව සඳහන්ය.[1]

කුඩා බෝම්බ පිපිරවීම්, මිනිමැරීම් සහ බැංකු කොල්ලකෑම් කිහිපයකට හවුල්ව සිටි මෙම සංවිධානයේ නායකයා ඇතුළු සාමාජිකයින් සිව්දෙනෙකු, 1987 සැප්තැම්බර් 1 වැනිදිනදී බැංකුවක් කොල්ල කෑමට යාමේදී, පොන්පරප්පි ගම්මානයේ මිනිසුන් පිරිසක් විසින් අල්ලා දඬුවම් දුන් බව පැවසෙයි.[1] නායක තමිසාරසන්ගේ මරණින් පසුව, මෙම සංවිධානය කුඩා කොටස් වලට භේදනය වී යන්නට ඇතැයි විශ්වාස කෙරෙයි.

තමිල්නාඩු රජය විසින් මෙම විමුක්ති හමුදාව තහනම් කිරීමට කටයුතු සිදු කල අතර,[2] ඉන්දියානු රජය විසින්ද මෙම සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස ප්‍රකාශ කරන ලදී.[3]

මේවාද බලන්න[සංස්කරණය]

ආශ්‍රිත[සංස්කරණය]

  1. 1.0 1.1 "තමිල් නාඩු ලිබරේෂන් ආමි (TNLA)". සවුත් ඒෂියන් ටෙරරිස්ම් පෝර්ටල්. සම්ප්‍රවේශය 2007-09-05.
  2. "තමිල්නාඩු පොලිස්, Policy Note - 2006 - 2007, Demand No. 22". හෝම් ඩිපාර්ට්මන්ට්, තමිල්නාඩු රජය. 2007-07-18 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-09-05.
  3. "ලිස්ට් ඔෆ් ඔර්ගනයිසේෂන් ඩික්‍රලෙයාර්ඩ් ඈස් ටෙරරිස්ට් ඕගනයිසේෂන් අන්ඩර් ද අන්ලෝෆුල් ඇක්ටිවිටීස් (ප්‍රිවෙන්ෂන්) ඇක්ට්, 1967". Ministry of Home Affairs, ඉන්දියානු රජය. 2007-08-12 දින මුල් පිටපත වෙතින් සංරක්ෂණය කරන ලදී. සම්ප්‍රවේශය 2007-09-05.