තක්‍ෂිලා මධ්‍ය විද්‍යාලය, හොරණ
මෙම ලිපිය පිළිබඳ ගැටලු කිහිපයක් ඇත. මෙහි සාකච්ඡා පිටුව වෙත ගොස් ඔබගේ අදහස් දැක්වීම මගින් හෝ ලිපිය වැඩිදියුණු කිරීම මගින් ඔබට ද උදවු විය හැක. (මෙම පණිවිඩය ඉවත් කිරීම පිළිබඳ තොරතුරු)
|
| තක්ෂිලා මධ්‍ය විද්‍යාලය | |
|---|---|
පාසල් ලාංඡනය | |
| ස්ථානය | |
ශ්රී ලංකාව | |
| තොරතුරු | |
| වර්ගය | 1AB ශ්‍රේණිය ජාතික පාසල් |
| ආදර්ශ පාඨය | "අප්පමත්තා නමියන්ති" (නොපමා වූවන් නොමියති) |
| ආගමික සබැඳියා(ව) | බෞද්ධ |
| ආරම්භ කලේ | 1946 |
| ආදිකර්තෘ | සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මැතිතුමා ,කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට් මැතිතුමා |
| විදුහල්පති | ඩබ්.පී.එන්.ඩී. වීරසිංහ මයා |
| ශ්‍රේණි | 6 - 13 |
| බාලක/බාලිකා | මිශ්‍ර |
| Age | 10 to 19 |
| සිසුන් ගණන | 3700 |
| භාෂාව | සිංහල, ඉංග්‍රීසි |
| Campus size | අක්කර 14 |
| නිවාස | තිස්ස ගැමුණු විජය පරාක්‍රම |
| වර්ණ(ය) | දුඹුරු, නිල් සහ සුදු |
| පාසල් ගීතය | "සිප් අමරස දහරා පොවා" |
| අනුබැඳිය | ශ්රී ලංකා අධ්‍යාපන අමාත්‍යංශය, හොරණ අධ්‍යාපන කලාපය |
| වෙබ් අඩවිය | taxilappa.org (ආදි ශිෂ්‍ය සංගමය) |
තක්ෂිලා මධ්‍ය විද්‍යාලය යනු ශ්‍රී ලංකාවේ හොරණ පිහිටා ඇති ද්විතීයික පාසලකි. වර්තමානයේදී සිසු/සිසුවියන් 3700[තහවුරු කර නොමැත] පමණ අධ්‍යාපනය හදාරන අතර 6 වසරේ සිට 13 වසර දක්වා පංති පැවැත්වේ.
ඉතිහාසය
[සංස්කරණය]පාසලේ ඉතිහාසය
[සංස්කරණය]ක්‍රි.ව. 1905දී හොරණ බෞද්ධ ඉංග්‍රීසි පාසල,බෞද්ධ පාසැල් ආරම්භ කිරීමේ වැඩසටහන මගින් පිහිටුවන ලදී.මෙම වැඩසටහන දියත් කරනු ලැබුවේ හෙන්රි ස්ටීල් ඕල්කට්තුමාගෙ යුත් ලංකා බෞද්ධ පරමවිඥ්නාර්ථ සංගමය මගිනි.මෙම පාසල ස්ථාපිත කරනු ලැබුවේ එවකට ඉඩම් හිමිකරුවෙකු වූ සතිස් විමලසේකර මහතා විසින් ලබා දුන් කුඩා ඉඩමක ය.1930දී පමණ එවකට මහජන හිතෛෂියෙකු වූ ආතර්.වී.ඩයස් මහතා විසින් ප්‍රදානය කරනු ලැබූ ඉඩම් කැබැල්ලකට ගෙන යනු ලැබුණි.එවකට විදුහල්පතිවරයා වූ ඩබ්ලිව්.එස්.සිරිසේන මහතාගේ අනුමතය ඇතිව,පාසලේ ගුරුවරයෙක්ව සිටි ඩබ්ලිව්.කේ.එස්.ෆොන්සේකා මහතාගේ අදහස අනුව හොරණ බෞද්ධ ඉංග්‍රීසි පාසල යන නම තක්ෂිලා බෞද්ධ ඉංග්‍රීසි පාසල යන නමින් එහි නාමයේ වෙනසක් කිරීමට තීරණය කෙරුණි. 1946 පිහිටුවන ලද අතර අද වන විට ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතිය තුල දස දහස් ගණන් දරුවන්ගේ නැණ නුවණ පාදන ප්‍රමුඛතම පාසලක් බවට පත් වී ඇත.
- මධ්‍ය විද්‍යාලයක් බවට පත් වීම
1943දී සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගරයන් විසින් ඉදිරිපත් කෙරුණු අධ්‍යාපනික සංශෝධනයේ ප්‍රතිඵලයක් වශයෙන් මධ්‍ය පාසල් 54ක් ලංකාව පුරා ස්ථාපනය කිරීමට පියවර ගැනුණි.ඒ අනුව 1946 දී මෙරට මුලින් ම පිහිට වූ මධ්‍ය විද්‍යාල අතරට එක්වෙමින් තක්ෂිලා බෞද්ධ ඉංග්‍රීසි පාසල මධ්‍ය විද්‍යාලයක් බවට පත් වූ අතර තක්ෂිලා මධ්‍ය විද්‍යාලය අද වන විට ශ්‍රී ලාංකීය අධ්‍යාපන පද්ධතිය තුල දස දහස් ගණන් දරුවන්ගේ නැණ නුවණ පාදන ප්‍රමුඛතම පාසලක් බවට පත් වී ඇත.
විදුහල්පතිවරු
[සංස්කරණය]| නම | කාලය |
|---|---|
| එඩ්මන්ඩ් සිල්වා | |
| ඊ.ආර්.එරත්න | |
| ජයවීර බණ්ඩාර | |
| ඊ.සී.කේ.අබේසේකර | |
| ජේ.එම්.ආර්.පෙරේරා | |
| එස්.අතුකෝරළ | |
| ඩී.එස්.සේනානායක | |
| එෆ්.එම්.ඒ.ජේ.මායාදුන්නෙ | |
| එම්.එල්.ජිනදාස | |
| වෝල්ටර් සිල්වා | |
| එම්.ඒ.පෙරේරා | |
| ආර්.මිත්‍රසේන | |
| යූ.ආර්.රන්දෙනි මයා | |
| බී.ඩී.දයානන්ද මයා | |
| දයානන්ද බස්නායක මයා | |
| ඒ.ඒ.එච්.අබේසිංහ මයා | |
| සෝමා රත්නායක මිය | |
| පී.ගීගනගේ මයා | |
| එච්.කේ.ඒ.අබේපාල මයා | |
| කේ.කේ.පී.එම්.ජයතිලක මිය | |
| ඩබ්.පී.එන්.ඩී.වීරසිංහ මයා |
- |
අධ්‍යාපනය
[සංස්කරණය]තක්ෂිලා මධ්‍ය විද්‍යාලය හය ශ්‍රේණියේ සිට දහතුන ශ්‍රේණිය දක්වා 3500කට[තහවුරු කර නොමැත] අධික සිසුන් ප්‍රමණයක් ඉගෙනුම ලබයි. උසස් පෙළ ජීව විද්‍යා,භෞතීය විද්‍යා,කලා වණිජ හා තාක්ෂණවේදය යන විෂය ධාරාවන් යටතේ අධ්‍යාපනය ලබා දෙනු ලබයි.
විද්‍යා අංශය
වර්තමානයේ 12 ශේණියේ සිංහල මාධ්‍ය ජීව විද්‍යා සමාන්තර පන්ති 5 ක් භෞතීය විද්‍යා සමාන්තර පන්ති 5ක් හා ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් ද 13 ශ්‍රේණියේ සිංහල මාධ්‍ය ජීව විද්‍යා සමාන්තර පන්ති 5 ක් භෞතීය විද්‍යා සමාන්තර පන්ති 5ක් හා ඉංග්‍රීසි මාධ්‍ය පන්තියක් ද වශයෙන් පන්ති 22 කින් සමන්විත වන අතර සිසුහු 800 ක් පමණ විද්‍යා අංශයේ ඉගෙනුම ලබති.බොහෝ වර්ෂයන්හී දී අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයෙන් ජීව විද්‍යා හා භෞතීය විද්‍යා විෂය ධාරාවනිහි දිවයිනේ මුල් තරාවන් හ කලුතර දිස්ත්‍රික් ප්‍රථමයා ඇතුළු දිස්ත්‍රික් මුල් තරාවන් හිමි කර ගැනීමට තක්ෂිලා මධ්‍ය විද්‍යාලයීය විද්‍යා අංශ සිසුහු සමත් වෙති.
- සන්ධිස්ථාන
1963 දී ඉංජිනේරු පීඨයට තෝරාගත් ජී.ඩී. ධර්මසේන නම් සිසුවා ඉංජිනේරු පීඨයට තෝරාගත් පළමු තක්ෂිලානුවා විය.සුනිල් සේනානායක වෛද්‍ය විද්‍යාලයට 1981 දී තොරා ගත්තේය .ඔහු වෛද්‍ය විද්‍යාලයට තෝරාගත් පළමු තක්ෂිලානුවා විය.(ඔහු තක්ෂිලා ආරම්භක විද්‍යා කාණ්ඩයේ සිසුවෙක් විය)
- විද්‍යාගාර සංකීර්ණය
මෙය 1962 දී ඇරඹුණි.ආරම්භක අවදියේදී විද්‍යාගාර සංකීර්ණය රසායනික විද්‍යා,භෞතික විද්‍යා හා කෘෂි විද්‍යා ලෙස කොටස් තුනක් විය.1986 දී ලැබුණු තුන්මහල් ගොඩනැගිල්ල ලැබුණු නිසා විද්‍යාගාර පද්ධතිය රසායනික ,භෞතික ,උද්භිද හා සත්ව විද්‍යාගාරය ලෙස වෙනස් විය.උසස් පෙළ විෂය නිර්දේශය වෙනස් වීමෙන් පසුව සත්ව විද්‍යාගාරය වස දැමුණු අතර උද්භිද විද්‍යාගාරය ජීව විද්‍යාගාරය ලෙස වෙනස් කෙරිණි.
වාණිජ අංශය
- සංධිස්ථාන
- 1968 වර්ෂයේ තක්ෂිලා වාණිජ අංශය එක් 12 වසර පන්තියක් ආරම්භ කරමින් පිහිටුවන ලදී.
- 1995 වර්ෂයේ අ.පො.ස. උසස් පෙළ දිස්ත්‍රික් ප්‍රථමයා ද 1998 වර්ෂයේ තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලයෙන් අ.පො.ස. උසස් පෙළ විභාගය සදහා පෙනී සිටි නිමල් ද සිල්වා ශිෂ්‍යයා එම වර්ෂයේ ලංකාවේ ප්‍රථමයා ද වශයෙන් විශිෂ්ට ප්‍රතිඵල බිහි විණි.
පහසුකම්
[සංස්කරණය]ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානය
[සංස්කරණය]- ඉතිහාසය
1979 වසරේ මුල් භාගයේ කළුතර දිස්ත්‍රික්කයේ විද්‍යා ගුරුවරුන්ට හා විද්‍යා අධ්‍යාපන නිලධාරී ඇතුළු පිරිස හට යාපනය නගරයේ තොන්ඩමනරු නම් ප්‍රදේශයේ ක්ෂෙත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයේ තිබූ කඳවුරකට සහභාගී වන ලෙස ආරධනයක් ලබිණි.එය නේවාසික කඳවුරක් වූ අතර, එය දකුණේ ගුරුවරුන්ට උතුරේ ගුරුවරුන්ට එකට හමුවීමත්ට ලෑබුණු අගනා අවස්ථාවක් විය. අවසන දිනයේ ක්ෂෙත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් කළුතර පිහිටුවීමට ගුරුවරු තීරණයක් ගත්තෝය. විද්‍යා අධ්‍යාපනික නිලධරී විසින් පවත්වන ලද සාකච්ඡා වලින් අනතුරුව ක්ෂෙත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් කළුතර අවට පිහිටුවීමට තීරණය කෙරිණි.එම පුද්ගලයින් පසුව ක්ෂේත්‍ර අධ්‍යයන මධ්‍යස්ථානයක් තක්ෂිලා මධ්‍ය විදුහලේ හි පිහිටුවීමට එකඟ විය.විදුහලේ විදුහල්පති සතුටු සිතින් වසා තබන ලද නේවාසිකාගාරය ක්ෂේත්‍ර අධ්‍යයන් මධ්‍යස්ථානය ස්ථාපිත කිරීමත ලබා දෙන ලදී.පළමුවන ක්ෂෙත්‍ර අධ්‍යයන කඳවුර 1979 අගෝස්තු මස තුන් වෙනිදා පවත්වූයේ කළුතර දිස්ත්‍රික්කයේ පරිසර වියපෘතියක් ලෙසටය.(1979-1983). අධ්‍යාපන දෙපර්තමේන්තුව මෙම මධ්‍යස්ථානයක් දියුණු කිරීමත කටයුතු කළේය.
- ක්‍රියාකාරකම්
1981 වන විට ක්ෂේත්‍ර මධ්‍යස්ථානය සම්පූර්ණ විද්‍යාගාරයක් විය. අධ්‍යාපන දෙපාර්තමේන්තුව ඵළිමහනේ කරන ක්‍රියකාරකම් සඳහා උන්නදු කරවන බැවින්, අරමුදල් අධ්‍යාපනික කඳවුරු සඳහා වෙන් කරවන ලදී. දවස් තුනේ නේවාසික කඳවුරු සෑම වාර අවසානයකම පැවතුණි. මෙහිදී කරන ලද පාරිසරික අධ්‍යාපනය සදාහරිත,සතුන්ගෙන් ගහන කළු ගඟ හා ඵ් අවට ප්‍රදේශය මත පදනම් වුණි.
පිහිනුම් තටාක අංගනය
[සංස්කරණය]- ඉතිහාසය
2004 වසරේදී පොලිස් ජීවිතාරක්ෂක නායක තනතුර දරන W.S බන්දුල මහතාගේ යෝජනාවක් පරිදි තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය තුල පිහිනුම් ක්‍රීඩාවක් ලෙස ආරම්භ කෙරිණි.මේ සාදහා රම්‍යලතා මායාදුන්නෙ මහත්මියගේ හා විදුහල්පති H.K.අහයපාල මහතා විසින් දායකත්වය ලබාදනලදී.හොරණ ප්‍රදේශය තුල පිහිනුම් ක්‍රීඩාවක් ලෙස ආරම්භ කරන ලද එකම පාසැල වූයේ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයයි.බන්දුල මහතා හා R.K.T රාජකරුණා මහතා මේ පුහුණුවීම් කටයුතු සඳහා සහය ලබදෙනලදී. පිහිනුම් තටාක අංගනයක් නොමැති බැවින් එවකට ශ්‍රී ලංකාවේ අගමැති ධූරය දරූ රත්නසිරි වික්‍රමනායක මහතා හට ඉල්ලීමක් යවූ අතර ,එහි ප්‍රථිපලයක් ලෙස තක්ෂිලා මධ්‍ය මහා විද්‍යාලය තුල පිහිනුම් තටාක අංගනයක් ගොඩනැන්වීමට අවස්ථාවක් ලැබුණි.මෙය ජපානයේ නෙත්බුට්ස්හු බෞද්ධ පදනමේ පුරෝගාමි - පුජ්‍ය ක්යුසේ එන්ශින්ජෝ විසින් පරිත්‍යාග කරනලද්දකි.අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසින් පිහිනුම් තටාක අංගනය 2009 වසෙර් ජුනි මස 29 වන දින විවෘත කරන ලදී.
- පිහිනුම් තටාක අංගනයේ තොරතුරු
| දුර | මීටර 25 |
| පළල | මීටර 12.5 |
| තීරු | තීරු 6 |
| ගැඹුර | අඩි 7 (deep end) |
විෂය බාහිර ක්‍රියාකාරකම්
[සංස්කරණය]මෙම ලිපිය reads like a directory. |
සංගම්
[සංස්කරණය]- ජ්‍යෙෂ්ඨ විද්‍යා සංගමය.
- පරිගණක විද්‍යා සංගමය
- විවාද සංගමය
- ගුවන් විදුලි සංගමය
- විද්‍යා සංගමය
- බෞද්ධ සංගමය
- වාණිජ සංගමය
- කලා සංගමය
- ඉංග්‍රීසි ඒකකය
- ඡායාරූප සංගමය
- නව ගවේෂකයන්ගේ සංගමය
- තාරකා විද්‍යා සංගමය
- ඉංග්‍රීසි සංගමය
- දැනුම සොයන සිසු හවුල
- සිංහල සාහිත්‍ය සංගමය
- ජෙයෂ්ට ශිෂ්‍ය නායක සංසදය
- කණිෂ්ට ශිෂ්ය නායක සංසදය
- ශිෂ්‍ය භට බාලක/බාලිකා ඛණ්ඩ
- ශිෂ්‍ය භට බටහිර තූර්ය වාදක කණ්ඩායම
- තූර්ය වාදක කණ්දායම(බාලිකා)
- නර්තන සංගමය
- බාලදක්ෂ/බාලදක්ෂිකා සංගමය
- ලියෝ සමාජය
- සෞඛ්‍යදාන සංගමය
- පරිසරභට සංගමය
- චෙස් සංගමය
ක්‍රීඩා
[සංස්කරණය]- කැරම්
- ක්‍රිකට්
- පාපන්දු
- චෙස්
- බැඩ්මින්ටන්
- කරාතේ
- පිහිනුම්
- මළල ක්‍රීඩා
- අත්පන්දු
- දැල්පන්දු
පාසල් ගීතය
[සංස්කරණය]සිප් අම රස දහරා පොවා සිසු දරුවන් හද පුබුදා.....//
තක්ෂිල මැදි විදුහල් මාතාවෝ.....// සැරදේවා,වොරැඳේවා.....//
සාහිත විදුසිප් ලලිත කලා විදු හුරුවන් නිති බිහි කරවා.....//
විජයතු විකසතු ලකඹර කිතු ගොස පතුරා ජය දද නංවා.....//
සිප් අම රස දහරා පොවා සිසු දරුවන් හද පුබුදා.....//
හෙළ් දැය හෙළ දෙස හෙළ බස රැකුමට වීර පුතුන් ඇති කරවා.....//
විජයතු විකසතු ලකඹර කිතු ගොස පතුරා ජය දද නංවා.....//
සිප් අම රස දහරා පොවා සිසු දරුවන් හද පුබුදා.....//
පද රචනය:- පියසිරි විජේරත්න මහතා තනු නිර්මාණය හා සංගීතය:-සංගීත ආචාර්ය චන්ද්‍රපාල පීරිස් මහතා