Jump to content

තමාශා

විකිපීඩියා වෙතින්

තමාශා ( මරාඨී: तमाशा) යනු ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ප්‍රාන්තය තුළ දේශීය හෝ සංචාරක නාට්‍ය කණ්ඩායම් විසින් බහුලව ඉදිරිපත් කරන ගායනයෙන් සහ නර්තනයෙන් සමන්විත වු සම්ප්‍රදායිකමරාඨී වේදිකා නාට්‍ය ආකාරයකි. එය මරාඨි චිත්‍රපට කිහිපයකම මාතෘකාව වී ඇත. අතීතයේ දී සමහර හින්දි චිත්‍රපටවල ලාවණී ලෙස හැඳින්වෙන තමාශා තේමා ගීත ද ඇතුළත් කර ඇත.

සාම්ප්‍රදායික තමාශාව බොහෝ ඉන්දියානු කලා සම්ප්‍රදායයන්ගේ බලපෑමට ලක්ව ඇති අතර කාවේලි, ඝසල්, කථක් නැටුම්, දශාවතාර, ලලිත් සහ කීර්තන් වැනි විවිධ සම්ප්‍රදායන්ගෙන් ආභාසය ලබා ගන්නා ලදී. තමාශා වර්ග දෙකක් තිබේ: ඪෝල්කි භාරී සහ පැරණි ස්වරූපය වන සංගීත් භාරී එහි නාට්‍යයට වඩා නර්තනය හා සංගීතය අඩංගු වේ. මහාරාෂ්ට්‍රයේ, කොල්හාටි කණ්ඩායම් සාම්ප්‍රදායිකව තමාශා රංගනය සමඟ සම්බන්ධ වේ.

සටහන්

[සංස්කරණය]
"https://si.wikipedia.org/w/index.php?title=තමාශා&oldid=794933" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි